.

.

Aug 15, 2012

අයියෝ සිරිසේන, පටිසන් දීම් හා රනිල් භීතීකාව - I O Sirisena, EAHR and Ranil Phobia


අපේ ආච්චි, අපි පොඩි කාළේ, අපිවයි, අහල පහල ලපයි සිපයි ඔක්කෝම ළඟින් තියාගෙන, සීනී දවටපු දෙල් බැදපුවත් බෙද බෙද, කතන්දර කියලා දෙනවාය. (දැන් කතන්දර කියලා දෙන්නේ කතන්දර සූරීන්ය.) ඒකට දැන් කාළේ ආච්ච්ලා, පොඩි එකාට සුපර් මෑන් ගැනයි, බැට් මෑන් ගැනයි කියන්න කිය කියා, පොඩි එකාගේ බිස්කට් එකට කෙලිනවාය. (ඇඩ් එකක් ගියා මතක නැතුව ඇති.) රජ කතා, සුරංගනා කතා, ජාතක කතා, ගැමි කතා ඔක්කටම වඩා ආච්චි කැමති බන කතා කියලා දෙන්නය. ඉස්සර කාළේ දැන් වගේ පැය 24 ම බන කිව්වේ නැතිය. බනක් තිබුනත් නිකන් මඟුලක් වගේය. ලවුස්පීකර් ගස් බඳිනවාය. ගමටම කියනවාය. ඊට පස්සේ කොටිකාවත්තේ සද්ධාතිස්ස සාධු හරි මාදුළුවාවේ සෝභිත සාධු හරි එනවාය. කන පැලෙන්න හිත පිරෙන්න දෙනවාය. කොටිකාවත්තේ සද්ධාතිස්ස සාධු නම් සහෝදරයන් විසින් අපවත් කළේය.

ඊට අමතරව දැවමොට්ටාවේ අමරවංසලත් වඩිනවාය. ඒ බන කියන්න නෙමේය. මැතිනිගේ හම අරින්නය. ඒ කාළේත් දේශපාලන සාධුලා සිටියේය. ආච්චි කිව්වත් සාධුලා දෙසුවත් බනට කිව්වේ බොරු කියන එක හොඳ නෑ කියලාය. කේලාම් කියන එක හොඳ නෑ කියලාය, පරුෂ වචන කියන එක හොඳ නෑ කියලාය. එහෙම කියන අය අපායේ යනවාය. එහේ ගියාම ළෝ දිය කටේ වක්කරනවාය. එහෙම කියන කොට අපි බය වෙනවාය. දැන් නම් ගානක් නැතිය. බැරිවෙලාවත් යන්න උනොත් සැන්ඩි ටිකක් වැඩියෙන් දාලා දෙන්න කියලා යමයන්ට ටිප් එකක් දුන්නාම වැඩේ ගොඩය. මේ දවස්වල කේලාම් කේස් එකක් යනවාය. ගේම ඇද්දේ ඩෙංගු සිරිසේනය. ඒ ගාමිනිට අගේන්ස්ට් රනිල් කේලාම් කිව්වා කියලාය. එතකොට එයා අපිට කියන්නේද කේලමක්ය. දැන් ඒක අහපු ගාමිනිගේ පුතා කියන්නේ රනිල්ට ආනන්තරීය පාප කර්මේ පටිසන් දීලයි කියලාය. ඒ උනාට බනේ නම් එහෙම එකක් නැතිය.

සිරිසේන බය වෙලා තියෙන්නේ නිකන් නෙමේය. 94 ඉඳන් කොරපු දෙයක් නැත්තේය. ගාමිනි කරපු මිනිස්ට්‍රි එකත් කෙරුවේය. ගාමිනි රටටම වතුර දුන්නේය. මෙයා වතුර කානුවක්වත් කැපුවේ නැතිය. ඔන්න ඔය කොහේදෝ ඔක්කෝටම වඩා ලොකු එකක් පටන් ගත්තත් මුල් ගල විතරය. ඇලක් දිගේ වතුර එන්නේ නෑ කියලා ගොයියෝ ඇවිත් මූනටම හූ කියලා ගියේ මේ මෑතකය. ඔය ව්යලි කලාපේ ජහ මනයෝ සහ ගොයියෝ දුෂ්ඨ ගාමිනීට වගේම මහවැලි ගාමිනිටත් ආදරේය. චන්ද ලයිස්තුවක්වත් හදා ගන්න බැරි මදුරුවෙක්වත්  මරා ගන්න බැරි, කියන්න කරපු දේකුත් නැති නිසා, ජාම බේර ගන්න මේ පරණ කේස් ඇදලා ගන්නවාය.

අලි පාටියෙ පොඩි උන් කියන්නේ මෙයත් ඒ වගේමයි කියලාය. කේලාම් කියන එක කොයි ජොබ් එකෙත් තියෙනවාය. ජොබ් වලින් ජරාම එකත් පොලිටික්ස්ය. ඩර්ටි පොලිටික්ස් කියන්නේ කට කහනවාට නෙමේය. එහෙම එකේ මේවා මාර සීන් නෙමේය. ගාමිනි දිනවිල්ල කෙසේ වෙතත්. මහින්ද දිනවන්න මේ එකෙක්වත් එදා උන්නේ නැතිය. හිටියෙ ජෙප්පෝ සහ හෙළ උරුමේ සාධුලා ටිකය. මෙයාලා පේන්නවත් හිටියේ නැතිය. සැටලයිට් ගාව උන්න ගෝලයෝ ඔක්කෝම සප් එක දුන්නේ රනිල්ටය. එහේ කේලම් ඔක්කෝම රනිල්ගේ කනේ තිබ්බේය. ඒ මේ ගේමේ හැටිය. අදටත් ලොක්කාට කේස් එකක් එනකොට මෙයාලා සද්දේ වහනවාය. හෙමීට හීන් නූල් අදිනවාය. අදත් ලොක්කා බේරගන්න එන්නේ සහෝදර සමාගමයි, අරගෙන හදා ගන්න පුතයි, ලයිට් කණුවයි විතරය. අනිත් අයගේ ලයිට් ගිහිල්ලාය. ලැකේ පුයිට් දාගෙන බහේ ඔලන් ඉන්නවාය.

රනිල්ට පල දීපූ කරුමයක් නැත්තේය. ඉන්න වාසනාවන්තම පොලිටික්කා රනිල්ය. ඔය සිරිපාලලාට වඩා නවීන්ලාට වඩා, ලොක්කා රනිල්ට සලකනවාය. ගරුකරනවාය. රනිල්ට කවුරුත් බය පන්ති ප්‍රශ්නේ නිසාය. ඒ උනාට ඔය 56 පුත්තුන්ට, ජේ ආර්ගේ පුත්තුන්ට වඩා ඒ පංතිය මටනම් හොඳය, නැගී එන අලි ටිකත් කම්බස් කරලා, පාර ගොඳට හදාගත්ත පුංචි ප්‍රේමදාසත්, දැන් ගේම අත ඇරලා කියන්නේ, මම "කවදාහරි" මේ රටේ ලොක්කා වෙනවා කියලාය. ඒ උනාට කලින් තිබුනේ, හෙට බලේ ගන්න අලි ගායක්ය. මහ ලොකුවට මහත්මා දේශපාලනේ කොරනවයි කිව්වට, තියෙන්නේ බලේ ගන්න කෑදර කමක් මිස වෙන මොකවත් නෙමේය. රනිල්ගේ පටිසන් දීම කෙසේ වෙතත්, නවීන් දන්නේ නැති උනාට ප්‍රේමදාස ජනාධිපතිට ඉල්ලන කොට ගාමීනීලා, ඇතුලත්මුදලාලිලා, හිටියේ මැතිනිගේ පැත්තේය. ගාමිනිලා ඉන්නේ මගෙත් එක්ක කියා මැතිනි ඒ දවස්වල හැම මීටීමේ කිව්වා නවීන්ට මතක නැති උනාට අපිට මතකය. එතකොට නවීන්ලයි තාත්තාට පටිසන් දුන්නේ ඒ අකුසල කර්මේ වෙන්නැතිය. තාත්තාට විතරක් නෙමෙයි මාමාට (කරූ) පල දුන්නේත් එකම විය හැකිය. ඒ වගත් මෙසේය........

56 comments:

  1. අයියෝ සිරිසේනය...

    අපේ ගමෙත් පළාත් සභාවේ සිරිසේන කෙනෙක් සිටි. එතුමාගේ පුතා ද පළාත් සභා ඇමැති කෙනෙක්ය.... දන්නෝ දනිති......

    ReplyDelete
    Replies
    1. හිකිස්.... දන්නෝ දනිති.... හෙහ් හෙහ්

      Delete
  2. මුන්දලා ගේ කතා ඇසෙන විට උන්දලා ට පටිසන් දීම කෙසේ වෙතත් අපට නම් කුමක් හෝ පටිසන් දී ඇතැයි හැගී යනවා ය.

    ReplyDelete
    Replies
    1. අපිට පටිසන් දීලා බොහෝ කල්ය

      Delete
  3. හැමදාම ඇසූවත් ....ආතම්මාගේ කතා බෝරින් නැති වුවද අද මාතලන්ගෙ පෝස්ටුව කම්මැලිය. මුල ටික කියෙවූ නමුත් අවසාන නොකළෙමි.

    ReplyDelete
    Replies
    1. හැමදාම ආතල් කතා ලියන්න බෑනේ කෙල්ලේ.. ඇත්තත් ලියන්න එපැයි..

      Delete
    2. හැමදාම විරහ කවි ලියල බැහැ කියලා මාත් හිතුවා...

      Delete
  4. mathaka na wage idapan mathlan aiye... me dawas wala amathaka wena unta thamai thana :D

    ReplyDelete
    Replies
    1. බටලන්දේ කේස් එක හිනාවෙලා ෂේප් කර ගත්තා වගේ. මේකට උසාවියේ කෙස් එකක් තිබ්බොත් ඇත්තටම එහෙම කියයි නේ...

      Delete
  5. මම තවම මේ ෆීල්ඩ් එකේ නැත :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ 18 ට අඩුය...

      එසේම වේවා !

      Delete
  6. මාතලන් කිව්ව වගේ දේශපාලනේදි ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ වුනාට අපි කුහක නොවී කතාකරොත් අද රටේ ඉන්න අටෝරාශියක් දේශපාලකයන් අතරෙන් කට ඇරල මහත්මයෙක් කියන්න පුළුවන් ටික දෙනා අතර ඉදිරියෙන් ඉන්නෙ රනිල්. අනික යූඑන්පියෙ නායකත්වයටත් මේ මොහොතෙ වෙනත් සුදුස්සෙක් නෑ, සජිත්ට අවශ්‍ය නම් තව කල් තියෙනව. වැඩබැරි ටාසන්ල වගේ වාචාල දොඩ දොඩ ඉන්න ඇමතිලට වඩා, වැටිල තියෙන රටේ ආර්ථිකය පවා ක්‍රමිකව ගොඩනැගීමේ හැකියාවක් රනිල් වික්‍රමසිංහට තිබෙනව ඔහුගෙ ආණ්ඩුවක් යටතෙ. තමන්ගෙ නොහැකියාව වහගෙන එදාවේල දුවගන්න කරන මේ වගේ කතාවලට ඉතිං කියන්න වෙන්නෙ සිරිසේන මහත්තයෝ “බම්බුව තමයි, බම්බුව !“ කියාය.

    ReplyDelete
    Replies
    1. රන්ල්ගෙත් අට අනූවක් දුර්වලකම් තිබුනත්. ඔබ හා එකඟයි.. අපෙ හරක්ට නොතේරෙන්නෙත් ඕකයි..

      Delete
    2. අපොයි ඔව්. වික්‍රමසිංහ මහත්මයගෙ පුද්ගලික දුර්වලකම් ඕන තරම් තියෙනව. දේශපාලනයෙදි වුනත් ඔහු සමහර අවස්ථාවල ක්‍රියාකරන ආකාරය නිවැරදියි කියල එකඟ වෙන්න බෑ. කිසිසේත්ම මා රනිල් වාදියෙක් නොවුනත් ඕනම විටෙක ඔහුගෙ තිබෙන රාජතාන්ත්‍රික මහත්මාභාවය අගය නොකර සිටීමට තරම් කුහකයෙක් නෙවි මම.

      Delete
  7. කේලම් කීම ලංකාවේ පොලිටික්කෙකුගේ ට්‍රේඩ් මාර්කයයි.මේ දුපත ඇතුලේ බලුකුක්කාගෙන් පොලිටික්කා වෙනස් වන එකම ලක්ෂණය බලුකුක්කා කේලම් නොකියා සිය ස්වාමියට භක්තියෙන් හිඳිත්.චන්ද්‍රිකා නෝනගේ කාලේ කැබිනෙට්ටුවේ සිටි හොඳම කේලමා පසු කලෙක නෝනාට ගුලිය ඇඹරූ හැටි අපුරුය.

    ReplyDelete
    Replies
    1. හිකිස්... දන්නෝ දනිති..... නම්බර් වන්...

      Delete
  8. තුට්ටු දෙකේ දේසපාලකයෝ නැතුව හැබෑවටම රටට ආදරේ කරන දේසපාලකයෝ එන දවසක් එනකම් අපි බලන් ඉඳිමු . . . . රටට හෑබෙවටම ආදරේ කරන එහෙව් උන් හඳුනා ගන්න උත්සාහ කොරමු . . .

    ReplyDelete
    Replies
    1. ඉමු ඉමු දියසේන කුමාරය එනකම් කට්ටියක් හිටිය රාවණ එනකන් කට්ටියක් ඉන්නව.ෆොන්සේක මහත්තයව දියසේන කරන්න තව කට්ටියක් හදනව.සජිත් බේබි මෝරන කල් සෙට් එකක් බලන් ඉන්නව.ඔය අස්සෙ ඉන්න රජ්ජුරුවෝ හිටු කියල ගේම.අපි බලන් ඉන්නව!

      Delete
    2. අවංකද නැතිද කියලා හොයන්න මැෂින් එකක් හයි කොරන්න වෙයි..

      Delete
    3. කවදාවත්ම නුබ මට නොලැබෙන හන්දා
      …මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා

      Delete
  9. දේසපාලනේ ගැනනම් මොනා කියන්නද මාතලන් අයියේ..

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා හරියනවද දිනේශ් මල්ලියේ...

      Delete
  10. ආච්චි කියපු කතාන්දරවලින් පටන් අරගෙන දේසපලනයෙන් අවසන් කරලා තියෙනවා කදිමට ගලපල.ආච්චි දැක්කනම් කියයිද දන්නේ නැහැ "බම්බුව" තමයි පුතේ කියල.

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා.. නිකන් නෙමෙයි ආච්චි බම්බු අයියාට බනකුත් කියයි, කේලාම් කීමේ ආදීනව ගැන

      Delete
  11. කවුද අනේ ඔය සිරිසේන? ඔය කියන නම්වලින් දන්නේ රනිල්, සජිත් , වගේ අය විතරයි. :)

    ReplyDelete
    Replies
    1. ගරු සෞඛ්‍ය අමාත්‍ය සිරි ලංකා නිදහස් පක්ෂයේ ලේඛම් අයියෝ සිරිසේන නොහොත් ඩෙංගු සිරිසේන නොහොත් බම්බුව නොහොත් මෛත්‍රිපාල සිරිසේන. නවීන් කියන්නේ නවීන් දිසානායක. ගාමීනී දිසානායකගේ ළොකු පුතා දැන් හදාගන්නේ මහින්ද මහත්තයා.

      Delete
  12. ඔබට මතක නැති උනාට .....
    …....අද වාගේ මතකයි ....මට ....

    ReplyDelete
    Replies
    1. ශාහ් හොඳ මතක ශක්තියක්නේ...

      Delete
  13. කේලාම් හොර බොරු නැති තැනක දේශපාලනය යනු හුදෙක්ම අමු සිහිණයකි...!!!

    ReplyDelete
  14. ඇහැරිලා! නින්දෙන් ඇහැරිලා. වෙන මොකවත් නෙවේ. ලේකම්කමට එනකං ආව. ඊට පස්සෙ සහෝදර සමාගම පල නොකියා පලා බෙදුව. අගමැතිකම ගන්න හිතාගෙන හිටිය මිනිහෙක් නේද මේ. පවු දෙයියනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි මොන්ගල් කියලා තිබුනේ සැටලයිට් ගේ සාකච්චාවකට තියා ගේට්ටුව ගාවටවත් ගත්ත පොරක් නෙමෙයි කියලා.

      Delete
  15. MATHALANTA SAHA RAJ DENNATAMA THANKS YA. - U N C -

    ReplyDelete
  16. මට නම් දැන් ආශ්චර්රෙ එපා වෙලා බං තියෙන්නේ! පැය තුනක් දාඩිය නාගෙන ඉන්න එපැයි අද ඉඳං! වැරදි කාලෙක ලංකාවට ගොඩ බැස්සේ! අච්චර දුප්පත් කියන මං ඉන්න රටෙත් දවසට පැය 2යි කපන්නේ!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් කට්ට කන්න වෙනවා. ඇත්ත කතාවනම් ඉස්සට හිටපු පාරිභෝගික පිරිසටම දුන්න නම් මෙහෙම අවුලක් වෙන්නේ නෑ. හැබයි ලොක්කා හැමෝටම වගේ ලයිට් දුන්නා. ඒ නිසයි මේ කට්ට. අනික ආන්ඩුවේ බාල වැඩවල ප්‍රතිඵල. අවුරුදු 20ක් පාවිච්චි කරපු ජරාවක් චීන්නූ හයිකරලා තියෙන්නේ. අපේ උන්ට ජරාව දීලා.

      Delete
  17. /කොටිකාවත්තේ සද්ධාතිස්ස සාධු නම් සහෝදරයන් විසින් අපවත් කළේය./

    අර බබා හුකුං පාට් දාන සුමිත් නිරිඇල්ල හෙම දන්නව ඇති නේද ඕවා කරපු කස්ටිය?

    ReplyDelete
  18. නේ නිකම් ඉන්න මාතලන්@ රනිල් මහත්තයා වෙනුවට පත සයිස් පොල් පිත්තක් නායකයා කියල නම් කරලා තිබුනත් වෙනසක් නැති වේවි.හරිහමන් විපක්ෂයක් නැතිවීමේ පාඩුව තමයි මේ අත් විඳින්නේ.ඇත්තම කීවොත් විකල්ප නායකත්වයක් පෙනෙන තෙක් මානයේ නැහැ.

    ReplyDelete
    Replies
    1. විකල්ප නායකත්වයක් පෙනෙන තෙක් මානයේ නැති කතාව තරමක් දුරට පිලිගන්න පුළුවන්. ඒත් ඉන්න එකම නායකයා රනිල් විතරයි. මේ ආන්ඩුව පෙරලන එක තවම ලේසි නෑ. නාගරික ජනතාව (අනිවාර්යයෙන් ඔබත් අයත් වන්නේ ඒ ගොඩටම විය හැකියී) ආන්ඩුව පරාජය කළත්. ගමේ ජනතාවට එහෙම ප්‍රශ්නයක් නෑ. මොකෝ නගරේ දහ අතේ ණය වෙවී ආතල් ගන්න ජනතාව නෙමෙයි ගමේ ඉන්නේ තියෙන දෙයක් කාලා වෙනදේ බලාග්න ඉන්න පිරිසක්. එයාලට ලොක්කා එපාවෙන්න සෑහෙන කල් යයි. මොකෝ ලොක්ක දන්නවා උන්ව අන්දන හැටි. ඇයි රනිල් නැතුව. මීටින් වල සින්දු කියන පන්සල් පල්ලි කෝවිල් අස්සේ රිංගන, බොරුවට බෙරිහන් දීලා හවසට ආන්ඩුවේ අයත් එක්ක සෙට් වෙන කෙනෙක්ද නායකයා වෙන්න ඕන. නැත්නම් එහාට මෙහාට පනින ගෙම්බොද?

      Delete
  19. ඇත්තම කතාව ලෙසටම ලියලා :)

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරි කියන්නේම නැති තරම්

      Delete
  20. ලේකම් කම්, විපක්ෂනායකකම් නමට විතරයිනේ බං.... ඔක්කොම වැඩ වෙන්නේ 'තුමා' ට ඕනෙ විධියටනෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා... රජ තුමාට අවශ්‍ය විදියට තමයි විපස්සේ උනුත් වැඩ කොරන්නේ.

      Delete
  21. දේශපාලනය යනු ඩබල් ගේමකි. කලෙන් කාලෙට ජනතා හිතේ ඇවිලෙන ගින්නදර නිවන්න මේ වගේ මේසන් බාස්ලාට වැඩ තිබිය යුතුය. ඒ වුනත් එහෙම කොන්ඩේ බැන්දේ ඉස්සරය.

    ජනතාව අවදියෙන් හිටියත් විපක්ෂයක් නැති තැන මෙහෙම පිස්සු කෙලින එක අහන්නත් දෙයක්ද

    ReplyDelete
    Replies
    1. නාගරික ජනතාව අවදිවෙලා තියෙන්නේ. ඒ උනාට ගමේ ජනතාව තවම නිදි.

      Delete
  22. මාතලන් අයියේ, ඔයා හරි අපූරුවට මේ බ්ලොග් එක කරගෙන යනවා. පට්ට ඈ?

    මං හිතන විදියට මං ඔයාව දන්නවා. ඔයා ඒ කාලේ රනිල් සර්ගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් හැටියට හිටපු කැළණියේ කලු අයියගේ යාළුවෙක් නේද? රතු කොණ්ඩේ පොකුටු අර රතු පාට බයික් එකේ ආවේ ගියේ ඔයා නේද? ඔයාගේ ගෙවල් මානෙල්ගම පැත්තේ වගේ මට මතක. ඔයාට මාව මතක නැතිව ඇති ඒත් මට ඔයාව මතකයි.අපි එකට වැඩ කලා සර්ට. පස්සේ ඔයාටනං සර් ගාමන්ට් එකක සයිඩ් බිස්නස් එකක් අල්ලලා දුන්නා කියලා දැන ගත්තා. මමනං තාම මෙහෙ වැඩ.ඇත්තටම දුකයි සර් ගැන.අපි ගැන. ඔයාලා අපිට වඩා සර් එක්ක හිටිය අයනේ. ටිකක් කියන්නකෝ පිලිවෙලක් ඇතුව මේක ගොඩ දාලා දෙන්න කියලා මං දන්නවා ඔයාටත් දැන් බිස්නස් අප්සෙට් කියලා.නීතියට රීතියට මේ රටේ බිස්නස් ගොඩ දාන්න බැහැ උඩින් සප් එකක් නැතිව.ඔයාට වගේම අපිටත් වැලේ වැල් නැහැ මේ යන විදියට. කොහොම හරි ‍සර්ව ගොඩ දාගන මිසක් අපිටත් ගොඩ ඒමක් නැහැ. ඔයාලා ඇයි දැන් මේවට බහින්නේ නැත්තේ. ටිකක් හිතලා බලලා ආයේ මොනවා හරි කරමු.

    මට ඔයාගේ කන්ටෑක් නම්බර් එකක් දෙන්න පුළුවන්ද?
    මම ඉස්සර ඔයා ආව ගිය අර අඹ ගස් දෙක ගාව ගෙදර මල්ලි.අපේ අක්කාවනං ඔයා දන්නවා හොදටම.කැන්වසින් වලදී දවසක් අර ඔයාට කුඩයක් දීලා අවුලක් උනේ.

    ReplyDelete
    Replies
    1. මල්ලි හරියටම හරි. උඹේ නම්බර් එක එවපන්. මම කෝල් එකක් ගන්නම්. අක්කත් මතක් කොලා කියපන්.... :) :)

      Delete
    2. **

      ano puthe mekath kakki blogak nam karanna epoo...

      Delete
    3. අයියේ ඔයාගේ ඊමේල් එක දෙන්නකෝ මං ඒකට එවන්නං නම්බර් එක

      Delete
  23. අනෙ මමනම් මුකුත් කියන්නෑ

    ReplyDelete
  24. ඔ......දේශපාලනේ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න