.

.

Sep 11, 2023

රාජපක්ෂලා වැරදි කරුවන් වන තෙක් පරීක්ෂණ නොනවත්වා පැවැත්විය යුතුය.

 


රාජපක්ෂලා වැරදි කරුවන් වන තෙක්

පරීක්ෂණ නොනවත්වා පැවැත්විය යුතුය.

➖➖➖➖➖➖➖➖➖➖➖💀💀💀➖


පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ඇතිව, වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් හා පසු විපරමෙන්, 

ස්වාධීන සහ විනිවිද භාවයෙන් යුත් විමර්ශනයක් අරඹන ලෙස, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයට නැවත වරක් නිර්දේශ කර තිබේනවාය.


එහෙත් එකම එක දෙයක් ඔවුන්ට අමතකව ඇත. ඒ චැනල් ෆෝ වීඩියෝවේ තිර රචනය හා අධ්‍යක්ෂක වූ වළං ශානී ඒ කොමිසමට දාන්නෙයි කියලා කියනා එකය. සමහර විට මෙහේ සමහරක්ට එය කරගන්නට වුවමනා වුවද, පොර එවන් කොමිසමකට දැම්මොත් ගානියා බැරිස්ටර් සීන් එක වගේ වැඩේ Bull in a China Shop වෙන්න පුලුවන් නිසා හිතා මතාම අමතක කලා වෙන්නත් පුලුවනිය.


 ඊටත් වඩා ඔවුන්ගේ නිවේදනයේ, එම විමර්ශන, ස්වාධීන හා විනිවිද භාවයෙන් යුතු විය බව සඳහන් වන නිසා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ එකක් කියා දැන් එකක් කියනා දේශපාලුවන්ගේ කුස්සිවල වළං හෝදන පීචමෙක් එවැනි දේකට නොගැලපෙන නිසාත් වෙන්නැතිය.


මෙහේ වළං ශානිට කඩේ යන ත්‍රස්තවාදීන් හා එක්සත් ජාතීන්ගේ හඬද එකම එකක් වනාතර නැත්තේ ශානීගේ නම විතරමය. ඒ අනුව මේ මානව හිමිකම් කොමිසමද සම්බන්ධ ඉන්ටර්නැෂනල් ගේම් බව බොහෝ පැහැදිලිය.


මෙයාලාට ඉරාකයේ, සිරියාවේ, ඇෆගනිස්තානයේ, ලිබියාවේ අහිංසක වින්දිත ජනතාවට එයාලාගේම අය අහිමි කළ මානව හිමිකම්වලට වඩා වැදගත් වී තිබෙන්නේ, මේ හූණූ බෙට්ටේ ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම්ය. 


ඇත්තටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කියන්නේ අහිංසක වින්දිතයින්ගේ මානව අයිතිවාසිකම් ගැන වොරි වෙනවාට වඩා...ක් පීඩකයාගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනා ආයතනයක් බව එයාලාගේ ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන්ද පැහැදිලිව පෙනෙනවාය.


මාතලන් කිසි දිනෙක රාජපක්ෂලා වෙනුවෙන් පෙනී නොසිටියද, රාජපක්ෂලාට කෙලවීමෙන්, ඔවුන් මේ මොහොතේ නායකත්වය දෙන, මේ රටේ බහුතරය වන සිංහළ බෞද්ධ බලවේගයටද කෙලවා දැමීම, මේ ජාත්‍යන්තර සංවිධානවල, කොටි ඩයස්පෝරාවේ හා කතෝලික පල්ලියේ එකම පරමාර්තයය.


නියෝජ්‍ය කාදිනල් ඕමල්පේ අහිමි, සිහළ බෞද්ධ බලවේගය නිමී කියා ගෝල්ෆේස් බයිබලයේ ලියා තබන්නේ ඒ නිසාය. 


එමෙන්ම සජිත් ප්‍රේමදාස, පාඨලි මෙන්ම රාජපක්ෂ විරෝධී දේශපාලුවන් එහි නායකත්වය ඩැහැගැන්මට පෙල ගැසී සිටිනවාය. ශානීගේ ළණු කන සජිත්ට බෞද්ධයින් සිහිවෙලා තියෙන්නේ ඒ නිසාය.


අප මෙහිදි මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ හැසිරීම ඉතා ඉහලින් අගය කළ යුතුය. ඇමරිකාවෙන් ටෙරෙක් ලෙස රිජෙක්ට් වූ මුජිබර් හැර වෙන කිසිඳු දේශපාලුවෙක් හෝ මෙය සලේගේ හා රාජපක්ෂලාගේ ක්‍රියාවක් බව කියන්නේ නැතිය.


ඒ ඔවුන් ඉස්ලාම් භක්තිකයින් ලෙස  ජිහාඩ්වාදය ගැන හොඳින්ම දන්නා නිසාමය. මෙරට ඉස්ලාම් බහුතරය ශරියා නීතී රීතී වලට අකමැතිය. එබැවින් ඔවුන් අන්තවාදී නැතිය. පසුගිය කාළයේ සුළු පිරිසක් තලෙයිබානරණය වැළඳගෙන එය අදහමින් සිටියද, එය කෙතරම් භයානකද යන්න පාස්කු ප්‍රහාරයෙන්ම අවබෝධ කර ගෙන අවසානය.


මේ යෝජනා ගෙන එන උන් මේ පිළිබඳ පැවති FBI පරීක්ෂණ හා එහි වාර්ථාවන් ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා බව බොහෝ පැහැදිලිය. එසේ දැන උන්නා නම් එංගලන්තයේ පවා පඩත්තල දෙකයි පනහේ ගොසිප් නාලිකාවක් ලෙස ප්‍රකට ආයතනයකින් නිකුත් කළ වීඩීයෝවක එල්ලෙන්නේ නැතිය.


හැබයී ඉතින් ඔවුන්ද එහි සම නිශ්පාදකයින් වූ කළ ඒ චිත්තරපටිය ගැන ප්‍රචාරණයේ නොයෙදීත් බැරිය.


කෙසේ හෝ චැනල් ෆෝ චිත්තරපටියේ ජිනීවා ප්‍රදර්ශනයද සාර්ථක වූ අතර මෙරටද ඉතා සාර්ථක ලෙස ප්‍රදර්ශණය වෙනවාය.


එය ඔවුන්ගේ කලින් නිශ්පානදයක් වූ Killing Fields මෙන්ම අම්බ කෙප්පයක් බව ඔප්පු වන තෙක්ම, මේ සෙප්පඩවිජ්ජා ඇත්තයි කියා සිතනා උන් ස්වයං වින්දනයේ යෙදෙනවා ඇතිය.


මේ සියලු සෙල්ලම් දමන්නේ උසාවියේ පවතින පාස්කු නඩු 48 ට..

සිරිල් ගාමීනිට එදිරිව සුරේෂ් සලේ නඩුවට බලපෑම් කිරීමටත්...

අත් අඩංගුවේ සිටිනා අධි චෝදනා ලැබූ ත්‍රස්තවාදීන් නිදහස් කරගැන්මටත් බව බොහෝ පැහැදිලිය....


අසාද් මවුලානාගේ ගිණුම මෙන්ම උන්ට කඩේ යන උන්ගේ හත්මුතු පරම්පරාවේම බැංකු ගිණුම් ගැන සොයා බැලීම ආරක්ෂක අංශවල වගකීමය.


එන්න අපි රාජපක්ෂලා ජාත්‍යන්තර අධිකරණයට ගෙනියමු...


කුරුසයේ තබා ඇණ ගසමු...


අප අපට ප්‍රේම කරන ආකාරයටම .....

සෑම කෙනෙකුටම ප්‍රේම කරන්නැයි බයිබලය අපට පවසයි 


(ගලාති 5:14)

.

16 comments:

  1. වළං ශානී 😁😅🤣

    මරු නම ඕයි, ඔය වගේ මෙලෝ වැඩකට නැති එක එකාට කඩේ යන කබ්බෝ පොරවල් කරන්නේ ලංකාවේ ජඩ මාධ්‍ය වලින්, සහ සමාජ ජාල වල ඉන්න කුර අං සහිත ගව සම්පත විසින් ඒ වුණාට ඒවා කවදාවත් පවතින්නේ නෑ

    උදාහරණ:
    සරත් ගොන්සේකා කබ්බා
    කුජීත ජයසුන්දර පොලෝස් කෝලම
    නන්දසේන කබ්බා
    හොරු අල්ලන ගොන්ජන් බුරූනායක රිළවා
    වළං හෝදනගේ සානි ගොන් හිවලා

    ඔය ඔක්කොම උන් මෙලෝ වැඩකට නැති ගෝතකරුම වෙන උන්ගේ පිහිටෙන් ගොඩගිය හරක්

    උදාහරණ විදිහට හමුදාවේ දහස් ගණනක් කුඩා සහ මධ්‍යම තනතුරුවල හිටපු අය සහ විදේශ රටවල බුද්ධි අංශ වල සහයෝගයෙන් යුද්ධය දිනාගෙන මෙලෝ වැඩකට නැති හරක් ගොන්සේකයි නන්දසේනයි පැත්තක ඉඳන් ලකුණු දාගත්තා වගේ

    ReplyDelete
  2. චැනල් 4 ගොන් ආතල් ජඩ මාධ්‍ය නාඩගමත් හරියට ඉන්දියන් ශාරුක් ඛාන්ගේ ෆිල්ම් සහ ලංකාවේ කිරිබත්ගොඩ තිලකවර්ධන එක වගේ. බැලුවොත් හැමදාම සෙනග පිරිලා. ඒත් කිසි කොලිටි එකක් නෑ 🤭😆 ගොන්නුන්ව ෆෝම් කරලා කාලය පාස් කරන්න හොඳයි. ඒකපිට දාල රනිලා නම් හොඳම එකෙන් ගේමක් දුන්නා 😄

    ReplyDelete
    Replies
    1. @ anonymous

      මාත් කතෝලික තාමා.ඒත් අපෙ බහුතරයක් අය ඕවා පස්සෙ යන්නෙ නැ.අපි යන්නෙත් නැ. සමහරුන්ට මොලෙ තියෙනවා ඔයෙ වගෙ දේවල් පස්සෙ යන්නෙ නැතුව ඉන්න.මෙහෙම මිනිස්සු රවට්ටන එකට නම් අපො දඬුවන් දෙන්න ඕනෙ. .සමහරු ඉන්නවා පිස්සුවෙන් වගෙ ආගම බදාගෙන කාදිනල්තුමාටම කීකරුවෙලා එයා කියන හැමදේම මුදුනේ තියාගෙන ඉන්න මිනිස්සු මෝඩකම තමා, එහෙම ඕන නෑ අපි දෙවියන් වහන්සේට ආදරය කරන අය මිසක් කාදිනල්ට වන්දනාව කරන අය නෙමෙයි.

      Delete
  3. මාතෙත් මෙච්චර පහත තත්වයකට වැටෙයි කියල හිතුවේ නෑ ..

    ReplyDelete
  4. මාතේ ඔය චැනල් ෆෝ වීඩියෝ එකේදී ඒ අය ඉන්ටවිව් කරන සරත් කෝන්ගහගේ මේ ගැන ඇත්තම කතාව කියනවා මේකේ කතාව කෙටියෙන් තියෙනවා මේක බලන්න;

    https://fb.watch/n0nBX0tshF/?mibextid=Nif5oz

    ReplyDelete
  5. ලංකාවේ 2019 පාලන බලය හෙබවු යහපාලන රජය යටතේ රජයේ නොසැලකිල්ල මත සිදුවූ බව කියන පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ අපරාධ කරුවන්ට සහාය දුන් බව හෙළිවූ සහ 2023 බ්‍රිතාන්‍ය රජයට අයත් ආන්දෝලනාත්මක දේශපාලන ප්‍රචාරක නාලිකාවක් වූ චැනල් ෆෝ (බීබීසී හා අනුබද්ධිත සමාන්තර ප්‍රචාරක ආයතනයක්) හි පාස්කු ප්‍රහාරය ගැන 2023 පැවති වැඩසටහනේ ප්‍රධානතම සාක්ෂිකරුවා වුණේ අසාද් මවුලානා (සැබෑ නම MHM මිහ්ලර්) නමැති 2022 දී බ්‍රිතාන්‍ය දේශපාලන සරණාගතභාවය ඉල්ලා සිටින ලාංකිකයෙකි.

    මේ කියන අසාද් මවුලානා හෙවත් මොහොමඩ් හන්සීර් මොහොමඩ් මිහ්ලර් වෙත එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) 2022 ජනවාරි මාසයේදී නවාතැන් පොකුරු සම්බන්ධීකාරක ලෙස තනතුරක් ලබා ලබා දී ඇති බව ශ්‍රී ලංකා ගාර්ඩියන් සාක්ෂි සහිතව හෙළිදරව් කර ඇත.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා 54 වැනි නිත්‍ය සැසියේදී ශ්‍රී ලංකාව ගැන සිය වාර්තාව නිකුත් කිරීමට පැය කිහිපයකට පෙර විකාශය කළ චැනල් 4 වාර්තා චිත්‍රපටයේ “විස්ල්බ්ලොවර්” ලෙස අසාද් මවුලානා මතුවීය.

    එනම් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව නිකුත් කිරීමට පැය කිහිපයකට පෙර විවිධාකාර සංශෝධන කරමින් චැනල් 4 තම තහවුරු නොකළ සහ දුර්වල මූලාශ්‍ර සහිත අපැහැදිලි වාර්තා චිත්‍රපටය විකාශනය කළේය.

    ලංකාවේදී 2019 වසරේ ඛේදජනක පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට සම්බන්ධ යැයි කියන වෛද්‍ය වෘත්තිකයකු වන මොහොමඩ් සෆ්රාස් මොහොමඩ් සූෆියාන් ගැනද අනාවරණය කරණ එම පුවත් වාර්තාවේ මෙසේ දැක්වේ.

    https://slguardian.org/exclusive-is-azad-maulana-linked-to-easter-sunday-suicide-bombers-employed-by-the-un/

    ReplyDelete
    Replies
    1. ලංකා ගාඩියන් සිංහල පරිවර්තනය


      //

      “බෝම්බ ප්‍රහාරයට මාස කිහිපයකට පෙර මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමේදී බරපතළ තුවාල ලැබූ සහරාන් හසිම්ගේ සහෝදරයා වූ රිල්වාන් හෂීම්ට ප්‍රතිකාර ලබ්දීමේ වගකීම වෛද්‍ය සෆ්රාස් භාරගත්තේය. බරපතළ තුවාල ලැබූ රිල්වාන්ට කොළඹ මහ රෝහලේදී අදාළ සැකකරු ප්‍රතිකාර ලබා දුන්නේ සිද්ධියේ ඇත්ත සහ ඊට සම්බන්ධ පුද්ගලයා හෙළි නොකර බව විමර්ශනයේදී අනාවරණය විය.”

      “සහරාන් හෂීම්ගේ සොහොයුරෙකු වන රිල්වාන් හෂීම්ට වෛද්‍ය ආධාර සැපයීමේදී අසාද් මවුලානා සහ සෆ්රාස් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළහ. කෙසේ වෙතත්, අප්‍රේල් 26 වන දින රිල්වාන් ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ සහචරයන් සමඟ සයින්දමරුදු ප්‍රදේශයේදී ඝාතනය කරන ලදී.” එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

      එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද නවතම වාර්තාවේ “2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ සම්පූර්ණ තත්ත්වයන් පිළිබඳ වැඩිදුර විමර්ශන රේඛා ලුහුබැඳීම සඳහා ජාත්‍යන්තර සහාය ඇතිව ස්වාධීන පරීක්ෂණයක්” නිර්දේශ කර ඇත.

      නමුත් අදාළ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින්ට රැකියා අවස්ථා ලබා දීමෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාට පැවරී ඇති මූලික සදාචාරත්මක නිදහස බරපතළ ලෙස ප්‍රශ්න කරණු ලබයි. සත්‍යය වසන් කිරීමට සහ කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රවර්ධනය කිරීමට ඇතැම් පාර්ශ්වයන් විසින් බලවත් උත්සහයක නිරත වී සිටිති. එහෙත් මෙවැනි බලරපතළ සිදුවීම් වලින් UNHCR සහ පුළුල් එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ වගවීම, විනිවිදභාවය සහ ආචාර ධර්ම ප්‍රශ්න කෙරේ.

      අදහස් දැක්වීම සඳහා ශ්‍රී ලංකා ගාඩියන් UNHCR හි ප්‍රාදේශීය කාර්යාලය සහ මූලස්ථානය සම්බන්ධ කර ගෙන ඇතිබව සඳහන් කරන නමුත් ඔවුන් අදාළ විමසීම් වලට තවමත් ප්‍රතිචාර දක්වා නැත.

      //

      මේක ඇත්ත ද?

      Delete
  6. යකූ මාතලන් සහෝදරයෝ, නුඹ දන්නවද ඒ අවු අස්සේ අන්න මරියා මවුතුමියගේ පිලිමයකින් කඳුළූ ගලනවා කියලා පෝලිමේ ගිහිල්ල කතෝලික ජනතාව වැඳවැටෙනවා නේද?

    අර උඩවලවේ වැහි පිරිතටයි පෙරහැරේ දත හොල්ලපු සීන් එකටයි හෑලි ලියලියා බුකියේ හැමිනිච්ච ලිබරල් නිරා මීහරක් බයි හැත්ත හැංගිලා නේද? හොරෙන් ගිහින් මරිය තුමිය ගේ පිලිමයට වැඳ වැටෙනවා ඇති දෙවියන් වහන්සේ උදහස් වෙනවට බයයිනේ උනුත්... දේව දරුවෝනේ... මොත්තෙට නිරාගමික වුණාට..

    කාඩිනල් උතුමාණන්ගෙ මේ විච්චූර්ණ ජෝගි දැකලා මරියා උත්තමාවියට තනි ඇහැට ඇඬුනා වෙන්න බැරිද සහෝදරයා?

    ReplyDelete
  7. >> මේ පිළිබඳ පාලි බසින් විස්තර විචාරයක් ගෙන ඒමට මා මයික්‍රෆෝනය බාර කරනවා මා හිතවත් ගල්කන්දේ ධම්මාරාම වෙත. "
    ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

    උන්වහන්සේ වදාරනවලු:

    "මට මේ ගැන ලොකුවට වදාරන්න දෙයක් නෑ. ඒත් මාව මේකට ටැග් කල එකා අහු වුනා නං ...
    අන්න ඊට පස්සේ පාලි සංස්කෘත විතරක් නෙවෙයි වංග, කණ්නඩ, තෙලිඟු වගේ භාශා වලින් වුනත් අමතන්න වෙන වග"

    😉

    ReplyDelete
  8. Saumyage huththe juice bonna thibba nam

    ReplyDelete
  9. "ඒ නම මතක තියාගන්න. දුනිත් වෙල්ලාලගේ"

    මීට අවුරුදු එක හමාරකට විතර කලින් පැවැත්වුනු 2022 දහනමයෙන් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නායකයා ගැන ඒ කතාව කිව්වේ කාර්ලෝස් බ්‍රැත්වෙයිට්.

    කාර්ලෝස් බ්‍රැත්වෙයිට් ඒ තරගාවලියට විස්තර විචාරකයෙක් විදියට සහභාගී වුණා.

    ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයාගේ දස්කම් ගැන ඔහු බොහෝ පැහැදීමකින් හිටියා.

    "රිමෙම්බර් ද නේම්" පාඨයේ ගෞරවය ක්‍රිකට් ලෝකය මුලින්ම ලබා දුන්නේ බ්‍රැත්වෙයිට් ට.

    ඒ 2016 T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ පෙන්වපු අසාමාන්‍ය දක්ෂතාවය නිසා.

    කාර්ලෝස් බ්‍රැත්වෙයිට්, තමන්ට ලැබුනු ගෞරවයක් යොවුන් ක්‍රීඩකයෙකුට ලබා දෙනවා නම් ඒ ක්‍රීඩකයා සාමාන්‍ය ක්‍රීඩයෙකු වෙන්න බැහැ. ඔහු සුවිශේෂි ක්‍රීඩකයෙක් විය යුතුයි.

    ආසියා කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දියාව සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුණා.

    නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වීරයෙක් ඉපදුණා.

    ඒ දුනිත් වෙල්ලාලගේ.

    මින්පෙර කාර්ලෝස් බ්‍රැත්වෙයිට් නම මතක තියාගන්නැයි ක්‍රිකට් ලෝකයටම අනතුරු අඟවා තිබූ දුනිත් වෙල්ලාලගේ.

    විටෙක ඉන්දීය පිතිකරුවන් පකිස්තාන තරගයෙන් ගෙන ආ ප්‍රවේගකාරී පිතිකරණයම මේ තරගයේත් ක්‍රීඩා කරමින් හිටියා.

    ඔවුන් පහසුවෙන් ලකුණු රැස් කළා.

    ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නන් බොහෝ අසරණ වී හිටියා.

    ඉන්දීය මුල් කඩුල්ලේ සම්බන්ධයම පන්දු 66ක් තුල ලකුණු 80ක්.

    දුනිත් යැවූ පළමු පන්දුවේ සිටම ඔහු තරගය වෙනස් කළා.

    300කට වැඩි ලකුණක් පෙනි පෙනී සිටි ඉන්දියාව, සම්පූර්ණයෙන්ම පසුපාදයට ඇදලා දැම්මා.

    රෝහිත්, ගිල්, කෝලි සියලූම දෙනා හරවා ක්‍රීඩාගාරයට යැව්වා.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා ඔහු.

    ඉන්දියාවට වඩා ලකුණු 41ක් පසුපසින් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරුවාත් ඔහු.

    එය වයස අවුරුදු 20 ක යොවුන් ක්‍රීඩකයෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි මට්ටමේ ඉහළ දස්කමක්.

    හොඳින් දඟ කැවුනු තනතීරුවේ, ඔහු දඟ පන්දුවට ඉතා හොඳින් මුහුණ දුන්නා.

    ඔහුගේ පිත්තේ කෝනය සහ පන්දුව තෝරා ගැනීමේ තාක්ෂණය ඉහළින් තිබුණා.

    ධනංජය සහ දුනිත් විටෙක තරගයේ ජය ඉන්දියාවෙන් උදුරා ගනිමින් සිටියා.

    අවාසනාවන්ත අයුරින් ධනංජය දැවී නොයන්නට තරගයේ ප්‍රතිඵලය වෙනස් වීමටත් තිබුණා.

    තරගය ශ්‍රී ලංකාව පැරදුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට නව වීරයෙක් බිහි වුණා.

    දුනිත් වෙල්ලාලගේ ආසියානු කුසලානය උදෙසා ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන තෝරා ගැනීමක් වුණේ නැහැ.

    ඔහුට අවස්තාව හිමි වුණේ වනිඳු හසරංග ආබාධයකට ලක් වූ නිසා.

    මින්පෙරත් දුනිත් දස්කම් දක්වා, තරග දිනවා, පසුව කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වූ අවස්තා තිබෙනවා.

    ඔහුගේ වයස නිසාදෝ ශ්‍රී ලංකා පළමු 11 අතර ඔහුව තැබීමට, තේරීම් කමිටුව මැලිකමක් දක්වනවා.

    නමුත් එළඹෙන ලෝක කුසලානය උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් දුනිත් වෙල්ලාලගේ ට වෙන් විය යුතු බව පැහැදිලියි.

    වනිඳු හසරංග දක්ෂ T20 පන්දු යවන්නෙක්.

    නමුත් ඕවර දහයේ ක්‍රීඩාව තුල දුනිත්, වනිදු ට වඩා දක්ෂ පන්දු යවන්නෙක්.

    පා දඟ පන්දු යවන්නෙකුට වඩා වමත් දඟ පන්දු යවන්නෙක් වර්තමාන පන්දුවාර දහයේ ක්‍රීඩාවේදි කණ්ඩායමකට වැදගත්.

    දකුණත් ඉන්දීය පිතිකරුවන් අසරණ කරමින් දුනිත් ඊයේ එය ඔප්පු කළා.

    එමෙන්ම දුනිත් ඉතාමත් වගකීම් සහගත සහ තාක්ෂණයෙන් පරිපූර්ණ පිතිකරුවෙක්.

    අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීමට අවශ්‍ය නැති නිසාත්, අනාවැකි අවශ්‍ය නොවන නිසාත් එතරම් සඳහන් නොකළ යුතු කරුණක් තියෙනවා.

    එනම් දුනිත් ගේ ඉහල පිතිකරණ තාක්ෂණය හේතුවෙන් ඔහු මුල් පෙල පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට පවා සුදුසුයි යන්න.

    එවැනි හොඳ පිතිකරුවෙක් පසුපෙල ක්‍රීඩා කිරීම කණ්ඩායමකට ඉතාමත් වටිනවා.

    එම නිසා තවදුරටත් ඔහුගේ ස්ථානයට අභියෝගයක් එල්ල විය යුතු නැහැ.

    දුනිත් වෙනුවෙන් ලෝක කුසලානයේ ස්ථාවර ස්ථානයක් වෙන්විය යුතුයි.

    ඉන්දීය අවසන් කඩුල්ල ලකුණු පුවරුවට ලකුණු 30ක් විතර එකතු කළා.

    මෙවැනි තනතීරුවක එය විශාල අගයක්.

    එම ලකුණු 30 තරගයේ අවසන් ප්‍රතිඵලයට සෘජුවම බලපෑවා.

    ReplyDelete
    Replies
    1. පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න ගේ සහ දසුන් ශානක ගේ අසමත්වීම් කැපී පෙනෙනවා.

      යොවුන් ක්‍රීඩකයන් කණ්ඩායමට උපරිමය ලබා දෙද්දි, අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨයන් කණ්ඩායමට බරක් වීම එක්තරා අන්දමකින් ලැජ්ජා විය යුතු තත්ත්වයක්.

      දිමුත් කරුණාරත්න ගේ ආරම්භක පිතිකරන ස්ථානයේ ගැටලුව ලෝක කුසලාන සංචිතය නම් කිරීමට පෙර නිවැරදි විය යුතුයි.

      ජ්‍යේෂ්ඨයෙකු ලෙසත්, මුල්පෙල පිතිකරුවෙකු ලෙසත් ඔහුගෙන් ඉටුවිය යුතු වගකීම මෙතෙක් ඉටු වී නැහැ.

      එමෙන්ම දසුන් ශානක දිගින් දිගටම පා දඟ පන්දු යවන්නන් ඉදිරියේ අසාර්ථක වීමත් නිවැරදි කරගත යුතු තත්ත්වයක්.

      ඒ වෙනුවෙන් කැපවීම දසුන් ගේ වගකීමක්.

      මේ මොහොතේ දසුන් ගේ කඩුල්ල ඕනෑම අවස්තාවක දවා ගත හැකි රහස ප්‍රතිවාදීන් දන්නවා.

      එය ශ්‍රී ලංකා නායකයා ලෙසත්, කණ්ඩායමේ ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසටත් දසුන් ට සහ කණ්ඩායමට හානියක්.

      එමෙන්ම ඊයේ තරගය පුරාවට තවත් යොවුන් ක්‍රීඩකයෙක් කැපී පෙනුනා.

      ඒ චරිත් අසලංක.

      චරිත් පිතිකරුවෙක්.

      නමුත් ඔහු ඊයේ දිනයේ ඉතා විශිෂ්ඨ අන්දමින් පන්දු යැව්වා.

      තනතීරුවේ සහයත් උපයෝගි කර ගනිමින් නිවැරදි එල්ලයට නිවැරදිම කෝනයෙන් පන්දු යැව්වා.

      මෙය ඉතා වැදගත් වන්නේ ඔහු දවා ගත් කඩුලු හතර නිසා පමණක් නෙවෙයි.

      චරිත් වැනි යොවුන් දක්ෂ පිතිකරුවෙක්, සිය දක්ෂතාවය පිත්තට පමණක් සීමා කරගැනීමේ උඩඟු ආකල්පයෙන් බැහැරවීම නිසයි.

      චරිත් අසලංක සනත් ජයසූරිය, අරවින්ද සිල්වා, තිලකරත්න ඩිල්ෂාන් යුගයේ ක්‍රීඩකයෙකුගේ ආකල්ප නඩත්තු කිරීමයි.

      ඔහු පිතිකරුවෙකු ලෙස පමණක් පුහුණු නොවී, පන්දු යවන්නෙකු ලෙසත් දායකත්වයක් කණ්ඩායමට ලබා දීමට කැපවීම නිසයි.

      එවැනි ආකල්ප සහිත ක්‍රීඩකයන් මෙරට ක්‍රිකට් අනාගතයට සම්පතක්.

      මෙරට ක්‍රිකට් ක්‍රීඩාව බිංදුවටම වැටුණු 2015 - 2021 යුගයේ යොවුන් ක්‍රීඩකයන් එවැනි උසස් ආකල්ප ප්‍රදර්ශනය කළේ නැහැ.

      ශ්‍රී ලංකා ක්‍රිකට් බිඳ වැටීමට එවැනි දෑත් හේතු වුණා.

      නමුත් වෙල්ලාලගේ ලා, චරිත් අසලංක ලා, සදීර සමරවික්‍රම ලා ඉතා ඉහළ දක්ෂතාවයක් සහ ඉතා ඉහළ ජීව ගුණයක් ප්‍රදර්ශනය කරමින් සිටිනවා.

      ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට ලැබුනු අවස්තාව සරලව නොගෙන පිටිය තුලදීත්, ඉන්පිටදීත් ඔවුන් කණ්ඩායමට උපරිමය ලබා දෙනවා.

      ඉතා හොඳ විනයක් සහ ආකල්ප නඩත්තු කරනවා.

      එය මෙරට ක්‍රිකට් අනාගතයට සුභ ලකුණක්.

      සමස්තයක් වශයෙන් කණ්ඩායමේ පන්දු රැකීමත් ප්‍රශස්ත මට්ටමක පවතිනවා.

      කලක පටන් 12 වෙනි ක්‍රීඩකයා ලෙස පන්දු රැකීමට පිටියට පිවිසෙන අශේන් බණ්ඩාර සහ දුශාන් හේමන්ත විශිෂ්ඨ ලෙස පන්දු රකිනවා.

      තරගයට ක්‍රීඩා නොකළත් ලකුණු කිහිපයක් ආරක්ෂා කරමින් උපරිමය ලබා දෙනවා.

      ඒ යොවුන් ක්‍රීඩකයන්ගේ කැපවීම, උනන්දුව සහ ආකල්ප මින් කලකට පෙර යොවුන් ක්‍රීඩකයන්ගෙන් අප දුටුවේ නැහැ.

      ඊයේ තරගය පරාජය වූවත්, වත්මන් ශ්‍රී ලංකාව ඕනෑම ප්‍රබල කණ්ඩායමකට තරගයක් ලබා දිය හැකි කණ්ඩායමක් බව පැහැදිලියි.

      තමන්ගේ දිනයේදී ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව ඔවුන් සතුයි.

      තවදුරටත් ශ්‍රී ලංකාව සමග තරග ප්‍රතිවාදීන්ට "ඕෆ් සීසන්" එකක් නෙවෙයි.

      තවදුරටත් ශ්‍රී ලංකාව සමග තරග සැහැල්ලුවට ගෙන ක්‍රීඩා කිරීමට ප්‍රබල කණ්ඩායම් කටයුතු කරන්නෙ නැහැ.

      කලෙක ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වූ මෙරට රසිකයන් යළිත් රූපවාහිනිය ඉදිරියට ගෙන ඒමට මේ යොවුන් කණ්ඩායම සමත් වෙලා.

      ඒ මේ යොවුන් ක්‍රීඩකයන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දුන් ඉහළම වටිනාකමයි.

      මේ මොහොතේ සිදුවන සුලු වැරදි සහ කණ්ඩායමට ආදර්ශයක් විය යුතු ජ්‍යේෂ්ඨයන් සිය අඩුපාඩු නිවැරදි කරගත් විට, ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා අභියෝගය සරල වෙන එකක් නැහැ.

      ශ්‍රී ලංකාව ඉතා බරපතලව සැලකූ පැරණි, හුරුපුරුදු ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය යළිත් ඇති කිරීමට හැකියාව මේ යොවුන් කණ්ඩායම සතුයි.

      මේ කණ්ඩායම අප ආරක්ෂා කළ යුත්තේ ඔවුන් ලබනා වර්තමාන ජයග්‍රහණයන්ටත් වඩා, ඔවුන් ඉදිරියේ ඇති ඒ දීප්තිමත් අනාගතය නිසයි.

      Delete
  10. අබු "හින්ද්" හෙවත් අබු "භාරත" ට සමාව දෙන්න කාර්දිනල් පින්බතා සූදානම් ලු!

    ReplyDelete
  11. මුන්ට පිස්සු, මමත් කතෝලිකයෙක් වෙලත් ඔය බහුබූත කාදිනල් හොල්මන ගහන බයිලා පිලිගන්නේ නෑ, ඇත්තටම මුන්ට පිස්සු නෙවෙයි ඕවා ව්‍යාපාර ! ඔය සේරටම උත්තර ජේසුස් වහන්සේ දීලා තියෙනවා.... හැබැයි අද වෙනකොට උන්වහන්සේ උගන්නපු ධර්මය කැලේ...වෙන මොකද්ද commercilised කරලා හදාගත්ත එකක් තියෙනවා....කතෝලික වේවා බෞද්ධ වේවා ඔය මොන තැනත් වෙලා තියෙන්නෙ ඒක තමයි....ශාස්තෲන් වහන්සේලා උගන්නපු දේවල් බොහෝදුරට යට ගිහින් එක එක මිනිස්සු තමන්ගේ වාසියට දුන්න interpretation තමා අද 'ධර්මය' කියලා කියන්නෙ.... අපේ කතෝලික පූජකයො වගෙම, පාස්ටර්ලා, හාමුදුරුවරු, දේවාලේ කපුවෝ කියන මගුල් පැත්තක දාලා තම තමාගේ ධර්මය ඉගෙන ගන්න ඕනනම් ඒක තනියම කරපල්ලා..... නැණ පමණින් ජේසුස්/බුදුන් වහන්සේලා කියපුවා තේරුම් ගත්තනම් එක එක ප්‍රොජෙක්ට් වල අතකොළු වෙන් නෑ.....උන්වහන්සේලා කියලා තියෙන හැමදේම අපිට තේරෙන්නෙත් නෑ....හැබැයි තවත් වෙන මිනිහෙක් ඇවිල්ලා කියන දෙයක් පරම සත්‍ය කියලා කවදාවත් හිතන්න එපා මචංලා.... ඒක තමා ධර්මය අවබෝධ කරගන්න තියෙන ලොකුම බාධාව 🤘

    ReplyDelete
  12. පල්ලිවල ආගමික ව්‍යාපාර වලින් ලැබෙන කෝටි ගණනක ආදායම සහ දමිල ඩයස්‌පෝරාව හරහා ලැබෙන ඩොලර් මිලියන ගණනක ආදායම නිවැරදිව ආයෝජනය කිරීමට අවශ්‍ය පසුබිම අපි හදා දෙන්නම්, මේක සියලුම පූජකවරු සහ පාස්ටර්වරු වගේම ප්‍රෝෆට්ලා ඇතුලු සියලුම අංශවල සේවය කරන ආගමික ව්‍යාපාරිකයන්ටත් බෞද්ධ චීවරධාරින්ටත් වෙනත් හින්දු මහමදික පූජකවරුන්ටත් එකසේ විවෘතයි

    ඉතිරි කරනවා ද ? ආයෝජනය කරනවා ද ?

    ඉතාමත් විශ්වසනීය තැනක..??

    මෙන්න ඔබට අවස්ථාව,

    ඔබේ ඉතිරි කිරීමේ මුදලට මාසිකව හා දිගු කාලීන ප්‍රතිලාභයක් ලබා දීමටද අපි සූදානම්

    ආයෝජනය කරන්නේ කෙසේ ද? ආයෝජනය කරන්නේ කොහේ ද?

    අද කොපමණ සල්ලි ඉතිරි කිරීමට උත්සාහ කරත් ඉහලම ප්‍රතිලාභයක් ලබාදෙන ආයතනය අඩුය. අපට ඔබගේ ආයෝජනයට 36%-40 දක්වා ඉහලම ප්‍රතිලාභයක් දීමට හැකියාව ලැබී ඇත්තේ කෙසේද? මේ ගැන සිතන විට ඔබට මෙම ගැටලුව නිසැකවම ඇතිවෙන්නට ඇති

    අපි අක්කර 560ක අපේම ඉඩම් වල වගා කරන්නෙමු ලොව saffron වලින් පසු ලොව දෙවැනි වටිනාක්මක් ඇති වැනිලා වගව හා අමතරව අමු මිරිස් මාලු මිරිස්, කොච්චි, බෙල්පෙපර් වැනි කෙට් බෝග වගාවන් මගින් අපි ප්‍රතිලාභ ගෙවීම් සිදු කරනු ලබයි.

    ඊට අමතරව අපි සතුව power hand energy ලෙස සෝලා පැනල් ව්‍යාපෘතියක් , power hand shipping ලෙස නැව් ව්‍යාපෘතියක් හා වාකරයේ මහුදු කූඩැල්ලන් වගා කිරීමේ කටයුතුද ආරම්භ වෙමින් පවතී. මේවාද ඔබට දැක බලාගන දැවැන්තම ව්‍යාපෘතීන් සහිත ආයතනය සමග එක් වී ඉහලම ප්‍රතිලාභයක් ලබා ගන්න අප හා එක් වන්න.

    Power hand plantation අපි ඔබගේ මුදලට ඉහල සුරක්ෂිත භාවයක් ලබා දෙමින් ඔබ ආයෝජනය කරන මුදලට ඉහළම ප්‍රතිලාභය ලබාදීමට සූදානම්.

    ඔබත් අදම වැනිලා වගා බිමක සාඩම්බර හිමිකරුවෙකු වන්න...

    දීගු කාලීන ආයෝජනය සැලැස්ම

    රුපියල් 540,000/- ක ආයෝජනයක් සඳහා අවුරුදු 8 දී රුපියල් මිලියන 5 (5,000,000/-) ප්‍රතිලාභයක්

    අපත් සමග ආයෝජනය කරන ඔබට අපෙන් :

    ♦️නීත්‍යානුකූල ලිබිත ගිවිසුම් සහතිකය

    ♦️වගාවේ බිම් සකස් කිරීම , නඩත්තු කටයුතු , පලදාව නෙලිම , අපනයනය මේ සියල්ල ආයතනය මගින් සිදු කිරීම.

    ♦️ඉඩමේ සින්නක්කර අයිතිය
    ඔබට .

    ♦️වාරික වශයෙන් ගෙවීමේ හැකියාව

    කෙටිකාලීන ආයෝජන සැලැස්ම

    🤲අපනයන කෘෂි බෝගයක් වන වැනිලා වගාවේ ප්‍රමුඛයා වන Power Hands Plantation අප ආයතනය මගින් හදුන්වා දී ඇති Privilege කෙටි කාලීන ආයෝජන සැලැස්ම සමග සම්බන්ධ වී ඔබගේ ආයෝජන මුදලට කිසිවෙකුට නොදෙවෙනි ඉහළම ප්‍රතිලාභය ලබා ගන්න.

    👉 රැ. 100,000 සිට ආරම්භ වන මෙම ආයෝජන සැලැස්ම සමග සම්බන්ධ වන ඔබට 36% සිට 40% දක්වා ඉහළ ප්‍රතිලාභයක් ලබාගත හැකිය.

    📄 සියලුම කොන්දේසි නීත්‍යානුකූල ලිඛිත ගිවිසුමක් මගින් ලබා දෙනු ලබයි.

    📄ඇපකරයක් ලෙස වගා බිමක අයිතිය ලබා දේ.

    ඔබගේ මුදලට වටිනාකමක්ද එකතු කර ගන්න.

    🌐🌐 ඔබ ලොව කොතනක හිටියත් අප සමග සම්බන්ද වීමේ හැකියාව 🌐🌐

    සැ.යු.
    මෙම දීමනාව සීමිත කාලසීමාවක් සදහා පමණි.

    👉 වගා කිරීම් සිදු කරන්නේ වෙනත් අයිතීන් සහිත ඉඩම් හෝ රජයේ බදු ඉඩම්වල නොවන අතර ආයතනය සතු සින්නක්කර ඉඩම් වල පමණක් වගා කටයුතු සිදු කරනු ලැබේ..( ඔබට ඒවා පරීක්ෂා කර බැලීමටද හැකියාව පවතී)

    ☎ අපට අමතන්න:

    ReplyDelete
  13. ඕනම රටක ඕවනම් වෙනව.
    බලන්නකො ඉන්දියාව. මෙහෙට වඩා අන්තයට ගිහින් ඔය වගේ දේවල් කරනව.
    ඒ උනාට ඒ මිනිස්සු රටේ ටාගට් එක ගහනව.
    ඕවා ඒ ටාගට් එකට බාධාවක් කරගන්නෙ නෑ.

    අපේ රටේ ඒකෙ අනිත් පැත්ත.
    ඇත්ත ප්‍රශ්න වහන්න මේව උස්සනව.
    උස්සල දුන්නම තව කට්ටියක් කරේ තියන් යනව.
    පස්සෙ කියනව ඒව නිසා රට දියුණු කරන්න බෑ කියල.

    මම නම් කියන්නෙ, ඕව ඔය විදියටම තියෙන්න දීලා, ඒ වලින් ගන්න තියන වටිනාකම් රටේ සංවර්ධනයට පාවිච්චි කරමු.

    උදා : දළදා පෙරහැර බලන්න සුද්දො අම්බානට එනවනෙ.
    ඉතින් ඇයි අපිට බැරි හැම පළාතකම ඒ වගේ කාලෙන් කාලෙට පෙරහැර සංවිධානය කරල හැම මාසෙම සුද්දො රටේ හැමතැනටම ගෙන්න ගන්න.
    ඒක දළදා පෙරහරක් වෙන්න ඕන නෑ.
    සංස්කෘතිය, නැටුම් ටිකයි පෙරහැරයි පෙන්නුවම හරි.
    ඒක විතරක් මාකට් කලත් අගෝස්තු වලටවිතරක් එන සුද්දො ටික හැම කාලෙකම ගෙන්න ගන්න පුලුවන් රට වටේටම.
    ඕව කරන්න බෑනෙ ඉතින්, අලින්ට වඩා නහයෙන් අඬන උන් ඉන්නවනෙ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න