.

.

Sep 23, 2023

රාජ්‍ය බුද්ධි අංශ, ඉන්දියානූ දේශානුරාගය හා අපේ ගොබ්බ දේශපාලුවෝ...

 


රාජ්‍ය බුද්ධි අංශ 

ඉන්දියානූ දේශානුරාගය හා 

අපේ ගොබ්බ දේශපාලුවෝ...

➖➖➖➖➖➖➖➖⭕➖

.

ඉන්දියාවේ ඉන්න සික් ජාතීන් පංජාබ් ප්‍රාන්තයේ වෙනම රාජ්‍යයක් ඉල්ලනවා...මේ ගේමේ වැඩියෙන් ඉන්නෙ සික් ජාතික ඩයස්පෝරාව... මෙයාලගෙ බලවත්ම කණ්ඩායම  හෙවත් නායකත්වය දෙන කන්ඩායම ඉන්නේ කැනඩාවේ... 


කැනඩාව කියන්නේ ලෝකේ ඉන්න සුපිරිම ත්‍රස්තවාදීන්, රෙඩ් කාපට් දාලා, එහේට වඩම්මලා, කිරි පොවලා, කක්කි අරන් දාලා, කන්න බොන්න දීලා, ආදරෙන් බලාගන්න රාජ්‍යයක්... 


උන්ට මේවයේ ආදිනව විඳින්න වෙන්නේ... අද හෙට නෙමේ... ජස්ටින් ටෲඩෝ අප්පච්චිගෙ දරුවෝ, ළොකු වෙච්චි කාළෙක... සමහර විට සුද්දන්ට අප්‍රිකාවේ සරණාගතයෝ ලෙස එන්න වෙන්නත් ඉඩ තියෙනවා එදාට...


කෙසේ හෝ මේ තරම් ආදරෙන් රැක බලා ගත්ත මහා ටෙරෙකුට කැනඩාව ඇතුලෙදිම ෂොට් එක දීලා වැලිගම්පිටි යවන්න ඉන්දියානූ බුද්ධි අංශ සමත් වෙනවා... (ඉතින් උන්ට අපේ රටේ ගේමක් දෙන එක නිකං පඩයක් යනවා වගේ ටොයිස් වැඩක් 😜)..  


ඒ විතරක් නෙමේ.... ඊට පස්සේ ඉන්දියාව කැනඩාවෙන් ගේමත් ඉල්ලනවා... තනාපති කාර්‍යාලයේ ඉන්න මහ එකෙක් එලවනවා... කැනේඩියන්ලට වීසා දෙන එක නවත්තනවා... ඒත් කැනඩාව නෙමේ හාම් හූම් කියන්නේ..


කැනඩාව මෙහෙම නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්න හේතුව... සමහර විට අර මම කලින් කිව්වා වගේ .... කැනඩාවේ උන්ටත් වනයක් වෙන නිසා... උන්ගේ බුද්ධි අංශයි... ඉන්දියානූ බුද්ධි අංශවලයි ජොයින් ඔපරේෂන් එකක් වෙන්නත් ඉඩ තියෙනවා..


එහෙම හිතන්න චෑන්ස් එක වැඩි හේතුව තමා... මේ අංජබජල් අස්සේ කැනඩාවේ ඇතුලෙම... තවත් ලීඩර් කෙනෙකුට ෂොට් එක දීලා ස්වර්ගයට යැවීම..


මේකේ ලස්සනම දේ ඒක නෙමේ... මුලු ඉන්දියාවම මේ මොහොතේ ඉන්නේ රෝ සංවිධානය එක්ක... ඉන්දීය බුද්ධි අංශ එක්ක... රජය එක්ක... ජනමාධ්‍ය වගේම විපක්ෂයේ සියලුම පක්ෂ පවා ඉන්නේ ඉන්දියානු රජය එක්ක...


ඒත් අපේ රටේ.... මොකක්ද වෙන්නේ..  බුද්ධි අංශවල ඉන්න වළං හෝදන ඔඩොක්කු කුක්කෝම චැනල් ෆෝ කියන කලෑ පත්තරයක් එක්ක එකතු වෙලා... සොලිඩ් ගේම් දීපූ නිලධාරීන්ට, බුද්ධි අංශ වලට මෙන්ම ලෝකයේ උන්න දරුණුම ත්‍රස්තවාදියත් වැලිගම්පිටි යවපු නායකයන්ට ගේම දෙන්න ඕසෙට වැඩ...


මේ පඩත්තල නාලිකාවකින් ගෙනාපූ ගොසිප් වලට පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලපු එකාත්, ඒකට ඉඩ දුන් කතානායකත්, තවත් කොමිසමක් දාපූ ජනාධිපතිවරයාත් දැන් හෝ රටෙන් සමාව ගත යුතුයි. ඉන්දියාව දෙස බලා විලි ලැජ්ජවට පත් විය යුතුයි.


කළ යුත්තේ චැනල් ෆෝ වීඩියෝව පිටුපස සිටී සියලන්ට නඩු පවරා සිරගත කිරීමයි. ඉන්දියාවේ මේ දේ වුනා නම් වෙන්නේ ඒක.


මේ ගොසිප් වීඩියෝවට මුවා වෙලා අයිසිස් ත්‍රස්තවාදීන්ගේ, පල්ලියේ හා ටැමිල් ඩයස්පෝරාවේ බලාපොරොත්තුව ඉටු කරමින් බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් ගම් හා ක්‍රියාදාමයන් සියල්ල පාර්ලිමේන්තුවේ හෙලිකල, විපක්ෂ නායකයා, හමුදා නායකයා හා බුද්ධි අංශවලට චෝදන කරපු සියල්ලන් දැක්කාම... මුජිබර්ලා, හකීම්ලා, රිෂාඩ්ලා, අසාද් සාලිලා, කබීස් හෂිම්ලා නිදි මරාගෙන හිනා වෙනවා ඇත්තේ පුපෙන්...

ඇත්තටම උන් සිංහළ බෞද්ධයින් ලෙස ලැජ්ජාවට පත් විය යුතුයි...


අයිසිස් ත්‍රස්තවාදීන් මෙන්ම 🐅 ත්‍රස්තවාදීන්  සමරණ සිවිල් බුවාලයි... ජඩමාජ්ජවේදියොයි... උන්ගේ දායක සභාවලටයි අපි අනුකම්පා කරන්නම ඕන... ඒ මොකෝ උන් ඇවිල්ලා අර සුනාමිය වෙලාවේ ගාල්ලේ බස් හෝල්ට් එකේ මාලේ කඩාගෙන ගියපු ජාතියේ උන් වගේ මේ වෙලාවේ ඒ ඛේදවාචකය විකුණාගෙන කාලා කීයක් හරි හොයාගන්න දඟළන වසල හිඟන්නෝ නිසා.


දැන් එයි රාජපක්ෂලා නේ ඕයි සුනාමියෙන් හොරා කෑවේ කියාගෙන.... හැබයි ඒවට නඩු බලවලා උන් නිදහස් කරලා ඉවරයි... හිටපු ජස්ටිස් පස්සෙ කියනවා නම්... එයා හිතවත් කමටයි නිදහස් කළේ කියලා... ආන්න ඒක නම් සාකච්ඡාවට බඳුන් විය යුතු ළොකු මාතෘකාවක්. එහෙනම් ඌව අල්ලලා ඇතුලට දාන්න ඕන....


කොහොම හරි ෆොන්සේකයි සජිතුයි සොනික් සොනික් කෙසේ වෙතත්, අබු හින්ද්ගෙන් ගේම ඉල්ලනවට මම නම් එකෙන්ම කැමතියි... මොකෝ මම දන්න තරමින් අබු හින්ද්කියනේ ඉන්දියානූ රෝ සංවිධානයේ කෝඩ් නේම් එකක් නිසා... අඩු ගානේ ඒකවත් තේරුම් ගත්තොත් මේ අමන දේශපාලුවෝ දැන්වත් කට වහගනියි... 😜


සිව් මහා නදී ගලා බැසලා...

රත්තරං ගොයම් කරල් පැසිලා...

ජතිකානුරාගයෙන් නැගිලා... සදා ...

ජිවිතෙත් පුදා රකිව් ලංකා... ❤️


හදවතින්ම ශ්‍රී ලාංකිකයි...


මාතලන් යකා 

.

15 comments:

  1. කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ මේ මීහරක් හැත්ත වගේම උන්ට උඩගෙඩි දෙන රටහරක් ටිකත් සියතින් ගෙල සිඳ ගන්න බව පේනවා මීට පස්සේ නිල බුද්ධි අංශ සාමාජිකයන් වෙනුවට නිල නොවන පාතාල කල්ලි වලින් තමයි ගේමක් දෙන්න වෙන්නේ

    ReplyDelete
  2. කීර්ති වර්ණකුලසූරිය ට ජොබ් එක නැති වෙන්න යන්නෙ.😃😃🫢 මොකද දැං සති ගානක් තිස්සේ පාස්කු ගැන ලියන්නේ?

    ReplyDelete
  3. ඇත්තටම ලංකාව ගැන හරිම දුකයි, මාතා, මේවා තමයි ටොපික් වියයුතු!!!
    රට ගොඩගන්න පුළුවන් ප්‍රධාන 3 ICT, tourism & fisheries සංචාරක ව්‍යාපාරය ගැන කියන කොට Nightlife ගැන කතා කළොත් අලුත්කඩේ බලන්න... කොතරම් කට්ටිය යනවද... කිසිදු උනන්දුවක් අරන් නැහැ එහෙ පිරිසුදුකම, අපහසුව, වාහන තදබදය නිරාකරණය කරන්න, කොළඹ municiple මොනවද කරන්නේ??? හැබෑට ලංකාව ඔහේ යන්නන් වාලේ යනවා... මේ ගොන් පාලකයන්ට හෝ පරිපාලකයන්ට කිසි උවමනාවක් නැත....

    ReplyDelete
  4. ඒ කාලේ සිල්ලර දේශපාලනයට රැවටුන මිනිස්සු දැන් වෛරි දේශපාලන රැල්ලක් පස්සේ දුවනවා මාතේ, දේශපාලනික හොරැ බිහි කරේත් ජනතාවම චන්දේ දිලා හැබැයි ආයේ හොරැ අල්ලනවා කියලා තවත් මෙලෝ වැඩක් බැරි අපත හාල්පාරු කයිවාරුකාර මීහරක් රැලකට චන්දේ දිලා රට ආර්ථික සමාජිය වශයෙන් සම්පූර්ණයෙන්ම විනාශ කරගන්නවාද කියලා හිතන්නත් ඕනේ ඒ ජනතාවම තමයි ?

    ReplyDelete
  5. මාතලන් කියනවා වගේ රටේ රාජ්‍ය ආරක්‍ෂාව නම් කුජීත වුණා, බුද්ධි අංශ වල රහස්‍ය භාවය දැන් නෑ, යම් හෙයකින් ලංකාවට එරෙහිව යම් අපරාධමය ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට හෝ කණ්ඩායමකට ලංකාවේ බුද්ධි අංශ වල ප්‍රධානම රහස්‍ය තොරතුරු දැන් ලේසියෙන්ම ලබාගැනීමට රජය හොඳින්ම ඉඩකඩ ලබාදී තිබෙන බව පේනවා, නමුත් මෙබඳු තත්ත්වයක් යටතේ අපි ලංකාවටත් ලාංකික ජනයාටත් දේව ආරක්ෂාව ලැබේවා කියා පතමූ

    ඒ වගේම ඒකේ අනික් පැත්තත් සැලකිල්ලට ගත්තම පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයෙන් වැදගත් කරුණු කීපයක්ම පැහැදිලි වුණා. රාජ්‍යාරක්‍ෂාව පිළිබඳ රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙන් ම මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් ද ඇතැම් වැදගත් කරුණු අනාවරණය කළා. කවුද මේ සොනික් සොනික් කවුද අබුහින්ඩ් සාරා යැස්මින් මිය ගියා ද අබුබකර් සිරගත වූයේ ඇයි ආදිය ගැන පාර්ලිමේන්තුවේ දී කියැවුණා. සොනික් සොනික් කියන්නෙ බුද්ධි අංශ නිලධාරියෙක් කියල තමයි කියැවෙන්නෙ. ඔහු ඉස්ලාම් ත්‍රස්තවාදීන් අතරට රිංගලා තොරතුරු ලබා ගන්න කටයුතු කළ නමුත් ඔහු ත්‍රස්තවාදීන් අතර කිනම් නමකින් පෙනී හිටිය ද කියා කියැවෙන්නෙ නැහැ.

    ඒ වගේමයි අබුහින්ද්. අබුහින්ද් කියන්නෙත් බුද්ධි අංශ නිලධාරියකු බවත් ලංකාවට නොව ඔහු විදේශීය බුද්ධි අංශ ආයතනයක් වෙනුවෙන් වැඩ කළ අයකු බවත් කියැවෙනවා. ඒත් මේ විදේශීය ආයතනය කුමක් ද කියා කියැවෙන්නෙ නැහැ. එහෙත් එකක් පැහැදිලියි. විදේශීය ඔත්තු සේවාවල නියෝජිතයනුත් ලංකාව ඇතුලේ බෝහෝම නිදහසේ උන්ට ඕන ඕන විදිහට වැඩ කරන බව. ඔවුන් ගැන ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශ දන්නවා ද කියන එක නම් ප්‍රශ්නයක්. එහෙත් අබුහින්ද්ගෙ කතාවෙන් නම් කියැවෙන්නෙ ඔහු ගැන නම් ලංකාවේ බුද්ධි අංශ දැන සිටි බවයි.

    අබුහින්ද් සහරාන් සමග ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ බව කියැවෙනවා. කතෝලික පල්ලියටත් අබුහින්ද් ගැන දැන ගන්න ලොකු උනන්දුවක් තිබුණා කියනවා.

    සාරා යැස්මින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන් ත්‍රස්තවාදීන්ගේ සයින්දමරුදු අරාක්‍ෂක නිවසේ දී තවත් කිහිප දෙනකු සමග බෝම්බ පුපුරුවා ගැනීමකින් මියගිය බවට තිබූ කතාව දැන් සනාථ වෙලා කියලයි රජය කියන්නේ. ඒ ත්‍රස්තවාදී තිප්පළ සහරාන් ඔහුගෙ ඥාතීන් සහ හිතවතුන් පාස්කු ප්‍රහාරයෙන් පසුවත් යොදා ගෙන තියෙනවා. සාරා යැස්මින් මිය ගියේ නැති බවත් ඇයට පළා යෑමට පොලීසියේ අබුබකර් නම් රියැදුරකු ආධාර කළ බවත් එකල කියැවුණා පමණක් නොව අබුබකර්ට සිරදඬුවමක් ද නියම කෙරුණා. මේ කතාව, එනම් අබුබකර් ආධාර කළ බවට ඇති කතාව එකල පාස්කු ප්‍රහාරය ගැන පරීක්‍ෂණ කළ පසුව කලින් විශ්‍රාම ගොස් දැන පිටරටක වෙසෙන අර්ජුන මහින්කන්ද නම් අයකුගේ හෙළිදරවුවක් බවයි කියැවෙන්නෙ.

    සාරා යැස්මින් මිය ගියේ ද නැද්ද යන්න සැකයකට භාජනය වී තිබුණේ ඇගේ සිරුරේ ඩීඑන්ඒ පරික්‍ෂාව නිශ්චිත ප්‍රතිඵල නොදී තිබුණ බැවින්. එහෙත් පසුගිය කාලයේ ඒ පරීක්‍ෂණ නිසි අයුරින් කිරීමෙන් ඒ මියගිය අය අතර සාරා යැස්මින් ද සිටි බව දැන් අනාවරණය වෙලාලු. දැන් අහන්න එපා මේක හොඳටම ෂුවර්ද රජය පට්ටපල් බොරු කියනවා වෙනන පුලුවන් නේද කියලා. මේක පාර්ලිමේන්තුවේ කියපු එකයි.

    එපමණක් නොව අබුබකර් හා ව්‍යාජ සිද්ධියට අදාළ ඩබල් කැබ් රථය ඒ වන විට පිළිසකර කිරීමට ගරාජයකට භාර දී තිබුණු බවත් හෙළි වෙලා. ඔහු ඒ අනුව නිදහස් කෙරිලා. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව ඔහුට විරුද්ධ චෝදනා ඇති බව කියන නිසා ඔහු රැකියාවේ පිහිටුවීමට හැකියාවක් නැති බවත් ඔහු ජීවිකාව කරගෙන යෑම සඳහා තැඹිලි කපන බවත් කියැවෙනවා.

    මේ සියල්ලෙන් හා පාස්කු ප්‍රහාරය මෛත්‍රිපාල ජනාධිපති ධුරයෙන් පැන්නීමට ද යන්න ගැනත් නැගෙන ප්‍රශ්න තියෙනවා.

    බුද්ධි අංශවලට කොතරම් චෝදනා කළත් ඔවුන් යහපාලන අරාජිකත්වය මැද වුවත් යම් වැදගත් තොරතුරු ලබාගත් බවක් පෙනී යනවා.

    ඇත්තටම ගෝඨාභය ජනාධිපති ලෙස දිගට ම කටයුතු කළා නම් කොටි ත්‍රස්තවාදය පරාජය කළාක් මෙන් වහාබ් ත්‍රස්තවාදයත් පරාජය කරන්න තිබුණා ද?

    ඒ වගේම වහාබ් ත්‍රස්තවාදීන් ඔහුට බලයට ඒම පිණිස සියදිවි නසා ගනී ද?

    බටහිර රටවලට සැලසුම් සහගත ව අරගලයක් ලංකාව තුල මෙහෙයවා ඔහුව ගෙදර යැවීමට වහාබ් ත්‍රස්තවාදය පරාජය කරාවිය යන බියත් එක කාරණයක් වුණා ද?

    අයිඑස් වගේම වහාබ් ත්‍රස්තවාදය පිටුපස ඉන්නේත් බටහිර රාජ්‍යයන්ම ද?

    මේ ප්‍රශ්නවල ස්වභාවය ම ඒවාට ලැබෙන සමහර පිළිතුරුවලින් තවත් ප්‍රශ්න ඇති වීමයි. මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය විය යුතුයි ලංකාවට අනාගත ප්‍රහාර වලින් ආරක්‍ෂාව ලබාගැනීමට නම්.

    ReplyDelete
  6. ඇත්තටම මාතලන් ඔය පාර්ලිමේන්තුවේ විවාදයට වඩා අපි ගැඹුරට කතා කරන්න ඕනේ ඉන්දියාවේ චන්ද්‍රයාන් හඳේ දක්ෂිණ ධ්‍රැවය තරණය කිරීමේ සැලසුම ගැන, ඒක ඒ දිනවල විශාල කැළඹීමක් ඇතිකලා ලොව පුරාම.

    ඒ කම්පනයේ වැඩිම බලපෑම ලංකාවට - මොකද ඉතිං ලඟමනෙ තියෙන්නෙ..? වත්පොතේ යන පොස්ට් වල හැටියට හැමෝම වගේ එකඟයි මේ ජයග්‍රහණයට හේතුව ඉන්දියාව තමන්ගේ හරපද්ධතිය විනාශ නොකරගෙන මේක කරපු එක. විශේෂයෙන්ම එහේ ගැහැණු විද්‍යාඥයින් සාරි ඇඳ සිටීම highlight වෙලා... අර සාරි ඇඳල ඉස්කෝලේ යන්න බෑ කියපු ලංකාවේ බකපඬි උන්දැත් බයිට් වුණා කුජීත විදියට මේ හුටපටේ නිසා..!

    ඊළඟට රැඩිකල් නිරාගමික මත දරන අය භාරතයේ අග්නි පූජාව නිසා චොර වුණා, ඒක මෝදී පසඟ පිහිටුවා කරන පූජාවක් - මෙහෙයුමේ තියෙන හැම දෙකටම ඔවුන් දීල තියෙන සම්ප්‍රදායික සංස්කෘතික නම් - මේ ඔක්කොම පළවෙනව ඉන්දියාවේ සාර්ථකත්වයට හේතු හැටියට.

    ඒ එක්කම හොරකම පිලිබඳ කතාත් නිමක් නැහැ..! ඔවුන් හඳට ගිය වියදම සසඳනව ලංකාවෙ තියෙන ඔක්කොම ව්‍යාපෘති එක්ක. ඉන්දියාවෙ හරි ගිය එක එක්ක ලංකාවෙ වැරදිච්ච ඔක්කොම..! නෙළුම් කුළුන - මත්තල - ගල සහිත වරාය - හිල සහිත ජලාශය සහ තව මෙකී නොකී හැම දේම. ඇයි අර මිසිං වුණා කියන රොකට් එක.!!

    තව කෝණයක් තමයි ඒ රටේ මිනිස්සු තමන්ගේ දේ ගැන තියෙන අභිමානය මේ වැඩේට දායක වුණා කියන එක. ඒක ගැන කතා දෙකක් නැහැ මමත් එකඟ වෙනව ඔවුන් බොහෝ විට තමන්ගේ දේ ගැන ආඩම්බරයි.

    නමුත් තව දෙයක් තමයි මා හොඳින් හඳුනන ලංකාවට එන යන ඉන්දියානුවන් නම් බහුතරය ඉන්නේ නම් අපේ වගේ රටවල් ගැන තරමක් ඊරිසියාවෙන්. පළමු හේතුව - ජීවන තත්ත්වය සහ අධ්‍යාපන ක්‍රමය ගැන. දෙවැන්න ලස්සන පිරිසිදු රටක් වීම - අපේ මිනිසුන්ගේ හොඳ ගතිගුණ ගැනත් ඔවුන් නිතරම කියවනව..!

    නමුත් ලංකාවේ වගේ නෙවෙයි ඉන්දියාවෙ ප්‍රශ්න - හැම දේම විශාලයි. මුම්බායි නගර සභාවෙ ඡන්ද දායකයො ඉන්නව 96 ලක්ෂයක් - චෙන්නායි වල 41 ලක්ෂයක්..! අපේ මුළු රටේම ලක්ෂ 162යි..! ඇත්තටම පුදුමේ ඔවුන් හඳට යානයක් යවපු එක නෙවයි, මේ තරම් විශාල රටක් - මේ තරම් විශාල ප්‍රජාවක් එක්ක පවත්වාගෙන යාම. හරියටම ප්‍රශස්ත නොවුනත් ඔවුන්ගේ පද්ධති සෑහෙන තරම් හොඳින් ක්‍රියාත්මක වෙනවා...

    ReplyDelete
    Replies
    1. මගේ අදහස අනුවනම් මේ සාර්ථකත්වයට හේතු පහයි (තව ඇති, නමුත් මූලික ඒවා මේ..):

      (1) ඔවුන් තමන්ගේ ආයතන සහ පද්ධති ගැන විශ්වාසය තබා ඒවා හොඳින් පෝෂණය කිරීම - මානව සම්පත් සහ අනෙකුත් සැපයුම් වලින්. Cadre approval නැතිව දශක ගණන් මිනිස්සු බඳවා ගන්න බැරි විකාර එහෙ නැහැ..!

      (2) මේ ආයතන සඳහා ඤරුඤුරු ගාන්නෙ නැතිව මුල්‍ය ප්‍රතිපාදන ලැබෙන බව - චන්ද්‍රයාන් 2 විනාශ වුනහම "ආණ්ඩුවේ සල්ලි කාපු අමුතු ඇටේ මහ ලොකු විද්‍යාඥයෝ.." කියල පරිභව කරල ඒ ආයතනේ උන්ට පාරෙ යන්න බැරි වෙන්න ගැහුවෙ නෑ ලංකාවේ මීහරක් වගේ - ඒ වෙනුවට ප්‍රතිපාදන වැඩි කරන්නත් ඇති..! ඔවුන්ගේ සරල බව සහ සකසුරුවම අනිවාර්යෙන් මේකේ සාර්ථකත්වයට බලපාන්න ඇති...

      (3) තමුන්ගේ පිරිස හොඳින් රැක බලා ගන්න ඔවුන් දක්ෂ බව - මේ වැඩේට සම්බන්ධ අය අවුරුදු ගණන් මේ ISRO ආයතනේ වැඩ කරල තියෙන්නෙ - බුද්ධි ගලනය කොහොම හරි ඔවුන් පාලනය කරගෙන වගෙයි. ඔවුන් මොනතරම් competitive මිනිස්සු උනත් ලද දෙයින් සතුටු වීමට ඔවුන් දක්ෂයි. වැටෙන් එහා තණකොළ හරිම කොලපාටයි කියල හිතන අපේ ගතිය එහෙ අඩුයි..!

      (4) ඕව අපි කරන්න ඕනෙ වැඩද? අර ඉලෝන් මස්ක් ට කොන්ත්‍රාත් එකක් දීල රොකට් එක ඩොලර් මිලියන විස්සෙන් කරගෙන මේ මල ඉලව් ISRO එක වහල දාල ඒ ප්‍රේමිසස් එකේ හෝටලයක් හරි විශ්ව විද්‍යාලයක් දාල විදේශ විනිමය හොයන්න පුළුවන් කියල මෝදී හෝ වෙනත් විපක්ෂ තක්කඩියෙක් එහේ පාර්ලිමේන්තුවේ දෙසන්නෙ නැති එක...ලංකාවේ කරා නම් බකපඬි Internet ඕලෙවෙල් විද්වතෙක් ලියාවි "These fools are trying to reinvent the wheel..!" කියල Sunday Times එකේ මැද පිටුවක් පිරෙන්න..!

      (5) දීර්ඝ කාලීන කැපවීම (long term commitment) - වැදගත්ම එක. මම දන්නා විධියට මේ කලාපෙ අවුරුද්දක කෙටි කාලෙට අයවැය හදල ඒකෙන් රටේ වැඩසටහන් දුවන එකම රට අපි. අනික් හැම රටකම තියෙන්නෙ පස් අවුරුදු සැලසුම්. ISRO වගේ ආයතන වල සැලසුම් දශක ගණනාවකට හදනව ඇති. ලංකාවේ නම් මේ වගේ වැඩක් සඳහා උපරිම දේවි අවුරුද්දක්..! ප්‍රතිපාදන, මිනිස්සු, පර්යේෂණාගාර හෝ අඩුම තරමින් පුටු මේස වත් නැතිව ඔවුන් අහවි ඇයි ඕක මාස හයෙන් බැරි කියලත්..!

      මොනතරම් අමාරු වැඩක් වුනත් මේ ජයග්‍රහණය ඉන්දියාවේ සාමාන්‍ය අයට කෙටිකාලීන ප්‍රතිඵල ගෙනදෙන එකක් නැහැ. නමුත් රටේ ප්‍රතිරූපය නම් මේ නිසා බොහෝ ඔප වැටෙන්න ඇති. ඒ වාසිය දිගු කාලීනයි. සඳ තරණය ලෝක බලවතෙක් වෙන්න හිතන ඉන්දියාව ඒ සිතුවිල්ල සැබෑ කරගන්න ගහපු හොඳම තුරුම්පුවක් බව ඉතිහාසය සාක්ෂි දරාවි...

      ලංකාවට නම් ඉතින් එහෙම හඳේ අභිලාශ තියාගන්න අවශ්‍ය නැහැ - ලංකාවට තියෙන්න ඕනේ වෙනත් ආතල් අරමුණු - අපිටම හරියන පොඩි පොඩි චූටි ඒව...එහෙම අරමුණු කැටිකරගත්ත සැලැස්මක්, මැතිවරණ ප්‍රකාශයක් හෝ දැක්මක් පේන තෙක් මානෙක නැහැ කාගෙන්වත්..! ඒ නිසා දැනට නම් ඉතිං "ආ ඔහොම යං..." කියල තමයි කියන්න තියෙනානේ

      Delete
  7. සහතික ඇත්ත සහෝදරයා. දැන් තමයි තේරෙන්නේ කොටි සන්විධායත් 1970 ගනන් වල හදලා තියෙන්නේ මහින්ද රාජපක්ශ නාකි මෛනා සහ එවකට හමුදා ලුතිනන් කපිතන් ධූරවල හිටපු නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ගොන් මෝලාමයි කියලා. නැත්නම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හිවලා ආරක්ශක ලේකම් උන ගමන් කොටි සන්විධානය අවුරුදු 3න් ඉවර කරේ කොහොමද? එකම හමුදාව. එකම පොලීසිය. මේකෙන්ම මේ කුමන්ත්‍රණය පැහැදිලිව පේනවා නේද?

    ReplyDelete
  8. ලංකාවේ 2019 පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයට නායකත්වය දුන් සරාහන් කාසීම් සහ ලුතිනන් ජෙනරාල් සුරේෂ් සලේ අතර හමුවක් තිබු බව ඔප්පු කිරීමට තමන්ට කිසිඳු සාක්ෂියක් නොමැති බව පාස්කු ප්‍රහාරය ගැන නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කළ තෝම් වෝකර් සඳහන් කළේය.

    ඒ ජිනීවා නුවර පෞද්ගලික ස්ථානයකදී එම වාර්තා චිත්‍රපටය තිරගත කළ අවස්ථාවෙන් පසු ඊට සහභාගී වූ මාධ්‍යවේදියකු විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    ලංකාවේ මහනුවර ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකු විසින් ඔහුගේ රාජ්‍යය නොවන සංවිධානය භාවිතා කරමින් මෙම හමුව සංවිධානය කර තිබු අතර ඊට දස දෙනෙකුගේ පමණ පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ.

    එසේම අදාළ අවස්ථාවට සූම් තාක්ෂනය ඔස්සේ සම්බන්ධ වූ අසාද් මවුලානාගෙන්ද තම චෝදනා සඳහා සාක්ෂි තිබේදැයි විමසු අවස්ථාවේ ඔහුට ඒ සඳහා සාක්ෂි ඇති බව වාචිකව කියා ඇත. එහෙත් අදාළ හමුවේදී අදහස් දැක්වූ මාධ්‍යවේදියකුට අනුව මවුලනා මෙරට ඇතැම් ජනමාධයවේදීන්ට තම කතාව කීමට විශාල පරිශ්‍රමයක් දරා ඇති නමුත් එය විශ්වසනීය මූලාශ්‍ර මත පදනම් වී ඇතැයි කිසිවෙකු පිළිගෙන නැත.


    එසේම මේ වන තුරුත් ඔහු සමග සම්බන්ධ වූයේ යැයි කියන රාජ්‍යය නිලධාරීන් සහ ඔහු අතර සිදුවූ බවට තහවුරු කෙරෙන කිසිම දුරකථන ඇමතුමක් හෝ සේයාරුවක් ප්‍රසිද්ධ කිරීමට ඔහු අපොහොසත් වී ඇත.

    එවැබින් මෙම සමස්ථ සිදුවීම් විවිධ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මුවා වී විවිධ යටි අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා පමණක් සිදුකළ කටයුත්තක් ලෙස බොහෝ දෙනෙකු පිළිගනිති.

    එසේම මීට දින කිහිපයකට පෙර එම වාර්තා චිත්‍රපටය ගැන අදහස් දැක්වූ සරත් කෝන්ගහගේ මහතා සඳහන් කළේද, චැනල් 4 නාලිකාව හිතාමතාම තම ප්‍රකාශය විකෘති කර ඇති බවයි.

    මේ පිළිබඳව සම්පූර්ණ විස්තර අන්තර්ගත ශ්‍රී ලංකා ගාර්ඩියන් මාධ්‍ය වාර්තාව මෙතනින්

    https://slguardian.org/channel-4-documentary-makers-when-silence-spoke-louder/

    ReplyDelete
  9. 100% ඇත්ත ..post එකක් comment එකක් දැක්ක පමණින් මීහරක් වගේ ඔහේ කූරු විදින ජනතාවක් ඉන්න රටක් ලංකාව ..එක පැත්තකින් ඩොලර් ඕනි කියල තව පැත්තකින් සිදුවීමක් අල්ලගෙන උඩ පනිනව..කෑ ගහන උන් උපාසකල වගේ.............

    ඔය සෝෂල් මීඩියාවල දගලන උන්ගෙ වතගොත අරගෙන බැලුවොත් එක පැත්තකින් අල්ලපු ගෙදර එක්කත් ඇරගන්න උන් ...එක පැත්තකින් පැය 24 න් පැය 2-3 වත් හරිහමන් ආදායමක් තමාටවත් රටටවත් එකතු වෙන ආර්ථික කාරණයක නියැලෙන්නෙ නැති උන්...

    තවත් පැත්තකින් සමාජයට කිසිවක් නොකරන උන් ....කෙටියෙන් කීවොත් සෑම දෙයක් දිහාම negative හිතන උන් ..කිසිම දිනක උන්ගෙ ජීවිතය දිහාවත් positive නොබලපු උන් ...

    ReplyDelete
  10. මාතේ මේ බ්ලොග් එකේ පාඨකයන්ගෙන් රට යන්න හිතාගෙන ඉන්න අයට සහ විශේෂයෙන්ම නෝර්වේ රටට යන්න ඉන්න අයටයි මේ විස්තර සටහන;

    නවතම වාර්තා වලට අනුව 2023 මැදභාගය වන විට නෝර්වීජියානු ශ්‍රම වෙළඳපොලේ සේවකයින් 70 000 ක පමණ හිඟයක් ඇත. කාර්මික, ඉංජිනේරු සහ නිෂ්පාදන ක්ෂේත්‍රවලට වගේම යම් තරමක සෞඛ්‍ය සේවය සඳහාද විදේශ ශ්‍රමිකයන්ව බඳවා ගැනීම නෝර්වේ රාජ්‍යයට අවශ්‍ය වී ඇති බව තීරණය කර ඇත..

    🟢 2023 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද පුරප්පාඩු ඇති ක්ෂේත්‍ර.

    🔹Nursing and healthcare

    🔹Education

    🔹Retail and sales

    🔹Services industry and other related work

    🔹Tourism and transport

    🔹Engineering and IT

    🔹Manufacturing industry

    🔹Office work

    🔹Building and construction

    🔹Academic professions

    🔹Children and youth work

    🔹Management

    🔹Brokering and consultancy

    🔹No professional background or undisclosed

    🔹Agriculture, forestry and fishing

    ✅ රැකියාවක් සොයා ගන්නේ කෙසේද

    නෝර්වේ රට තුල, රැකියා සොයන්නන් සහ සේවා යෝජකයන් සඳහා වර්ක් ඉන් නෝර්වේ (WIN) නමින් විශේෂ නිල මාර්ගෝපදේශයක් ඇත.

    මෙම මාර්ගෝපදේශය නෝර්වේ වෙත විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමට කැමති නෝර්වීජියානු සේවා යෝජකයන්ට මෙන්ම නෝර්වේහි තම සේවා සැපයීමට අපේක්ෂා කරන විදේශීය සමාගම් සඳහා ද අවස්ථව සලසා ඇත.

    🔵 පහත තිබෙන ලින්ක් වලට ගිහින් රැකියා සඳහා අයදුම් කල හැක,

    🔹 https://ec.europa.eu/eures/portal/jv-se/search?page=1&resultsPerPage=10&orderBy=BEST_MATCH&locationCodes=no&lang=en

    🔹 http://www.nav.no/

    🔹 https://www.finn.no/

    🔹 https://www.manpower.no/

    ස්තූතියි. ඉක්මනට නෝර්වේ රටට පැමිණෙන්නට හැකි වන ලෙස අප ඔබට ශූභ පතමු.

    ReplyDelete
  11. මාතලන්ට පොඩි දෙයක් අමතක වෙලා වේළුපිල්ලෛ ප්‍රභාකරන් හින්දු ආගමිකයෙක්. දෙමල පිරිස් අතර තියෙන්නේ ජාතිවාදයක් මිසක් ආගම්වාදයක් නෑ. හින්දු උනත් ප්‍රභාකරන් තම පුතාට චාල්ස් ඇන්තනී කියලා නම දැම්මේ යුද්ධයෙන් මියගිය තම අතීත ක්‍රිස්තියානි මිත්‍රයා සිහිවෙන්න. මම දැක්ක විශේෂ කාරණාව තමයි දෙමල ජනතාව අතර ආගම්වාදයක් නෑ. තමිල්නාඩුවෙත් එහෙමයි. ලංකාවේ සිංහල උන් අතර තමයි ආගම්වාදයක් තියෙන්නේ.රටේ කතෝලිකයන්ගෙන් 55% සිංහල ඉතිරි 45% දෙමල. කතෝලික සභාව යුද්ධ සමයේ අසරණ වුණු ප්‍රධාන තැනක් තමයි අතීතයේ මඬු දේවස්ථානය තුළ එකට ආගමික කටයුතු කල පිරිස්වල යට පරම්පරාවන් දෙපැත්තේ ඉඳන් මරාගැනීම.

    හැබැයි ලංකාවේ බෞද්ධයන්ගෙන් 99% සිංහල සහ හින්දූන් ගෙන් 99% දෙමළ. එම නිසා ඔය දෙපිරිසම යුද්ධය දිහා මධ්‍යස්ථව බලන්නෙත් කලාතුරකින්. ලංකාවේ දෙමල බෞද්ධ හෝ සිංහල හින්දු සැලකිය යුතු ප්‍රතිශතයක් හිටියා නං මීට වඩා යුද්ධයේ අමිහිරි කාරණා ගැන රටේ ඔය දෙපිරිසම සංවේදී විදියට බලන්න තිබ්බා කියලයි මම හිතන්නේ.

    ReplyDelete
  12. සිරි ලංකාවෙ මිනිසුන්ගේ හැටිත් වෙනස්
    එක එක්කෙනා හිතනා විදිහමත් වෙනස්
    ස්වාර්ථය ගැනම තකනා ගතිය රකුස්
    වෙනස් වුණොත් සිරිලක වෙනවමයි උසස්!

    ReplyDelete
  13. මම මානසිකව වැටිලා ඉන්නෙ මන් රුමේනියා යන්න කෙනෙක්ට විස්වාස කරලා මිලියන 1.2 ක මුදලක් බාර දුන්නා .ඒත් ඒ කෙනා මුල ඉදන්ම බොරු කරලා තියෙන්නේ ව්‍යාජ ලියකියවිලි හදලා තියෙන්නේ .මන් ඒ වෙනකොට ලක්ස 12ක් දීලා ඉවරයි ..මන් වගේම තව 30 විතර මේ මනුෂ්‍යට අහු වෙලා.සල්ලි ඉල්ලුවාට අද දෙන්න්ම් හෙට දෙන්නම් ගගා ඉන්නවා.බැරිම තැන මන් පොලිසි ගියා වන්චා හා දූෂණ කොමිසමට ඇන්ට්‍ර් එකක් දැම්මා අනිත් අයට් අදාල පොලිසි වල පැමිනිලි දාලා දැන් ඒ ගෑනි .මිනිහා හැන්ගිලා විදෙසසේවා එකෙත් පැමිනිලි කලා.කිසිම පිලිතුරක් එක තැනකින්වත් නෑ මන් සල්ලි ගත්තේ පොලියට..10%.8% පොලියට .මාසෙන් මාසෙට පොලි දෙන්න අයෙ පොලියට ගන්න උනා..දැන් ලක්ස 12 පොලි දෙන්න ගත්ත සල්ලි සමග ලක්ස 16වෙලා . දැන් ඒ අය මට සල්ලි ඉල්ලාලා කරදර කරනවා මන් කීවා මන් මට මාස තුනක් කල් දෙන්න මන් කොහොම හරි සල්ලි බේරන්නම් පොලිත් සමග කියලා මෙයාලා මසෙන් මාසෙට පොලි හරි ඉලාල කරදර කරනවා.මන් ගොඩාක් මානසිකව වැටිලා ඉන්නෙ ජොබ් එකක්වත් කරගන්න නෑ නයට ගත්ත අය කරදර කරනද පෝන් එකේ කෝල් අන්සෙර් කරේ නැත්නම් ගෙදර් එනවා ..මන් මේකට මොකද කරන්න ඔනා මන් සල්ලි කොහොම හරි දෙනවා ඉඩමක් විකුනන්න තියෙනවාඑක විකිනීමට දාලා තියෙන්නේ .එක විකුණලා දෙන්නම් කීවාට අහන්නෑ

    ReplyDelete
  14. මොනවාද මේ කියවන්නේ ගූතලන් උබලා ගෙනාපු යහපාලන රජය බලයේ ඉන්නකොට අරන් තියනවා US ඩොලර් බිලියන 13 අයිඑස්බී රාජපක්ෂ හොරරැල අවුරුදු 9 බලයේ ඉඳලත් US ඩොලර් බිලියන 3.5 උඹලා කියන de අහල තමා wi fi වලට chance දුන්නු පරයෝ ටික ...ආර්ථිකය ගැන කතා කරන්න SLFP UNP JVP MUSLIM CONGRESS TNA SLPP මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ රට මංකොල්ල කෑවේ..කඩේ යනවා නෙමේ කවදා හරි හරි දේ කතා කරයි කියලා හිතන්න අමාරුයි සමහරක් පරයෝ RATA ජාතිය අදාළ නැහැ නැතිනම් ME VAGE NARI බලයට ගේන්NE නැහැ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න