.

.

Sep 27, 2023

IMF දෙවන වාරිකය නොලැබුනේ ඇයි?

 


IMF දෙවන වාරිකය නොලැබුනේ ඇයි?

➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖▪️


මාතලන්ලා ආර්ථික විජ්ජාග්නයෝ නොවේය. එහෙත් ආර්ථික විජ්ජාවේ මොන මොන ලබ්බවල් සොයා ගත්තත්, එහි මූලීක සිද්ධාන්තය වන්නේ හර සහ බැරය... සාමාන්‍ය වහරෙන් කියනවා නම්... ආදායම් සහ වියදම් ය. ඉන්ගිරිසියෙන් ඩෙබිට් හා ක්‍රෙඩිට් ය.


අම්මට සිරි ලංකාවට  හැමිනිලාම ගියේ අපේ ආදායමට වඩා වියදම වැඩි වූ නිසාය. ඒ කියන්නේ ක්‍රෙඩිට් වැඩි වූ නිසාය. ක්‍රෙඩිට් වැඩි උනාම වෙන්නේ ක්‍රෙඩිබිලිටි එකට කෙලවෙලාම යාමය.... ඉතින්, එයින් ගොඩ ඒමට නම්, අප අනුගමනය කළ යුතු ක්‍රම ඇත්තේ... දෙකක්ම පමණිය. එය ගෝනා ඔනෙකුට තේරෙන තරම් ඉතා සරළය.


1. ආදායම වැඩි කර ගැනීම 

2. වියදම අඩු කර ගැනීම


ඊයේ මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී... IMF කණ්ඩායමේ ප්‍රධානී... පීටර් බෲවර් සුදු මහත්තයා ඉදිරිපත් කළ කරුණු කීපයක් විශ්ලෙෂණය කර බැලීමේදී පෙනී යන්නේ, අප මේ කරුණු දෙකම ඉටුකරගෙන නොමැති බවය.


⭕ ආදායම් වියදම් පරතරය හා බදු ආදායම


ඒ මහතා සඳහන් කරනාකාරයට... බදු ආදායම යනු ආර්ථිකය දරාගෙන සිටිනා කුළුණු වලින් ප්‍රධානම කුළුණක්ය. එහෙත් බදු ගැහිල්ලේදී , අඩුම බදු ගහනා රටවල් අතරින් එකක් වන්නේද, අම්මට සිරි ලංකාවය. මේ බදු ගසන්නේ රාජ්‍ය වියදම පියවා ගැන්මටය.


එහෙත් දැන් ඇති බද්දත් ජනතාවට බරක් නම්, බදු අයකර ගැනීම ගැන IMF ගෙනෙන යෝජනා කුමක්දැයි කියා සොයා බැලිය යුතුය.


විශේෂයෙන් IMF නිළධාරින් සඳහන් කරනා පරිදි, බදු එකතුකිරීමේ හා අයකර ගැනීමේ ඇති දුර්වලතා ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය.


රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව මෙන්ම, ආදායම් බදු දෙපාර්තුමේන්තුවද, පෞද්ගලික අංශයේ කළමණාකාරිත්වයකට යොමු කළ යුතු බව අප කියන්නේ බොහෝ කළකට පෙර සිටය.


මේවා හොර ගුහාවල්ය.

(මේ ගැන විස්‍තරාත්මකව වෙනම ලියනවාය)


⭕ දළ දේශීය නිශ්පාදනය (GDP) 3.1% හැකිලීම 


රටේ කෘතිම මිළ උද්ධමනයක් පැවතීම හා තවමත් සල්ලි අච්චු ගැසීම මීට ප්‍රධානම හේතුව වේ. 


උදාහරණ - වාහන හා ඉඩ කඩම්, බිත්තර හා සියළුම මස් වර්ග.


මෙය ඉතා දරුණු තත්වයක් වනාතර ඒ ගැනත් වෙනම ලියනවාය.


⭕ IMF යෝජනා ක්‍රියාත්මක නොවීම.


පීටර් බෲවර් සුදු මහත්තයා කියානාකාරයට... දෙවණ ණය මුදල ලබා නොදීමේ ප්‍රධාන හේතු දෙකෙන් එකක් මෙය වේ. 


දේශපාලුවන් අතරින් මේ පිළිබඳව අවබෝධයකින් ජනතාව දැණුම්වත් කළේ පාඨලී චම්පික රණවක පමණි. 


එහෙත් කනගාටුවට කරුණ නම්, වත්මන් පාලකයින්ට මෙන්ම... වෙන්ඩ ජනාධිපතිලාටත් මේ ගැන වගේ වගක් නැති බව පැහැදිලිවම පෙන්වමින් සිටීමය.


ආන්ඩුව පාඩු ලබනා ආයතන හෙවත් සුදු අලි තවමත් නඩත්තු කරමින් සිටිනාතර, මෑතකදි ශ්‍රී ලංකට් එයාර් එකට කෑලී 400 ක්ද බඳවා ගත්තේ ලෝකයටම අඬ බෙර ගසලාය.


⭕ දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යූහගතකිරීම ගැන සෑහිමකට පත් නොවීම..


මාතලන්ගේ විශ්වාසය නම්... අර්ථසාධක අරමුදලට හා සුරැකුම් පත් වලට පමණක් ඉලක්කම් සෙල්ලමක් දමා පෙන් වූයේ ගැලවිජ්ජා ගේමක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මාට්ටු වී ඇති බවය.


එබැවින් ඔවුන් බලාපොරොත්තු වන දේ... ඔවුන් සමඟ සාකච්ඡා කොට විසඳා නොගන්නේ නම් ... ලංකාවට ආර්ථික වශයෙන් මාරම පරිප්පුවක් කන්නට වෙන බව නම් නොඅනුමානය.


මන්ද ... මේ මොහොතේ අප රටේ හා ආර්ථිකයේ එකම ගැලවුම් කරුවා IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිසාමය.


මෙතෙක් දැමූ එක පඩත්තල ගැලවිජ්ජා සෙල්ලම් දමා ඔවුන් ඇන්දීමට යාමට ගියහොත්... තොපිට වෙන්නේ ඉල්ලාගෙනම කෑමක් බව... ඊයේ ඔවුන්... කෙලින් නොකියාම කියලා ගියේය.


මාතලන් යකා 

.

17 comments:

  1. මේ තියෙන්නේ අයීඑම් එෆ් එකේ නිල නිවේදනය.
    https://www.imf.org/en/News/Articles/2023/09/27/pr23326-imf-staff-concludes-visit-to-sri-lanka
    මේකේ වඩියෙන් ඉස්මතු කරලා පෙන්වන්නේ රජයේ බදු ආදායම මදි කියන එක නේද. රජයේ වියදම දල දේශිය නිශ්පාදනයෙන් 19% ක් වෙනකොට බදු ආදායම 9% යි. අයි එම් එෆ් එක කියන විදිහට අපේක්ශා කල බදු ආදායමට වඩ 15% ක පමන හිඟයක් ඇතිවෙයි කියලා අපේක්ශා කරනවා.

    රජය සමාන්‍ය මාසික වැටුපක් ගන්න සේරමගෙන බෙල්ල මිරිකලා බදු අය කරනවා.ඊට අමතරව වැඩි වෙච්චි විදුලි බිල්, බඩුමිල, ණය පොලී අනුපාත හරහාත් මේ මිනිස්සු හිර වෙලා ඉන්නේ. රජය අය කරගන්න ලේසී කට්ටියගෙන් බෙල්ල මිරිකලා අරන් ඉන්නේ. මේ ගොල්ලන්ගෙන් තවත් ගන්න බදු ගන්න බෑ.

    දෑන් ඉතිරිවෙලා තියෙන්නෙ බදු සහණ දීලා ,ආන්ඩුවට බදු ගෙවන්නෙ නැතිව ඉන්න ලොකු කොම්පැණි ටික. ආන්ඩුව මේවට අතතියන්න බයයි වගේ. මම යෝජනා කරන්නෙ මොකක් හරි යාන්ත්‍රණයක් දාලා මේ වගේ බදු නිදහස් කරලා තියෙන ව්‍යාපාර ගෑන නෑවත විගණනයක් කරන්න කියලා.

    ඊට සමගාමිවම බදුදැලට දැනට හසු නොවන, ටියුශන් ගුරුවරු, නීතීඥයෝ , අතරමැදි වෙලදාම කරන අයව බදු දැලට ගන්න ක්‍රමවේදයකුත් හදන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. @ මයියා

      ඒක නෙවෙයි හේතුව, ඇත්තටම හේතුව චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා රජයට සහ චීනයට බලපෑම් කර ලංකාවේ රජය සහ චීනය අතර හොඳහිත පළුදු කිරීමට අයිඑම්එෆ් එක මෙහෙයවන එක්සත් ජනපදයට සහ ඔවුන්ගේ සහායට ඩැනී වන භාරත දේශයට අත්‍යවශ්‍ය වීම, අනිත් ඒවා නිකම්ම වටෙන් තවරපු ද්විතීයික කාරණා පමණයි.

      ලංකාවේ සියලුම විදේශීය ණයහිමියන්, ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමකට එකඟ කරගෙන, මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් අත්සන් කළ යුතුය යන්න තමයි IMF නියෝජිතයන් සැප්තැම්බර් විසිහත පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කළේ... ඒ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම බලන්න

      රාජ්‍ය මුල්‍ය අංශයටට IMF එක ලබාදුන් ඉලක්ක රජයට සපුරා ගැනීමට නොහැකි වීමට හේතු වූ කාරණා ලෙස ඔවුන් යම් කාරණා පිළිබඳව පෙන්වා දුන්නා....ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුයි කියලයි IMF එක අවධාරණය කළේ....

      ඒ අනුව පැහැදිලියි නේද, අදාළ විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කළාට පසුව,IMF දෙවැනි වාරිකයට අදාල ගිවිසුම අත්සන් කළ හැකි බව ???

      Delete
    2. @ ඇනෝ මේක ඔහොම සරල කේස් එකක් නෙමෙයි ගොඩක් සංකීර්ණ ප්‍රශ්නයක්.

      මොකද දැනට ලෝකයේ රටවලට සංවර්ධන ණය ආධාර දෙන රටවල් අතර චීනය ඉදිරියෙන් හිටියත් මෙය සාපේක්ෂව මෑතකාලීන ඔවුන් විසින් ණය ලබාදීම ආරම්භ කිරීමෙනුයි ඇතිවුණේ, නමුත් සම්ප්‍රදායිකව මෙහම ණය දුන් රටවල් තමයි පැරිස් සංසදයේ ඉන්නේ. බොහෝ දුරට එක්සත් ජනපදය සහ ඔවුන්ගේ රූකඩ වන බටහිර යුරෝපීය සංවර්ධිත රටවල් සහ ජපානය වැනි එක්සත් ජනපද ආසියානු රූකඩ තමයි මීට වසර පහළොවකට විස්සකට පෙර ලෝකයේ සංවර්ධන ණය ආධාර ලබාදෙන්නන් විදියට පෝස්ට් සෝවියට් එරා එකේ මේ සම්බන්ධව බලවත්ව හිටියේ. මෙම රටවලට ණය දීමේදී වගේම ණය නැවත ගෙවීමේ සහන සැලසීමේදීත් ඔවුන්ගේ න්‍යාය පත්‍රය අනුව හදාගත් ඔවුන්ටම ආවේණික වු සම්මත ක්‍රමවේදයක් තියෙනවා. එය කාලයක් තිස්සේ ඔවුන් විසින් දිළිඳු සංවර්ධනය වෙමින් පැවති රටවල ආර්ථිකයන් බලහත්කාරයෙන් තමනට අවශ්‍ය ආකාරයට පාලනය කිරීමට යොදාගෙන තිබුණු උපක්‍රමශීලී ස්ට්‍රැටජී එකකට අනුව සැකසුණ ක්‍රමවේදයක්

      නමුත් මේකට එකඟ වීම කළොත් ඒක චීනයට ආර්ථික වශයෙන් පාඩුයි. ණය දෙන එක චීනයේ මෑතකාලීන ආර්ථික උපාය මාර්ගයේ කොටසක්. දුන් ණය කපා හැරිය විට එම උපාය මාර්ගය පරාජය වෙනවා. අනෙක් පැත්තෙන් දේශපාලනිකව බටහිර රටවලට යටවීමක් වෙනවා. චීනය ඒකටත් කැමති නැහැ.

      මේක ලංකාවේ ප්‍රශ්නයක් පමණක්නම් චීනය මේ තරම් කාලයක් අදින එකක් නැහැ. නමුත් චීනය ණය දී ඇති රටවලින් මෙසේ එක්සත් ජනපදය ඇතුලු රටවල්වල උපක්‍රම නිසා විවිධ දේශපාලන සමාජ ආර්ථික අර්බුද වලට ගිහින් තියෙන තවත් රටවල් කීපයක්ම තිබෙනවා. එක්සත් ජනපදය සහ එහි පාදපරිචාරකා රටවල් සමඟ මෙහෙම අයි එම් එෆ් එකෙන් කියන දේට එකඟ වී ලංකාවට ණය සහනයක් දුන්නොත් එය පූර්වාදර්ශයක් වන නිසා තවත් රටවල් ගණනාවකට එවැනිම සහනයක් දෙන්න වෙනවා. චීනය පස්ස ගහන්නේ ඒ නිසා.

      මෙම උත්සාහය අසාර්ථක වුවහොත් කළ හැක්කේ කුමක්ද?

      දැනටමත් අයි එම් එක පසුපස සිටින ඇතැම් රටවල් සහ ධනවත් ඇමරිකානු මූල්‍ය සමාගම් ලංකාවට යෝජනා කරන්නේ සහ බල කරන්නේ චීනය අත හැර අනෙක් අය සමඟ එකඟ වී ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවයි. ඒ කියන්නේ චීන ණය දිගටම ගෙවනවා කියන එක නෙමෙයි. එම ණය ගෙවන (නොගෙවන) විදිහ අනෙක් රටවල් සමඟ එකතු වී ඒකපාර්ශ්විකව තීරණය කරනවා කියන එක. ඒකට චීනය කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඒ කියන්නේ චීනය ලංකාවේ හතුරෙක් වී ලංකාව තනිකර බටහිර/ ඉන්දියානු කඳවුර වෙත ආපසු පැමිණිය නොහැකි ලෙස තල්ලු වෙනවා කියන එක. ලංකාව ඒ තැනට යන එකක් නැහැ. නමුත් එවැනි තැනකට යනවානම් චීනය එක්ක ප්‍රශ්න තිබෙන කපටි එක්සත් ජනපද කල්ලියේ රටවල් කැමති වෙයි. චීනයටත් තම දකුණු ආසියානු කලාපීය සහයෝගීතාව අවශ්‍ය වන භූදේශපාලනිකව වැදගත් වන රටක් විදිහට ලංකාව එවැනි තැනකට තල්ලු කරන්නත් අවශ්‍ය නැහැ. වෙන දෙයක් වෙන්නේ මේ කපටි පාර්ශ්ව අතර සිදුවන කේවල් කිරීම් සිදු වන විදිහට සහ ඒවායින් දිනන පාර්ශ්ව වල බලපෑම මත, ලංකාව මීට වඩා සෑහෙන්න කල්පනාකාරීව පරිස්සමට ක්‍රියාත්මක විය යුතුයි මේක.

      Delete
    3. @ Mayya

      උඩ තියෙන පැරා එක බොහෝ දුරට හරි ඒත් තව ඔවුන්ට බදු ගහන්න යන එක අවදානම්, අඩුම තරමේ තව කාලයක් යනකම් මේ ගානටම යන්න ඕනේ

      //දෑන් ඉතිරිවෙලා තියෙන්නෙ බදු සහණ දීලා ,ආන්ඩුවට බදු ගෙවන්නෙ නැතිව ඉන්න ලොකු කොම්පැණි ටික. ආන්ඩුව මේවට අතතියන්න බයයි වගේ. මම යෝජනා කරන්නෙ මොකක් හරි යාන්ත්‍රණයක් දාලා මේ වගේ බදු නිදහස් කරලා තියෙන ව්‍යාපාර ගෑන නෑවත විගණනයක් කරන්න කියලා.//

      මේක වැරදියි ඔය කියන විදිහට බදු නිදහස් කරලා නෑ ගොඩක් අපනයනය කරන ආයතන ඇතුලු ඒවාට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් පසුව බදු වැඩි කළා, ඒක ආර්ථිකය හැකිලීමටත් එක හේතුවක්

      තව බදු වැඩිකළෝත් ඒ සමාගම්වලට ලංකාව තුල නැවත ආයෝජනය කරන්න මුදල් අඩු වෙනවා එතකොට ආර්ථිකය තවත් හැකිලෙනවා.

      අනෙක එතකොට ඔවුන්ගේ ව්‍යාපාර වල ලාභ ප්‍රතිශතය තවත් අඩුවෙනකොට ඔවුන් ලංකාවෙන් තම ව්‍යාපාර වියට්නාමය බංග්ලාදේශය ඉන්දුනීසියාව සහ කෙන්යාව ඉතියෝපියාව වගේ ලාභ ශ්‍රමිකයන් සහ අඩු බදු ඇති රටවලට විතැන් කරාවි

      ලංකාවේ රැකියා කරන අයත් බදු වැඩිකලා කියලා රට දාල යන එකේ දේශීය ව්‍යාපාරත් බදු නැති ඩුබායි වගේ රටවල තම ව්‍යාපාර ලියාපදිංචි කරලා එහේ හෙඩ් ඔෆිස් තියාගෙන වෙනත් රටවල කර්මාන්ත පටන්ගෙන ඩුබායි සිංගප්පූරුව වගේ නගර වල අපාට්මන්ට් අරන් එහේ ජීවත් වෙන්න පුරුදු වෙයි එතකොට රටට වෙන හානිය අතිශය භයානකයි

      //ඊට සමගාමිවම බදුදැලට දැනට හසු නොවන, ටියුශන් ගුරුවරු, නීතීඥයෝ , අතරමැදි වෙලදාම කරන අයව බදු දැලට ගන්න ක්‍රමවේදයකුත් හදන්න වෙයි.//

      මේකේ ඇත්තක් තියෙනවා ඒත් ඒ අය දැනට ඒ ආදායමට හුරුවී සිටින නිසා මේකෙන් ඒ අයගේ ගාස්තු තවදුරටත් වැඩිවීම නිසා සාමාන්‍ය මිනිස්සුන්ට ඒකෙන් බලපෑමක් තියෙනවා, අනෙක් අතට ඒ අය කරන ආයෝජන අධෛර්යමත් වීම නිසා උඩ එකේදී වගේම ආර්ථිකය නැවත වතාවක් හැකිලෙන බව සිතිය හැකියි.

      Delete
  2. ලෝකෙට පරකාසේ
    ගෙදරට මර ගාතේ
    රට යයි බැරි ගාතේ
    වැඩි වෙයිදෝ වාතේ?

    ReplyDelete
  3. ලංකාවේ වයස තිහට අඩු තාරුණ්‍ය දැක්කේ ලස්සනට හදලා වැඩ නිම කල නිවාස, මුල් වරට ගත් අළුත්ම මොටර් රථ සහ මෝටර් බයිසිකල් ,
    ගෙදරට ගත්ත අලුත්ම කාර් එක,
    ගෙදර මෝටර් බයිසිකල් එක තිබුණා, ඒ අයට කාර් ගන්න ලැබුණ යුගය..
    රාජ්‍ය සේවකයන්ට සුළු ගෙවීමකට යතුරු පැදි....

    හිගයක් නැතිව කන්න බොන්න තිබුණු අයුරු....
    කඩිවගේ වැඩකරන සංවර්ධන ව්‍යාපාර...

    පාසල් යන්න ලස්සන නිළඇදුම් ඇද පාසල් යන ළමයි...

    පාරට යද්දි මඩ නොගෑවී යන්න කොන්ක්‍රීට් මාර්ග, තාරපාරවල් තිබීම...

    රටේම ප්‍රධාන පාරවල් පමනක් නොව අතුරු පාරවල් ද කාපට් කර තිබීම.

    ඔවුන් දැක්කේ වඩා යහපත් වඩා ලස්සන ලෝකයක්.....
    ඔවුන්ගේ අතේ ජංගම දුරකථන තිබුනා.
    ලංකාව සංසන්දනය කලේ කොරියාව ඉතාලිය ජපානය ඔස්ටේලියාව එක්ක මිස ඉතියෝපියාව පාකිස්තානය ඉංදියාව, අප්‍රිකානු රටවල් සහ උතුරු කොරියාව, කියුබාව, කියන රට වල ජීවන තත්වය එක්ක නෙවෙයි.
    නමුත් 2005 ට පෙර අපි හිටියේ එතන

    මහින්ද වසර නවයක් තුල ලංකාවේ ආර්ථිකය ඩො. බි 24 සිට 85 ට ඔසවා තැබුවා.

    ඒ සමග ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 1000 සිට ඩොලර් 4000 දක්වා ඉහල ගියා......

    අර තරුණයා දැකපු ලස්සන රට හැදුවේ මහින්ද කියන නාකි මයිනා

    ඔහු ලංකාවේ පැල්පත් අහවර කලා

    මහාමාර්ග 80% කාපට් කලා

    ග්‍රාමීය මාර්ග 80% ක් කොන්ක්‍රිට් කලා

    98% දක්වා රටේ නිවාස විදුලිය ඇති නිවාස බවට පත්කළා.

    පැවති වෙනත් රජයන් හිඟන්නාගේ තුවාලය වගේ පවත්වාගෙන ගිය යුද්ධය පළමු වරට නිට්ටාවට අහවර කලා....

    නගර සුන්දර කලා. අසියාවේ හොදම නගර අතරට කොලඹ නගරය එක් කලා....

    වයස 35 ට වැඩි අය මේ යුග දෙකම දැක්කා. ඔවුන්ට මහින්ද වීරයෙක්....

    2015 න් පස්සේ ආර්ථිකය වැටෙන්න ගත්තා. ලක් ඉතිහාසය ලොකුම මුදල් වංචාව කලා.... ලංකා ඉතියාසයේ වැඩිම ණය අණුපාතය සටහන් වූ යුගය හා කිසිම සංවර්ධන ව්‍යාපාරය නොකල යුගය ලෙස 2015_2019 ඉතියාසගත වුනා...

    මහින්ද හැදූ රට වඩා යහපත් රට ටිකෙන් ටික යලි 2005 ට පෙර තත්වය වෙත යන්න ගත්තා.

    2005 ට පෙර මතක නැති තරුණයින්ට මේ කඩා වැටීම දරාගන්න බැහැ.

    මේ අතර ක්‍රියාත්මක විශාල මඩ ව්‍යාපාර මගින් මහින්ද කල දේ හංගන්න සහ නොකල වැරදි පෙන්වන්න පුළුවන් වුනා නව තාරුණ්‍යයට,

    ජංගම දුරකථන හරහා පමණක් ලෝකය දකින ලෝකය විදින ලෝකය තේරුම් ගන්න තාරුණ්‍ය මේ බොරු වලට රැවටුනා... ඔවුන්ව මහ කුමණ්ත්‍රණයකට අසුකරගත්තා....
    මේ මහ කුමණ්ත්‍රණයට මහින්ද කෙසේ ගැලවෙන්නද? මේ දියුණු යුගය දරාගත නොහැකි බංකොලොත් දේශපාළුවෝ එකම අවිය හොරා හොරාකීම පමනයි.... දහස් ගනනක් පයිල් තියෙවා කීවත් එකම හොරකමක් වත් ඔප්පුකරලා නැති... දැන්නම් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී හෝ පයිල් කතාත් නැත.... බදු, බඩු මිල තෙගුණයකි, නොකැඩෙන බලාගාරවලින් නොකඩවා විදුලිය ලැබේ විදුලි බිල් තුන් ගුනයකි... ජලබිල් හතර ගුනයකි. තෙල් ගෑස් ඇත තුන් ගුනයකි.. අනේකුත් හැම ගෙවීමක්ම වැඩිය.... එහෙත් අරගලකාරයෝ නැත.... අරගල නිළියෝ, නළුවන්, ගායයෝ නැත... පිරිමි නර්ස්ලා නැත, ටියුසන් ගුරාලා නැත.. හමුදාවෙන් නෙරවපු මේජර් නැත... වෛද්‍ය ගුරු වෘත්තීය සමිති වර්ජන නැත... ඔවන් ඇත්තේ පවතින රජයේ මුක්කු කණුවලය..... එම නිසා අරගල නැත.... . එහෙත් මහින්ද නම් අභියෝගයට බයය... තාමත් බයය.. ඒනිසා ඉතියාසය නොදකින තරුණයා ඉනිමගට ගනී...

    ReplyDelete
    Replies
    1. gagaka muhudaka bahala nana eka kesewethath, wassaka pinnakawath eliyata yanna epa malu puke yawi. parissamen.

      Delete
    2. @ Ano 7.24 AM

      මම නම් රාජපක්ෂ කණ්ඩායම වෙනුවෙන් දේශපාලනික වශයෙන් පෙනී ඉන්නේ (එහෙම නැත්නම් මෙතන “කඩේ යනවා” යන පිරුළෙන් අදහස් කරන්නේ “සහාය දීම”ය.) මීට වඩා වෙනස් හේතු මත...

      ඇත්තටම ඇයි මම ගෝඨාභයට මගේ සහාය දෙන්නේ? ඇයි මම රාජපක්ෂලා වෙනුවෙන් කතා කරන්නේ? ඇයි මම ඔවුන් වෙනුවෙන් ඊනියා “හෑලි” ලියන්නේ? ඒකට හේතුව හරිම සරලයි.

      මම ගෝඨාභයට සහාය දෙන හේතුව තමයි බෙදුම්වාදී දෙමළ කොටි ත්‍රස්තවාදීන් ගෝඨාභයට විරුද්ධ වීම.

      කොටින්ම ලංකාවේ බෙදුම්වාදී වෙනම රාජ්‍යයක් බිහිකිරීමට කටයුතු කරන එල්ටීටීඊ (කොටි) ඩයස්පෝරාව කෝටි ගණන් මුදල් වියදම් කරමින් ගෝඨාභයට එරෙහිව දේශපාලන ව්‍යාපාර කරන නිසා තමයි මම ගෝඨාභයට සහාය දෙන්නේ. ඒ වගේම ඉස්ලාම්වාදී අන්තවාදීන් ගෝඨාභයට විරුද්ධ වෙන නිසා තමයි මම ගෝඨාභයට සහාය දෙන්නේ. අන්තවාදීන් නොවුණත් බහුතර මුස්ලිම් වැසියන් ගෝඨාභයට විරුද්ධ වෙන නිසා තමයි මම ගෝඨාභයට සහාය දෙන්නේ. ඒ වගේම හින්දු, කතෝලික, ක්‍රිස්තියානි ආගමිකයන් බහුතරය ගෝඨාභයට විරුද්ධ නිසා තමයි මම ගෝඨාභයට සහාය දෙන්නේ.

      ඊට අමතරව ප්‍රජාතාන්ත්‍රි විරෝධීව ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් අශිෂ්ට වනචාරීන් ලෙස හැසිරෙන ම්ලේච්ඡ අරගලකාරයන් ගෝඨාභයට විරුද්ධ නිසා තමයි මම ගෝඨාභයට එළිපිටම කඩේ යන්නේ. කොටින්ම බෞද්ධ සිංහල නොවන අන්‍ය ජාතිකයන් පැහැදිලිවම එළිපිටම දරුණුවට ගෝඨාභයට පහර ගහන නිසා තමයි බෞද්ධ සිංහල වන මම ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටින්නේ.

      ඒ විතරක් නෙවෙයි බටහිර බල කඳවුරු ඩොලර් මිලියන ගණන් වියදම් කරමින් රාජපක්ෂලාට පමණක් විරුද්ධව රෙජීම් චේන්ජ් ව්‍යාපෘති කරන නිසා තමයි මම රාජපක්ෂලාට සහාය දෙන්නේ. NGO කාක්කෝ ටික එක රොත්තට රාජපක්ෂලාට විරුද්ධව පැය විසිහතරේම වැඩ කරන නිසා තමයි මම රාජපක්ෂලාට සහාය දෙන්නේ. ඔය කොළඹ කේන්ද්‍රීය ධනේශ්වර ප්‍රභූන් සහ ඔවුන්ගේ අහංකාර ප්‍රභූ පැටව් ටික රාජපක්ෂලාට වෛර කරන නිසා තමයි මම රාජපක්ෂලාට සහාය දෙන්නේ.

      ලැයිස්තුව තව දිගට කියාගෙන යන්න පුළුවන්. නමුත් මම හිතනවා ඉහත ප්‍රශ්නයට පිළිතුර දැන් ඔබට පැහැදිලිය කියා. මා පමණක් නොවෙයි. මා වැනි මේ රටේ සැබෑ බෞද්ධ සිංහල මිනිස්සු දසලක්ෂ ගණන් ගෝඨාභයට, මහින්දට, රෝහණට, නාමල්ට, පොහොට්ටුවට සහාය දෙන්නේ එකම එක හේතුවක් නිසයි. ඒකීය ලංකා ජනරාජ්‍යයටත්, බෞද්ධ ආගමටත්, සිංහල ජාතියටත් විරුද්ධ සියලු දෙනා රාජපක්ෂලාට විරුද්ධ නිසා අපි රාජපක්ෂලාට එකෙන්ම පක්ෂයි. ඒ තෝරාගැනීම වෙන්නේ එහෙමයි. අපට රාජපක්ෂ පවුල වෙනුවට ඊට වඩා හොඳට සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් සැබැවින්ම පෙනී සිටින සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව දේශපාලනය කරන හොඳ දක්ෂ තරුණ නායකත්වයක් ලැබෙනවා නම් එවිට අපි රාජපක්ෂ පවුල අතහැර එම නායකත්වය සමග සම්බන්ධ වී ඒ වෙනුවෙන් පෙනී සිටීමට සූදානම්.

      Delete
    3. @ annoz

      මම නම් මම අකමැති පාතාල කල්ලි සහ සමහර මාධ්‍ය මාෆියාවලටත් රාජපක්ෂ පිරිස සහ එම දේශපාලන ව්‍යාපාරය වහකදුරු වගෙ නිසායි මම රාජපක්ෂල වෙනුවෙන් පෙනී සිටින්නේ

      Delete
  4. ඔය IMF කොන්දේසි හරියට ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ හොයනකොට බලන කොන්දේසි වගේ තමයි, මොකද ලංකාවේ කොල්ලන්ට පතන ඩ්‍රීම් ගර්ල් නැත්නම් හොයන ගර්ල්ෆ්‍රෙන්ඩ් උස වෙන්නත් ඕනේ හැබැයි බෝයිට වඩා උසවෙන්න බෑ. කොන්ඩෙ කර්ලි වෙන්න ඕනිනැත්තං ස්ට්‍රේටි වෙන්න ඕනි දිග වෙන්න ඕනි,skin එක සුදු වෙන්න ඕනි.පස්ස තියෙන්න ඕනි.කකුල් මහත වෙන්න ඕනි.කුක්කු ලොකුවෙන්න ඕනි,බඩ තියෙන්නත් බෑ ,කෙට්ටු වෙන්න ඕනි හැබැයි ගොඩාක් කෙට්ටු වෙන්න බෑ 😂හුරතල් වෙන්න ඕනි,කලුපාට ඇදුම් අදින්න ඕනි,අනිත් වෙලාවට සාරි ඇදගෙන ඉන්න ඕනි

    Im leaving the planet,ciao,adios 😌😌

    ReplyDelete
  5. මාතලන් මේක ඇත්ත ද?

    //

    මට ළමයි දෙන්නෙක් ඉන්නව මගෙ මහත්තය සිර ගත වෙලා ඉන්නෙ මම ලමයි වෙනුවෙන් හිඟා කාලත් තියනව එදා මම ළමයට දෙන්න කිරිපිටි එකක් හොරකම් කලා ඒක ඇත්ත එදා මගෙ අතේ තිබ්බෙ රුපියල් අටසීයයි ඒත් ළමයට දෙන NAN පිටි එක එද්දාස් ගාණක් පොලිසිය මට ගොඩාක් බලපෑම් කලා ෆුඩ් සිටියෙ අයට විරුද්ධව කට උත්තර දෙන්න එපා කියල එයාලගෙන් ගාණක් අරන් දෙන්නම් ඒ ගහපු අය ගෑනු ලමයිනෙ පව්නෙ කිව්ව මම කවදාවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරල නෑ එහෙම කියනවනම් මම ඔනෑම වෛද්‍ය පරීක්ෂනේකට පෙනී ඉන්න ලෑස්තියි මම හොරකමක් කලා ඒ පිටි එකක් ලමයට දෙන්න ගත්තෙ ඒත් මම කුඩු ගහණ ගෑනියක් නෙවේ

    - කාගීල්ස් ෆුඩ් සිටි කාර්‍ය මණ්ඩලයෙන් පහර කෑ කාන්තාව

    //

    මට මේ කාන්තාව ගැන දන්න කෙනෙක් විස්තර දෙන්න . මම මෙයා වෙනුවෙන් පෙනි ඉන්නවා....👍🙏

    ReplyDelete
  6. අර ගොන් කයිපඩ ලපකුමාර කයියනායක කයියාගේ වහල්ලු හිතාගෙන ඉන්නේ උන්ගේ වහල්කම් වහල්කම් නෙමෙයි කියලා. උන් තමයි පට්ටම වහල්ලු 😄 රට කන්න දායක වුන තව එකක් තමයි ඒ ලපය. උගේ වහල්ලු මේක ජීවිතේටම තේරුම් ගන්නේ නෑ. දැන් ඌ ඇමෙරිකාවේ ගිහින් 😄. හරි නම් ඌ යන්න ඕන කියුබා වට

    ReplyDelete
  7. යකූ මාතලන් මීට වසර පණස් දෙකකට පෙර 19771 දි , 88,89 දිත් ඔය දේවල් ඔය විදිහටම වුනු නිසා නෙ ජේවිපිය ආවුද අතට ගත්තෙ. ඒකෙන් දස දහස් ගානක් මිනිස්සු මැරුවෙ පොදු දේපල දේශීය කර්මාන්ත සියදාස් ගානක් ගිනි තියල රටට බිලියන ගනනින් පාඩු සිදුකලේ. ඒ විතරක්‍ යැ 2015දි රාජපක්ෂල ලැම්බෝගිනි රත්තරං අස්පයො එකාට එක ගානෙ හෙලිකොෆ්ටර් ගෙනැත් රටේ තෙල් පෝල්ම් හැදුවා. ජේවිපිය එපා කියද්දි නොරොච්චෝලෙ හදල ලයිට් කපන්න ගත්තා යන්තම් ජේවිපිය නඩු දාල සාම්පූර් බලාගාරය හදන එක නම් නැවැත්තුව , ඊට පස්සෙ යහපාලනය ගෙනැත් අනුර කුමරු එකතුවෙලා දින 100 න් රටත් හදල , නඩුවක් දාල නය නොගෙනම රට හදපු රණිල් හාමු ගෙ නැතිවුනු අගමැති කමත් ආපසු අරං දුන්න . මේව මේ මාතලන්ලා දන්නෙ නැහැ හලෝ 🤣🤣

    ReplyDelete
    Replies
    1. at 2.56

      නෑ නෑ පච අතෑරියට, මිනී මැරුවට, අපට අපේ අන්ර අංකල් සහෝදර සමාගම හොදයි.

      Delete
  8. Saumyata diwa dala juice urala bonna thibba nam.

    ReplyDelete
  9. කේනේක් දියුනුවේන් ඉහලට යනවා බලා හිදින්නට බැරි නම් කරවට ටම දාපියඋ තොප්පියක් ලෝකේ චාරේ එකයි දැන් 🤣🤣😂

    ReplyDelete
  10. මාතේ ලංකාවේ දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ කියලා නෑ ඔක්කොම එදා වේල easy cash..pizza, coffe shop supermarket ලංකාවෙන් යන්න තමයි try එක. ඒත් මෙලෝ වැඩක් බෑ ස්කිල් එකක් නෑ, ඒ නිසාම ඉන්දියාවෙන් ගෙන්න දෙන්න ඕනේ labour එක ..එහේ අඩුවට ගන්න පුළුවන් ලු...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න