.

.

Apr 7, 2020

කොරෝනා හා කාස කාරයෝ...




කොරෝනා හා කාසේ...

Tuberculosis (TB) කියන රෝගයට අපේ උන් කියන්නේ කාසේ කියලා....

රෝගය හැදුන ඕන එකෙක් සමාජය හඳුන්වන්නේ කාස කාරයා නැත්නම් කාස කාරී කියලා....

මට හොදට මතකයි.. අපි පොඩි කාළේ තොරණ හංදියේ තිබුන ආසිරි කඩේට උන දේ...

ඔය කඩේ කොයි වෙලේ බැලුවත් සෙනඟ... වරාගොඩ පාරේ උන්න සාමාන්‍ය මනුස්සයගෙ ඉඳලා... නුවර පාරේ ප්‍රභා ස්ටෝර්ස් එකට ගියපු... ඒ කාළේ පොෂ් පීපල්ස් පවා.... එළවළු ගත්තේ මේ කඩෙන්...

එක පාරටම කඩේ ගෝලයා වෙච්චි ප්‍රේමසිරි මුදලාලිගෙ කැෂියර් කෑල්ලට ඇවිත්.... මුදලාලී පේන්න නැතිව ගියා.... අහන අයට කිව්වේ ගමේ ගියා කියලා...

ඒ උනාට රොයිටර් හා AFP ප්‍රවෘත්ති සේවයේ වැඩ කරපු ගමේ උන් මේක කීයටවත් විශ්වාස කලේ නෑ...මොකෝ මුදලාලී රෙන්නවත් කැෂියර් එකෙන් නැගිට්ටේ නැති බව මුලු කැළණියම දන්නවා....

පස්සේ ගමේ අයට ආවා ඒ සුභ ආරංචිය..... මුදලාලිට කාසේ.... ඉඳලා තියෙන්නේ වැලිසර ලය රෝහලේ...

අනේ බලාගෙන ඉද්දි කඩේ බංකොලොත් උනා... මුදලාලි කාස කාරයා උනා....

අදටත් රටේම මේ තත්වය ඕකයි... මාතලන් ඕක හොදටම දන්නේ අපේ තාත්තටත් මේක හැදුනා... හැබයි ඔය බොරැල්ලේ තියෙන... අද හැමෝම කතාවෙන වසංගත රෝග විද්‍යා අශයේ උන්න විශේෂඥ වෛද්‍යවරු නිසා එයා බේරුනා..

ඒකේ විශේෂත්වය කියන්නේ.... චැනල් කරපු හැම එකාම බලාපොරොත්තු අත අරින්න කියපු ලෙඩා තමයි තවත් අවුරුදු 10 ක් කිසිම ලෙඩක් නැතිව ඔතනින් ගොඩ දම්මේ... ලෙඩේ හැදෙන කොට තාත්තට වයස 83 ක්.... එයාගේ පෙනහළු හොදටම විනාශ වෙලා තිබුනේ... එකම එක ඉස්පැසොලිස්ට් කෙනෙක් චැනල් කරපු ගාන එවෙලෙම සාක්කුවෙන් දුන්නා.... අනිත් අයට අමතක වෙන්න ඇති....

ඉතින් ඔතනට නිතර ආගිය කෙනෙක් හැටියටත්.. ඔය උඩින් කිව්ව එක්ස්පීරියන්ස් එක නිසත් .... මේ රෝගය ගැන සමාජයේ තාමත් තියෙන්නේ ඒ කාළේ තිබුන මතයමයි කියලා මම හොදින් දන්නවා...

කීප දවසක් PHI ලා බෙහෙත් හරියට නොබී හැංගිලා ඉන්න උන් අල්ලගෙන එනවා... ගොඩක් කොළඹ වතු වල අය... මේ රෝගින් ගැන උන් වාර්ථාවක් එක්ක හොද පසු විපරමෙන් ඉන්නේ... ඉතින් PHI ලා ගෙදරකට ආපු ගමන් අර ගෙදර උන් ඔක්කොම කාස කාරයෝ.... ආස්සරේ ඉවරයි... හැදිච්ච එකත් මෙන්ටලි වැටෙන්නේ එකසිය ගානට....

සමහර ලෙඩ්ඩු ගෙවල්වල උන් අරගෙන එන්නේ මරන්න ගෙනියන හරක් හා දෙනුන් වගේ... මාස්ක් දාන්න කිව්වට දාන්නේ නැ.... කොන් වෙන්න ආස නෑ....

ඉතින්... මේ ටී වී වලින් මැරෙණ හැටි පුච්චන හැටි හැංගෙන හැටි... මාරුවෙන හැටි.. වගේම ... ලෙඩේ නම් ඉස්පිරිතාලෙටත් එන්න එපා කිව්වාම.... බයවෙන අහන්න දෙයක්ද....

මුන් මිනීමරුවෝ වගේ සෙට්ටෙකක් කරලා ඉවරයි...

ලෙඩේට බේත් නැතෙයි කිව්වාම තත්වේ තවත් දරුණුයි....

ඉතින් සෙට්ටෙකක් කෝමත් මැරෙණ එක නේ කියලා මැක්සා ආතල් ගන්නවා... අනික් උන් ඕනවටත් වඩා බය වෙලා... තොයිල් නටන සැයිස් එකට පත්වෙලා තියෙනවා....

ඇඳිරි නීතියත් දාලා හමුදාවත් දැම්මයින්..... දැන්  උන් ටෙරාලා ගානට වැටිලා තියෙන්නේ...

දැන් මොකා මක්කා කිව්වත් රෝගය වැළඳුන උන් හොයන්න වෙන්නෙත්.... උන්ට බෙහෙත් කරන්න වෙන්නෙත්.... ත්‍රස්තවාදී හොයලා පුනරුත්තාපනේ කරනවා වගේ තමයි....

වෙන සොලියුෂන් එකක් නෑ.....

හැබයි මාධ්‍ය නිසිලෙස මේ ගැන අවධානයක් යොමු කරා නම්...

මිනිස්සුන්ගේ මනස් හදනෙක.....

තාමත් එච්චර අමාරු නෑ.....

ඒත් උනුත් පාරේ රඟන්නේ ගොබ්බ පොලිස් කාරයගෙ චරිතේ....

මේක ආදරෙන් කියලා දෙන්න එකෙක්වත් නෑ...

එහෙම ගෞරවයක් තියෙන මනුස්සයෙක් රටෙත් නෑ.......

දේශපාලන නායකයොත් උන්ගේ පොලිටිකල් ගේම ගහනවා මිසක්......

ජනතාවගෙන් ආයාචනයක් දැණුම්වත් කිරීමක් කරන්නේ නෑ.....

ජොස්තරලා කැඳ කෝප්පේයි හුමාලෙයි නානවා....

ඊයේ ලොක්කා කියපු කතා ටික නිසා.... බයියොවත් පොඩ්ඩක් සැටල් උනොත් හොඳා

ඒ වගත් මෙසේය......

5 comments:

  1. මාතලන්ගේ බ්ලොග් එකෙන් මා යමක් ඉගෙන ගත් අවස්ථා බොහොමයකි.. ඒ ඔහුගේ මතය නිවැරදි වීම නිසා නොව එමගින් වැඩිදුර සොයා බැලීමට පෙළබිමෙනි. මෙම ලිපියෙන්ද දුම් හට්ටිය සහ කැඳ පිලිබඳ අවඥාවෙන් සඳහන් කලද උනන්දුවක් ඇත්තෝ ප්‍රතිශක්තිය ඉහල නංවන ආහාර හා නාසය අවට විෂබිජනුහරණයට සුදුසු ක්‍රම සොයා බලත්වා..

    ReplyDelete
  2. දැන් දොස්තරලා දොස්තරලාම ඇරගන්න පටන්ගෙන නිසා ඇත්ත එලියට එයි.

    මට නම් හිතෙන්නේ මෙහෙම තව ටික දවසක් ගියොත් කොරෝනාවට තියෙන බය එහෙම පිටින්ම අමතකවී විකාර වෙයි!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න