.

.

Jan 10, 2017

විමල් වීරවංශ කතා වස්තුව හෙවත් මෝහිණිගේ පුත්‍ර රත්නය - Mohini's Son



මෝහීණි ගැන හැම එකාම අහලා තියෙනවාය. ඒත් මෝහිණි එන්නේ තනියෙන් නෙමේය. පොඩි එකෙකුත් එක්කය. ඒ කාළේ මෝහිණි දැකපු උන් අනන්තවත් උන්නාට දැන් එයා පේන්න එන්නේ නැතිය. ඒ වාගේම, හැම වාහෙම මෝහිණි ගැන කතා කලාට, මෝහිණිගේ පොඩි එකා ගැන කතා කොරන්නේ නැතිය. මාතලන් මේ කියන්න යන්නේ මෝහිණිගේ පොඩි එකා ගැන කතන්දරයය.

ඕන් එකෝමත් එක රටක ගිරුවාපත්තුව කියනා ප්‍රදේශයක වැදගත් පවුලක නාහෙට අහන්නේ නැති කොල්ලෙක් උන්නේය. කොලුවාගේ නම් පර්සිය. හැබයි නාහෙට අහන්නේ නැති එකා උනාට, ගමේ කොයි කාගේත් හිත දිනාගත් පොරගේ මදි පාඩුවට, කොලුවාගේ අප්පුච්චා තවත් පවුලක කොලුවෙක් උස්සාගෙන ආවේය. උගේ නම මර්වින්ය. මේ වැඩෙන් දන්දිනා සමරසිංහ හාමිනේට උනේ, අලි මදිවාට හරක් කේස් එකක්ය. ඒ කොලුවාත් අර ජාතියෙම එකෙක් වූ අතර, වලව්වට එන කොම්ප්ලේන් එන්න එන්නම වැඩි උනේය.

මේ දෙන්නා ඉලන්දාරි උනායින් පස්සේ ගමේ ඉතරක් නොව අහල පහළ ගම්වල පවා බොහෝම ජනප්‍රිය උනේය. හිත හොඳ ඉලන්දාරි දෙන්නා ගමේ හැම මගුල් තුලාවකටම, මළ ගෙවල් වල නයිට් ගැසීමට පමණක් නොව, බූරූ පොලේද, සූදූ පොලේද, කඩ මන්ඩියේද, තවත් නොයෙකුත් තැන්වලද, බොහෝ ජනප්‍රිය චරිතයන්ම වූයේය. මෙයින් පර්සි නම් ඉලන්දාරියා ඇඟ පතෙන් බොහොම හයි හත්තිය පොර උනාට, ගේමට ආපු එකාටවත් නෙලන්න ගියේ නැතිය. ඒ වැඩේ කෙරුවේ මර්වින් නම් පරම මිත්තරයාය.

ඔයින් පර්සි නම් ඉලන්දාරියාගේ අමුතු පුරුද්දක් තිබුනේය. එනම් පොඩි උන්ට මහත්සේ ආදරය කිරීමය. ඒ ආදරය ගැටිස්සියන්ගේ පටන් අත දරුවා දක්වාම කිසිඳු අඩුවකින් තොරවම පැවතියේය. ඕනෑම තැනකදි ගමේ ගැහැණුන් වඩාගෙන උන් දරුවන් පවා බලෙන් අතට අරගෙන, උඩ දානා එක මේ ඉලන්දාරියාගේ විනෝදාංශයක් විය. මර්වියා අනිත් කොල්ලෝ එක්ක කිව්වේ, ඔහොම පොඩි උන් ගන්නේ වෙනින් වැඩකටය කියලාය. ඒ කතාවේ ඇත්තක් නැත්තෙමත් නැතෙයි කියලා හිතුනේ සමහර ගෑණූ මේ දෙන්නා එන කොට හෙමිහිට මාරු වූ නිසාය. තා සමහරු කිව්වේ ළඟින් ගියොත් ඇහැත් නැතෙයිය කියලාය.

දවසක් මේ ඉලන්දාරි දෙන්නා ගමේ මළ ගෙදරක ගොස්, සියල්ලෙන්ම අඩු පාඩුවක් නැතිව සප්පායම් වී, කැරකොප්පුව හරියෙන් එමින් ඉද්දි එකපාරටම දැක්කේ පොඩි එකෙක් වඩාගෙන ඉන්නා සුදු වතින් සැරසී කොන්ඩය කඩාගෙන උන් තරුණ වියේ කාන්තාවක්ය. මේ දර්ශණය දුටු ගමන් පොඩ්ඩක් පස්සට පැන්න මර්වියා පර්සිට කිව්වේ, මචෝ බඩු හරි.. ඔය ඉන්නේ මොහිණි කියලාය. බිච්චියට හේත්තු කලත් යකාටවත් බය නැති පර්සි මර්වියාට කිව්වේ, ඉතින් අපිට පාන්ද බං කියලාය. ඒ අතරේ ළඟටම ආපු මෝහිණිගේ අතේ උන් දරුවා බලෙන්ම වගේ උදුරාගත් පර්සි කලේ, පොඩි එකා හුරතල් කොරනා එකය.

මේ අතරේ මෝහිණී බොහෝම භයංකාර හිනාවක් දැම්ම අතරේ පර්සි ඇහුවේ, මොකො අක්කේ ඔය හැටි හිනාවෙන්නේ අපි මෙතන හිනා වෙන්න දෙයක් කොලේ නැතෙයිය කියලාය. මොහීණි කිව්වේ අනේ බලහන් සුදු මල්ලියේ, මම කී දෙනෙක්ට ඔය දරුවා පොඩ්ඩක් අල්ල ගන්න කියනවද මගේ මේ රෙද්ද  හදාගන්න, ඒත් උඹ බලහන්, කියන්නත් කලි පොඩි එකා වඩා ගත්තානේ, උඹට රාජ රාජ සම්පත් ලැබෙන්න ඕනාය කියලාය. එහෙම කියන අතරේ මර්වියා ඇහුවේ, මම රෙද්ද හදන්නද කියලාය. අවුලක් නත්නම් හදහන් මල්ලියේ කිව්වාම. ඕන රෙද්දක් කියා හිතපු මර්වින් රෙද්ද හැදුවාම, රෝහිණි කිව්වේ, මල්ලියේ මම පොඩ්ඩක් දොට්ට පිලට ගිහින් එනකන් පොඩි එකා ඔහොම්මම අල්ලගෙන හිටහන් කියලාය.

දොට්ට පිලට ගිය උන්දෑ සෑහෙන වෙලාවක් ගිහිනුත් ආවේ නැති අතර, පලාතම දෙවනත් කරමින් පොඩි එකා බෑගිරි ගහන්න පටන් ගත්තේය. මෙහෙම පරිප්පුවක් ජීවීතේදි කාලා නෑ යකෝ කියාපු පර්සි මර්විනයාගෙන් ඇහුවේ, දැන් මක්කැයි බං අපි කොරන්නේ කියලාය. මක්කා කොරන්නද පොඩි එකා විසි කොරලා යන්නය, කාගේ හරි දරුවෙක් නේ, මහසෝනා ඇවිත් තා එකෙක් දෙන්න කලින් වලව්වට යමන් කියා, මර හූ හඬ දෙන දරුවාත් වඩාගෙන දෙන්නාම ගෙදර ආවේය.

මහ රෑ දෙගොඩ හරි ජාමේ පොඩි එකෙක් මර හූ තියන්නේ මොකෝ කියා බලන්න එලියට ආපු දන්දිනා හාමිනේ දෙලෝ රත් වෙලා ගියේ, පර්සි පුතා පොඩි එකෙක් වඩාගෙන ඉන්නවා දැක්කාමය. මම දැනගත්තා තෝ රට වටේ මනමාල කමේ යනකොට අන්තීමට වෙන්නේ මේකෙයි කියා, මල අතට ගත්ත හාමිනේ අස්වසන්න බොහෝම යාප්පුවෙන් මර්වියා දන්දිනා හාමිනේට කතාව කිව්වාම, දන්දිනා හාමිනේ කිව්වේ මොහීණිගේ උනත් දරුවෙක් නේ, එහෙනම් අපි බලමු මක්කවත් කොරන්නෙයි කියලාය.

ඊළඟ දවසෙ එලිවෙන්නත් කලියෙන් කපුටාහේ පිහාටු කතන්දරේ වගේ, කැලෑ පත්තරයි, ළිඳ ළඟ සංගන්වලයි, කඩ මන්ඩියෙයි, මේ ගැන එක එක කතා හතර අතේම ගියේය. මේ කතන්දර නිසා එකෙක්ටවත් මඟුලක් කොර ගන්න වෙන්නේ නෑ කියා කියපු දන්දිනා හාමිනේ, ඇල්වින් මහත්තයා හා සමඟ කතා කොට වලව්වේ වැඩට ඇවිත් උන් කළුතර පැත්තේ බවලත් කෙනෙකුන්ට පොඩි එක බාරදි, ඒකිට කිව්වේ අපි සියළු විය හියදම් කරන්නම්, ජීවිත කාලෙම බලා ගන්නම්, උඹ මේ දරුවා හදා ගනින් කියලාය.

ගමේ ගිය කයි කතන්දර නිසා පර්සි කොලුවාටවත් මර්වින් කොලුවාටවත් ගිරුවාපත්තුවේ කිසිම ගමකින් පෙලවහක් නම් කොර ගන්න බැරිව ගියේය. පර්සි කොලුවා කොළඹින් කසාදයක් කොර ගත් අතර, මර්වින් කොලුවා කුලියාපිටිය පැත්තෙන් කසාදයක් කොර ගත්තේය. කළුතරට පැමිණි මොහිණිගේ පුතා, කර දඬු උස් මහත්වී, දේශපාලනයටත් ඇවිත්, මෝහීණීලාගේ ගේම් දිදි ඉන්න අතර වාරයේ, පර්සි කොලුවා රජ උනේය.

රජ උනායින් පස්සේ, මේ කොලුවා, ඌ උන් පක්ෂයෙන් පන්නවා තමන් ළඟට ගත්ත පර්සි මහත්තයා ඌ කවදාවත් නොගිය සීගිරියේ ඉතරක් නොව ඩිස්නිලතයෙත් ටුවර් වලට එක්කගෙන ගියේය. ඒ වාගෙම ඌටත් ඕනෑම දෙයක් කොරගන්න තම පුතාටවත් නොදුන් අමාත්‍යන්ශයකුත් දුන්නේය. ඒත් අම්මා දුන් ගුලිය වගේම එක එක ජාතියේ ගුලි දීලා, අන්තීමට පර්සි මහත්තයාගේ රජකමටත් කෙලලාම දැම්මේය.

ඉන් පස්සේ පටන් පර්සි මහත්තයා පොඩි උන් වඩා ගන්නා එක නැවත්තුවේය. මෝහිණිගේ කොලුවා නම් ආරේ ගති නෑරේ කියන්නාක් මෙන්, අදටත් උගුර යටින් බෑඟිරි ගසමින්, ඇස් ලොකු කරමින්, කෙස්ස වනමින්, මුළු රටම බය කරමින්, අදටත් පර්සි මහත්තයාට ගුලි කවමින් සිටින්නේය..

මෝහිණි පුත්‍ර කතා වස්තුව මෙතැකින් නිමියේය..

70 comments:

  1. හෙක් හෙක්...

    ඇත්ත නෙන්නං...
    හැබැයි යාලුවො දෙන්නා දැං වැඩිය දොඩන් නෑලු නෙහ්..

    ජයවේවා ..

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්නා නම් තාවකාලිකව තරහයි නේ..

      Delete
  2. හෙක් හෙක්...

    ඇත්ත නෙන්නං...
    හැබැයි යාලුවො දෙන්නා දැං වැඩිය දොඩන් නෑලු නෙහ්..

    ජයවේවා ..

    ReplyDelete
  3. මාතලන් බොහොම වෙහෙස මහන්සි වෙලා ලියල තියෙනවා. හැබැයි කතාව අදට ගැලපෙන්නෙ නැහැ නේද? ඔන්න ඉස්සර කාලෙ (2010 -2014) අර ලෙමන් පෆ් උපවාසෙ කාලෙ වගෙ ලිව්ව නම් චාන්ස් එකක් තියෙයි.

    හේවා කෝපරගේ විලියම් සිල්වා උන්නැහේගේ පුතා මුලින්ම චමල් උන්නාන්සෙගේ පොල් වත්තක මුරකාරකම් කරල පස්සෙ අත්තනගල්ලෙ සෙවලබණ්ඩට අයත් බටකොළ ආච්චිගෙ වතු බලාකියාගෙන පස්සෙ යුඑන්පීයෙන් 88-89 භීශන කාලෙදි ඡන්දෙ ඉල්ලල පලාත් සභා ගිහින් ආන්ඩු පෙරලුණාම චෞර රාජිනියට නිතඹ දීල හොර පාරෙන් නියෝජ්ජිය ඇමැත්තෙක් වුණා. පස්සෙ පර්සියට රට ගියාම මූ ගමේ කම් රටේ නැති බයිල ගහල අන්තිමට ඌවත් කාල දාපු නොම්මර එකේ අවස්ථාවාදී තක්කඩි අමනයෙක්. දැන් අරිජුනා සහ ෆොනී සමග සෙට් වෙලා කිසි ගින්නක් නැතුව අගේට ඉන්නෙ. මෝහිණීගෙ පුතා සෑහෙන්න හොඳයි ඌත් එක්ක බලත්දි.

    කොහොම වුණත් දැන් රාජපක්ශ කල්ලියට ගහන මඩ හිට් වෙන්නෙ නැහැ ආන්ඩුව අම්බානක පිස්සු කෙළින නිසා. මමත් රාජපක්ශ හොර හැත්තට බැනල බ්ලොග් වල දාපු කමෙන්ට් වලින් වැඩක් වුන් නැහැ.

    ReplyDelete
    Replies
    1. ..\\..මමත් රාජපක්ශ හොර හැත්තට බැනල බ්ලොග් වල දාපු කමෙන්ට් වලින් වැඩක් වුන් නැහැ....//..👍🏽

      Delete
    2. එච්චර මහන්සියක් උනේ නෑ. ආන්ඩුවෙනුත් එයාලට නොගහා ඩීල් වලට යන එකේ අපිවත් ගහන්න එපාය.

      Delete
  4. නිර්මාණශීලිත්වය 100%. මේකා ඉස්සර ජේවීපී ඉන්නකොට හරි තර්කාණුකූලව කථා කලා. දැන් කරන්නේ මොනවහරි වචන ටිකක් එක්ක යටි ගිරියෙන් කෑගැහීමක්.

    ReplyDelete
    Replies
    1. ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීලර්ඞ් මාෂල් සරත් ෆොන්සේකා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අතර පාර්ලිමේතුවේදී ඉතා උණුසුම් වචන හුවමාරුවක් සිදු විය. වීරවංශගේ අදහල් පල කිරීමෙන් කර කියා ගත දෙයක් නැති වූ ඇමති ෆොන්සේකා ‘මයික් එක ඕෆ් කරන්න’ යයි වහා කතානායකට කියා සිටියේය. ඒ අනුව වීරවංශගේ මයික‍්‍රෆෝනය අක‍්‍රීය කරනු ලැබීය.

      https://www.facebook.com/mrsociolteam/videos/1973000349593339/

      Delete
    2. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පක්‍ෂග‍්‍රාහී බවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතීත්වයට සුදුසු නැති බවත් නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

      මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ව පළමු වරට ප‍්‍රසිද්ධියේ අදහස් හෙලි කලේ ඔහු බැවින් හදුන්නෙත්ති මහතා කෝප් කමිටු සභාපති ධුරය දැරීම සුදුසු නැතැයිද ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.

      ඊට පිලිතුරැ ලෙස ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත් කියා සිටියේ ඒ අර්ථයෙන්ම මහ බැංකු බැදුම්කර සිදුවීම නිවැරදි බව ප‍්‍රසිද්ධයේ කී නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහද කෝප් කමිටුවේ සාමාජිකත්වය දැරීම නුසුදුසු බවයි.

      Delete
    3. ඒදා ඉඳලාම් බොනිකර තරුවෙන් තමයි ජීවත් වෙන්නේ.. කවදා හරි එජාපයේ නවතියි.

      Delete
  5. මාත මචෝ උඹ කන බොන මනුස්සයා නිසා චූටි ප්‍රශ්නයක් අහන්නම්. උඹ මොකෑ මේ ගැන කියන්නෙ?

    //සිගරැට් මිල වැඩි කල නිසා අරක්කු බොන්නැයි සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දුම්වැටි මිල ඉහල දැමීම ගැන ඇමතිවරයාගෙන් කල විමසීමකදී ඔහු මෙසේ කියා සිටියේය.

    ‘අවශ්‍ය නෑනේ සිගරට් බොන්න. අරක්කු ටිකක් බොනවකම් ඊට වඩා හොදයි’ යයි ඇමතිවරයා එහිදී පැවසීය.//

    https://www.youtube.com/watch?time_continue=386&v=05SUcxXjqjM

    ගෝල්ලිප් එකක් වෙනුවට ගල් කාලක් ගහන්නලු. ඒත් ගල් බාගෙකුත් දැන් රු. 620 - 660 රේන්ජ් එකේ යන්නෙ. ගල් කාලක් කියන්නෙ සිගරැට් 8ක විතර සල්ලි. දැන් ඉතින් බීඩි නැත්නම් කසිය පිහිට තමයි. මචන් මොනාහරි සොලියුසන් එකක් දීපන්කො බන් හොඳ එකා වගේ.

    ReplyDelete
    Replies
    1. ඕවට කෙලින උන්ට ඉන්න හිටින්න තැන් පවා නැති වෙනවා. රවී තමයි ඔහොමවත් කොන්ට්‍රෝල් කරගෙන තියෙන්නේ. නැත්තං හිටං හුටං කැමති නැති ඕන දෙයක් අනෙක් අයටත් ලැබිය යුතු නෑ. උගෙ අම්මගේ ප්‍රජාතන්ත්‍රවාදේ.

      Delete
    2. ගල් කාලක් ගහලා ජෝනගේ සුරුට්ටුව තමයි උරන්න වෙන්නේ සිගරට් එක වෙනුවට.

      Delete
    3. "ඕවට කෙලින උන්ට ඉන්න හිටින්න තැන් පවා නැති වෙනවා."
      අනිවාර්යයෙන්ම. අවීචි මහ නරකාදියෙ තමයි !!!

      Delete
    4. අරුණ,

      ජෝනගේ සුරුට්ටුව නැමෙනවලු මචං. ඉතිං මොකෝ කරන්නෙ?

      Delete
    5. Ano මචං.... ගල් කාල ගහන ගමන් ජෝන්ට ව්‍යාඝ්‍රා ඩෝස් එකක් දීලා ඉන්න වෙනවා. ජෝනාගේ නෝනාගෙන් තමයි අත මාරුවක් කරගන්න වෙන්නේ.

      Delete
    6. "නැත්තං හිටං හුටං කැමති නැති ඕන දෙයක් අනෙක් අයටත් ලැබිය යුතු නෑ. උගෙ අම්මගේ ප්‍රජාතන්ත්‍රවාදේ."

      සගය මාතලන, අරුණය,

      දිවාකර සම අප ජනපතිඳුහු මධුව පිළිකෙව් නොකරති. මල නොතලන බඹරිඳු සේ උහු ඒ දෙ අදර අතරින් දත නොවැද දිවගට ගෙන එහි අම රස විඳිති. නමුදු නොගිලිති. ඉන් ඇවත් නැති හෙයින් පාරාජික නොවේ.

      -මයුරවිල මි.

      Delete
  6. මාතලං ඇට් හිස් බෙස්ට්.. :)

    ReplyDelete
  7. රුහුණේ නිසා ඔය හම්බවෙන්ඩ ඇත්තේ මෝහිනී නෙවෙයි රෝහිණී.

    ReplyDelete
  8. මාතලන් මෙන්න තවත් පොස්ට් එකකට ඉතාම සුභදායක ප්‍රීති ජනක ආරන්චියක්;

    වසර 04ක කාලයක සැලසුම්වලින් පසු 2020දී පමණ ශ‍්‍රී ලංකාව සීඝ‍්‍රයෙන් සංවර්ධනය කරන නවතම සංවර්ධන සැලසුම වන "දින 1500ක ආර්ථික පෙරළිය" අයවැය ඉදිරිපත් කිරීමට පෙර ගරු අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා විසින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    සිකුරාදා දිනයේ මෙරටට පැමිණෙන ගරු අගමැතිතුමා මෙම වැඩසටහන ගැන තව දුරටත් සාකච්ඡා කිරීමට නියමිතය. මෙම වැඩපිලිවෙල සකස් කෙරෙන්නේ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ සංකල්පයට අනුව ක‍්‍රියාත්මක කෙරෙන දිලිදුකම පිටු දැකීමේ වැඩපිළිවෙළට සමගාමීවය. මෙම වැඩපිළිවෙලින් පසුව ලංකාවේ ආර්ථිකය ඉතාමත් පෙරලිකාරී ලෙස අතිවිශාල සංවර්ධනයක් හිමිකරගනු ඇතැයි ලොව පුරා බොහෝ ආර්ථික විද්වතුන් විශ්වාසය පලකර සිටී. මේ ගැන විස්තර සොයා හැකිනම් පෝස්ට් එකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. හැමදාම අග නඟරේ හදවත් හෙවත් කොළඹ කොටුවේ පාරවල් වහගෙන උද්ඝෝෂණ. එහෙව් රටක මොන සංවර්ධනද අප්පා. වැල් බයිලා. මම කිව්වේ. චන්ද්‍රිකා යුගයටත් වඩා අන්ත යුගයක් තමයි ජනතාවට ලැබෙන්නේ.

      Delete
  9. මෝහිනී ගේ නම තියෙන නෙලුම් පොකුනේ නාමපුවරුව ගැලෙවුවැයි හිටන්?

    ReplyDelete
    Replies
    1. අන්න සරසෝ. උබේ පටි රෝල් කරල අරූ උබ ගැන බ්ලොග් එකක් ලියල..😜

      Delete
    2. ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පොලොන්නරුව පැවති සුගලාදේවි ගම්මාන විවෘත කිරිමේ උත්සවයට සහභාගිවෙමින් ජනාධිපති පවසා සිටියේ නෙලුම් පොකුණ රඟහල ආරම්භ කිරීමට 2004 වර්ෂයේදි මෝහිනී විසින් උත්සවාකාරයෙන් මුල් ගල තැබු බවත් ඒ වෙනුවෙන් සමරුඵලකයක් එම භූමියේ ස්ථාපිත කලබවත්ය.

      එහෙත් නැවත වරක් 2005 වසරේදි මහින්ද රාජපක්ෂ සමයේ එම සමරු ඵලකය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර කොට ඉවත්කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂගේ නමින් නව සමරු ඵලකයක් ස්ථාපිත කිරීමේ උත්සවයක් මහ ඉහළින් පැවත්වූ බවත් තමා ඇමතිවරයකු ලෙස ආරාධනාවක් අනුව එහි ගියේ මෝහිනී මැතිනිය විසින් මුල්ගල තැබු එම රඟහල ඉදිකොට අවසන් කර ඇති බැවින් එහි විවෘත කිරීමේ අවස්ථාව යයි සිතා බවත්ය.

      නමුත් සිදුවූයේ මෝහිනී මැතිනිය විසින් තබන ලද සමරු ඵලකය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර කොට ඉවත්කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂගේ නමින් නව සමරුඵලකයක් ස්ථාපිත කිරීමේ උත්සවයකට සහභාගිවිමට යන්නයි.

      එම චෝදනාව ප්‍රතිකේෂ්ප කරමින් මහින්ද රාජපක්ෂ කියා සිටියේ අදටත් නෙලුම් පොකුණ රඟහල පරිශ්‍රයදී මෝහිනී විසින් තබන ලද එම සමරුඵලකය නිරුපද්‍රිතව ඒ ආකාරයෙන්ම තිබෙන අයුරු එහි යන ඕනෑම අයෙක්ට මේ අයුරින් දැකගත හැකි බවයි. මාධ්‍ය මගින් එහි ඡායාරූප ද ප්‍රසිද්ධ කරනලද අතර ඒ කතාව නම් ඇත්ත බව පෙණිනි.

      Delete
    3. //////අන්න සරසෝ. උබේ පටි රෝල් කරල අරූ උබ ගැන බ්ලොග් එකක් ලියල..😜///////

      කෝ බං කොහෙද තියෙන්නේ ඒක. ලින්ක් එකක් දාපල්ලකෝ.

      Delete
    4. //එම චෝදනාව ප්‍රතිකේෂ්ප කරමින් මහින්ද රාජපක්ෂ කියා සිටියේ අදටත් නෙලුම් පොකුණ රඟහල පරිශ්‍රයදී මෝහිනී විසින් තබන ලද එම සමරුඵලකය නිරුපද්‍රිතව ඒ ආකාරයෙන්ම //
      ඕකනේ කියන්නේ ඇනෝ කවුරුහරි හදලා දෙන කථාව හරිද වැරදිද කියලා ටිකක් ඩබල් චෙක් කරන්නේ නැතිව කිව්වාම ඔය වගේ දේවල් වෙනවා. මේ වගේ දෙයක් කියද්දි දැනගන්න ඕන මේක මීඩියාවල හයි ලයිට් වෙනවා කියලා. ඒ වගේ දේවල් පොඩ්ඩක් චෙක් කරවලා බලන්න වෙනවා. නැත්නම් පස්සේ නෝන්ඩි කන්න වෙන්නේ.

      Delete
    5. ටිලාන් ආතල් අයියේ.. ලින්ක් එක දෙන්න කෝ මෙයා...

      Delete
    6. හික් හික් හික්ස්. කවුද ඉතින් "පකය" තමයි බොට පොස්ට් එකක් දාන්නෙ... 😂😂😂😂🤓😜.. හය්යෝ සාරස තුමා කලබල උන තරමක් හිටං.. 🙈🙊😂😂

      Delete
    7. එකෙක් කියනවා ගැලෙව්වය කියලා. අනිකා කියනවා තියෙනවය කියලා. දෙන්නම සෙවල බන්ඩගෙ දරුවෝ නේ.

      Delete
    8. // හික් හික් හික්ස්. කවුද ඉතින් "පකය" තමයි බොට පොස්ට් එකක් දාන්නෙ... //

      යකෝ වාසුදේව මස්සිනාත් සින්හල බොග් ලියනවැයි?

      Delete
    9. "මෝහිනී මැතිනිය විසින් මුල්ගල තැබු එම රඟහල ඉදිකොට අවසන් කර ඇති බැවින්.."

      ඒ කියන්නෙ සිරා ගිහිං තියෙන්නෙ "මොහිනීගේ නෙලුම් පොකුණ" බලන්න. ඒ කාලෙනං කොහොමද මන්ද?

      දැන්නම් "මොහිනීගේ නෙලුම් පොකුණ" ජරා වාස වෙලාලු. පොකුණකින් වුනත් වැඩ ගන්න සීමාවක් තියෙනවනේ. නැද්ද මාතලන්?

      Delete
    10. මම නම් දන්න තරම පොකුණේ තාමත් නෙළුම් පිපෙනවය කියලා තමයි ආරන්චිය.. ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියලත් කියනවනේ...

      Delete
  10. මෝහිණීවත් කැමතිවෙන එකක් නැහැ ඌව පුතා විදියට පිළිගන්න.තැඹිලි වතුර ටිකක් .. :D

    ReplyDelete
  11. කාලයකට පස්සේ මාතලන් ස්ටයිල් එකේ කථාවක් කියෙව්වා. මල් මසුරන් බන්. චරිත තුන ලෙසටම ගැලපෙනවා.. 👊🏽

    ReplyDelete
  12. හරි දැන් දොට්ට පිලට ගිය මෝහිණිට මොකද උනේ. පර්සියි ගස් මෝවියයි දෙන්නම එකතැනක නිසා එයාලාගෙන් කරදරයක් උනා කියන්නත් බෑ. ඊට පස්සේ කාටවත් මෝහිනීව හම්බ උන් නැද්ද. එහෙම නැත්නම් මෝහිණී වෙන ගමකට ගිහින් හොරෙන් කසාදයක් එහෙමත් කරගෙන අප්පච්චි මලෝ මාමා, ඩිලාන් මාමා වගේ අයට අම්මා උනාද.

    ReplyDelete
    Replies
    1. මොහිණී විදිහට ඇඳගෙන ඇවිත් තියෙන්නෙ බටලන්දෙ ඇම්ඩන්තුමා නොහොත් ලංකාවේ මහා මොළකරු තුමා මචන්. බුවාගෙ දුර දක්නා සුපිරි මීටරේට වැටුන මැදමුලනෙ පර්සි ගොයිය කවදහරි රජපුටුවට එනබව. ඉතින් බුවාට ගේමක් දෙන්න හිතල මෑන්ස් ගෑනියෙක් වගේ ඇඳන් ඇවිත් මුන් දෙන්නම කොටෝල ඒ මදිවට කොහෙන්ද හොයාගත්තු නසරානි පුන්චි එකෙක් වගේ මතුරපු පිල්ලියකුත් පන්ගාර්තු කොලා.

      පොර ගිහින් තියෙන්නෙ පොළොන්නරුවෙ ගොයි ගෙදරකට එහේ හිටපු හුජ්ජ කොල්ලෙක්ව ෆෝම් කොරල පොරගේ ඊලඟ උගුල පැලෑන් කොරලා අටවන්න.

      Delete
    2. එහෙනම් ෂුවර් එකටම බටලන්දෙ ඇම්ඩන්තුමාව මෝහිණී විදිහට ඩ්‍රෙස් කරන්න ඇත්තේ කුරැඳු පොලු මංගලතුමා වෙන්න ඕනා. මතකනේ ඒ දවස්වල පෝස්ටරයක් ගැහුවා රනිල්ට බෑ කියලා. ඒකෙත් ලස්සනට බවලත් කෙනෙක් වගේ අන්ඳලා තිබුණා.

      Delete
    3. අපෝ නෑ මෝහිණි පුල් ආතල් එකේ ඉන්නවලු හිනා වෙවි.. දරුවත් එක්ක ආතල් ගන්න බෑ නේ.

      Delete

  13. මං ඒත් බැලුවා මොකෝ අර පොඩි එකා එච්චර කෑ ගාන්නේ කියලා! බලද්දී මෝහිනී ගේ ජාන නේ!

    ReplyDelete
  14. එකත් එකටම දැන් මෝහිනී පාරෙ හිටිය කියල ආරංචියක් නැත්තෙ ,පුතා කරන වැඩ හින්ද රෙද්දක් ඇදන් පාරට එන්න බැරි හින්ද වෙන්න ඇති.
    මාතලන්ගෙ මේ ඉට්ටැයිල් පෝස්ට් වලට මම පට්ට ලැයික්‍ ය .

    ReplyDelete
    Replies
    1. ////එකත් එකටම දැන් මෝහිනී පාරෙ හිටිය කියල ආරංචියක් නැත්තෙ ,පුතා කරන වැඩ හින්ද රෙද්දක් ඇදන් පාරට එන්න බැරි හින්ද වෙන්න ඇති./////////

      පට්ට කියමනක් ඕයි.

      Delete
    2. රෙද්දක් ඇඳගෙන ඉන්න පුළුවන්ද බං පුතා කරන වැඩවලට... දැන් අමු හෙළුවෙන්ලු ඉන්නේ..

      Delete
    3. ජහපාලනේට කඩේ ගිහිල්ලා බොලා ඉන්නෙ දැන් රෙදි ඇතුවද?

      Delete
    4. අපෝ ඔව් කිසිම අවුලක් නෑ උඹලා වගේ හෙළුවැල්ලෙන් ඉන්න...

      Delete
  15. අඩෝ.....ලියපු නැති දවස් ටිකටත් එක්ක ඇරියස් අල්ලනවාද..නියමයි මාතා!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සුමානෙද දෙකද කොහෙද බන් නොලියා හිටියේ... පොන්නයන්ටත් පොඩි ආතල් එකක් දෙන්න එපාය..

      Delete
  16. උඹ දන්නෙ නැද්ද, මෝහිණී මලානෙ අවුරුදු දෙක තුඅනකට කලියෙන් තංගල්ලෙ පුෂ්පෙයි, අකුරැස්සෙ සුනිලයි පෝළිමක් දාලම.

    ReplyDelete
    Replies
    1. ඒ මෝහිණි නෙමෙයි.. මෝනා කියලා පිටරට වර්ෂන් එකක්.. මෝහිණි එලියට එන්නේ නෑ.. සමාජයට මූණ දෙන්න බෑ නේ දරුවා කෙලින පිස්සු නිසා..

      Delete
  17. මෝහිණි පුත්‍ර කතා වස්තුව /// ela

    ReplyDelete
  18. මෝහිණී කන්නෙත් ලෙමන් පෆ් ද?

    ReplyDelete
    Replies
    1. කන්නේ ලෙමන් පෆ් ලු.. හැබයි බොන්නේ බ්ලැක් ලේබල්...

      Delete
  19. ඩිග්‍රිය ගත්තට පස්සෙ මෙයා හෙන ඇඩ්වාන්ස්.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි.. අපිත් දැන් ඩිග්‍රි තියෙන අය විදියට තමයි හැසිරීම...

      Delete
  20. අදායම හොදියි වගේ

    ReplyDelete
    Replies
    1. නෑ... ආදායමක් ඇත්තෙම නෑලූ.. ඒකනේ දිනපතා තුන් වේලම බෑඟිරි ගාන්නේ... හොරා කන්න විදියක් ඇත්තෙම නෑ නේ...

      Delete
  21. මම දැක්ක ඔය මොහිනීගේ කොල්ලව වාහන හොරකමකට (ඒක පොෂ් විධියට කියන්නේ 'වාහන අවභාවිතය' කියල) FCID යෙන් ඇරස්ට් කරපු වෙලාවෙ, ඒකාබද්දේ මජරයො සෙට් එකක් ඌව බදාගෙන ඉඹින අතරෙ, දේශප්‍රේමී හොර ගණයෝ සෙට් එකක් ඌට පිරිත් ද කොහේදෝ කියනවා. හරියට ඌට නෝබෙල් තෑග්ගක් ලැබිල වගේ.

    ඔය ඒකාබද්දේ අපතයෝ සෙට් එක මෝහිනීගෙ අක්කලාගේ, නංගිලාගේ දරුවෝ වෙන්න බැරිද?

    **
    (නියම පොස්ට් එක මචෝ..)

    ReplyDelete
  22. අයියා මේක නම් පට්ට අයිඩියා එක.. මාරයි . මෝහිණී ට දැන් පාරක තොටක ඉන්න නෑ

    ReplyDelete
  23. One of the creative posts from Maathalan 2016 archives.......

    Apita Diyaw Aluth Post//

    ReplyDelete
  24. යහපාලනයේ ගැලරිය පිනවන පඩ ෂෝ වලින් වෙන්නේ මේ සන් ඔෆ් මෝහිනී ඊළඟ ට එලියට ඇවිත් කතා කරන්නේ නෙල්සන් මෙන්ඩෙල් එලියට ඇවිත් කතා කරපු ආකාරයට රට ජාතිය වෙනුවෙන් වැලිකඩ ගියා කියලා

    ReplyDelete
  25. නිර්මාණාත්මක ලියැවිල්ලක්. පටාං ගත්තු එකේ රටේ ඉන්න අනෙක් මහතැංල ගැනත් ලිව්ව නං අගේ කියල නිම කොරන්න බෑ. හැබැයි පක්ෂ පාට බේදෙකිං තොරව ඕං...

    ReplyDelete
  26. අලුතෙන් මොකක් හරි හුත්තක් ලියල දාපන්කෝ බන්...

    ReplyDelete
  27. පට්ට නිර්මාණයක්. සෑහෙන කාලෙකින් හිනාවෙන්න එකක් මාතලන් ගෙන්. ඒත් පව් නැත්ද බං මූටම අල්ලන් ගහන්නේ. ආණ්ඩුවේත් නැති එකේ.

    ReplyDelete
  28. කොලුවාගේ අප්පුච්චා තවත් පවුලක කොලුවෙක් උස්සාගෙන ආවේය. උගේ නම මර්වින්ය./////// මුගේ තාත්තා මරාගේ තාත්තා තමයි

    ReplyDelete
  29. මර්වියා මෝහිණීගේ රෙද්දත් අරං දිව්වා...දැන් නාකි මෝහිණී...හෙළුවෙන් පාරදිගේ...පිස්සියෙක් වගේ...පිස්සියෙක් වගේ...කියව කියව ඇවිදිනවා !
    # එස්.බී දිසානායක #

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න