.

.

Oct 11, 2014

මලාලාට වෙඩි තැබූ උන්ට ස්තූතියි....!!! - Thanks, Who shoots Malala...!!!



මලාලා නොබෙල් සාම ත්‍යාගයෙන් පුදලාය. ඇත්තටම ඒ සම්මානයට නියම වටිනාකමක් ලැබෙන්නේ මලාලා වන් වීර දරුවකුට, උඩුගම් බලා පිහිනන කෙල්ලෙකුට, ගොන් තකතීරු ආගම් වලට මුවාවි කරනා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමට එරෙහිව, යක්ෂයාගේ දත් තිස් දෙක මැද සිටම, නිර්භීතව තම අදහස ලෝකයාට දැන ගැනීම සඳහා, බ්ලොග් අඩවියක් පවත්වා ගෙන ගිය එඩිතර මුස්ලිම් කෙල්ලෙකුට ලැබීම නිසාය.

අනෙක් කරුන නම්, බරක් ඔබාමා, යසර් අරපත් වන් කපටි හිවලුන්ට, මිනීමරුවන්ට, පුදා කැත කර ගෙන තිබු "සාමය" යන වදනටත් නිග්‍රහ කිරීමේ, පාපයෙන් හා විලි ලැජ්ජාවෙන්, නොබෙල් ත්‍යාග කමිටුවට ගැලවීමට හැකි වීමයි.  නොබෙල් සාම ත්‍යාගයත් බල්ලා මාක් වූයේ, සම හරක් රටවල දූෂීත මරධනකාරී නායකයන්ද, ඒ කෙරේ කෙල හලනා තත්වයන්ට පත් කිරීමෙනි. ගොන් තකතීරූ වන්දි බට්ට මාධ්‍යවේදීන්, එවන් නායකයින්ද නොබෙල් සාම ත්‍යගය සඳහා නිර්දේශ කරනු මුලු ළෝකයෙන්ම දැක ගැනීමට ලැබිනි.

මලාලට වෙඩි තැබුවේ කව්ද? මලාලාට වෙඩි තැබුවේ ඇයි? මලාලා ජීවත් වූයේ තලෙයිබාන් රටක නොවේ, ප්‍රජාතන්ත්‍රවාදි රටක් යයි කියනා පකිස්තානයේ ග්‍රාමිය පෙදෙසකයි. එහෙත් ඇෆගනිස්තානයේ තලෙයිබාන් මිනීමරුවන් මලාලා ජීවත්වූ නිමනයේ හිතේ හැටියට තම අනසක පතුරුවාගෙන සිටියේය. ඔවුන් කෙල්ලන්ට ඉගෙනීම තහනම් කලේය. කාන්තා අයිතිවාසිකම් උදුරාගත්තේය. මලාලා වයස 11 ලදැරියක්ව සිටියදි සටන් වදින්නේ මේ මිනීමරු මූලධර්මවාදීන්ට එරෙහිවයි. ඇය ඇයගේ සටන් ගෙනියන්නේ අවි ආයුධ වලින් නොව, බ්ලොග් අඩවියක් තුලිනි. ඇය ලියූවේ ඉන්ගිරිසි භාෂාවෙනි. එම නිසා මලාලාගේ බ්ලොග් පෝස්ට්, ළෝකයේ මාධ්‍ය ආයතන තුල කතා බහට ලක්වීම හා සම්මානයට පාත්‍ර වීම බොහෝ විට සිඳුවේ.

දිනෙක ඇය පාසල් ගොස් එමින් සිටියදි. ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව, ඇය මලාලා බව තහවුරු කර ගැනීමෙන් පසු ගොන් මූසල වෙඩික්කරුවා, ඇයට වෙඩි තුනක් හිසටම තබා පැනයයි. එහෙත් මේ දිරිය දැරිය එම වෙඩි උන්ඩවලින් මරා දැමීමට නොහැකි වූවාය. ඇය ජීවීතය වෙනුවෙන් සටන් කලාය. ඇය පමණක් නොව, මුළු ළෝකයේම "මිනිසුන්" ඇයගේ ජීවිතය වෙනුවෙන්, සටන් කලාය. අවසානයේදි කුරිරූ ත්‍රස්තවාදය, ආගම්වාදය, මූලධර්මවාදය යන කාළකන්නි වාදයන් පරදා, මනුසත්කම ළොව ජයගත්තාය. ඇය මුළු ළෝකයෙන්ම පිඳුම් ලැබුවාය. එකසත් ජාතින්ගේ මණ්ඩලය අමතා, ඇයගේ හඬ යලි අවදි කලාය.

අදටත් කාළකන්නි මිනිමරුවන් ඇත්තේ, ඇයගේ ජීවිතය කෙලවර කරන්නේ කෙසේද කියා බව නොඅනුමානය. පට්ට පල් අමූලික බොරුකාර ප්‍රෝඩාවන් වන, ළොව සියළුම ආගම් පවතින්නේ පොල් බූරූ අන්ධ භක්තිකයන් හා මූලධර්මවාදීන් නිසාය. මිනිසා උදෙසා රජ සැප හැරදා ළොවට සෙත ශාන්තිය උදාකරදීමට දෙසු වටිනා දර්ශණයන්ද, අද ඇත්තේ මූලධර්මවාදින්ගේ යටතේය. ඔවුන් තම මතයන් බලහත්කාරයෙන් වැපිරීමට මර්ධනකාරි අපූරු නීතියක්ද පනවාගෙන ඇත. එනම් ආගම් විවේචනයෙන් වලකිනා ලෙසයි. එහෙත් අනෙකුත් ආගම් කෙසේ වූවද, බුදු රජානන් දෙසා ඇත්තේ සැම විටම සෑම දෙයම ප්‍රශ්න කරනා ලෙසයි.

මේ ඉස්ලාම් මූලධර්මවාදීන් පකිස්ථානය නොව, ලංකාවද ආක්‍රමණය කර අවසානය. 2009 වන තෙක් අපේ රටේ දකින්නට නොලැබුනු අමුතුම මුස්ලිම්වරුන් වර්ගයක් දැන් ලංකාවේ ඇත. ඒ අරාබී ලෝගූ පොරවාගෙන තලෙබාන් රැවුල් වවාගත් පිරිසක් හා සම්පූර්ණයෙන්ම කළු පැහැයෙන් සිරුර වසාගෙන යන පුදගලයන් පිරිසකි. පුදගලයන් කීවේ ඒ තුල ඉන්නේ කාන්තාවන්ද පිරිමින්ද කියා නොදන්නා බැවිනි. දිනක් ගෝල්පේස් පිට්ටනිය අරක් ගෙන සිටිනා මේ පිරිස දැක, විදෙස් සංචාරකයකු මගෙන් විමසුවේ මැද පෙරදිගින් මෙතරම් විශාල සංචාරකයන් පිරිසක් අපේ රටට එනවාද යන්නයි.

ඇත්ත වශයෙන්ම මෙවන් ගෝනී බිල්ලන් පිරිසක් යුද්ධය පැවති කාලයේ මේ රටේ උන්නා නම් ඇති වන තත්වය කුමක් විය හැකිද? මෙය ලංකාවේ අනාගත ආරක්ෂාවට ඉතා භයානක ප්‍රතිපල ගෙන දෙන විපත්තියකි. මැද පෙරදිග මුදල් බලය හමුවේ රජය හා විපක්ෂය යන දෙකම මේ වෙනුවෙන් කිසිඳු හඩක් නොනැගූම, රටේ අවාසනාවකි. එමෙන්ම දුප්පත් මුස්ලිම් ජනතාව අති වේගයෙන් තලෙයිබාන්කරනය කරමින් පවති. අද අළුතෙන් ආරම්භ කරනා මුස්ලිම් ආගමික පාසල් ප්‍රමාණය, අති විශාලය. කුඩා පිරිමි දරුවන් පාසල් යාම වෙනුවට කරණුයේ, එම පාසල් වලට දැක්කිමයි. මෙවායේ උගන්වන්නේ මොනවාද කියා අජ්ජාපන අමාත්‍යංශය මෙන්ම ආරක්ෂක අමාත්‍යංශයද නොදන්නා බවට මෙන්න කැට. සමහර විට එයින්, එම පවුලවලට ආර්ථික වාසියක් ඇතිවා වන්නට පුළුවන.

සමාන්‍යයෙන් ලංකාවේ සිඳුවන්නේ අශ්වය පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමයි. අප රජයට කියා සිටින්නේ, අශ්වයා පැන යන්න ඔන්න මෙන්න කියායා. ඒ කියා ත්‍රස්ථවාදය ත්‍රස්ථවාදයෙන් නැති කලා මෙන්, මේ මූලධර්මවාදය, බෞද්ධ මූලධර්මයෙන් මර්ධනය කිරීමට යාම නම්, කිසි සේත් කළ නොහැකි කාරියක් වන අතර, එය ප්‍රශ්ණය උග්‍ර කිරීමක් පමණක්ම වන්නේය. මුළු ළොවම අයිසිස් හා තලෙයිබාන් මූලධර්මවාදීන්ට එරෙහිව සටන දියත් කර ඇති මේ මොහොතේ, මේ ලෝගුකාරයන්ට හා ගෝනිබිල්ලන්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදි ආකරයෙන් නීතී රීති මගින් හෝ තිත තැමීමට කාලය පැමින ඇත. අනෙක මෙවන් ගෝනිබිල්ලන් රැසක් සිටිනා රටකට ඩී ඇන් ඒ අයිඩෙන්ටි තබා ත්‍රී ඩයමෙන්ෂන් අයිඩෙන්ටි හඳුන්වා දුන්නද ඇති ඵලය කිම.

පුරවැසි මාධ්‍යකරණයේ ශක්තිය මලාලා ළෝකයට පෙන්වා අවසානය. විශේෂයෙන් ඇය අපට වටින්නේ ඇයත් බ්ලොග් කාරියක් බැවිනි. එමනිසා, සිංහල බ්ලොග් කලාවත් අප රැකගෙන ඉදිරියටම යා යුතුය. මලාලාට වෙඩි තැබුවාක් මෙන්, අප රටේද බ්ලොග් කලාවට හා බ්ලොග් ලියන්නන්ට වෙඩි තබන මරි මෝඩ මූලධර්මවාදීන් බොහෝය. එහෙත් පාරේ ඉන්නා හොරිකඩ බල්ලන්ට බිය විය යුතු නැත. සත්‍යය හා සාධාරනය කවදා හෝ ළොව ජයගනු ඇත.

108 comments:

  1. එහෙමද.....පොඩ්ඩක් ඉදින් මචෝ....

    ReplyDelete
  2. මට මේ ගර්ල් un එකේ කතා කරන වීඩියෝ එක බලද්දී මතක් වුණේ.. සෝමාලියාවේ ගෝත්‍රික ගමක ජිවත් වෙලා එතනින් එලියට ඇවිත් අප්‍රිකානු ගෝත්‍රික ගැහැණුන් වෙනුවෙන් un එක ඉදිරියේ කතා කරපු Waris Dirie ව.. ඔයාගේ ලිපියට ස්තුතී ,


    ///පට්ට පල් අමූලික බොරුකාර ප්‍රෝඩාවන් වන, ළොව සියළුම ආගම් පවතින්නේ පොල් බූරූ අන්ධ භක්තිකයන් හා මූලධර්මවාදීන් නිසාය. //// එක හෙලා එකඟය........ ආගම් කියන නමටත් මං ආස නැහැ

    ReplyDelete
    Replies
    1. විචෝ මෙන්න මෙකිටත් ආගම් අරහංලු හූ හූ

      Delete
    2. අරකි මේකි කියම්න එපා ඈ නමක් තියෙනවනේ මට :D

      Delete
    3. එතකොට අපුර්වී සර්වබලදාරී දෙවියන්වහන්සේ කෙනෙක් නැද්ද?

      Delete
    4. මගේ විශ්වාසය අනුව ඉන්නවා. (මං කියන්නේ නැහැ ඉන්නවා කියලා තරයේ මිනිස්සුන්ට මං කියා සිටිනවා කියලා,,, මගේ ජිවිතේ තුල අංක එකට එතුමන් ඉන්නවා ) ඒ වගේම උන්වහන්සේ ආගමක් ගැන උන්වහන්සේගේ වචනය තුල කොහෙවත් සඳහන් කරලා නැහැ..

      Delete
    5. ආගම් ගැන කතා කරන්න යන්න එපා අනී .........

      Delete
    6. ඔයාගේ කොමෙන්ට් එකටත් ඉත්තූතී....

      Delete
    7. සර්වබලධාරී දෙවියන්ට සියල්ල කල හැකිය නමුත් තම පුතා වූ ජේසුගේ ඇන තුන ගලවා ගැනීමට නොහැකිවිය ... සෙවල මාතලන්..

      Delete
  3. ඔය කළු ලෝගුව ඇත්තටම ජාතික ආරක්ෂාවට තර්ජනයක්.
    මම කොහෙද කියෙව්වා ලංකාවේ මුස්ලිම් පාතාලයෙක් ඔය ලෝගුව ඇඳගෙන පාරේ යනවා කියල.

    ReplyDelete
    Replies
    1. ඌට ෂොට් එක හම්බ වුනා .."මාමස්මාමි" තමයි උගේ නම

      Delete
    2. එයා මාට්ටු වෙලා ජීප් එකේ ගෙනියද්දි ඩැයිවර්ගේ බෙල්ල මිරිකන්න ගිහින් වෙඩි කාලා මලා. ඩැයිවර් තුවාල සහිතව රෝහල් ගත කරා.. මේ ළඟදිත් කොළොන්නාවේ චූටී කියලා එකෙකුත් එහෙම මලා.. මාර සීන් එක කියන්න මුන්ට මාංචු දාලා තියෙන්නේ අත් ඉස්සරහට තියලා.. ඉන්දගෙන ගිහින් තියෙන්නේ ඩැයිවර්ගේ සීට් එක පිටිපස්සේ.. පොලීසියෙත් පට්ට ගොන්නු නේ ඉන්නේ..

      Delete
  4. මලලාට ලැබිය යුතුවම තිබූ නොබෙල් සාම ත්‍යාගය ලැබීම ගැන සාමයට ලැදි ලෝකවාසී සියළු ජනතාව සතුටුවනු ඇත..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  5. Parala mathalanla lankawe muslim anthawadayak athi bawa piliganna ekath loku deyak. Kawru ne kiwwath ehema ekak thiyenawa. Onama nam prove karala pennanna puluwan. Blog karuwan me gena katha karanne neththe jathiwadeen wei kiyala bayata. Nethnam eyalatath ara royal family ekata wage salli enawada dannene. Ada lokaye godak ratawal muslimkaranaya thalebankaranaya wemin thiyenne. Mathalanla ai me gena kathikawathak athi karanne neththe.

    ReplyDelete
    Replies
    1. හලෝ ඇනෝ, ලංකාවෙ මුස්ලිම් අන්තවාදයක් තියනව කියල පෘෘ කරල පෙන්වන්නකො අපටත් බලා ගන්න. ඔප්පු නොකරන ලද කිසිම දෙයක් වෙනුවෙන් පියවර ගන්න ආණ්ඩුවකටවත් කිසිම විධිමත් සංවිධානයකටවත් බෑ.

      ඉස්ලාම් අන්තවාදය කියන්නෙ ලෝකෙ පවතින දෙයක්. ඒක ලංකාව ඇතුළෙ ක්‍රියාත්මක කරන්න ඔවුන් උත්සාහ නොකර ඉන්නට හේතුවක් නැහැ. ප්‍රශ්නය තියෙන්නෙ ඒ වගේ උත්සාහයක් පරාජය කරන්නෙ කොහොමද කියන එකයි. අන්තවාදයට විරුද්ධ වීම ජාතිවාදී වීමක් නොවෙන බව ඔබ වැනි ළදරුවන්ට නොතේරුණාට බුද්ධිය මේරූ වැඩිහිටියන් දන්නවා.
      ඒත් ජාතිවාදය නිසා අන්තවාදය සැමවිටම පෝෂණය වෙනවා. ලංකාවෙ ක්‍රියාත්මක වුනු සමහර ජාතිවාදී ව්‍යාපාර නිසා ලංකාවෙ මුස්ලිම් ජන කොටස් ඔවුන්ගෙ ආගමික සංවිධාන වලට තව තවත් කිට්ටු වෙන එක ස්වභාවික දෙයක්.

      Delete
    2. පැරාට නම් ලංකාවෙම උන් ගෝනි බිල්ලෝ උනත් අවුලක් නෑලූ.... ඒත් මට නම් අවුල්.. ඔය බිල්ලෝ අස්සේ හැංගෙන්නේ හොඳකට නෙමෙයි..

      @ හෙනහුරා

      අන්තවාදයක් තියෙනවා කියලා ඔප්පු කරන්න සිකුරාද සෙනසුරාද හවසකට ගෝල්පේස් එක පැත්තේ ගිහින් බලන්න ගෝනී බිල්ලොයි ලෝගූකාරයොයි කීයක් ඉන්නවද කියලා..

      Delete
    3. හෙනහුරා නිදාගෙන්ද ඉන්නේ.. මතක නැද්ද රජරට විශ්වවිද්‍යාලයේ මුස්ලිම් ගෑනු ළමයින්ට අනිවාර්යෙන්ම මුණ වහන්න කියාල තම්බි සෙට් එකක් කියල තියෙන්නේ ජාතිකවාදය නිසා වෙන්න ඇති නේද..

      Delete
  6. ඔය ගෝනි බිල්ලන් විවෘත විශ්වවිද්‍යාලය තුල වැඩි වශයෙන් දැකගන්න පුළුවන් exam දවස් වලට. වෙනද අපුරුවට එන සෙට් එක එදාට එන්නේ ඇස් දෙක විතරක් පේන්න තියාගෙන....

    ReplyDelete
    Replies
    1. පාළණ අධිකාරිය ඕවට ඉඩ දෙනවද.. ගොබ්බ හරක් නේ...

      Delete
  7. මලාලාට සාම ත්යාගය දීමේ කිසිම ප්‍රයෝජනයක් හෝ තේරුමක් මන් නම් දකින් නෑ. උද්ඝෝශන්යකට ගියා වෙඩි කෑවා, ඒකෙන් බටහිර ජනමාධය ප්‍රයෝජන අරන් මෙයාව රට යවල හොද කරා. පහු ගිය අවුරුදු කීපයේ පකිස්ථානේ පොඩි උන් 2400කට වඩා මැරිලා තියෙනවා ඈමරිකා ඩ්‍රෝන් ප්‍රහාර වලින් විතරක්. ගිය අවුරුද්දේ ඔබාට දුන්න, මෙදා පාර මලාලට නොබෙල් සාම ත්යාගය දුන්න. එකත් දැන් ලංකාවේ අගවිනිසුරු තනතුර ගානට වැටිල තියෙන්නේ . බලන් ගියාම ඒවට මාමට බනින එක තේරුමකුත් නෑ, ලෝකෙම මෙහෙම එකේ...

    ReplyDelete
    Replies
    1. මලාලා ගැන හොයාගෙන කියවන්න.. මේ තවත් එක දරුවෙක් නෙමෙයි..

      Delete
    2. අනොනිමසා තනිකර තම්බියෙක් .. එකනේ isis එවුන් ලක්ෂ ගණන් මරද්දී 2400 ක් ගැන උඩ පනින්නේ.. එකෙක් මැරුණත් ගොඩක් මැරුණත් සමානයි නමුත් තම්බි මැරෙන්නේ තම්බින්ගේ කාලකන්නි සක්කිලි ආගම නිසා... ඔය සක්කිලි ආගම නැති උනා නම් මේ ලෝකේ මෙයිට වඩා සාමකාමී වෙන්න තිබ්බ ... 100% ක් නොවුනත් .. මෙයිට වඩා සාමකාමී වෙන්න තිබ්බ

      Delete
  8. බ්ලොග් ලියූ මලාලලාත්, යුද්ධයේ අමිහිරි අත්දැකීම් ගැන ලියූ ඈන් ෆ්‍රෑන්ක්ලාත් ,කුරිරු යුද්ධය විසින්ම බිලිගෙන හමාරය....ඔවුන්ගේ ජීවිත පූජා කිරීම වෙනුවෙන් නොබෙල් තෑග්ග ලැබුන අතර ඔබාමා එය ලබාගත්තේ සාමය වෙනුවෙන් කිරීමට යන කටයුතු වලටය....ජාතිවාදය ,ආගම්වාදය හා බල තණ්හාව නිසා සිදුකරන මෙම මිලේච්ඡ සංහාරයන්ගේ අළුත්ම ප්‍රවනතාවය ඇතිවීගෙන එන්නේ මැද පෙරදිගින..ඇමෙරිකාව විසින්ම ගොඩනැන්වූ අයි.එස් කාරයන් නිසාය....ඇමෙරිකාවම මුල්වී ඉක්මනින් වැඩක් දුන්නේ නැත්නන්, ඉතිහාසයේ තවත් කළු පැල්ලමක් ඉතිරිකරන සංහාරයන් රැසකට මග පෑදෙනු ඇත....

    ReplyDelete
    Replies
    1. මෑත යුගයේ ඇමරිකාව තරම් ඉල්ලාගෙන කෑ රටක් මා නම් දන්නේ නෑත..

      Delete
  9. //එහෙත් අනෙකුත් ආගම් කෙසේ වූවද, බුදු රජානන් දෙසා ඇත්තේ සැම විටම සෑම දෙයම ප්‍රශ්න කරනා ලෙසයි.// මේටික උබට තේරුණාට මූලධර්මවාදී බෞද්ධයන්ටත් තේරෙන්නෙ නැති ටිකක්. එක එක සේනාවල ඉන්න ඇත්තෝ පවා හදාගත්ත ධර්මයක් ඔලුවේ තියන් ඉන්නේ..

    මුස්ලිම් මෙන්ම බෞද්ධ මූලධර්මවාදීන්ට එරෙහිව කටයුතු නොකලොත් ලංකාවෙ ගෝනි බිල්ලොත් එක්ක මරා ගන්න වෙයි ඉක්මනටම...

    මෙහෙට මොක වුණත් “මලාලාට ජය වේවා..“

    ReplyDelete
    Replies
    1. මොන ක්‍රමයකින් හෝ අස්ථාවර රටක් පැවතීම අපේ රටේ දේශපාළකයෝ වගේ ගල් ආඳන්ට ඉහගෙන කෑ හැකි ආදායම් මාර්ගයකි.. ඉල්ලමකි,,

      Delete
  10. කදිම ලිපියක්. පුංචි නිවැරදි කිරීමක්. මලාලා මුලින්ම බ්ලොග් එක ලිව්වේ උර්දු භාෂාවෙන්. ඇය ප්‍රසිද්ධියට පත් වුණේ මේ උර්දු බ්ලොග් එකෙන්. මලාලාගේ ඉංග්‍රීසි දැනුමත් ඇති විශිෂ්ටයි.

    ReplyDelete
  11. //මලාලාට වෙඩි තැබුවාක් මෙන්, අප රටේද බ්ලොග් කලාවට හා බ්ලොග් ලියන්නන්ට වෙඩි තබන මරි මෝඩ මූලධර්මවාදීන් බොහෝය. එහෙත් පාරේ ඉන්නා හොරිකඩ බල්ලන්ට බිය විය යුතු නැත. සත්‍යය හා සාධාරනය කවදා හෝ ළොව ජයගනු ඇත.//

    ඔබ කිසියම් හෝ කරුණකින් මානසිකව පීඩා විඳින්නෙක්ද? නොමිලේ උපදෙස් සඳහා... අමතන්න 1333

    :D :D

    ReplyDelete
    Replies
    1. Who shoots newey, who shot."

      Delete
    2. Maathala visin ඉන්දික උපශාන්ත namathi පාරේ ඉන්නා හොරිකඩ බල්ලwa චිප්..... චිප්.....kiya thamange blogayen panna damai

      Delete
    3. උන් දෙන්න හොද මිතුරන් බං ......

      Delete
    4. මාතලන් විසින් ඉන්දික උපශාන්ත චිප් චිප් ලෙස පවසා එලවා දැමීමට විරුද්ධව මහා උද්ගෝෂණ වියාපාරයක් (බිස්නස් එකක්) කොටුව දුම්රිය පොළ ඉදිරියේ සැප්. 13 සඳුදා ප්.ව. 4.15ට පැවැත්වේ. සහභාගී වන්නන්ට බත් පැකට්ටුවක් සමග ගල් කාලක් සහ රු. 500ක් දෙනුලබේ. කැට හොල්ලන්නන් දැන් ලියා පදිංචි කෙරේ. මුළු ආදායමෙන් 50% සමග කැප් තොප්පියක් තිලින කෙරේ. - කැඳවුම්කරු - ඇනෝ ජාතික පෙරමුණ

      Delete
    5. ආහ් මචන් ප්‍රනාන්දු... කෙලවගත්ත නේද? හික් හික්....

      Delete
    6. ඕකනේ ෆර්නෑන්ඩෝ මහත්තයෝ අපි කට කැඩෙනකල් කියන්නේ ඇනෝ කමෙන්ට් වලට එක බ්‍රවුසරයකුත් ඔරිජිනල් කමෙන්ට් වලට තව බ්‍රවුසරයකුත් ඕපන් කරගන්න කියලා. දන්නෙ නැත්තං ඉගෙනගන්නවකො මේ මානොතලන් අය්යලගෙන්!

      Delete
    7. සමාජෙ වැදගත් මහත්තුරු තමයි ඕයි කරන ජඩ වැඩ වැඩියෙම්ම කරන්නෙ බලද්දි.

      පනැන්ඩෝ පනැන්ඩෝ ඔයත් පනැන්ඩෝ
      පනැන්ඩෝ පනැන්ඩෝ මමත් පනැන්ඩෝ
      ලංකවෙම්ම බාගයක්ම ඉන්නෙ පනැන්ඩෝ

      Delete
    8. තව එකෙක් මාට්ටු නේද? :D

      Delete
  12. Malalata Dunna nam Ape Peratath Hambuwewi.

    ReplyDelete
  13. මලාලාට ලැබුණු සාම ත්‍යාගය සාධාරණයි....... ඒත්.....ඇය තවමත් අනාරක්ෂිතයි. ඔවුන්ගේ ඉලක්කය තවම මලාලා ......
    එහෙත් ඇය තවම කතා කරයි...... ලෝකයේ සියලුම ළමුන්ගේ ඉල්ලීම් වෙනුවෙන්.... අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි.
    ඇයට අපගේ උත්තමාචාරය......

    ReplyDelete
    Replies
    1. මලාලා අද ඉන්නේ උපරිම ආරක්ෂාව යටතේ.. එත් ඉතින් ධවල මන්දිරේ ආරක්ෂාවෙත් සිඳුරු තිබුනේ..

      Delete
  14. සුදුස්සෙකුට සුදුසු දේ ලැබීම ගැන සන්තෝෂයි.. මලාලා ගෙන් නොබෙල් තෑග්ගට වටිනාකමක් !!!

    ReplyDelete
  15. I prepared to read about Malala, but I ended up in somewhere in the battle field of middle east

    ReplyDelete
    Replies
    1. මටත් මේක ම වුණා.. හෙහ් හෙහ්

      Delete
    2. Robinhood kaale suddekuth comment karala thiyenne! Patta ooooooy...! (meeta Mathalan )

      Delete
    3. බලාපොරොත්තු කඩ වූවානම් කනගාටුයි.. ඒත් දෑසට පෙනෙනා කටුක සත්‍ය කතා නොකර නිහඬව සිටීම ඊට වඩා හානීදායකයි...

      Delete
  16. මේ ළමයට නොබෙල් තෑග්ග ලැබීම නම් වටින දෙයක් ... අර නිල් පාට එල්.ඊ .ඩී එකටත් නොබෙල් තෑග්ග ලැබිල නේද ? මම දැක්ක රතුපාට LED එක හොයා ගත්ත කෙනා පොඩි කචල් එකක් දාල තියෙනවා ..

    ReplyDelete
    Replies
    1. කොයි සම්මාන උළෙලෙද මචෝ කචල් නැත්තේ

      Delete
  17. මලාලට කවදා හරි පාකිස්ථානය ප්‍රජාතන්ත්‍රවාදයට යලි ගෙන එන්න පුළුවන් වුනොත් මේ නොබෙල් ත්‍යාගයේ වටිනාකම කියන්න බැරිතරම් ඉහල යනවා.

    ReplyDelete
    Replies
    1. එව්වා නම් කියන්න බෑ.... බෙනාසීර් බූතෝත් වෙඩි තියලා මරලා දාපු රටනේ..

      Delete
  18. Bauddha Muladarmayak kiya deyak nomatha.... hakinam oppu karanna muslim katholika muladarmawadayak nam atha.... karunakara muladarmawadaya yannehi theruma danagena katha karanna

    ReplyDelete
    Replies
    1. එහෙමයි උපාසක මහත්තයෝ...

      Delete
  19. කවුරු කොහොම කිව්වත් ඉස්ලාම් මුලධර්මවාදය ලංකාව තුල හිස ඔසවමින් පවතී.එදා කලිසම් සරම් හැඳි උන් අද අරාබි ලෝගුවලට බැසීමත් එදා සල්වාර් සාරි හැඳි උන් අද හිජාබ් අබායා තුල සැඟවීමත් තුල ඇති නොකියවුන කතන්දරයක් ඇත.අනෙක් පැත්තෙන් බුරුතු පිටින් විසිට් වීසා පිට මෙරටට එන පකිස්ථානුවන් මෙහි එන්නේ සොබාව සෞන්දර්යය නැරඹීමට නොවන බවත් අප වටහා ගත යුතුය.මෙහි එන මාලදිවයින්කාරයන් සහ පකිස්ථානුවන් මෙරට සිය ගජයන් හා එක්ව කොළඹ හා ප්‍රධාන නගර අවට දේපල එකට දෙකක් වැඩිපුර ගෙවා මිලට ගැනීමේ රහසත් අපේ ගොනුන් ඒවා විකුණා ගම් වැදීමේ ආදීනවත් අප වටහා ගත යුතුය.නෝ ලිමිට්, ෆැෂන් බග් වැනි ආයතන වල සේවක ලැයිස්තුවක් ගෙන බැලූ විට ඒවායේ ක්‍රියාත්මක වන අන්තවාදයේ තරම වටහා ගත හැක.ඊක්වල් ඔපර්චුනෙටි එම්ප්ලෝයී කෙසේ වෙතත් රියල් රේසිසම් ඇත්තේ එහිය.සිංහල කෙල්ලෙක් දෙන්නෙක් බඳවා ගත්තද ඒ කෙල්ලටත් මාසෙකින් හමාරකින් සිදු වන්නේ කුමක්දැයි කැමැත්තෝ සොයා බලත්වා.මේ පෙන්නුවේ හීන් සැරෙන් හිස ඔසවන අන්තවාදයේ එක් නියැදියක් පමණි.

    ReplyDelete
    Replies
    1. ඔය ඉඩකඩම් කේස් එකට නම් හොඳම උදාහරණෙ මහරහම පන්සල පාර එහෙම නැත්නම් රත්මලානේ කල්දෙමුල්ල පාර.ඒවගේම ලංකාවේ කුඩු කේස් වලට සිර ගතවුවන්ගෙන් සීයට පනස් හතරක්ම මුස්ලිම් හැබැයි ඊට සාපේක්ෂව කුඩු බොන මුස්ලිම් උන් ඉන්නේ කොච්චරක්ද ? ඒ වගේම ලංකාවේ ගබ්සා බිස්නස් එකේ සීයට හැත්තෑවක් පමණ යෙදිල ඉන්නේ මුස්ලිම් උන්.හැබැයි ගබ්සාවක් කර ගත්තු මුස්ලිම් ගෑණියෙක් ගැන කවුරු හරි අහල තියෙනවද ?කෙනෙකුට කියන්න පුළුවන් ජාතිවාදේ අවුස්සනවා කියල.නමුත් මේ තිත්ත ඒත් ඇත්ත හීන් සැරේ අන්තවාදය.

      Delete
    2. මානව හිමිකම් සහ අසයිලම් නාමයෙන් අහක යන නයි රෙද්ද පල්ලේ දමා ගත් බ්‍රිතාන්‍යය ප්‍රංශය නොර්වේ ඇතුළු රටවලට අද සිදු වී ඇති දේ අපටද හොඳ පාඩමකි.

      Delete
    3. හොහොමත් අපේ අයට කොච්චර කීවත් රහ දැනෙන්නේ නෑ... කාලම බලන්න ඕන.. වැඩිකල් යන්න කලින් කනවා ප්‍රභාට දුන්නට වඩා හපන් කෑමක්...

      Delete
    4. නිදාගෙන ඉන්න උන් ඇහැරවන්න පුලුවන් හොරට නිදාගෙන ඉන්න උන් ඇහැරවන්න බෑ කියන එකට මේ හෙනහුරා පට්ට එක්සාම්පල් එකක්.

      හෙනහුරාට අනුව මේ රටට කෙල වෙන්නෙ චම්පිකට හරි රතනට හරි පඩයක් ගියොත් විතරයි. මුස්ලිම් අන්තවාදෙ හෙළුවෙන් ඇවිල්ලා මූනෙම පුක ඇතිල්ලුවත් හෙනහුරා අහන්නෙ "කෝ කොහෙද අන්තවාදෙ පෙන්නන්න" කියලා...

      Delete
  20. ඇයි යකෝ මුන්ට අපේ නානසාර හාමුදුරුවන්ව අමතක වුණාද නොබෙල් එක දෙන්න?

    ReplyDelete
  21. මලාලාට ඔයතරම් ප්‍රසිද්ධියක් ලැබුනෙත් ඇමරිකාව නිසාම තමයි. නොබෙල් ත්‍යාගය එක් එක් අයට පිරිනමල තියෙන්නෙ ඒ අය කරපු යම්කිසි ක්‍රියාවක් සලකල මිසක් ඒ අය සර්ව සම්පුර්ණ මිනිසුන් කියන්න නොවෙයි. මෙතන කෙනෙක් කියල තිබුනා ඇමරිකානු හමුදා වලින් පකිස්ථානයට එල්ලවුනු ප්‍රහාර ගැන මලාලා කතා කරේ නෑකියල. සමහර්විට කතා කරලා ඇති, හැබැයි මාධ්‍ය වාරථා කරල නැතුවවෙන්නත් පුලුවන්. මෙතනදි බලන්නෙ වඩා අසාධාරණයට ලක්වෙන අය වෙනුවෙන් කරල තියෙන දේ. බරොක් ඔබාමා, යසර් අර්පත් කියන්න විහිළුකරයොවත්, බොරුකාරයොවත් නොවෙයි. ඒ අය යම්කිසි කාලයකදි සැලකිය යුතු ජන කොටසකට සාධාරණයක් ලබාදෙන්න මහන්සි වෙලා තියෙනව. මලාලා වුනත් ඒකම තමයි කරල තියෙන්නෙ. අපිට ප්‍රශ්නෙ වියයුත්තෙ, මෙතරම් අසධාරණකම් සිදුවන අපෙ රටේ තොරතුරු වාර්ථාකරණයට ජත්‍යන්තර අවධානය දිනාගන්න බැරිවුනේ ඇයි කියලයි

    ReplyDelete
    Replies
    1. අපෙ රට ගැන ළෝකේ තියා ඉන්දියාවේ සමහර මිනිස්සුත් දන්නෙ නෑ...

      Delete
    2. අර්ෆත් කරපු හොඳ ගැන.. මිනිහගේ ස්විස් එකවුන්ට් එක මේ ලඟදි සාක්කි දුන්න.. ඒ වගේම මිනිහ රුසියානු කේ බි ජි එක්ක ගහපු ගේම මේ ලඟදි එලියට ආව.. ඇනෝ දන්නවා වගේ කියවන්නේ නැතිව.. පොඩ්ඩක් ඇස ඇරලා වටපිට බලල කියවල වරෙන්

      Delete
  22. හැබැයි මලලා කියන්නෙත් මේ බටහිර යන මීඩියා මෙහෙයවන එකේ තව අවස්තාවක් විතරයි නේද? මුස්ලිම් අන්තවාදය පිලිබඳ ප්‍රශ්නයක් ලනක්වේ තිබෙනවා තමා. නමුත් මිනිසුන්ට ගහල නෙමේ නීති වලින්ම තමා tackle කරන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියගේ මේ මතය එක්ක තරමක් දුරට එකඟයි , මලාලා කියන්නේ වෙඩි වදින අවස්ථාවේ අවුරුදු 11ක දැරියක් , මලාලා තම අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනීසිටියේ කුඩා දැරියක් ලෙසින් , ඒ වෙනකොට ඇය ගැන බටහිර දැන සිටියේ නෑ . නමුත් වෙඩි වැදීමෙන් පසුව සහ වෙඩි වැදුණු හේතුව දැනගත් පසු බටහිර ඇය ගැන මහත්සේ උනන්දු වෙන්නට පටන් ගත්තා . අවුරුදු දහ හතරක දැරියක නොදන්නේනට සූක්ෂම ලෙස තමන්ට නතුකරගන්නට බටහිරට නොහැකි වීමේ හේතුවක් නෑ. නමුත් ඇය සටන ආරම්භ කලේ තනිවම . බටහිරට ඇය ගැන රහ වැටුනේ ඇයට වෙඩි තැබීමෙන් පසුව බවයි මටනම් හිතෙන්නේ

      Delete
    2. දෙන්නම වැරදියි.. මලාලා බොහෝ රටවල දරුවන් සඳහා දෙනු ලබන සම්මාන වලට පාත්‍ර වෙනවා. එයාගේ බ්ලොග් එක ගැනත් එහෙමයි.. දකුණු අප්‍රිකවේ ඩෙස්මන් ටුටූ පියනමත් ඇයට සම්මානයක් පුදනවා... මෙවායින් තමයි.. තලේබාන්වරු මලාලා ගැන දැන ගන්නේ.. නැතිව බ්ලොග් කියවන්න උන් අකුරු දන්න එකක්ය.. උන් දන්නේ අල්ලාහූ අක්බාර් කියලා බෙලි කපන්නයි, වෙඩි තියන්නයි විතරයි.. ඒ තරම් බූරුවෝ...

      Delete
    3. >>නැතිව බ්ලොග් කියවන්න උන් අකුරු දන්න එකක්ය.. උන් දන්නේ අල්ලාහූ අක්බාර් කියලා බෙලි කපන්නයි, වෙඩි තියන්නයි විතරයි.. ඒ තරම් බූරුවෝ...<<
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. නැහැ ඒක වැරදියි මාතලන්. මලලා බ්ලොග් ලිව්වේ වෙඩි තිබ්බට පස්සේ. මලලා බය නැතුව මට ඉස්කෝලේ යන්නම ඕනේ කියල ගියාම තම බුරු රැල වෙඩි තිබ්බ්බේ. බටහිරෙන් ඇයව අර ගත්ත එකත් උදව් දුන් එකත් හොඳයි. නමුත් ඇයව propaganda වලට යොදා ගන්නවා කියල හොඳටම පේනවා. මියක් කඩන්නේ අත ලෙව කන්න නෙමේනේ. මේ පෙරේද අපේ ඔෆිස් එකේ වැඩ කරන පකිස්තාන් පොරැක්‌ මට කියනවා - මුළු ලෝකෙම මුස්ලිම් ආගමට හැරෙන එක වලක්වන්න බැහැලු . මේ සාමාන්‍යයෙන් කතා බහ කරන පොරක්. මන් සද්ද නැතිව ඇත්තද කියල හැරිලා ගියා. ඕක තමා ප්‍රශ්නේ.

      Delete
    5. මාතලන් මෙතන මලලා ඔබ හරි. මම වැරදියි. මලලා අන්වර්ථ නමකින් බ්ලොග් ලියල තියෙන්නේ කලින්.

      Delete
  23. මෙවායේ උගන්වන්නේ මොනවාද කියා අජ්ජාපන අමාත්‍යංශය මෙන්ම ආරක්ෂක අමාත්‍යංශයද නොදන්නා බවට මෙන්න කැට.//

    ආගම, භාෂාව සහ ඉතිහාසය විතරයි මම දන්න විදියට.... ගනං, විද්‍යාව, ක්‍රීඩා කිසිම දෙයක් නෑ...

    ReplyDelete
    Replies
    1. මම දන්න විදියට නම් ආගම විතරමයි...

      Delete
  24. මලාලාට නොබෙල් සාම ත්‍යාගය ලැබීම සැබෑ ලෙසම මලාලාට නොව නොබෙල ත්‍යාගයට ආභරණයක්! මලාලා නිසා නොබෙල් නාමය දිදුලනවා.

    //මේ මූලධර්මවාදය, බෞද්ධ මූලධර්මයෙන් මර්ධනය කිරීමට යාම නම්, කිසි සේත් කළ නොහැකි කාරියක් වන අතර, එය ප්‍රශ්ණය උග්‍ර කිරීමක් පමණක්ම වන්නේය.// මේ ටික හැමෝම තේරුම් ගන්නවානම් අස්සයා පනින්න කලින් ඉස්තාලෙ වහ ගන්න පුළුවන් වෙයි. ඒත් ඒක තේරුම් නොගන්න එක තමා කරුමෙ!

    ReplyDelete
    Replies
    1. අනිවා.. නොබෙල් තෑග්ගට එලියක් ලැබෙනවා මේකෙන්...

      Delete
  25. මේ වසංගතයට බලල්ලු ලවා කොස්ඇට බාවලා හරියන්නෙ නෑ. කලු ලෝගුව නං කවද හරි ලොකු කේස් එකක් වෙනවා වෙනවාමයි. රැන්ඩම් චෙක් එකක් කරන්න පුලුවං ඩබ්.පී.සී. ලා ලවා විභාග ආදියෙදි.
    සෑමදෙනාම පල්ලියාම අනිවාර්ය නිසා සංවිධානය වීම සඳහා හොඳින් සෑම දෙනාම එකතුවෙනවා. මේ ප්‍රශ්නය බුද්ධිමත්ව රටේ නීති රාමුව තුල විසඳන්න ඕනි. ඇත්තටම සමහරක් නගර 100% ක් අත්පත් කරගෙන ඉවරයි.
    විසඳුම වෙබ් අඩවි වල තුනේ පංතියේ අපහාසාත්මක පෝස්ටර් නෙවෙයි. බුද්ධි අංශ මැදිහත්වීමක් අවශ්‍යයි කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බුද්ධි අංශ රෙද්ද අස්සේ රිංගන්නද බං... හිජාබ් අවුලක් නෑ.. තනිකර මූන කට වහගෙන යන එක වහාම නවත්තන්න ඕන..

      Delete
    2. බුද්ධි අංශ ඕනි ජිහාඩ්, කුඩු පාතාලය වගේ රෙද්දවල් අස්සට රිංගලා නීත්‍යානුකූල වැටලීමකට කරුණු හොයන්න. නිසාම් තාලිෆ් වගේ උන් ආයි උපදිනවා ඇතිනෙ. මේ රටට ආදරය කරන මේ රටේ තියෙන නිදහසට ආදරය කරන මුස්ලිම් උනුත් ඇතිනෙ. උන්ගෙන් වැඩක් අරං මේ දල්ල මහ ගහක් වෙන්න කලිං කඩා දමන එකයි මං කිව්වෙ. ඕකට මල පනින්න ඕනියැ. කටු කොහිල ටිකක් පොලෙං අරං එවන්නං.

      Delete
  26. මලාලා යුසුෆ්සායි මේ සටන ආරම්භ කරන්නේ ,ඇත්තෙන්ම මෙය තලෙයිබාන් වරුන්ට එරෙහි සටනක්ද කියා තේරුමක් ඇතුවද යන්න මට ගැටළුවක්, ය තමන්ට අධ්‍යාපනය ලැබෙන්නට අවශ්‍ය බවට සටහන් ලියා තැබුවා , තලේබාන්වරු එය දුටුවේ තමන්ට එරෙහි කැරැල්ලක් ලෙසයි. ඒ ඔවුන්ගේ හැඳිමිටේ දැක්ම . ඒ නිසාම ඇයට වෙඩි තබනවා . ඉන් පසු ඇය මිය නොගිය නිසා ඇය වීරවරියක් බවට පත් වෙනවා.. යම් හෙයකින් ය මිය ගියානම් මේ පිළිබඳව ලෝකය කිසිවක් දන්නේ නෑ.
    ඒ අනුව මලාලා නිර්මාණය කරන්නේ තලේබාන්වරු විසින්මයි. පසුව ඇය අගේ වටිනාකම තෙරුන් ගන්නට ඇති, දැන්නම් ඇය සැබවින්ම ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා. මලලා යනු කෙදිනක් හෝ ලෝක දේශපාලනයේ සුවිශේෂී චරිතයක් බවට පත්වෙනවා. ඒ පිලිබඳ දෙගිඩියාවක් නැහැ.
    කෙසේ වෙතත් ,ඔබාමා , අර්ෆත් වැනි පුද්ගලයන්ට පිදීමෙන් ගෞවරවය නැති කරගත් නොබෙල් සාම ත්‍යාගය ,තම ජාම බේරාගන්නට සමත් වුනා මලාලාට පිදීම තුලින්, මලාට දිරිය පිරි ඉදිරි ගමනකට සුබපතමු

    ReplyDelete
    Replies
    1. එකම තමයි මම විතරක් ඒ බූරුවන්ට ස්තූතී කලේ...

      Delete
  27. ඇමෙරිකාවේ හදපු තුවක්කුවකින් වෙඩි කාපු මාලලාටම ඇමෙරිකාව ගරු නම්බු පුදන අපුරුව, මලාලා අධ්‍යාපන වෙනුවෙන් පෙනී හිටපු කාලේ නැති ලඟින් නැති උනුත් වෙඩි කාල කොහොම හරි පන බේරගත්තට පස්සේ ලඟට එන අපුරුව, මලාලා උඹ නියමයි බන් මොහොක හරි එල්ලිලා තමන්ගේ බඩ පුරව ගන්න එන එවුන්ට කන්න දෙන එකට. උඹ කරන්නේ පිනක්.

    ReplyDelete
    Replies
    1. නොබෙල් තෑග්ග දෙන්නේ ඇමරිකාව නෙමෙයි නෝර්වේ හා ස්වීඩන් කමිටුවක් විසින්

      Delete
  28. මම පලමුවන අවුරුද්දේ ඉඳිද්දී අපේ කැම්පස් එකේ මහා ශිෂ්‍ය සංගමයේ නිලවරනය ආවා
    මම එතනදී මගේ යාලුවන්ට කිව්වා ඇයි හැමදාම මේකෙ සභාපති හැටියට සිංහල බෞද්ධ පිරිමියෙක්වම පත්කරන්නේ කියලා. එතකොට එතකොට එකෙක් කිව්වා එහෙනම් උඹ සභාපති වෙයන් කියලා මොකද කියලා ඇහුවාම උඹ සිංලයෙකුත් නෙමෙයි බෞද්ධයෙකුත් නෙමෙයි පිරිමියෙකුත් නෙමෙයි කියපි.
    මම කිව්වා එහෙම නෙමේ මේකෙ ප්‍රධානියා හැටියට දෙමළ කෙල්ලෙක් හරි තම්බි කෙල්ලෙක් හරි දාන්න බැරිද එතකොට සිංහලයන්ට වාසි කීපයක්ම ලැබෙනවා
    1. සිංහල මිනිස්සු මාර ශ්‍රේෂ්ට සාධාරණ ජාතියක් කියලා මතයක් හදන්නපුලුවන්
    2. දෙමල. තම්බි කෙල්ලෙක් ලොක්කි වුනාම ඒකිගෙ ලැජ්ජා බය නැතිවෙනවා
    ඒ නිසා උන්ගෙ ජාතිය වඳ වෙනවා. ඒක අපිට වාසියි.හැබැයි සිංහල ගෑනුන්ටනම් ඔලුව උස්සන්න දෙන්නම එපා
    සතුරු ගෝත්‍රයේ ස්ත්‍රීන් හා නපුංසකයන් සතුරු පුරුශයාට එරෙහිව බලගැන්වීම සතුරා දුර්වල කරන්න තියෙන සාර්ථක උපක්‍රමයක්
    මෙතනදි වෙන්නෙත් ඔය වගේම දෙයක් ඔය මලාලා කියන තම්බි මලදානෙට නොබෙල් තෑග්ග දීමෙන් ‍කරන්න බලාපොරොත්තු වෙන්නේ මුස්ලිම් සංස්කෘතිය විනාශ කිරීම
    මේ වගේ කපටි වැඩවලදී ඇමරිකන් කාරයො දක්ෂ නෑ ඒ නිසා එංගලන්තෙ ඒ රාජකාරිය බාරගත්තා ඇමරිකන් කාරයො කලානම් ඕක අතේ පත්තු වෙනවා
    මලාලා විතරක් නෙමෙයි මීනා කියන්නෙත් අහිංසක චරිත නෙමෙයි
    http://nalakagunawardene.com/2014/04/11/

    ReplyDelete
    Replies
    1. අර රජගෙදර රිලවා ළඟම නෑයොද...?

      Delete
  29. ඉස්සර සෝවියට් පාලන කාලෙදී ඇෆ්ගනිස්ථානෙ මිශ්‍ර පාසල් හදල තියෙනවා නමුත් ඇෆ්ගන්වරු තම දියණියන්ව මේවට යවන්න අකමැති. වුනා පස්සේ සොවියට්වරු ලමයින්ව පාසල් නොයවන දෙමාපියන්ට දඬුවම් කරන්න පටන් ගත්තා එමනිසා ඔවුන් අකමැත්තෙන් ගැහැනු දරුවන් පාසලට යැවුවා
    පසුව තලිබාන් පාලනය ආ පසු තලිබාන් වරු මෙම මිශ්‍ර පාසල් පිරිමි බවට පත්කලා
    ඔවුන්ට මුස්ලිම් ක්‍රමයේ කාන්තා අධ්‍යාපනය ගැන වෙනම සැලසුමක් තිබුනා
    (මට ඕක කිව්වේ මුස්ලිම් කෙනෙක් , කොහොමහරි මේකට සෝවියට් වරුත් වගකිව යුතුයි)

    ReplyDelete
    Replies
    1. Muslim ekek kiwwanam hariyatama hari .... kanthawanta wenama adyapanayak denna Thalaiban karayo kramawedayak sakas karanna inna athi eth me Malal kiyana eki boruwata wedi thiyan e kramawedaya nathi karanna athi. Thank u Pathirana umba wage gon harak

      Delete
    2. සෝවියට් ව්වරු ඒකට වරදකරු වෙන්නේ කොහොමද. දැන් තියෙන අසර්බයිජාන්, කිර්ගිස්තන් වගේ රටවල් අන්තවාදී නොවී ථෙඉයෙඑ සෝවියට් ක්‍රමය නිසා. දැන් වුනත් ආගම නාමයෙන් හෝ ගැහැණු පිරිමි වශයෙන් බෙදා වෙන් කර උගන්වනවාට මම නම් විරුද්ධයි.

      Delete
  30. Q මලාලා බ්ලොග් ලිවීමෙන් සිදුවූ විශේෂ වෙනසක් සඳහන් කරන්න.
    A ඇතැම් බ්ලොග් කරුවන්ට තාවකාලික චූන් එකක් ලැබුණි
    ( ඔබාමට නොබෙල් දුන්නා වගේ තමයි)

    ReplyDelete
    Replies
    1. පකිස්ථානය තලෙයිබාන් කරනයට එරෙහිව තද බල සටනක් දියත් කිරීම..

      මූලධර්මවාදින් ළොවේම අප්‍රසාදයට පත්වීම..

      පුරවැසි මාධ්‍යකරණය තවත් ඉදිරියට යාම..

      ගොන් බ්ලොග්කරුවන්ට රිදීම...

      Delete
  31. මාතලන්................

    මලාලා කරපු දේ ගැන ප්‍රශ්ණයකුත් නැහැ. ඇය බ්ලොගයක් තුළින් යමක් කරන්න උත්සහ කරපු එක ගැනත් ප්‍රශ්ණයක් නැහැ. බ්ලොග් කරුවන් හැටියට අපිට සතුටුවිය හැකියි තමයි....

    ඒත් මාතලන්. මෙතන තියෙන දේශපාලනය හරි කැතයි. මොකද ඔය නොබෙල් සාම සාම්මානය ම තමයි ඔබාමාට හම්බෙන්නෙත්. ඒත් ඔබාමා කියන්නේ ලක්ෂ ගානක් මිනිස්සු මරපු මිනීමරුවෙක්. ඔසාමා කොයි තරම් වැරදි වුණත් ඔබාමා ඍජුව ම අණ දෙමින් ඔහු මරා දැමූ හැටි ලැජ්ජා සහගතයි... අද ඒ නොබෙල් සාම සම්මානය ම මලාලාට දීලා.. අපි මේකේ දේශපාලනය දිහා නොබලා උඩ පැන පැන අත්පුඩි ගැසීම වැරදියි මාතලන්..

    දැන් බටහිරට තියෙන ලොකු ම හිසරදය තමයි අයි එස්. ඒ නිසා මුස්ලිම් ආගමට විරුද්ධය හැම දෙයක් ම භාවිතා කිරීමයි ඔවුන්ගේ දේශපාලනය. ඒකට තියෙන ලස්සන අයිකන් එකක් තමයි මලාලා. ඇය කතා කරපු අයිතිවාසිකම් ගැන ප්‍රශ්ණයක් නැහැ. ඇය මරන්නට තැත් කරපු එක වැරදියි කියල තැනත් ප්‍රශ්ණයක් නැහැ. නමුත් එතැනින් පසු ව ඇය බටහිර පඹයෙක් ලෙස නැටවීමයි ගැටළුව. ඇය දැනුත් භාවිතා කරලා තියෙන්නේ ක්‍රිස්තියානීන්ගේ අවශ්‍යතාවයට විතරයි....

    මචං මලාලාගේ සිද්ධිය වුණේ 2012 දී 2013 දී තමයි යූ එන් එකේ කතා කරේ... ඒත් 2013 නොබෙල් සාම සම්මානය ලැබුණේ Organisation for the Prohibition of Chemical Weapons කියන සංවිධානයට. ඇයි ඒ වෙලාවේ අයි එස් එකක් ලොකුවට තිබුණේ නැහැනේ. ඉතින් ඔවුන්ට මලාලා වැදගත් නැහැ. නමුත් දැන් දේශපාලනික ව මලාලා වැදගත්. ඇත්ත කතාව මේකයි මචං... අපි යම්තාක් දුරකට සතුටු විය යුතුයි. නමුත් මේ තුච්ඡ දේශපාලනික භාවිතාවත් දැනගත යුතුයි.....

    ReplyDelete
    Replies
    1. ළොව කිසිඳු තැනක තනිකර සුදු හෝ කළු නැත.. ඇත්තේ අළු පැහැයයි..

      Delete
  32. සමහරු කියනව දැක්ක මලාලට ප්‍රසිද්ධියක් ලැබුනෙ වෙඩි වැදීමෙන් පස්සෙ කියල ඇත්තටම ප්‍රසිද්ධ වෙච්චනිසයි උන් කෙල්ලට වෙඩි තිබ්බෙ.
    මෙන්න මේකෙ තියෙනව කතන්ද‍්රේ
    https://vimeo.com/76367802

    සම්පූර්ණ වීඩියො එක මේක වෙන්න ඕන මට නම් තවම බලන්න ලැබුනෙ නැ
    https://vimeo.com/108607144

    මචංල මට තියෙනව මුස්ලිම්ස්ල ගැන දෙයක් දැන ගන්න දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි ක‍රනව හොදයි.
    1. අපි කියනවනෙ මුස්ලිම් උන්ට කසාද 4ක් ද කොහෙද ක‍රගන්න පුලුවන් කියල. ඒක අපේ රටේ ඉන්න උන්ටත් ක‍්රන්න පුලුවන්ද? උබල දන්නවද කව්රු හ‍රි එහෙම ක‍රගත්තු.
    2. මම ලගදි දැක්ක කෙනෙක් ෂෙයා ක‍රල තියෙනව රජ්ය තොරතුරු සයිට් එකෙ තියෙනව කියල අවුරුදු 12 මුස්ලිම් කෙල්ලොන්ව උන්ගෙ උලමද මොකාද වෙඋන්ට බන්දන්න පුලුවන් කියල ඒක ඇත්තක්ද? අපේ රටේ උන්ට එහෙම ක‍රන්න පුලුවන්ද.

    උඩින් අහල තියෙන දේවල් ඇත්තක්නම් මෙක මාර කෙලියක් නෙ උන්ට අපේ රටේ විවස්තාවටත් ඉහලින් බලය තියෙනවනෙ. අපි මුලින්ම ඔය ලොගු පස්සෙ යන්නෙ නැතුව ඕකුන්ට විතරක් වාසියට තියෙන ඔයවගේ නීති ටික නැති ක‍රන්න ඕන කියලයි මම හිතන්නෙ මොකද මේව නැතික‍්රනකොට මුස්ලිම් එකෙක්ට ඇරෙන්නෙ වෙන එකෙකුට ඕවට විරුද්ද වෙන්න බැහැ මොකද එක පැත්තකින් සැමට සදාරණ නීතියක් ගැන අනිත් පැත්තෙන් ළම අයිතිවාසිකම් ගැන. මොකද හිතන්නෙ මේගැන

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් විවාහ නීතිය ශ්‍ර්‍රී ලංකාව

      http://www.navaliya.com/2010/01/18/feature4.html

      Delete
    2. ලංකාවෙ තියෙන නීතී ගැන කතා කරනවට වඩා හොඳා පාරේ තියෙන් බලු බෙටි ගැන කතා කරන එක.. මුස්ලිමුන්ට එක නීතියක්.. උඩරට උන්ට එක නීතියක්.. පහත රට උන්ට එක නීතියක්.. පිස්සු විකාරයක්..

      Delete
    3. උන්ගෙ රෙද්ද පස්සෙ එලවන්නෙ කලින් මේ කෝලම් නීති ටික නැතික‍්රල දන්න ඕන. මේකනම් පට්ටම විකාරයක් තමයි. මෙහ වෙනවනම් මුන්ගෙ පැටව් ගහන එක ඩබල් වෙන එක අහන්න දෙයක්ද.

      Delete
  33. මලාලා ගැන විස්තර තියෙන හොඳ සටහනක් මෙතනත් තියෙනවා .

    http://www.malkakulu.com/2014/10/17.html

    ReplyDelete
  34. @මලිත් @පැතුම් , ස්තුතියි ලින්ක් දැම්මට.

    ReplyDelete
  35. මලාලා එඩිතර දරුවෙක්...

    ReplyDelete
  36. මලාලාටත්, කයිලාෂ්ටත් මෙම නොබෙල් ත්‍යාගය ලැබුණු එකෙන් වඩාත් සතුටු විය හැක්කේ...එය ළමා අයිතීන් සහ ළමා අධ්‍යාපනය වෙනුවෙන් හඬ ඉදිරියට ගෙන යෑමට මාවත් විවර විය හැකි නිසාය. අපි කැමති වුනත් නැති වුනත් නොබෙල් ත්‍යාගය අද සම්මතයක් වෙලා ඉවරයි.

    ReplyDelete
  37. බටහිර නැටවීමක් වුනත්, වෙන මොකක් වුනත් මනුෂ්‍යත්වය වෙනුවෙන් සටන් වදිනවානම් ඔහු හෝ ඇය වීරවරියකි. මිනිසුන්ගේ මිනිසත් කම් නැති කරන සියලු ආගම්, මුලධර්මවාදීන් ආදීන්ට විරුද්ධව සටන් කරනා ඕනැම කෙනෙක් මනුෂ්‍යත්වයේ වීරයෙකි.

    ඔබගේ සටනට ජය පුන්චි කෙල්ලේ..

    ReplyDelete
  38. //ඇත්ත වශයෙන්ම මෙවන් ගෝනී බිල්ලන් පිරිසක් යුද්ධය පැවති කාලයේ මේ රටේ උන්නා නම් ඇති වන තත්වය කුමක් විය හැකිද? මෙය ලංකාවේ අනාගත ආරක්ෂාවට ඉතා භයානක ප්‍රතිපල ගෙන දෙන විපත්තියකි. මැද පෙරදිග මුදල් බලය හමුවේ රජය හා විපක්ෂය යන දෙකම මේ වෙනුවෙන් කිසිඳු හඩක් නොනැගූම, රටේ අවාසනාවකි//
    උන් ඕවට කතා කරයිද බං ඡන්දවලට කවුද වියදම් කරන්නේ..ලංකාවේ වල පයයි ගොඩ පයයි තියන් ඉන්න අගමැත්තත් ඡන්ද කරන්නේ පකිස්ථාන් කුඩු සල්ලිවලින් නම් අනුන් ගැන කවර කතාද?

    ReplyDelete
  39. This comment has been removed by the author.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න