.

.

Sep 20, 2023

වළං හෝදන ශානීගේ රෙදි හෝදන රවී සෙනෙවිරත්න.


 

වළං හෝදන ශානීගේ 

රෙදි හෝදන රවී සෙනෙවිරත්න.

➖➖➖➖➖➖➖➖➖💀💀▪️


සියල්ලටම පෙර මෙවන් හාල්පාරුවන් පිරි, CID ය හෙවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන යමක් කිව යුතුය. මෙය අන්ත දූෂිත ආයතනයක් බව අද ඔප්පු වී හමාරය. අවංක STF නිලධාරියා නොසිටින්නට අද හරක් කටා ඉන්නේ ඩුබායි රාජ්‍යයේය. උගේ එක කෝල් එකකට  වළං හෝදන හාල්පාරුවන්ට රුපියල් 150,000/= ක් ගෙවා ඇත. හරක්කටා හා කුඩු සළිඳු දැන් උන්ගේ බිස්නස් එක කරන්නේ අපරාධ පරීක්ෂණ මූලස්ථානයේ සිටය. 8 වතාවක් ඒ බව මාට්ටු වුවද මේ වන තෙක් ඒ පිළිබඳ කිසිඳු පරීක්ෂණයක් නැත. 


මේ පාතාල නායකයින් දෙදෙනා වළං හෝදන ආයතනයේ මූලස්ථානය වෙත ගෙනා අවස්ථාවේ කීර්තිමත් පොලිස් නිලධාරියකු වන රංගජීව ඔහුගේ බුකියේ අපූරූ සටහනක් දැම්මේය. ඒ මෙසේය...


//------මෙන්න තවත් විටමින් ෆයිල් දෙකක්------

නිළධාරින් මහතුන්ට ,NGO  මහටුන්‍ට,ලෝයර් අන්කල් ලා හා ඒ අය ගේ දරුවන්ට සිතු පැතු සම්පත් ලබා දෙන......මුලු ජිවත කාළයම පුරා සැප බල ,විර්යය වඩවන ...විටමින් ෆයිල් දෙක

Vitamins file  ඔන්න ලංකාවට ආවා ....

එක්කෝ ඔන්නෑ ඔවා කියලා ...

අපේ රට අපිට නැති වෙලා තියෙන්නේ ...//


වළං කඩේ ගැන මෙන්ම අනෙකුත් සියලු ආයතනයන් ගැන පොලීසියෙම උන් දෙන කැරැක්ටරේ මේක නම් අප තව මක්කා කියන්නද?


එවන් අන්ත දූෂීත ආයතනයක හිටපු ලොක්කෙක් වෙන රවී සෙනෙවිරත්නත් දැන් කියන්නේ අමු බයිලා බව TNL ජනහඬේදී පැහැදිලිව ඔප්පු විය. ඔහු ජනහඬේ තවුසන්ඩ් ටෝක් දීමට පැමිණියද, පාස්කු ප්‍රහාරය පමණක් නොව, සහරාන් මෙන්ම එම සංවිධානය පිලිබඳවත්, අයිසිස් ගැනවත්, ජිහාඩිසම් හා වහාබ්වාදය ගැනවත් මෙලෝ අලබෝලයක් නොදන්නෙක් බව එහිදි ඉතා පැහැදිලි විය. 


අනෙක් ප්‍රධානම කරුණ නම්, පොරගේ ප්‍රකාෂයන් එකිනෙකට පරස්පර වීම හා පට්ටපල් බොරු විදීමය. ඒවා කීපයක් මෙසේය.


🔴▪️පොර කියන්නේ පාස්කු ප්‍රහාරය සිදුවූ විගසම පත්කල මලල්ගොඩ කොමිසම හා එහි නිර්දේශ පිලිගත හැකි ඒවා බවය. 


--- එහෙත් දැන් පොර පිලිගන්නේ චැනල් ෆෝ වීඩියෝවය. මලල්ගොඩ කොමිසම මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවද පත් කෙරෙනුයේ පරීක්ෂණ හා අත් අඩංගුවට ගැනීම් මෙන්ම FBI, ඉන්ටර්පෝල්, ස්කොට්ලන්ඩ් යාඩ්, ඔස්ට්‍රේලීයානූ ෆෙඩරල් පොලීසිය මෙන්ම මාලදිවයින් බුද්ධි අංශ පරීක්ෂණ පවත්වමින් සිටියදීය.


🔴▪️මේ පරීක්ෂණ කොමිසම් තුනෙන්ම තම ආයතනයට හෝ නිළාධාරීන්ට කිසිම චෝදනාවක් එල්ල නොවූ බව ඔහු කියා සිටි.


--- එහෙත් හමුදා බුද්ධි අංශ වලට මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයටද එහි නිළධාරීන්ටද කිසිඳු චෝදනාවක් එල්ල නොවූ බව ඔහු කියන්නේ නැතිය.


🔴▪️ඉන්ටර්පෝල් ආයතනයේ ලොක්කා දහසක් වැඩ රාජකාරී මධ්‍යයේ මෙරටට පැමිණ ජනපතිවරයා මෙන්ම අගමැතිවරයාද මුණ ගැසී, පරීක්ෂණ හා අත් අඩංගුවට ගැනීම් ගැන ප්‍රශංසා කොට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම පැමිණ, එහි නිලධාරීන් වෙන වෙනම මුණගැසී ඔවුන්ටද ප්‍රසංසා කොට, විමර්ශන ගැන ඔහු ඉතා සතුටු වන බවත්, ඉතාමත් දක්ෂ අයුරින් විමර්ෂනයන් සිඳුකොට ඇති බවත් ලිඛිතවම ලබා දුන් බවත් කියා සිටී.


--- එහෙත් දැන් ඔහුට ඉන්ටපෝල් ලොක්කා හාල්පාරුවකු වී ඇති අතර දැන් පොරගේ වීරයා වී ඇත්තේ චැනල් ෆෝ වීඩියෝවේ අසාද් මවුලානාය. 


🔴▪️එමෙන්ම ජනාධිපති කොමිසමේ සාක්කි දෙමින් මේ සියල්ලට මුදල් වියදම් කළේ ඊබ්‍රාහීම් නානා බවත් මෙම කණ්ඩායමේ නායකයා සහරාන් බවත් කී බුවාට,


--- අද ඒ සියල්ල අමතකව ගොස් ඇතිවා පමණක් නොව, කිසිම පරීක්ෂණයකදි මරාගෙන මැරෙණ බෝම්බ කරුවන් තිදෙනෙක්ම අයිසිස් වෙත පූජාකළ, ඉබ්‍රහිම් නානා හා ඔවුන්ගේ භූමිකාව ගැන ප්‍රශ්ණ නොකරන්නේ, එහි කෙලවර නවතින්නේ රිෂාඩ් බදූර්දීන්ගෙන් නිසාය. එනිසාම, ජනහඬ පූරකයාටද ඔවුන් අමතකව යයි.


🔴▪️දෙහිවල බෝම්බ කරුගේ බිර්‍රිඳගේ නිවසට හමුදා බුද්ධි අංශ යෑම මේ ෂර්ලක් හෝම්ස්ට මාර ගැටලුවක් වනතර,


--- අනෙකුත් මරාගෙන මැරෙන බොම්බ කරුවන්ගේ ඥාතීන්ගේ නිවෙස්වලට පවා හමුදා බුද්ධි අංශ, රාජ්‍ය බුද්ධි අංශ මෙන්ම, සියල්ලෝම සජීවීව නැරඹූ, ඊබ්‍රාහිම් නානාගේ නිවසට සියළුම ආරක්ෂක අංශ වහ වහාම ගිය එක, බුවාට ප්‍රශ්ණයක් වන්නේ නැතිවාක් මෙන්ම. මේ කිසිඳු අංශයක්, එහි තවත් මරාගෙන මැරෙන බෝම්බකාරියක සිටිනා බව නොදැනීමට විලි ලැජ්ජා සහගත කරුණකිය.


🔴▪️වළං සෝදන ලොක්කන් වන තමන් හා වළං ශානී ඉවත් වීමෙන් පසු අත් අඩංගුවට පත් වූ අය අහිංසකයින් බවට සහතිකයක් ලබා දෙයි.


--- එහෙත් මේ ටෑන්ක් ක්ලීනර් නොදන්නා දෙය නම්, එසේ අත් අඩංගුවට ගෙන නිදහස් කළ නීතීඥයකුගේ ඉස්ලාම් සංවිධානයේ භාණ්ඩාගාරික ඇතුලු තුන් දෙනෙක්ම මරාගෙන මැරෙන බෝම්බකරුවෝ බවය.


🔴▪️මේ තරම් වැදගත් සිද්දියක තොරතුරු ඔහුට මතක නැත. ඔහු කියන්නේ වව්නතිව් ප්‍රහාරයට පසු දිනම ඔහු පොලිපති ජයසුන්දර හා මඩකලපුවට යන මොහොතේත් ltte සැකකරු අජන්තන් ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි බවයි. එ ඊට දින කිහිපයකට පෙර මහවිරු සැමරුමක් වෙනුවෙන් පොලීසිය හා ගේම ඉල්ලා තිබූ නිසාය.


- එහෙත් එකවරම ශානී විසින් නිර්මාණය කරන ලද ජැකට් කතාව මතක් වී..පසුව ඒ ගැන කියන්නට ගොස් පිට පොට පටලවාගෙන නවත්වන්නේ, පූරකයා මේ පිළිබඳ මෙලෝ අලබෝලයක් නොදන්නා කමේ පිහිටෙනි.


🔴▪️ මුලින් කියන්නේ ලැක්ටෝ වත්තෙන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4000 ක් හා ඩෙටනේටර් 500 ක් සොයාගත් බවට අමු කෙප්පයකි.


--- එහෙත් මේ පිළිබඳව දැණුම්වත්ව වුන් පූරකයා කරන්නේ, බ්‍රේක් එකකට යාමය. ඒ එයාලත් වළං ශානිට කඩේ ගියාට වැදගත් විදියට යන්න ඕනා නිසාය. එබැවින් බ්‍රේක් එකෙන් පසු මුලින්ම කරන්නේ වරද නිවැරදි කිරීමය.


🔴▪️තවත් කෙප්පයක් ඇද බාමින් කියන්නේ, විදෙස් බුද්ධි අංශ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නොපැවැත්වූ බවත්, කළේ තාක්ෂණ සහාය ලබා දීම බවත්‍ය.


--- මෙයද අමූලික බොරුවකි. මෙරටට පැමිණි විදෙස් බුද්ධි අංශ මේ හාල්පාරුවෝ මෙන් සල්ලි වලට ෆයිල් වසා දමා වැල් බයිලා ගහනා උන් නොවේ. ඔවුන් මේ පිළිබඳව දිගටම පරීක්ෂණ හා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින්නෝය.


▪️වසර දෙකක් තිස්සේ කරන ලඳ පරීක්ෂණවලින් අනතුරුව ඇමරිකානූ පුරවැසියන් 5 දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් මෙරට අත් අඩංගුවේ පසුවන පහත සඳහන් ත්‍රස්තවාදී සැකකරුවන්ට එදිරිව, අපරාධ චෝදනා 9 ක් යටතේ නීතී කෘත්‍යයන් ආරම්බ කර ඇත.


1. මොහොමඩ් ඉබ්‍රහිම් මොහොමඩ් නවුෆර්

2. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කා

3. හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන්


▪️ඔස්ට්‍ර්‍රේලීයානූ ෆෙඩරල් පොලීසිය (AFP) මගින් ලාංකික සම්බවයක් සහිත තුන් දෙනෙක් සම්බන්ධයෙන් අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව කරන පරීක්ෂණ තවමත් කෙරෙමින් පවතිනාතර, එම තිදෙනාගේ මෙරට දේපල හා වත්කම් සියල්ල රාජසන්තක කොට අවසානය.


▪️මාලදිවයිනද ප්‍රහාරය හා සම්බන්ධ මාලදිවයින් වැසියන් පිරිසකට විරුද්ධව එරට නීතිනය ක්‍රියාමාර්ග ආරම්බ කොට ඇති අතර, පරීක්ෂණයන්ද තවමත් සිදු වෙමින් පවති.


🔴▪️එවකට රාජ්‍ය බුද්ධි අංශයේ ලොක්කා ලෙස උන්  නිලන්ත ජයවර්ධන පරීක්ෂණ සඳහා උපරිම සහාය ලබා දුන් බව ඔහු කියයි.


--- එහෙත් ඒ අතරේ සොනික් සොනික් ප්‍රශ්ණ කිරීමට ඉඩ නොදුන් බව පවසයි. සොනික් සොනික් නොහොත් IP බණ්ඩාර මෙන්ම  නිලන්තද රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් නිලධාරින් වන අතර, හමුදා නිලධාරීන් නොවේ. 


🔴 සහරාන්ලා ප්‍රහාරය සම්බන්ධයෙන් කළ වීඩියෝව පටිගත කළ ස්පෑන් ටවර් එකේ DVR එකේ සියලු දත්ත මකා දැමුවේ කව්ද? ඒ පිළිබඳ වචනයක් හෝ කතා කිරීමට පූරකයාට මෙන්ම වළං සෝදන්නාට අමතක වීම අපට නම් ඉතා ලොල් සහගතය.


🔴 මේ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී මාතලන්ට වැටහෙන දෙය නම් සිරිසේන ඇතුලු උසාවියෙන් දඩ කෑ ආරක්ෂක ලේකමා ඇතුලු පොලිස් නිලධාරීන්ට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහ එකා මෙන්ම පරීක්ෂණ බාර ව උන් වළං සෝදන්නාද, රාජ්‍ය හා හමුදා බුද්ධි අංශවල ලොක්කන්ද මීට එක ලෙසම වරද කරුවන් බවය.


🔴 සුරේෂ් සලේ මෙන්ම රාජපක්ෂලාද, රනිල් මෙන්ම අනුර කුමාරලාද ඊට සම්බන්ධ නම් ඔවුන්ටද නිසි දඬුවම් ලබා දිය යුතුය.


🔴 සිඳු වී ඇත්තේ එකිනෙකාගේ දේශපාලන ගැතිකම්, ඊගෝ හා මාන්නය හෙතුවෙන් ඉතා පහසුවෙන් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදී චෝදනා යටතේ මරණ දඬුවම ලබා දිය හැකිව තිබූ ත්‍රස්තවාදීන් පිරිසකට රඟන්නට දී වරද එක එකා පිට් පටවා ආතල් ගැනීමටය.


🔴 ශානි විසින් ලැක්ටෝ වත්තට පැමිණ සිටි හමුදා බුද්ධි  අංශ එලවා දමා පැත්ත පලාතේ එන්න එපා කියා සියල්ල තම අතට ගන්නේ ඒ අනුවය.


🔴 සහරාන්ගේ බිරිඳ පසුපස පැන්නුවා නම්, සහරාන් පහසුවෙන්ම අත් අඩංගුවට ගත හැකිව තිබූ බව දැන් බොහෝ පැහැදිලිය.


🔴 එහෙත් බෝම්බ පුපුරණ තෙක් වළං සෝදන කණ්ඩායාම වෙන කිසිම දෙයක් සොයා නොගත් බව වළං සෝදන එකාගේ අමුඩය සෝදන්න ආ එකා පිලිගත්තේය.


🔴 එහෙත් හමුදා බුද්ධි අංශය මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයද වළං කඩේට ඉන් අනතුරුවද තොරතුරු ලබා දී ඇති බව දැන් වාර්ථා වේ.


🔴 ඇත්ත කතාව... ගහනවා කිව්වාට මෙහෙම ගහයි කියා මේ එකෙක්වත්  හිතුවේ නැතිය. හැබයි ගහනා බව දේශ්පාලුවන් පාදිලියන් මෙන්ම VVIP 1500 ක් දැන උන් බව පසුව හෙලිවුනේය. ඒ නිසා දේශපාලුවෝ නිළධාරියෝ මෙන්ම පාදිලියෝද එකෙක්වත් මිය ගියේ නැතිය.


😭 ඒ වෙනුවට දෙස් විදෙස් අහිංසකයින් 250 ක් සහරාන්ලා හා ස්වර්ගයට ගියේය. තවත් පිරිසක් සදාකාලික අබ්බගාතයෝ විය. 

මෙය ඛේදවාචකයක් වන්නේ එසේ මිය ගිය හා තුවාල ලැබූ අයගේ ඥාතී හිතමිත්‍රාන්දීන්ට පමණි අනෙක් උන්ට මෙය එදා මෙන්ම අදටත් ඩොලර් උපයන ආතල් එකක් පමණි.


ඒ වගත් මෙසේය..

.

32 comments:

  1. A very good analysis 👏 Keep it up 👍

    ReplyDelete
  2. අනේ මන්ද මාතලන් ඇත්තටම ඔය පාස්කු කේස් එකත් එක එකා වවාගෙන කන දෙයක් අර විජය කුමාරතුංග රිචඩ් ද සොයිසා කොබ්බෑකඩුව ඇතුලත්මුදලි ඉදලා දිලීපන් තජූදීන් දක්වා ම මරණ විකුණගෙන කෑවා වගේ පල්ලිවල කපුටාස්ල ටිකයි දේසපාලුවොයි ඔය මරණ ටිකත් විකුණගෙන කනවා මුන්ට ලැජ්ජාවක් වත් හර්ද සාක්ෂියක්වත් නෑනේ....

    ReplyDelete
  3. මාතලන් අප ධර්මශාලාව සඳහා සිමෙන්ති කොට්ට 300 අවශ්‍ය වී ඇත පින් කැමති කෙනෙක් සිටී නම් කැමති ප්‍රමාණයක් සඳහා දායකත්වය ලබා දෙන්න 0764533603

    ReplyDelete
  4. රවී සෙනෙවිරත්න කියල කියන හිවලා පොලෝස් කෝලම වගේ තවත් එක විගඩමක් මේ වගේ අපත හාල්කෑලි මොකට මේ වගේ ඉහල තනතුරුවලට පත් කලාද මන්දා යහපාලන ආණ්ඩුව කාලේ රනිල් වික්‍රමසිංහ කරපු ගොං වැඩ

    මිනිහෙකුට තමන්ම ප්ලාන්ට් කරපු බොරුවක්, බොරුවක් කියලා ඔප්පු කරන්න,ඒ බොරුව උස්සන් යන උන් එක්ක තර්ක කරන්න වීම දක්ෂතාවය ද ? නැත්නම් කරුමයද ?

    ReplyDelete
  5. ආරක්ෂක ඇමැති කමේ සිට cid ලොක්කා දක්වා සියලු තනතුරු මාතලමාට දිය යුතු යැයි ඉල්ලා සිටිමි.හැකිනම් සුදුසුකම් තිබේදැයි බලා කොස්තාපල් තනතුරක් ද දිය යුතුයි .

    ReplyDelete
  6. හැබෑටම ලංකාවෙ තාමත් තණකොළ කපන්නෙ කඩු වලින් ද?

    ReplyDelete
    Replies
    1. සෙන්නා, තව ටික දවසකින් ඒ කඩු ගෙනාවෙත් නන්දසේනයා කරපු කුමන්ත්‍රණයක් නිසායි කියලා 🫢 ඊළඟට ඔය කඩුගෙන්වපු නානලා හරිම අහිංසක ජීවිත බවත්, එතකොට අර මාලිමාවේ ජාතික ලයිස්තුවේ හිටිය ගම්මිරිස් නානත් හරිම අහිංසක කෙනෙක් බවත්, ගෙදර බත් කකා හිටපු ඌව ඒකට පැටලුවෙත් මිනීමරු නන්දසේන මෝලා සහ සලේලාගේ කුමන්ත්‍රණයකින් කියලා ඌවත් නිදොස් කොට නිදහස් කරයි තව ටික දවසකින්, අර සාෆි කේස් එක වගේ එකක් කරයි 😄 හරිම ලොල් සහගත රටක් ඕයි මේක 😅🤣😂

      Delete
  7. හොඳ පෝස්ට් එකක් මාතලන්, ලංකාව ඇතුලේ අපි ආත්මාර්ථකාමී ලෙස කුලල් කා ගත්තට ඇත්තටම ඔය පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ විදේශීය බුද්ධි අංශ සහ විදේශීය බලවේග ඔවුන්ගේ ආර්ථික දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට දිගටම ලංකාවට එරෙහිව කටයුතු කරන බව පේනවා, පොඩි කතාවක් කියන්නම් පොඩි කාලේ අහල තියෙන එකක්

    එක දවසක් කුඩා සත්ව ගොවිපළක් පවත්වාගෙන ගිය එක්තරා ගමයෙක් තම ගෙදරට මී කතුරක් ගේනවා...

    මේක දැකපු මීයා දුවගෙන ගිහින් කුකුළට කියනවා..

    අනේ කුකුළෝ ගමයා මී කතුරක් ගෙනත්...

    මොනවා හරි කියහං මගේ හිත හැදෙන්න...

    මී කතුරට කුකුළ්ලු අහු වෙන්නෙ නෑ.. ඒ නිසා මට ඕකෙන් මුකුත්ම වෙන්නේ නෑ ඒ නිසා මට කරන්න දෙයක් නෑ

    හිත රිද්දගත්තු මීයා එළුවා ළඟට යනවා...

    අනේ එළුවෝ ගමයා මී කතුරක් ගෙනත්...

    ඉතින් මට මොකද...

    අසරණ මීයා ඌරා ළඟට යනවා..

    ඌරෝ ගමයා මී කතුරක් ගෙනත්..

    අදාල ම නෑ...
    ඌරගේ උත්තරේ...

    මීයා කෝකටත් කියලා හරකා ගාවටත් ගියා..
    හරකෝ ගමයා මී කතුරක් ගෙනත්...
    වෙන ගෙදර කට.වත් පලයන්...
    අපිට පාඩුවේ ඉන්න දීලා...

    එක නපුරු රෑක මී කතුර තියෙන තැනින් චටස් ගාලා සද්දයක් එනවා..

    මීයට වැඩේ හරි...

    මෙහෙම හිතපු ගම මහගේ ලහි ලහියේ යනවා සද්දේ ආපු තැනට...
    මී කතුරට අහුවෙලා තිබුණේ අධි විෂ සර්පයෙක්..

    කරුවලේ යන ගම මහගෙට සර්පයා දෂ්ට කරනවා..

    උන්දෑ මැරෙන්නෙ නෑ..

    දැඩි ව අසනීප වෙනවා..

    මට සුප් ටිකක් හදලා දෙන්න..

    කුකුලා සුප් එකට යනවා...

    ගම මහගේ එන්න එන්න ම දුර්වල වෙනවා..

    එළු සුප් දීලා බලමු...

    එළුව ටත් බඩු හරි...

    ගමයා දැන් නැට්ටට ම හිඳිලා..

    ඌරා ව යවනවා පොල් රොටි, පෝක් විකුණන පෙදෙසෙකට..

    ගම මහගේ මැරෙනවා..

    ගමයා හරක ව නානට දීලා අවසන් කටයුතු කරනවා...

    මීයා තාම යහතින් ගොවි පලේ...

    රටේ ලෝකෙ ප්‍රශ්න අපට අදාල නෑ කියලා හිතන අය මේ කතාව උදේ හවස කියවන්න..

    ඒ නිසා දේශපාලන පක්ෂ වලට වහල්කම් නොකර නිර්භයව වැරැද්දට වැරැදියි කියන්න පුළුවන් කෙළින් කශේරුකාවක් තියෙන ප්‍රතිපත්ති ගරුක මිනිසුන් අනාගතයේ බිහි විය යුතු ම යි.

    ReplyDelete

  8. රවියත් ඉස්සර ජොබ් එක කරන කාලේ රෙදි නැතුව රනිල්ට කඩේ ගියා, එමෙන්ම ජොබ් එක හරියට කරේ නැතුව චාටර් වුණා... ඒ වගේම ඒ කාලේ ඕකා මේ බොම්බ ගැහීමේ වැඩේ කළේ ඊබ්රාහීම් පවුලේ උන් කියලා අර මැරිච්ච අයිය මලෝ දෙන්නගේ වැඩක් කියලා කොමිසමට සාක්කි දුන්නා

    දැන් බොරුවට මීඩියා වලට ඇවිත් වෙන වැල් බයිලා ගහනවා නේද? මුන්ට නම් මොංගල් ඇත්තටම...

    ඔය වගේම මම ලංකාවේ හිටපු කාලේ මට හම්බ වෙච්ච ඔහොමම ඉහළ තනතුරක් දැරූ ලොකු මහත්තයෙක් තමන්ගේ රැකියාවෙන් විශ්‍රාම ගත්තට පස්සේ තමන්ට දීලා තිබුණ නිල නිවාසය අත ඇරලා තමන්ගේ ප්ලැට් එකට ආවා....

    එයා තමන් ගැන ලොකුවට හිතාගෙන හිටියේ.

    එයා හිටපු තනතුරු ගැන, එයාට තිබුණු සැලකිලි ගැන..
    ඒක නිසාම මෙයා වැඩියේ කාත් එක්කවත් කතා බහ කළේ නෑ...

    හැබැයි අනිත් අය වගේම මෙයත් හැමදාම හැන්දෑවට ප්ලැට් එකේ උද්‍යානයට යනවා රවුමක් දෙකක් ඇවිදින්න.. හැබැයි කාත් එක්කවත් කතා කරන්නේ නෑ...

    ඔහොම ටික දවසක් යනකොට මෙයාට අහම්බෙන් මුණ ගැහෙනවා තවත් එක් වයසක මහත්මයෙක්....
    බංකුවේ ඉදගෙන මෙයා තමන් ගැන ඔක්කොම විස්තර ඒ මහත්තයට කිව්වා...

    හැමදාම මොනවා මොනවා හරි අලුත් විස්තර..
    එයාට මිනිස්සු සලකපු හැටි, එයාට හිටපු ගෝලයෝ, එයා ගත්ත තීරණ, කතා ගොඩක් කිව්වා...
    දවස් හතරක් විතර මේ කතා අහපු අනිත් වයසක මහත්තයා එක දවසක් කතා කරන්න පටන් ගත්තා...

    "විශ්‍රාම ගත්තට පස්සේ අපි ඔක්කොම පිච්චුනු බල්බ් වගේ...

    අපි කොච්චර දීප්තිය දුන්නද,
    අපි මොන මොන වර්ග වල බල්බ්ද අදාල නෑ...
    අපි ඔක්කොම පිච්චිලා..

    දැන් බලන්න ඔය ඉස්සරහ බංකුවේ ඉදන් ඉන්න මහත්මයා, එයා හමුදාව හිටපු ජෙනරල් කෙනෙක්...
    අර එහා පැත්තේ හිමි හිමින් දුවන්නෙ එයා හිටපු කොමසාරිස් කෙනෙක්...
    දැන් මෙතනින් ඇවිද ගෙන ගිය කෙනා, එයා බැංකු සමුහයක ප්‍රධානියෙක්...
    එයා නං ඒක මට කවදාවත් කියලත් නෑ.., ඒත් මං දන්නවා...

    බල්බ් එකක් පිච්චුනාට පස්සේ w10ද, w20ද, w30ද, w50ද, w100ද, අදාල නෑ...
    LEDද, CFLද, Halogenද, අදාල නෑ...

    උදෑසන නැගෙන හිරුත්, සවසට බැස යන හිරුත් ඉතා චමත්කාරයි....
    එහෙත් උදෑසන හිරු ට ලැබෙන නමස්කාරය බැස යන හිරුට ලැබෙනවාද...?
    මේ දෙය අවබෝධ කර ගත් පමණින් ජීවිතය වඩාත් පහසු වේවි..."

    අපේ වර්තමාන තනතුරු බලය එකක්වත් ස්ථාවර නැහැ...
    මේවට දැඩි සේ බැඳුනාම ජීවිතය කරදරකාරී වෙනවා...
    නැති උනාම වේදනාවට පත් වෙනවා... විශ්‍රාම ගිහිල්ලත් ටීවී චැනල්වලට ඇවිත් එක එකාට රෙදි නැතුව අමු හෙලුවෙන් කඩේ යන්න වෙනවා මේ රවියා කියන පොල් බූරුවාට වගේ...

    කියලා, ඒනිසා මටත් කියන්න තියෙන්නේ මේ සත්‍ය තමන්ගේ ජීවිතයට අදාළ කර ගන්න කියල විතරයි , එවිට ජීවිතයට සාමයත් සතුටත් උදාවේවි....

    ReplyDelete
  9. මාතේ හිරු ප්‍රවෘත්ති සංස්කාරක පොලොන්නරුවේ වෙද මහත්තයාගේ කතාව කියවපු කෙනෙක් වගේ..

    අලුත විවාපත්වූ තරුණ යුවළකගේ ස්වාමියාට අසනීපයක් හැදුනා..

    බටහිර වෛද්‍ය විද්‍යාව අනුව.ෆෙස්ටියුලා යනුවෙනුත් දේශීය වෛද්‍ය ක්‍රම වල බගන්දරා යනුවෙනුත් හදුන්වන මෙම රෝගයට බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ප්‍රතිකාර කිරීමේදී ශල්‍යකර්මයකට මුහුණ දෙන්නට සිදු වෙනවා..
    එය අර්ශස් රෝගයට වඩා දරුණු තත්වයක්....

    නමුත් ශල්‍යකර්මයෙන් පසුව නැවත එම අසනීපය සෑදීමේ සම්භාවිතාවක් ඇතත් එහි දීද ප්‍රතිකර්මය වශයෙන් නැවත කිරීමට සිදු වන්නේ ශල්‍යකර්මක්මයි..

    දිගින් දිගටම ශල්‍යකර්ම වලට මුහුණ දීමට සිදුවුවහොත් අවසානයේ ඉතාමත් බරපතළ තත්ත්වයකට මුහුණ දෙන්නට වෙනවා..

    දේශීය ප්‍රතිකාර ක්‍රමය තරමක් වේදනාකාරී වුවත් ඒ හරහා බොහෝ දුරට සම්පූර්ණයෙන්ම නිට්ටාවට මෙය සුව කර ගැනීමට හැකි බවට ලැබුණු තොරතුරක් අනුව මේ තරුණයා සිය බිරිඳ ද සමඟ අදාළ වෙද මහත්තයා හම්බවෙන්න ගියාලු..

    ඔහු සමහරවිට රෝගීන් නතර කරගෙන ප්‍රතිකාර කරන කෙනෙක්..

    ඉතින් තරුණයා පරීක්ෂාකර වෙද මහත්තයා කිව්වේ සති දෙකක් පමණ නැවතී ප්‍රතිකර්ම ලබා ගත යුතු බවයි..

    අවශ්‍ය කසාය තෙල් බේත් නියමිත වේලාවටම පානය කර ගැල්විය යුතු බව දැනුම් දුන්නා..
    ඒ අනුව තරුණයා අකමැත්තෙන් වුණත් සිය තරුණ බිරිඳ ආපසු වාහනේ යවා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නතර වුණා..

    සති දෙකක් අවසානයේ සිය ආදරණීය සොඳුරු බිරිඳ ඔහු කැටුව යාමට පැමිණියා.

    අසනීපය බොහෝදුරට සුවවී තිබූ නිසා තරුණ ස්වාමියා ද වෙද මහත්තයාටත් ස්තුති කර බිරිඳ සමග ආපසු පැමිණීමට සූදානම් වුණා..

    ගෙදර ගියපසු ගෙදරදී කළ යුතු ප්‍රතිකර්මද වෙද මහත්තයා කියලා දුන්නා..
    ඒ අනුව බොන බෙහෙත් වලට අමතරව ඇඟිල්ලෙන් පසුපස ගැල්විය යුතු බෙහෙතක්ද දුන්නා..

    උපදෙස් හොඳින් හිතේ ධාරණය කරගත්
    තරුණ යුවල දුර බැහැර ගෙවා නිවසට පැමිණියා..

    එදා රෑ බෙහෙත් ගැල්වීම කිරීමට සිදුවුණේ බිරිඳටයි..

    ලැබුණු උපදෙස් අනුව බෙහෙත් තෙල් ගැල්වීම ආරම්භ කර ගතවූයේ තත්පර කිහිපයක් පමණයි...

    ස්වාමියාට යක්ෂයා ආරූඪ වුණා..
    බිරිඳගේ අතටත් ගසා නැවත ඇඳුම් ඇඳගෙන වාහනයෙන් වෙද මහත්තයා හොයාගෙන යන්න සූදානම් වුණා..

    මම ඕකව මරනවා...
    මට දැන් තමයි තේරෙන්නේ මොකක්ද මට කරේ කියල..

    ඇයි ඇයි ඔයා මේ කලබල දඟලන්නේ ඔයා මොකක්ද මේ කරන්න යන්නේ ඒ මනුස්සයාට..

    මොකක්ද කියලා මට කියන්න බෑ ඇත්තටම ඔයාට...

    ඔයා දැන් බෙහෙත් ගානකොට මගේ පිටට තියාගෙන හිටියේ එක අතයි.
    අරූ එතන තෙල් ගෑවෙ අත්දෙකම මගේ පිටේ තියාගෙන..

    ReplyDelete
  10. හම්මේ 😅😅😅😅 වලං ශානි වගේ ගූකන අමු සක්කිලියෙක්ගේත් රෙදි සෝදන හේනේ මුත්තිගේ පුතාලා ගැන මොන කතාද බන්? ඕව වගේද ලංකාවේ ආර්ථිකය ගැන කියන කොට රනිල් ලඟදීම රට සංවර්ධනය කරයි කියලා හිතන භාග ලිබ්බෝ වගේම තමයි ලංකාවේ ක්‍රිකට් ටීම් එක ගැන හෝප්ස් තියාගෙන ඉන්න උන්. එවුන් මැච් එකේ ආතල් එකට කෂනිකව ජාති කානු රාගයෙන් මුසපත් වෙනවා. පක්ශ පාට කිසිම භේදයක් නෑ වම දකුන මැද එකතු වෙලා හිතනවා ලංකාව දිනයි කියලා.

    ඒත් ඇත්තටම එකතුවෙලා රට ගැන හිතන්න ඕන තැන්වල එකාට එකා මරා ගන්නවා.

    ඒ වෙනුවට මූල්‍ය ආයෝජන වෙනුවෙන් වෘත්තීය ප්ලේයර්ස්ලා බෝලෙට ලෑල්ලෙන් ගහලා දුවනවා බලන්න විතරක් එකතු වෙනවා.

    ඇඳේ ඉඳන් රිකට් ගහන රිකට් ෆෑන්ස්ලා ගැන කතා කරලා වැඩක් නෑ. තමන්ගේ පුද්ගලික වැඩ කැන්සල් කරගෙන මැච් බලන්න ස්ක්‍රීන් ඉස්සරහ වාඩි වෙච්ච එවුන් ඉන්නව නම් ගෙනාපු බෝතල් MT ටිකත් රෝල් කරලා ගහගනිං &@>.

    රෙ.පු.ගූ ත් නැතිව ඉන්න උඹලා ආපහු උදේම වැඩට පලයන් මතක් කරලා බොස් බලාගෙන ඉන්නවා. ඒ මදිවට රට හදන්නත් තියෙනවා. බුකියේ...

    ReplyDelete
  11. ඇයි බන් රවී පරයෝ ශානි අබෙිසේකර ඒ වෙනකොට රන්ඡා මුදා හරිය හඩ පට වල තිබුනානේ උගේ පක්ෂග්‍රාහි වලන් හෝදන කථා සහ උසාවියට කල බලපැම් ගැන?

    එතකොට එහෙම එකෙක් කොහොමද බුරැවෝ එම නිලයේ තියා ගන්නේ?

    එතකොට මුජිබර රහුමාන් බූරුවා නියෝඡනය කල ප්‍රදේශයෙන් හමුවුන කඩු ගෙනාවෙි තොපිට කේක් කපන්නද?

    මෙි ප්‍රහාරය අන්තවාදී මුස්ලිමි ප්‍රහාරයක් එය යට ගහන්න තොපිට බැ හරියට පරික්ෂනයක් කොලොත් උබලාට වගකියන්න කොටසක් එවි
    පහත කරැනු උපුටා ගැනිමක් බව සලකන්න


    //
    ISIS සංවිධානය විසින් පාස්කු ප්‍රහාරයේ වගකීම බාර ගන්නා බව ලෝකයටම කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා ද?

    මෙරට මුස්ලිම් තරුණයින් පිරිසක් (70) සිරියාවේ ISIS ත්‍රස්තයින්ගේ සටන් පුහුණුව ලැබ සිරියාවේ මුස්ලිම් අන්තවාදී රජයක් පිහිටුවීමට එක්වී සිටින බවට ලෙබනන් හා තුර්කි රජයන් මෙරටට දැනුම් දීම ප්‍රතික්ෂේප කරනවා ද?

    සිරියාවෙන් පරාජය වූ ISIS ත්‍රස්තයින් දකුණු ආසියාවේ මුස්ලිම් අධිරාජ්‍යයක් පිහිටු වීමට උත්සාහ දරණ බව විදේශ බුද්ධි අංශ වාර්තා ප්‍රතික්ෂේප කරනවා ද?

    මාවනැල්ල බුදු පිළිම කැඩීම හා කතෝලික ප්‍රතිමා විනාශ කළ පිරිස් ගැන අමතක වූවා ද?

    මෙම පිළිම විනාශ කළ ත්‍රස්තයින් හා වනාත විල්ලුවෙ දී ආයුධ පුහුණුව ලැබූ ත්‍රස්තයින් අත් අඩංගුවට ගත් විට ඔවුන් නිදහස් කර ගැනීමට, ප්‍රශ්නය යට ගැසීමට මුස්ලිම් දේශපාලනඥයින් ක්‍රියාකළ ආකාරය නොසලකා හරින්නේ ඇයි?

    සහරාන්ගේ සොහොයුරා බෝම්බ සෑදීමට ගොස් බරපතල තුවාල ලැබූ විට එය වසංකිරීමට මැදිහත් වූ මුස්ලිම් දේශපාලනඥයින් ගැන කතා නො කරන්නේ ඇයි ?

    කාන්තංකුඩි පොලිස් මුර පොලට පහර දී පොලිස් නිලධාරීන් මරා දමා, ආයුධ පැහැර ගත් මුස්ලිම් අන්තවාදීන් බේරා ගැනීමත්,
    එම සිද්ධිය LTTE ක්‍රියාවක් ලෙස යටපත් කළ සිද්ධිය, නොසලකා හරින්නේ ඇයි ?//

    ReplyDelete
  12. අනූ පාරක් දැනුම් දීල ප්‍රහාරෙ වලක්වගත්තෙ නැත්තෙ ලොක්ක අපිද ආන්ඩු කලේ මු...ලි..ම් පල්ලි වලයි පල්ලියෙ ලිදෙයි දාල කඩු බෝම්බයි තියාත්තෙ රාජපක්ෂලව ගේන්න ඕන නිසා නේද හොර ගෙඩිය ඒව කියන්නෙනෑ සිංහල වංශ කථාවෙත් නෑ

    හිංගල නායකයෙක් ගේන්න හිංගල එවුන් එකෙක් වත් මේ වගේ ජීවත පූජාකලේ නෑනේ යකෝ

    අර මාලිමාවේ ඊබ්‍රාහිම් නානම තමයි ඇහෙලපොලගෙන් පස්සෙ ළමයි දෙන්නෙක්ම දන් දුන්න නේ 🤣🤣

    ReplyDelete
  13. ඒක නිසා වෙන්න ඇති සමගි ජන බලවේගයේ නායක සජ්ජා කියන මන්දමානසික පොල් බූරු http සුකණ්ණා පහුගිය ජනපති තේරීමේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඡන්දයේදී රාජපක්ෂ කල්ලියේ ලොකුම සට්ටැඹි රාල වන ඩලස් ජනාධිපති කර නැවත රාජපක්ෂ කල්ලියට රට ජාතිය පාවා දීමට උත්සාහ කළේ....

    ReplyDelete
  14. මාතයියේ මහ බ්‍රිතාන්‍ය ඇස්ට්‍රාසෙනිකා හොර බෙහෙත් ජාවාරම්කාර සමාගම චැනල් 4 ජඩ මාධ්‍ය හොර තක්කඩි වගේම තවත් ජාවාරම්කාර ආයතනයක් වන එක්සත් ජනපදයේ මොඩර්නා ජඩ බෙහෙත් ජාවාරම්කාර සමාගමත් අලුත් අඩව්වක් අල්ලලා තියෙනව නේද?

    මේක ඉන්දියාවේ කේරළයේ දැන් වෙමින් පවතින නිපා (Nipah) වෛරස් රෝග වසංගතය සමග සම්බන්ධ වන කාරණයක් මොකද මේ නිපා වෛරසය පැතිරීමෙන් වාර්තා වෙන්නේ මරණ 2ක් පමණයි (පහත පළවෙනි ලින්ක් එක බලන්න).

    බටහිර රටවල රාජ්‍ය ආයතන වල නිල වාර්තා වලට අනුව නිපා වෛරසය හඳුනාගනෙන්නේ මීට අවුරුදු 24කට පෙර 1999දි. එදා පටන් මේතාක් සමස්ථ මරණ වාර්තා වෙලා තියෙන්නේ 100ක් පමණයි (දෙවැනි ලින්ක් එක බලන්න).

    ගිය 2022 ජූලි මාසයේ කෝවිඩ්-19 එන්නතින් ගොඩගිය Moderna ආයතනයම හදනවා නිපා වෛරසයට එන්නතක්.

    ඔන්න දැන් ඉතින් කාලේ හරි මිනිස්සුන්ව භය බිරාන්ත කරවලා ලොක්ඩවුන් කරලා කටකලියා අන්දලා මේක විද්දවන්න. (තුන්වැනි ලින්ක් එක බලන්න)

    1) https://abcnews.go.com/Health/nipah-virus-amid-outbreak-india/story?id=103275709

    2) https://www.cdc.gov/vhf/nipah/about/index.html

    3) https://twitter.com/ScienceWDrDoug/status/1703124484062888184?s=20

    රනිලුත් නන්දෙ වගේ රැවටිලා වැක්සීන ගහල ආතල් දෙන එකක් නෑ කියල හිතෙනව මොකද මෑන් රටට හෙන ගහල ගියත් සත පහකට ගණන් ගන්නේ නෑනේ මොනව වුණත් කමක් නැහැ පොරගේ තනතුර රැකෙනවා නම් ඒ හොඳටම ඇතිනේ පොරට...

    ReplyDelete
  15. අයිසේ ළමාතන්

    ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව ජාතිවාදීන් කියලා කියන ගමන්ම ලංකාවෙ දමිළ සහ මුස්ලිම්වරුන්ට බලය උපරිම වශයෙන් බෙදල ලංකාවේ වාර්ගික ගැටළු විසදන්න උපදෙස් දෙන ඉන්දියාව ඉන්දියාවේම පන්ජාබ් ජනපදයේ සීඛ් ජනතාවගේ දේශපාලන ව්‍යාපාර වලට බලය ලබාගැනීමට අරගල කරමින් කැනඩාවේ ජීවත් වන කැනඩා පුරවැසි සිඛ් බෙදුම්වාදී නායකයා මැරුවේ ඇයිද කියල කියපන් බලන්න?

    දැන් එතකොට ලංකාවෙ බලය බෙදල වාර්ගික ගැටළු විසදන්නට උපදෙස් දෙන ඉන්දියාව බටහිර රටවල ඉදන් තමන්ගෙ රටේ බෙදුම්වාදී ව්‍යාපාර මෙහෙයවන (කැනඩා පුරවැසියෙක් වන) සුළුතර වාර්ගික ඉන්දීය නායකයෙක්ව මැරුව කියල කියන්නෙ අපි නොවේ හරිද මේක කියන්නෙ ලිබරල් පප්පෙක් වෙන ජස්ටින් ටෘඩෝ කියන කැනඩා අගමැති තනතුර දරන දේශපාලුවා.... මේ ගැන පෝස්ට් එකක් ලියන්න අදහසක් නැද්ද?

    ReplyDelete
  16. අඩේ මාතා නූතන ලාකේය වාමවාදී හෝ දක්ෂිණාංශික ලිබරල් බයිලා ඇතුළේ "මානවයා" කියලා සර්වතෝභද්‍ර සතෙක් ඉන්නවා. ඒකා හරි ම සුන්දරයි. ඉතින් ඒ මානවයන්ගේ මානව අයිතිවාසිකම් ගැන ගොතපු ලිබරල් කතන්දරත් ගොඩක් තියෙනවා.

    හැබැයි ලාංකික සමාජය තුල දන්න කියන, අහළ පහළ ඉන්න එවුන් අර කියන ආදර්ශමත් සුන්දර "මානවයා" වගේ වියුක්ත නෑ. දන්න කියන එවුන්ට නම් තියෙනවා. උන්ගේ උස මහත දන්නවා. පොත්තේ පාට දන්නවා. දත්වල ඇද පේනවා. කොණ්ඩ ගස් ගාන වුනත් ආසන්න වශයෙන් කියන්න පුළුවන්. ඉතින් මෙහෙම කරමලේ සුදු එවුන් මානවයෝ විදිහට සළකන්න බෑ.

    මෙහෙම දන්න කියන උන්ට බයියෝ කියනවා. ජාතිවාදියෝ කියනවා. ආගම්වාදියෝ කියනවා. ගෝත්‍රිකයෝ කියනවා. මෙහෙම එවුන්ට "අයිතිවාසිකම්" අදාළ නෑ.

    හොඳ එවුන් (මානවයෝ) ඉන්නේ හුඟක් ඈත. ඒ කියන්නේ ස්වීඩනය, ෆින්ලන්තය වගේ ඈත ඈත තියෙන රටවල්වල. ඈත් වෙච්ච තරමට තමයි මානවයෝ ලස්සන.

    එතකොට දන්න කියන එවුන්ගෙන් ඈත් වුනොත්?

    ලිබරල් බයිලාවල දුර ළඟ තීරණය වෙන්නේ කිලෝ මීටර්වලින් නෙවෙයි. කොච්චර ඈතට ගියත් දන්න කියන එවුන්ව හිතෙන් දුරු කරගන්න අමාරුයි.

    මේ කියන පර්ෆෙක්ට් වූ අතිශය අතිසුන්දර මානවයෝ හොයාගෙන යන ගොන්නුන්ගේ කරත්තවල පිරිලා ඉන්නේ කවදාවත් "හදන්න බෑ" කියලා අත ඇරලා දාලා ආපු දන්න කියන හැත්ත.

    ඉතින් මේ බයිලන්තයෙන් දුරුවෙලා ඈතින් ඈතට යන හැම කෙනෙක් ම දකින්නේ හිතේ පිරිලා ඉන්න තමන්ගේ ම එවුන් විතරයි. තමන්ගේ හිතේ එහෙම එවුන් පිරිලා ඉන්න තාක් කල් මේ සරුංගල් ජීවිතවලට පාළුවක් නෑ.

    ReplyDelete
  17. වලංසානි වගේ කිසිම ආකාරයක වැඩකට නැති පුස් බොල් චරිත පොරවල් වෙන්න ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියේ බලපෑමක් තියෙනවා නේද? විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව තුල ව්‍යාපාර ව්‍යවසායකත්වය, මූල්‍ය කළමණාකරණය සහ ආයෝජන වැනි විෂය ක්ෂේත්‍ර ගැන ඇති අල්ප මාත්‍ර දැනුම සහ විස්වාසය යන තත්ත්වයයි

    මොකද පහුගිය දවසක මම තරුණ ව්‍යවසායකයන් පිරිසක් හමුවුණා. ඔවුන් තමන්ගේ මට්ටමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිෂ්පාදන කරමින්, ඒවා සඳහා වෙළඳපොලක් සොයා ගැනීමට උත්සාහ කරනා පිරිසක්.

    මම ඔවුන් හමුවුණේ ඔවුන්ගේ ව්‍යාපාර ඩිජිටල් මාධ්‍යයේ ප්‍රවර්ධනය කිරීම සහ වෙනත් ව්‍යාපාරික අවස්තාවන් ගැන දැනුවත් කරන්න කියලා ආපු ආරාධනාවකට.

    ඔවුන් දෛර්යවන්ත තරුණ පිරිසක් නිසාත්, ඉතා නිර්මාණශීලිව සිය ස්ටාර්ට් අප්ස් ආරම්භ කර තිබූ නිසාත් මම ඉතා කැමැත්තෙන් ඔවුන් හමුවුණා.

    සාකච්ඡාව අවසානයේ හැම වැඩක්ම ඉවර කරලා මම ඔවුන්ට ජපානයේ තේ වගාව කෙරෙන විදිය දැක්වෙන වීඩියෝවක් පෙන්වූවා.

    ජපානය ඉහළ තාක්ෂණය සහ යන්ත්‍ර උපයෝගී කර ගනිමින් තේ වගාව සිදු කරන හැටි එහි තිබුණා.

    මේ වීඩියෝව අවසානයේ එතැන සිටි එක් තරුණයෙක් මගෙන් අපූරු ප්‍රශ්නයක් ඇහුවා.

    ඔහු මගෙන් ඇහුවේ 'මෙච්චර යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා කරන වගාවක් ලාභදායකද' කියලා.

    යන්ත්‍ර සූත්‍ර වලට, ඉන්ධන වලට වැයවෙන වියදම අධික නිසා, සමස්ත ක්‍රියාවලිය පාඩු නැත්ද කියලා.

    ඔහු තරුණයෙක්. ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන ව්‍යවසායකයෙක්.

    මහා පරිමාණයෙන් නිෂ්පාදන සිදු කෙරෙද්දි, මිනිස් ශ්‍රමය ලබා ගන්නවාට වඩා යන්ත්‍ර භාවිතා කිරීම අතිශය ලාභදායකයි.

    එය මූලික පිරිවැයක් දැරීමට සිදුවන දෙයක් වුනත්, අවසානයේ නිෂ්පාදන පිරිවැය අඩු කරවන්නක්.

    ව්‍යවසායකයෙක් වීමේ මාර්ගයට අඩිය තබා තිබූ ඔහුට පවා ඒ සරල න්‍යාය වැටහී තිබුණේ නැහැ.

    බැලූ බැල්මට සරල ප්‍රශ්නයක් සේ පෙනෙන, ඔහු මගෙන් ඇසූ ප්‍රශ්නය ඇතුලේ විශාල සමාජ කතාවක් හැංගිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ලංකාව ආර්ථිකමය වශයෙන් අසමත් රාජ්‍යයක් වීමට හේතු ඇහුවොත් බොහෝ දෙනා බොහෝ හේතු කියාවි.

      ඒ අතරත් ඉදිරියෙන්ම තියෙන හේතුවක් මම දකිනවා.

      එනම් ව්‍යවසායකත්වය, වෙළඳාම සහ විකිණීම පිළිබඳව අප රටක්, ජාතියක් වශයෙන් දක්වන අසමත්භාවය සහ දුර්වලතාවය.

      ව්‍යවසායකත්වය සහ වෙළඳාම අපිට ජාතියක් වශයෙන් කවදත් නුහුරු මාතෘකාවක්.

      අපිට මුදල් වැඩ කරන හැටි, ලාභය හැදෙන හැටි නොතේරෙනවා වගේම අප සතුව ඇති දෑට මිලක් නියම කර විකිණීමටත් අප මැලිකමක් දක්වනවා.

      ඒ සඳහා විවිධ ඓතිහාසිකමය සහ සමාජීය හේතු තියෙනවා.

      මූලික වශයෙන් වෙළඳාම යනු අප සතුව ඇති දෙයක් කිසිවෙකුට හෝ විකුණා මුදල් ගැනීම.

      අතීත සිංහලයන් පිළිබඳ අධිරාජ්‍යවාදී රජයන් හි නිලධාරීන් ලියූ සටහන් සොයා බැලූ විට අපූරු කරුණක් හෙළිවෙනවා.

      එනම් සිංහලයන් තමන් සතු දෑ මුදල් වෙනුවෙන් විකිණීම ලැජ්ජාවක් වශයෙන් සලකනවාය යන කාරණාව.

      වෙළඳාමෙන් සාර්ථක වීමට නම් තමන් සතු දෑ, අනුන් මුදල් ගෙවා ලබා ගැනීමට ඒත්තු ගැන්වීමට (Convince) දක්ෂ විය යුතුයි.

      ඒ සඳහා අවශ්‍ය ගති ලක්ෂණ කිහිපයක් තියෙනවා.

      ඒ ගති ලක්ෂණත් ප්‍රජාවක් වශයෙන් අපිට අඩුයි.

      සමාජ මාධ්‍ය වල ප්‍රධාන විහිලුවක් වී තිබෙන සිංහල වෙළෙන්දා සහ මුස්ලිම් වෙළෙන්දා අතර කතාවේ යටිපෙළෙන් කියවෙන්නෙත් ඒක.

      ඒ විහිලු කතාවට අනුව මුස්ලිම් වෙළෙන්දා පාරිභෝගිකයාට ඉතා සුහඳශීලිව සලකනවා. ඔහු දක්ෂ ඒත්තු ගන්වන්නෙක්.

      සිංහල වෙළෙන්දා පාරිභෝගිකයා මායිම් කරන්නෙ නැහැ. ඔහු දක්ෂ ඒත්තු ගන්වන්නෙක් නොවෙයි.

      ඓතිහාසිකව යෝනක ප්‍රජාව ශ්‍රී ලංකාවට ආවේ අරාබිකරයෙන් වෙළඳුන් ලෙස.

      වෙළඳාම, මාකටිං ඔවුන්ගේ ඇඟේම තියෙනවා.

      අප රටක් වශයෙන් වෙළඳාමට සහ ව්‍යවසායකත්වයට දුර්වල වීම පැහැදිලි කරවන තවත් සාධකයක් තියෙනවා.

      මිල නියම කිරීම ව්‍යාපාරකරණයේ ප්‍රමුඛ සංකල්පයක්.

      අප බොහෝ දෑ දිහා ඉතා සානුකම්පිතව සහ හැඟීම්බරව බැලීමට හුරුව සිටිනා ජාතියක්.

      ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙන්නේ දැව කර්මාන්තය.

      සරලවම ඔවුන් ගස් කපා, විකුණා මුදල් උපයනවා.

      සම් සහ මත්ස්‍ය කර්මාන්තය ස්කැනේඩියානු රටවල ප්‍රධාන ආදායම් මාර්ගයක්.

      සම් වලින් සාදන ඇඳුම්, සපත්තු සහ උපකරණ මිල අධිකයි.

      හින්දු රටක් වන අප අසල්වැසි ඉන්දියාවේ පවා කිරි සහ මස් විශාල කර්මාන්තයක්.

      ඊට අමතරව විශාල පරිසර හානි සිදු කරන ඛනිජ තෙල්, රත්‍රං සහ ලෝහ කර්මාන්ත බොහෝ රටවල ආදායම් මාර්ග වෙනවා.

      ඒ නූතන ලෝකයේ ව්‍යාපාර කෙරෙන හැටි.

      ඒ ප්‍රජාවන් අතර ඕනෑම දෙයකට මිලක් තියෙනවා.

      තමන් සතුව ඇති දේ, සීමාවක් නොමැතිවම මිල කර විකුණා දමනවා.

      නමුත් රටක් සහ ප්‍රජාවක් වශයෙන් අපි වෙනස්.

      අපට මිල කළ නොහැකි බොහෝ දෑ තියෙනවා.

      අවට පරිසරය, ගහකොල, සතුන් සිව්පාවුන්, අප කිසිසේත්ම මිල කිරීමට සුදානම් නොමැති, හැඟීම් වලින් තදින් අල්ලා සිටින දේවල්.

      වෙනත් බොහෝ රටවල් පහසුවෙන් විශාල කර්මාන්ත කර තිබෙන දෑ විකුණා, කර්මාන්ත කරවීමට අප සුදානම් නැහැ.

      මා අදහස් කරන්නේ එවැනි ව්‍යාපාර සහ කර්මාන්ත සඳහා ඇති පොදු ප්‍රජාවේ මතය මිසෙක, එවැනි ව්‍යාපාර අප රටෙහි නොමැති බවක් නොවෙයි.

      අප පරිසරය, ගස් තදින් අල්ලා සිටිනවා.

      අප මස් කර්මාන්තය ප්‍රතික්ෂේප කරනවා.

      කොටින්ම අප "අධ්‍යාපනය" පවා, නොවිකිණිය යුතු දෙයක් යැයි කියනා ජාතියක්.

      අප හැඟීම්බර ප්‍රජාවක්.

      අප අල්ලා ගන්නා දෑ ට ආදරය කරන, ඒවාට මිලක් නියම කිරීම අපහාසයක් ලෙස සලකන ජාතියක්.

      අතීතයේ සිටම අප එහෙමයි....

      අධිරාජ්‍යවාදීන්ගේ ශ්‍රී ලංකාවේ ශ්‍රමදාන සඳහා අප මුතුන් මිත්තන් ආඩම්බරයෙන් සහභාගී වුණා.

      නමුත් 'මුදලට' ඔවුන්ගේ තේ වතු වල සේවය කිරීම අප මුතුන් මිත්තන් පිළිකුල් කළා.

      'මුදලට' වැඩ කිරීම ලැජ්ජාවක් සේ සැලකූවා.

      අධිරාජ්‍යවාදීන්ට තේ වතු වල සේවය කිරීමට දකුණු ඉන්දියාවෙන් කම්කරු ප්‍රජාව ගෙන ඒමට සිදු වුනේ ඒ නිසයි.

      එමෙන්ම ව්‍යවසායකත්වයට අවශ්‍යය තවත් ගුණාංග පවතිනවා.

      බොහෝ සුලු දෑ පවා සමරමින්, ඉතාම හෙමින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන අප සංස්කෘතික ජීවිතයට ඒවා දුරස්තයි.

      අප අද දවසේ, මේ මොහොතේ ජීවත් වන ජාතියක්.

      ඉතා දිගු කාලීන ඉලක්ක සිතෙහි දරා ඒ වෙනුවෙන් වැඩ කිරීම අපට නුහුරු දෙයක්.

      මෙවැනි හේතුන් නිසා ඓතිහාසික වශයෙන්ම අප ව්‍යාපාරකරණයට දුර්වල ප්‍රජාවක්.

      නූතන ගෝලිය ආර්ථිකය පදනම් වෙලා තියෙන්නෙම මිල කිරීම, විකිණීම සහ ව්‍යාපාරණකරණය මත.

      අප ආර්ථිකමය වශයෙන් අසමත් වීමට ව්‍යාපාරකරණය ට ප්‍රජාවක් වශයෙන් අප දක්වන දුර්වලතාවය ප්‍රමුඛ හේතුවක්.

      Delete
  18. හෙණ වැදිලා අහකයි කූරපයියට
    හුණු හොයමින් අවුස්සමුද කිල්ලෝට
    නීතියෙ කත ගිහිල්ලා වගෙයි නොරට
    හරි වාසියි දැන්- නඩු බලවන අයට!

    ReplyDelete
  19. බෙදුම්වාදී ත්‍රස්තවාදියෙක් ගාන්ධි කරන්න අසාර්ථකව උත්සාහ කරපු දේශපාලන ව්‍යාපෘතියක උණුසුම මැකෙන වෙලාවෙ ඒ ත්‍රස්තවාදි ව්‍යාපාරය තුවක්කුවෙන් නිහඩ කරපු කාන්තාවක් ගැන ලිපියක් දැක්කා...👉

    අද රාජනිගේ 34 වැනි මරණ අනුස්මරණයයි!
    ************************************
    මෙයට හරියටම වසර 34 කට පෙර අද වැනි දිනක(21/09/1989) රාජනී වෛද්‍යවිද්‍යාලයේ සිට නිවස බලා එමින් සිටියදී තුවක්කු කරුවන් දෙදෙනෙක් විසින් මගදී ඇය ගේ හිසට වෙඩි පහරවල් දෙකක් එල්ල කොට ඝාතනය කරන ලදී.රාජනී ඇයගේ අත් දෙකෙන් ඇයගේ නළල ප්‍රදේශය වසා ගත්තද තුවක්කුකරුවන් ට නිරායුධ මවකට මහමගදී වෙඩි පහරවල් එල්ල කලේ කිසිම චකිතයක් නැතිවය.ලේ ගලමින් බිම ඇදවැටුණ ඇයට ඔලුව පසු පසට තවත් වෙඩි පහරක් එල්ල විය.අද රාජනී ජීවත්ව සිටියා නම් වයස 70 ක වූ කාන්තාවකි.ඇය බිම ඇදවැටුණ වෙලේ ඇය සිය දුවරු දෙදෙනා සිහි කරන්නට ඇත.අද ඔවුන් පරිපුන් ස්ත්‍රීන් දෙදෙනෙකි.මට සමහර විට මගේ පාර්ථනය වන්නේ රාජනී මොහොතකට වත් හුමුවන්නේ නම් දුල දෙන්නා ඇති දැඩි කල බව ඇයට කීමටයි.එය රාජනී සිය අවසාන මොහොතේ ඇති කරගත් කනස්සල්ල නැති කිරීමට හේතුවන බැවිනි.ඇය දුවරුන්ට අසීමිතව ආදරය කලාය.
    Shehan Karunathilaka ගේ සම්මාන ලත් 'The Seven Moons of Maali Almeida' හි සිය දුවරු දෙදෙනා ඇති දඩිවෙන හැටි දැක බලා ගැනීමට නොහැකි වීම ගැන ඇය දුක්මුසු වෙයි..තවත් තැනක මාලි ඇය අස්වසමින් කියන්නේ ඔබේ ළමයින් දීර්ඝ කාලයක් ජිවත්වේයයි මම පාර්ථනය කරනව.ඒ වගේම ඔබ සහ ඔබගේ සැමියා සදාකාලිකත්වය දක්වා වෙලී සිටින්නට මා පාර්ථනා කරනවා.මේ කරුණාබර වදන් වලට මගේ ස්තුතිය!
    එම ආත්මීය ප්‍රකාශයන් ගෙන් පසුව රාජනී ඝාතනය කල දේශපාලන හේතුව කීමට මට අවශ්‍යයි.
    රාජනී යුක්තිය,සාධාරනත්වය,කතාකිරීමේ නිදහස,ළමයින් සන්නද්ධ ක්‍රියාවලට යෙදවීමට එරෙහිව මෙන්ම ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියාය. මේ නිසා ඇය සන්නද්ධ ව්‍යාපාරයන්ගේ විශේෂයෙන්ම ද්‍රවිඩ කොටින්ගේ උදහසට සහ වෛරයට පාත්‍ර විය. මානව අයිතිවාසිකම් වෙනුවෙන් සමහර අවස්තාවලදී ජිවිතයෙන් පවා මිලක් ගෙවීමට සිදුවන් බව ඇය මා සමග කියා සිටියාය.
    ඇය කොටි සංවිධානය ගැන කල විවේචනයන් ඔවුන්ගේ කෝපය තවත් ඇවිස්සවිමට බලපෑ අතර ඔවුන්ගේ අවසානය පිළිබඳව රාජනී කල අනාවැකිය ඉතාමත් නිවැරදි එකක් විය.
    එය මෙසේය.
    'කොටින්ගේ ඉතිහාසය ,ඔවුන්ගේ න්‍යායික හිස් බව ,දේශපාලන නිර්මනත්වයක් නැතිකම,අන්‍යයන් නොරිස්සීම සහ උන්මත්තක කැපකිරීම ඔවුන් බිඳ වැටීමේ අවසාන හේතුව වනු ඇත.ජනප්‍රවාදගත කොටින් ඔවුන්ගේ අවසානය ලඟා කර ගනු ඇත්තේ ඔවුන්ගේම වැරදි ක්‍රියා නිසාම වින්දිතයන් බවට පත් වුවන්ගේ ලේ සහ කඳුළු තවරා ගත් ඔවුන්ගේම අපකීර්තිමත් පුද්ගලයන් සමගිනි.ඔවුන්ගේ අළු මතින් නව කොටියෙකු පැන නොනගිනු ඇත.නව විමුක්ති කාමී දෘෂ්ටියක් උපත ලබනු ඇත්තේ මේ සමස්ථ ඉතිහාසය සහ ආධිපත්‍යධාරි මතවාදය බිඳ දැමීමෙන් පමණි(The Broken Palmyra, P .367)..
    කොටි සංවිධානය පරාජය වී වසර 14 ක් ගත වීමෙන් පසුව පවා ඔවුන්ට යලි හිස් එසවීමට නොහැකි දේශපාලන හේතුන් රාජනිගේ මේ උදෘත පාටය කියවීමෙන් ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය.
    රාජනී ගේ අනුස්මරණය තව දින කිහිපයකින් යාපනයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කරන අතර වැඩි විස්තර පසුව දනුම් දෙමු.

    From Dayapala Thiranagama's fb wall

    https://www.facebook.com/100010324903568/posts/2053571218330355/?mibextid=cr9u03

    ReplyDelete
  20. යාපනය, කෝපායි පොලිස් වසමේ 15 හැවිරිදි පිරිමි ළමයෙකු මත්ද්‍රව්‍ය ශරීරගත වීම හේතුවෙන් මිය ගොස් ඇතැයි පොලීසිය පවසනවා. මෙම පිරිමි ළමයාට ශරීරයේ ඇති වූ උණ රෝගී තත්වයක් හේතුවෙන් පසුගිය 20 වනදා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබුණා. එහිදී ඔහුට ඇත්තේ කිසියම් වෛරසයක් නිසා ඇති වූ උණ තත්වයක් බවයි සැකකාර තිබුණේ.

    ඊට පසුව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි එම ළමයාට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වී දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කොට ප්‍රතිකාර කිරීම සිදුකර තිබෙනවා. එහෙත් එම ළමයා මියගිය බව වාර්තා වෙනවා.

    මරණය පිළිබඳව යාපනය ශික්ෂණ රෝහලේ දී සිදුකරන ලද පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී ඇත්තේ වී ඇත්තේ එම පිරිමි දරුවා තම සිරුරට මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් එන්නත් කරගෙන තිබූ බවයි. එහිදී ඇතිව තිබූ ආසාදනයක් හේතුවෙන් ළමයා මිය ගොස් ඇතැයි පොලීසිය පවසනවා.

    මෙම මරණයත් සමඟ මේ වසරේ ගතවූ කාලය තුළදී පමණක් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇති වූ ආසාදනයන් මගින් පුද්ගලයින් 13 දෙනෙකු යාපනය දිස්ත්‍රීක්කයේ මියගොස් ඇති බවයි කෝපායි පොලිසිය කියන්නේ.

    #jafna #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

    ReplyDelete
  21. අඩෝ මාතලන් මෝලෝ මේ කාදිනල් හා උන්ගේ අනුගාමික පරයන් ස්වර්ගස්ථ වන්නේ ලංකාවේ බෞද්ධ රාජ්‍ය බ්ඳ දැමු විට පමණක් බවයි පේන්නේ, ඇත්තටම රට පුරා පෘතුගීසි ලංදේසි සහ අන්තිමටම ඉංග්‍රීසින් මේ රටේ වටින වාණිජ ඉඩම් බලහත්කාරයෙන් අල්ලගෙන බලෙන් හදපු පල්ලි . නුවර දළදා මාලිගා බිමේත් එකක් තියනවා.

    ReplyDelete
  22. ලංකාව තුල සිදු කරන ලද මහජන මතය පිළිබඳව වූ සමීක්ෂණ ප්‍රතිඵල ගණනාවක පෙන්වා දී ඇති පරිදි

    “පොදුවේ ගත් කළ රටතුව දේශපාලන ව්‍යාපාර වල නිරතවන සියලුම නායකයන් කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය සෘණ අගයක පවතී”

    මේකෙන්ම පේනවා මේ කාටවත් ජනතාවගේ ධණ ප්‍රසාදයක් නැත නව දේශපාලන නායකත්වයක් සහ නව දේශපාලන ව්‍යාපාරයක් ජනතාව අපේක්‍ෂා කරන බව, 225ම සහ ඔවුන් නියෝජනය වන පක්‍ෂ සියල්ලද ප්‍රතික්ෂේප කරන බව.

    නමුත් මෙහි භයානකම පැත්ත 225ම එපා කියා දැඩි ජනතා ප්‍රවණතාවක් ගොඩනැගෙන හැම විටම 225හේ සහ ඔවුන්ගේ පක්‍ෂ වල හාම්පුතුන් සහ ගෝඩ් ෆාදර් වරුන් වන බටහිර විසින් ජනතාව වෙත භීෂණය සහ කුමණ්ත්‍රණ මුදා හැරීමයි.

    උදාහරණ විදියට 225ම එපා කියන හඬ බලවත්වන විට ජනතාව මත පාස්කු ප්‍රහාරය එල්ල විය (225ම පාස්කු ප්‍රහාරය දැනගෙන සිටි බව මතක තබා ගන්න).

    නැවතත් 225ම එපා හඬ 2020 වසරෙන් පසු 2021 අගදී සිට රටපුරාම බලපවත්වන විට 2022 මුල ගෝල්ෆේස් මයිදාන් අරගලය නම්වූ කුමණ්ත්‍රණ දියත් කෙරින.

    බටහිර විසින් දේශය කොල්ලකෑමට, ජනතාව භේද භින්න කිරීමට ජනතාව මර්ධනය කර සිය අධිරාජ්‍යවාදී බලය රටතුල පවත්වා ගැනීමට යොදාගන්නා අවසනාවන්ත නපුරු අංකය 225ය. එය අවසානයේ සුලු වන්නේද 9යටය.

    ReplyDelete
  23. මේ වගේ විකාර නාඩගම් වලින් පැහැදිලිව පෙනෙන දේ තමයි ලංකාවේ මිනිස්සුන්ට දියුණු වෙන්න අමාරු සල්ලි නැති නිසා නෙවෙයි.

    ලංකාවේ මිනිස්සුන්ට අකුල් හෙලන්නෙ ලංකාවෙම මිනිස්සු නිසා . ටිකක් ඉගෙනගත්තම තනතුරු ලැබුණම රට ගිහින් සල්ලි ටිකක් හොයාගත්තාම ලංකාවේ ගෝත ගොඩක් මිනිස්සු යන්නෙ උඩින්. ඒත් අන්තිමටම එලොව ගියාම මිනිය වල දාන්න වල කපන්නෙත් අහිංසක දුප්පත් කවුරුහරි තමයි . ඒක තේරුම් කරන්න බෑ මේ රටේ උන්ටනම් පණ තියෙන තාක්කල්... මෙහෙම තේරුමක් නැතුව එක එකා මරාගන්නැතුව මේ කාලය රටට ප්‍රයෝජනවත් දෙයක් ගැන කතා කරන්න යෙදුවා නම් ඒක කොච්චර හොඳද කියල හිතල බලන්න, අන්තිමට මේකෙන් වෙන කිසිම දෙයක් නෑ අර තජූඩීන්ලාගේ මිනී හෑරුවා වගේ තාවකාලිකව ටික කාලෙකට මඩ ගහන්න පුළුවන් අට පස්සේ කාටවත් දඬවම් නෑ කේස් එක ක්ලෝස් එක්කෝ වැරදිකාරයෙක් හොයල ඌට දඬුවම් දෙන්න ඕන නැත්නං කට වහගෙන වෙන වැඩකට ඇති,දෙයක් කරන්න ඕන නේද? මේක නිකම්ම මිනිස්සුන්ව අවුස්සන ලේ රත් කරන එක විතරයි අන්තිමට කාටවත්ම වැඩක් නෑ... මේව ගැන කතා කරලත් වැඩක් නෑ

    ReplyDelete
  24. හිච්හයිකින් (hitchhiking)

    අරුන් සිද්ධාර්ථ් ඇයි අතන? අරුන් සිද්ධාර්ථ් ඇයි මෙතන? ඇයි අර වේදිකාවේ හිටියේ? අරුන් ඇත්තට කොහෙද යන්නේ?

    ගොඩක් අයට ගැටළුවක්. ඒකට සරළ උත්තරයක් දෙන්නයි යන්නේ. මේක කියවලා ශෙයා කරන්න.

    ලෝකයේ වඩාත් ජනප්‍රිය සංචාරක උපක්‍රමයක් තමයි හිච්හයිකින් කියන්නේ. ඒකෙදී වෙන්නේ. යම්කිසි පුද්ගලයකුට තමන්ට අවශ්‍ය ගමනාන්තයට යන්න වාහනයක්වත් අවශ්‍ය තරම් මුදල්වත් නැති වෙලාවක වෙනත් කෙනෙකුගේ වාහනයකින් ඒ ගමන යෑම. සෑම වෙලාවකම අපි සොයාගන්නා පුද්ගලයා අපිට අවශ්‍ය ගමනාන්තයටම යන්නේ නෑ. ඉතින් අපිට සිදුවෙන්වා මගින් බැහැලා නැවත වෙන කෙනෙක් එක්ක යන්න.

    හිතන්නකො යාපනයේ ඉදන් කොළඹ එන මට වාහනයක් නෑ. සල්ලිත් ඇති තරම් නෑ කියලා... මම බෑග් එකත් එල්ලගෙන එනවා පාරට කොළඹ පැත්තට යන වාහනයකට අත දානවා. හැම වාහනයක්ම නවත්තන්නෙත් නෑ. වාසනාවට එකක් නැවැත්තුවොත් ඒක යන්නේ අනුරාධපුරේට විතරයිනම්. කරන්න දෙයක් නෑ.. ඒකේ නගිනවා මොකද ආයි කොයි වෙලාවේ මාව දාගෙන යන්න කැමති වාහනයක් එයිද දන්නේ නෑ. ඉතින් මම ගිහින් අනුරාධපුරෙන් බහිනවා. එතනින් නැවත එන වාහන් වලට අත දානවා. මට හමුවෙනවා නුවරඑළි යන වාහනයක් මගේ ගමනාන්තය කොළඹ නමුත් කරන්න දෙයක් නෑ. මම නගිනවා. බහිනවා මහනුවරින්. මොකද මහ නුවරින් කොළඹ යන කෙනෙක් අල්ලගන්න පුළුවන්. ඉතින් ඔය විදියට මට හෙමින් අපහසුවෙන් නමුත් කොළඹ එන්න පුළුවන්.

    ඉතින් මට කියන්න අවශ්‍ය උනේ. මට තියන්වා ඉලක්කයක්. මම ආවේ තල් රා මදින රැකියාව කරපු සීයලා දෙන්නෙක්ගේ පරම්පරාවෙන්. මගේ ජනතාවට වසර සිය ගනනක් සිදුවෙන අසාධාරණයක් තියනවා. උතුරේ ගැටළුව කියමින් උතුරේ දේශපාලකයන් මොකක්දෝ වෙන එකක් පෙන්වමින් මේ රට බෙදුම්වාදයට ගෙනයන ගමනේ මාතෘභූමිය මුහුණදෙන ගැටළුවලට විසදුමක් ලබාදෙන්න තියන්වා. ඒකට උත්තරය කියල මම තෝරගත්ත ඉලක්කයක් තියනවා. ඒකට යන්න මූලික පහසුකම් මට නෑ. ඉතින් ඒ ඉලක්කයට නොවුනත් ඒ පැත්තට යන අයත් එක්ක යන්න මට සිදුවෙනවා. ඒකෙන් කියන්නේ මම යන්නේ ඔවුන්ගේ ගමන් කියන එක නෙමෙයි. නොදන්න අය මොනවා කිව්වත් මම මගේ ඉලක්කයට යනවා.

    - අරූන් සිද්ධාර්ථන්

    ReplyDelete
  25. මාතෝ යකෝ මේක පිටිපස්ෂේ ඉන්නෙත් රාජ්‍පක්ස පවුලේ හොර රැල ද බන්? ඉන්දියාව තුල අයි එස් අයි ඇස් ත්‍රස්තවාදීන් ලංකාවේ බෝම්බ ප්‍රහාරයටත් මුන් සම්බන්ධ වී තිබෙන බව පැවසෙනවා


    //ඉන්දියාවේ සිදුව ඇති ත්‍රස්තවාදී ක්‍රියා හා අපරාධ රැසක් සම්බන්ධයෙන් ඉන්දියාවට අත්‍යවශ්‍ව සිටි අයිසිස් ඉස්ලාමීය අන්තවාදයට සම්බන්ධ ත්‍රස්තවාදියෙක් ‍ශ‍්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහුව අල්ලා ඉන්දියානු ආරක්ෂක අංශ වලට ලබාදීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

    මීට වසරකට පමණ පෙර බංග්ලාදේශයේ දී ව්‍යාජ ගුවන් බලපත්‍රයක් යොදාගනිමින් ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාරිකයෙකු ලෙස මෙම පුද්ගලයා පෙනී සිටිමින් රහසිගතව කටයුතු කර තිබේ.

    ඉන්දීය ආරක්ෂක අංශ හා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකරන ලද විශේෂ බුද්ධි මෙහෙයුමකින් පසු මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඉන්දීය ආරක්ෂක අංශ වෙත භාරදී ඇත.

    ReplyDelete
  26. පාස්කු ප්‍රහාරය බටහිර විසින් සිය Geopolitical අභිප්‍රායන් සඳහා කල මෙහෙයුමක් වග සම්පූර්ණයෙන් ලාංකික ජනතාවගෙන් සහ ලෝකයෙන් වසන් කරමින් ඊට යොදාගත් ද්වීතික ලෝකල් සාධක මත පැටවීමේ සොකරි නාට්‍ය 225 නරුමයන් යොදාගෙන දැන් රඟ දැක්වේ.

    ෆොන්සේකා අනුර කුමාර සජිත් ප්‍රේමදාස මරික්කාර් පිල්ලෙයාන් සිය තන නටවමින් පාර්ලිමේන්තු සොකරිය රඟ දක්වති.

    ReplyDelete
  27. දිනක් පොත් ප්‍රදර්ශනයක් නැරඹීමට පැම්ණ සිටි පස් හැවිරිදි පිරිමි ළමයෙක් ඔහුගේ තුන් හැවිරිදි සහෝදරිය සමඟ පොත් සල්පිලෙහි ඇවිදිමින් සිටියේය. හදිසියේම දරුවා දැනගත්තේ තම සහෝදරිය ප්‍රදර්ශන කුටියක් අසළ නැවතී සිටින බවකි.

    ඔහු නැවතිලා ආපසු හැරිලා බැලුවා - ඔහුගේ සහෝදරිය පොත් ප්‍රදර්ශන කුටියක් ඉදිරිපිට සිටගෙන ඉතා උනන්දුවෙන් යමක් දෙස බලා සිටින බව දුටුවේය. පිරිමි ළමයා ඇය වෙත ආපසු ගොස් "ඔබට යමක් අවශ්‍යද?" යනුවෙන් විමසීය.

    සහෝදරිය පොතක් වෙත ඇඟිල්ල දිගු කළාය. පිරිමි ළමයා ඇගේ අත අල්ලා වගකිව යුතු වැඩිමහල් සහෝදරයෙකු මෙන් එම පොත ගෙන ඇයට දුන්නේය. සහෝදරිය ඉතා සතුටු විය.

    පිරිමි ළමයාගේ වයසටත් වඩා පරිණත බවක් දිස්වෙන ඒ හැසිරීම දැක වෙළෙඳ කුටිය හිමියා මේ සියල්ල දෙස බලා විනෝද වෙමින් සිටියේය. පිරිමි ළමයා කවුන්ටරය වෙත පැමිණ වෙළෙඳ කුටිය හිමියාගෙන් ඇසුවේ "මේ පොතේ මිල කීයද?" කියාය.

    වෙළෙඳ කුටිය හිමියා එතරම්ම ධනවතෙකු නොවුණද කාරුණික පුද්ගලයෙක් වූ අතර ජීවිතයේ බොහෝ අවාසි අත්විඳ ඇති අත්දැකීම් බහුල බොහෝ පොත් පත් කියවා පරිණත දැක්මක් සහිත නුවණැති පුද්ගලයෙකි.

    ඒ නිසා ඔහු මහත් ආදරයෙන් හා සිනාවෙන් පිරිමි ළමයාගෙන් "හොඳයි, ඔබට ගෙවීම සදහා මුදල් කොපමණ තිබේද?"

    පිරිමි ළමයා මුහුදු වෙරළේ සිට සාක්කු තුළට එකතු කරගත් වර්ණවත් සිප්පි කටු පිටතට ගෙන සාප්පු හිමියාට දුන්නේය. සාප්පු හිමියා එම දැකුම්කළු සිප්පි කටු රැගෙන මුදල් ගණන් කරනවා සේ ගණන් කිරීමට පටන් ගත්තේය. එවිට ඔහු එය ගණන් කරන අතරතුර පිරිමි ළමයා දෙස බැලුවේය.

    පිරිමි ළමයා කණස්සල්ලෙන් ඔහුගෙන් ඇසුවේ "පොත සඳහා ඔය ප්‍රමාණය මදිද?" යනුවෙනි.

    එවිට සාප්පු හිමියා කීවේ "නැහැ නැහැ, මේවා පිරිවැයට වඩා වැඩියි, ඒ නිසා ඉතිරි ටික මම ආපසු දෙන්නම්" කියාය. එසේ කියමින් ඔහු සිප්පිකටු 4 ක් පමණක් තබා ඉතිරි ඒවා ආපසු දරුවා අතට දුන්නේය.

    පිරිමි ළමයා ඉතා සතුටින් සිප්පි කටු නැවත සාක්කුවේ දමාගෙන තම සහෝදරිය සමඟ පිටව ගියේය.

    මේ සියල්ල දෙස බලා සේවකයෙක් පුදුමයට පත් විය. ඔහු වෙළෙඳ කුටිය හිමියාගෙන් ඇසුවේ "ඔබතුමා මෙතරම් මිල අධික පොතක් සිප්පි කටු 4 කට පමණක් දුන්නේ මන්ද?"

    වෙළෙඳ කුටිය හිමියා සිනාසෙමින් කීවේ "හොඳයි, මේවා අපට මුදල් නොවන අතර සිප්පි කටු 4 ක්. නමුත් ඒ ළමයාට මේ සිප්පි කටු ඉතා වටිනා ය."

    "මේ වයසේදී ඔහුට තවමත් මුදල් යනු කුමක්දැයි නොතේරෙන නමුත් ඔහු වැඩෙන විට එය නිසැකවම දැන තීරණය කරනු ඇත. එවිට මුදල් වෙනුවට සිප්පිකටුවලින් පොතක්, කුඩා කල මිලදී ගත් බව ඔහුට මතක තිබෙනු ඇති අතර, ඔහු මා හා සම්බන්ධ වූ මේ සිදුවීම සිහිපත් කර ලෝකය තවමත් යහපත් හා කරුණාවන්ත මිනිසුන්ගෙන් පිරී ඇතැයි තේරුම්ගෙන තමාද ලෝකයට ආදරය කරන එබඳුම පුද්ගලයෙකු වීමට අදිටන් කරගනු නොඅනුමාන බවයි."

    අනුවර්තනයකි

    ReplyDelete
  28. මේ වගේ තමන්ගේ විෂය ක්ෂේත්‍ර වල අතිශය අසාර්ථක චරිත වන ශානි අබේසේකර සහ මේ රවී සෙනෙවිරත්න සහ ඊට පසුව රාජපක්ෂ පවුලේ හුරතලෙක් වූ දේශබන්ධූ වගේ චරිත තම පැවැත්ම ආරක්‍ෂා කර ගැනීමට දේසපාලුවන්ට වාල් කම් කරා වගේම තාමත් විශ්‍රාම අරගෙන පවා මාධ්‍ය වලට ඇවිත් එක එක්කෙනාට කඩේ යන බව පේන්න තියෙන අතරේ ලංකාවේ තම රැකියාව හරියටම කරපු ඉතාම අහිතකර කාලගුණ තත්ත්වය යටතේ ඇත්තටම ක්‍රිකට්වල පිට්ටනිය සම්පූර්ණයෙන් වහලා ආරක්ෂා කරන සංකල්පය සහ එය ඉතාම මනාව පවත්වාගෙන යෑම ගැන ලංකාව ලබා ඇති පරීචය ගැන මට තියෙන්නෙ ආඩම්බරයක්😍 නිසි ආකාරව තම වෘත්තීය දකෂතා පවත්වාගෙන යන මිනිස්සුන්ට අපේ ගෞරවය හිමි විය යුතුයි .

    ප්‍රශ්නය තියෙන්නෙ එදා Dav Whatmore වගේ මනුස්සයෙක් ඇවිල්ලා අපේ ක්‍රීඩකයින් එකතු කළා වගේ මනා පරීචය ඇති පුහුණුකරුවන් සොයාගෙන ඒ වගේම ආනා පුංචිහේවා වගේ අතිදක්ෂ පරිපාලකයින් පත්කරගෙන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණුවට හේතුවන අවශ්‍යතාව අදාල පරිපාලක කණ්ඩායම තුළ නැතිකම ..

    ඔවුන් කළේ ක්‍රීඩකයින්ට ක්‍රීඩා කරන්න දීලා නිසියාකාරයෙන් අනිත් කාරණා සලසාදීම.

    අද කරන්නේ ක්‍රීඩකයින්ගේ හම යවමින් උන්ගෙන් හම්බකරගෙන උන්වත් වැරදි පාර වලට යොමු කරල ඊට පස්සේ තමන්ගේ පුද්ගලික සුඛ විහරණය ..පවුල්වල සුඛ විහරණය තමන්ගේ වටේ ඉන්න හෙන්චයියන් සුඛ විහරණ හොයල දෙන්න.

    ඒ තත්ත්වය මත ලංකාවේ ක්‍රීඩකයින් තුළින් හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ?

    සමහරවිට අපේ groundstaff නරක පැත්තට යොමු වෙන කාලයක් එන්නත් පුළුවන් අනාගතයේ.. කවුද දන්නේ ..හැබැයි ලංකාව ඒ තත්ත්වයට පත් වෙන්න අද බලාපොරොත්තු වෙන්න බෑ..

    ReplyDelete
  29. මාතේ ඔන්න කැනඩාවේදි දෙවන ඉන්දීය ඛලිස්ථාන් බෙදුම්වාදියාත් ඝාතනය කෙරුණා. ලංකාවට බෙදුම්වාදී තමිළීළ කොටි සංවිධානය වගේ ඉන්දියාවටත්, බෙදුම්වාදී කොටි සංවිධානයක් තියෙනවා.

    ඒ K T. F (Khal! st an Tig er Fo rce) ලෙසින් හඳුන්වන ඛලිස් ථාන් කොටි බලකාය කියන සංවිධානය.

    ඉන්දියාවේ සීඛ් ජාතිකයන්ට, වෙනම රටක් ඇති කරගැනීම උදෙසා පවතින බෙඳුම්වාදී සංකල්පයක් තියෙනවා.

    K T. F සංවිධානයත් මේ අරමුණෙන් පිහිටුවා ගත් බෙදුම්වාදී සංවිධානයක්.

    පකිස්ථාන් රාජ්‍යයටත් මායිම් වී ඇති, සීඛ් ජාතිකයන් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන පංජාබ් ප්‍රාන්තය මෙලෙසින් වෙනම රටක් ලෙස බෙදා වෙන්කිරීමට ඔවුන් උත්සාහ කරනවා.

    පංජාබය බෙදා වෙන් කරලා, හදන අලුත්ම රට ඔවුන් හඳුන්වන්නේ ඛලිස් ථාන් කියලා.

    මේ ඛලීස් ථාන් බෙදුම්වාදී සංකල්පය දශක හය හතක් තිස්සේ පවතිනවා.

    නමුත් මෑතක දී එය ප්‍රබල ලෙස මතු වී ආවා. ඒ විදෙස් රටවල සිට ක්‍රියාත්මක වෙන බෙදුම්වාදීන් නිසා.

    ප්‍රධාන වශයෙන්ම කැනඩාවේ ජීවත් වන බෙදුම්වාදීන්ගෙන් වර්තමානයේ මේ සංකල්පය පෝෂණය වෙනවා.

    K T. F සංවිධානයේ මුල් පෙල නායකයෙන් බහුතරයක් ජීවත් වෙන්නෙ කැනඩාවේ.

    හරියට ශ්‍රී ලංකාවේ බෙදුම්වාදි මත ගෙනයන ලක්ෂ තුන හතරක දමිළ ඩයස්පෝරාවක් කැනඩාවේ ජීවත් වෙනවා වගේමයි.

    නමුත් ඉන්දියාවේ ගැටලුවේදි, කැනඩාවේ සිට ක්‍රියාත්මක බෙදුම්වාදී සංකල්පය කොතරම් කල් පවතීදැයි දැන් ඇත්තේ සැකයක්.

    කැනඩාවේ සිට ක්‍රියාත්මක ඛලීස් ථාන් බෙඳුම්වාදී ව්‍යාපාරයේ ප්‍රමුඛයෙක් වන හර්දී'ප් සිංහ් නි'ජ්ජර් පසුගිය ජුනි මාසයේදී කැනඩාවේදීම ඝාතනය කෙරුණා.

    ඒ වෙද්දි ඔහු කැනේඩියානු පුරවැසියෙක්. මේ සිදුවීම ගැන මාස කිහිපයක් පරීක්ෂණ කරපු කැනඩාව, ඉතාම පැහැදිලිව මේ ඝාතනය ඉන්දීය රජයේ ඒජන්තයන් විසින් සිදු කළ එකක් බව කිව්වා.

    ඒ බව කැනේඩියානු පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ.

    මීට දශක කිහිපයකට පෙර නම්, කැනඩාව වැනි ප්‍රබල, බලවත් සංවර්ධිත රටකින් එල්ල වෙන එවැනි චෝදනාවකට, සංවර්ධනය වෙමින් පවතින සාපේක්ෂව දුබල රටක් වන ඉන්දියාවම සලිත වීමට තිබුණා.

    නමුත් වර්තමාන ඉන්දියාව වෙනස්.

    ඔවුන් පිළිතුරු දුන්නේ අපූරු ක්‍රමයකට. කැනඩා අගමැතිවරයා සිදු කළ ප්‍රකාශයට විරෝධය දැක්වීමක් වශයෙන්, ඉන්දියාවේ කැනඩා තානාපති කාර්යාලයේ ඉහළ නිළධාරියෙක් ඔවුන් පිටුවහල් කළා.

    ඉන්දියාව ඉන් නැවතුනේ නැහැ.

    ඔවුන් කැනේඩියානුවන්ට සිය රටට වීසා ලබා දීමත් අත්හිටෙව්වා.

    කැනේඩියානු භූමියේ, කැනේඩියානු පුරවැසියෙකුගේ ඝාතනයක් ගැන, පිළිගත හැකි සාක්ෂි සමග එල්ල වූ චෝදනාවකට ඉන්දියාව පිළිතුරු දුන්නේ එහෙමයි.

    නමුත් කැනඩා පාර්ශවයෙන් මේ කිසිදු ක්‍රියාවකට එරෙහිව, කිසිදු පියවරක් ගත්තේ නැහැ.

    වරදත් කරලා, හයිකාරකම් පෙන්වීමට තරම් අලුත් ඉන්දියාව බලවත් වෙලා.

    එපමණක් නොවෙයි.

    ඛලීස්ථාන් සංකල්පයේ දෙවන බෙදුම්වාදියාත් ඊයේ කැනඩාවේදි ඝාතනය කෙරුණා.

    එය ඛලීස්ථාන් බෙදුම්වාදයටත් වඩා, කැනඩාවට ලබා දුන් තද පිළිතුරක්.

    කැනඩා රජය කුමක් කළත්, ඉන්දියාව හොඳින් හෝ නරකින් තමන්ට අවශ්‍ය දේ සිදු කරන බව පෙන්වීමක්.

    මේ ඝාතන සිදුකෙරෙන්නේ කොහෙන්ද කියලා දැන් ලෝකයම දන්නවා.

    නමුත් කිසිවෙකුත් ඒ පිළිබඳව කට අරින්න වද වෙන්නෙ නැහැ.

    අඩුම තරමේ කැනඩාවේ ඉන්දීය තානාපතිවරයා ප්‍රශ්න කිරීමට හෝ කැනඩාව කටයුතු කළේ නැහැ.

    එකට එක කිරීමක් වශයෙන් ඉන්දියානුවන්ට වීසා ලබා දීම අහෝසි කිරීමට හෝ කැනඩාව කටයුතු කළේ නැහැ.

    ඉන්දියාවට කැනෙඩියානුවන් නොමැතිව පැවතිය හැකි වූවත්, කැනඩාවට ඉන්දියානුවන් නොමැතිව පැවතීම ඉතා අසීරු කාර්යයක්.

    කැනඩාවේ සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර ඇතුලු බොහෝ දෑ පවත්වාගෙන යන්නේ ඉන්දීය වෘත්තිකයන් විසින්.

    Cont'd

    ReplyDelete
    Replies
    1. අප ජීවත් වෙන ලෝකය ගලා යන විදියක් තියෙනවා.ලෝකයේ දේශපාලනිකව සහ රාජ්‍යතාන්ත්‍රිකව බලවත් රටවලට වැරදි කරන්න පුලුවන්.කිසිවෙකුටත් ඔවුන්ව ප්‍රශ්න කරන්නෙ නැහැ. කරන්නත් බෑ කළොත් ඒවාට පාඩමක් උගන්වනවා.

      ඇමෙරිකා එක්සත් ජනපදයත්, අප්‍රිකාවේ රුවන්ඩාවත් එකම වරදක් කළ විට ලෝකය හැසිරෙන්නෙ දෙයාකාරයකට.

      මෙතෙක් ඒ වැරදි කිරීමේ ලයිසන් සහිත බලය තිබුනේ බටහිර රාජ්‍යයන්ට හෝ ඔවුන්ගේ ඉතාම සමීපතම සුරතල් රාජ්‍යයන්ට පමණයි. ඒ නිසාම ලෝක ගණන්කාරයින් සහ ඒ සමගම ලෝක පොලිස්කාරයො වුනේ ඔවුන්.

      සෙසු රටවල මානව හිමිකම්, යුද අපරාධ පරීක්ෂා කළේ ඔවුන්.
      නමුත් ඔවුන්ගේ අපරාධ පරීක්ෂා කළ හැකි බලවන්තයෙක් සිටියේ නැහැ.

      එවැනි ලෝකයක, දිළිඳු ලෝකයේ සිට බලවතකු ලෙස ඉන්දියාවේ නැගී සිටීම අපූරුයි.

      මෙතෙක් විදෙස් රටවලදී සිය රටට අවශ්‍ය ත්‍රස්තයන් නිහඬ කිරීම පිළිබඳ කතා අප අසා තිබුණේ CIA, MI5, KGB, MSS, මොසාර්ඩ් වැනි සංවිධාන වලින් පමණයි.

      නමුත් දැන් එවැනි හැකියාවක් ඇති ලෝක බලවතුන්ගේ ඔත්තු සේවා අතරට ඉන්දියාවේ NIA සහ RAW සංවිධානත් ඇවිල්ලා.

      ඉන්දියාවත් කලෙක බටහිර බලවතුන් විසින් තලා පෙලා, කොන් කර තිබූ රාජ්‍යයක්.මීට දශක දෙක තුනකට පමණ පෙර හොලිවුඩ් සිනමාවේ, ඉන්දියාව යොදාගත්තේ නිර්ධනයන්ගේ මුඩුක්කු පුරයක් විදියට.

      මින්පෙර ලෝක සිතියමේ ඉන්දියාව සලකුණු වුනේ දුප්පත්කමෙන්, මුඩුක්කු වලින් සහ ටජ් මහළින් පමණයි.

      එවැනි රාජ්‍යයක් ඉතා කෙටි කලකින් මෙතරම් වෙනස්, ආක්‍රමණශීලි, බලවත් රටක් වීමේ ගමනෙදි එරට මහජනතාවත් විශාල කාර්යභාරයක් සිදු කළා.

      සුබ් කියන්නේ කැනඩාවේ ජීවත් වෙන ජනප්‍රිය පංජාබ් ගායකයෙක්.

      විරාත් කෝලි ගේ පවා ප්‍රියතම ගායකයා සුබ් බව ඔහු විටෙක කිව්වා.

      නිජ්ජර් ගේ ඝාතනයෙන් පස්සේ සුබ්, ආන්දෝලනාත්මක ඛලීස් ථාන් සිතියමේ ඡායාරූපයක් සිය ඉන්ස්ටාග්‍රැම් ගිණුමේ ශෙයා කළා.

      එතැන් පටන් විරාත් කෝලි ඇතුලු ජනප්‍රිය ඉන්දියානුවන් සියලූම දෙනා ඔහු ඉන්ස්ටාග්‍රෑම් ඔස්සේ අන්ෆලො කරනවා.

      සුබ් ට සිටි ඉන්දීය අනුග්‍රාහකයන් ඉවත් වෙනවා.

      ඔහු යොදාගෙන තිබුණු ඉන්දීය සංචාරය පවා අහෝසි වෙනවා.

      ඉන්දීය ජනතාවගෙන් ඔහු ප්‍රතික්ෂේප වෙනවා.

      ඛලීස් ථාන් ගැටලුවේදි දේශපාලන, ආගම්, ජාති, කුල භේදයකින් තොරව පංජාබ් නොවන සමස්ත ඉන්දීය ජනතාවම සිය රට වෙනුවෙන් එකතු වී සිටිනවා.

      රට වෙනුවෙන් ජය ඝෝෂා නගමින් ඉන්නවා.

      මෑතක් වනතුරුම සංවර්ධනය වෙමින් පැවති ලෝකයේ, දිළිඳුකමේ සංකේතයක් වැනි වූ ඉන්දියාව බටහිර බලවතුන්ටත් චන්ඩිකම් පෙන්වන තැනට පැමිණි ගමනේ ප්‍රබලතම බලය ඒ රටේ ජනතාව.

      ඒ ඔවුන්ගේ දේශප්‍රේමීත්වය.

      ඉන්දියානුවන් කවදත් අසීමිත දේශප්‍රේමීත්වයකින් සිය රට වෙනුවෙන් පෙනී සිටින ප්‍රජාවක්.

      මේ නව, ආක්‍රමණශීලි, නොඉවසන බලසම්පන්න ඉන්දියාවේ උපත සනිටුවහන් වන සිදුවීමක් තියෙනවා.

      ඒ 2016 දී එල්ල වෙච්ච යූරි ප්‍රහාරය.

      කාශ්මීරයේ ඌරි නගරයේදි, ත්‍රස්තවාදීන් සිව්දෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සොල්දාදුවන් 16 දෙනෙකු මිය ගියා.

      ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය හමුදාව, දේශ සීමා පසුකරමින් පකිස්තානයටම ගොස් ත්‍රස්ත කඳවුරක් විනාශ කරනවා.

      මේ සිදුවීම පිළිබඳව 'Uri: The Surgical Strike' කියලා බොලිවුඩ් සිනමාවේ චිත්‍රපටයක් හැදෙනවා.

      ඒ චිත්‍රපටයේ එක් තැනක ඉන්දියාවේ ආරක්ෂක ලේකම්වරයා අපූරු කතාවක් කියනවා.

      "දැන් තියෙන්නෙ අලුත් ඉන්දියාවක්. අලුත් ඉන්දියාව සතුරාගේ නිවෙසට යනවා විතරක් නෙවෙයි, සතුරාගේ නිවෙසටම ගොස් සතුරා විනාශ කරනවා."

      චිත්‍රපට දෙබසකට එහා ගිහින්, වර්තමානයේ ඉන්දියාව ක්‍රියාත්මක වෙන්නේ මේ සරල න්‍යාය මත.

      ඔවුන් බලවන්තයන් පවා දණ ගස්වන නව ඉන්දියාවක් තනමින් ඉන්නවා.

      ඒ නව ඉන්දියාවේ පාදම එරට ජනතාවගේ දේශප්‍රේමීත්වයම පමණයි.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න