පෙබරවාරි 4, අපේ ජාතික දිනයයි. එදිනට අප ජාතික වීරයන් සමරමු. එහෙත් ඇත්තටම අප ඒ සමරන්නේ වීරයන්ද යන්න දැනෙන්නේ, ඉන්දියාවේ ජාතික වීරයන්ගේ චරිත කතා මෙන්ම, පොත පත, චිත්‍රපට බැලූ විටයි. ඒනයින් බලනා කල, වීර පුරන් අප්පුගෙන් පසු, ගරු කල හැකි හා සැමරිය හැකී ජාතික වීරයෙක් නිදහස දක්වා නැති බව මගේ හැඟීමයි. මන්ද අපේ නිදහස, අපට දුන් නිදහසක් මිස අප ලද නිදහසක් නොවනා හෙයිනි. මිනිසුන් අතර නෝකුත් ආකාරයේ වීරයන් බිහි වූවද, ජාතික දින සමරනුයේ, රට වෙනුවෙන් තම ජීවීතය පරදුවට තබා සටන් කල විරුවන් හා දිවි පූජා කල විරුවන් පමණි.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Jan 31, 2013
ජාති(ය)ක වීරයෝ....!!! - Kind of National Heroes
පෙබරවාරි 4, අපේ ජාතික දිනයයි. එදිනට අප ජාතික වීරයන් සමරමු. එහෙත් ඇත්තටම අප ඒ සමරන්නේ වීරයන්ද යන්න දැනෙන්නේ, ඉන්දියාවේ ජාතික වීරයන්ගේ චරිත කතා මෙන්ම, පොත පත, චිත්‍රපට බැලූ විටයි. ඒනයින් බලනා කල, වීර පුරන් අප්පුගෙන් පසු, ගරු කල හැකි හා සැමරිය හැකී ජාතික වීරයෙක් නිදහස දක්වා නැති බව මගේ හැඟීමයි. මන්ද අපේ නිදහස, අපට දුන් නිදහසක් මිස අප ලද නිදහසක් නොවනා හෙයිනි. මිනිසුන් අතර නෝකුත් ආකාරයේ වීරයන් බිහි වූවද, ජාතික දින සමරනුයේ, රට වෙනුවෙන් තම ජීවීතය පරදුවට තබා සටන් කල විරුවන් හා දිවි පූජා කල විරුවන් පමණි.
Jan 29, 2013
පොලිස් විස්ස විජ්ජාලේ - Police Campus
ළෝකේ හොඳම පොලිසීය තියෙන්නේ ලංකාවේය, ආචාරශීලී බව අතිනුත් නොම්බර එකය. කොච්චර හොඳද කියනවා නම්, පොලීසියට උපහාර පිණිස ඉරාජ් සින්දුවකුත් කියා තිබෙන්නේය. මිනිසුන්ට ආමාන්ත්‍රණය කිරීම අතින් අපේ පොලිසීයට ගහන්න එක පොලීසියක්වත් නැත. සැකකරුවන්ට සැලකීම හා ඔවුනගේ මානුෂික අයිතින් සුරැකීම අතින්ද නොම්මර එකය. ඒ ආගන්තුක සත්කාර, පැය 24 ක් කරලා එයාලාගේ හිතට මදි නිසා. උත්තරීතර පාර්ලිමේන්තුවට කියලා, මේ ළඟදි පැය 48 ක්ම ඉල්ලා ගත්තේය. දැන් ඉතින් හිතේ හැටියට සලකන්න වෙලා තියෙනවාය. එයාලා සැක කරුවෝ පුදුම විදියට විශ්වාස කොරනවාය. ඉතින් ගේම දීපු එකා මාංචු (පත්තරක් නොවේ.)නොදා, ජීප් එකේ අවි ආයුධ තියෙන තැන් හොයන්න එක්ක යනවාය. එහෙම ගියාම, පොඩි පොඩි අත් වැරදීම් උනාම (සැකකරුන් පාර්ශවයෙන්), පත්තර කාරයෝ කැත කතා කියනවාය. ඒවා නම් හරිම අසාධාරණය.
ක්‍රෝටන්, බිගෝනියා සහ ඇමතිවරු - Croton, Begonia & Ministers
ආන්ඩුවෙන් දිවි නගන්න, ඇට අටක් දෙනවාය. ඒ වවාගෙන කන්නය. වැඩි පුර තියෙනවානම් විකුණාගන්නය. ඒත් ඒ ඇට වැවිල්ල කෙසේ වෙතත්, කස්ටිය වවන්නේ පාම් ගස්ය. පාම් කිව්වාට ඒවා වල, තල්, පොල්, තියා පුවක්වත් නැත. අඩු ගානේ, මේ මලදාන වෙනුවට පුවක් ගහක් වවා ගත්තානම් මල පනින වෙලාවට හක්කේ දමා හපන්න තිබුනාය. අපේ උන් කරන්නේ, ඔහොම හරක් වැඩ තමා කියා අපේ සීයා ඉස්සරත් කියනවාය. සීයා කුඹුරු කෙටුවේය. කොරටුවක් කලේය. අපි ගමේ ගියාම කෑවේ බිව්වේ ඒවාය. පළතුරුත් හැම ජාතියම වගේ තිබුනේය. අවුරුදු 94ක් වෙලා මැරෙන දවස වෙනකන් මේවා කලේ තනිවමය. කුඹුර කරන්න විතරක් 5-6 දෙනෙක් එකතු උනේය.
Jan 23, 2013
සෙක්ස් තෙරපිස්ට් (18+) - Sex Therapist (18+)
අපේ රටේ සම හරක් දන්නෙ නැති උනාට, ලිංගික ගැටළු ගැන කතා කරන්න, රෝගයක් නම් බෙහෙත් කරන්න වගේම, උපදෙස් ගන්න, "සෙක්ස් තෙරපිස්ට්" නමින් රැකියාවක් තියෙනවා, ඒ අය ඔය අපේ රටේ මදි නොකියන්න ඉන්න, අස්වාභාවික ලිංගික විෂමතා ඇති අයටත් බෙහෙත් දෙනවා. ඉතින් එහෙම අය මෙහෙම කෙනෙක් හොයාගෙන ගිහින් උපදෙසක්, ප්‍රතිකාරයක්, බෙහෙතක් ගත්තට අවුලක් නෑ. කරුමෙ තියෙන්නේ මේ අය, අපේ රට වගේ ගෝත්‍රික රටවල, ඒ නමින් පෙනි සිටින්නේ නෑ. මොකෝ "සෙක්ස්" කියන වචනේ දැක්කත්, "ක්ෂනික මෝචනය" හැදෙන, "ඇඟ උනුකරවා" යන ශ්‍රේෂ්ඨ ජාතියක් නේ.
Jan 21, 2013
"සෙක්ස්",ෂරියා හා හලාල් (13+) - Sex, Sharia and Halal
Jan 20, 2013
Jan 17, 2013
නෝනාගෙන් මැසේජ් එකක් (බැඳපු උන්ට පමණයි) - Message from wife (Adults Only)
ගෙදර ජෝඩුවම වැඩට යන දරුවොත් පාසල් සහ ටියුෂන් යන මෙහෙකරුවෝ නොමැති ගෙවල්වල පනිවිඩ එල්ලල යන්නේ කුස්සියේ තියෙන අයිස් පෙට්ටියේ (සමහර අය නම් සාලේ තමයි තියලා තියෙන්නේ.. අයිස් පෙට්ටියක් තියෙනවා කියලා පෙන්වන්න.) හරි කොහේ හරි තමයි. මේ මැසේජ් වල එක එක ඒවා තියෙනවා. ගොඩක්ම තියෙන්නෙ ඉල්ලිම් සහ යුතුකම් මතක් කර දීම්. ස්තූතී කිරිම් සහ අනතුරු ඇඟවීමුත් නැතුවම නෙමෙයි..
Jan 15, 2013
දෝශාභියෝගයේ ඇත්ත කතාව.. - The true story behind the Impeachment
දෝශාභියෝගය ගැන පක්ෂව මෙන්ම, විපක්ෂවද, විවිධ අදහස් පලවන මෙවන් අවදියක, "අදීන මාද්දියවේදියකු" (සමහර අය නම් කියන්නේ අදින මාද්දියවේදියෙක් කියාය.) වශයෙන්, මෙහි සත්‍ය කතාව ලිවීම මාගේ යුතුකමක් වන හෙයින්, මෙසේ ලියා පලකරන්නේය. මේ පිලිබඳ ගැඹුරින් සොයා බලන්නට සිත් වූයේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින් පිරිසක්, අරලිය ගහ මන්දිරයේ, ජනාධිපති තුමා හමුවුන බව, එක් සිකුරාදාවක, දිල්කා සමන්මලී, තවත් බෝල් හෙඩඩ් කොල්ලෙක් එක්ක කියනවා ඇසුන නිසාය.
Jan 10, 2013
Jan 9, 2013
Subscribe to:
Posts (Atom)

.jpg)



.jpg)




.jpg)

