.

.

Sep 17, 2023

සයිබර් අවකාශය හා ක්‍රිකට් මාර පරාජය...

 


සයිබර් අවකාශය හා

ක්‍රිකට් මාර පරාජය...

➖➖➖➖➖➖➖⭕


අවසානයට ලිවිය යුතු දේ මුලින්ම ලියන්නට ඕනාය. 


එනම් සබ්ජෙක්ට් එක නොදන්නා ටොක්සික් රෝගීන්ගේ කොමෙන්ට්ස් හෙවත් ප්‍රතිචාරයන් ගැනය. මෙය ඇත්තටම "සයිබර් බුලින්ග්" ලෙස නම් කලත් වරදක් ඇත්තේ නැතිය. මේ හේතුවෙන් බුකියෙන් ඉවත්වූ පිරිසද විශාලය. උදාහරණද ඕනෑ තරම් දිය හැකිය. 


මාතලන් විසින් එසේ ඉවත්වූ  සුපිරි චරිත නැවත කැඳවාගෙන ආ අවස්ථාවන්ද තිබෙනා බවට, එසේ කැඳවාගෙන ආ අයට සමහර විට මතක තිබෙන්නටද පුලුවනිය.


එහෙත් බුකියේ සිටින අය සියල්ලන්ම දැනගත යුතු දෙය නම්, මේවා පයිසෙකට මායිම් නොකළ යුතු දේ වනාතර... ඒ සියල්ල තම ඉදිරි ගමනට පන්නරයක් කර ගත යුතු බවය. 


මෙවන් දේ කරනුයේ අදාල සබ්ජෙක්ස්ට් එක පිළිබඳව මෙලෝ අලබෝලයක් නොදන්නා අඳබාල වහල් හාරුපාරුවෝය. උන්ට බුද්ධිය කෙසේ වෙතත් ස්වාධීන චින්තනයක් ඇත්තේ නැතිය. මෙවන් උන් සියල්ලෝම එක්කෝ දේශපාලන පක්ෂයක වහලුන්‍ය. එහෙම නැතිනම් කිසියම් කණ්ඩායමක හෝ චරිතයක බැතිමත් දායකයෝය. උන් කොමෙන්ට් දමන්නේ පෝස්ට් කියවන්නේ නැතිවය. ඒ උන් මොළ ඉවත්කොට චිප් දමා ඇති රොබෝලා නිසාය.


උන්ට පර්සනැලටියක් නැත. උන් වීරයෝ වන්නේ සයිබර් අවකාශයේ පමණි. සැබෑ ලොවේ උන් සමාජශීලී නැති, කුලෑටී පොලප හැන්නයෝය. එය මා අත්දැකීමෙන්ම දන්නා අතර, මුන් ගැන දන්නා උන්ද ඒ පිළිබඳව සාක්ෂි දරණු ඇත්තේය.


ඇත්තටම විය යුත්තේ, දෙයක් තමන්ගේ බුද්ධියෙන් විමසා බලා  තම ස්වාධීන මතය ප්‍රකාෂයට පත් කිරීමය. දේශපාලනයේ මෙන්ම බුකියේද සිටින එවන් චරිත මා දැක ඇත්තේ අතලොස්සක් පමණය. 


පාලකයින් පත්කිරීමේ මෙන්ම ඉවත්කිරීමේ තීරණාත්මක බලය ඇත්තේ මෙවන් මධ්‍යස්ත මතධාරීන් ඇතේය.


එහෙත් අර පැපොල් ඇට ලොන්තයන්ට ඒවා මැජික් වේ. උන් කරන්නේ පක්ෂයෙන් හෝ මුණිවරයකු ලබා දෙන පරණ ස්ක්‍රීන් ෂොට් එකක් එල්ලීමය. මේවා මට නම් ආභරණයන්මය. නොමිළේම ලබා දෙන ප්‍රචාරයන්මය.


ඊයේ ක්‍රිකට් තරඟය ගැනද කිව යුතුව ඇත්තේ මෙයමය. ක්‍රිකට් ගැන මෙන්ම ක්‍රීඩාව ගැනද මෙලෝ අලබෝලයක් නොදන්නා, ගැම්මට, රැල්ලට හා කල්ට් එකට එකතු වීමේ ආසාවෙන් ක්‍රිකට් බලනා හාල්පාරු ෆෑන්ස්ලාට ඊයේ තරඟය මාර පරාජයක් වූවාට, කාළයක් තිස්සේ ක්‍රිකට් නරඹන අපට නම් මෙව්වා නතින්ග්මය. අප මින් පෙරද මෙවන් අවස්ථා අනන්තවත් දැක තියෙනවාය. 


96 ලෝක ශූරයන් වූ අප, ඊළඟ තරඟාවලියේදී පළමු වටයෙන්ම එලියට විසි වූයේ, කුසලාන ලැබිය හැක්කේ තමන්ට පමණකැයි යන අධිමානයෙන් පෙලෙනා කයියනායක මෙන්ම, ලෙජන්ට්ස්ලාද රොත්තක් සිටියදීය. 


වරක් ළකුණු 43 කට සිම්බාබ්වේ හමුවේ සියල්ලන් දැවී ගියේ උපුල් තරංග, ඩිල්ෂාන්, සංඝා, මහේල, චන්දිමාල් වැනි සුපිරිම පිතිකරුවන් රැසක් සිටියදීය. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය මෙන්ම ඕනෑම ක්‍රීඩාවක ස්වාභවයය. එය දන්නා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමද ඊයේ ජයග්‍රහණය මහා ඉහළින් සැමරුවේ නැත්තේ එනිසාය.


තරඟයට පෙරම මාතලන් කීවේ, මේ තරඟය දිණුවත් පැරදුනත් අපි දිණුම් කියලාය. ඒ... රට හා ආර්ථිකය මෙන්ම, රටේ මිනිස්සුන්ට ප්‍රීතී විමට තිබූ එකම දේ වූ ක්‍රිකට් ක්‍රීඩාවද, මළ පෙරේතයන්ගේ රජ දහනක් වී, අගාධයටම ගොස් තිබූ සමයක, නැවත එකා මෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක් බවට පත් කොට ජයග්‍රහණ 13 ක් එක දිගට ලබා ගත් හේතුවෙන්මය.


ක්‍රිකට් නෝදන්නා හාල්පාරුවන් මේ කණ්ඩායමෙන් ආසියානූ ශූරයන්, ලෝක ශූරයන් වී සුරතාන්තයට පත් වෙන්නට බලාගෙන උන්නද, ක්‍රිකට් දන්නා උන්ට එහෙම රෝගයක් ඇත්තේ නැතිය. ඒ වෙනුවෙන් අපි තව හෝම් වර්ක් රාශියක් කළ යුතුය.


විය යුත්තේ කණ්ඩායමට කුසල් ජනිත්, දිමුත්, ඇන්ජෙලෝ වැනි ඩේට් එක්ස්පයර්ඩ් පරිප්පු කෑලී එකතු කරන්නේ නැතිව, ඉන්දියාවේ, ඔස්ට්‍රේලියාවේ කරන්නාක් මෙන්, දුලිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ වැනි තවත් පොඩි කොල්ලන්ට අවස්ථාව ලබා දීමය.


එමෙන්ම දැනට නායකත්වයට සුදුසු කිසිවකුත් කණ්ඩායම තුල නැති අතර, අසලංක මෙන්ම දුනිත් වෙල්ලාලගේටද ඒ සඳහා තව කාළය ඇත.  එබැවින් කිසිඳු ලෙසකින් දසුන් ශානක නායකත්වයෙන් ඉවත් නොකළ යුතු අතර, එවැනි ජනප්‍රිය ගොබ්බ තීරණයකින්, නැවතත් කණ්ඩායමට හිටපු තැනටම ඉතා පහසුවෙන් යා හැකි බව සඳහන් කරමින් මේ පල්හෑල්ල ලිවීම නවතා දමනවාය.


ඒ වගත් මෙසේය.....

.

32 comments:

  1. මේවා බොහොම සාමාන්‍ය‍ය දේවල්. කාලයක් ක්‍රිකට් කිනිතුල්ලන් වී දිගින් දිගටම පරාජයන්ම ගෙනාපු සෙට් එක බලන් ඉන්නෙ දසුන් ඇතුලු කොල්ලො ටිකට කෙලවෙනකම්. එකක් පැරදුන ගමන් උඩ දාගෙන් sm ගේම පටන් ගන්නෙ උන්ම තමා. සමහරු කියනවා පැරදුනාට කම්ක්නැලු මෙහෙම පරදින්න බැලු. උන්ට මතක නෑ දසුන් බාරගන්න කලින් ඉස්සර හැමදාම මේ වගේ තමා පැරදුනේ කියලා. දසුන් සහ පිරිස SM off කරලා දාලා ගෙදර වැඩ පටන් ගන්න තියෙන්නෙ බුරන බල්ලන්ට ඕන කුදයක් ගහගන්න කියලා..

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත සෙන්නා, මේක CWC 2023 එකට ආදර්ශයක් කරගෙන ගැම්මෙන් වර්ල්ඩ් කප් එකට යන්න ඕනේ, මේ වගේම 95 බෙන්සන් & හෙජස් එකෙත් ෆයිනල් ඇවිත් අන්තිමට කැතට පැරදිලා ඒ ගැම්මට 96 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වුණා අපි චූටිම කාලේ, මම හිතන්නේ ඒ පන්නරය අප අරගත යුතුයි මේ පරාජය ආශීර්වාදයක් කරගත යුතුව ඇත

      Delete
  2. මාතලන් ක්‍රිකට් ක්‍රීඩාව වගේම දේශපාලන ව්‍යාපාර ගැන කතා කරපු නිසාම ලංකාවේ විසි වන සියවස ආරම්භ වන කාලයේ ලංකාව ගොඩ දාගන්න සෑහෙන කැපවීමෙන් වැඩ කරපු සැලැස්මක් තිබුණට ඒක මෝඩ විදිහට මාකට් කරපු පුද්ගල පෞරුෂය ගැන අද අපි සාකච්ඡාවට භාජනය කරමු.

    ධර්මපාලතුමාගේ ඛේදවාචකය The tragedy of Dharmapala ගැන මොකද
    අද ධර්මපාලතුමාගෙ ජන්ම දිනය නිසා

    මට තවම එතුමව පේන්නෙ වයස පහේදී විතර අහපු දැකපු නිහාල් නෙල්සන්ගෙ " කිරි දුන්නේ දරුවන්ටයි.." සිංදුවෙන්..
    ඒකෙ " පිරිපුන් මිනිසුන් වැඩුණේ බලයෙනි ඈගේ" කියද්දි වීඩියෝ එකේ පෙන්නන්නෙ ලංකාවේ මාතර බෝධිය ලග තියෙන ධර්මපාල ප්‍රතිමාව...

    අත් දෙක පපුවෙ බැදගෙන, බෙල්ලට වැටුණු කොණ්ඩයත්, බුද්ධිමත් බව විදහා පාන පුලුල් නළලත් සහිත කඩවසම් මැදිවියෙ ධර්මපාල..
    ඒ තමයි ඒ සින්දුවෙ පිරිපුන් මිනිසා..!

    ඊට පස්සෙ අවුරුදු එකොළහෙදි විතර දහම් පාසලේ කථික තරග වලදි ප්‍රතිවාදී ළමයි කරපු කතාවලින් මට එතුමව මැවුණා..

    " නුඹලා සෑම ගෙදරකම ඉදිරිපිට පඹයෙක් හදල ටොප් හැට් දාලා සුද්දෙක් ලෙස අන්දලා දරුවන්ට පේන්න ඌට තැලිය යුතුයි..
    එවිට ඒ දරුවන් ලොකු මහත් වී පර සුද්දන්ට තලනවා ඇති"
    අපේ දහම් පාසල් පොතේ තිබුණ පාඩම පටන් ගත්තෙ එහෙම...

    එතුමා ගැන භක්තියෙන් සමහරු ලියපු දේවල්, ජාතිවාදියෙක් යනුවෙන් ලියපු චෝදනාත්මක ලිපි සහ සැබෑ තොරතුරු හදාරල බැලුවම මට පේන්නෙ එතුමාගෙ ජීවිතය ඛේදවාචකයක් බව..

    ඒක බෝගල සවුන්දිරිස්‍ කතාවෙ සවුන්දිරිස්ට වුණ දේට දෙවැනි නැහැ..

    මාතරින් ඇවිත් කොළඹ ව්‍යාපාර අතින් තහවුරු වුණ ඔහුගෙ අම්ම තාත්ත සල්ලි හොදට තිබුණ අය..
    පල්ලිය මුලින් ඇසුරු කළා..
    පානදුරාවාදය බලනකොට ඔහුට වයස දහයයි..
    හික්කඩුවෙ ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්තෙ ගුණානන්ද වගේ එවක ජාතික ව්‍යාපාරයෙ නායක පැවිදි පක්ෂය ආශ්‍රය කළා ..
    නම වෙනස් කර ගත්තා..
    ඕල්කට්තුමා එක්ක සම්බන්ධ වෙනකොට වයස දාසයයි..
    පස්සෙ ඕල්කට්තුමාගෙන් කැඩෙනවා විවිධ හේතු මත..
    බ්ලැවැට්ස්කි මැතිණිය නිසා බෞද්ධාගම ඉගෙන ගන්න උනන්දු වෙනවා..

    ඉතා ඉහළ බුද්ධියක් සහ වැඩ කිරීමේ කැපෑසිටියක් හිමි ඔහු තමන්ටම බ්‍රෑන්ඩ් එකක් හෙමින් හදා ගත්තා..
    චතුර කථිකයෙක්..ද්විභාෂාවෙම අති දක්ෂයෙක්...
    රජයේ විභාග සමත් වුණා..ඉහළ තනතුරු වලට යන්න ඉඩ තිබියදි ගියෙ නැහැ..

    බෞද්ධාගම නගා සිටුවීමට සහ අධිරාජ්‍යවාදින්ගෙන් නිදහස ලබා ගන්න ඔහුගෙම ක්‍රමයකට සටන් කළා..

    ජාතික ව්‍යාපාරයට වඩා ජාත්‍යන්තරව බුදු දහම උස්සන්න වැඩ කළා..
    අද බුද්ධගයාව බෞද්ධ උරුමයක් වෙන්නෙ ඔහු නිසා..
    කලින් තිබුණෙ හින්දු භක්තිකයන් අතේ..

    අමද්‍යප ව්‍යාපාරය ඉහළ මැද පන්තියෙන් කඩලා සිංහල විතරක් පුලුවන් ගමට ගෙනිච්චෙ ඔහු..
    ඔහුගෙ slogans හොදට වැඩ කළා..
    ඔහුගෙ ස්වර්ණමය යුගයෙ ඔහු තමයි ජාතියෙ නායකය විදියට හිට් වුණේ..

    සමාජයෙ හොදින් ජීවත් විමට නම් අධිරාජ්‍යවාදී සංස්කෘතියට අනුගත වෙන්න ඒ කාලෙ සිද්ධ වුණා..
    ඒක තෝරා ගැනීමක් නෙමෙයි සෘජු හා ව්‍යංග බල කිරීමක්..
    ස්වදේශිකයන්ගෙ මේ කැඩිච්ච කොදු කෙලින් කරන්න ඔහු කතා කළා..
    ඒව ග්‍රාම්‍යයි.. සැරයි.. සිත් රිදවන සුළුයි..
    නමුත් ඒකාලෙ එහෙම බය නැතිව ස්වදේශිකත්වය ගැන කතා කරන්න වෙන කවුරුත් හිටියෙ නෑ..!

    " බයෙන් හැකිළෙමින් නිවට ලෙස බඩ ගෑ, යටහත් පහත් ලාංකිකයින් අතර හිස කෙළින් කොට ගමන් ගත් එකම වංශවතා ඔහුයි" කියන්නෙ මහාචාර්ය කුමාරි ජයවර්ධන..

    ජපානය සහ ඇමෙරිකාවෙ ආර්ථික මොඩල ගැන හොද කියවීමක් තිබුණ ඔහු කාර්මීකරණය තුළින් තමයි අපේ රට ආර්ථිකව ගොඩ දාන්න පුලුවන් කියල මුලින්ම හිතපු කෙනෙක්... මම දන්න විදියට පළමු ලාංකික ධනවාදී කාර්මීකරණවාදී ජාතික වාණිජවාදියා ඔහුයි. ජාත්‍යන්තර වෙළදාම වගේම ඇමරිකා එක්සත් ජනපදය ජපානය හා ජර්මනිය ආදර්ශයට ගනිමින් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ජනතාව පෙළගැසිය යුතුය යන මොහුගේ මේ දර්ශනය ඒ යුගයෙ හැටියට සෑහෙන්න විශිෂ්ඨ පෙර දැක්මක්..

    හුදෙක්ම ලංකාව සංවර්ධනය කිරීමට ඇති එකම මාර්ගය පාරම්පරික කෘෂිකර්මාන්තය ගැන වම - දකුණ ඔක්කොම නායකයො විශ්වාස කරපු කාලයක් ඒ..

    ජපානය පරමාදර්ශය ලෙස දැකපු නිසා යම් ෆැසිස්ට් අදහස් අවිඥාණිකව ඔහුට කාන්දු වුණ බවයි මට පේන්නෙ.. ජර්මනිය සහ ඉතාලිය වගේ රටවල් වගේම ධනවාදී ඇමරිකානු කර්මාන්තකරුවන් අතරත් ඒක ඒ යුගයෙ ලෝකෙම තිබුණ එක trend එකක්...

    බ්‍රිතාන්‍යට තේ රබර් පොල් වගේ ලාබ අමුද්‍රව්‍ය පටවමින් වාල් කම් නොකර ලෝකය පුරාම ක්‍රියාත්මක වන කර්මාන්ත හා සම්බන්ධ වී ජාත්‍යන්තර වෙළදාමට අපි ඉක්මනින් හුරු වෙන්න ඕන බව ඔහු කිව්වා..

    කොටින්ම නිදහස් වෙළඳපොල මූලික කරගත් ධනේශ්වරය ලෝකය වෙළා ගන්න බව ඔහුට පෙනුනා..
    ඒකට මුහුණ දෙන්න කම්මැලි ජාතියක් නින්දෙන් නැගිට්ටවන්නත් ඔහු උත්සාහ කළා..

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අපි පුද්ගලයෙක් හෝ සිද්ධියක් විග්‍රහ කරගන්න ඕන ඒ context එක ඇතුලෙ ඉදන්..
      ධනෝත්පාදනය කරල තමන්ට කැමති ජීවිතයක් ගත කරන්න පුලුවන් මේ යුගයෙ ,
      එදා බෞද්ධයන්ගෙ, ස්වදේශිකයන්ගෙ මත තිබූ පීඩනය අපට තේරුම් ගන්න අමාරුයි..

      එවකට පිටරටින් හැමදෙයක්ම ගෙන්වා ලංකාවේ බෙදාහරිමින් මුදල් උපයනු ලැබූ නමුත් දේශීයව කර්මාන්ත සංවර්ධනයට බාධාවක්ලෙස ඔහු දුටු පිටකොටුව මූලික කරගෙන රට පුරාම ව්‍යාප්ත වී හිටපු වෙළෙද ප්‍රජාවක් වුණ
      මුසල්මානුවන්ට ඔහු කඨෝර ලෙස කතා කරල තියෙනවා..

      නමුත් ඒ කතා වල උපුටපු කොටස් ගත්‍තම එන අදහස නෙවෙයි , සමස්ථ කතාවෙන් එන්නෙ.. කර්මාන්ත සංවර්ධනය කර ජාත්‍යන්තර වෙළදාමට ජාතිය ඉක්මනින් හුරු විය යුතු බව, රට කාර්මිකරණය විය යුතු බව ඔහු බහුලව කියල තියෙනවා..
      සිංහලයාගේ දීන බවට පහර දීම තුළින් අධිරාජ්‍යවාදයෙන් මිදිමට උනන්දු කළත්, ඇමෙරිකාවෙ ජපානයෙ දැනුම අපි ඉක්මනට ග්‍රහණය කරගන්න ඕන බවයි ඔහුගෙ මතය වෙලා තියෙන්නෙ..

      නමුත් අපේ පෙළපොත් වලින්, මාධ්‍ය වලින් අපට දෙන්නෙ එතුමගෙ තෝරාගත් සංස්කෘතික දේශනා විතරයි..
      ඒවගෙන් මැවෙන ධර්මපාල ප්‍රතිරූපය හොදටම පටු එකක්..

      එක තැනකදි ඔහු පරම විඥානාර්ථවාදින්ගෙන් කැඩුණා..

      ඔහුගෙ ජනප්‍රියතාවය තම දේශපාලන ව්‍යාපාර වලට කරදරයක් වුණ ප්‍රභූ නායකත්වය ඔහුට එරෙහිව තමන්ගෙ වැඩ ඇරඹුවා..

      මුදල් චෝදනා තමයි ගෙනාවෙ..
      "අනගාරික අරමුදල" නමින් ගහපු මඩ පත්තරේ ඩී බී ජයතිලකගෙ වැඩක් කියනවා..

      1915 සිංහල- මුස්ලිම් කෝලාහලයෙන් ධර්මපාලතුමාගෙ දීප්තිමත් යුගය අවසන් වෙනවා..

      එතකොට ඔහු ඉන්නෙ කල්කටාවෙ..
      ලංකාවට එන්න තහනම් වෙනවා.. එහෙ හිරේ දානවා..
      එතනදි ඔහු කටුක දුක් විදිනවා ..
      ඒ දරුණු රෝගාබාධ කීපයක් සහ පෝෂණ ඌණතා නිසා අවුරුදු හතරකින් පස්සෙ ලංකාවට එන්නෙ කයින් මනසින් වැටුණු වයස 55 ක ධර්මපාල..

      ඒ වෙනකොට ඔහුගෙ රැල්ල වෙනත් ජනප්‍රියවාදී බ්‍රිතාන්‍ය රජයට ලොකුවට විරුද්ධ නැති නමුත් සටකපට කයිවාරුකාර "කළුසුද්දන්" ලෙස ඔහු හැඳින්වූ දේශීය අනුකාරකවාදී තරුණ නායකයො අතට ගිහින් .
      ඔහු තව දුරටත් ජාතික ව්‍යාපාරයේ වීරයා නෙවෙයි.. ඔහුට මඩ ගහලා
      මිනිස්සුන්ට ඔහුව එපා කරවලා දාලා..

      හිතේ අමාරුවෙන් ආයෙ ඉන්දියාවට ගිහින් පැවිදි වෙලා 1933 අපවත් වෙනකොට වයස 69 යි..

      ධම්මපාල හිමිගෙ අපවත් විමෙන් පසුයි නැවත ගිහි ධර්මපාලව iconic වෙන්නේ... හැබැයි ලංකාවට දේහය ගෙනාවම අති විශාල සෙනගක් එකතු වෙලා තියෙනවා..

      මැරුණට පස්සෙ ධර්මපාලතුමා අමරණිය වෙනවා..!

      අපේ සාහිත්‍යයෙ , පාසල් පොත පතේ වගේම ආයතන වලත් ධර්මපාල නාමය අද මුද්‍රාගතයි..

      කැමති අකැමති කිසිවෙකුට අද , අතීතයේ කාලයක හිස් පහත් කරගෙන තමන්ගෙම රටේ ජීවත් වුණ මිනිස්සු අතරෙ සිංහයෙක් වගේ තමන් විශ්වාස කරපු දේ වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයෙන් වැඩ කරපු ධර්මපාලව අතෑරල ලංකාවෙ ඒ යුගය කතා කරන්න බෑ..

      තව දෙයක් කියන්න ඕන...

      " ජනප්‍රිය නොවන සැබෑ ජයග්‍රහණය කරා යන මාවත කටුකයි!"

      https://youtu.be/ultdXOWWCcs

      Delete
  3. ඉන්දියාව ක්‍රිකට් මැච් එක දින්නා, ඉන්දියාවේ මිනිස්සු සෑහෙන සතුටු වුණා, අපේ සදාදරණීය නරේන්ද්‍ර මෝදී අගමැතිතුමාගේ පිං බලය නිසා ක්‍රිකට් මැච් එක දින්නා කියලා ඔවුන් කිවුවා, ඒක අහලා මෝදී සතුටු වුණා, ලංකාවේ හිටපු ජනාධිපතියත් එලවලා වත්මන් ජනාධිපති පත් කරපු ලංකාවේ ක්‍රීකට් ක්‍රීඩාවත් මෙහෙයවන SLC එකේ සැබෑ හිමිකාරීත්වය සහිත ඒ වගේම සමස්ත ලංකාවත් අවශ්‍ය ආකාරයට මෙහෙයවන ලංකාවේ සැබෑ හිමිකරු වන ලංකාවේ ලොකු අයියා භාරතය මේකෙන් ගොඩක් සතුටු නිසා ලංකාවේ මිනිස්සුත් සතුටු වෙන්න ඕනේ, එහෙම නේද?

    ReplyDelete
  4. අපගේ පුකවල් රසිකට. රසිකගේ පුකවල් කාටද ?

    ReplyDelete
    Replies
    1. අපටනම් එක පකයි එක පුකයි, රසික කියන කැන්න පොරියට කීපයක් තියෙනවද?

      Delete
    2. @ BOTH ANNOS

      RASIKA GE KATA TH PUKAK THAMAY

      Delete
    3. යකෝ මමනම් ඔහෝම පක්ශ වලට බෙදිලා නෑ. දන්නවා කවුරු ආවත් කරේ රට කන එක විතරයි කලේ කියලා. තමන්ගෙ මඩිය තර කරගන්න එකයි කවුරු කවුරුත් ඇවිත් කරේ. අවුරුදු 35ක් තිස්සේ මම මගෙ ජීවිත කාලෙ දැක්ක දේ ඒක. ඒ නිසා කිසිම පක්ශෙකට කඩේ යන්ඩ තරං මම මෝඩ නෑ. JVP, NPP, NWP, CP, WP ඔය ඔක්කොම එකයි... 😅🤣😂

      Delete
  5. මාතා, ඇත්තටම ඉන්දියාව තමයි ICC එකට වැඩිපුරම සල්ලි පොම්ප කරන්නේ. ඉතින් උන්ට ඕන විදියට ICC එක නටනවා. ACC නම් තනිකරම බොරුවක් නේ, අච්චර බලගතු ECB සහ ACB ඉඳලත් ICC එක මෙහෙයවන එකේ ACC ගැන කතා කරන එකත් ජෝක් එකක්

    හොඳ වෙලාවට FIFA එකට එහෙම තනි බලගතු රටක් නැත්තේ. එහෙම උනා නම් උන්ට football කියන ක්‍රීඩාව මෙච්චර ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරය කරන්න බැරි වෙනවා.

    ReplyDelete
  6. මාර පරාජයක් ලංකාවට උනේ ඒත් මේක දෙවෙනි වෙන්නේ පාස්කු බෝම්බ වලට විතරයි, මොකද අද වෙනකනුත් කවුරුවත් දන්නවද පාදිලිලා කිසි කෙනෙකුගේ ඇඟේ මයිලකටවත්
    හානි නොකර බැතිමතුන්ටයි, පල්ලි ගොඩනැගිලි වලටයි විතරක්
    හාණිවෙන විදිහට ඔය ප්‍රහාරය ඔච්චර හොඳට සැලසුම් කලේ කොහොමද කියල. ඒ වගේ මේකත් මනාව සැලසුම් කරල තියෙනව වගෙයි

    ReplyDelete
  7. ගෝලීය වාදී සහ සොබාදහම වාදී බුදුන්ගේ, ජේසුගේ, අල්ලාගේ, මුහම්මද් නබි තුමාගේ, කාල්මාස්ගේ, ලෙනින්ගේ සහ චේ ගවේරාගේ ඉල්ලීම ගෝලීය මධ්‍යගත බලයක් මිස විමධ්‍යගත බලයක් නොවේ. සොබාදහමේ උවමනාව වන ගෝලීය කේන්ද්‍රීය බලයක් තුළ සොබාදහම විරෝධී දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, සාම්ප්‍රදායිකයා, නැකැත්කරුවා, කේන්දර කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා පෘථිවිය මත නොපෙනී යන අතර සාමූහික වාදියා, සොබාදහම වාදියා, ගෝලීය වාදියා, ධනවාදියා, ධනවාදී පාලකයා විද්‍යාඥයා සහ විප්ලවවාදියා පෘථිවිය මත ශක්තිමත් වනු ඇත.

    - ඩෙස්මන්ඩ්
    (සෝර්හ්සල්, ඇන්ට්වහ්ප්න්, බෙල්ජියම)

    ReplyDelete
  8. ජපානයේ අභ්‍යවකාශ සෝපානය (Space Elevator) 2025 දී ඉදිකිරීමට සූදානම්

    ජපානයේ ඉහළම ඉදිකිරීම් සමාගමක් වන Obayashi Corporation දැනට කාබන් නැනෝ ටියුබ් (CNTs) පරීක්ෂා කරමින් සිටී. "අභ්‍යවකාශ සෝපාන" සිහිනය යතාර්ථයක් කරන්න ට ඔවුන් උත්සහ ගනී. එවිට විද්‍යා ප්‍රබන්ධ ෆැන්ටසියක් නොවනු ඇත.

    1991 දී ජපන් ඉංජිනේරුවෙකු විසින් CNT සොයාගැනීමෙන් පසු, එය නිර්මාණය කිරීමේ ප්‍රගතිය වේගවත් වෙමින් පවතී. අභ්‍යවකාශ සෝපානය කිලෝමීටර 96,000 ක් දිග CNT කේබලයක් භාවිතයෙන් පෘථිවිය අභ්‍යවකාශයට සම්බන්ධ කරයි. පෘථිවි වායුගෝලය හරහා විහිදෙන කේබලය, "Climber" ලෙස හඳුන්වන රෝද සහිත සෝපාන භාවිතා කර ද්‍රව්‍යය සහ මිනිසුන් රැගෙන යනු ඇත. අභ්‍යවකාශ සෝපානයක් සාදා ගන්නේ කෙසේද පහත් පෘථිවි කක්ෂයේ (LEO) අභ්‍යවකාශ යානයක් තැනීම සඳහා අවශ්‍ ගොඩනැගිලි ද්‍රව්‍ය අදියර කිහිපයකින් රොකට්ටුවක් මඟින් ලබා දෙනු ඇත. අභ්‍යවකාශ යානය පෘථිවිය වටා රවුම් වන විට භූස්ථායී පෘථිවි කක්ෂයට (GEO) ළඟා වන විට ඉහළට ගමන් කිරීමට විද්‍යුත් ප්‍රචාලනය භාවිතා කරනු ඇත. පෘථිවි භ්‍රමණය හා සමාන වේගයකින් එය භ්‍රමණය වීමට පටන් ගන්නේ එහිදීය. අභ්‍යවකාශ යානය කිලෝමීටර් 36,000 ක උන්නතාංශයකට ළඟා වූ පසු, එහි කෙළවරට තෙරපුම් සවි කර ඇති CNT කේබලය මුදා හරින අතරතුර එය ඉහළට ගමන් කරයි. රොකට් දියත් කිරීමෙන් මාස 8 කට පසු කේබලය පෘථිවි පෘෂ්ඨයට ළඟා වනු ඇත.

    ReplyDelete
    Replies
    1. Contd

      පෘථිවි වරාය යනු පෘථිවියේ සිට අභ්‍යවකාශයට පිවිසෙන දොරටුවකි. පෘථිවි වරාය කොටස් දෙකකින් ගොඩනගා ඇත. එය සමකයේ ගොඩබිම සහ මුහුද යට උමං මාර්ගයකින් සම්බන්ධ වේ. අභ්‍යවකාශ සෝපානය ඉදිකළ පසු, ඉන්ධන හෝ විෂ සහිත රසායනික ද්‍රව්‍ය අපද්‍රව්‍ය නොමැති බැවින් අභ්‍යවකාශයට යාමට මිල අඩු වන අතර වඩා තිරසාර වනු ඇත. පැයට කිලෝමීටර 150 ක දියත් කිරීමේ වේගයකින් පැය 2.5 කින් පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටා ඇති කිලෝමීටර් 400 ක උන්නතාංශයකට ළඟා වනු ඇත. එය ටෝකියෝ සිට ඔසාකා (ජපානයේ ප්‍රධාන නගර 2 ක්) අතර බුලට් දුම්රියෙන් ගමන් කිරීමට සමානය.

      සෑම දියත් කිරීමක් සඳහාම යෙන් මිලියන කීපයක් ($ දහස් ගණනක්) පමණ වැය වනු ඇත. අභ්‍යවකාශ සෝපානය අභ්‍යවකාශ ගමන් සහ ප්‍රවාහනය සඳහා වූ මාර්ගයක් පමණක් නොවේ. මෙම ව්‍යාපෘති සංකල්පයේ හරය බලශක්ති ගැටළු විසඳීමේ උත්සාහයක් ලෙස ද සැලකිය හැකිය.

      Delete
  9. මෙහෙමයි මාතලන් ලංකාවේ ජනතාව ගැන කියන කොට මගේ මිත්‍රයෙක් ෆයිනල් එකට කලින් දවසේ කෝල් කරද්දි මට කිව්වා, දැන් නම් දසුන්ට සහ කොල්ලොන්ට මිනිස්සු පුදුම විදියට ආදරෙයි නේ කියලා.

    මන් කිව්වා, පිස්සුද යකෝ බලහන් එක මැච් එකක් පරදිනකම් ඉඳහන්කො කියලා.

    එකයි පැරදුනේ..

    සාධාරණ හේතු මත අපි දසුන්ව විවේචනයක් කරද්දි, අපිටත් බැනපු උන්, දැන් දසුනටයි, ටීම් එකටයි උඩ පැන පැන ජම්මාන්තර වෛරයකින් එලො එලෝ ගහනවා.

    එක දිගටම මැච් දාහතරක් ගොඩ දාගෙන ආසියා කුසලාන තරගාවලිය අවසන් තරගයටත් ආපු ආදරණීය ක්‍රීඩකයෝ සෙට් එකම එක රැයෙන් මැච් පාවා දීපු, මහා අමන කාලකන්නි දේශ ද්‍රෝහියො වෙලා.

    ඒ නිසා ඕනම කෙනෙකුට මට කියන්න තියෙන වැදගත්ම දේ තමයි
    ලංකාවේ මිනිස්සු අද මල් තියලා උස්සනවා නම් ප්‍රවේශම් වෙන්න කියන එක.

    මොකද එහෙම උස්සගෙන යන උන්ම හෙට හිතාගන්නවත් බැරි විදියට ඔබව බිමටම වට්ටලා පාගලා විනාශම කරලා දානවා.

    ඒ නිසා මගේ අදහස තමයි
    ලංකාව වගේ රටක සාමාන්‍ය මිනිස්සුන්ගේ වීරයෙක් නොවෙන තරමට වාසියි.

    ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට බලාපොරොත්තු නොදෙන තරමට වාසියි.

    ලංකාවේ මිනිස්සු උස්සන්නෙම බලාපොරොත්තු ඇතුව සහ ඒව කඩවුණොතින් ඒ ගමන්ම කුඩුවෙන්න නෙලන්න බලාගෙන.

    මේ නිසා මගේ අත්දැකීම අනුව ලංකාවේ සදාකාලිකාම "Loved" වෙන්න නම් කරන්න පුලුවන් විකල්ප දෙකක් තියෙනවා.

    1) කවදාවත් දියුණු වෙච්ච බව පෙන්නන්න එපා.

    2) පුලුවන් තරම් ඩවුන් ටු අර්ත් කියලා පෙන්නන්න. කන්නේ සාමාන්‍ය මිනිස්සු වගේ, කතා කරන්නේ, අඳින්නේ පළඳින්නේ සාමාන්‍ය අනිත් මිනිස්සු වගේ ඉතාම සරලව කියලා පෙන්නන්න.

    3) පුලුවන් තරම් දුකම කියන්න. දැන් මෙහෙම හිටියට ඉස්සර Blah Blah Blah මන්තරේ ජප කරන්න.

    4) ඉදලා හිටලා හරි බිම වාඩි වෙලා, පරිප්පුයි බතුයි කාලා, පොඩි කාර් එකක ගමනක් ගිහින් ඉන්න බව පෙන්නන්න.

    5) ඉදලා හිටලා පිනට කීයක් හරි දීලා, ඒක ප්‍රචාරය කරලා 'මුගෙන් නම් මටත් කීයක් හරි ඉල්ලගන්න පුලුවන්' කියන අදහස සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්න

    එතකොට ඔබට "නිහතමානි" ටැග් එකත් එක්ක "හදවතේ ආදරයක්" ටැග් එක වැදිලා Loved වෙන්න පුලුවන්.

    ඒ සමගම ඔබට ඔබව ආරක්ෂා කරන්න ස්වයංසේවක දායක සභාවක් බිහි වෙනවා.

    ලංකාවේ ජනප්‍රිය චරිත අතර චාමර වීරසිංහ ලා වගේ අය වගේම, ඔය මිනිස්සු රවට්ටන බොරු සෝෂල් මීඩියා චරිතත් මේ ෆෝමියුලා එක තේරුම් ගත්තු හෝ ඇගේම තියෙන චරිත.

    එහෙම නැත්නම් දෙවෙනි විකල්පය

    1) ආරම්භයේ ඉදලම ඉංග්‍රීසියෙන් කතා කරන්න, සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන කතා කියන්න.

    2) ආරම්භයේ ඉදලම සාමාන්‍ය මිනිස්සු ගණන් නොගෙන ඉන්න.

    එහෙම වුනාම Loved වෙන්න නම් බැහැ. හැබැයි අඩුම තරමේ හෙට දවසේ එල්ලවෙන දැවැන්ත පහරදීමකින් බේරෙන්න පුලුවන්.

    එහෙම නොවී අද මල් මාලා දානවා නම්, හෙට කණපැලෙන්න ගුටි පූජාව ස්ථිර බව මතක තියාගන්න.

    කොහොම වුණත් ලංකාව වගේ රටක නම් වඩාත්ම හොඳම දේ තමයි සාමාන්‍ය මිනිස්සුන්ගේ වීරයෙක් නොවී ඉන්න එක.

    ReplyDelete
  10. ඉන්නේ cover කර ගන්නට ඇරියස්ය
    දන්නේ විවේචනයයි; හරි සූරයොය
    වෙන්නේ වැටුණු විට තව රිද්දන වැඩය
    දන්නේ එකයි, වැටුණම නැඟිටිය යුතුය!

    ReplyDelete
  11. මැච් එක වික්කා කියන බහුතරය, ගෝටා පාස්කු ප්‍රහාරය කළා කිය කිය වැලලෙන්න හදන උන්. ඒක අහම්බයක් ද?

    ReplyDelete
    Replies
    1. @ ano 7.47

      ඔය පාස්කු ප්‍රහාරය නන්දෙගේ ඇඟේ ගහන්න හදන්නේ අරගලේ හරහා Clinton global initiative සහ එංගලන්තයේ සංවිධාන හරහා ලංකාවේ රෙජීම චේන්ජ් ව්‍යාපාර වලින් කෝටි ගණන් ගාන කපා ගත්ත උන්, මොකද උන්ට කරන්න වෙන වැඩක් නැති නිසා කැල්ම් මැකරේලා චැනල් 4 බීබීසී වගේ ජඩමාධ්‍ය හරහා උන්ට ඇදගෙන යන්න දඩයමක් කරලා දුන්නා, දැන් ඊළඟට දඩයම කරතියාගෙන යන්නේ ලංකාවේ ඉසලාමීය අන්තවාදීන් සජබ මාලිමා වහල්ලු මොකද උන්ටත් සටන්පාඨ හිඟයක් පවතින නිසා රනිල් වික්‍රමසිංහ මොන තරම් රටට කෙලවෙන වැඩ සහ බදු වැඩි කලත් සහන කැපුවත් ඒවට විශාල ලෙස විරුද්ධ වෙන්න අමාරුයි එතකොට පිටරටින් එන ෆන්ඩ් කැපෙනවා අනෙක උන් තරහ කරගත්තොත් ගේමක් දීල පක්ෂය විනාශ කරන්න උන්ට පුලුවන් ඒ නිසාම බොහොම පරිස්සමට කල්පනාවෙන් වැඩ කරන්න ඕන නන්දසේන කොහොමත් ආයේ ඡන්දෙකට එන පාටකුත් නැති නිසාම ඌට තැලිම කිසිම අවුලක් නැතුව කරන්න පුලුවන්.

      Delete
    2. චැනල් 4 පාස්කු එපිය සෝෂල් මීඩියා වල නැගල ගියාට පොදු සමාජයේ ඒක එච්චරම සාර්ථක වුණේ නෑ කොහොමත් ඒක මිනිස්සුන්ට අමතක වෙලා ගියා, ඊළඟට මැච් එක අස්සේ පොහොට්ටුව ඇඩ් දාපු එක පිට දාලම විකුණපු කතාවක් හදලා ඒකත් මාකට් කරන්න හැදුවා ඒකත් හරි ගියේ නෑ... මොකද බුකියේ උන්ට කරන්නත් වැඩක් තියෙන්න ඕනනේ ඔය වගේ දැන් තව කතාවක් ගොතල ඒක අල්ලගෙන වැලලෙයි..

      Delete
  12. ක්රිකට් කියන්නේ කුකුළන් කෙටවීම වගේ දෙයක් කියලා කිව්වම මොලේ අඩු වැඩිය ගැඹුරට යමක් හිතලා අවබෝධ කරගන්න බැරි ක්රිකට් ලොලියන්ට තරහා යනවා මොකද උන් තමුන් ගේ දරුවන් ඉගෙනගැනීම වෙනුවට නය වෙලා අඩුම කුඩුම අරගෙන දීලා ක්රිකට් ගහන්න යවලා කොච් ලා ළඟට ගෑනි යවල අවුරුද්දෙන් අවුරුද්ද ටිම් වලට පන්නනවා.අන්තිමේ මුන්ගේ පිස්සුව මුන්ගේ ගෑනුන්ගේ කැප කිරීම නිසා ක්රිකට් ගහන්න බැරි කොලුවා ක්රිකට් කාරයෙක් වෙලා .මොඩයිනේ ක්රිකට් ගස්සවල ළමයින්ගේ අනාගතය ගොඩ දාන්න බෑ.උන්ට උගන්වපියවු .බලපන් ක්රිකට් කාරයන්ගේ චරිත තොපි තොපේ ළමයින් ඒවගේ වෙනවාට කැමතියි ද

    ReplyDelete
  13. මාතේ උතුරු ඇමරිකාව ඕස්ට්‍රේලියාව යුරෝපය වැනි රටවල ප්‍රසිද්ධ පුද්ගලයින් චූදිතයින් ලෙස උසාවියට ගමන් කරන විට ඔහු හෝ ඇය නියෝජනය කරන නීතිඥයා/නීතිඥවරිය අර දනුෂ්ක ගුණතිලක උසාවියට ගෙන යනවා වගේ
    එකිනෙකාගේ අත් වැළඳගෙන උසාවිය වෙත යාම සිරිතක් කියන කතාවඇත්තද?.


    මේක බලන්න;


    //මෙහි ඔබ දකින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ගුණතිලක ඔහු නියෝජනය කරන නීතිඥවරිය සමග උසාවිය වෙත පියමං කිරීම පමණකි එසේ නොමැතිව ඔහුගේ සහකාරිය නොව. "ආත්ම ශක්තිය සහ ඔහු නියෝජනය කරන නීතිඥවරීය ගැන වෘත්තීමය විශ්වාසය ඇතිකර ගැනීම සඳහා එකිනෙකා කෙරෙහි ගෞරවය රැක ගැනීම" යන අරමුණෙනි.

    ReplyDelete
  14. මාතා ප්‍රශ්නයක් තියෙනවා ඔය තිලිපන්ව සමරන ලංකාවේ වාමාංශික ඩයල් රාජිනි තිරාණගමව සමරන්නේ නැත්තේ ඇයි?

    ඇත්තටම මේක හරි ඉන්ටරෙස්ටින් මාතෘකාවක්.

    දැන් ලංකාවේ දෙමළ දේශපාලන ඉල්ලීම්, දෙමළ අරගල අනන් මනන් කතා එක්ක බැලුවාම දෙමළ දේශපාලන ඉල්ලීම් පැත්තෙන් ගත්තාම රාජිනී තිරාණගමගෙයි තිලීපන්ගෙයි වැඩි වෙනසක් නැ.

    හැබැයි ලංකාවේ වාමාංශිකයන්ගේ අනුකම්පාව හා අගය කිරීම ලැබෙන්නේ තිලීපන්ටයි.

    රාජිනී තිරාණගම සම්පූර් ණයෙන් නොසළකා හරිනවා.

    මේ තත්ත්වය තේරුම් ගන්නේ කොහොම ද?

    - ඉෂ් ඩයස් -

    ReplyDelete
  15. කොලඹදී පැවති ආසියානු කුසලාන අවසන් මහා තරඟය පාවා දීමක් සිදුව ඇති බව පෙනෙන බැවින් ඒ පිළිබඳව විමර්ෂණයක් කර අදාල පුද්ගලයන්ට දඬුවම් කරන ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ.

    මෙම පැමිණිල්ල කර ඇත්තේ ජයක් තුෂාර ගේ අල්ලස දූෂණ නාස්තිය ට එරෙහි පුරවැසි බලය නමැති රාජ්‍ය නොවන සංවිධානය විසිනි.

    අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අඩු ලකුණු සංඛ්‍යාව දැවී යාම දැඩි සැකයක් ඇති බවත්, මෙම තරගයේ කාසිය වාසිය දිනු අවස්ථාවේ පටන්ම සැකසහිත අවස්ථා මතුව ඇති බවත් සංගමයේ සභාපති ජාමුනි කම්මුනි තුෂාර මෙහිදී තම පැමිණිල්ල මගින් කියා සිටියි.

    මීට පෙර පැවති 2019, 2015, 2011, 2007, 2003, 1999 ආදී පැරණි ලෝක කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකා පිල ලද පරාජයන් පිළිබඳව තරඟ පාවා දී ඇත්දැයි පිළිබඳව විමර්ශන කරන ලෙස ඔහු ඉල්ලා ඇත. එමෙන්ම මේ පිටුපස ලංකාවේ විශාලතම සොර පවුල වන රාජපක්ෂ පවුල සිටින බව ඔහුගේ දැඩි විස්වාසය බවද හෙතෙම පැවසීය.

    ReplyDelete
  16. ක්‍රිකට් වගේම ෆුට්බෝල් රග්බි වගේ ක්‍රීඩා කියන්නේ යුද්ධ වෙනුවට රටවල් අතර සටන් පවත්වලා ජනතාවට යුද්ධයෙන් ලැබෙන thrill එක ආතල් එක ලබා දෙන එක, ලංකාවේ උතුරේ යුද්ධයක් තියෙන කාලේ වගේ

    වියට්නාම් යුද්ධයේ සැබෑ ස්වරූපය හා එහි ඇමෙරිකාව ලැබූ අවමන් සහගත පරාජය මධ්‍යස්ථ කෝණයකින් දුටු චිත්‍රපටයක් ලෙස ඔලිවර් ස්ටෝන් අධ්‍යක්ෂණය කළ Platoon (1986) චිත්‍රපටය වැදගත්කමක් දරයි..Rambo වැනි කාඩ්බෝඩ් වීර චරිත ඇසුරින් තැනුණු චිත්‍රපට හා Tour of Duty වැනි ටෙලිනාට්‍ය මාලා තුලින් ඇමෙරිකාව උත්සාහ දැරුවේ වියට්නාම් යුද්ධයෙන් තමන් ලැබූ අමිහිරි පරාජය ජාත්‍යන්තරයෙන් වසන් කර තම වීර ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමටයි.

    ReplyDelete
    Replies
    1. @ anno

      ඔය tour of Duty ටීවී සීරීස් එකේ ඇමරිකන් හමුදාව කරන වැරදි, හෙලිකොප්ටර වලින් වැරදි ආයුධ කඳවුරු වලට දෙන ඒවා (80 mm motar වෙනුවට 60mm වගේ) සතුරු බිම් වලට ආයුධ දාන ඒවා, බිම් බෝම්බ ප්‍රහාර එල්ල වීම, ගරිල්ලා ප්‍රහාර ඒවිදියටම පහර දීමට ඇතැම් සෙබලුන් කටයුතු කිරීමෙන් සාර්ථක වීමවල්, ඇමරිකන් හමුදාව ඇතුලේ ඇති අභ්‍යන්තර අර්බුද සහ කාකොටාගැනීම් වගේ ගොඩක්ම දේවල් තියෙනවා නිකම්ම නිකං වීර කාව්‍යයක්ම නෙවෙයි

      Platoon 1986, The deer hunter/ Casualities of war/Full metal jacket/ Flag of our fathers / Letters from Iwo Jima/ Apocalypse now (1979)/ Black hawk Down යුද්ධය බොක්කටම වදින්න දීලා තියෙනවා

      දෙවන ලෝක යුද්ධය ගැන වෙනම කතා ගොඩක් තියෙනව

      1955 - 75 කාලේ වියට්නාම යුද්දයෙන් පස්සේ ඇමරිකාවේ මිනිස්සුන්ගේ අතර මතය උනේ ඇමරිකානු සොල්දාදුවන් කියන්නේ ලේ පිපාසිත හමුදාවක් කියලා. ඇමරිකාව වියට්නාම යුද්දයෙන් පරාජය උනා විතරක් නෙවෙයි, ඇමරිකාවේ මිනිස්සු යුද්දය වර්ජනය කරා සොල්දාදුවන් අසාමාන්‍ය ලෙස මැරෙන හින්දා සහ ජනතාවගේ බදු මුදල් යුද්දෙට ගොඩාක් වැය උන හින්දා. ඇමරිකානු සොල්දාදුවන් සමාජයෙන් කොන් උන මතය සහ එයින් සොල්දාදුවන්ට උන අපහසුතා මුල් කරගෙන තමයි රැම්බෝ චිත්‍රපටය නිර්මාණය කරේ.

      එතකොට PTSD වගේ මානසික ව්‍යාකූලතා සහ සහ surviving skills සම්බන්ධයෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරේ. කොටින්ම කිව්වොත් postwar consequences මත නිර්මාණය වෙච්ච කතාවක්. ඒකෙන් ඇමරිකාව තුල ස්වයං විවේචනයක් උනා මිසක් ඇමරිකාවේ ප්‍රතිරූපය හැදුනේ නැහැ

      මේක බලන්න

      https://youtu.be/IAqLKlxY3Eo?feature=shared

      රැම්බෝ සීරීස් එකේ

      Rambo First Blood - post war, a story depicted inside USA.

      Rambo II- The American government offering him a deal to save Amarican prisoners in Vietnam in exchange for reduced prison sentence. Which he was abandoned later by the government.

      Rambo III- Afghan War

      Rambo 2008 - mission in Burma to save Christian missionaries

      Rambo Last Blood - War against Mexican cartel.

      ඔහොමයි කතා ටික සෙට් කරල තියෙන්නෙ

      Delete
  17. සංවර්ධිත රටක (පළමු ලෝකයේ රටක) පිරිමියෙක්ව ඉපදීමත්, පිරිමියෙක්ව ජීවත් වීමත් ඉතා අසීරු වී තිබෙන බව පහුගිය දවසක බෙන් ෂැපීරො කිව්වා.

    බෙන් ෂැපීරො ඇමෙරිකාවේ ප්‍රසිද්ධම සහ බලවත්ම දේශපාලන විචාරකයෙක්.

    මේ ප්‍රකාශයෙන් ඔහු අදහස් කළේ පළමු ලෝකයේ රටවල තදින් හමායන දැඩි පිරිමි විරෝධි නීතින් ගැන.

    ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුවේ පළමු දිනය ඊයේ යෙදී තිබුණා.

    සිඩ්නි නුවර දිස්ත්‍රීක් අධිකරණයක නඩු විභාගය පැවැත්වෙනවා.

    මෙම නඩුවේ ප්‍රථමයෙන් එරට රජය නියෝජනය කරන පැමිණිලිකාර පාර්ශවය විසින් ධනුෂ්ක ගුණතිලකට චෝදනා හතරක් ගොනු කර තිබුණා.

    ස්ත්‍රී දූෂණය, ලිංගික ආඩතේට්ටම් ආදී චෝදනා එහි තිබුණා.

    දැන් එය, එක් චෝදනාවකට පමණක් සීමා වෙලා.

    ඒ ඉතිරි චෝදනා තුනම නඩු විභාගයට පෙරම අසත්‍ය බව පෙනී යන නිසා.

    දැන් ධනුෂ්ක ට එරෙහිව පවතින චෝදනාව Stealthing එසේ නොමැති නම් පැමිණිලිකාරියගේ කැමැත්තකින් තොරව කොන්ඩමය ඉවත් කිරීම යන චෝදනාව පමණයි.

    අදාල කාන්තාව එක් ක්‍රියාවකට කැමති වූ පමණින්, සෙසු ක්‍රියාවන්ට කැමැති බව අදහස් නොවන බව පැමිණිලිකාර පාර්ශවයේ ප්‍රධාන තර්කයයි.

    ධනුෂ්ක ගේ නඩුව ශ්‍රී ලංකාවේත් "කැමැත්ත" යන සාධකය පිළිබඳ විශාල සංවාදයක් ඇති කළා.

    කොහොම වුනත් ධනුෂ්ක ගේ නඩුව ගලා යන විදිය අනුව, සැබැවින්ම සිදුවූ දේ දැන් පැහැදිලි වෙමින් තියෙනවා.

    ධනුෂ්ක සහ අදාල ඕස්ට්‍රේලියානු ජාතික තරුණිය කැමැත්තෙන් හමු වී, කැමැත්තෙන් එකට කාලය ගත කර තිබුණා.

    කෙසේ වෙතත් පැමිණිලිකාර කාන්තාව ධනුෂ්ක ගෙන් දින කිහිපයක සම්බන්ධතාවයකට වඩා බැඳීමක් බලාපොරොත්තු වී තිබෙනවා.

    නමුත් ඔහුට එවැන්නක් අවශ්‍ය වී නැහැ.

    අවසන් දිනයේ ඔහු ඕස්ට්‍රේලියාවෙන් පිටවීමට සුදානම් වී ඇත්තේ එම කාන්තාව දැනුවත් කර හෝ නොමැතිව.

    ඒ හිත් වේදනාවත්, ඉන් ඇති වූ කෝපයත්, ධනුෂ්ක ගුණතිලක තරමක ධනවත්, ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් නිසාත් ඔහුගෙන් පළිගැනීම උදෙසා සමස්ත නීති කෘත්‍ය සිදුව ඇති බව දැන් පැහැදිලි වෙමින් තියෙනවා.

    ඒ සඳහා ඇයට උපකාරී වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි පිරිමි විරෝධි නීතිය.

    ධනුෂ්ක ගුණතිලකගේ කතාව, බෙන් ෂැපීරෝ කියූ කතාවට සම්බන්ධ වෙන්නෙ එතනදී.

    ඕස්ට්‍රේලියාව ඇතුලු පළමු ලෝකයේ රටවල පවතින නීතින් දැඩි පිරිමි විරෝධියි.

    මේ නීතින් කාන්තාවකට අවශ්‍ය ඕනෑම පරිදි, ඕනෑම පුද්ගලයෙකු අපරාධකරුවෙක් ලෙස හංවඩු ගැසීමට භාවිතා කළ හැකියි.

    ඒ සඳහා ඔවුන්ට ස්ථිර, ප්‍රබල සාක්ෂි අවශ්‍ය වෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ලිංගික ක්‍රියාවන් සිදු වෙන්නේ අතිශය පුද්ගලික අවකාශයන් තුල.

      එවැනි අවකාශයක සිදුවන දෑ තෙවන පාර්ශවයකට ඔප්පු කිරීමට සාක්ෂි පවතින්නෙ නැහැ.

      එහිදී වින්දිතයාගේ වාචික සාක්ෂි වලට පිළිගැනීමක් හිමිවෙනවා.

      එවැනි පසුබිමක, කැමැත්තකින් සිදු වන ක්‍රියා පවා පසුකාලීනව පුද්ගලික පළිගැනීම් උදෙසා භාවිතා කළ හැකියි.

      කැමැත්තකින් සිදු වූ ක්‍රියා, අකමැත්තෙන් සහ බලහත්කාරයෙන් සිදු වූ ක්‍රියාවක් ලෙසට පෙන්වා දිය හැකියි.

      අප මේ කතා කරන්නේ සැබෑ බලහත්කාරී, අඩතේට්ටම් පිළිබඳ නොවෙයි.

      එවැනි ක්‍රියා නීතිය ඉදිරියේ පහසුවෙන් ඔප්පු කළ හැකියි.

      නමුත් මෙවැනි නිශ්චිතව සීමා කළ නොහැකි නීති අවශ්‍ය වෙන්නේ ඉන් එහා ගිය කටයුතු උදෙසායි.

      මෙම නීතින් තුල කැමැත්තෙන් සිදුවන ක්‍රියාවක, යම් කොටසක් හෝ අකමැත්තකින් සිදු වූවා යැයි ප්‍රකාශ කිරීමෙන්ම පිරිමියෙකු අපරාධකරුවෙක් කළ හැකියි.

      මේ නීතින් තුල කැමැත්තෙන් සිදුවන ක්‍රියාවක් පවා, බලහත්කාරී කටයුත්තක් ලෙස අර්ථ දැක්විය හැකියි.

      අප සාකච්ඡා කරන්නේ පුද්ගලික පළිගැනීම් උදෙසා මේ නීති අවභාවිතා වීම පිළිබඳවයි.

      ධනුෂ්ක ගුණතිලක එවැනි පළිගැනීමකට ලක් වූ පළමුවැන්නා නොවේ.

      නිසැකවම ඔහු එවැනි පළිගැනීමකට ලක් වූ අවසන් පිරිමියා ද නොවේ.

      ජොනි ඩෙප් සහ ඇම්බර් හර්ඩ් ගේ නඩුව මේ සඳහා ක්ලැසික් උදාහරණයක්.

      ගෘහස්ථ හිංසනය සහ කාන්තා හිංසනයට අදාලව ජොනි ඩෙප් ට එරෙහිව නඩු පවරා, ඔහුගේ හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ් ජයගත්තා.

      නමුත් ලෝකයට සජීවීව විකාශය වූ දෙවෙනි නඩුවෙන් සම්පූර්ණ සාක්ෂී සමගම සත්‍ය හෙළිවුණා.

      එහිදී, සැබෑම හිංසකයා ඇම්බර් හර්ඩ් බවත්, වින්දිතයා ජොනි ඩෙප් බවත් ලෝකයම දැක ගත්තා.

      නමුත් ඒ වනවිටත් පිරිමියෙකු වූ නිසාම ජොනී සතු බොහෝ දෑ සමාජය සහ මාධ්‍ය විසින් විනාශ කර තිබුණා.

      ධනුෂ්ක ගුණතිලක ගේ නඩුව ගලායන අයුරු දකින විට බොහෝ විට ප්‍රතිඵලය වෙනස් වෙන එකක් නැහැ.

      අදාල පැමිණිලිකාරිය විසින් එල්ල කළ චෝදනා ඉතාම පහසුවෙන් ධනුෂ්ක ගේ නීතිඥයන් විසින් දැනටම බිඳ දමා තිබෙනවා.

      ධනුෂ්ක ගුණතිලක යන ක්‍රිකට් ක්‍රීඩකයා කිසිසේත්ම ආරක්ෂා කළ යුතු, පෙනී සිටිය යුතු චරිතයක් නොවෙයි.

      ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටම අවමානයක්, නින්දාවක් එක් කළ ක්‍රීඩකයෙක්.

      ඔහු නඩුවෙන් නිදහස් වී පැමිණියත් ඔහුට යළිත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දොරටු විවර විය යුතු නැහැ.

      ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය නියෝජනය කරනා ක්‍රීඩකයෙකු සතු විය යුතු විනය සහ ජීවගුණය ඔහු සතුව නැහැ.

      නමුත් මේ සිදුවීමේදි ධනුෂ්ක ගුණතිලක නම් වින්දිත පිරිමියා පිළිබඳව කතා කිරීමට එය බාධාවක් නෙවෙයි.

      අනෙක් අතට ගුණතිලකගේ සිදුවීම පිළිබඳව දැනුවත් වී සිටීම වැදගත්.

      බෙන් ෂැපීරො කියූ ආකාරයට පළමු ලෝකයේ රටවල් වල පිරිමියෙක් ව ඉපදීමත්, ජීවත් වීමත් ඉතා අපහසු කලාප කළ, ධනුෂ්ක ගුණතිලක වින්දිතයෙකු කළ නීති සහ සමාජ තත්ත්ව ක්‍රමක්‍රමයෙන් අප කලාප වලටත් ඇතුලු වෙමින් තිබෙනවා.

      ඒ සඳහා මුල් වී කටයුතු කරන්නේ අදාල රටවල් විසින්මයි.

      විවිධ ආකාරයේ වැඩමුළු, සාකච්ඡා ලෙසින් මානව සහ කාන්තා හිමිකම් ආරක්ෂා කිරීමේ වේශයකින් ඒ කටයුතු සිදු කෙරෙනවා.

      මේ පිළිබඳව අප වඩා වඩාත් කතා කළ යුතුයි.

      සාකච්ඡා කළ යුතුයි, සංවාදයක් ඇති කළ යුතුයි.

      ධනුෂ්ක ගුණතිලක ගේ සිදුවීම ඒ සඳහා රටක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වූ අවස්තාවක්.

      Delete
  18. මගේ වැඩිමල් පිරිමි දරුවාට තවම වයස 18යි මාස 3යි. ඔහුව මගේම පාසල් වියේ පටන් දන්නා හඳුනන මිතුරියක් විසින් ලිංගික සබඳතාවයක් සඳහා පොලඹවාගෙන තිබෙනවා. මම ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කල විටදී මෙය දැන ගැනීමට ලැබුන අතර වාර කිහිපයකදීම ඇය සමග මගේ දරුවා සබඳතා පවත්වා තිබුනා. එමෙන්ම සාමාන්‍ය නොවන අතිශය අශෝභන ලිංගික ක්‍රියාකාරකම් සිදු කර ඇති බව සාක්ෂි සහිතයි. මේ සඳහා මගේ දරුවාගේද අනුබලයක් ලැබී ඇති බව පැහැදිලි යි. ඇයගේ සැමියා මියගොස් ඇති අතර වයස 12ක පමන දරුවෙකු සිටී. මට මේ සඳහා නීති මගින් කටයුතු කල හැකිද? එය දරුවාගේ අනාගතයට බලපායි? මේ ප්‍රශ්නය විසඳාගැනීම පිණිස කාරුනික උපදෙසක් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

    ReplyDelete
  19. Saumya ge rosa paata huththata diwa dala juice urala bonawa mama. Chu kara gannawa katata. Puke hilarath diwa danawa. Mm. Huththe rasa suwanda.

    ReplyDelete
  20. මෙන්න මේ චැනල් එක බලපල්ලකො.. කාසි නෙමේ හැම දෙයක්ම රේල් පාරෙ තියල කෝච්චිය එද්දි තැලිල යන වීඩියෝ දාල තියනව. ලංකාවෙ එකෙක් මේක කරන්නෙ.. වීව්ස් වලින් මුන් සල්ලි හම්බ කරනව.. මිනිස්සුන්ගෙ ජීවිතේ අමාරුවෙ දාල.. මෙන්න ලින්ක් එක

    https://youtube.com/@Supercrashvideo?si=8CCU53CuoSC_HwRG

    ReplyDelete
  21. ලංකාවේ ඇතැම් අපතයින් රටේ සිටි හිටපු ත්‍රස්තවාදීන් සමරා අගනුවර රැස්වීම් සමරු උළෙලවල් පැවැත්වීමට සූදානම් වෙද්දී ඉන්දියාව ඉන්දියාවට බිඳීමට උත්සාහ දරන ත්‍රස්තවාදීන් විදේශයක සිටියත් ඝාතනය කරන බවට හෙලිවන්නේ කැනඩා අගමැති ටෲඩෝ එය ඉන්දියා විසින් කරනු ලැබූ කැනඩා පුරවැසියෙකුගේ ඝාතනයක් බව ප්‍රසිද්ධියේ පැවසීමත් සමඟ ය..

    ලංකාවේ ද්‍රවිඩ සමූල ඝාතන ගැන කැනඩා අගමැති වරයා කරන ප්‍රකාශ පිළිගන්නා මෙරට උතුරේ දේශපාලන පක්ෂ ද කැනඩා අගමැති වරයාගේ මේ ප්‍රකාශයත් එසේනම් පිළිගත යුතුය..
    කැනඩා අගමැතිවරයාගේ ඝාතන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරත් ඉන්දියානු රජය පවසන්නේ අදාළ පුද්ගලයාවූ හරිදීප් සිං නයිජර් පන්ජාබයේ ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ පුද්ගලයෙක් බව ය...

    ඉන්දියාව ඉන්දියාව රැකගැනීමට තම සීමාවෙන් එපිටට ගොස් කටයුතු කරද්දී අපේ රටේ හිසුණු ත්‍රස්තවාදයක නියැළුණු ත්‍රස්තවාදීන් සැමරීමට රටේ අගනුවර දී ම ක්‍රියා කිරීමට උත්සාහ ගන්නා පුද්ගලයන් වෙනුවෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය කුමක්ද..?

    ඔවුන් ද ත්‍රස්තවාදීන්ට අනුබල දෙන්නවුන් ලෙස සැලකිය යුතු නොවේද..?

    ReplyDelete
  22. දස්සා නායකත්වයෙන් ඉවත් කරලා නේද බන්, බෝන් අගේන් කුසල් මෙන්ඩිස් කැපා කරලා බෝන් අගේන් ඇන්ජෙලෝ මැතිව්ස් නාකියා දසුන් වෙනුවට දාලා, මැතිව්ස් නාකියාගේ කාලේ ඉවරයි අඩුම තරමින් චාමික කරුණාරත්නට දුන්නනනම් වටිනවා, අනෙක ලංකාවේ ක්‍රිකට් හොම්⁣බෙන් ගියපු කාලේ ආයේ ක්‍රිකට් වසන්තය ගෙනාවේ දස්සා කියලා හැමෝටම අමතකයි,

    පහුගිය 2022 ආසියානු කුසලානය දස්සා ගෙනාවේ කියලා අමතකයි , පිට පිට තරග 13ක් දිනලා ලේසියෙන් කඩන්න බැරි වාර්තාවක් තිබ්බේ දස්සාගේ නායකත්වයෙන් කියලා අමතකයි.

    ඇත්තටම දුකයි. කුසල් ෆේල් වෙච්ච තරන්නම් දස්සා ෆේල් වෙලා නෑ.. හැබැයි කුසල්ට දෙන චාන්ස් දසුන්ට නෑ. සමහර විට දස්සා ලෝක කුසලාන සංචිතයෙත් නැති වෙයි. එහෙම පරිපාලනයක්නේ අපිට තියෙන්නේ.

    සයිබරය ගැන කියන කොට ලංකාවෙ දෙමල ජාතිවාදියොයි වාමාංශික ඩයල් සෙට් එකයි අවුරුද්දෙ දවස් කිහිපයක්ම වෙන්කරගෙන ඉන්නෙ හෑලි ලියන්න. මැයි 18 දෙමල ජන සංහාර දිනය, ජූනි 01 යාපනේ පුස්තකාලේ ගිනි තිබ්බ දවස, ජූලි 24 කලු ජූලිය, සැප්තැම්බර් 26 තිලීපන් මැරුන දවස , නොවැම්බර් 26,27 ප්‍රභාකරන්ගේ උපන්දිනය හා මහවිරු දිනය. ඒ කියපු දවස්වලට හෑලි වැඩියි fb එකෙ. පරණ තුවාල පාරලා ජාතිවාදය අවුස්සන එක තමයි මුං දෙගොල්ලොම කරන්නෙ. ඒත් මුන්ගෙ රේඩාර් එකට කැබිතිගොල්ලෑව, ශ්‍රීමහ බෝධිය, අරන්තලාව එහෙම අහුවෙන්නෙ නැහැ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න