.

.

Mar 13, 2012

කණගාටුයි.... මේ මාගේ අවසාන ළිපියයි - Sorry.... This is my last Post


මේ මාගේ අවසාන බොග් ළිපිය බව ඉතාම කණගාටුවෙන් දැණුම් දීමට සිඳුව ඇත්තේය. අකුරු ටයිප් ගසන්නේද බොඳවූ දෑසින්ය. එම නිසා වැරදි ඇත්නම් සමා විය යුතුය. හොටුද බේරෙන්නේය. ඒවා සූරා කොම්පියුටරයේම අතුල්ලන්නේය. මන්ද මින් පසු ඒ ලබ්බෙන් වැඩක් නැත්තේය. ඇඟිලිද වෙව්ලන්නේය. ඒ වෙන හේතුවක් කියා ඔහේලා හිතනවා ඇතිය. එහෙම එකක් නෙමේය. දුකටමය. ඉතින් ආයෙත් කවදාක හමුවේදයි කිව නොහැකිය. නමුත් කනගාටුවෙන් වූවද මෙය වහාම නැවැත්විය යුතුමය. කුමණ හෝ ක්‍රමයකින් මෙය ඉදිරියට ගෙනයාමට හැකිදැයි සොයා බැලූ මුත් එහෙම සරණක් නැත්තේමය. නමුත් මට බොගට වඩා රට ලොකුය.

සම හරක් මූසල හැත්ත, බූමීතෙල් වැඩි වෙලායයි කියමින් අඬන්නේය. උන්ගෙන් අසන්නට ඇත්තේ බූමීතෙල්ද මව් බිමද කියාය. කවදා හෝ මේ බූමියෙන් තෙල් එනකන් මේ මූසලයන්ට ඉවසාගෙන සිටින්නට බැරිය. එදාට මේ පුණ්‍ය භූමීයෙන් ලැබෙන භූමීතෙල් වලින් නාන්නත් හැකිය. අළුත්ම සීන් එක ඒක නෙමේය. පචවංශ මැති තුමා ගූගල් එකවුන්ට් එක ක්ලෝස් කරලාය. සහතික ඇත්තය. ඒක අයිති ඇමරිකාවටය. ඒ නිසා ගූගල් එකවුන්ට් එක වසා වෙන ඒකක් අරිනවාය. අරින්නේ මොකක්ද කියලා තවම දන්නේ නැතිය. දැනගත් ගමන් දිවයින පත්තරේ දාන්නම්ය. මොකෝ ඒ වන විට මාතලන් බොග අවසානය.

කොරන ඕන මළදානයක් හරියට කළ යුතුය. ළෝක බැංකුවේ ප්ලග් එක ගලවනවා වාගේය. එතුමා ආන්ඩුවට ආපු දවසේම ළෝක බැංකුවේ මෙහේ උන්න බටහිර කුමන්ත්‍රණ කාර නියෝජිතයින් පන බයේ දුව ගියේය. එදා ඉඳන් ඔක්කොම කරන්නේ මහ බැංකුවෙන්ය. එකේ ගවනර් ටයි කෝට් ඇන්දාට ඒව දේශිය කරනයට ලක් කරන ලද ඒවාය. මෙතුමා බෑන් කොරන්නේ ගූගල් විතරය. ඒ ඇමරිකන් නිසාය. අපි එතුමාට සහාය පල කල යුතුය. මේ ගැන වැඩි දුර බැලූ කල දැනගැනීමට හැකි වූයේ බ්ලොග් කෙලියත් ඇමරිකාවේ බවය. එපමනක් නොව සිංහල යුනිකෝඩ් කීවාට ඒවායේ මෘදුකාංගය ඇමරිකන් එකක් බවය. එම නිසා සිංහල කොටන එකද බටහිර කුමන්ත්‍රණයක්ය. මයික්‍රො සොෆ්ට් කාරයාත් ඇමරිකන්ය, යායුත් එහෙමය. එම නිසා වින්ඩෝස් පාවිච්චි කොරන්නත් බැරිය. ගෙදර ගෑනී කෑ ගහද්දිත් මම ගෙදර ජනෙල් පවා ගලවලා දැමුවාය. ෆේස් බුක් ගිහිල්ලාත් ඉවරය . චැට් කොල්ලාත් අහවරය. වැලක් බලලාත් ඉවරය. ළඟදීම ඇමරිකාවෙන් හසුරවන අන්තර්ජාලේද තහනම් කරනු ඇතිය. එවිට නෝන්ඩී වී වහන්න වෙනවාමය.

කෙලවෙන්නේ මේවාට විතරක් නෙමේමය. කොකාකෝලා. ෆැන්ටා, කේ ඇෆ් සී, පීසා හට්, මැක්ඩොනල්ඩ්, ඩිනේ මෝ අරවා මේවා ඔක්කෝටම කෙල වෙනවාය. මේකෙන් පෙනෙන්නේ පලා බබා ගෙනාපූ වෙලාවේ ඉන්දියා විරෝදේ ගෙන එන්නට ඇත්තෙත් මෙතුමාම බවය. එතකොට මෙයා හීටියේ ජාතිය වෙනුවෙන් ඇවිලුනු පපුවේ ගිනි වලින් ජාතික වස්තුව විනාශ කොරාපු පස්සයේය. ඉන්දියාවේ පරිප්පූ කන්න එපා කියා කොල්ලෝ 60,000 කට විතර පරිප්පු කැව්වේත් මෙතුමාමය. එදා ඉඳන් මෙතුමාගේ බාරී, ඉන්දියන් සාරී අඳින්නේත් නැතිය, අඳින්නේ සිංගප්පූරුවේ ඒවාය.  උනාට ඒ කොල්ලෝ දිවි දුන්නේ ජාතිය වෙනුවෙන්ය. අද කෙලින්න යන්නේ ඇමෙරිකාවටය. කොරන්න ඕනෑ මොනවාද කියා චම්පික උන්නෑහේ තවම කිව්වේ නැතිය. ඒ කිව්වාම මම ඒවාත් කොරනවාය. මොකෝ බොගකට වඩා මගේ මව්බිම මට ලොකුය.

හෙට අනිද්දාම ඔය ඇමරිකන් බඩු විකුණන අය මරා දමන්නටත් බැරිය. ඒවා විකුණන ආයතන ගිනි තියන්නත් හැකිය. මට ඒවාට සහබාගි වෙන්නට තියෙනවාය. අන්තර්ජාලය වහන්න කලින් ඔහෙලාත් වහලා සහයෝගයක් දිය යුතුය. ඔය සයිබර් සැණකෙලියටත් බෝම්බ ප්‍රහාර එල්ලවිය හැකිය. මන්ද සයිබර් කියන්නේත් ඇමරිකාවේ වචනයක්ය. ෂාරුක් ඛාන්ට බෝම්බ ගහපු උන්ට ඕවා මහ දේවල් නෙමේය. මළ කෙහෙම්මල් ඇමරිකන් කාරයන්ගේ බොග් වලට වඩා මට මගේ රට වටිනවාය. ඊටත් වඩා ප්ලග් ගලවපු එකා වටිනවාය. එම නිසා බොග දැමිල්ල මෙයින් නවත්තනවාය. තම රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බොග් එකක් වසා දැමූ ජාති හිතෛශී ජාති මාමක දේශප්‍රේමී ජනරංජන මනරංජන වීරයකු ලෙස මාතලන් නාමය ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා නොඅනුමානය.

ඇමරිකාවට භංඝ වේවාහ්.....
ඔබ සැමට සුභ අනාගතයඛ්ඛ...!!!

133 comments:

  1. ඇමතිතුමා තමන්ගේ වෙබ් අඩවියේ සේරම කටයුතු වලට සම්බන්ධකරගන්න කියලා දාලා තියෙන්නේ ඇමැරිකාවේ ලිපින ඒවත් අයින් කරයි මන් හිතන්නේ ලඟදිම

    http://who.is/whois/wimalweerawansa.net/

    ReplyDelete
    Replies
    1. That address is for Whois Privacy Protection Service, Inc. You can see the unprotected address here
      http://who.is/whois/wimalweerawansa.com/

      Delete
    2. පිස්සු තද උනාම මොනවා කියවෙනවද දන්නේ නෑ. මෙයාට වඩා චම්පික උන්නෑහේ ගව් ගානක් ඉස්සරයින් ඉන්නේ. ඒත් අපෙ ගොන්නුන්ට හරියන්නේ මේ වගේ උන් තමයි.

      Delete
  2. කතාව අගනේය.. මමද සහයෝගය දෙන්නේය..මක් නිසාද යත් සියල්ලට වඩා මට රට ලොකු නිසාය.. ලෝක බැංකුවේ ප්ලග් එක ගැලවූ දා සිටම මගේ සාක්කුවද හිස්ය..එනිසා ජංජාලය වසා දැමූ විට ඉතිරිවන මුදලින් මගෙ සාක්කු පිරී ඉතිරී යනු ඇත.. එම මුදල් උතුරුකරයේ අනාථ වූ දරුවන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට භාවිතා කරන්නේය...කෑම බීමවල මිල වැඩි වුවද ,කිරිපිට මිල අඩු වීමට නියමිත නිසා,පොඩි උන්ට බඩ පිරෙන්නට කිරි පිට දීමට එම මුදල ප්‍රමානවත් වෙන්නේය....මම සතුටු වෙයි...

    රටට ජය!!ජංජාලය භංග වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ කොටස් වෙළඳ පොලවල් කඩාගෙන වැටිලලු ඊයෙම

      Delete
  3. හිතේ අමාරුවෙන්ම ලියපු බව පේනවා.
    මට පේන්නෙ වැඩි දෙනෙක් වැඩේ පටලවගන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. එහෙමම අවුලක් නෑ.

      Delete
  4. හම්මේ මං බයවෙච්ච තරමක්. අන්තිම ලිවුම කිව්වම. මං හිතුවෙ බොගේ වහලදාල ඉස්ටැයික් කොරන්න ජිනීව යනව කියල.

    ReplyDelete
    Replies
    1. අද යනවා චැනල් ෆෝ සෝ එක බලන්න

      Delete
  5. රීඩරේට පෝස්ට් එකේ මාතෘකාව වැටිල තියෙද්දි නම් හිතුවෙ පහුගිය ටිකෙත් බොහොම කම්මැලිකමේ වගේ යලට මහට පෝස්ට් දාපු හින්ද නවත්තන්නම යනව කියල.... ආවහම උඩ පින්තූරෙන් තමා වැඩේ ක්ලික් වුනේ...

    මෙව්ව ඉස්සර වීරයන්ගෙන් ගත්තු වැරදි ආදරශ... අද කරන්න හදන්නෙත් තොපේ ආයුධ වලින් අපි ගහන්නෙ නෑ කියල කඩු පයිට් කරන්න... අපි අහුවෙයි ඕවට...

    ReplyDelete
    Replies
    1. අර එකෙක් කොමෙන්ට් කොරලා තියෙනවා වගේ මේ වගේ රිලවෙක් උන්නලු රජෙක් ගාව.. ඉතිහාසයෙත්

      Delete
  6. අද උදෙ පත්තරෙ බලලා මෙ ටොපික් එක දැක්කගමන් හිතුනා

    ReplyDelete
    Replies
    1. බොග දාන එක නතර කොරන්න

      Delete
  7. ඇයි බං අයියෙ මෙහෙම කරන්නෙ. අන්තිමට පොඩි ඉඟියක්වත් දෙන්න එපැයි විහිලුවක් කියලා. ඔය අන්තිම කොමෙන්ට් තුන දකිනකං හිටියෙ කෙල්ල දාල ගියා වගේ හැඟීමකින්. ෂික්...මං වගේ බූරුවෙක්. ඒත් මෙහෙම වැඩ කරන්න එපා.....!

    ReplyDelete
    Replies
    1. ආහ්..පොඩි අවුලක්.. මං කෙල්ල දාල ගියා වගේ හිටියෙ උඹ බ්ලොග් එක වහනව කිව්ව නිසා නෙමෙයි ඈ...! මගේ බ්ලොග් එක වහන්න වෙයි කියල හිතල... :D

      Delete
    2. ඇත්ත කියපන් උඹගේ එකද මගේ එකද

      Delete
  8. ඔය උඩ තියන පින්තූර දෙක අයින් කරපන්. ඒ දෙක දැක්ක ගමන් මට තේරුණා උබ මොකක් ගැනද මේ කියන්න යන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. ඒ තමයි විරෝධතා පුවරු

      Delete
  9. මම නම් කොම්පුටර් බාවිතාකරන එක නවත්තන්නේ අරාබි කාරයාගෙන් ගත්ත එකය් ඉන්දියන් කාරයාගෙන් ගත්ත බින්දුවය් නැතුව වැඩකරන කොම්පුටර් එකක් ඇමරිකන් කාරය හදපු දාට

    ReplyDelete
    Replies
    1. අපි නම් නවත්තලා දානවා. නැත්තන් අර වාහේ මේවා ගිනි තියයි

      Delete
  10. පට්ට සීන් එක නේ. යකෝ අපේ ඒවත් වහන්න වෙනවා එහෙනම්.

    ReplyDelete
    Replies
    1. අනිවා.. අනිවා.. ආයේ දෙකක් නෑ. බොහොම ඉක්මනින්

      Delete
  11. අනී....බය කරන්න එපා මාතලන් මාමේ.....:‘(

    ReplyDelete
    Replies
    1. මම ද බ බය කරන්නේ.. විමලේ මාමා නේ

      Delete
  12. මා ද අද සිට ගුගල්, බ්ලොගර් සබඳතා අත හැර දමන නිසා මෙය මාගේ අවසාන කමෙන්ටුවයි.

    ආයුබෝවන් මාතලන්!

    ReplyDelete
    Replies
    1. අපේ පොඩි එකා අහනවා.. තාත්තේ මැක්ඩොනල්ඩ්ස් අයිති එයාටද කියලා.. මම නෑ කිව්වම .. ඌ අහනවා තාත්තේ එහෙනම් එයාට පිස්සුද කියලා

      Delete
  13. සිය රට දේ සිරි සැප දේ! ඉස්සර අපේ වීරයෙක් වුණ විමල්ට වෙච්ච දේ!

    ReplyDelete
    Replies
    1. එතුමා කවදත් වීරයෙක්. ඒකනේ වීර වංස කියල දාලා තියෙන්නේ

      Delete
  14. දුකේ බැරුවා . ඉහි ඉහි .

    ReplyDelete
    Replies
    1. කොරන්න දෙයක් නෑ.. දුක තමයි සුමනා

      Delete
  15. මමත් සියලූ ඇමරිකන් නිෂ්පාදන වලින් වැලකෙමි... නෝටි ඇමෙරිකා නැතුවට සිංහල ඒවා දැන් දැන් එන නිසා අවුලක් නැත.. මම සිංහල බෞද්ධ නිසා මම මුස්ලිම් දේමල ඒවාගෙන්ද වැලකී ඇති නිසා හා මාගේ රස්සාව සොෆ්ට්වෙයාර් කෙටීම නීසා ඒවාද නවත්තමි... එතකොට උගේ ආච්චි මට කන්න අඳින්න දෙන නිසා අවුලක්ම නැත
    හුටා..

    ReplyDelete
    Replies
    1. වහාම කුඹුරු කෙටීම වැනි රැකියාවක් සොයා ගත යුතුය. නෝටී ඇමරිකා පමණක් නොව හොලිවුඩ් බැලීමද වහාම නැවැත්විය යුතුය. බොලිවුඩ් බැලුවාට අවුලක් නැතිදැයි. සිහල උරුමයෙන් අසා දැන ගත යුතුය

      Delete
  16. ඕකනේ අර පෙරමුණේ රාළලා කලින්ම බ්ලොග් කටුව වහලා දැම්මේ. තේරුණේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු ඌට දිවැස් තියෙනවා එහෙනම්

      Delete
  17. මම යාළුවෙලා හිටියේ ඇමෙරිකන් කෙළි පොඩිත්තියක් එක්කය. මේ කතාව ඇහුව්ව්ට පස්සේ දේශප්‍රේමය දෝරෙ ගලා ගියෙන් ඒක එහෙම්ම නතර කළෙමි. දැන මම විමල් වීරවංශ මැතිතුමාගේ හෝකන්දර නිවස අසළ නිවසක් සොයමින් සිටිමි. ඒ වීරවංශ මැතිතුමාගේ ගෙදර ඇති බඩු නියම ආර්ය සිංහල බව දන්නා නිසාය. ඒවා පාවිච්චි කළාට දේශද්‍රෝහී වෙන්නෙ නැති නිසා මම ඒවා පාවිච්චි කිරීමට සිතා ගතිමි.

    ReplyDelete
    Replies
    1. එක බඩුවක් ඇර අනෙක් සියල්ල පාවිච්චි කලාට අවුලක් නැත්තේය

      Delete
  18. //එම නිසා බොග දැමිල්ල මෙයින් නවත්තනවාය//

    ගෑස් වෙනුවට අධෝ වාත උපයෝගී කරගෙන වාහනේ දුවන්න නේද මාතලන් ගොය්යො ට්‍රයි එක ?

    ReplyDelete
    Replies
    1. ගෑස් වෙනුවට බඩේ ගෑස් ඇත.

      Delete
  19. ඇමරිකාවට යස පාඩමක් ඉගැන්නිය යුතුය. බ්ලොග වසමි . . . බුකියද වසා දමමි . . .

    ඇමරිකාව බංග වේවා . . . !!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒ සැරේ ඕනමැන්ටලයාත් පිස්සු කෙලින්නට යන්නේ ය. මේකාට බ්ලොගය වැසීමට හැකි බව මම පිලිගනිමි.. නමුත් බුකිය වසන්නේ කෙසේ දැයි මට ගැටලුවකි.......????????? :D

      Delete
    3. බුකිය වසන්නට ඕනෑ නැත රේස් දුවන්නේ එංගලන්තයේය. විමල්ගේ පුතා ඉන්නේත් එහේය.

      Delete
    4. අව්ලක් නෑ අයියා ස්කයිප් ඉන්නවනේ නේද අපට කොන්ටැක් කරගන්න ??

      Delete
  20. මගේ අම්මේ මම බය වුනු තරමක්. පොඩි වැඩ ටිකක් නිසා තාවකාලිකව මෙහෙම ඉන්නෙ මම නම්. ඉක්මනටම එනවා. ඒත් මගේ මිත්‍රයා මාතලන්ගේ සමු ගැනීම නියම දේශප්‍රේමී වැඩක්. පචවංශට ජය වේවා!! මේ විදියට ගොත්‍රක සමාජයක් බිහි කිරීමට දරන තැත සාර්ථක වේවා යැයි පතමි.
    මාතලන් අපි මෙහෙමවත් සපෝට් එකක් දෙමු. මමත් බ්ලොග වහන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා මේවාට කළබල ව්ය යුතු නැත. නමුත් ඉස කුඩිච්චි සඳහා හොඳ වෙළඳ පොලක් ඇති බව පෙනේ

      Delete
  21. මමත් රටට ආදරේය. මමත් බුකිය වසමි. බොගයත් වසමි. හුටා යකෝ පෝන් එකත් විසි කල යුතුය. මල හත්තිලව්වක් වෙන හැටියකි පේන්නේ... කෙල්ලට කෝල් නොකරොත් ලෝක විනාශයකි.

    විමල් තෝ මාව විනාශ කොරන්නද හදන්නේ ?

    ReplyDelete
    Replies
    1. කෙල්ලට ගිරා සංදේශ හෝ කපුටු සංදේශ හෝ හරක් සංදේශ යැවිය හැක

      Delete
  22. දැන් තියෙන්නේ එකම විසඳුමයි.... අපේ බ්ලොග් ටික ඉංග්‍රිසියෙන් බැකප් කරගෙන, සිංහල මෙව්වා එකක් ආපු දාට ආයෙ අතාරින එකයි....

    ඈමරිකාව එපා කියනවා නම්... උංගේ පවුල් සැලසුමේ ඉඳන්ම ආයෙම හිතන්න වෙනවා....!!! ​​මැන්ටල් හැත්ත...

    ReplyDelete
  23. ඊයෙ හැන්දෑවෙ හයිඩ්පාක් එකේ ඉඳල සෙට් එකෙක් යනව දැක්ක ආතක් පාතක් නෑ වගේ. හොඳ වෙලාවට මං එතනින් යනකොට වැඩෙ අහවරයි. නැත්නං මටත් මෙහෙම හිතෙන්න බැරිකමක් නෑ. පුදුම ජාතුකත්වයක් නෙව එතන වෑහිලා තියෙන්නෙ. පිට්ටනියම මඩවෙලා !

    අනේ උඹලා සේරොම වහපල්ලා. මටනං බෑ ඕං... !!

    ReplyDelete
    Replies
    1. ඔබගේ නම ලැයිස්තුවට ඇතුලත් කර ගන්නා ලදි. වෑන් එක ළඟදීම එයි.

      Delete
  24. අම්මෝ මාතලන් අයියා බය කරනවනෙ. අපිටත් එහෙනම් බ්ලොග් ලිවිල්ල පටන් ගත්ත තැනම නතර කරන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කොරන්න දෙයක් නෑ. මව්බිමද බොගද

      Delete
  25. අර පරන උපහැරනේ "ගොනා උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා" කියන එක මූට ලියල යන්න කෙනෙක් නැද්ද ඈ . .

    ReplyDelete
  26. අවසාන මොහොත මාගේ
    ගූගලය දෑස මානේ
    පෙනේවී රූපේ ඔබගේ
    මැවි මැවී වංශ මාමේ..........

    ReplyDelete
  27. අලේ මේ මාතලන් මාමට පිස්සු තද වෙලා තියන හැටියක්...

    මට නම් මේකට දැන්ම සහයෝගේ දෙන්න බැ.,.. මොකද මේ වංශ මාමා අර මා.උ කලා වගේ කලින් නැගිට්ටා වගේ මේකත් ඔනේ නැ පස්සේ බලමු කිවෝත් අපි අනාථයිනේ

    ReplyDelete
    Replies
    1. ඒක කඩා කප්පල් කොලේ මහින්ද මාමානේ..

      Delete
  28. බුදු හප්පච්චියේ මේ ගොන් වහන්සේ අර බැසිල්තුමයි, ගෝටා තුමයි, ඩලස්තුමයි වත් පයින් දෙකක් දීල එලවන්නද හදන්නේ? මේ ඇමෙරිකන් පුරවැසියෝ නොවැ. මට මතක් වෙනවා අර රජ්ජුරුවන්ගේ සුරතල් රිලා මොටා රජ්ජුරුවන්ගේ ඇගේ මැස්ස වැහුවහම කඩුව අරගෙන මැස්සට දෙස බාපු කතාව.

    ReplyDelete
    Replies
    1. එයාලා ගැන කතා කොරන්න මෙයා හරි බයයි. ලොක්කට තමයි පාට් දාන්නේ. ලොක්කගේ හුරතලානේ

      Delete
  29. මොනව උනත් මම නම් දිගටම gmail,MS Office,Blog Ect..... පාවිච්චි කරනව.ඕනෑ කෙනෙක් ඔනි කුදයක් ගහගත්තාවේ!

    ReplyDelete
    Replies
    1. උඹේ නමත් ලිස්ට් එකට දා ගත්තා. වෑන් එක එවන්නම්

      Delete
  30. වීල වංස මාම උපවාස කරල බෑන්කීන් මූනුත් බය වුනා නොවැ.....මාතලන් අයිය එයැයිට ඔච්චම් පාන්න එපා හරිය......... ඕකට බය වෙලා ඔබාමා අංකල් ඇවිල්ල වීල වංස මාමගෙ කකුල් අල්ලල වැන්දම කාටෙයි ආඩම්බර......

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා කිව්වේ අර බොග් ලියන එක්කෙනාද

      Delete
  31. කොන්ඩම් උද්ගෝශන වලටත් යාම කල යුතුය!නිකන් වසා දමා හරියන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. කොන්ඩොම් වෙනුවට සිලිසිලි බෑග් පාවිච්චි කොල හැකිය

      Delete
    2. සිලිසිලි බෑග් නෙමේ ලන්ච් ෂීට් ගන්න පුලුවන්
      http://ctkumara.blogspot.com/2012/01/blog-post_31.html

      Delete
  32. හත්ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු, බය කොරන්න එපා..........

    ReplyDelete
    Replies
    1. කොරන්න දෙයක් නෑ.. දැන වහන්න ලෙස්ති වෙයල්ලා

      Delete
  33. දේශප්‍රේමය පත අට එකට සිදුවා බීමෙන් , පචායුධ ගේ මොලය අවුල් වී ඇත.


    www.thunsitha.tk

    ReplyDelete
    Replies
    1. උගේ මොළේ අවුල් නෑ. ඕක තමයි මහින්ද ගාව තියෙන හොඳම මොළේ. අපේ ගොන්නුන්ට ගැලපෙන

      Delete
  34. අපොය් මම හිතුවා ඇත්තටම ලියන එක නවත්තන්න යනවවද්දෝ කියල.

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්න බෑ. ඉස්සරහට ඇමරිකාවට ගහන්න යන්න උනොත් හෙම

      Delete
  35. මාත් බොගේ වහනවා. යකෝ ලයිට් දාන්නත් බෑනෙ. ‍තෝමස් අල්වා එඩිසන් අමෙරිකන් කාරයෙක් නේද?
    henryblogwalker the DUDE

    ReplyDelete
    Replies
    1. ලයිට් නම් නිවලා හිටියේ කලින් ඉඳන්ම.

      Delete
  36. ඔය ඇමරිකන් පුරවැසි කම තියන උන්වත් එහෙම බෑන් කොරන්න ඕනි නැද්ද එතකොට ?

    මූ හරකෙක් කියලා මම හිතාන හිටියේ බලාන ගියාම , ගොන් බඳින කණුවක් !

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචං මූ තමයි අපේ බූරූවන්ට් කක්කා උනත් පෝෂදායි දෙයක් කියලා කවන්න පුළුවන් එකම එකා.

      Delete
    2. සජීව ධනුද්ධරMarch 15, 2012 at 3:49 AM

      අම්මපා ඇත්ත.. මූට මොක නැතත් ඒ හැකියාවනම් තියෙනවා ලෙසටම..

      Delete
  37. බ්ලොගර් නැතිඋනාට මොකද. සෙල් ලිපියක හරි පුස් කොලේක හරි ලියන්න ඕන ඒව ලියන්න බැරිය.

    ReplyDelete
    Replies
    1. මාත් මේ ගල් හොය හොයා යනවා ... කපන්න.. සොරි ඈ.. කොටන්න

      Delete
  38. සී නිවුස් එක තාම අප්ඩේට් වෙන්නේ විමල් ලොක්ක මොකක් හරි දේශීය ක්‍රමයක් හොයාගෙනද දන්නේ නෑ දැනටම.

    ReplyDelete
    Replies
    1. එකේ ඔක්කොම වෙන්නේ රාවණා යුගයේ සොෆ්ට්වෙයාර් වලින්ලූ

      Delete
  39. මාතලන් දේස ප්‍රේමියෙක් ලෙස සමු ගන්නවා ඇත..

    අපි දේස දෝහියෝ නොවැ.. හිකිස්..

    ReplyDelete
    Replies
    1. ඔහේවත් ලිස්ට් එකට එකතු කර ගන්නවා ඇත

      Delete
  40. නෝටි ඇමරිකා ඇන්ටිලා, අයි මිස් යු . බායි

    ReplyDelete
    Replies
    1. කොරන්න දෙයක් නෑ ආයිබෝවන්ට. ගඟක් ගාවට ළිඳක් ගාවට පලයන්.. හැබැයි බලාගෙන ග්‍රීස් යකා කියලා පොරෝ පාරවල් කන්න වෙයි

      Delete
  41. අඩේ මේ හාදයට මාර දැනුමක්නෙ බං තියෙන්නෙ, ඔය වගේ අයිඩියා එකක් එන්නෑ ලේසි පාසු මිනිහෙකුට, ඒ විතරක්යෑ බං බුදුන්ට ගල් පෙරලලා තියෙන්නෙ අංගුලිමාල කියන්නෙ, යකෝ අපිට දහම් පාසලේ හෙන බොරුනෙ කියලා දීලා තියෙන්නෙ .........

    ReplyDelete
    Replies
    1. බුද්ධාගමේ තියෙන කෙප්ප එළි කලාට එතුමාට මාගේ ප්‍රමාණය

      Delete
  42. කට්ටියම හරි සන්තෝස වෙලා, විහිලු වන්සගේ විහිළුවක් අහල. නමුත් කව්ද මේකේ යතාර්ථ කතාව තේරුම් ගත්තේ,, ඒ කියන්නේ ඇමරිකාව නැත්නම් ලංකාවේ මිනිස්සු නිකන් ගල් යුගයේ මිනිස්සු වගේ. මේ ඔක්කොම comment ටික කියෙව්වම ඔක්කොගෙම පරගැති බවය තේරෙනවා. ඔයගොල්ලෝ වගේ හිතන මිනිස්සු නිසා තමයි අවරුදු 2000 කටත් වැඩිය ප්රෞද ඉතිහාසයක් තියන ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. ඇමරිකාවේ ඉතිහාසයට අවරුදු 200+ .

    තාක්ෂනය කියන දේ එක රටකට අයත් දෙයක් නෙවි, නමුත් ඒ තාක්ෂනය උපයෝගී කරගන කරන දේවල් අයිති වෙන්නේ ඒ රටට. ඊ අපිට බැරිද ගූග්ලේ වගේ දෙයක් කරන්න. චීන වල තියන www.baidu.com වගේ.

    හොදම උදාහරණය තමයි ලංකාවේ තියන හොස්ටින්ග් කොම්පන්ය Lankacom , (severs also in ශ්‍රී ලංකා ) . මම ඕක ගැන කිව්වම කීප දෙනෙක් මට *කෙනුත් හිනා උනා "USA වල හොද හොස්ටින්ග් companies තියෙද්දී මොන මගුලටද මෙහෙ website දන්නෙ කියල "

    මට මතකයි දුකා කියල තිබුන අලුතෙන් පටන් ගත්ත බිස්නස් එකේ නම ගන්න බැරි නිසා වෙන නමක් .com ගත්ත කියල. ඇයි මොරටු කැම්පස් එකට රුපියල් 3000 දීල www.virooz.lk කියල ගත්තොත් බිස්නස්ස් අඩු වෙඉද ?

    මම හිතන්නේ wordpress නම් කිසිම රටකට අයිති නැහැ. opensorce නේ . ඉතින් මේක වහල wordpress එකේ එකක් පටන් ගමු. පිස්සු නේ !

    ReplyDelete
    Replies
    1. ප ලි. එහෙම නැත්නම් අපි උගේ ලෝකය ලියන රන්ගයට කියල බ්ලොග්ගේර් වගේ එකක් හදා ගමු. සිංහල බ්ලොග් වලට. ලංකාවේම හොස්ට් කරලා. පට පට ගාල ලොඩ් වෙයි .

      හා දැන් කියන්න බලන්න මගේ විහිළුවටද, විහිලු වන්සගේ විහිළුවටද වැඩියෙන් හිනා ගියේ.

      Delete
    2. නලින් සිල්වත් ඔයිට‍ වැඩිය ජාති කිව්වා දේශානුරාගය වැඩි වෙන දේවල්. එක අහල කැම්පස් එකෙක් සරම ඇදල සෙරෙප්පු දාන්නත් ගත්ත. හැබැයි නලින් සිල්වා මොළ කාරයා. කෝකටත් කියල එයාගේ පුතා රට (මම හිතන්නේ ඇමෙරිකාවේ) යවල තමයි උගන්න ගත්තේ.

      ඔයාගේ ජාතියේම තව එක්කෙනෙක් තමයි මිහින් තුමා.

      - දේශද්‍රෝහී ඇනෙක්

      Delete
    3. හොඳ වෙලාවට ඇනෝ කෙනෙක් උනේ. නැත්නම් ලිස්ට් එකට දා ගන්නවාමයි

      Delete
  43. මදැයි, ඇමෙරිකන්කාරයින්ට පෝය දවසටත් වැඩ කරන්න වෙයි වගේ!!!! ඇමෙරිකන් ආර්ථිකය ගෙනියන්නෙ කොහොම ද ඔය දේවල් පාවිච්චි කරන ලංකාවේ අයගෙන් සල්ලි එන්නෙ නැත්නම්. :D

    ReplyDelete
    Replies
    1. ඔබාමා අඬලා ලියුමක් එවලා කියන්නේ.

      Delete
  44. මට තේරුනේ නෑ මචන්.

    ReplyDelete
    Replies
    1. අපේ නෝනා වගේ. දැන් ඉතින් කියපන්කෝ කතන්දරේ. ජිනීවා වල අපේ රටට විරුද්දව මානව හිමිකම් කඩකලා කියලා යෝජනාවක් ඇමරිකාව ගේන්න යනවා. මේ දවස් වල ට්‍රෙන්ඩ් එක ඕක. ඉතින් වීරවංශ උන්නෑහේ කියලා ඇමරිකාවට විරුද්ධත්වය ප්‍රකාෂ කොරන්න ඇමරිකන් ප්‍රඩක්ට්ස්. ඇමරිකන් බ්‍රෑන්ඩ්ස් වර්ජනය කරමු කියලා. එයාට තියෙන්නෙත් ජී මේල් ඇඩ්‍රස් එකක්ලු. ඒයා ඒක වහනවලු. මම බොග වහලා දානවා. මොකෝ බොග දාන්නෙත් ඇමරිකාවෙන්නේ. දැන් තේරුනයි උඹට.

      Delete
  45. මතලන්ගේම පරණ ලිපියක් මතක් වුනා. මීයෙක් ඇතින්නගේ පස්ස පැත්තෙන් මොනවදෝ කොරල ඉස්ස්සරහ පැත්තට දුවගෙන් ගිහිල්ල ඇහුවලු "සිදුනද?" කියල. ඇතින්න දන්නෙවත් නැතිලු.

    ඊයේ මම දැක්ක ටෙනිසන් කුරේ අඬ අඬා ඉන්ටෙවීව් එකකට යනවා. එයාගේ ජොබ් එකට විමලේ කෙලළලු.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්තට තනිකර ඒ කතාවමනේ. අපරාදේ මතක් උනා නම් ලින්ක් එකක් දාන්න තිබුනා

      Delete
  46. අපි යන්නේ කොයි පාරේ.. "මාතලන්" ගිය පාරේ.. මමත් දානවා හෙටම මගේ අන්තිම ලිපිය..

    ප.ලි- මාතලන් අයියා මට ඊයක් දැම්මා කිවුවට එහෙම මෙවුවා එකක් ඇවිත් නෑනේ අයියේ..

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි සපෝට් එක දෙන්න ඕන. මම දැම්මේ අර වයි මේල් කියන එකට. ඒක පාවිච්චි කරනවද. නැත්නම් පාවිච්චි කරන එක පොඩ්ඩක් දානවද මේ මගේ එක. හැබයි විමල්ට් කියන්න එපා
      happyjay65@gmail.com

      Delete
  47. අපොයි මේ ඇත්තද? :(

    ReplyDelete
    Replies
    1. ආයි අහලා... රට පෙරට බොග වලට...

      Delete
  48. යකෝ මාතලන් මාමේ මේ.. මට නම් බෑ මේක වහන්න .පටන් ගත්ත විතරයි .තාම සින්ඩියකට දා ගන්නත් බැරි උනා.පොස්ට් තියෙන්නෙත් දෙකයි.කට්ටිය එන්නෙත් නෑ මගේ මේ බොග් කටුවට තාම. අනේ බුදු මාතලන් මාමේ වැන් එවන්න නම් එපා.අනික අපේ ගමට එන්න හරියට පාරකුත් නෑ.එදන්ඩකින් ඇවිත් ,ටාසන් වගේ වැල් පොටවල් හතර හමාරක එල්ලිලා එන්නත් තියනවා.ඒ එන මාමල ,ඕක පල්ලේ වැටිලා පුක පැත්ත ඇන ගත්තොත් ඒවාට මාමම ඉසකුඩිච්චි දාල අත ගගා උම්මා දෙන්න වෙයි ඔං......

    ReplyDelete
    Replies
    1. එව්වා හරියන්නේ නෑ.. මව්බිම නැතිනම් මරණය

      Delete
  49. දැන් මේක නැවැත්තුවම අපි අළුත් ජංගි‍‍...,තනපට ගැන හෙම දැනගන්නේ විමලෙගෙන්ද ඒවා හොයලදීල ගෙදරින් ලකුණක් දාගන්න එකත් නැතිනරන්නද හදන්නේ

    ReplyDelete
    Replies
    1. ජංගි, තපට ඕන නෑ.. කොල අතු ඇඳගෙන.. ගිනි ගොඩක් ගහලා .. විමලේ ඔජායේ.. විමලේ ඔජායේ.. කිය කිය නටමු..

      Delete
  50. අන්තර්ජාල යේ කොමට් බර්ඩ් ඉතා වේගවත් වෙබ් බ්‍රවුසරයකි.
    කොකා කෝලා වෙනුවට ලංකාවේ කික් කෝලා සහ ෂා කෝලා භාවිත කරමු.
    ගූගල් සංවිධානය මේ යුධ මෙහෙයුම් සඳහ ඇමෙරිකාවට සිතියම් ආශ්‍රිත තොරතුරු සපයනු ලබයි. ජී මේල් අප විසින් යවන ඊ-මේල් සියල්ල රහසිගතව ගබඩා කරගනී

    ReplyDelete
    Replies
    1. කොමෙට් බර්ඩ් මොන රටේ නිෂ්පාදනයක්ද ?

      ඊලඟට ගුගල් සර්ච් වෙනුවට ඇමරිකානු නොවෙන විසඳුමක් තියනවද ?
      කොටින්ම ඇමරිකානු නොවන අන්තර්ජාල විකල්පයක් ඔබ සතුද

      Delete
    2. කොම්පියුටර් විසි කරමු.. කැලෑවට යමු..

      Delete
  51. ඇමරිකාව බංග වේවා . . . !!!

    ReplyDelete
    Replies
    1. නිකන් හිටහන් බන්.. උන් බයවෙයි...

      Delete
  52. අඩ්ඩෝව්......!!!!! අපි පිරිසුදු මහ කලු හිංඟලයෝ... හරිය...... අපේ වංසට මොකවත් කියනව නෙමෙයි.... මල පැන්නොත් පටංගන්නව මැරෙනකං උපවාසයක්......හරිය....
    අපි මීට පස්සෙ බොග නෙමෙයි බොග වලක් දිහාවත් ඇහැක් ඇරල බලන්නෑ.. හරිය......
    බැරිම උනොත් පුකත් මහගන්නව හරිය.....

    මනරන්ජන ජනඅඩ්ඩෝව්...... අපි පිරිසුදු මහ කලු හිංඟලයෝ... හරිය...... අපේ වංසට මොකවත් කියනව නෙමෙයි.... මල පැන්නොත් පටංගන්නව මැරෙනකං උපවාසයක්......හරිය....
    අපි මීට පස්සෙ බොග නෙමෙයි බොග වලක් දිහාවත් ඇහැක් ඇරල බලන්නෑ.. හරිය......
    බැරිම උනොත් පුකත් මහගන්නව හරිය.....

    මනරන්ජන ජනාන්දන මාතලන්ට ජාතියේ උපහාරය
    ........ඉතිං ආයුබෝවං මාතොලං ගරු...........
    ඇඬෙනව ඌයි....ඉහි..ඉහි.....
    අඩ්ඩෝව්...... අපි පිරිසුදු මහ කලු හිංඟලයෝ... හරිය...... අපේ වංසට මොකවත් කියනව නෙමෙයි.... මල පැන්නොත් පටංගන්නව මැරෙනකං උපවාසයක්......හරිය....
    අපි මීට පස්සෙ බොග නෙමෙයි බොග වලක් දිහාවත් ඇහැක් ඇරල බලන්නෑ.. හරිය......
    බැරිම උනොත් පුකත් මහගන්නව හරිය.....

    මනරන්ජන ජනාන්දන මාතලන්ට ජාතියේ උපහාරය
    ........ඉතිං ආයුබෝවං මාතොලං ගරු...........
    ඇඬෙනව ඌයි....ඉහි..ඉහි.....
    මනරන්ජන ජනඅන්දන මාතලන්ට ජාතියේ උපහාරය

    ........ඉතිං ආයුබෝවං මාතොලං ගරු...........

    ඇඬෙනව ඌයි....ඉහි..ඉහි.....

    X-Porter

    ReplyDelete
    Replies
    1. ඈ..හ්.. මේ මොකෑ වෙලා තියෙන්නෙ...... අපි දන්න කොමෙන්ට්. සික් විතරක් ගූ හැත්තෑවයි...

      X-Porter

      Delete
    2. මම හිතුවේ ඌට විතරයි පිස්සු කියලා

      Delete
  53. මේ ටිකේ වැඩිය බ්ලොග් කියෙව්වේ නැත . අපොයි ඉක්මනට බැරි වුන ලිපි ටික වසන්න කලින් කියවන්න ඕනෑය.

    ReplyDelete
    Replies
    1. ඉස්මනට බලලා ඉවරයක් කොරන්න. ආයි ඉතින් කවදා බලන්නද

      Delete
  54. ඔච්චර හිතන්ට ඕනෑ නැත... MS Windows යනු පර ඇමරිකන්කාරයන්ගේ ප්‍රොඩක්ට් එකකි. ඒ නිසා ඒක වර්ජනේ කොරාම ඔය Google, Gmail ගැන හිතන්ට ඕනෑම නැත! ඔය වැඩේ නිසා මට රස්සාව නම් නැතිවෙන එක සුවර්ය...
    කන්ට යනවා නම් 'සිංහල ජාතික හෝටලය' ටම යා යුත්තේය! KFC, McDonalds විතරක් නොව ඔය සයිවර් කඩ, මුස්ලිම් හෝටල් පවා දෙවන අදියරේදී වර්ජනය කලයුතු නිසාය... ඒකට මොකෑ, මම නොකා මළත් දේශප්‍රේමියෙක් නොවැ!!!

    ReplyDelete
    Replies
    1. ඇම් ඇස් ගේ වින්ඩෝස් නෙමෙයි මම ගෙදර වින්ඩෝස් හිටන් ගලවලා විසි කරා

      Delete
  55. වහමු.... මමත් මේ වහන්න හිතාගෙන ඉන්නේ මාතලං....

    කැමති අය මේකත් කියෙව්වට තරහක් නැහැ....
    http://jbasnayaka.blogspot.com/2012/03/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. කියෙව්වා සුපර්බ්.. මීට පස්සේ ඒ පැත්තේ එන්නන්කෝ

      Delete
  56. බ්ලොග් වහන්න...පිස්සු කතා කරන්නෙපා.

    ReplyDelete
    Replies
    1. වහනවා තමයි. බොග් වගේද මව්බිම

      Delete
  57. ඩියර් මාතලන්...
    පින්තූරයක් තියේ ,ඒක් කමෙන්ට් එකට ලින්ක් කරන හැටි මම දන්නැහැ. ඒ නිසා මේල්ලුව චැක් කරල බලන්න...

    ReplyDelete
    Replies
    1. නියම පින්තූරේ. අද පත්තරේකත් තිබුනා. සහතික ඇත්ත

      Delete
  58. අඩේ මම හිතුවෙම බ්ලොග වහලා දායිම කියලා....බැලින්නම් මේ අපේ වීමේල් උතුමා කියපු දේශානුරාගි කතාවට ඇමෙරිකාව හෙල්ලිලා ගූගල් වහලා දාන්න හදනවනේ.....

    ලංකාවටම කියලා සර්ච් එන්ජින් දෙක තුනකුයි දාලා ලංකාවෙම කම්පියුටර් හදලා
    මෙයා මෙහෙම කතාවක් කිව්වනම් කමක් නෑ...එහෙනම් අදහන්න වුනත් වටිනවා....

    ReplyDelete
    Replies
    1. ඌට පිස්සු කියලා ඇමතිවරුම සෙටිපිකට් දෙනවා

      Delete
  59. පළමුවත් දෙවනුවත් තෙවනුවත් මව්බිම මව්බිම මව්බිම

    මව්බිම සුරකින පංචායුධයට ජයවේවා :)

    ReplyDelete
  60. මේක කියවනකොට මට ටික කාලෙකට කලින් ආව චිත්‍රපටියක් මතක් වුණා රඟපෑවෙ ලින්ටන් සේමගේ චිත්‍රපටිය" මී හරකා" අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. අනේ රත්තරන් මහත්තයෝ ඒ සතාට නිගා කොරන්න එපා

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න