.

.

Sep 23, 2023

කාගිල්ස් ෆුඩ් සිටි කෝප් සිටි හා පෝට් සිටි

 


කාගිල්ස් ෆුඩ් සිටි

කෝප් සිටි හා පෝට් සිටි

➖➖➖➖➖➖➖➖🔴


දෙයක් වේ නම් යම්

සුදුස්සාටම අයිති විය යුතු..


මාතලන් ප්‍රයිවට් කොම්පැනිවල, ෂොප් වල, හෝටල්වල (හොටේල්ස්) වගේම ආන්ඩුවෙත් වැඩ කරලා තියෙනවා...


මේ කොහේ වැඩ කලත්, මම මගේ යටතේ ඉන්න සේවකයින්ට කියන දෙයක් තමා... මේ ලෝකේ මිනිස්සු ඔක්කොම උඹ වගේ කියලා හිතන්න එපා... උඹෙන් දෙයක් බලාපොරොත්තුවෙන් එන එකාගේ සිතුම් පැතුම් වලට උඹ අනුගත වෙයන් කියලා...


ඒක ටිකක් අමාරු වැඩක්...

මොකෝ එන එකා එන්නේ කස්ටමර් ඉස් ඒ කින්ග් කියන මැන්ටලටි එකේ නේ...

ඒ ආවට බහුතරය ඊගෝ කාරයෝ...

පුල් රෙස්පෙක්ට් එක ප්‍රයෝරොටි එක බලාපොරොත්තු වෙන් එන්නේ...

ඉතින් ඒක දෙන්න අපි දැන ගන්න ඕන...


ඇත්තටම ඒ මොහොතේ ඉන්නේ ඉන්නේ ඔරිජිනල් මම නෙමෙයි... නළුවෙක්... 

කස්ටමර් ඉස් කින්ග් නිසා...

අපි ඒ වෙලාවට නොදෝකින් වෙලා බැක්ෆුට් හෙවත් පසු පාදයේ ක්‍රීඩා කරන්නම ඕනී...

ඒක හොඳටම දන්න ශ්‍රී ලාංකිය කොමියුනිටි එක තමයි සාරන්ලගෙ කස්ටිය....

දැන් බලන්න එයාලා රාජපක්ෂලාගේ ඉල්ලීමට බෑ නොකියා... දිවියලෝකේ යන්න තරම් නිහතමානී වුනා නේ...

දැන් අපේ මහ ජාතියේ සෙට් එකක් ඔහොම මෝටිවේට් කරලා බ්ලාස්ට් කරගනියව් කිව්වා නම් උන් ඔහොම කරයිද...?.

කීයටවත් කර ගන්නේ නෑ...

කර ගත්තත් කරගන්නේ මැදමුලනෙයි, කාල්ටන් එකෙයි, විජේරාම මාවතෙයි...


එහෙම බෑ...

අපි පුරුදු වෙන්නෝන 

අපේ සේවය ලබා ගන්න එන එකාගේ සපත්තුවට බහින්න....


හොරකමක් මාට්ටු වුනත්... ඒක හොරකමක් නොවන විදියට... පුලුවන්නම් ෂේප් කරගෙන සල්ලි ගන්න ඕන... නැත්නම් හොරකම් කරපු දේ ෂේප් එකේ ඉල්ලගන්න ඕන...


ෂොප් ලිෆ්ටින්ග් කරපු එකාට ඒක විකුණන එක තමා ටැලන්ට් එක....


මේකෙන් තේරෙන්නේ ... ෆුඩ් සිටි එකේ අයට, කෝප් සිටි ට්‍රේනින් එකවත් දීලා නැතෙයි කියනෙක... හැමතැනටම දෙන්න ඕන පෝට් සිටියෙ වැඩ කරන උන්ට දෙන ට්‍රේනින් එකක්...


ෂොප් ලිෆ්ටින් කරපු කෙනාට ලැජ්ජා කරන්න අපහාස කරන්න ගහන්න යන්න නරකයි... (අපේ ඔහොම ගැහුවට පිටරටවල ෂොප් ලිෆ්ටින් කරන අයට ඇඳුම් ගලවලා ඔයිටත් වඩා ගහන ගැහිලි පෝන් හබ් බලන අය දැකලා ඇති 😜)


එහෙම කරන්නත් නරකයි..  පැත්තකට කතා කරලා කරපු වැරද්දේ දරුණුකම පහදලා දීලා ආයෙත් නොකරන්න අවවාදයක් දීලා යැව්වම හරි ..


මොකෝ මේ රටේ හොරකම් වංචා දූෂණ නොකරන එකෙක්වත් නැති නිසා...

බොරුම නම් හදවතට තට්ටු කරලා තමන්ගෙන්ම අහන්න....


සඳහම් සිතුවිලි තොපි වෙත ගෙන ආ මා...

මාතලන් යකා 


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ....!!!

.

11 comments:

  1. හහ් හා මරු කතාව ඕයි 😂

    ReplyDelete
  2. මාතේ මේක විහිළුවට ගන්න එපා මොකද ඇත්තටම ලංකාව තුල ත්‍රීවීල් හයර් පදින එක, ඔය කාගිල්ස් වගේ සුපමාකට් වගේම රෙදි කඩ වගේ හැම අංශයකම තියෙන තරුණ තරුණියන්ට පොදු කරුමයක් මේකෙන් හයිලයිට් වෙනවා, ඒ ගැන මාතේල වගේ සමාජය ගැන විස්තරාත්මක ලෙස අවබෝධයක් සහ පොලිටිකල් සහ සෝෂල් ඉෂූස් ගැන සෙන්ස් එකක් තියෙන අය මීට වඩා ගැඹුරින් සාකච්ඡාවට භාජනය විය යුතු බවයි මේ පුද්ගලික මතය..

    ඇත්තටම ඔය වගේ ලෝ ස්කිල්ඩ් සහිත අනාගතයක් නැති ජොබ් වලට තරුණ ජවය ඇදල කොපමණ පුහුණුකළත් කේස් බව ලංකාවේ තීන්දු තීරණ ගැනීම කරන බලධාරීන් සහ අධ්‍යාපන පද්ධතියෙම සිටින විශේෂඥයන් සාකච්ඡාවට ලක්කළ යුතු වැදගත් කරුණක්.

    එක්සත් ජනපදය ඇතුළු බටහිර රාජ්‍ය තම පොලිස් කාරෙකේ ඩබල තරුණ සහ මැදිවියේ ලෙස දාන්නෙ හදිසියකදී හරි ඩිසිෂන් සහ ඇක්ෂන් ගන්න. නමුත් එක්සත් ජනපදයේ මම සිටින ඩෙලවෙයාර් වල Delaware Private Industry Council and DET ඩිවිෂන් ෆෝ එඩ්යුකේෂ්න් ඇන්ඩ් ට්‍රේනින් වගේ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විස්තර කර ලිවීම, ඩෙලවෙයා ට්‍රේනින් ෆන්ඩ් සහ
    Delaware skills center/ Adult Education Division/ Paul M Hodgeson Vocational Tech ආදී දේවල් ගැන පසුව ලියන්නම් වෙලාව ලැබෙන හැටියට.

    මට කෙටියෙන් කියන්න තියෙන්නේ ලංකාවේ තරුණ පරපුර Automated vehicles, Autonomous driving AI based autopilot ආදී ස්වයංක්‍රීය වාහන ගැන අනාගත තාක්ෂණය ගැන දැනුවත් කර රටේ නීතියෙන්ම හෝකුලියට ත්‍රීවිල් පැදවිය හැකි වයස 45 ට වඩා වැඩි විය යුතු වීමට නීතියෙන්ම විධිවිධාන ගෙන ඒම වගේම සියලු වෙළඳසැල් ඉන්ධන හල් සිකියුරිටි ආදී career growth නැති ලෝ ස්කිල්ඩ් සහිත අය යෙදෙන
    සියලු ක්ෂේත්‍රවල සේවකයන්ගෙන් අවම අඩක් 50 පැනපු අය විය යුතු ලෙස නීති හැදිය යුතුයි. ඒකෙන් විශ්‍රාමික ශ්‍රමිකයන්ට අමතර රැකියා අවස්ථාත් ලැබෙනවා.

    ඒ වගේම කම්මැලි නැතුව ටිකක් මහන්සි වෙලා පුළුවන් කාලේ
    වෘත්තීය සහ තාක්ෂණික ක්ෂේත්‍ර කරා තරුණ තරුණියන් ආකර්ෂණය කරන්න බෑ ඒ නීති හැදුවෙ නැත්තං. ලංකාව වගේ නිකමුන් බෝකරන රටවල ලේසියට අඩු පඩියට මුලදි රස්සාවට ගිහින් අවුරුදු හතර පහක් ගියාම තමයි තේරෙන්නේ පොට වරද්ද ගත්තු බව. එතකොට පරක්කු වැඩියි! ඉතින් frustration, aggressiveness pro max ඒ ගැන මාතේල කතා කරන්නේ නැත්තේ ඇයි කියලයි මම අහන්නේ?

    ReplyDelete
  3. මම ලංකාවෙදි වැඩ කරපු ගොඩක් තැන්වල මෙික අත්දැකපු දෙයක්, තමන්ගේ තනතුරෙන් හිස උදම්වා ගත්තු මිනිස්සු, ආයතනය ඇතුලේ කැපී පෙන්න උත්සහ කරන මිනිස්සු, එකට වැඩ කරන මිනිස්සු කපාගෙන කැපි පෙන්න දඟලන මිනිස්සු... ආයතන හිමිකාරිවයටත් වඩා ආයතනයට ආදරේ කරන බව පෙන්නන්න දඟලන මිනිස්සු... මේ සේරම තේරුමක් නැති තාවකාලික වාසි ලැබෙන දිගුකාලීනව ඊට වඩා ලොකු අවදානමක් පවතින දේවල් බව තේරුම්ගත යුතු බව...

    ඒත් ඔයා ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕනම තැනක වැඩ කරනවා නම් හොඳටම තේරුම් ගන්න ඔයා හිතුවට ආයතනයකට, ව්‍යාපාරයකට ඔයාව නැතිවම බෑ කියලා එයාලා ඔයාව යොදා කරන්නෙ තමන්ගෙ ව්‍යාපාර ඉලක්ක ලගා කරගන්න භාවිතා කරන " ටූල් එකක් " විදියට විතරයි... ව්‍යාපාරයක ප්‍රදානම සාධකය " පාරිභෝගිකයා " පමනයි " "Customers is the King" Always

    ඒක නිසා මම හැමෝටම කියන්නේ job එක ඇතුලේ බොරුවට "පොරක්" වෙන්න දඟලන්න එපා, ඔයාට අදාල කාර්‍යය පමනක් කරන්න කියලයි.

    ReplyDelete
  4. අනුර කුමාර අපේ නායක සහෝදරතුමා ජනාධිපති වුනාට පස්සේ මුල ඉදන් ඔක්කොම හදන්න වෙයි වගේ,ඔව් ඉතින් හරි හමන් උන් හිටියා නම් රාජපක්ෂව බලන්න පොලීමෙ යයි යෑ.අපි ආරක්ෂක වියදම 10% ට වඩා අඩු කරනවා අය වැයෙන්, ඇමරිකාවේ වගේ සුපිරි පොලිසියක් හදනවා. රාජපක්‍ෂ ආණ්‌ඩුව වගේ හරි රනිල්ලා සජබ වගේ නෙවෙයි අපි හදංනේ බිලිඩින් නෙමේ ක්‍රමය.නීති හදනවා assaulting criminal offence එකක් විදියට දාලා. ටික කාලයක් යයි,එත් අපි හදනවා.මජර තොපි වගේ උන් දාන්න වෙනම හිර ගෙවල් හදනවා දුපතක දාල තොපිට හොද පාඩමක් උගන්නනවා පොහොට්ටුවට අලියට ඵූක දෙන කාලකන්නි හැත්ත

    ReplyDelete
  5. If this incident happened while Gota was ruling, all these so called human right organisations (both local & international) plus SJB entertainment enterprises plus NPP-JVP joint venture plus frontline socialists and other minor parties will be crying and protesting for months. Also US ambassador will issue another statement saying that it made a severe human right violation too. Fortunately he and Sri Lankans escaped from all those dramas after the competition of GGH project 2022.

    ReplyDelete
  6. මේ පුඩ්සිටි එකේ ගහපු කේස් එකත් කලේ නන්දේ සහ හමුදාවේ බුද්ධි අංශ වල නන්දෙට ගොට්ට අල්ලපු ආමීකාරයෝ, අම්මපා මේක ඇත්ත... අපිලග සම්පූර්ණ සාක්ශි සේරම තියෙනවෝ...

    - අති උත්තම කාර්දීනල් උතුමන් නමැති අප සමරිසි සබාවේ මහා උත්තමාවිය වෙනුවෙන් කාර්දීනෙල්ට පූප දෙමින් ගොට්ට අල්ලන සිරිල් ගාමනී පර්දීනන්දු ලොල්ලාලන් වහන්සේ විසිනි...

    ReplyDelete
    Replies
    1. At anno

      මේ අඩෝ පරුස කුකෝ…
      හුන මොත්තක්ද දැං අපට කොරන්ඩ කියන්නේ.?
      එතකොට දැන්
      කොනක පාල ලා එකෙක් වත් වැරදි නැද්ද…?
      උන් සිරියාවට ගිහින් අවි පුහුණුව අරගෙන විදේශ සංවිධාන එක්ක කරපු ගණුදෙනු
      උන්ට උපරිම සහය ලබාදුන් කොනකපාලු දේසපාලුවන්? පල්ලි වල කඩු තියාගෙන තණකොල කරපු හැටි?
      එතකොට මේ සේරටම වැරද්ද
      ඔය මොනවත්ම නොකර පැත්තක හිටපු සාමාන්‍ය බහුතර සිංහල බෞද්ධ ජනතාව ද?

      Delete
    2. අනේ මන්දා බන්ස් මේ ප්‍රහාරෙ පාර්ලිමේන්තු වේ හිටිය 225 ම දන්නව. මේ පාදිලි උන්නාන්සේලත් දන්නව. පාර්ලිමේන්තුවෙන් පිටත ලොකු ලොක්කොත් දන්නව. නමුත් කවුරුත් ඒක සැලකුවෙ නැහැ ආරක්ශක ලේකම්ම කිව්ව bbc එකට ඒ මොහොතෙම ලයිව් දෙනෝදාක් ඉදිරිපිට ” ගහනව කියල දැනගෙන හිටිය හැබැයි මෙහෙමගහනව කියල හිටුවෙ නැහැ කියල ” ඔක්කොම පාදිලි උන්නැහේලත් මේක දන්නව ඒකනෙ පාස්කු දා තියන්න ඕන දිව්‍ය පූජාව සෙනසුරාදම තියල කට්ටිය හැන්ගුනෙ. ඕක කලේ අන්තවාදින් . හැබැයි ඒකෙ වාසිය ආවෙ ගෝටට.දැන් ඒක ආලගෙන ගෝටව පතුරු ගහනව. ගෝට ගියා ජොකත් දාල ඒත් මුන්ට තාමත් ගෝට භීතිකාව.

      ඕකත් හරියට හිඟන්නගෙ තුවාලෙ වගේ ඔක්කොම උන් මේක දේශපාලනීකරනය කරල අන්තවාදින් මුන් ඔක්කොටම අන්දලා ගානට උගේ සැලසුම ඉදිරියට ගෙනියනව.

      හැමෝම දැන් සහරාන්ලව ශුද්ද කරනව. හැබැයි උන් සින්ංහලයගෙ මාලු කාලකන්නි පක්ශ පාට දේශ්පාලුවන්ගෙ පිටේ තියල කපනව. අපිට කෙලවෙනකන් අපි දන්නෙ නැහැ. මේක හරියට ලිහිව්වොත් 225, පාදිලියො තව ලොකු ලොකු ගොඩාක් උදවිය ගස් .

      ඒ නිසා මේක අම්බානක පටලලා තියෙන්නේ, දැන් මේක හරියට අබ ඇට කිලෝ 500 ක් කස කසා ඇට කිලෝ 500ක් සව් ඇට කිලෝ 500ක් වැලි කියුබ් එකකට කලවම් කරල ඒව වෙන වෙනම තෝරල වෙන් කරනවා වගේ ඒත් ඒක ලේසි මේ පාස්කු අවුල ලිහනවට වඩා.

      Delete
  7. There is a famous quote which states that "Live with lions if you want to know how to rule the jungle. Fly with eagles if you want to know how to rule the sky "

    Thoroughly yourself depends on your associate circle which defines your success rate, this is the reason behind the ill behavior of the food city staff.

    ReplyDelete
  8. යකෝ මාතලන් ඉදලා හිටිලා මුර්ගයෙක් උනත් ආශ්‍රය කරපන් මොකද බැටළු හම් පොරවන් එන උන්ව දුර තියලා අදුරා ගන්න ලේසියි / මෙහෙම හිතපන් උබට වෙනවට කියනවා නෙමෙයි දැන්,හිතහන් උබ කොහේ හරි යනකොට Accident එකක් වෙනවා උබ වාහනේ හිර වෙනවා එතකොට ඌබව බේරන්න උබට වඩා දනුම තියෙන උන්ව හොයන්න ඒ මොහොතට වෙලාවේ දැනුම තියෙන උන් හොයන්න සුදුසු රටක් නෙමෙයි මේක - මිනිස්සු බෙදන්න එපා යකො හැම මිනිහටම අනන්‍ය හැකියාවක් කුසලතාවක් තියෙනවා උබ හිතන් ඉන්නෙ උබයි සියල්ල දත් බහුශ්‍රැත කියලා ද?

    ReplyDelete
  9. මේ කාගිල්ස් කතාව තුලින් ගත හැකි ආදර්ශයන් රැසක් තිබෙනවා. එහෙත් ලංකාවේ ආර්ථිකය imf program සමග ඉන්දියානු ක්‍රමයට යාම ලංකාවට හැම විටම ගලපන්න නම් බැහැ.

    මොකද ඕනම රටක ආර්ථිකය වර්ධනයට වගේම සංවර්ධනයටත් අත්‍යවශ්‍ය ඛනිජ සම්පත් (ඉදිකිරීම්, කාර්මික නිපැයුම් හා බලශක්ති ප්‍රධාන කරගත්), ලාබ ශ්‍රමය, දේශීය ව්‍යාපාර හිමි ධනවත් ආයෝජකයින්, දේශීය දේ මිලදී ගැනීමට කැමති දේශප්රේමී ජනතාවක් ඇතුළු දේ සේරම වගේ ඉහල මට්ටමකින් ඒ වන විටත් ඉන්දියාව සොයා ගෙන තිබුනා.සුදු පාලකයොත් එයට අත ගහලා තිබුනා.1960 -70 කාලය වන විටත් ඉන්දියානු ටාටා යපස් නිධිය ලෝක ප්‍රසිද්ධයි.ටාටා වාහන ඒ වන විටත් අපනයනයට සූදානම්.යකඩ හා වානේ කර්මාන්තයක් ඒ වගේමයි.
    යුධ බලවත්කම හා බලශක්ති ප්‍රභවයන් වුනත් ඒ වගේමයි.

    ඊට ප්‍රතිවිරුද්ධව ලංකාවට තම ගමන යන්න වෙන්නේ අනුන් මත යැපී එවැනි සම්පත් ලබා ගැන්මේ ආනයන ක්‍රමයක් තුල. එවැනි තත්වයක ගමන යනවා නම් ඉන්දියාව දැනටත් කැපවීම් කරන සමාජ සුබසාධන පහසුකම්, ගමනාගමනය ඇතුලු ඇතැම් යටිතල පහසුකම් පිළිබඳ කැප කිරීමක් අපිටත් අවශ්‍යමයි. සුඛෝපභෝගී පන්නයේ ඇතැම් අයිතමයනුත් කැප කල යුතුමයි.
    දැන් තියෙන ගැටලුව අවු;50 ක් ඉක්ම වූ විවෘත ආර්ථික ක්‍රමය හා විශාල සේවා ආර්ථික රටාවකට හුරු වූ (ණය මත සැප ලබන) ජනතාව ඒ මානසිකත්වයෙන් මුදවා ගන්නේ කෙසේද යන්නයි.

    මේ තරම් අර්බුදයක් තුලත් මධ්‍යම පන්තියේ සැපපහසු වාහන ගැනීමේ මානසිකත්වය තවමත් මතු වෙනවා. සුපිරි හෝටල්, විදෙස් සංචාර සහ අවන්හල් වල කෑම බීමත් ගෘහ උපකරණ ගැනත් ඒ වගේමයි.

    ඊටත් වඩා ඇති ප්‍රධාන බාධාව හැමදෙයකින්ම දේශපාලන වාසි සොයන පක්ෂ රටාව.

    ඉතින් විකල්ප ක්‍රම ලෙස අපට යන්න වෙන්නේ සම්පත් බදු දෙන ආයෝජන ක්‍රමයකට.එතනදී ඉන්දියාව අපේ මිතුරකු වගේම අපිව ග්‍රහණය කර ගන්නා බලවතෙක්.

    එතකොට රට තුල පක්ෂ දේශපාලනයේ කියැවෙන සටන් පාඨ නම් නිරන්තර පරස්පරයි.එක් උදාහරණයක් පෙන්වනවා නම්; සිංගප්පූරුවක් වීම කාගේත් ලස්සන සිහින කතාවක්. ඒත් සිංගප්පූරු ක්‍රමයට දේපල සම්පත් බදු දෙනවා නම් එයට කියන කතාව ජාතික සම්පත් විකිණීම. සිහින සහ සටන් පාඨ පරස්පරයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න