.

.

Mar 19, 2014

ලව් ලැටර් සහ ලව් මාන්දම - Love letters & Enamored


පළමු කොටස...

රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගියයින් පස්සේ, කෙල්ලෝ නැති උන සාංකාව නැති වෙලා ගියේ, ඒ කාලේ මම වැඩියෙන්ම ආදරේ කරපු, අල හොදියි පානුයි ඒ ඉස්කෝලේ තිබුන නිසා. ධර්මාළෝකේ කෙල්ලො දෙන්නෙකුට තුන් දෙනෙකුට තිබුන ක්‍රෂ් එකත්, එහෙමම නැතිවෙලා ගියා. දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක ක්‍රෂ් එකක් තියෙන්න පුළුවන්ද? එක හිතින් ප්‍රේම කරන්න පුළුවන්ද? මම නම් හිතන්නේ එහෙම කරන්න පුළුවන්, ඒක තමයි ඇත්ත. අපි හිතින් කී දෙනෙකුට නම් ලව් කරනවද?

ලස්සන කෙල්ලෝ ඔක්කෝම, මට උන්නා නම් කියලා තමයි, නිතරම හිතෙන්නේ. දීපීකා පදුකෝන් එක්ක ලව් කරන්න තියෙනවනම් මොන තරම් සුන්දරද? අනර්කලී..? හරි.. අනර්කලි පෙරමුණේ නිසා ඕන නෑ කියමු. එහෙනම් නදීෂා හේමමාලි. කවුද අනේ ආස නැත්තේ? ඒ නිසා අදටත් මම හිතන්නේ, කීප දෙනෙකුට ආදරේ කරන එකා හෝ එකී, හොඳ සමාජ සේවකයෙක් කියලා.

ඔය, "ගහේ තියෙන තල් කොල මදි, මගේ ආදරේ ඔයාට ලියාලා දෙන්න..." (එම එස් ප්‍රනාන්දු) කියලා ලිව්වට, අනිත් පැත්තට අහන්න වෙන්නේ, "මට නුඹ විතරක් උනාට, නුඹට ඉන්නේ මම විතරද...?" (දීපිකා ප්‍රියදර්ශනී) කියලා තමයි. ඒ උනාට ඉතින් දත කාගෙන, ආසවන් යටපත් කරගෙන "සැමදා ඔබ ලඟ ඉන්නම්, මගේ කියා රැක ගන්නම්.."  (කුමාරසිරි පතිරණ) කියලා වෙන පොරොන්දුව, රකින්න පුළුවන් නම් තමයි හොඳ.

කොහොමින් කොම හරි, ගමේ කෙල්ලොත් එක්ක, අල්ලන සෙල්ලම්, බට්ටෝ පැනීම්, හොරා පොලිස්, සෙල්ලම් ගෙවල් දැම්මට, ආල හැඟීමක් ඇති නොවන්න ඇත්තේ, පහසුවෙන් පරිශීලනය කිරීමේ හැකියාවක් තිබුන නිසා වෙන්න ඇති. ඒ ඇරෙන්න වෙන හේතුත් තිබුනා.

6-7 පන්තිවලදි, මේ ළෝකේ තියෙන දරුණුම ලෙඩේ වෙන, "ලව් මාන්දම" කියන, අති භායනක රෝගයේ, ගොදුරක් බවට පත් උනේ නෑ. ඔය ලෙඩේ හැදුනාම, බෙහෙත් නෑ. මහා භයානක රෝගයක්, සම හරක් මරණයට පවා පත්වෙනවා. බෙහතක් හොයා ගන්න එකකුත් නෑ. මම හිතන්නේ, ඒ ගැන පර්යේෂණ කරන්නෙත් නෑ, ළෝකේ කිසිම තැනක. ඒක ඇත්තටම මිනිස් සමාජයටම කරනා හානියක්.

ලෙඩේ, රෝග ලක්ෂණ බොහෝමයි, ඇස් පේන්නේ නැතිව යනවා. ඒ කියන්නේ, ලව් කරන එකාගේ අතක් අල්ලගෙනම යන්න ඕන. නැත්නම් පාර පැන ගන්නවත් බෑ. ශරීරයේ ඇති, කාන්දම් ශක්තිය බලවත් වෙනවා. කොයි වෙලාවෙත් ඇලිලමයි ඉන්නේ. කන් ඇහෙන්නේ නෑ. විශේෂයෙන් ගෙදරදි, ඒ වගේම බස් එකේදි, ටිකට් ගන්න කියලා, දහ සැරයක් විතර කියන්න ඕන.

ඇස් පෙනීමත් අඩු වෙනවා. ඒ කියන්නේ වට පිට පේන්නේ නෑ. තමුන් කරන දේ, අනිත් අයට පේන්නේ නෑ කියලයි හිතන්නේ. නිතරම නිදි මත ගතියක් ඇති වෙනවා. කෙල්ලෝ නම් කොල්ලගේ උරහිසේ නිදි, කොල්ලෝ, කෙල්ලන්ගේ ලැප් ටොප් එක වෙනවා. කළාකාමි වෙනවා. ඒ කියන්නේ ෆිල්ම් එහෙම බලන්න යනවා. ඒ උනාට, කතාව ඇහුවොත් කියන්න දන්නේ නෑ. ඒ අර ඇස් පෙනීම අඩු වන නිසා මිසක්, වෙන හේතුවක් නිසා නෙමෙයි, අර මහා පත තිරේ තියෙන කිසිම දෙයක් පේන්නේ නැතිව යන්නේ.

අනික, මේ රෝගයට විෂේශඥ වෛද්‍යවරු නොමැති නිසාත්, ඖෂධ නොමැති නිසාත්, ගොඩ වෙදකම් වලට යන වියදම ඉතා ඉහලයි. ගෙස්ට් හවුස් වලට, ටෙලිපෝන් කාඩ් වලට, බහිරව පූජා වලට (තෑගී බෝග, කෑම බීම) යන වියදම ඉතා ඉහලයි. ඒ නිසා කොල්ලන්ගේ වොලට් එක හිස් වෙනවා.

ගෑල්ලමයින්ගෙ නම්, ආදයම ඉහළ යනවා. වියදම අඩු වෙනවා. ෆෝන් කාඩ්,  ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන්, ආරිච්චි, බෝරිච්චි, කම්බී කූරූ, බෝල මාල නොමිලේ ලැබෙනවා. ඒත් අර ඇස් නොපෙනීම, කන් නොඇසීම, දවල් හීන පෙනීම, නාන කාමරය තම අයිතියට පවරා ගැනීම, තනියෙන් මිමිනීම, තනියෙන් සිනාසීම, නින්ද නොයෑම, අධික ලෙස, රැහැන් රහිත දුරකථනවලට ඇබ්බැහිවීම වගේ රෝග, සම හරක් විට කෙලවර වෙන්නේ, මුල්ලේරියාවේ තියෙන ඉස්පිටිතාලෙන්.

ලෙඩේ උච්චතම අවස්ථාවේ සරන පතන්නේ, අම්මගේ සාරියෙන්, එහෙම නැත්නම් නාන ළිදෙන්, සම හරක් බෙහෙතක් කියලා හිතාගෙන, ගැවිස්කෝන් වෙනුවට, ග්‍රැමොක්සෝන් බීල බලනවා, ඔය පොළොන්නරුව පැත්තේ උන් නම්, කනේරූ ඇට මීට ප්‍රතිකාරයක් වශයෙන් ලබා ගන්නවා.

මේ රෝගයට ලිංග බේදයක් නොමැති උනත්, වැඩිපුර රෝගයෙන් මිය යන්නේ කාන්තා පාර්ශවය, එතනදි පුරුෂ පක්ෂයට මේ රෝගයට ඔරොත්තු දීමේ හැකියාව, තම ශරීරය තුලින්ම ලබා දෙනවා. එහෙමත් කෙනෙක් තමයි මිය යන්නේ. කෙල්ලෝ මේ බව දන්න නිසා. සමහර වෙලාවට දුම් රිය ඇන්ජිමේ ශක්තියට වඩා, ප්‍රේමයේ ශක්තිය බලවත්ද, කන්දකින් පහළට පැන ගුරුත්වාකර්ෂන ශක්තිය සැබෑවක්ද කියනා පර්යේෂන වල නිරත වෙන්නේ, බොහෝ වෙලාවට දෙන්නාම එකට.

දැන්, ඔහේලට තේරෙනවා ඇති නේ මේ රෝගයේ තියෙන බයානක කම. බ්ලොග් ලිවීම පැත්තක තියලා, මම මේ ළෝක සවුක්ක සංවිධානයට මේ ගැන ලියුමක් ලියන්න පටන් ගත්ත. මොකෝ අපේ සවුක්ක දෙපාර්තුමේන්තුවට මේවා කියලා වැඩක් තියෙයි. හිච්චික්කිතර ඩෙංගු මදුරුවෙක්වත් මරාගන්න බැරි එකේ.

ඒ නිසා ලව් ලෙටර් ගැන කතාව මීළඟ එකෙන්..

100 comments:

  1. සම හරක් විට කෙලවර වෙන්නේ, මුල්ලේරියාවේ තියෙන ඉස්පිටිතාලෙන්.///

    හම්මේ මොනවත් කියන්න නෑ

    ReplyDelete
    Replies
    1. දීපීකා පදුකෝන් එක්ක ලව් කරන්න තියෙනවනම් මොන තරම් සුන්දරද? ///මෙකට නම් මොකුත් නොකියා ඉන්න බෑ ..
      හම්මේ ,හිතින් නම් කොච්චර $%^&&&***************************************#######
      සනි ලියොනිට එහෙම කැමැති නැතෙයි ,ඇයි ගොමස් එහෙමත් හැක් හැක් ,

      මාතලන්ට ආනර්කලි හොදයි,නදීෂා හොදා....................යි .
      පබා ගැන ඔබේ මතය මොක්කද ,

      මං නම් හිතන්නෙ මාතලන්ට හොදටම ගැලපෙන්නෙ රෝසි මැඩම් හරි ,ගිතා අක්කාව හරි කියලා හැක් හැක් ..ඕන් අපි වාෂ්ප වුණො .......

      Delete
    2. ඒ දෙන්න එක්ක "හිටගෙන" ඉන්න විට නම් අපේ ලොක්කට වඩා ටිකක් උසයි උසයි වගේ...
      "ඉදගෙන" ඉද්දි නම් වෙනසක් නැහැ...
      පබා නම් උරහිස ගානට.... අනාර් කෙලී ත් උරහිස ගානට හීල්ස් නොදමා..

      Delete
    3. @ කෙන්ජි,
      කපන හැම කොටයක්ම ඉරන්නේ පැත්ත දාලනේ..

      Delete
    4. ගීතා නම් මගේ චොයිස් එකක් නෙමෙයි. මොකෝ ගම ගාල්ල පුක ලෑල්ල නිසා. අනික ගීතට ටයිමින් වලට නටන්නත් බෑ. කෙන්ජියා කියයි ඒ ගැන. රෝසී තමයි එදා මෙදා තුර මා දුටු ලංකාවේ සුන්දරම ගැහැණිය. ඇත්තටම රෝසි මට ආදරේ නැති උනාට මම රෝසිට අදටත් ආදරෙයි. රෝසි වගේම ඊටත් වඩා ලස්සනයි කියන්න පුළුවන් දුවෙක් උන්නා අනෝජා වීරසිංහට. මට මතක විදියට දිල්කිද කොහෙද නම. කෙල්ල බැන්දේ සුජාතා අත්තනායකගේ පුතෙක්. සුජාතා දැන් ජීවත් වෙන්නේ එහේ.

      කෙන්ජියට මම දෙන්න ඕන උත්තරේ කලාත්මක විදියට විදානෙ දීලා තියෙනවා. මම ඕක ලිව්වනම් ලියන්නේ. පෙරල ගත්තම බලන්නේ උස නෙමෙයි නේ කෙන්ජියෝ දිග නේ..

      Delete
    5. @ මාතා & කෙන්ජි......පෙරලගත්තාම පේන්නේ උසවත් දිගවත් නෙමේ...පිවුතුරු ආදරයේ නොවෙනස් එකම කෝනය විතරයි බන්. ඇයි බන් ඒක ත්‍රීකෝනයක්ම වුනේ?

      Delete
    6. හයියෝ බං උඹලගෙ ශෘංගාරය....!!!!!

      Delete
    7. @ඩ්‍රැකියෝ....හරිම රසවත් බං ශෘංඝරාය....අති විශිෂ්ඨයි..වතුර ටික මාරු වෙනකම්.

      Delete
    8. @ අරූ

      එවෙලෙම නැගිටලා යන්න නරකයි. ඊට පස්සෙත් ටික වෙලාවක් තියෙනවා...

      Delete
    9. පිස්සුද බන්....ඊලඟ සීන් එක කොයි මොහෙතෙද කියලා ප්ලෑන් කරනවා.

      Delete
    10. දිල්කි යන්තම් ‍තේ‍රෙන වයස එද්දි,කිසිම අමුත්‍‍තෙකුට මුණවත් ‍නො‍පෙන්නා කාම‍රේ ‍දොරවහන් හිටි නියම ‍කෙල්ලක්..!

      ලස්සන කියන‍නේ උපරිම.

      ‍කෙන්ජි මං ‍මේ ඉදන් හිටන් කථාව දැකලා අංඤ ‍කො‍රොස් ‍වෙලා හිටි‍යේ අග මුල අල්ලගන්න බැරිව.
      දැන් ‍නේ හරියට නාඩි අහුවු‍නේ.

      ;)

      Delete
  2. අන්න හරි සවුක්ය සංවිධානෙට ලියල ඉන්න මචෝ...

    ReplyDelete
    Replies
    1. ඊයෙම ලිව්වා... උත්තරක් එනකන් ඉන්නේ..

      Delete
  3. //එහෙනම් නදීෂා හේමමාලි. කවුද අනේ ආස නැත්තේ//
    ගුටි කන්නද හදන්නනේ, ආං මේකි ලගින්ම හිටපු එකාට එලව එලව ගහල ඌ කොළඹට පැනල.

    //ලෙඩේ උච්චතම අවස්ථාවේ සරන පතන්නේ, අම්මගේ සාරියෙන්, එහෙම නැත්නම් නාන ළිදෙන්, සම හරක් බෙහෙතක් කියලා හිතාගෙන, ගැවිස්කෝන් වෙනුවට, ග්‍රැමොක්සෝන් බීල බලනවා, ඔය පොළොන්නරුව පැත්තේ උන් නම්, කනේරූ ඇට මීට ප්‍රතිකාරයක් වශයෙන් ලබා ගන්නවා.//
    ප්‍රත්‍යෂයි මේ දවස් වල වැඩිපුරම මේ බෙහෙත් කට්ටිය ගන්නවා....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපේ අය හරි දස්සයි ඔය ගොඩ වෙදකන් වලට..

      Delete
  4. මම ටීචර්ලටත් හිතෙන් ආදරේ කරලා තියෙනවා පොඩි කාලේ. බෲක් ෂීල්ඩ්ස් මගේ සිහින ලෝකේ රජ කලා සෑහෙන කාලයක්. ඇයි හිදෙමි අඕකි. (යකෝ Seven Nights In Japan)

    ReplyDelete
    Replies
    1. ජපන් බෝනික්කන්ට කව්ද බං ආදරේ නැත්තේ. මම අදටත් ආදරේ කොරන බෝනික්කෝ දෙන්නෙක් විතර, තවමත් ඉන්නවා..

      Delete
  5. ඒ වුනාට පස්සේ කාලෙක් ඒ ආදර මාන්දම මතක් වෙනකොට හරි ප්‍රීතියි,අඩු ගානේ බ්ලොගක හරි ලියන්න පුළුවන්නේ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඒ ඉතින් ලෙඩේ සනීප උනාම නේ..

      Delete
  6. හප්ප ඔය ලෙඩෙ මාර භයනකයි නේ.මටත් මතකයි කලක් ඔය මිල්ටන් ගොයියගෙ සින්දු ජිවිතෙ කරගෙන හිටිය.මමත් ඔය හින්දි ෆිල්ම් වල කියන්න වගෙ මහවිසාල හදවතක් තියෙන මිනිහෙක්.ඔන තරම් ගානකට ඉන්න ඉඩ තියෙනව.

    ReplyDelete
    Replies
    1. අම්මපා... හිටහන්කෝ මම නෝනට මේ ගැන කියන්න..

      Delete
  7. තනියෙන් ලව් කරන් හිටියනං ඔය මුකුත් නෑනේ මෙයා.

    ඔය තනි අන්ඩේ ලව් ගැන කීපයක් මාත් ලිව්ව වගේ මතකයි. හිටහං බලන්න..
    ඒකපාර්ශ්වික ප්‍රේමය

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං අවුල් අවුල් නේ ?? :/

      Delete
    2. ඕකට එකම බේත ඇල්කොහොල් ..
      ආදරෙ‍යි ඇල්කොහොලු‍යි කියන්නේ :D

      Delete
    3. දේශකට නම් කොක් කියලා නේ කියන්නෙ ඇල්කොහොල් සැර වැඩිලූ ,
      අවසානේ මේ ඉන්න ටිකත් අතරමං වුණොත් ;))))

      Delete
    4. ප්‍රේමය කෙසේ වෙතත් රාගය ඇවිස්සුනම බෝතලේට කෙලලා හරියන්නේ නෑ නේ..

      Delete
  8. "6-7 පන්තිවලදි, මේ ළෝකේ තියෙන දරුණුම ලෙඩේ වෙන, "ලව් මාන්දම" කියන, අති භායනක රෝගයේ, ගොදුරක් බවට පත් උනේ නෑ"

    ඒත් මේ බ්ලොග් එකට ලෑබුනු හදිසි මාරුව ( දේශපාලනයෙන් ලව් එකට ) නිසා මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එකක ගොදුරක් වෙලාද කියල සෑකයක් මතුවෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම නැහැ PJ අපේ සිහල බොගේ ශාරුක්...

      Delete
    2. ඈත්තට?
      මම හිතුවෙ ඒ ටයිට්ල් එක තියෙන්නෙ අර "හෑඩකාර, විසේකාර, මනමාල etc " එක්කෙනාට කියල !!

      Delete
    3. මෙයා නැෂනල් ..මං ඉංටෝ නැසනල් ...

      Delete
    4. ඇත්ත මචෝ.. ඒකත් අති දරුණු ලෙඩක්...

      Delete
  9. ලවු මළ ඉලවු.

    හප්පෝ හිතෙන් ලවු කරන ඒවා එහෙම නම් කොච්චරක් තියෙනවද? සනී ලියෝන්ට පණ ඇරලා. ශැක්… ;)

    ඒ උනාට ආදරය වෙනුවෙන් කියලා සමහරක් කරන දිවිනසා ගැනීම නම් තරයේ හෙළා දකිනවා. මොකද ආදරය කරන්න කොන්ද පණ තියෙන එකාට මොනම ක්‍රමේකින් හරි ඒ ආදරේ ජය ගන්නත් පණ තියෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හම්මේ... මං පොරත් කැමැති වෙලා හිටියා සනි ලියොනිට ටික කාලේකට කලින් ,අර මෙව්වා එක වැඩි වෙන කාලේ ,කොහෙද දැන් රගපාන්නෙ නෑනේ .. ;))))

      ඇයි ලක්ෂන නැත්ද අපේ ඉන්න නිලියන්ට වඩා ..රාගිනි MMS-2 අවුරුද්දට බලන්න හිතන් ඉන්නෙ ,නෙට් එකේ තියෙනවා නම් ලින්කුව පිස්

      Delete
    2. ඒ උනාට ලෙටර් එකේ " ඔයා නැතිනම් මම ජීවත් වෙන්නේ නෑ " කෑල්ල අනිවාර්‍යයි ප්‍රියා.. හැක් !

      Delete
    3. @ සහෝ ~ ආයෙ අහලා. ඒ වගෙ වෙන ඈයො ඉන්නවැයි. අනේ ලියෝන්… සනී ලියෝන්… ;))

      @ පත්තරේ ~ ඒකනෙ පත්තරේ මොන ක්‍රමෙන් හරි පටන් ගත්ත සම්බන්ධෙ හදවතින්ම නම් දිනන්නම ඕන. (y)

      Delete
    4. ඒ උනාට පුක ඉරාගෙන ට්‍රයි කලත් සම හරක් උන්ට ආදරේ තේරෙන්නේ නෑ. එහෙම උනා කියලා ඉතින් එල්ලිලා මැරිලා හරියන්නෙත් නෑ.. කූඩූවේ එක ලව් බර්ඩ්ය ඉන්නේ..

      Delete
    5. එහෙම කරාම පුක ඉරෙන්නේ කොහොමෙයි

      Delete
    6. අටම් හිනා යනවා බඩත් රිදෙනවා ....හැක් ඇක්

      Delete
    7. පුක නමෙයි සම හරක් කොලෙත් ඉරා ගන්නවා...

      Delete
  10. නෙලා ගන්න බෑ - මගේ අත දිග නෑ ..

    ඒත් අනේ තව මල් පිපියං ..

    කෝටි ගනං තව මල් පිපියං .. !!!!!!!

    ReplyDelete
    Replies
    1. නෙලා ගන්න බෑ - මගේ අත දිග නෑ ..//
      පත්තර පිටුවක් තියලා උත්සහ කරලා බලමු ..;)))
      එහෙමත් බැරි නම් කෙක්කක්.... හැක්

      Delete
    2. @ පත්තරේ
      අත දිග නැතිනම් බං දිග කෙක්කක් ගනින් මචං හොද කොක්කක් එක්ක.

      Delete
    3. ඔය හැටි මල් ගහන්න එපා පත්තරයෝ ..තෝ කරකුට්ටන් වෙලා යයි ..

      Delete
    4. නෙලාගන්න බැරි මල් පිපිලා…… වැඩක් නෑනෙ… ඒත් මල බලලා හරි සැනසෙමු. :)

      Delete
    5. ඔබ මෙහිදි සඳහන් කරන්නේ, බුදුන්ට පුදන මල්ද, සඳට පුදන මල්ද, මල් කැඩීමද මොකක්ද කියන සංකීර්ණ සංකූලතාවයක් ඇතිවන බැවින්. නිවැරදි උත්තරයක් දීමට නොහැකී වීම පිළිබඳව අතිශයින් කනගාටු වෙමි..

      Delete
  11. මේ වටේ තැලීල්ල මල් මසුරන් මතලාන්තුමෝ.සවුක්ය පාඩමක් එහෙම තිබ්බා නම් තවත් මරු ඈ..:D

    ReplyDelete
    Replies
    1. තොපිට මක්කටෙයි මහ උන්ගේ සවුක්ක පාඩම්. දුවන්නෙයි කිව්වේ පොඩි එකා පැත්ත පලාතේ නෑවිත්..

      Delete
  12. ආයෙ කතා කරල මොකටද එකක් ගන්නකො දෙකක් කියල දෙනකොය සෙද්දටය නොගන ඉන්නෙ අනේ මට නං ඒම පික්සුවක් නෑනෙව... ඉන්න හැම එකාටම පුලුවං නං කරනව... හැබැයි පුද නෑ ලද විතරයි හුකැස්

    ReplyDelete
    Replies
    1. වෙඬරූ වගේ උණුවන හදවතක් තියෙනෙ එකෙක්, කොහොමද තවත් කෙනෙකුට පිටුපාන්නේ..

      Delete
  13. මට මචං අද උදේ කකා ගෙ පෝස්ට් එක කියෙව්වම හරි හිත අබිලික්....
    අඩු ගානෙ කකා ඔය මල ඩොකාව මුල් කාලෙ අපිට අදුන්නල දුන්න නම් අදත් රෝගී සුවෙන් හරි අපිත් එක්කල ඉන්නව.
    අතට එන දේ කටේ දාගත්ත නම් කොච්චර අත්දැකීම් තියෙනවද මච්චෝ....
    පිස්සු හුකාලත් එකයි ඩොකාලත් එකයි.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මලාට පස්සෙයි මාත දැන ගත්තේ. ඒවා ඉතින් කකාලගේ වැරදි..

      Delete
  14. මේ රෝගය හැදිච්ච උන්ට වෙදකං කරන්නෙ විසේශඥ දත් දොස්තරවරුනේ,නියමෙට දත ගලවන්න පුළුවනි අම්මපා...තවම තැලිල්ල නේද තලපන් තලපන්.

    ReplyDelete
    Replies
    1. බොරුද මචෝ... මම කිව්වේ පෝස්ට් දහයක් පාලහක් අදින එක ටොයිස් කියාලා...

      Delete
  15. ආදරේ ගැන විශාරදයෙක් වගේ පේනවා. දකින දකින කෙනාට ආදරේ හිතුණත්, නැතුව ඉන්ට බැරි කෙනෙක් ඉන්නවනේ. අන්න ඒක තමාලු හැබෑ ආදරේ...

    මේ කතාව දැක්කට පස්සේ ආදර හසුනක් ලියන්ට පුදුම ආසාවක් ආවේ. :)

    ReplyDelete
    Replies
    1. ලියන්ට ලියන්ට මොනවද බල බලා ඉන්නෙ ලියන එකයි රහට.

      Delete
    2. මේ පොඩ්ඩි මටත් එහෙම ආසාවක් තියෙනවා මෙයා ,ඔයා ආදර හසුන ලියලා මට එවන්ට ,මම ලියල ඔයාට එවන්නම් ..:D

      Delete
    3. @හැලපේ & ඉවාන්,

      මේක ලියන්නේ ඉවාන්ගේ කමෙන්ට් එක දැකලා හිනාගිය හන්දත්, හැලපේ බොහොම ආදරෙන් ලියන්ට කියලා ඉල්ලා හිටපු හන්දත්.

      හැබැයි හරි වැඩේ වෙලා තියෙන්නේ

      I love you because your eyes shine when you look at me… කියන්ට විදියක් නෑ මම ඔයාගේ ඇස් දෙක දැකලා නැති හන්දා...

      I love you because you mean the world to me… කියන්ට විදියක් නෑ මම ලෝකේ තාම හරියටම දැකලා නැති හන්දා...

      I love you because every time I look your way my heart misses a beat. කියලා කියන්ට විදියක් නෑ එහෙමනම් මෙලාකටත් මගේ පණ ගිහින් හන්දා...

      I love you because without you I would be lost. මෙහෙම කියන්ටත් බෑ මම මෙහේ පාරවල් හොඳට දන්න හන්දා...

      I love you because you look like Che Guevara ??? no way……:D:D:D

      විහිලුවට හොඳේ.:)))

      Delete
    4. කරුමේ කියන්නේ, නැතිව ඉන්න බැරි උනුත් කීප දෙනෙක් ඉන්නවානේ.. එහෙම බැලුවම දෙවියා හරි අසාධාරනයි. ඔය උන්ඩුකපුඡ්ච, රෝම කූප වගේ අනවශ්‍ය දේවල් නැතිව, මිනිස් ශරීරය තුල තව හදවත් කීපයක් මවලා, බඩු එලියට දාන්නේ තිබුනානේ..

      Delete
    5. පොඩ්ඩි.......ලියුම්වල පවා අපි දෙන්නගේ තිබුනේ ටින් ටින්..මම වැඩිහිටියෙක් ලෙස මෙහෙම කියන එක හරිද මන්දා...ඒ ටින් ටින් අපි දෙන්නා හැමදාම මතක් කරනවා.යෞවන ලෝකය කියන්නේ ත්‍රිකෝනයක් සහ සෘජු රේඛාවක් , නිවැරදිව තේරුම් ගැනීම ආදරය තුල. උඹලා පොඩි වැඩිද මන්දා හරි විදිහට ලියා තබන්න.

      Delete
  16. හනේ මන්දා මේ සීරිස් එක ඉවරවෙනකොට බබා හම්බවෙලා තියෙයි.

    ReplyDelete
    Replies
    1. බබා හම්බ වෙන්න සිඳු වන ප්‍රතික්‍රියාව පිළිබඳත් සමහර විට ලියවෙයි ලොක්කෝ..

      Delete
  17. හැබැයි සමහර වෙලාවට දෙන්නම බෙල්ලෙ වැල දාගන්න කියල ගියාට කොල්ල ඉස්සර උනොත් කෙල්ල තොණ්ඩුව ගලෝල කොල්ලව උස්සගෙන කෑගහන වෙලාවලුත් තියෙනව. ඒ හින්ද ලේඩීස් ෆස්ට් කරන එක තමයි‍ හොඳ. :D

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මේ මෑතකදිත්. කෙල්ල කෝච්චියට පැනලා. කොල්ලා පීලී පැනලා මාරුවෙලා. කෝච්චියේ ඩැයිවර් තමයි පත්තරේ විස්තරේ දාලා තිබ්බේ..

      Delete
  18. කලින් පොස්ට් එක කියවලා කොමෙන්ටුවක් දාන්නත් කලින් මේ යෝදයා තව එකක්දාලා ...මේ සැරේ කොමෙට් එක දාලාම කියවනවා , නැත්තම් මාතේ හිතයි මටත් ලව් මාන්දම හැදිලා කියලා .

    ඔය ලියුම් ලියන වැඩේ නම් ආයේ කියලා වැඩක නෑ..ඒ කාලේ මං ලියුම් ඔස්තාර් ,ඉස්කෝලේ පටන් ගත්ත ලව් වල මම ලියුම් නොලිව්ව එකක් තිබ්බනම් ඒ මං හිතින් ලව් කරපු එකක් වෙන එකෙකුට සෙට් වුනොත් විතරයි.
    සමහර වෙලාවට මට තර්ජන ආවේ අපේ පන්තියේ එවුන්ගෙන් .."අඩෝ ප්‍රගියා මේ අනික් පන්තිවල එවුන්ගේ ඒවා ලියන කලින් පන්තියේ එවුන්ගේ ඒවා කරලා හිටින් හරිද ' කියලා ...නිකන් කැන්ටිමෙන් කන්න ලැබෙන චාන්ස් එක අතාරලා බඩකට පුරා ඉල්ලගෙන කන්න ඕනේ නැති නිසා මං මොන දේටත් කලින් පන්තියේ එවුන් ඒවා ලියලා තමයි හිටියේ
    ඇක්සයිස් පොතකින් කඩාගත්ත කොලවල සින්දු කෑලි එහෙම දාලා ලියන්නේ ආයේ ...තව අර සුවඳ කවපු ලියුම් ලියන කොළ තියෙන පොතකුත් තිබ්බා එවයිනේ ලියලා දෙන්නේ ගෙවීම හොඳට කරන එවුන්ට විතරයි.
    කොහොම හරි අන්තිමට ඒ ලෙවල් ඉවර වෙනකොටත් අනුන්ට ලියුම් ලිය ලියා හිටියා මිසක් මටම කියලා එකක් ලියා ගන්න බරිවෙච්ච එක ගැන එච්චර දුකක් දැනුනෙත් නෑ හැබැයි. මොකද කෙල්ලෝ ලියලා එවන ඒවා කියවලාම මම කෙල්ලොන්ට බයවෙලා හිටියේ ..මොකද ඒවා නොකියවා උත්තර ලියන්නත් බෑනේ .සමහරු ලේ වලින් අත්සන් කරලා එහෙමත් ලිව්වනේ ..දැක්කම ඇඟ හිරිවටෙනවා . හදිසියෙවත් මේ කෙල්ලෝ වහකාවොත් කියලා. හැබැයි කෙල්ලෝ එච්චර මෝඩ නෑ කියලා නම් පස්සේ තේරුනා , එහෙම දඟලපු එවුන් අද ඔය අපූරුවට ඉන්නේ ....

    ReplyDelete
    Replies
    1. //කෙල්ලෝ එච්චර මෝඩ නෑ කියලා නම් පස්සේ තේරුනා , එහෙම දඟලපු එවුන් අද ඔය අපූරුවට ඉන්නේ ....//

      අනිවා ඉවාන්, මේ කතාව නම් ඇත්ත.

      Delete
    2. මට ලියන්න දෙයක් ඉතුරු කරලා නෑ.. ඔය ටිකම තමයි මටත් ලියන්න තියෙන්නේ..

      Delete
  19. හඃ හඃ හඃ මේකටනම් මැරෙන්න හිනා හප්පා .

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මැරෙන්න එපා.. හිනාවෙලා මළ පලවෙනි එකා වෙයි..

      Delete
  20. සොදුරිය ....ආලය කෙතරම් නපුරුද?

    ReplyDelete
    Replies
    1. නොලැබුන කළ හා හැරගිය කළ පමණි

      Delete
  21. මඩේ ළගින තාරාවන් නාවන්නද මං
    උෟරු දලෙන් මොන ගජ මුතු අරගන්නද මං
    චපල හිමිට සිරියහනේ රැවටෙන්නද මං
    එහෙම වුනොත් නුඹ කියාවි මෝඩ ගෑනි මං..........ආදරය ඉල්ලා කරදරයක් වුණ කොල්ලෙක්ට මෙහෙම ලියා යැව්වා මතකයි......

    ReplyDelete
    Replies
    1. නියමෙට තියෙන්න ඇති උත්තරේ..

      Delete
  22. හරි ලස්සනට ලියන්න. කියවන්න හිතෙනව එක හුස්මට. බලමු ඔයාගේ ආදර හසුනත් ඒ වගේද කියලා.

    ReplyDelete
    Replies
    1. ඊළඟ කෑල්ල මීට වඩා රසවත්.. (වෙළඳ දැන්වීමකි.)

      Delete
  23. මා තලන් , පොස්ටුව නියමයි. හිනා වෙලා පන යනවා.
    එනමුදු ආදරය සම්බන්ධව මගෙන් නො කොමෙන්ට්ස්....!

    ජය වේවා...!

    ReplyDelete
  24. හිනා යනව. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ලස්සනයි.. කව්ද...? මමද... හ්ම් අපේ අම්මත් කිව්වා...

      Delete
    2. ඔයා නම් නෙමෙයි සොරි. පෝස්ට් එකයි ලස්සන

      Delete
  25. 70,80 ,90 දශතනලින් පස්සෙ ආදරේ වුනත් වෙනස් වෙන්න ගත්තා. ඇහැට දැකපු හොඳම කෙල්ල "නවදැලි හේනක පෑව වැදිරි රුව" වගේ වෙන්න පටන්ගත්තා. පෙම්හසුන් නැතිවුණෘ. පාර අයිනෙ කට්ටකාපු කාලෙ ගියා . ඒ හින්දා ඇන් ඉන්ස්ටන් ආදරේ තියෙනවා ඒත් ඒක ඇතු‍ලෙ ආදරේ නෑ අවුල ඒකයි.

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ මෙහෙමයි දයා. හැම දේ වගේම ආදරෙත් තියෙන්නේ බොහෝම ස්වල්පයයි. අපේ කාළේ ඒ ටික ඉවර වෙන්න සෑහෙන කලක් ගියා. මොකෝ ඒ කාලේ තාක්ෂණයක් ඇත්තෙම නෑ නේ. එකම පිහිට සෙනෙහෙ කොළ පමණයි. ටියුෂන් පන්ති තිබුනෙත් නෑ නේ. ඉතින් බොහෝම අමාරුයි. දෙන්නෙකුට මුන ගැහෙන්න. එහෙම අමාරුවෙන් ඉන්න කොට ආලේ මෝරනවා මිසක්ක ඉවර වෙන්නේ නෑ. ඒත් දැන් තුන් තිස් පැයේම ෆෝන් එකේ, එහෙනම් නැත්නම් ස්කයිප්පේ. එහෙම නැත්නම් ඒ සී රූම් වල. ඉතින් කසාද බඳින දවස වෙනකොට. බඳින්න ඕනවට බැඳ ගන්නවා මිසක්ක. ආදරේ ඔක්කෝම ඉවරයි. ඒකනේ මගුල් ගේ දවසටත මනමාලීට වඩා කැපි පෙනෙන, ජනාධිපති තුමා වගේ අය ගෙන්න ගන්නේ. ඒ කාළේ මනමලියෝ. මගුල් දවසේ කොච්චර සුන්දරද. බොඩි බයකුයි, ආලයයි මුසු වෙච්ච අමුතුම මුහුණක් තිබුනේ. ඒත අද කැමරාකාරයො රොත්තකුත් එක්ක කරණ රඟපෑමක් කොරන්නේ. අඬන්නේත් කැමරාව දිහා බලලා. බොක්කෙන් නෙමෙයි..

      නිකන් දාර්ශණික අදහසක් වෙයිද දන්නේ නෑ..

      Delete
    2. ඇයි දැන් ප්‍රි ‍වෙඩින් ෂුට්..

      /ආදරේ ඔක්කෝම ඉවරයි./

      මාතලන් නැවුම් ගතියක් නැහැ.ජීවි‍තේ අලුත් ස්වභාවයක් අලුත් පටන් ගැන්මක් නැහැ.‍එ‍හෙම නේද?




      Delete
  26. හඃ හඃ හඃ හඃ හඃ හඃ හැක හැක හොකෑස්.... මරු අප්පා රෝග ලස්සන ටික :D :D

    ReplyDelete
    Replies
    1. හා හොඳා.. බොරුයිද කියහන්කෝ...

      Delete
  27. මදැයි ලව් ලෙටර් එක කියවන්න ආවා.. ඉක්මණට, හදිස්සියක් හදිස්සියක්.. :D

    ReplyDelete
    Replies
    1. ඊළඟ එකෙත් ලියන්න වෙයිද දන්නේ නෑ..

      Delete
  28. අලේ අපිත් ඔය ලෙඩේ ට ප්‍රතිකාර ගත්තනේ කාලයක් ;)

    ReplyDelete
    Replies
    1. අර දෙවියන්ගේ ලෙඩ වගේ.. මේකත් අනිවාරයයෙන් හැදෙන්නම ඕන..

      Delete
  29. "මට මුලු ලොවම ඔබයි
    මගෙ මුලු ලොවම ඔබයි "
    ( රූකාන්ත + චන්ද්‍ර ලේඛා ) සිංදුව පස්සෙ කාලෙක "ඉඳ හිට මමද ඔබෙයි " කියල වෙනස් කරලත් තිබුණ නේද ?

    අනේ නිළියන්ට නම් විහිලුවටවත් ආදරේ කරන්න හිතන්නවත් එපා :D

    ReplyDelete
    Replies
    1. ඒ උනාට දැක්කාම, පුදුම ආදරයක් නේ ඇති වෙන්නේ..

      Delete
  30. මාතලං මල්ලි ටික ටික සොෆ්ට් වේගෙන යනවා වගේ..

    ReplyDelete
    Replies
    1. මම කොහොමත් බොහෝම සොෆ්ට් මනුස්සයා සරා

      Delete
  31. මාතා...ආදරය කියන්නේ රාගයේම කොටසක්. ආදරය නැති තැන රාගය තියෙනවා නම් ඒක මුදලත් එක්ක සම්බන්දයි. රාගය නැති තැන ආදරය තියෙනවා නම් ඒක හිතාගන්න බැරි තරම් පිවිතුරුයි. ගෑනියෙකු සහ මිනිසෙකු අතර ආදරය වඩ වඩාත් ශක්තිමත් වෙන්න ඒ දෙදෙනා අතර ලිංගික ක්‍රියාකරකම් අති ප්‍රබල වෙන්න ඕන. සෙක්ස් නැති තැන ලව් පලා යනවා මචෝ...උඹ දන්නවා ඕක. මම නිකන් ලිව්වේ.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ විරුද්ධ ලිංගිකයින් කෙරේ ඇතිවන කිසිම බැඳීමක් ආදරය නෙමෙයි රාගයම පමණයි...

      Delete
  32. මීලඟ ප්රරශ්නය
    සයිලන්ට් සහන් ඉවරටම ඉවරද?

    ReplyDelete
    Replies
    1. අඩෝ... මෝඩ ප්‍රශ්න අහන්න එපා...

      Delete
  33. මහාචාර්ය තුමා හොයාගෙන තියෙන්නේ හරිම බරපතල ගැටළුවක් නේ.

    ReplyDelete
  34. වැඩිපුර දිවි නහගන්‍‍නේ ‍‍කොල් ‍ලෝ කියලයි ඔය ගැන විජ්ජාවට මං නං ඉ‍ගෙන ගන ති‍යෙන් ‍නේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න