.

.

Sep 30, 2023

ටැමිල් ඩයස්පෝරාවෙන් යලි පුබුදන සිහළ බෞද්ධ බලවේගය


 ටැමිල් ඩයස්පෝරාවෙන් යලි පුබුදන

සිහළ බෞද්ධ බලවේගය

➖➖➖➖➖➖➖➖💀➖


ටැමිල් ඩයස්පෝරාව

වළං ශානීගේ තිර පිටපත අනුව නිර්මාණය කළ, Chanel 4 වීඩියෝව හත් පොලේ ගාගෙන නාගන්නවා.


කොටින්ම... 

සල්ලිවලට වීඩියෝව හදපු ඌත් ජිනීවා ඇවිත් ඒකේ වගකීමෙන් හා වගවිමෙන් ගැලවෙනවා....


මේක කරේ තියාගෙන ගිය කාදිනල් උන්නැහේ කියනවා... ඕන ඇති ජාත්‍යන්තර පරීක්ෂණයක් නැතෙයි කියලා...


දැන් කාදිනලුයි සිරිල් ගාමිනියි හොයා ගන්නත් නෑ... සිරිල් ගාමිනිට මේවට උසාවියේදී නාගන්න වෙනවා...


ඒත්... දැන් මේවා කරපු උන්ට ගැලවිජ්ජාවක් තියෙන්න එපාය විලිලැජ්ජාවෙන් බේරෙන්න...


ඒ පාර ජෙයරාජ් කියන ලෝකල් සිවිල් 🐅 යා දම්මලා තව අතුරු කතාවක් ගොතනවා....


ඒ අසාද් මවුලානා කියන එකා ගලවගෙන ඌට සයිලම් අරගෙන දෙන්න...


ටැමිල් ඩයස්පෝරාවට සුරේෂ් සලේ එක්ක ළොකු ගේමක් තියෙන එක බොහෝම පැහැදිලියි...


වසර 30 ක ත්‍රස්තවාදීන් හා කළ යුද්ධයේදී...ෆ්‍රන්ට් එකේ යන උන් වෙපන්ස් වලින් ගේම දුන්නට....


යුධ ජයග්‍රහණයේ මාස්ටර් මයින්ඩ් බුවාලා උන්නේ හමුදා බුද්ධි අංශයේ...

ඒක යුධ ක්‍රියාන්විතයන් ගැන දන්න උන් දන්නවා...


ඒකයි සරත් ෆොන්සේකටත් උන් එක්ක තියෙන අවුල... ඒ විතරක් නෙමේ දැන් ඉන්න ආරක්ෂක ලේකම්ලටත් ඒ ඉරිසියාව තියෙනවා....

මොකෝ උන් රහත් වෙලා නෑ නේ...


ඒක අපේ කුර හා අං සහිත දේශපාලුවන් මෙන්ම ජහමනයා නොදන්නවා වුනාට...

ටැමිල් ඩයස්පෝරාව වගේම ටෙරාලත් දන්නවා... 


සාම සාකච්චා කාළේ වගේම ඉන් අනතුරවත් බුද්ධි අංශවල සෙට් එකම තෝරලා ෂොට් එක දෙන්නේ ඒකයි...


මේ ටෙරාලා උන්නේ ද්‍රවිඩ ප්‍රජාවේ විතරක් නෙමෙයි.. විශේෂයෙන් සිහල ජඩමාජ්ජවේදීන් රාශියක් උන් සල්ලිවලට අරගෙන තිබුනේ...


ලසන්තට ෂොට් එක දුන්නම... 

මුන්ගෙන් වැඩි පිරිස රට පැන්නා...

දැන් උන් මෙහේ තව අම්බරුවෝ රැලක් ඩැහැගෙන තියෙනවා...


කොහොම හරි... මුන් කරන්නේ හොඳ දෙයක්..

මොකෝ ඕකුන්මයි කිව්වේ දැන් යුද්ධය විකුණගෙන කාලා ඉවරයි කියලා... 🤪


හැබයි එහෙම කියපු උන්ම.... දැන් තේරුම් අරගෙන තියෙනවා.... මේක ඩොලර් උල්පතක් කියලා...


ඒ නිසාම...

නිර්මාල්ලා සිහළ බෞද්ධ බලවේගයට කෙලවෙනකන් බලාගෙන උන්නත්....

ඕමල්පේ සෝභිත සිහළ බෞද්ධ බලවේගය ඉවරයි කිව්වත්.....


ඒක එහෙම ඉවර වෙන්නේ නෑ..


පලස්තීන ඊශ්‍රායල් ගේම වගේම...

මේකත් පෘතුවියේ පැවැත්ම තියෙන තාක් නොනැසි පවතිනවා...


හදවතින්ම ශ්‍රී ලාංකිකයි ❤️

.

5 comments:

  1. ඔවු ඒක ඇත්ත, අපි ඒ කාලේ හිතුවේ මේ ඉන්න නාකි ටික මළාට පස්සේ සිංහල බෞද්ධ ජාතිකත්වය ජාතිවාදී සිංහල බෞද්ධ දේශපාලනය ඉවරයි කියල ඒත් ඒක එහෙම නෑ දැන් ඇදෙන අලුත්ම කොල්ලෝ කෙල්ලෝ අපේ කාලෙටත් වඩා සෑහෙන්න දුරට ජාතිවාදයට නැඹුරු වෙලා, සමාජ ජාල වලට වඩා ග්‍රවුන්ඩ් එකේ තත්ත්වය සෑහෙන්න වෙනස්

    ReplyDelete
  2. එක පැත්තකින් සිංහල බෞද්ධ දේශපාලන ව්‍යාපාරය නැවත නැගී සිටින අතරේ ලංකාවෙ ඩොටේ ඉන්න "සර්ව ජන ඡන්ද බලය හිමි" මැගිලින්ලා අප්පුහාමිලා වගේ වාමාංශික බයි ජනයාට ඔවා තේරෙන්නේ නැහැ.
    උන්ට ඔන ටකරං ටිකයි, සහනාධාර ටිකයි.

    දැං උන්ම වැල යන අතට ‌‌හෝයියා කියන්නං වගේ රැල්ලට ජවිපෙ පස්සෙන් යනවා. ජවිපෙ උං කියන දෙයක් තේරෙන්නෙත් නෑ උංට.
    ඒත් කඩේ යනවා.

    පුලුවන් නම් ජවිපෙ ඉන්න ලොක්කොන්ගෙ හරි ඔලුවට ඔය ටික දාලා උංගෙ ඔලුවලින් හරි ඔය වාමාංශික මතවාදෙ නැති කරලා දාන්න. හදිස්සියෙ හරි උං ඊළඟට තියෙන ඡන්දෙන් ආවොත් අපිට ලංකාව කියලා රටක් ඉතුරු වෙන එකක් නැහැ.

    හැම එකටම දේශීය, දේශීය ගාගෙන කරන්න පුලුවන් දේයි, බැරි දේයි හැම එකම බදාගෙන උතුරු කොරියාවක් කරලා තමයි නවතින්නෙ.

    ReplyDelete
  3. ලෝකයේ ඉන්නවා මිනිස්සු යම් මතයකට, අදහසකට හෝ යම්කිසි වාදයකට නැඹුරු වෙලා ඒවා මතවාදයක් විදියට දරන අය. නිදසුන් විදියට "පද පරමවාදීන්, හේතුඵලවාදීන්, පරම විඥානාර්ථවාදීන්, භෞතිකවාදීන්, දේවවාදීන්" වගේ විවිධ අය ඉන්නවා.

    මෙතනදී වෙන්නේ සාමාන්‍යයෙන් සමාජය යන පැත්තෙන් ඔබ්බට, නැත්නම් වෙනත් දිශාවකට මේ අය හිතනවා හෝ හිතන බව අනෙක් අයට පෙන්වනවා. එහෙමත් නැත්නම් සමාජය සාමාන්‍යයෙන් ලෝකය දිහා බලන විදියට වඩා වෙනස් විදියකට තමන් බලන බව ප්‍රදර්ශනය කරනවා. එක් අතෙකින් බුදුන් වහන්සේ සහ ⁣ජේසුස් වහන්සේ වගේ ශාස්තෲන් කියන්නෙත් ඒ විදියට වෙනස් ආකාරයෙන් ලෝකය ඇත්තටම දැකපු අය. නමුත් සමහර අය වෙනස් විදියට ලෝකය දිහා ඇත්තටම බලනවට වඩා තමන් වෙනස් විදියට දකින බව ප්‍රදර්ශනය කරන අය. ඒක තරමක් ආන්දෝලනයකට තුඩු දෙන ආකාරයේ ප්‍රස්තුතයක්, අදහසක් හෝ සිදුවීමක් වගේ දෙයක් පදනම් කරගෙන කළොත් ඔවුන්ට වඩා ඉක්මණින් ඒ තමන්ගේ මතය සාමාන්‍ය සමාජයෙන් වෙනස් දිශාවකට යන බව ⁣ඒත්තු ගන්වන්න පුළුවන්. ඒ වගේම ඔවුන් දන්නවා ඔවුන්ගේ මේ අමුතු මතය පිළිගන්න අයට වඩා එය ප්‍රශ්න කරන අය සහ එය ප්‍රතික්ෂේප කරන අය වැඩියි කියලත්. ඒකම තමයි ඔවුන්ගේ තුරුම්පුව ප්‍රසිද්ධිය ලබාගැනීම සහ තමන්ගේ මතය සමාජගත කරවීමට. එමඟින් ඉබේම මේ මතවාද, අදහස් සමාජගත වෙනවා. ඉන්පස්සේ කාලයක් යනකොට එයට යම්කිසි අනුගාමික පිරිසකුත් එක් වෙන්න පුළුවන්.

    ඒ නිසාම මේකත් එවැනි දෙයක් විය යුතුයි. මේ ඔහුගේ හෝ ඔහු නියෝජනය යම්කිසි කඳවු⁣රක ඒ සඳහා වන සැලසුම්සහගත ප්‍රවේශයක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ලංකාව තුල දමිළ ජනතාවට වෙනම රාජ්‍ය සංකල්පය දිගටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අය මේක පසුපස සිටින බව ගේ නිරීක්ෂණයයි.

    ReplyDelete
  4. මෙවර දකුණු ආසියාතික රටවලට නැත්නම් ඉන්දියාවට පැවැත්වීමට අවස්ථාව උදා වූ 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන එංගලන්ත ක්‍රිකට් පිළ ඉන්දියාවේ ගුවාටි වෙත රැගෙන ඒම සඳහා ඉන්ඩිගෝ ගුවන්සේවයට පැය 38ක කාලයක් ගතවී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
    ඒ හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවකු වන Jonny Bairstow සිය විරෝධය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පළ කර තිබුණා. මෙම ගුවන් ගමනේදී එංගලන්ත පිළට ගමන් කිරීමට සිදුව ඇත්තේද පිරිමැසුම්දායී පන්තියේයි (Economy Class).

    සාමාන්‍ය තත්ව යටතේ එංගලන්තයේ සිට ඉන්දියාව දක්වා පියාසර කිරීමට ගතවන්නේත් පැය 10කට අඩු කාලයක් බවයි මේගැන දැඩිව විවේචනය කරන බ්‍රිතාන්‍ය මාධ්‍ය වල පළවී තිබුණේත්.

    ReplyDelete
  5. මිනිහත් මොළය තිබ්බට තිරිසන් සතෙකී
    තම සැප- බඩ ගැනම වැඩියෙන් තකන්නෙකී
    නොවිකිණෙන එවුං අතෙකින් ගණිතහැකී
    ඒ විරුවන්ගෙ නම් සුරැකෙනු ඇත නොමැකී

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න