.

.

Mar 13, 2012

පර මල් - Dead Flowers

පිපෙන්නත් පෙර
නෙලා ගෙන ගොස්
පිපේ..වී රජ
සිටු මැදුරු තුල.....
මුදුව සැරසෙති
රේණූ මල් පෙති
සැවොම රොන් බොති
උරා සැනසෙති.....



සොයුරියන්ගේ
පහස වින්දෙමි 
රේණු මුදු සුව
තනිව වින්දෙමි.....
පරව යයි මල්
පුදපු මී පැණි
නොමැත වෙනසක්
මටද එය හිමි.....


පැණි කුරුල්ලනි
නඟන මිණි මිණි
රොන් සොයා යන
වණේ බඹරුනි.....
සමනලෙකු හෝ
නොමැත සපැමිණි
පරව යමි මම
කඳුළු නොසැලුනි.....


.oOo.



ප: ලි:

හැමෝම මේකේ නිමිත්ත අහලා තිබුනා. එහෙම දැම්මම කවියක අගයක් නෑ කියලා හිතෙනවා. නමුත් මෙකේ තිබුන දෑ ඒ ය තේරුම් අරන් තිබුනා. ඇත්ත කතාව මේකයි. මම අඳුනන ආන්ටි කෙනෙක් හිටියා. පුදුම ලස්සනයි. ඇත්තටම මගේ මිතුරියක් කිව්වොත් නිවැරදියි. පුදුම සුන්දර කාන්තාවක්. හැම වෙලාවෙම හිනාවෙලා හිටියේ. කවදාවත් අඬලා නෑ කියලා මට කියලා තියෙනවා. ඒ වගේම එයාට සුන්දර මරණයකුත් හිමි උනා. ඒයා නින්දෙදිම මැරුණා. මිනීයෙත් ඒ සුන්දර සිනහව තිබුනා. පිරිමි මිතුරන් සිටියට කවදාවත් එයාලත් එක්ක එක්වෙලා නෑ. මෙයා කැමති වෙන දෙයකට.

26 comments:

  1. උලව්වේ මට මේක හරියකට තේරෙන්නෙ නෑ නෙව. අහවල් දෙයක්ද මංද....

    ReplyDelete
    Replies
    1. මම හිතපු දේ දැම්මනම් මේකෙන් ඇති වැඩක් නෑ

      Delete
  2. නුපූදා මල් පෙති
    නුඹ පරව ගියදා
    හඬාවී ඉකිගසා
    රොන් සෙවූ බඹරා !

    ReplyDelete
    Replies
    1. "බඹරු නො-එන මල් කොයින්ද" කීවට එහෙම ඒවත් තියෙනවා..

      Delete
    2. ඇයි කඩදාසි මල ?

      Delete
  3. නිමිත්තත් කිව්වනම්...

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වොත් කවිය රස නැහැ. කැමති විදියකට් හිතා ගනින්

      Delete
  4. මොකද මේ හදිස්සියේ ???

    ReplyDelete
    Replies
    1. නෑ මචං කලින් ලියපු එකක්.. මේ මෑතක සිඳුවීමක් එක්ක මතක් උනා

      Delete
  5. පිපෙන්නත් පෙර විදා පෙති මම
    නෙලා ගෙන උන් ගියේ රහසෙම
    මෑත් කර මුඳු සිනිඳු පෙති හැම
    උරා ගත්තා නැවුම් රොන් සැම

    වටවෙලා සල්ලාල දෙඹරුන්
    හපකලා යෞවනය සැනකින්
    අතින් අත ගිය මගේ පහසින්
    සැනසුනා උන් මගේ සුවඳින්

    පැණි කුරුල්ලන් නොමැත දුටුවේ
    අහිංසක සමනලුත් නැත්තේ
    කළුම කළු දෙඹරුනුයි ඇත්තේ
    ඉතින් මියැදෙමි උන්ම මත්තේ

    ReplyDelete
    Replies
    1. සෑහෙන ලස්සනයි.. අවංකවම

      Delete
  6. මේකෙන් කියන්නෙනම් වෙනස් කතාවක් වගේ ඒත් මේක දැකලා මට ලියවුන කවියනම් මේකයි.

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ වෙන දෙයක් බව තේරුම් ගත්තා නේ. ඒ ඇති

      Delete
  7. තේරෙනව ‍හොරයි.. කොමු පිලි නම් ගේමක් නැතිව තේරෙනවා නොවැ.. ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්.... මේවා සම්බහිය ඒවා..

      Delete
  8. ගෙදරට නාකි වෙවී ඉන්න ගෑණු පරාණයක් ගැනද කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ කවියක් මීට වඩා දුක්බර වෙයි නේද. මෙයා එහෙම නෑ..

      Delete
  9. අන්තඃපුරයක ඉන්න අහිංසක පොඩි ගෑනු ළමයෙක් ගැන සිහියට එනව.

    ReplyDelete
    Replies
    1. හරි ඒ වගේ දෙයක් ගැනත් කියවෙනවා

      Delete
  10. " රැයේ පිපි කඩුපුල් මල නුඹ "

    කවියේ නිමිත්ත මොකක් උනත් කවියනම් ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්.. කඩුපුල් මලුත් මේ වගේ තමයි

      Delete
  11. අන්තඃපුර ජීවිත වගේ තමා අඩු වයසෙන් ගෘහ සේවෙට අරන් යන දැරිවියන්ට දරුවන්ට ගත කරන්න වෙන ජීවිතත් කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. අම්මට බොල ඔබාට කව්ත් තේරෙනවනේ. ඇත්තම කතාව මම නිමිත්තක් ලෙස දැන් එක කොරන්නම්

      Delete
  12. නිමිත්ත කියෙව්ව

    ReplyDelete
  13. මාතලං ගෙ වෙනස් පෝස්ට් එකක් ද මන්දා

    ReplyDelete
    Replies
    1. එහෙම ඒවත් ලියනවා ඉඳ හිට

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න