.

.

Oct 21, 2014

හෙළ උරුමයේ අවසන් දින පහ - Last five days of JHU


- මාතලන් - 

පිවිතුරු හෙටක් උස්සාගෙන වැඩ්ඩ වැඩිල්ල අන්තීමට නතර වූයේ අරලිය ගහ පූජා බූමියේය. දැන් උන්නාන්සේ සහ උන්නාන්සේගේ උපාසක රැල ඉස්නානය කර හා නාගෙන අවසානය. මහ රජතුමා තම ශ්‍රී මුඛයෙන් වදාරා තිබුනේ, මේක ඉස්සෙල්ලාම ගේන්න තිබුනේ නියමාකාරයෙන් නම් තමන් ළඟටය කියාය. ඒත් යන්න අවශ්‍යම තැනට ආවේ අන්තීමටය. ඒ අස්සේ ආන්ඩුවට වෝනින් දීලා, හෙන චන්ඩි පාට් දෙක තුනකුත් දැම්මේය. ආන්ඩුවේ ඇමතිවරු පහක් එක්ක එලියට වඩිනවා කියා එක වෝනින් එකකි.  අනික පිවිතුරු හෙටකට කැමති නැත්නම්, අනිවාර්යයෙන් ආන්ඩුව ගෙදර ගෙදර යවනවා නම් තද බල ගර්ජනාවකි.

මෙහෙම චන්ඩි පාට් දාන්නේ, කරපු මළදානයක් නැති හින්දා, අපිත් ඉන්නවා කියලා රටේ බෞද්ධ ජනතාවට පෙන්නන්න ඕනා නිසාය. සිස්ටම් එකට කැමති නැත්නම් කරන්න තියෙන්නේ, සිස්ටම් එකෙන් අයින් වෙලා, පන්සලකට වැඩලා, පිනක් දහමක් කරගෙන, ධර්ම රාජ්ජේ පහළ වෙනකන්, බවුන් වඩනා එකය. එහෙම නැතිව ආන්ඩුවේ ඩිෆෙන්ඩර් එකෙන් වඩිනා අතරේ, බවුන් වඩන්න යාම පුල් කචල් සීන් එකක්ය. ඒක වැටෙන්නේ බුද්ධාගමේ මොන කොන්සැප්ට් එකටද කියා කියන්න නම් දන්නේ නැතිය. කොහොම හරි වෙන්ඩ ඇමති ශාන්ත බන්ඩාර නම් කියා තිබුනේ, ආන්ඩුවේ වාහන වලින් වඩින ගමන් පොර ටෝක් දෙන එක නම් කැත වැඩේ කියාය.

ඒත් මේ චන්ඩි පාට් එකක්වත් නැතිව, මහින්ද මහත්තයා එක්ක තේ කෝපි බොනවා මෙනම, ගිලන්පසත් කිසි අවුලක් නැතිව වළඳන ආකාරයත් දුටු විට අපේ හිත් නිවී සැනසී ගියේය. ඒ මොකෝ ඕන චන්ඩියෙක් මහින්ද මහත්තයා ගාව නොන්ඩි වෙන බව අප දන්නා නිසාය. මම බය උනේ දාපු සද්දේ හැටියට, අරලිය ගහ මන්දීරේදිත්, ලොක්කාට බඩ යන්න දෙයි කියාය. ඒත් එහම ගතියක් වත් තිබුනේ නැතිය. එලියට ඇවිල්ලා කිව්වේ, ආන්ඩුවෙන් යනවාද, වෙන එකෙකුට බැක් කරනවාද, එහෙම නැත්නම් එයාලාගේ පක්සෙන් වෙනම එකෙක් දානවාද කියා දින පහකින් කියනවා කියලාය. හැබයි ඉතින් මෙහෙම කිව්වේ ළක්ෂ 35-40 බජට් එකක් හදන්න, මාස ගානක් ගියපු පොර නිසා. දවස් පහත් රබර් වගේ ඇදේදෝ කියා අපේ ගොන් කමට අපට හිතෙනවාය.

එහෙම කියන්නේ, මහින්ද මහත්තයා දෙන උත්තරේ බලාගෙනය. මහින්ද මහත්තයා කියන්නේ ඒ පිළිබඳව සලකා බලන්නම් කියලාය. ඒක ඉර හඳටත් වඩ විශ්වාසය, එහෙම නැතිව, බරක් ඔබාමාලාගේ, බෑන් කී මූන්ලාගේ පදේටවත් නටන්නේ නැති මහින්ද මහත්තයා, මේ එක එක සෙප්පඩ විජ්ජා කාරයන්ගේ බයිලා, හුනූ බෙට්ටක් තරමටවත් මායිම් කොරන්නේ නැතිය. ඒවා, ඔය මොන මළදානේ හරි එල්ලිලා, බලේට එන්න ඉන්න හාල් පාරුවන්ට නම්, මහා ළොකු එවා වෙන්න ඇතිය. ඒ වගේම ඕන පුකක් දාගෙන නිව්ස් කවර් කොරන්න, පත්තර පිටු පුරවන්න බලාගෙන ඉන්න පිස්සු වාහේලාට නම් පට්ට නිව්ස්ය. අපිට නම් මේවා පට්ට ජෝක්ය. එයාගේ යෝජනාත්, අරලියගහ මන්දිරේ කුණු කූඩෙන්, මීතොටමුල්ලේ කුණු කන්දට වඩින එක වඩිනවාමය.

මාතලන් නම් කැමති අන්තිම ඔප්සොන් එකටය. ඒ කියන්නේ එයාලාගේ එක්කෙනෙක් ජනපති අපේක්සොකයා කොරන එකය. අපේ මට්ට ගොන් බුද්ධිමත්තු කියන උනුත් හාන්දුරු කෙනෙක් රජ කරන්න යන එකේ. රතන හාන්දුරුවන්ටත් රජකමට තරඟ කොරන්නත් පුළුවන්ය. එහෙම නැත්නම් අපේ චම්පික ඇමතිතුමා ඉන්නවාය. එහෙම නැත්නම් මිස්ටර් හන්ඩ්‍රඩ් රුපීස් ඇන්ඩ් නෝ ඉටි කොලස් ඉන්නවාය. එහෙම නැත්නම් කිසි කළබලයක් නැති, කීර්ති ශ්‍රී රාජසිංහත් ඉන්නවාය.

ඒ අය අතරින් මාතලන් වැඩිය මනාප. රතන සාධු ඉල්ලනවානම්ය, එතකොට සෝභිත සාධුත් ඉල්ලනවාය. අපේ නානසාර හාන්දුරුවෝත් ඉල්ලනවාය. අලි පාටියටත්, එකසත් භික්ෂු බල මණ්ඩලේ නායක නමක් දාන්න පුළුවන්ය. ජෙප්පන්ටත්, අන්තර් පිස්සු බල මණ්ඩලේ පොඩි සාධු කෙනෙක් දාන්න පුළුවන්ය. එතකොට මහින්ද මහත්තයා උනත්, අපේ හාන්දුරුවරුන්ට බොහෝම ගරු කොරන නිසා, සාධුලා එක්ක මන් පයිට් කොරන එක, මහා පව් වැඩක් නේද යකෝ කියා. ගෙදර යන්නත් ඉඩ තියෙනවාය. එතකොට රටටම හෙනේ වෙලා තියෙන ජනාධිපති කොමටත් කෙල වෙලා, මහා සංඝරත්නයට ඕනෑ විදියට, ධර්මිෂ්ඨ සමාජේ ගොඩ නගා ගන්නත් පුළුවන් වන සේක.

ඇත්ත කතාව ඔය එකක්වත් නෙමේය. ජාතික හෙළු උරුමයට වැලේ වැල් නැතිය. දැන් අම්මට සිරි ලංකාවේ, බුද්ධාගමේ හා හින්ගල ජාතියේ පේටන්ට් එක තියෙන්නේ, නානසාර හාන්දුරුවෝ ප්‍රමුඛ බී බී ඇස් ලා ගාවය. උන්නාන්සේ ඉස්ටේඩියන් එකෙදි දෙසා වදාලේ, උන් වහන්සේලා ගාව ඡන්ද ලක්ෂ පනහක් තියෙනවා කියලාය. කවුරු මක්කා කිව්වත් කතාව ඇත්තය. බුද්ධාගමේ උන් 99% උන් වහන්සේට ආදරේය. දැන් හින්ගල ජාතියයි, බුද්ධාගමයි ආරක්ෂා කොරන්න ඉන්නේ, මල්වතු අස්ගිරි නාහිමිපානන්ලා නොව, නානසාර හාමුදුරුවෝ කියා ඔප්පු කොරලා හමාරය. ආරක්ෂක ලේඛම් තුමාගේ පිරිතට ඇරුනාම, වැඩිම හාන්දුරුවෝ පිරිසක් වැඩ්ඩේ, නානසාර හාන්දුරුවන්ගෙයි, චිරං ජයතු උන්නාන්සේගෙයි සැර්කස් එක බලන්නය.

මේ බව දන්නා, හන්ඩ්‍රඩ් රුපීස් ඇන්ඩ් නෝ ඉටිකොලස් මහත්තයා, ලොක්කා ගාවට හේත්තු වෙන්න හොර ගල් අහුලන්නේ ඒ නිසාය. අනික මෙහෙම සද්දේ දාපු ඩීව්, තිස්ස, වාසු, සමාජවාදි නාකි හිවල්ලු තුන් දෙනා දැන් කියන්නේ, කොන්දේසිවලින් තොරව මහින්ද තුන්වෙනි සැරෙත් ජනපති කරන්න, බොක්කෙන් හා ලබ්බෙන්ම දෙනවා කියලාය. යෝජනා 12 ක් අරගෙන ප්‍රෙස් කොන්ෆර්න්ස් තියා, පුංචි බන්ඩා ජයසුන්දර පට්ට ගහලා, කොට්ට මහලා, ඒවායේ නිදා ගත්තු රජ ගෙදර රිලවාත්, අන්තීමට නැවතුනේ රජ ගෙදර පිලිකන්නේය. හෙළ උරුමයට තියෙන්නේත්, ඒ සරණම පමණය. එහෙම නැත්නම් ඉතින්, ඒ පස්සේ ගමනක අවසානය තව දින පහකින් මෙරට බෞද්ධ පිවතුන්ට දැක ගන්නට ලැබෙනවා ඇතිය.

ඉන් පසු අපට කළ හැක්කේ, මිය ගිය සිහල උරුමේට, පංශූකූලය දී, පින් අනුමොඅදන් කොටෑ. එපින් බලෙන් එතුමන්ලාගේ හා උන්වහන්සේලාගේ නමින් පක්ෂේ හැර ගිය, බෝලේ මිරිකාගෙන ගිය, වෙහිකල් පොර්මිට් විකුණාගෙන ගිය, සියළුම ඥාතී හිතමිත්‍රාදීන්ට පින් අනුමෝදන් කොටෑ. එපින් බලෙන් සසර වසනා තෙක් මෙවන් අකල් මරණයකට ගොඳුරු නොවී, අවසාන ඒ අප කවුරුත් ප්‍රාර්ථනා කරන ධර්මද්වීපය මේ පින් බිම පහල වේවා කියා පින් අනුමෝදනා කිරීමැය.

අප නමින් මියගිය ඥාතී හිතමිත්‍රාදීන්ට පින් අනුමෝඅදන් කරන්න පස්සේ වේලාවක පුළුවන්ය.

මේ පිස්සු වාහෙලා උස්සාගෙන එන, පිස්සු විකාර, දොහොත් මුදුන් දීලා, නලලේ තබා, වැඳලා පිලිගන්නා උන්ට, දැන් ඉතින් තියෙන්නේ, අබ සරණම පමණය. මීට පස්සේ වත් ආන්ඩුවේ උන්ගේ, දිරච්ච කඹ ගිලින්නේ නැතිව, එන හැම එකාගෙම පුකට පයින් දෙකක් ගහලා එලවන්න, දැන්වත් හිතට ගන්නවා නම් ළොකු දෙයක්ය. අන්තීමෙදි ගොන්නු වෙන්නෙ උන්ය.

ඒ වගත් මෙසේය.

85 comments:

  1. ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ලෙස සොභිත හිමි යෝජනා වූයේ, පොදු අපේක්ෂකයා කවුරුන් උනත් ඔහු යම් හෙයකින් ජය ලැබුවහොත් ඔහුගේ කාර්‍යභාර්‍ය වන්නේ විධායක ජනාධිපතිකම අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය ලබා දීම පමණකි. එනිසා ඔහු අපට රජෙකු, ජනාධිපතිවරයෙකු ලෙස බලාපොරොත්තුවිය නොහැකිය. ඔහුගේ එකම කාර්ය වන්නේ ඉහත සඳහන් කරුණු කිහිපය ඉෂ්ඨ කොට විශ්‍රාම යාමයි. එනම් ලංකාව තුල විධායක ජනාධිපති ධූරය අහෝසිකොට අගමැති ප්‍රමුඛ වූ පාර්ලිමේන්තුවක් සකස් කිරීමයි. එනිසා ජනාධිපතිවරණයට මෙවන් අයෙකු යෝජ්නා කරන එක වඩා හොඳයි, තවත් ඒකාධිපතියෙකුට පාර කපනවාට වඩා.

    හෙළ උරුමය ගැන කියනවානම් ඔවුන් මේ කරන්නෙත් ඌවෙදි වීරවංස නැටුවා වැනිම නාඩගමක් පමණි.

    ReplyDelete
    Replies
    1. සෝභිත එහෙම යනවා කියලා තියෙන ගැරන්ටිය මොකක්ද....?

      Delete
    2. ඇරියස් අල්ලන්න බලන් ඉන්න එජාපයේ හිටපු නායකයන්ටයි, කවදාවත් බලය අත්තරින්න ලෑස්ති නැති ශ්‍රී ලංකා නායකයන්ටයි වඩා විස්වාස කරන්න පුලුවන් මං හිතන්නෙ. විස්වාසය කඩපු කෙනෙක්ට වඩා අලුත් කෙනෙක් විස්වාස කරන එක බුද්ධිමත්නෙ.

      Delete
    3. සෝභිත හාන්දුරුවෝ අළුත් දේශනාවක් දේවී.. පින්වත්නී................... බුදුන්ගේ නිවන් මොකක්ද පින්වත්නී... මේක නේ නිවන... කියලා

      එතකොට අපිට කියන්න තියෙන්නේ

      සාධූ..... සාධූ..... කියලා තමයි..

      Delete
    4. ඔන්න ඔතන තමයි ලංකාවෙ මිනිස්සුන්ට වරදින ලොකුම තැන. උනුත් ආවම ඕකම කරයි කියල අනුමාන කරනවා, ඊටපස්සෙ, ඒ කරපු උන්ටම ඡන්දෙ දෙනවා. මං අහන්නෙ, කොහොමත් නහයෙන් උඩට ගිලිල ඉන්න එකේ අලුතින් වෙන්න දෙයක් ඇත්තෙත් නැති එකේ අනුමාන කර කර ඉන්නැතිව අලුත් එකෙක්ට අවස්තාව දුන්නනම් හෙනද.

      ඒනිසා, වේවි, කරාවි, කිය කිය කරපු එවුන්ගෙ පවු නොකරපු උන් කරේ පටවන එක කුහකයි.

      Delete
    5. මෙ රට ගෝත්‍රික රටක් වෙන්න මූලිකම හේතුව තමයි බුද්ධාගම. ඒකේ තියෙන කරුමය පින් හා පව කියන කොන්සෙප්ට්. මේ රටේ වැඩ වසම් ක්‍රමයට ප්‍රධාන දායකත්වයක් දුන්නට කවදාවත් ඒ වැඩ වසම් ක්‍රමයේ පාළකයා උනේ නෑ හාමුදුරුවරු. යටත් විජිත යුගයෙන් පස්සේ ඒ කාළකන්නි ක්‍රමය ආයේ ගේන්නේ බන්ඩාරණායකලා. ඒ පවට එයා, එයාලගෙන්ම මැරුම් කනවා. දැන් ඉන්නෙත් එයාලගෙම පුතෙක් උනාට. මෙයත් එක්ක ඒ සෙල්ලම් හරි ගියේ නෑ. දැන් බලන්නේ ඒ ගිලිහුන බලපෑම් කිරීම නැවත ලබාගන්න. ඒ තමයි මේ රටේ විනාශය. මාතලන් ඊට විරුද්ධව කරන්න පුළුව්න් සෑම දේම කරනවා..

      Delete
    6. ආගම් වලට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවට මමත් විරුද්ධයි. ඒක මිනිස්සුන්ගෙ පුද්ගලික සංකල්පයක් විදියට වෙනම යන්න ඕනි. ඒක ආධ්‍යාත්මික දෙයක්. නමුත් මං මෙතන සෝභිත හාමුදුරුවො ගැන කිව්වෙ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන තවත් එක නියෝජනයක් විදියට මිසක්, ආගමික නියෝජනයක් ගැන හිතල නෙවෙයි. වහු පැටියෙක් හරි කමක් නෑ, මේ ක්‍රමය වෙනස් කරල ගෙදර යන.

      Delete
    7. සෑහෙන කාළයක් බලාගෙන ඉන්න වෙයි..

      Delete
    8. මාතා,,,,සෝභිත හාමුදුරුවෝ ගේන්න කියන්නේ අරලිය ආරාමෙට වෙලා පිරිත් කියවන්න නෙමෙයිනේ. ඒක දේශපාලන කර්තව්‍යයක්. ජාතික උවමනාවක් මිස පාංශු කූලයක්වත් කඨින පිංකමක්වත් නෙමේනේ.

      Delete
    9. අරූ.... ඒක තමයි ලක් ඉතිහාසයේ ළොකුම ජෝක් එක සහ ඉල්ලාගෙන වැළඳීම..

      Delete
    10. සෝභිත එහෙම යනවා කියලා තියෙන ගැරන්ටිය මොකක්ද....?

      ගැරන්ටි නෑ නමුත්
      1.ලොක්කට‍ ගේමක් දෙන්නත් පුළුවන්.
      2.රනිල්ට සාපේක්ෂව විශ්වාසය තියන්න පුළුවන්.

      Delete
  2. අනාගෙන ගා ගැනීම හෙවත් අනාගාමී තත්වෙට පත්වූ හෙළ උරුමයාට අපේ කොන්ග්‍රැජුලේශන්ස් එහෙනං ඕං...

    ReplyDelete
    Replies
    1. නිවන් යන්න නම්... මහින්ද ගිය මග හැර අන් මගක් නොමැත....

      Delete
    2. ඒ මග යන උන් මෙලොවදීත් පරලොවදීත් හා ඒ අතර අන්තරා භවයන්දීත් සැප කනේ තියාගෙන විඳිනු ඇති අතර එරෙහි වන්නවුන් ඇඩ්ඩ්‍රසුත් නැතුව 'රහත්' වනු ඇත.. හිකිz

      Delete
    3. නිවන කෙසේ වෙතත් ඔය ක.මියා කියනවා වගේ රහත් වෙන්න බලන් හිටියොත් හොඳයි.

      Delete
  3. මීයෝ නං ගිලෙන නැව්වලින් පැනලා යනවලු!
    ඒත් ඌරුමීයෝ එහෙම නෑ වගේ.
    මුං හෙල ඌරුමීයෝ හින්දා වෙන්ඩැති!

    ReplyDelete
    Replies
    1. ඒ මීයෝ නේ... අර කිව්වා වගේ මේ ඇවිල්ලා ඌරූ මීයෝ..

      Delete
  4. ආයෙත් ධර්ම රාජ්‍යක් සඳහා පාරමිතා පෙරහැරකට සැරසෙනවා වගේ..

    දෙකක් නැත, ඔය ගෙනාපු යෝජනා ටිකට ලොක්කා සංශෝධන දෙනවාය.. හරි චුට්ටයිනේ වෙනස්උනේ කියලා සෙට්එක ලොක්කා දිනවන්න දඟලනවාය.. ඉන්පසු ලොක්කා දිනනවාය..
    ඉන්පසු ආයෙත් මෙහෙමය..

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. අපේ යෝජනාවලට කැමති උනා කියයි... රනිල්ලට, ජෙප්පන්ට, ෆොන්සේකලාට, සෝභිතලට තියෙන්නේ සාධූ...... කාරයක් දෙන්න බොහෝම සද්දෙට...

      Delete
  5. මේකට ගැලපෙන්නෙ නම් නෑ. ඒත් මට මේ කවිය මතක් උනා. ලියල තියෙන්නෙ බුකියේ "රෙඩ් රම්"



    අපෙ හිමි බුකියට වැඩලා
    ______________________
    රත්ත පැහැ බෝමළුව
    මහළු කොල වැටී බිම
    වෙනදාට උදේම ඇමදපු
    හැඩිවෙලා බෝ මළුව
    හිස් වෙලා
    පොඩි හිමියෝ ඇත
    බුකි ගත වෙලා…

    බුදු හිමියෝ පිටු පස තියා
    selfi යක් දැම්මොතින් හොඳා
    like ගෙන නිවන් යන්නට
    උන්නාන්සේ අඳනය පිටින්ම
    සිවුර කොන ඇත තෙත් වෙලා

    සමාධිය stuck වෙලා
    සිල් ඇත්තියෝ බලා request
    දැම්මොතින් හොඳා
    උනුත් ගෙන
    online නිවන් යන්නට
    අපේ හිමියෝ ඇත
    inbox වෙලා…

    නිවන ඇත mod වෙලා
    මෙත්තා මුදුතා ඇත poke වෙලා
    හවසට පිරිවෙනට
    set වෙමුද හිමියනි
    "ඒක නම් පට්ටයි"
    comment ඇත වැටිලා…

    රාග ද්වේෂ මෝහ
    බණ පොතට සීමා වෙලා
    දාන ශීල භාවනා
    wall එකේ ඇත එල්ලලා
    ධර්මය වපුරන්න
    බුකියට වැඩියදා
    කියන් හිමියනි
    එකත්පස් වෙලා…

    Written by
    R é D R ü M
    -M ü R D è R-

    ReplyDelete
    Replies
    1. වල්ලා පට්ට..... මට ලින්ක් එකක් දාන්නකෝ...

      Delete
  6. සිරීපාදෙ වන්දවන්න -හිස ඔලියල් බැඳලා
    සිරිමා බෝ සාමිනි මම - "පිරිමි" පුතෙක් පැතුවා …… ๬

    ReplyDelete
    Replies
    1. ඕක මං පට්ටම ආස සිංදුවක් බං. ඒත් මේ ඔලියල් කියන වචනෙ තේරුම දන්නෙ නෑ.

      Delete
    2. සෑහෙන කාළයක් පතන්න වෙයි...

      Delete
    3. @ පත්තරේ.. හම්බෙන්නෙම ගෑණුත් නොවන පිරිමිත් නොවන නපුංසකයො වගේ උන් නේ බන්.. මෙහෙම් ගියොත් සිරීපාදේ වන්දවන්නම බැරි වෙනවා..

      Delete
    4. /////නෛයණ්‌ඩි නැට්‌ටුවෝ (- හිස්‌ වෙස්‌ තට්‌ටුවෙන් තොරව අලංකාර ලෙස හිස ඔලියල් බැඳගෙන අවුල්හැරයෙන් අලංකාර ලෙස උඩුකය වසාගත් නෛයණ්‌ඩි නැට්‌ටුවෝ වූ කලී ජව සම්පන්න උද්වේගකර නැට්‌ටුවෝම වෙති.//////
      මනෝෂ්....අදහසක් ගන්න බලන්න දැනට..මම හිතන්නේ සුදු පාට ජටාවක් වගේ එකක් වෙන්න ඇති. මේ උපුටනය කොහෙන්ද ගත්තේ මතක නැහැ.

      Delete
    5. වචනෙ තේරුම දන්නෙ නැතිවුනාට, ඔන්න ඔය කියන සුදු පාට ජටාවනම් මගේ හිතෙත් ඇඳෙනවා අරූ අයියේ සිංදුව අහනකොට. හරියටම ඕක දැනගන්න පුලුවන් සිරීපාදෙ එහෙම බාර ඔප්පු කරන අම්ම කෙනෙක්ගෙන්.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
  7. ලොක්කා එක්ක කෝපි කෝප්පෙ වැළදුවා කියන්නෙ, රතන සාදුගෙ පිවිතුරු හොට නාඩගමක් පමණක් කියන එක රටටම හඬගා කීමක්ය

    දවස් පහක් මක්කටද දැනටම ලොක්කාට දෙන්ඩ හෙළ කරුමෙ තීරණය කොට අවසන් ඇතිය. (දෙනඩ යනු සහයෝගයය දෙන්ඩය. :D )

    ReplyDelete
    Replies
    1. නිවන් වගේද ලොක්කා කාර් පර්මිට් ඩිෆෙන්ඩර්... නිවන් කවදා යන්න බැරිද?

      Delete
  8. අපරාදේ..රනිල්ටත් තිබුනේ මහණ වෙන්ට... එහෙමනැත්නං කරූ වත්!

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව අප්පා... කරූ තමයි හරි යන්නේ..

      Delete
  9. දින පහ අවසානයේ ..

    ආදරණීය අම්මේ තාත්තේ ..

    මේ අපි පත්කළ රජය , ඒ රජය වැරදි මාර්ගයේ ගියා . අපි දිවිහිමියෙන් පෙනී සිටියා ඒ වැරදි ගමන නවත්තන්න. අපි අපේ ඇමතිකම් පරදුවට තියලා සුවිසල් අවදානමක් අරගෙන එලියට වැඩ්ඩා ..සොරි ආවා .
    අපි දැක්කා අපේ ජාතිය ඉදිරියේ තිබ්බ මහා අනතුර. අපි කලින්ම එක වටහා ගත්ත නිසා තමයි අපි මේ අපිම පත්කළ රජයට එරෙහිව එලියට බහින්න ලෑස්තිවුනේ .
    එත් ඒ අතරේදී මොකද වුනේ . යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කළා. දෙමල ඩයස්පෝරාවට ජීවය පිම්බා . අම්මේ තාත්තේ අපේ රට ආයෙමත් අනතුරේ . අපේ ජාතිය ආයෙමත් අනතුරේ. ආපහු අපේ දරුවන් පොළොවේ ගහලා මරණ , කැති ගාලා මරණ යුගයකට රට දක්කන අඳුරු සෙවනැලි මතුවෙන්න ගත්තා .
    මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න වික්‍රමසිංහ මහත්තයා ඇතුළු කොටි හිතවාදී විපක්ෂ කුමන්ත්‍රනකාරී බලවේග කැස කවන හැටි අපි දැක්කා අම්මේ තාත්තේ . ඇත්තටම අපිට සිද්දහ වුනා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන්, නූපන් පොඩි දරුවා වෙනුවෙන් මේ තීරණය නැවත සමාලෝචනය කරන්න .
    විධායක ජනාධිපති ක්‍රමයද වඩා හානිකර දෙමල ත්‍රස්තවාදයද කියන මේ දෙකෙන් අඩුම හානිය තිබෙන පැත්තේ අපි ආපහු හිටගත්තා .
    අපි මුලින් මේ අපේ මවුබිම විනාශ කරන්න එන බලවේග වලින් අපේ මාතෘ භුමිය බේරාගෙන ඉඳිමු. එතකන් අපි මේ ජනාධිපතිවරයා එක්ක ඉන්නවා.
    මේ අනතුරෙන් රට මුදාගත්ත දවසට ආපහු අපි අපේ සටන ආරම්භ කරනවා . එදාට මේ පොරොන්දු ඉටු නොකලොත් මේ රජය එළවලා දාන්න අපි දෙසැරයක් හිතන්නේ නෑ කියලා මේ අවස්ථාවේදී කියන්න කැමතියි . එතකන් අපි මේ ජනාධිපතිවරයාට සහය දෙමු මේ රට අවස්තාවදීන් ගේ ගොදුරක් බවට පත් නොකරන්නට

    ReplyDelete
    Replies
    1. හරි එතකොට උඹ තමයි හෙළ උරුමෙට ප්‍රකාෂ ලියන පොර නේ..

      පට්ටමයි අප්පා... මේකම තමයි කියන්නේ.. මට පේන්නේ යුරෝපා හවුලත් මහින්ද මහත්තයගේ සාක්කුවේද කොහෙද...

      Delete
    2. උඹ මගේ ජම්මාන්තර හතුරා උණත් මේක නං තිතට හරි !!
      PDF කරලා ඇරහං.. වැඳලා බාරගනී . ඕ යේස් !!!!

      Delete
    3. උඹේ පෝස්ට් එකත් හරි මචෝ ඉවාන්ගෙ කමෙන්ට් එකත් හරි.ආයෙ දෙකක් නෑ වෙන්නෙ මේ විදියටමයි.මේ විදියටමයි.එදාට ඉවාන් මල්ලි අපට බෝතලයක් අරං දීල උඹ ඔරෙන්ජං බාර්ලි එකක් ගහපං වෙරිවෙන්නම.

      Delete
    4. ඉවානයෝ...

      +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. කියන්න දෙයක් නැහැ. මාතා කියනන් තියෙන ඔක්කොම අකුරක් නෑර කියල. ඉවාන් ගේ කොමෙන්ටුවත් කපල එකයි.

      Delete
    6. ඉවාන්, දෙකක් නෑ එළ. ++++++++++++++++++++++++++

      Delete
    7. ඉවාන් උඹ පලයන්කෝ බං හෙල උරුමේ මාද්දිය ප්‍රකාශක වෙලා.. අඩුම ගානේ හිත හදං අහගෙන ඉන්න පුළුවං දන්න අඳුනන එකෙක් කියලවත්.. ඕකම තමයි කියන්නේ.. ආයේ දෙකක් නෑ..

      Delete
    8. ආයෙ අලුතෙන් පත්වෙන්න දෙයක් නෑ.. මූ තමයි මාධ්‍ය ප්‍රකාශ ලියන්නේ.... මේක කලින් දැම්මා කියල උඹට අවුලක් වෙයිද දන්නේ නෑ

      Delete
    9. ඉවාඅන්, හම්බුකරන් කන තැන රහස් පිට කරන උඹල වගේ උන් වැඩට ගත්තු එකට රණාලට බූවල්ලෙන් ගහන්න ඕනෙ.

      Delete
  10. හෙළ උරුමය කියන්නේ රතු දත්ත පොතට ඇතුලත් වෙලා තියන පක්ෂයක්. රටට අවශ්‍ය සමාජ ව්‍යාපාර මිස දේශපාලන පක්ෂ නෙවෙයි කියලා සිංහල බෞද්ධයා හොඳ හෝ නරක විදියට තෝරගෙන තියෙන්නේ බොදු බල සේනා. ඒකත් එක්ක හෙළ උරුමයේ ජනප්‍රියතාව සහ ඡන්ද පදනම වේගයෙන් ගරා වැටෙද්දි හෙළ උරුමය අනුගමනය කරන්නේ මහින්දගේ චින්තනයම තමයි. ඒ මාධ්‍ය සංදර්ශනයක් මගින් රටේ මිනිස්සු ගොනාට අන්දවා ආතල් එකක් දී අවසානයේ පුරුදු පාරේ එකටම යාමයි.

    ReplyDelete
    Replies
    1. අන් මගක් නොමැත.. මෙ මගම යනු මිසෑ....

      Delete
  11. මෙන්න මාතලන් ඉට්ටැයිල්...
    එල ද බ්‍රා ලියවිල්ල...
    සමහර තැන්වල බඩ අල්ලගෙන හිනා වුනා..
    මගේ දේශපාලන දැනුම 0 යි කියලා දන්නවානේ..ඒක නිසා කමේටුව ඔච්චරයි..

    ReplyDelete
    Replies
    1. මෙවා දැක්කම හිනා නොයනවා නම් තමා පුදුමේ...

      Delete
  12. රතුරලියේ අතන රතුරලියේ අතන
    රතුරලියේ අතන රතුරලියේ අතන
    රතුරලියේ අතන රතුරලියේ අතන
    රතුරලියේ අතන ...................න

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කී පාරක් ඔහ‍ොම කියවලා ජප කරනවාද?

      Delete
    3. අර තිත් තියල තියෙන ගාන ගැනල බලන්න.. ඒ ගානට කිව්වම හරි.. ලොලේ ලොල්..

      Delete
    4. අතුරලියේ රතන මිහිඳුට දන නමන

      Delete
  13. තුන්බිය දුරුකරන්න රතන සූත්‍රය කියවනවාද?
    තුවරක් ජනාධිපති කරවන්න සූත්‍රයක් හොයනවාද?

    ReplyDelete
    Replies
    1. රතන සූත්‍රයට ආටානාටියෙන් බෙඩුවයි කියලය ආරංචිය නම්..

      Delete
  14. රතන සූත්තරේ කියාගෙනම මරාගේ වේදිකාවට ගොඩවෙයි කියලා තමයි හිතෙන්නේ. එහෙම වුනොත් නානසාර තමයි රතනගේ බොසා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඉතින් ඒ දවසට..රත්නේටත් අබ සරණයි..// රෝහණ බැද්දගේගේ තනුවට තුන්වරක් ගායනය කරන්න. වැඩේ ෂුවර්.

      Delete
    2. ලොක්කා ආටා නාටිය කිව්වය කියලයි ආරංචිය..

      Delete
  15. බලන් ගියාම සේරම එකයි වගේ. බො.බ.සේ කට්ටියගේත් ලගදි බළලා මල්ලෙන් එළියට පැන්නේ. Ganasara Thero says BBS will redy for contest parliament election ජාතිය, ආගම මොනවා කියන් ආවත් අන්තිමට දේශපාලනයට සම්බන්ධ වුනාට පස්සේ සේරම ඉවරයි. තවමත් මේවට රැවටෙන අපිට මඩු වල්ගෙන් තලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අපේ උනුත් පින් පතා මනාපේ පූජා කරයි...

      Delete
  16. රාජපක්ශ ආණ්ඩුවේ සවිය, ගමේ පොදු ජනයාගේත් නාකි වුවත් පරණ වම්මුන්ගේ වමේ සීල් එකත් එකතු වූ ගුණය බව අමතක කරන්නට නාකය.
    ලොක්කා ඔය සෙප්පඩ විජ්ජාකාර අසරන කුක්කන්ට ඕන එකක් කියාගන්න දී පසුව අරලිය මන්දිරයට ගෙනැවිත් තේ එකක් දෙන්නේ ඒ නිසාය.
    77 උනාවගේ ආණ්ඩුවෙන් නාකි වුවත් වමේ උන් ගියදාට 8ට බසින්නට ඉඩ තිබෙන බව දැන ගත්තොත් හොඳය.
    ඒ අය එලවනකම් යන කට්ටියක්ද නොවේය.
    අකමැත්තෙන් හෝ 18ටත් අතඔසවයි.
    13ටත් අත ඔසවයි
    ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ ගෝලයෙක් වන මහින්ද ගුරා කල මෝඩකම් කරන්නේ නැත.
    71 වාසු පාර්ලිමේන්තු ගෙනා මල් වඩම් නැවත අවශ්‍යව ඇත.
    ප්‍රජාතන්ත්‍රවාදයේ මලගමේ ඔබ අපි සින්දු කියමින් සිටින බැවිනි.

    ReplyDelete
    Replies
    1. දයල්...මගේ අදහසක් ඔය සම්බන්දව පහලින් වැටුනා වැරදීමකින්.

      Delete
    2. වමට තව දුරටත් වලංගුභාවයක් නොමැත. එය ඔවුන් මෙන්ම මහින්ද දනී. මහින්ද පින් ඇමති කම් දෙන්නේ ඒ නිසාය. උන් මහින්දගේ රෙද්ද අස්සේ ඉන්නේත් ඒ නිසාය. ඔතනින් ගිය පසු උන්ට වෙන්නේත් වික්‍රමභාහු කරුණාරත්නට වූ දේය. මුන් තරම් හොරු රැලක් එක පක්ෂයක වත් නැත.

      Delete
  17. ///// නාකි වුවත් වමේ උන් ගියදාට 8ට බසින්නට ඉඩ තිබෙන බව දැන ගත්තොත් හොඳය//////
    දයාල්.....මමත් මේ කතාව වෙනත් තැනක කොහේ හරි කිව්වා. අටට බැස්සිල්ල කොහොම වුනත් යම් බලපෑමක් වෙනවා. ශ්‍රීලනිපය කවදාත් බලය තබාගෙන හිටියේ ඔය සෙට් එක මිතුරුව ඉන්න කොටයි. ඡන්ද පදනමක් නැතිවුනත්, ඔහොම දෙයක් මට හැඟෙනවා.

    ///ප්‍රජාතන්ත්‍රවාදයේ මලගමේ ඔබ අපි සින්දු කියමින් සිටින බැවිනි.///

    ඇත්ත.....අත් දෙකම උස්සලා ඕකම තමයි කියන්න තියෙන්නේ.


    ReplyDelete
    Replies
    1. ඔවුන් දැන් සත 50 හේ කාසි මෙන්ට. වලංගුය.. එහෙත් වටිනා කමක් නැත.

      Delete
  18. machan මාතලන් මට උබේ email එක එවපන් මම රතනලා ආණ්ඩුවෙන් නොයන හේතුව හරියටම එවන්න්නම් wijedd@gmail .com

    ReplyDelete
  19. කියල වැඩක් නැහැ මචන්.....
    මුන්ගෙ ෂෝ වලට ඔය රනිල් ලොක්කල ගියාමත් මට හිනා බං ....

    ReplyDelete
    Replies
    1. කෙන්ජිජි මල්ලා දැක්ක කල් , මොකෝ පේන්න නැත්තේ

      Delete
    2. කෙන්ජියා ජනපතිවරනෙට මෙහේ ඇවිත් වගේ...

      Delete
  20. Last five days of JHU to play the drama...After that.. yeh. They are in the pocket of MR

    ReplyDelete
    Replies
    1. ඕන් අදම සී අයි ඩී එකට කේස් එකක් බාර දීලා.. ගල් අඟුරු හොරා කාපු සීන් එකක්...

      Delete
  21. ලිපියේ මාතෘකාව ප්‍රියන්ත හේවගේ මහතාගේ හිතේ ඇඳුන ෆැන්ටසියක් බව සලකන්න.
    ඉස්සර ලංකාවෙ හාමුලා නම්බුව වෙනුවෙන් දේශපාලනය කරලා දුප්පත් වුනා
    ඉන්පසු ආපු කට්ටිය දේශපාලනය ආදායම් මාර්ගයක් කරගත්තා
    ලිඳට වැටුනු මිනිහා ලිං කටෙන්ම ගොඩ එන්න ඕන කියනවා වාගේ ගම්මන්පිල අලුත් ක්‍රමයක් ඉදිරිපත් කලා
    හරිනම් උඹලා ඌට ස්තුති කරන්න ඕන
    ඒ වගේම චම්පික ආගමික හලාල් සහතික වෙනුවට නිර් ආගමික වෙජිටේරියන් සහතිකයක් හඳුන්වලා දුන්නා (වාමාංශිකයෝ බයිලා කියද්දී)
    ඒකවත් මතක නැද්ද?
    ඒ වගේම මතක තියාගන්න දෙමෙල්ලු 66ක් ජයලලිතා කියන දූෂිත දේශපාලඥය‍ා වෙනුවෙන් දිවිනහ ගත්තා අඩුගාගෙ හෙල උරුමෙට බනින්නැතුවවත් ඉඳපියව්

    ReplyDelete
    Replies
    1. මගේ ෆැන්ටසියක් නෙමෙයි.. ලොක්කගෙන් බඩ කට පුරා කාලා ඇවිල්ලා.. තටම තටම කිව්ව දේ මම ලිව්වේ..

      Delete
  22. මටත් හිතෙනවා..... පොදු අපේස්සකයා වෙලා ඉල්ලන්න...
    අඩුම ගානෙ මම ලවු කරපු කෙල්ලො දෙතුන් දෙනා වත් මට ඡන්දෙ දෙයිනෙ (කියලා හිතෙනවා උනුත් ශුවර් නෑ...)

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ.. හිහ්... නාලා වරෙන්.. උඹට උඩ රැවුලක් තියෙනවය... උඹට දෙන්නෙත් නෑ.. මට දෙන්නෙත් නෑ කෙල්ලෝ..

      Delete
  23. ජනතා මිතුරෝ, ජාතික චින්තනය, සිහළ උරුමය, ත්‍ර.වි.ජා.ව්‍යපාරාය, ජාතික සංඝ සභාව ඉවර කරපු රණවක මහත්තයයි වර්ණසිංහයි ඔන්න එහෙනං හෙළ උරුමයටත් දුන්නලු ගේම.

    ඔහොම යමු, සිංහල ජාතික ව්‍යාපාරයට වැලේ වැල් නැතිකරන්න ඔබතුමන්ලට ඒ හැටි කලක් යන්නෙ නෑ, මොකද දැන් බඩු-බොන සේනාව එක පැත්තක, රණ-වක අනෙක් පැත්තෙ.

    ප/ලි,

    කන්තෝරුවෙන් බ්ලොග් බලන හින්ද උඹෙ කලින් පෝස්ට් එකට යමක් කියන්න බැරි උනා තාම ( ඒක බැලුවෙත් ප්‍රොක්සියෙන්). නැත්තං චානුකගෙ පරණ තර්කයක් තීනව, ඒක මතක් කරල දෙන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ඕන් පවිත්‍රා පෙරලුවා ගූ බාල්දියක්ම....

      Delete
  24. ආ ඒක තමයි සීන් එක. දවසක් මම හවස්වෙලා හදිස්සියේ වැඩ ඇරිලා හොස්පිටිතාලෙකට යද්දී ලොක්කගේ ගෙදර පිටිපස්සේ ගේට්ටුව ගාව හාමුදුරුවරුයි, තව සෙට් එකකුයි පොදිකකා හිටියේ.

    මගේ බොක්ක කුල් උනා යන්න ගියපු ගමන යන්න බැරි වෙයි කියලා
    එදා මම යන්න ගිය අවුලක් උනේ නැහැ.

    ඒ වගේම ලොක්කගේ ගමනටත් අවුලක් වෙන්න මේ උදවිය ඉඩ තියන එකක් නැහැ...

    ReplyDelete
    Replies
    1. පිස්සුද අනේ.. අපේ හාන්දුරුවනේ කියලා වඳින පුඳන මනුස්සටර අගේන්ස්ට් මක්කත් කොරන්නේ නෑ.. එහෙම කලත් ඉතින්.. අවසානේ තමා...

      Delete
  25. තව දවස් දෙකයිනෙ. ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටංටද? හැබැයි බජට් එක් හදංට ගියාට වඩා කල් යයි.

    ReplyDelete
    Replies
    1. ඕන් දෙනවා එලව එලව... කන්න වෙනවා අම්බානක..

      Delete
  26. ජනතාවට විහිළු සපයන්නෝ- රතන සහ සමාගම

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න