.

.

Mar 31, 2012

මෝඩයාගේ විහිළුව ගිය දුර - Fools Day Contrivacy


මාරම අප්ෂෙට් එකක් වෙලාය. මෝඩයාගේ දවසේ ඔහේලා ගොනාට අන්දන්න පෝස්ට් එකක් ලියාගෙන සිටියේය. ඒක තිබුනේ ඩ්‍රාෆ්ට් ගොඩේය. වෙබ් සයිට් ගැන සෝදිසි කොරන ආන්ඩුවේ මහත්තුරුන්ට බඩු මාට්ටු වෙලාය.. මේ තියෙන්නේ එම පෝස්ට් එකය.

ආන්ඩුවට බුද්ධිමත් ජනතාව සමග මළ පනී -  
The Government's flower, jump over the intelligent civilians


ඇමෙරිකාව අපට කෙලීමට පෙර, පචායුධ මැතිතුමාගේ ඉල්ලීම අනුව, ඇමරිකන් ප්‍රොඩක්ට්ස් සහ බ්‍රෑන්ඩ්ස් වර්ජනය නොකිරීම හා කෙළීමෙන් පසු, පොලොස් ඇමතිතුමා ජාතික කොඩිය උස්සන්න යැයි කියු විට, සරම උස්ස පස්චාත් ප්‍රදේශය ප්‍රදර්ශනය කිරීමේ හේතුව මත, මළ පැන ඇති ආන්ඩුව. බුද්ධිමත් ජනතාවට කෙළවීම සඳහා සුද්දාගෙන් ලද භාන්ඩ වල මිළ වැඩිකිරීමට තීරණය කර ඇත. ඒ අනුව......

පිළිකා කූරක්    - රු. 1
පිටරට බීර        - රු. 50
දේශීය බීර        - රු. 5
සුමිහිරි පානය   - රු. 50

කින් හා. හැම හාල්පාරුවාම දහ අතේ ණයවී, ලීස් දමා, සීට් කවර කඩන්නේත් නැතුව, වාහන වල ගොස්, කන්න සල්ලි නැතයි, අඬෝවැඩියා නගන එක නැවැත්වීමේ උතුම් වූ චේතනාවෙන් හා දේෂිය නිෂ්පාදනයන් වන බර කරත්ත, තිරික්කල, අත් කරත්ත ප්‍රචලිත කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන්

පුටුම් බූම්        -  රු. 50,000 සිට ඉහලට
ත්‍රී රෝද          - රු. 100,000 සිට ඉහලට
කාර හා වෑන්  - රු. 1,000,000 සිට ඉහලට

වැඩී කිරීමට තීරණය කර ඇත. තවත් මල පැන්නොත් පිටරටවලින් ආනයනය කරන ෆුට් සයිකල් හා ට්‍රයිසිකල් වල මිළද වැඩි කරනවා ඇත. එවිට ජනතාවට කකුල් දෙකෙන්ම අයිශ්චර්යා හා එයාගේ අලුත් බබා බලන්නට යා හැක.

.oOo.

මෙවන් නිර්මාණයක් කිරීමට සමත් නිර්මාණශීලී කවටයකු, ආන්ඩුවේ, අලි පාටියේ, සෝමේ අයියාගේ පාටියේ, වාසු අයියාගේ පාටියේ, ඩිව්ගේ පාටියේ, පිච්චු විතාරනගේ පාටියේ, උපදංශ පාටියේ, සාධුලාගේ පාටියේ, කුකුළාගේ පාටියේ  තියා දෙමළ පාටියේ හෝ කොන කපපු අයගේ පාටියෙවත් නොමැති නිසා,... මාතලන්ගේ නිර්මාණය ලොක්කා විසින් අනුමත කිරීමෙන් අනතුරුව, ලේඛම් තුමා සයින් කිරීමෙන් පසු, ජඩ මධ්‍ය ඇමතිතුමා මගින්, සියළුම මාධ්‍ය ආයතන වෙත, මෝඩයාගේ දිනයේදී ජනතාව ගොනාට ඇන්දීම සඳහා නිකුත් කරණ ලෙස දන්වා ඇත. අද ඔබ පත්තරවල, ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ දකින්නේ, අසන්නේ ඒ විහිළුවයි.

ළෝක බැංකුවේ මිලියන 400 ගැනීමට කරන ලද සෙප්පඩ විජ්ජාවක් යයි විපස්සය කියන්නේ නම් උන්ද ගුලිය කා ඇත. ඒ නිසා කළබල නොවන්න. කවුරුන් හෝ මේ ගුලිය කා, මිළ වැඩි කර ඇත්නම් ඇමරිකාවේ පාරිභෝගික අමාත්‍යන්සයට දන්නන. විහිළුවක් ගිය දුර..... ෂොරි හොඳේ....

40 comments:

  1. උඩම දාල තියෙන ටික වැඩිවෙනව කියල විහිළුවටවත් කියන්න එපා මාතලන් අයිය...

    ReplyDelete
    Replies
    1. මාතලන් අයිය විහිළුවට පෝස්ට් ලියන්න එපා බන්... අණ්ඩුවෙ උදවිය පෝස්ට් එක සීරියස් අරන්... මේකෙ සම්පූර්ණ වැරැද්දෙ වගකීම බාරගන්න වෙයි දැන්..

      Delete
    2. අඩේ මුන් මේක සීරීයස් අරන්නේ....

      Delete
  2. මාතලනුත් අන්දරේල ගොඩට එක්කහු උනාද?

    ReplyDelete
    Replies
    1. ඔක්කොම අපි අන්දරේලා

      Delete
  3. හැක් හැක්. උඹලා මේ විදියට ඉංග්‍රීසි පරිවර්තනය කරන්න ගියොත් බඩේ පාර වදින්නෙ මට. ආන්ඩුවට බුද්ධිමත් ජනතාව සමග මළ පනී -
    The Government's flower, jump over the intelligent civilians

    අපි ඔක්කොටම සුභ උපන්දිනයක්. නිකං ඉන්නගමන් අර කෙහෙල් කො‍ටුවෙ එකාගෙ මෘදුකාංගයත් බාගන්න පුලුවං.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. නෑ මමත් මේ බැලුවේ බොරතෙල් මීටරයක්වත් ඒකට අටෝලා සල්ලිවලටම විකුණන්න... පස්සෙ සහනාධාර ක්‍රෙම්ට දෙනවා...

      Delete
    2. ආ හවු ඉෂ් මයි සුවෝර්ඩ් ඈ

      Delete
  4. අයියෝ සල්ලි!!!

    ReplyDelete
  5. මුල් ම භාණ්ඩ 4 වැඩි වීම ගැන සතුටුයි!
    කීය වුණත් ණය වෙලා හරි ඒවා ගන්න අය ගැන දුකම දුකයි.

    ReplyDelete
    Replies
    1. උඹලා හරි ආත්මාරථකාමි මිනිස්සු..

      Delete
  6. මේ කට්ටිය ජනතාව අන්දන්න ගත්තෙ කාලකට ඉස්සරවෙලා. ඒත් අපේ කට්ටිය තවම තේරුම් අරන් නෑ මේ කරන්නේ ඇන්දවීමක් කියලා.

    අර පිලිකා කූර ඇර අන්ක් ඒවා.. අවුරුද්ද මතක් වෙනකොට ඇඬෙනවා‍

    ReplyDelete
    Replies
    1. බුද්ධිමත් ජනතාවනේ..

      Delete
  7. අපිට (ජහමනයාට) හොඳ වැඩේ බන් . . .

    ReplyDelete
    Replies
    1. අපි හරි පව් නේ අයියෝ.....

      Delete
  8. ඔය හැමදේම කරන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලින් අපිව බේරාගන්නනේ.

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න ඔහේට විතරයී තේරුනේ...

      Delete
  9. සිරාවට මම හිතුවෙ ඇත්තටම ගනං වැඩිකරලා කියලා. බලද්දි මේක උඔගේ අලුගුත්තේරු වැඩක්නෙ.... මේවයි අපි චිත්‍රෙට නඟන්න තිබුනෙ

    ReplyDelete
    Replies
    1. අර ච්ත්‍රේ නම් මරි ඈ.. ලෙසටම ඇඳලා තියෙනවා.. මගේ ඇඳුම ඇර. මගේ ගාව හදිසියකටවත් සරමක් නෑ..

      Delete
  10. අද ඉතින් ලංකාවේ ජාතික දිනයට උනත් ගැලපෙන දවසනේ කොහොමටත් , ඒ නිසා වෙනසක් තියෙන්නම ඕනි නේ

    ReplyDelete
  11. මාතලන් අයියා මක්කටෙයි මේවා ලියලා ඩ්‍රාෆ්ට් කලේ.. ඒකෙන්නේ මේ ඔක්කොම අප්සට්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මුන් මේක සිරා අරගෙන නේ.. මාව ගවනර් වත් කොරයිද..

      Delete
  12. ඉතින් සුදු වෑන් ආවැයි අල්ලන්න

    ReplyDelete
    Replies
    1. ආවත් ඉතින් විහිළුවටනේ..

      Delete
  13. අනේ දෙවියනේ එය මෝඩයාගේ විහිළුවක් වන තුරු මෝඩයෙක් මෙන් ඉඳිමි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් කස්ටියම ඉන්නේ එහෙම තමා..

      Delete
  14. මට නම් ඔය පනහ හැටෙන්, දහස් ගනනින් උඩ ගිය ඒවාට වඩා තූති රුපියල වැඩි හයියෙන් බඩට ගැසූවේය..




    ඉදින් මා අදින් නවතිමි... :(
    ඒ සමගින් උන්ගේ අරක්කු බී උන්ටම කෙළින න්‍යාය පටන් ගන්නෙමි...

    ReplyDelete
    Replies
    1. කූර නම් සෑහෙන අඩු කරලා තියෙන්නේ. ඒ උනාට බොන කොට පෙවෙනවා..

      Delete
  15. පංචායුධ මාමා දේශප්‍රෙමී නොවැ..

    පිට රට ඒව වැඩි‍ කොරලා..

    දැන් එයා ජෙල් ගාන්නෙත් නැතිලු.. පොල් ජෙල් ගානවලු..

    ReplyDelete
  16. මේක නෙමෙයි දුර දිග ගිය විහිලුව . . . ඡන්දෙ දීපු එක

    ReplyDelete
    Replies
    1. ආයිත් ඒකම කරයිද

      Delete
    2. ආයෙ දෙක හමාරක් නෑ කරනව . . . අපි හරිම කැමතියිනෙ විහිලු වලට

      Delete
  17. //The Government's flower, jump over the intelligent civilians// :D:D:D

    ReplyDelete
    Replies
    1. How is..
      My English..
      වැරි ගුඩ් ඈ..?

      Delete
  18. මේකද මේ වුනේ එතකොට.???

    ReplyDelete
  19. මාතලන් අයියේ තාම උඹ යහතින් ඉන්නවා නේද? සුදු වෑන් එහෙම කැරකුණේ නැද්ද ගෙවල් පැත්තේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න