.

.

Jan 21, 2013

"සෙක්ස්",ෂරියා හා හලාල් (13+) - Sex, Sharia and Halal



සෙක්ස් ගැන හොයලා "රැකෝඩ්" එකක් තියපු එක ගැන, හෝ ගාලා කතා යන කාලයක් නේ මේ. ඇත්තටම මේ ගැන ලැජ්ජා වෙනවද, එහෙම නැත්නම් ආඩම්බර වෙනවද කියලා සමහර අයට ළොකු ප්‍රශ්ණයක් වෙලා.  ඒවා ගැන ඉතින් එච්චර කලබල වෙන්න ඕන නෑ. මොකෝ මේ එක දෙයක්වත් අපි හදපු දේවල් නෙමෙයිනේ. ඉතින් මේ ඔක්කෝම අපිට "මැජික්". ජපනා හදලා, ජපනා අවුරුදු දෙකක් විතර පැදලා එන වාහනේ නෙමෙයි. එයාර් බෑග් 25ක් විතර හයි කරලා එවන, බෙන්ස්, බී ඇම්, වෝල්වෝ උනත් කතරගම දෙයියන්ට පෙන්නන්නේ නැතුව පාරට නොදාන, ගෝත්‍රික මානසිකත්වයක් තියෙන උගත්තු, ධනවත්තු ඉන්න රටක ඕවා සමාන්‍ය දේවල්. සම හරක් ඔෆීස් වල කොම්පියුටරේටත් බ්ලෙස් කොරනවා. දුම් අල්ලනවා. ඒ සමහර වෙලාවට අර "සෙක්ස්" කියලා ගැහැව්වම එන අයටද කියන්න නම් හරියට දන්නෙ නෑ.

සාමාන්‍ය එකා ගෝල්පේස් එකේ කුඩේ යට ආතල් එකක් ගත්තත් අල්ලන් යනවා, බම්බලපිටියේ ගල් අස්සේ ගලක් කැපුවත් අල්ලන් යනවා, "ඉනි අවන්" බලන්න ගිහින් "ඇඟේ වෛරය" බලන්න ගියත් අල්ලන් යනවා. ටවුමේ තියෙන "රෙස්ට්" එකට ගිහින් අල්ලන සෙල්ලං කරත් අල්ලන් යනවා, මල්වත්තේ ගිහින් මලක් කැඩුවත් අල්ලන් යනවා, ඒ තියා දවාලේ ගෙදරක සෙට් උනත් අල්ලගෙන යනවා. තවම අල්ලන්නේ නැත්තේ පාරේ යනකොටයි, බස් එකේ යනකොටයි විතරයි. අරාබියේ වගේ ඒ නීතියත් ගෙනල්ලා ජෝඩූ දාලා යන්න බෑ. යනවනම්, වෙන වෙනම යන්න කියලා නීතියකුත් ගෙනාවනම් පට්ට. අනේ ඉති මොකුත් බලන්න බැරි එකේ, "සෙක්ස්" කියලා ගහලා ස්ට්‍රේට්, ලෙස්බියන්, ගේ, විතරක් නෙමෙයි මැචුව ඒවත් බලලා, ආතල් එකක් අරන් මුකුත් උනේ නෑ වගේ ඔහේ ඉන්නවා.

දැන් පොලිසියෙන් අල්ලන ඇල්ලිල්ලට, බැඳපු එකා උනත් බයයි වැඩේට සෙට් වෙන්න, එහෙන් පොඩි එකා ඇහැ ඇරෙයි කියලා බයයි, අනික දවාලේ සෙට් වෙන්න ගෑණු කොහොමත් කැමති නෑ. පට්ට කළුවරේ සංසර්ගේ යෙදෙන ගමන්, ගෑණිට ඌයියා වෙලා කෑ ගැහුව්වොත් එහෙම, එහා ගෙදර එකා 119 ට කෝල් එකක් දීලා, "අන්න අරහේ මිනියක් මරණවා..." කිව්වොත් අමු හෙළුවෙන්ම පොලිසියට ගෙනියනවා. ඉතින් කසාද බැඳපු එකාගේ හිටන්, කූරූ කෙලින් වෙන උනුයි, ජම්බු ගස් වලින් වැටිච්ච එකා විතරක් නෙමෙයි, එහෙන් මෙහෙන් සීන් කෝන් එක දන්න එකා හිටන් ෆෝන් එකෙන් හරි පෝන් බලනවා.

ඉස්කෝලෙක උගන්වන්නේ නෑ. අම්මලා, තාත්තලා කියලා දෙන්නෙත් නෑ. පොතක් පත්තරයක් ගන්නත් නෑ, වෙන එකෙක්ගෙන් අහන්නත් බයයි, ඒත් ශරීරේ වෙනස්වෙලා, හෝමෝන ගලනවා, ආශාවන් වර්ධනය වෙනවා ඉතින් යාළුවොත් එක්ක කතා කරනවා, ජාලේ තියෙන උන්, දන්න එකම වචනේ වන, "සෙක්ස්" කියලා ගහලා, ආතල් එකක් අරගෙන, එතනින් වැඩේ නවතිනවා. දුප්පත් එකාට මේවා නෑ. උන් ඉතින් පන්සල් වල හමුදුරුවරුන්ටයි, ගුරුවරයන්ටයි, අහල පහල එකාටයි, පවුලෙම සීයට හරි අයියට හරි එහෙම නැත්නම් තමන්ගෙම තාත්තට හරි ගොඳුරු වෙනවා. මොකෝ අරුන්ටත්, ටෙලිවිසොන් එකේ කකුලුයි, රණ හංසයොයි එලියේ දාගෙන ඉන්න කෑලී දැකලා, මන්ද මෝරලා නේ තියෙන්නේ. ඉතින් උනුත් ආසයි ඉතුරු ටිකත් බලන්න. එක්කෝ ටෙලිවිසොන් එකේ ඔක්කෝම පෙන්නන්න ඕන. එහෙම නැත්නම් මුකුත්ම නොපෙන්න ඉන්න ඕන. එහෙම නැති උනාම අරුන් ඉතින් ආච්චිව උනත් ප්‍රායෝගිකව දැණුවත් කරලා තමයි එන්නේ.


නීතී හඳන උන්ටයි, ඒවා ක්‍රියාත්මක කරන උන්ටයි, මේවා අදාලම නෑනේ. හරියට අරාබියේ වගේමයි. අග්‍රවිනිශ්චකාරයාට, දියවන්නාව ගාව කාරෙකේ නඩු බලවන්න පුළුවන්, (සමහර වෙලාවට ඒ කාන්තාව වරදක් කරලා දඬුවමට දියවන්නාව ගාවදි ගැහුවද දන්නෙ නෑ) නඩුකාරයන්ට, විත්ති කාරයගේ ගෑනිට නඩු කාරයගේ කාමරේදිම කෙලින්න පුළුවන්, නඩුකාරයන්ට ගෙදර වැඩට ඉන්න කෙල්ලට කෙලින්න පුළුවන්, පොලිසීයේ මහ උන්ට කෙලින් උනාම, ජීනා මැඩම් ගාව හරි වෙන තැනක හරි ඒවට සල්ලි නැතුව කෙලින්න පුළුවන්, පොඩි උන්ට කෙලින් උනාම පාරේ ඉන්න ගණිකාවක් ගෙනත් පෝලිම් දාන්න පුළුවන්. උත්තරතීර පාර්ලිමේන්තුවේ ලොම් හැලිච්ච නාකින්ට, ටෙලි නාට්ටිවල ඉන්න ලොලිටාවෝ තියාගෙන ඉන්න පුළුවන්, මැචුවර්ඩ් ආන්ටිලාට ටැලිවිසොන් එකේ කොල්ලෝ තියාගෙන ඉන්න පුළුවන්.  කාමේ වරදවා හැසිරෙන්න එපා කියලා අපිට බන කියන හාමුදුරුවරුන්ටත්, උපාසිකාවන්ට පැන් වඩන්න පුළුවන්. සාමාන්‍ය එකාට තමයි බැරි.

එකසිය ගානට සෙක්ස් ස්කැන්ඩල්ස් තියෙන උන් අතරේ, ජැකසනුත් කියලා තිබුනා, එයා හරි පුදුම උනාලු මේක දැකලා. ඒත් එයත් තරුණ කාලේ එහෙමලු. එතකොට එහෙනම් මලදානෙටද පුදුම උනේ කියලා අහනවා ඇර වෙන අහන්න දෙයක් නෑ. ලිංගික විෂය උගන්වන්නේ නැතුව මග අරින ගුරුවරු ඉන්න, අම්මලා තාත්තලා, "ඕවා අපෙන් අහන්න එපා" කියලා කියන රටක, පොඩි උන්ට ලව් කරන්න බැරි රටක, අපිට "එපා" කියලා, බල පුළුවන් හැම එකාටම ඕන දෙයක් තියෙන රටක, උගතුන්, වියතුන් විෂය මාලාවට ඇතුලත් කරන්න කියලා ලියලා දීපු පොත්, අමාත්‍යංශේ ලොකර් එකේ දාගෙන ඉන්න, කෙල්ලොන්ට කොට ඇඳුමක් ඇඳගෙන යන එකට,  නීතී දාන්න හඳන, පත්තර වල රේප් කේස් රහ කරලා ලියන, ටෙලිවොසොන් එකේ රේප් කරපු හැටි ඇක්ට් කරලා පෙන්නන, ගණිකා වෘත්තිය නීතී ගත කරන්න කිව්වම, වෘෂණ කෝෂේ පේන තරමට සරම උස්සගෙන, "අඩෝව් ඒවා කොහෙද ඩෝ අපි ඉන්නකම්, ඕන නම් උඹේ අම්මව දීපන්.." කියන හරක් ඉන්න, කලබලේට සිඳු වෙච්ච අත්වැරද්දකටවත් ගබ්සාවක් කරගන්න බැරි, ගනං තියාගෙන රේප් කේස් කරලා, ඒවා සෙලබරේට් කොරන දේශපාලකයෝ ඉන්න රටක,.... දන්න එකම වචනේ "සෙක්ස්" ගහලා "සෙක්ස්" හොයන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.  

එහෙම ඉතින් සඟිස්කුරුතෙටයි, සබ්බත්වයටයි, ඒකිය භාවයටයි, භෞමික අන්ඩවාතෙටයි මේකෙන්, ලැජ්ජාවක්, හානියක්, අපකීරිතියක්, අවමානයක්, නිගාවක්, මෙව්වා එකක් වෙනව නම් ඩබල් එකේම කරන්න තියෙන්නේ මේ බටහිර කුමන්ත්‍රණකාරයෝ හෙලිවැල්ලෙන් රඟන රැඟුම්, රැඟුම් පාලක මණ්ඩලයෙන් කපලා දාන්න බැරි නිසා, අභිමානවත්, ශ්‍රේෂ්ඨ, ප්‍රෞඩ, උත්තරීතර අරක මේක ජාතියකට බලන්න බැරි වෙන්නම, ජාලේ නවත්තලම දාලා, ෂරියා නීතිය ගෙනල්ලා, කෙල්ලන්ට අරාබී ලෝගූ අන්දලා, කොල්ලන්ට අරාබී සූට් අන්දලා, (හරි ලේසියි, සරම නැතුව නැෂනල් එකේ උඩ කෑල්ල බිමටම මහලා, සාටකේ ඔළුවේ දාගෙන ඔලුවට වලල්ල දාන්න විතරයි තියෙන්නේ.)  භෞමික අන්ඩවාතේ කොන කපලා දාලා, 2550 කද කොහෙද, සඟිස්කුරුතේ හලාල් කරලා, කොඩියේ, සිංහයගේ කඩුව අරන් ඌ ෂරියා කරලා දාලා, ඒ වෙනුවල හලාල් සහතිකේ ගහලා, වන වන ඉන්න එකයි.


ප: ලි:
ජාලේ කපලා දාන්න ඉස්සෙල්ලා.. අති දරුණු කොමෙන්ට්ස් තිබුනොත්.. මාතලන් ඒවා ඉවත් කොරනවා ඇත.

105 comments:

  1. ඇත්ත කතාව බං. උඹ හැමදේ ගැනම ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කතා කරනවනම් මේ ගැන තව කතා කරන්න පුළුවන්...

      Delete
  2. මිස්ටර් ඇනෝ කිව්ව වගේ මේකට නං මක්කවත් කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ.. සුපිරියි

    ReplyDelete
    Replies
    1. හපොයි තව ඕන තරම් තියෙනවා.. මේක පබ්ලිෂ් කරයින් පස්සෙ තමයි ඒවා මතක් වෙන්නේ...

      Delete
  3. අන්තෝ ජටා බහි ජටා
    ජටාය ජටිතා පජා

    ReplyDelete
    Replies
    1. ඇතුලත් ගැට වලට වඩා මේක පිටත ගැට ගැන කතාවක්..

      Delete
  4. ඔය sex කියලා හොයන එකෙන් පේන්නෙ අපේ එවුන්ගේ හැදියාව... මෙච්චර වෙන වෙන කුණුහරප තියෙද්දි කුණුහරුපයක් නොවන sex කියලා සර්ච් කලාම... sex ගැන මොහොම වැදගත්, දැනගතයුතු කරුණු දැනගන්න පුලුවන්. ලිංගික අධ්‍යාපනේ නැති එකේ... රටේ ලෝකේ තියන ප්‍රශ්න දැකලා මම තනියෙන් හොයලා ඉගෙන ගන්නවා කියලා හිටපු කට්ටිය වෙන්න ඕනේ ඔහොම සර්ච් කරන්න ඇත්තේ... ඒ ඉතිං හැදියාව.

    ReplyDelete
    Replies
    1. උඹ ඕක කින්ඩියට කිව්වාට. මේකෙන් පේන්නේ අපේ නොදැනුවත් කම... හා ගෝත්‍රික මානසිකත්වය...

      Delete
  5. විවේචන නැත. එකඟයි, මම පොඩි කතාවක් කියන්නම්, ඔබ එය පිළිගනියි මම හිතන්නේ. අනික මේ සමාජයට වන දේ ඉන් එක පාරටම තේරෙනවා.

    ඔබ දනවනේ අපේ පැරණි සංස්කෘතිය මේ දැන් තියෙන මළ මගුල් සංස්කෘතිය වගේ වහන්තරාවක් නෙමෙයිනෙ. එහි නිදහස් ලිංගිකත්වය වගේ දේ බොහෝම සාමාන්‍ය දේ. ඔබ බලන්න අපේ පැරණි කැටයම් අතර ලිංගික සංකේත කොපමන තිබෙනවද? එය එකල කාටවත් ප්‍රශ්නයක් වුනේ නැහැ.

    තව දෙයක් දෙන්නෙක් ගෙදර සංසර්ගයේ යෙදෙන වෙලාවට ඒ බව පිටට අඟවන ක්‍රමය තමා, අඹුඩ ලේන්සුව දොරට දාන එක. එහෙම නැත්නම් දොර උළුවස්සට කුල්ලක් හෙත්තු කරලා තියන එක. ඉන් හැඟෙන්නේ ගෙතුල හෝ කාමරයේ සිදුවන දේ පිළිබඳ යම් දැනුම්දීමක්. එවිට ඊට බාධා නොකරන්න කවුරුත් වග බලා ගත්තා. අද ඒකට මම ඒ ගැන මෙතැන කියන්න ගියොත් මේ කමෙන්ටුවත් මාතලන්ගේ ගිරේට අහුවෙනවා.

    ඉතින් සුද්දා ලංකාව ඇතුලු ආසියා රටවලට එද්දී තිබුණු මේ තත්ත්වය දැකලා සුද්දන් තමන්ගේ රටවල තිබුනු වික්ටෝරියානු සංස්කෘතියෙන් ඉවත් වුනාලු. එහෙම කරලා අපේ නිදහස් ලිංගික රටාව අනුගමනය කරන්න පෙළබුනාලු.

    අපි සුද්ද විසි කරපු වහන්තරාව ගෙටම වඩම්මලා 2500 කතාවත් ඒකටම ඈදාගෙන තාමත් තියන් ඉන්නවා විතරක් නෙමේ අරාබියෙත් නැති විකාර බොහොමයක් කර තබන් යන්න හදනවා.

    ඔබ පිළිගන්නව ද මා දැක තිබෙනවා. තාමත් කසාද බැදලා පහුවෙනිදට සුදු රෙද්දත් උස්සන් එන කපල් ?????
    මොනවා කියන්නද?

    දිගට ලිව්වට තරහා අවසර.

    ReplyDelete
    Replies
    1. /ඉතින් සුද්දා ලංකාව ඇතුලු ආසියා රටවලට එද්දී තිබුණු මේ තත්ත්වය දැකලා සුද්දන් තමන්ගේ රටවල තිබුනු වික්ටෝරියානු සංස්කෘතියෙන් ඉවත් වුනාලු. එහෙම කරලා අපේ නිදහස් ලිංගික රටාව අනුගමනය කරන්න පෙළබුනාලු./

      පට්ටපල් බොරු නොකියා හිටපං බං. සුද්දා වික්ටෝරියානු සංස්කෘතියෙන් ඉවත් වුණේ ක්‍රමානුකූලව, ඒක උන්ට නොගැළපෙනවාය කියලා ඌටම අවබෝධ වුනායින් පසුව. නැතුව අපේ රටවල් දැකලා නෙවෙයි. උඹත් නිකං සූරියප්පෙරුම කියනව වගේ කතානෙ කියන්නෙ. මොකද දොරමඬලාවටවත් යන්න හිතිලද?

      Delete
    2. මෙතැන ඇත්තේ ප්‍රහසනයක් මිසක ඉතිහාසය පාඩමක් නෙමෙයි. පොඩ්ඩක් ඒ ගැන හිතන්න. එහෙව් සංස්කෘතියක් මේ තත්වයට වර්ධනය වුනානම් එතැන සිටි අපි ආපස්සට ගොස් ඇති තරම තමයි මින් පෙන්වා දෙන්න උත්සාහ කළේ. අනික රූපවාහිනී නාලිකා සියල්ලේම ඇති තරම් කතා කර ඇති මට දොරමඬලාවට යාම නම් ප්‍රශ්නයක් නෙමේ. හෙට වුවත් යා හැකියි. නමුත් එතැනට පය තබන්න මම සතුටු නැහැ.

      Delete
    3. මේන් වැන්දා වෙද මහත්තයෝ.. දොරමඩලාවට නම් ගොඩවෙන්න එපා... ටෙනියගේ ජෝක් මොනවද කියලා හිතෙනවා.. එතන් වපුරන පච හා ජෝක්ස් දැක්කම...

      Delete
    4. අද රටේ රූපවාහිනී නාලිකා වල තත්ත්වය දිහා බැලුවාම ඒවා හැම එකකටම ගිහින් තියෙන ජනප්‍රිය සම්පත් දායකයින් ගැන අපට හිතා ගන්න අමාරු නැහැ.

      Delete
    5. රුවන්වැල්ලේ සෝපිත, සක්විති රණසින්හ ඇතිතරම් රූපවාහිනියට ගොඩවූ අයයි.... රූපවාහිනියට යෑම ඔබගේ විදග්ධ භාවය පෙන්වන්නක් නොවේ.... බොරුව වපුරන ඕනෑම අයෙකුට එය නිසි පරිදි මාකට් කිරීමේ හැකියාව ඇත්නම් රූපවාහිනියට යාම කජ්ජක් නොවේ.... එහි ඇත්තට තැනක් නැත....

      Delete
    6. සම්පූර්ණ ඇත්ත. මෙයත් බොරුව වපුරන සූරියප්පෙරුම කෙනෙක් කියල එයාම ඔප්පු කර ගත්තා.

      Delete
  6. මොනවා කියන්නද????

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා අනේ....

      Delete
  7. සම්පුර්ණ ඇත්ත මලයෝ...

    ReplyDelete
  8. බොහොම ලස්සනයි ලංකාවේ සමාජ අර්බුදය ගැන කතා කරා. අදාළ නැතත් ලිපිය අන්තිමට ව්‍යංගාර්ථයෙන් හම්බයට අපහාස කරපු එක ඉතාම හොඳයි. අර කේක් එකට චෙරිය තිබ්බ වගේ.

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නේ අපහාස නෙමෙයි උපහාස...

      Delete
  9. එකඟයි.මෙතන කියන්න තියෙන්නේත් මම w3lanka එකේ කියපු දේම තමයි. මම 2000 දී රටින් පිටවුනේ කළු ලෝගු දාපු මුස්ලිම් ගෑනු දැක්කේ නෑ අද එහෙම වෙලා නම් ලංකාවේ මුස්ලිම් ආපස්සට ගිහින් තියෙන්නේ
    හොයන්න ඕනෑ උන් එන්න එන්න ආපස්සට යන්නේ ඇයි. මුස්ලිම් හලාල් නෝ ලිමිට් වර්ජනය නීති රීති දාන්න අපි කතා කරනවා නමුත් අපි හරහට යන ගමන් අනුන් කෙලින් යවන්න පුලුවන්ද? මේකට අපි උන් දිහා නොවෙයි අපි දිහා බැලිය යුතුයි සිංහල බෞද්ධයන් විදියට අපි ඉදිරියට ගිහිල්ලද ආපස්සට ගිහිල්ලද අපිත් එහෙමයි අපි බුදුන් කියපු දේවල් පැත්තක දාල තලේබාන් බෞද්ධ වේගෙන යන්නේ නැත්ද? අපි ජාතියක් විදියට නූතන දියුණු අදහස් වැළඳගෙන ඉදිරියට යනවා වෙනුවට ආපස්සට යන කොට මුස්‌ලිම අය විතරක් ඉදිරියට යයිද? අපි ප්‍රජාතන්ත්‍රවාදයේ සිට ආපසු රජ ක්‍රමයට යනකොට උන් ආපසු ලෝගුව වෙත යනවා. අපි ඉදිරියට යමු එවිටයි උන්ට ලෝගු ගලවන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තලේබාන් බෞද්ධයන්ට අකමැති උනත්.. උනුත් නැත්නම් සිංහලයා කියන එකාට බෞද්ධ රටක් නැති වෙනවා.. අනික් උන් දැන ගන්න ඕන.. සිංහලයගේ මනුස්ස කමින් අයුතු ප්‍රයෝජන නොගන්න...

      Delete
  10. අකිල ශ්‍රීනාත්January 21, 2013 at 9:45 PM

    මේකෙ පස්වෙනි ඡෙදෙට නම් මම මාර මාර ලයික්. සැටිපිකෙට් ඇත්ත. හොඳ විග්‍රහයක් මාතලන්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අනිත් ටික කපලා දාන්නෙයි....

      Delete
  11. වැවක වතුර පිරිලා පිරිලා ගියාම ඒකෙ ඉඩ නැතිවෙලා වාන් දාන්න පටන් ගන්නවා. ඔන්න ඕකයි මූලධර්මය.

    ReplyDelete
    Replies
    1. කුප්පිය පිරුනහමත් එහෙමලු....

      Delete
  12. රෝයල් ගියත් සීයාගේ මඩ පුවක් වල අමතක කරන්න බැහැයි කියල අපේ මාතලන් ලොක්කට ආයෙත් චෝදනාවක් එන්න බැරි නැහැ.

    ReplyDelete
    Replies
    1. චෝදනා නම් කීයක් ආවද බන්, විරුද්ධ මතත් තියෙන්න එපාය...

      Delete
  13. පොලිසියෙන් කපල් අල්ලන්න හේතුවක් තියෙනවා...සමහර වෙලාවට මොකුත් නොදන්න කෙල්ලො අල්ලන් ඇවිත් කොල්ලන් විසින් කාමර වල දාගෙන දූෂනය කරනවා...එතකොට කෙල්ලට සරණක් නැති වෙනවා..
    අනික ලංකාව තුල අවුරුදු දහඅටක් කියන්නෙත් ළමයෙක්...ඒ වගේ කෙනෙක් අනික් හැමදේම කොටින්ම දහඅටක ලමයෙක් ලංකාවෙදි ඇදුමට ජොකාට පවා සල්ලි ගන්නෙ අම්මගෙන් තාත්තගෙන්...
    අම්මගෙන් තා්තතගෙන් සල්ලි ඉල්ලං හිගාකකා ඉගනගන්න ලමයාට ඒ අම්මාගේ තාත්තගේ සල්ලි වලින් සෙක්ස් කරන්න තියෙන අයිතිය මොකද්ද? එකෙ තියෙන සාධාරනය මොකද්ද..

    අපි පිනට අම්මල තාත්ලගෙන් කකා බිබී අවසානෙ ඒ ක්‍රමයට බනිනවා අපිට රිසි සේ ලිංගිකව හැසිරෙන්න බැහැ කියලා..අමරිකාවෙ බ්‍රිතාන්‍යය තුල මෙහෙම නැත්තෙ එහෙ උසස් අධ්‍යාපනය ලබන්ෙන නිදහස් ලමයි මෙහෙ නිදහස් අධ්‍යාපනය ලබන්නෙ අම්මගෙන් තාත්තගෙන් ආන්ඩුවෙන් හිගාකාල කැන්ටින් බත්ගිලින්න බලං ඉන්න නිකමො ටිකක්...උන්ගේ සෙක්ස් අයිතිය වෙනුවෙන් මමනං වචනයක් හෙලන්නත් අකමැතියි...

    ReplyDelete
    Replies
    1. මෝල් කලන්තේ ආවම උන් ඇමරිකාවේද ලංකාවේද,එහෙමත් නැත්නම් උන් තවමත් අම්මගෙන් අප්පාගෙන් යැපෙනවද නැද්ද කියන කාරණය වැදගත් නැහැ.තමතමන්ටත් සමාජයටත් ගැටලුවක් නොවෙන විදිහට ලිංගික සම්බන්දකම් පවත්වා ගන්නවා නම් ගැටලුවක් නැහැනේ.

      Delete
    2. amila chathuranga සමඟ එකඟයි. අම්මාගෙන් තාත්තගෙන් යැපෙන ගමන් තමන් කැමැති දෙයක් කරන්න කාටවත් අයිතියක් නැහැ, මෝල් කලන්තෙ ආවත් නැතත්. මෝල් කලන්තෙ ආවයි කියලා ලෝකෙ හැම දෙයක්ම කරන්න වල්බූරු නිදහසක් ලැබෙන්නෙ නැහැ. නිදහස සමඟම එකට එන දෙයක් තමයි වගකීම්.

      Delete
    3. මෙන්න මේ වගේ බූරුවො තමයි ලන්කාවෙ නීති හදන්නෙ, පොලීසිවල ඉන්නෙ...

      උන්ට ඇමරිකාවෙ වගේ නිදහස් මිනිස්සු වෙන්න බැරිවෙන්නෙ ලන්කාවෙ තියන සමාජ ක්‍රමේ වැරැද්දෙන් මිසක් උන්ගෙ කැමැත්ත නිසා නෙවෙයි...

      උන්ගෙ ලින්ගික අවශ්‍යතා ලින්ගික අවශ්‍යතා නෙවෙයිද?

      අම්මාගේ තාත්තගේ සල්ලි වලින් සෙක්ස් කරන්න තහනම් කියලා උඹ කියන්නෙ කොහොමද?

      Delete
    4. amila chathuranga වගේ අය තේරුම් ගත යුතු දෙය නම් අපි මෙතන සාකච්ඡා කරන්නේ රටක නිතිය බලය හැමෝටම සමානව ක්‍රියාත්මක වීමේ අවශ්යතාවය සහ එහෙම නැත්තේ ඇයි කියන එක ගැන මිස පොලිසිය කපල් අල්ලන්නේ ඇයි කියන එක නොවෙයි. අමිල ලංකාවේ පොලිසිය පොඩි මිනිස්සුන්ට එක නීතියක් ලොකු එකාට එක නීතියක් ක්‍රියාත්මක කරන්නේ ඇයි කියන එකට පිළිතුර දන්නවද? කන්නාඩියක් ඉදිරිපිටට ගියොත් පෙනේවි. පටු ආකල්ප හිස දරාගත් අපි නිසාම තමයි.

      Delete
    5. අමිල,
      මගේ වයස 17යි, මට හැමවිටම ලින්ගික ආසාවල් එනවා (උඹට ඔය කාලෙ ආවෙ නැද්ද මන්දා), දවසට දෙතුන් වතාවක් අත පාවිච්චිකරත් වැඩක් නෑ.... මට තදින්ම ඒ අවශ්‍යතාවය දැනෙනවා...
      මට කසාදයක් බදින්න ආර්ථික වත්කමක් නෑ.. ගොන් පොට් එකකට යන්න බයයි... මට කෙල්ලෙක් ඉන්නවා.. ඒකි මගෙත් එක්ක ඉන්න කැමතියි....
      උඹ කියන විදිහට මට ඒකිත් එක්ක අහවල් වැඩේ කරන්න අයිතිය නැත්තම් මම මගේ අමාරුව හොද කරගන්නේ,
      01. ගෙදර නන්ගි/ අක්කා එක්ක සෙල්ලම දාලද?
      02. තාත්තයි අම්මයි සෙල්ලම දානව බලන් ඉදලද?
      03. අල්ලපු ගෙදර පොඩි එකා/ එකීට සෙල්ලම දාලද?
      04. අල්ලපු ගෙදර ඇන්ටි / අක්කා සෙට් කරගෙනද / නැත්තම් බැල්මට් පාරක් දාලද?
      05. ගෙදරට එන නෑ වෙන පොඩි එකෙක් බිත්තියට හේත්තු කරගෙනද?

      Delete
    6. ප්‍රේමදාස මහත්තයයි කතාවක් තියෙනවා කක්ක පාර්සලයක් ෆෑන් එකක එල්ලලා ෆෑන් එක දාල කාමරයම ජරා කරන එකක්...මටත් මේ පෝස්ට් එකේ කරුණු ගැන තියෙන්නෙ ඒව ගේ අදහසක්...
      රටක මහජන චන්දයේ අතිශය බහුතරයකින් තෝරාපත්වන මන්ත්‍රිවරුන් හෝ ඔවුන් හැසිරිය යුතු ආකාරය ගැන අපි කතාකරන්න ඕනි සීමාවක් තියෙනවා...

      මේ ගොඩක් දේවල් වලට සමාජයේ බහුතර මිනිස්සු වක්‍රව දායක වෙනවා...ගොඩක් වැරදි වලට වග කියන්න ඕනි අහිංසක දේශපාලකයො විතරක් නෙමෙයි...


      Delete
    7. අහින්සක දේශපාලකයා සෙවීමට ඔබේ නිවසේ ඇදයට බලන්න....

      Delete
    8. /මගේ වයස 17යි, මට හැමවිටම ලින්ගික ආසාවල් එනවා (උඹට ඔය කාලෙ ආවෙ නැද්ද මන්දා), දවසට දෙතුන් වතාවක් අත පාවිච්චිකරත් වැඩක් නෑ.... මට තදින්ම ඒ අවශ්‍යතාවය දැනෙනවා.../

      දැන් උඹට මිනිහෙක් මරන්න හෙම ආසවල් එන්නෙ නැද්ද? එහෙම ආසාවන් එන එකෙකුටත් ඒ නිසාම ඒකට ඉඩ දිය යුතුද?

      Delete
    9. මිනී මැරීමේ ආසාව = ලිංගික ආසාව????

      උඹලව හරියන්නෙ මෙහෙටම තමයි.

      Delete
    10. @අන්තිම ඇනෝ

      මචන් අර කතාවක් තියෙන්නේ ගෑනිට මෝල වැඩි උනාම කියන්නේ මිනිහට "මාව මරාගෙන කාපන් මගේ දෙයියෝ කියලා".මම හිතන්නේ උඹ කියන්නෙත් එහෙම සීන් එකක් ගැන වෙන්න ඇති...

      Delete
    11. /*01. ගෙදර නන්ගි/ අක්කා එක්ක සෙල්ලම දාලද?
      02. තාත්තයි අම්මයි සෙල්ලම දානව බලන් ඉදලද?
      03. අල්ලපු ගෙදර පොඩි එකා/ එකීට සෙල්ලම දාලද?
      04. අල්ලපු ගෙදර ඇන්ටි / අක්කා සෙට් කරගෙනද / නැත්තම් බැල්මට් පාරක් දාලද? */

      මලේ, ඔයාට ක්‍රම දෙකක් තියෙනවා.

      1. අල්ලපු ගෙදර ඇන්ටි / අක්කා සෙට් කර ගැනීම.

      2. පිරිමියෙක් වගේ බය නැතුව ගිහින් ගොනේක්ව සෙට් කර ගන්න. හැබැයි කොපුවකටත් කීයක් හරි ඉතුරු කරගන්න වෙනවා. අහල බලන්න, අධෝ පැත්තෙන් කරොත් ලාබෙට කරගන්න පුළුවන්.

      එහෙමත් බැරිනම් සැට් එක කපා ගන්න. එතකොට ඔය ඕන්නැති ජාති හිතට එන්නේ නැහැ.

      Delete
    12. ඔච්චර මෝල නම් අර අමිලයා කියනවා වගේ රස්සාවක් හොයා ගනිල්ලකෝ. මොකද රස්සාවක් හොයා ගන්න බැරි උඹලගේ අතපය කැඩිලද? ඊට පස්සෙ බැඳලා ඕනැ දෙයක් කරපිය.

      Delete
    13. උඹලට ඕනැ වෙලා තියෙන්නෙ අනුන්ගෙ සල්ලි වලින් කන බොන ගමන් අනුන්ගෙ සල්ලි වලින් *කන්නත්. ඒක ටිකක් අමාරුයි. දෙමාපියන්ගෙන් යැපෙන්නෙ නැතුව තනියෙන් හිට ගන්න බලපන් මුලින්ම. ඊට පස්සෙ පුළුවන් අනෙක් දේවල් ඔක්කෝම.

      Delete
    14. @මානවක,

      ගොනා උනාට ඔය වගේ තප්පුලන්නත් ඕනෙද මචං?

      Delete
    15. අමිල චතුරංගගේ තියරියට අනුව කැන්ටිමෙන් නිකන් කන උන් යන්නෙන් කැම්පස් පොරවල්ද අයත්වේ. ඔහුගේ තියරියට අනුව ඩිග්‍රිය අරගෙන රැකියාවක් කරනා තුරු අන්තර්ජාලයේවත් "සෙක්ස්" සෙවීම ජාතික අපරාධයකි. අපි මෙහෙම හිතමු අපෙ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ඇමරිකාවේ යනවා උන්ට අර පරණ ෆිල්ම් වල වගේ එහේදි මෙහේ බරකාරයෙක් හරි පිටරට බර කාරයෙක් හරි සෙට් වෙනවා. ඉතින් ඒ කෙල්ල හරි කොල්ලා හරි කතා කරනවා සේෆ්ටි සෙක්ස් කරන්න. අමිල චතුරංග කියවන අය කියනවා අනේ අයියා, අනේ ඩලා මම තාම අම්මා තාත්තගේ සල්ලිවලින් ඉගෙන ගන්නේ ඒ නිසා මට සෙක්ස් කරන්න බෑ. මම ජොබ් එකක් කරනකන් පොඩ්ඩක් ඉවසන්න සත්තරන් කියලා. අනේ ඉති අර ඉස්සර ෂෝ වල වගේ හැපි එන්ඩින් එකක් එන්නේ නෑ. කෙල්ලෙක් නම් කියයි මූ පොන්නයෙක් කියලා. කොල්ලෙක් නම් වෙන බඩුවක් දාගනියි. අපේ කොල්ලට ඉතින් යට ලීයෙන් නාරී ලතා මල් පූදින්නේ කිය කිය ඉන්න වෙනවා. කෙල්ලට මගේ ගුලට ඔබ වඩින තුරා.... වඩින තුරා ගගා ඉන්න වෙනවා. හරි පව් නේ අපේ දරුවෝ.... ඒකනේ දරුවනේ ඉකොනොමිස්ට් සඟරාවේ කියලා තියෙන්නේ ඉපදෙන්න සුදුසු රටක් නෙමේ කියලා... ස්වාසිලන්තෙ මීට හොඳා....

      Delete
    16. මාතලන් උන්නැහේ, වල්ගෙ පාග ගන්න අවශ්‍ය නැහැනෙ. අමිල කියලා තියෙනවනෙ පැහැදිළිවම මොකද්ද ප්‍රශ්නෙ කියලා. රස්සාවක් නැති කොල්ලෙක් කෙල්ලෙක් උස්සගෙන ගිහින් පෙට්ටිය කැඩුවාම අපේ රටේ විදියට ඒ කෙල්ලට වෙන කොල්ලෙක් බඳින්නත් බෑ. රස්සාවක් නැති එකා බඳින්නත් බෑ. ඉතින් අමාරුවේ වැටෙන්නෙ කොල්ලා නෙවෙයි කෙල්ල. කොල්ලන්ට නම් ඕනෙ සැපක් ගත්තෑකි. අමිල ප්‍රශ්නෙ දිහා බලන්නෙ කෙල්ලගේ පැත්තෙන්. උඹලා ඔක්කෝම බලන්නෙ ආත්මාර්ථකාමීව කොල්ලාගේ පැත්තෙන් විතරයි.

      Delete
    17. @ මට පස්සෙ කොමෙන්ට් කල ඇනෝට...

      කෙල්ල පෙට්ටි කඩාගන්න කෙල්ලෝ හරක්ද....? සේෆ් සෙක්ස් කියන දේ මොකක්ද දන්නෙ නැතුව කොමෙන්ට් වලට රිප්ලයි කරන්න එපා....? පෙට්ටි කුඩුකරගන්නෙ නැතුව සෙක්ස් කරන එක ගැන දැණුවත් කරණ එක නේද කල යුත්තේ. අනික ඒවා කැඩිලද බලන නපුංසකයො රටේ ඉන්නකන් කරන්න දේකුත් නෑ.. ෆයිෆ් ස්ටාර් වල මගුල් කෑවට, බෙන්ස් එකේ හනිමූන් ගියාට.. නැට්ට පාගෙගන දඟලන ගෝත්‍රිකයෝ ඉන්නකන් කරන්න දේකුත් නෑ... අනික කොම්පියුටරේ සෙක්ස් බැලුවයි කියලා පෙට්ටිය කැඩෙන්නේ නැහැනේ. මෙතන ප්‍රධාන මාතෘකාව ඒකනේ.... අනික් කාරණය පසුව මතුඉ වෙච්ච ඩෙයක්නේ...

      Delete
    18. /* මට කසාදයක් බදින්න ආර්ථික වත්කමක් නෑ.. ගොන් පොට් එකකට යන්න බයයි... මට කෙල්ලෙක් ඉන්නවා.. ඒකි මගෙත් එක්ක ඉන්න කැමතියි....
      උඹ කියන විදිහට මට ඒකිත් එක්ක අහවල් වැඩේ කරන්න අයිතිය නැත්තම් මම මගේ අමාරුව හොද කරගන්නේ,*/

      පල, පල, ගිහිල්ල බැඳියන් පොලීසියට. මේ දවස් වල උත්තරීතර රජය උත්තරීතර ජනතාවට බය වෙලා පොලීසියට කට්ටිය ගන්නවා. පොලීසියේ උනහම රෑ කඩ වලින් නිකම් කනවා වගේම ගොන් පොට් වලට ගිහිල්ල නිකම් ගහන්නත් පුළුවන්. උඹ වගේ කම්මැලි කුසීතයන්ට ඕක තමයි හරියන්නේ. තෙල බස්සගන්න චේතනාවෙන් කෙල්ලෝ සෙට් කරගෙන හරියන්නේ නැහැ.

      අනේ අම්මප මම ඔය කෙල්ලගේ තාත්ත නම් ඔබගේ රඹුටන් වල්ල ලාච්චුවක ගැට්ටේ තියල දඩාස් ගාලා ලාච්චුව වහනවා.

      Delete
    19. මාතලන් උන්නැහේ ඇයි ට්‍රැක් පනින්නේ? මෙතැන අමිල මතු කරපු ප්‍රශ්නයට කම්පියුටර් වල සම්බන්ධයක් නැහැනේ. පෙට්ටිය කඩා ගත්තත් නැතත් කොල්ලෙක් එක්ක රූම් එකකට යන කෙල්ල අනාතයි තමයි. සමාජය මේ වගේ නීති දාන එක වැරදියි නමුත් අපි කැමැති වුණත් නැතත් ඒවා එක රැයින් වෙනස් වෙන්නේ නැහැ. ඒක කෙල්ලන්ගෙත් වැරදි තියෙනවා තමයි. ඒත් උන් එළදෙන්නු කියලා උන්ටම බර පටවන එක වැරදියි කොල්ලෝ ඔක්කෝම සැප අරගෙන සාන්තුවරයින් වගේ අයින් වෙන කොට.

      උඹ නොදන්නවා වුණාට කොල්ලෙකුට සෙක්ස් කියන්නේ මිනිත්තු ගානක සැපයක් විතරයි. ඒත් කෙල්ලෙකුට සෙක්ස් කියන්නේ ජීවිත කාලයක් පුරා විඳවන්න වෙන සිද්ධියක් වෙන්න පුළුවන්. ඒ නිසා ආත්මාර්ථකාමීව කොල්ලන්ගේ පැත්තෙන් විතරක් ඔය ප්‍රශ්නෙ දිහා බලන්න එපා.

      Delete
    20. කොල්ලට හොඳනම්.. ඇයි කෙල්ලෝ ගැනත් එහෙම හිතන්න බැරි.. කොල්ලට නූල කඩා ගන්න එක හොඳයි.. කෙල්ලට තමයි වැරදි.. එහෙම වැරදියි කියන්නෙ එයාලගේ පතිවත් හොයන ඔයාලා වගේ අයයි... ඉස්සෙල්ලා අන්න ඒ තත්වයෙන් මිදෙන්න.. නැට්ටට කැමති දෙයක් කරගන්න.. ඔය කියන විදියට වනන එක තමයි කරන්න තියෙන්නේ... (ඉස්සරහ නැට්ට.)

      Delete
    21. කොල්ලෙක් නූල කඩා ගත්තාට කොල්ලාට මොකවත් අහිමි වෙන්නෙ නෑ. කොල්ලෝ ප්‍රෙග්නන්ට් වෙන්නෙත් නෑ. උන්ට තනියම ළමයි හදන්න වෙන්නෙත් නෑ. ගෙදරින් ගුටි කන්න වෙන්නෙත් නෑ. ගෙදරින් එළියට දාන්නෙත් නෑ. කසාදයක් කර ගන්න බැරි වෙන්නෙත් නෑ. නිකං තමන්ගේ වාසියට බොරු තර්ක ගේන්න එපා, වීරවංශ වගේ.

      කෙල්ලකුගේ කන්‍යා භාවය හොයන එක වැරදි තමයි. නමුත් ඒ ගෝත්‍රික සිරිත බිහි වෙලා තියෙන්නේ හේතු ඇතිව. ඒවා එක රැයින් වෙනස් වෙන්නේ නැහැ. දැන් මාතලන් බැන්දේ පෙට්ටිය කඩා ගත්තු එකියක්ද? නැද්ද? මාතලන් බඳින්න කලින් හෙව්වේ නැද්ද තමන්ගේ අනාගත භාර්යාවගේ පරණ ලයිෆ් එක?

      Delete
    22. මාතලන් කියල වැඩක් නෑ බන් අමිල චතුරංග කියන්නෙ හරක් රජෙක්... මූව හොදයි මරාගෙ උපදේශක තනතුරකට....

      Delete
    23. @ මගේ කොමෙන්ට් එකට රිප්ලයි කරපු ඇනෝට

      මගේ ගෑනිගේ චරිතෙ හොයන්න මම චරිතවත් එකෙක් වෙන්න එපාය. අනික යම් මතයක් පල කරාම මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් හොයන පොන්නයෝ ඉන්නකම් මේ රටට අබ සරණයි...

      Delete
    24. මාතලන්, ඕක ඇහැව්වයි කියල කුණුහරුපෙන් බනින්න ඕන නෑ බන්... ගෑනි ගෙ චරිතෙ ගැන කියන්න උඹ අකමැති නම් ඒක උඹට අදාල නෑ කියුවනම් ඉවරයිනෙ... එතකොට අපිට ඉතිරිය හිතාගන්න තිබ්බා..

      Delete
    25. මේක දැක්කහම පරණ ඇනස්ලි-සැමුවෙල්-බර්ටි කතාවක් මතක් වුනා.

      එකේ ඇනස්ලි තමයි මුදලාලි. බර්ටියා සේවකයෙක්. ඔන්න මුදලාලි කියනව බර්ටියට "ඔහොම හැමදාම මහන්සි වෙලා වැඩ කරලා හරියන්නෙ නෑ අයිසෙ, ඉඳලා හිටලවත් නෝනා එක්ක ගිහින් චිත්‍රපටියක් බලනව" කියලා ගානක් දෙනවා අතට. දැන් ටික වෙලාවකින් මූ එනවා ඇඳගෙන. මොකද මිනිහ බැඳලා නෑ. මිනිහගේ අයිඩියා එක මුදලාලිගේ ගෑනි එක්ක චිත්‍රපටියට යන්න.

      ඉතින් මාතලනුත් ඔච්චර අපට 'චිත්‍රපටියට යන්න' කියන එකේ අපිත් ඇඳගෙන එන්නංකො මාතලන්. මොකද මාතලන් කියන දේවල් අහන්න එපායැ.

      Delete
    26. ඇයි මොකුත්ම නැත්නම් අත් දෙකවත් නැද්ද...?

      Delete
  14. පොඩි එව්වො පෝන් පින්තුරු බලල මොනව හරි චුට්ටක් කෙරුවට,අර මහ ලොකු ලේකම්ල ඇතුළු පට බැදිලා තමන්ගෙ වැල වයිෆ්ලව මාරු කරගෙන සාලෙ මැද පුලුල් තිරයේ සුද්දො/සුද්දියෝ !@#$කන දේ බල,බල හොදට මතට තිත තබමින් එළිවෙනකම් කරන සෙල්ලම ගැන කව්රුත් දන්නෙ නැද්ද?දන්නෙ නැත්නම් කළුබෝවිල ඇන්ඩසන් පාරේ "ඩීන්"හමුවන්න.ඩින්ගේ පව්ල [සිංගල]එකී තමයි පට බැදී වාහෙට නියමෙට උස්සන්නෙ.වැල උනත් සැප දෙන්න පුලුවන්නම් 60ත් වයසක්ද සුන්දරී කිව්වලුනේ !!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑනේද අපේ තියරිය අනුව... හෙහ් හෙහ්....

      Delete
  15. මරු කතාව බං....අද තමයි හරිකට බ්ලොග් එකක් බැලුවේ......යකෝ මෙච්චර කල් මේවා මිස් උනේ කොහොමද...? මාත් ඉක්මනට පිටුවක් හදාගන්න ඕනෑ....

    ReplyDelete
    Replies
    1. වෙලකම් ටු බොග් වර්ල්ඩ්....

      Delete
  16. හික් , මරු ඈ .. මම හරි කැමැති පොස්ට් එකක් , අයිස්චර්යය කියන්නෙත් මේකට තමයි .

    ReplyDelete
    Replies
    1. උඹගේ ඒවත් දැන් හරිම අගෙයි...

      Delete
  17. ඇත්ත බං නිතියෙන් විවාහ වුන එවුනුත් බයයි දැන් සැට් වෙන්න :)

    ReplyDelete
    Replies
    1. බෑනේ බං... හසන්තලා සූරියප්පෙරුමලා වැහි වැහලා....

      Delete
  18. සෙක්ස් කියන එක අමුතු දෙයක් කර ගෙන තියෙන්නේ අපේ අයමයි....

    බටහිර රටවල කෙල්ලෝ හෙළුවෙන් ගියත් උන්ට උසුලු විසුලු කරන්න එකෙක්වත් යන්නේ නෑ....ඒත් උදේ හවස බණ දහම් අහන සංස්කෘතිය අකුරටම රකින සමාජයේ කෙල්ලෙක් යන්තන් දණ හීසෙන් උඩට ඇන්දත් පාරේ ගිහිල්ලා හමාරයි....

    මෙතන මොකක් හරි වැ‍රැද්දක් තියෙනවා කියලා ලිදේ ඉන්න ගෙම්බන්ට තේරේන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කවදා ගෝත්‍රික ගති අත අරීද කියලා...

      Delete
  19. අබුද්දස්ස කාලේ - ලබුත් තිත්ත වෙනවලු..

    ReplyDelete
    Replies
    1. ලබු බහිනවා කියන්නෙත් ඇත්තද....?

      Delete
  20. අපි රිවර්ස් එකේ මාර ස්පීඩ් යනවා නේද බං? තව ටිකයි.ඔහොමම යං.

    ReplyDelete
    Replies
    1. සෑහෙන ස්පීඩ් යන්නේ... අනිවාර්යයෙන් ඇනගන්නවා....

      Delete
    2. mathale ube lipiyai comment tikai
      kiyewwa..anthimata dude ayyage ekata
      +++++++++++++++++++++++++++++++++++++++++++

      deela nikan innawa..ube katha tika sahathika aththa ban...

      ///කෙල්ලොන්ට කොට ඇඳුමක් ඇඳගෙන යන එකට, නීතී දාන්න හඳන, පත්තර වල රේප් කේස් රහ කරලා ලියන, ටෙලිවොසොන් එකේ රේප් කරපු හැටි ඇක්ට් කරලා පෙන්නන, ගණිකා වෘත්තිය නීතී ගත කරන්න කිව්වම, වෘෂණ කෝෂේ පේන තරමට සරම උස්සගෙන, "අඩෝව් ඒවා කොහෙද ඩෝ අපි ඉන්නකම්, ඕන නම් උඹේ අම්මව දීපන්.." කියන හරක් ඉන්න, කලබලේට සිඳු වෙච්ච අත්වැරද්දකටවත් ගබ්සාවක් කරගන්න බැරි, ගනං තියාගෙන රේප් කේස් කරලා, ඒවා සෙලබරේට් කොරන දේශපාලකයෝ ඉන්න රටක,.... දන්න එකම වචනේ "සෙක්ස්" ගහලා "සෙක්ස්" හොයන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ////

      Delete
  21. මාතලන් අයියා කියන්නේ අපිටත් හම්බයෝ වෙන්න කියලනේ.ලංකාව ලෝකෙන් එක වෙන්න මාත් දායක වෙලා ඇති.

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින් අහවල් එකක් කියන්නද බන්....

      Delete
  22. බන්ධුල ඇමති තුමා කිවුවේ සෙක්ස් සර්ච් කරලා තියෙන්නේ නිවාඩු කාලේ නිසා දැං එයා නිවාඩු කැන්සල් කරනවා කියලා...
    හරිම ඥානාන්විතයි නේ???????

    ReplyDelete
    Replies
    1. නම්බර් වන් කරකෙක් නේ ඌ

      Delete
  23. සිංහල ජන අනුපාතය අඩු වෙනු ඇතැයි සමහරුන් ගෙන යන ප්‍රචාරයට හා ළමයි පුලුවන් තරම් හදන්න යයි සමහරුන් කරන ඉල්ලීම් වලට ප්‍රතිචාරයක් විකෘති ස්වභාවයකින් පෙන්වන තත්වයක්ද? හික්ස්

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ.. ඒ ගැන දැණුවත් වෙනවද දන්නෙත් නෑනේ....

      Delete
  24. ලංකාවෙ මිනිස්සු ඉනටනෙට් එකේ සෙක්ස් හොයපු එක උන්ගෙ හැදිච්චකමක් මිසක් නැහැදිච්චකමක් නෙවෙයි. අහිංසක කෙල්ලක් රවට්ටලා දූෂණය කරනවට වඩා කොච්චර හොඳද ඉන්ටනෙට් එකේ මොනව හරි බලල සැනසෙන එක.

    මං මේ ගැන පෝස්ට් එකක් දාන්නත් හිතල නොදා හිටියෙ මොන මගුලකටද කියල. ඒ වුනත් ගූගල් කරල තියන වැඩේ කැතයි

    .

    ReplyDelete
    Replies
    1. ඒවා සම හරක්ට තේරෙන්නේ නැති එකනේ කරුමේ....

      Delete
  25. පරිනත වෙද්දී මිනිසුන්ට ලිංගික ආශාවන් ඇතිවෙන එක සාධාරණයි. නමුත් නොවෙන දේ තමයි මේ ලිංගික ආශාවන් සංතෘප්ත කරගන්නේ කොහොමද කියල කියල දෙන්නේ නැති එක. සාහිත්‍යය, කලාව වගේ දේවල් වලින් දරුවන් ඇත කරලා යාන්ත්‍රික මිනිසුන් කොටසක් බිහිකරන්න හදනවා. තමන්ට ඇතිවෙන හැම ගැටලුවටම ගූගල්, යාහු, msn පිහිට විතරයි කාටත් ඉතුරු වෙන්නේ. මිනිසා කියන්නේ විමර්ශනශීලී සත්වයෙක්. තමන්ට ඇතිවෙන ගැටළු වලට විසඳුමක් නැත්නම් මිනිස්සු පීඩාවට පත් වෙනවා. ඒ පීඩාව නැති කරගන්නේ මේ විදියට හරි නොදන්නා දේ ගැන හොයල. නමුත් අවුරුදු 12 පහුවෙනකොට දරුවට ලිංගිකත්වය වගේ දේවල් ගැන හරි දේ කියල දෙනවනම්, දෙමාපියන් දරුවන්ට සමීප වෙනවනම්, දරුවන්ට කලාව, සාහිත්‍යය පරිහරණය කරන්න අවස්ථාව දෙනවනම් මේ හැගීම් හානිදායක නොවෙන විදියට සංතෘප්ත කරගන්නේ කොහොමද කියල අවබෝධයක් ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. අඩුගානේ කාමසූත්‍රය ගැනවත් දැණුවත් නැති ජාතියක්නේ.... එකම සංසර්ග ඉරියව්වක නිරත වන...

      Delete
    2. මාතලන්,
      ඔයාගෙ වයිෆ් එහෙම වුනා කියල හැමෝම එහෙම මනින එක අසාධාරණයි නේද? එයා කැමති නැත්තම් ජාතියටම බැනලා බ්ලොග් පොස්ට් දාන එක නෙවෙයි කරන්න තියෙන්නෙ සාමදානව කතා කරල වැඩේට සෙට් කරගන්න එක...

      Delete
    3. එයා ඔයාලා වගේ පොන්නයෙක් නෙමෙයි...

      Delete
    4. එහෙනම් සුදෝ ඔයා ලන්කාවෙ සන්සර්ග ඉරියව් ගැන රිසර්ච් එකක් කරාද?

      Delete
    5. ලංකාවේ මිනිස්සු සංසර්ගයේ නිරත වන්නේ එකම ඉරියව්වකින්ය කියන වැදගත් කාරණාව මාතලන්ට දැන ගන්නට ලැබුණු ක්‍රම කිහිපයක් මට සිතා ගත හැකිය.

      1. Alfred Kinsey කළාක් වැනි රීසර්ච් එකකින්. වැඩි විස්තර සඳහා බලන්න. http://en.wikipedia.org/wiki/Alfred_Kinsey (නමුත් ඔහුගේ රීසර්ච් එකේ පවා යම් දෝෂ තිබී ඇත. එසේම ඔහුට අනුව ඇමෙරිකාවේ පවා මතක හැටියට 85% පමණ මිනිසුන් ලිංගිකව එක්වී ඇත්තේ එකම මුහුණට මුහුණ ඉරියව්වෙනි.)

      2. හොටේල් එකකට එන ජෝඩු දෙස යතුරු හිලෙන් බලා සිටීමෙන් හෝ එසේ බලා සිටි වේටර්/රූම් බෝයි කෙනකුගේ මාර්ගයෙන් (කාමරයක නොපෙනෙන්නට කැමරා එකක් සවි කළා නම්ද මේ තොරතුරු ලබා ගැනීමට තිබිණි.) මෙතැනදී නම් සැලකිය යුතු සාම්පලයක් පර්යේෂණයට බඳුන් වේ. කෙසේ වෙතත් මාතලන් වේටර්වරයකු හෝ හෝටල් හිමිකරුවකුය මම නොසිතමි.

      3. තමන්ගේ ගනුදෙනුකාරයින් ගැන දිනපොත් ක්‍රමය හෙවත් diary method එකෙන් තොරතුරු වාර්තා කර ගත් වෘත්තීය ගණිකාවක මාර්ගයෙන්. (නමුත් මේ සාම්පලය කොයි තරම් දුරට සාමාන්‍ය ජනගහණය නියෝජනය කරයිද යන්න සැක සහිතය.)

      4. ඉතා විශාල ගණනක් මිනිසුන් හා ගැහැණුන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වූ මිනිසකු/ගැහැණියක දිනපොත් ක්‍රමය හෙවත් diary method එකෙන් එක් රැස් කොට තැබූ තොරතුරු මාර්ගයෙන්. (මේ ක්‍රමයේද සංඛ්‍යානාත්මකව statistically වැරදි තිබිය හැකිය.)

      5. තමන් හෝ තමන් කිට්ටුවෙන් දන්නා වෙනත් කෙනකු සාම්පලයක් සේ ගෙන extrapolate කිරීම මාර්ගයෙන්. නමුත් මේ ක්‍රමයද statistically වැරදිය. Morgan's Table එක අනුව අඩුම ගණනේ 384ක් සාම්පලයට සිටිය යුතුය.

      Delete
    6. ගණිකාවක් හා ප්‍රියම්බිකාවක් සමග එක්වීම අහසට පොළොව මෙනි...

      Delete
    7. ඉතින් මාතලන් කොහොමද මේක හොයාගත්තෙ කියල කියුවෙ නෑනෙ... නිකන් බොරු ආතල් එකක් දීල ශේප් වෙලා නෙ

      Delete
  26. මිනිසුසුන්ගෙ ශාරීරික අවශ්‍යතා පිනවෙන්නෙ නැති උනහම අතට දාගන්ඩවත් දෙයක් හිතට දාන් ඉන්ඩ ඕනෙ. ගොඩක් අය මේක පිළි ගන්න කැමති නැතුව නෙමෙයි... මේකට ‍ අම්මප ඇත්ත කියන්ඩ තියන බය. තමන්ගෙ තත්වෙ නැති වෙයි කියන බය. 18+ කියල දැම්මොත් එෟන පොඩි එකෙක් කියවනව, බලනව. අපි උනත් ඉස්කෝලෙ කට් කරල සම්භාව්‍ය ෆිල්ම් බලන්ඩ ගියේ නෑනෙ. 70 දශකයෙ ‍තුම්මුල්ලට අඟල් දෙකක් විතර පහලට ගවුම් ඇඳපු දැන් මැදි වයසෙ පරම්පරාව සිනා නොමසෙන් දසන් දක්වා කියල තරුණ පරම්පරාවට කියනවනම් ඒ වැරැද්දම ඇති නරුණ පරම්පරාව අනාත වෙන්ඩ. ඇයි දෙයියනේ ද්විතීක ලිංගික ලක්ෂණ පහල වෙන්නෙ අවු 13 විතර වෙද්දි නම් හැඟීම් දැනීම් තියනව නම් O/L A/L වෙද්දි ඒක අවු 5ක් 6ක් හොඳටම ඉවසල. ආයෙ ඕකෙන් කොස් කොටන්ඩද. තමන්ගෙ කියල වැඩිහිටියෙක් ඒ ගැන කතා නොකරනකොට තරැණයො ගිහින් අහන්ඩ ඈ මේ මට දැන් සෑහෙන කාලෙක ඉඳල හරි මෙව්ව එකයි ඒකට මොකද කරන්නෙ කියල. අපිට කලින් පරම්පරාව මේ වැරැද්ද කරල ඉවරයි. අපිවත් අපේ දරුවන්ට මේ ගැන කියා දෙමු. වැරදිච්ච හදන්ඩ බැරි උනත් ඉස්සරහට වැරදෙන එක නවත්තන්ඩ එතකාට පුලුවන්. මේ ගැන ව්වෘත්ත සමාජ කතිකාවතක් හරහ විතරයි සෙක්ස් කියන්නෙ වනචර කම නෙමෙයි එයිට වැඩිය සුන්දර දෙයක් කියල තේරුම් කරන්ඩ පුළුවන්. ඒ ටික කවද හරි වෙනකම් මේ අවනඩුව විස‍ෙඳෙන්නෙ නැතිව එහෙමම තියෙයි... එතකං Sorry.com තමා

    ReplyDelete
    Replies
    1. සමාජයේ තියෙන කුහක බව හා වංක බව නැති වන තුරා අප අසමත් රාජ්‍යයක්ම තමයි....

      Delete
  27. මචන් මාතලන් උබේ ගෑනිගේ පෙට්ටිය කැඩිලනම් උබට අවුල් නේද.උබේ අදහස් ගොඩකට මම එකගය් සමහර එව්වනම් අවුල් සහගතය් .

    ReplyDelete
    Replies
    1. නෑනේ මචන්.. මොකෝ මගේ නූල කැඩිලනේ.. උඹට අප්ෂට් නම් මට කරන්න දෙයක් නෑ...

      Delete
  28. හරියට හරි මාතලන්ගේ අදහසට එකඟයි

    ReplyDelete
    Replies
    1. පෙනවනේ... කොහොම මෙන්ටල් ඩිසෝඩර් සෙට් එකක්ද ඉන්නෙ කියලා. මේ වගේ මිනිස්සු ජාලේ පාවිච්චි කරන එකටත් ලැජ්ජයි...

      Delete
  29. මාතලන් මේ post එකේ වැදගත් කම කියලා වැඩක් නෑ. ලංකාවේ ළමයිට ලිංගික අධ්‍යාපනයක් දෙන්නේ කොහොමද. එක අමු තිත්ත කුණු හරුපයක් විදියට නේ හංගල තියෙන්නේ. ඒ කුතුහලේ නිසාම එක හොයාගන්න උත්සහ දරන්නොත් වැඩි. අදටත් ළමයින්ට සිදුවන ලිංගික අපරාධ 90% වලක්වා ගන්න පුළුවන් නිසි ලිංගික අධ්‍යාපනයක් දීමෙන්.

    ReplyDelete
    Replies
    1. මේවා මේ විදියට නොලියා වන්දින එකාට වදින්නෙ නෑ.. පෙනවනේ රිදිලා තියෙන තරම...

      Delete
  30. මාතලන්,ලන්කවෙ ඉන්න මිනිස්සුන්ගෙ අදහස් දැනගනීමට ඉඩක් ලබ දුන්නාට මගෙ ස්තුතිය.ඔබෙ උත්සාහය අගය කරමි. worst countries list එකෙ ලින්ක් එක පුලුවන්නම් දාන්න.පණ බෙරගෙන රටින් පලා යන්නෙ නැතුව මොනව කරනවද මාතලන්,තමන්ගේ ජිවිතෙ වටිනාකම දැනගෙන රටින් පිටවෙන්න.උදෙ හවස ගොන් අදහස්ම ඇහෙද්දි,ගොන්නුන්ටම උත්තර දෙද්දි තමන්ගෙ වටිනා කියන අදහස් දිනෙන් දින නැති වෙනවා.තමන්ගෙ උදව් අවශය අයටත් උද්ව් කරන්න තියන අවස්ථාව නැති වෙනවා.--එකාදිපති පාලනයකට තමන්ගෙ අත්මර්ථකමිත්වය නිසා උදව් කරන මිනිස්සුන්ට ආදරය කරන්නෙ ඇයි?බුදු හමුදුරුවොන්ටත් වෙනස් කරන්න බැරි උනු මිනිස්සු දහස් ගනන් හිටියා.---Inesh

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මඩ නාගෙන හරි මේ වගේ ගොබ්බයෝ දැණුවත් කරන එකයි අපේ යුතුකම.

      Delete
  31. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete
  32. මම මේක ලියන්නේ මේ ලිපියටම අදාලව නෙමෙයි පොදු විචාරයක් හැටියට
    මම මාතලන්ගේ ලිපි කීපයක්ම කියෙව්වා
    මාතලන්ගෙ ලිපිවලයි මාතලන්ට පක්ෂව විචාර ලියන අයගෙයි
    මාතලන්ට විරුද්ධව කොමෙන්ට් ලියන අයටයි මග හැරුනු කරුනු කීපයක් පැහැදිලි කරන්නයි මේක ලියන්නේ
    මාලන්ගැන මට හිතෙන්නේ එයා රැඩිකල් කෙනෙක් වගේ පෙන්නන්න හදනවා කියලයි ඒත් එයාගේ අදහස් පරන රැකල් අදහස්
    ඔව්වට නාකි රැඩිකල් කියලා කිව්වහැකි
    මේකට කොමන්ට් ලියන ගොඩක් අය කන්‍යාභාවය විවේචනය කරලා තිබුනා
    කන්‍යාභාවය ට අදාල ජීව විද්‍යාත්මක කරුනු ගැන මම පැහැදිලි කරන්නම්
    ඔය ලක්ශනය තියෙන්නේ මනුශ්‍ය ගැහැනුන්ට විතරයි ඇත්තටම මේක ලිංගේන්ද්‍රිය වර්ධනය වීමේ ඌනතාවක්
    ඉතින් අපට හිතන්න පුලුවන් අපේ පුරාණ මිත්තනියන්ට මේක තිබුනේ නෑ කියලා
    බලංගොඩ මානවයා බැන්දේ කන්‍යාවක් නෙමෙයි කියලා කිව්වහැකි
    යම් ජාන විකෘතියක් නිසා මනුශ්‍ය ගෑනු ටිකදෙනෙක්ට කන්‍යාභාවය ලැබිලා තිබෙනවා
    පස්සේ මෙම ලක්ශනය තියෙන ගෑනුන්ට සාර්ථකව තම පරම්පරාව බෝකරන්න හැකිවෙලා තියෙනවා
    මේක ප්‍රතිඵලයක් හැටියට කාලෙකට පස්සේ ස්වාභාවික වරනයට අනුව මනුශ්‍ය ගැහැනුන් බහුතරයක් කන්‍යාවන් වුනා
    මෙක මනුශ්‍යයාගේ දියුනුවට හේතුවුනු සරු විකෘතියක් අඩුම වශයෙන් සදාචාර සම්ප්‍රදායන් හදාගන්න තුරුවත් මිනිසුන්ට
    මේක ප්‍රෙයා්ජනවත් වුනා
    ඉතිං කන්‍යාභාවය හොයනඑක නරකනම් ඒකෙන් කෙරන කාර්යය ශරියා නීතිය වගේ දේකින් විස්ථාපනය විය යුතුයි
    ලමුන්ට ලිංගික අද්‍යාපනය දීමේදී මේ ජීවවිද්‍යාත්මක මතයත් ඉගැන්විය යුතුයි
    අපේ රටේ කිසිම දොස්තර කෙනෙක් මේව ගැන කියන්නෑ ඒ යක්කු කරන්නේ කොන්ඩම් ප්‍රෙමා්ට් කරන එකයි ගබ්සාවට කඩේයන එකයි විතරයි (නොදකින් කළු සුද්දෝ)

    මේක දෙවෙනි කරුන
    ගෑනු ඇඳුම් ගැන කතාකරන කොට ගොඩක් දෙනා ගැහැනු පිරිමි ශරීර අතර තියෙන ජීව විද්‍යාත්මක වෙනස්කම් ගැන අමතක කරනවා
    පුරුෂ ලිංගය තියෙන්නේ පිරිමියාගේ කකුල් දෙක අතර නමුත් ස්ත්‍රී ලිංගය තියෙන්නේ එතන නෙමෙයි
    මුලු ස්ත්‍රී ශරීරයම ලිංගයක්
    මේක වෙනත් විදියකට කිව්වොත් දිස්නෙ ගහන ගෑනු කකුල දෙකක දර්ශනය ප්‍රානවත් පුරුශ ලිංගයක දර්ශනයට සමානයි
    මේක සමහරවිට පුරාන මිනිසාත් දැන උන්නා වෙන්න පුලුවන්
    වීනස් දෙවඟනගේ උපත ගැන කියවෙන කතාවට අනුව යුරේනස් දෙවියන්ගේ ලිංගය කපලා මුහුදට විසිකරනවා
    ඒක බෙලිකටුවක් ඇතුලට ගිහින් විකසනය වෙලා වීනස් බවට පත්වෙනවා
    මේකෙන් පුරුෂ ලිංගය ස්ත්‍රී සිරුරට සමානයි කියලා ඇඟවීමක් තියෙනවා නේද
    ශරියා නීකියට අනුව වුනත් ගැහැනු හැකිතරම් සිරුර වසාගත යුතුයි නමුත් පිරිමියා බුරියත් දනහිසත් අතර ප්‍රෙද්ශය වසාගත්තාම ඇති

    මේක තුන්වන නරුන
    වික්ටෝරියානු සදාචාරය නරකයි කියන අය ඒකට විකල්පයක් හැටියට ඉදිරිපත් කරන්නේ මොකක්ද
    ඇමරිකානු සදාචාරයද?
    පර සුද්දන්ගෙන් ලැබුනු වික්ටෝරියානු සදාචාරය කරේ තියන් ඉන්න එක නරකනම් ඒක අතඇරලා
    පර සුද්දන්ගේ ඇමරිකානු සදාචාරය කරට ගන්න එකේ තේරුමක් තියෙනවද
    ඒක ඉඟුරු දීලා මිරිස් ගැනීමක්
    අපි කරන්න ඕනේ වැඩි දියුනුකල සිංහල සදාචාරයක් ගොඩනගන එකයි
    උදාහරනයක් ලෙස ගනිකා වෘත්තිය නීතිගත කරනවට වඩා බහු විවාහය නීතිගත කිරීම හොඳයි
    ගනිකා වෘත්තිය නීතිගත කිරීම පස්සෙ සලකා බලන්න පුලුවන්
    මාතලන්ලා වගේ අයට බහු විවාහය හොඳයි කියලා හිතෙන්නේ සුද්දෙක් කිව්වොත් විතරයි
    හැබැයි සුද්දෙක්ට බහු විවාහය කියන්නේ මුස්ලිම් මිනිහෙක්ට ඌරුමස් වගේ
    සුද්දෝ සමලිංගික විවාහයට ඉඩ දුන්නත් බහු විවාහයට ඉඩදෙන්නෑ
    ඉතින් මාතලන්ලත් බහු විවාහයට විරුද්ධයි
    මාතලන්ගේ අනික් කෙරුවාවනුත් ඔය විදියමයි

    ReplyDelete
    Replies
    1. අදයි මේක දැක්කේ. අඩේ ගල් යුගේ හෙළුවෙන් උන්න උනුත් පරිඝනකේ භාවිතා කරනවනේ... මාරයි ඈ...

      Delete
    2. ඔබේ ප්‍රකාශය ඉතා වටිනවා.පොදුවේ මාතලන්ගේ ලිපියත් අන්තිම ඉහලයි.අපිට කියන්න දෙයක් ඉතිරිවෙලා නැති තරම්.බටහිර නම් නිදහස් ලිංගිකත්වයක් හදාගෙන තිබෙනවා.ඊට ගැලපෙන්න අනෙක් ඒවත් හදාගෙන.මුස්ලිම් ක්‍රමය ඊට වෙනස්.එතන ස්ත්‍රී පුරුෂයන් වෙන් කර තැබුවාට ලිංගිකත්වයට තහංචි පනවා නෑ.බහු විවාහය හා නිසිකල විවාහය යනාදියෙන් හා වැඩිහිටියන් හා ආගමික දැනුවත් කිරීම් මගින් ප්‍රශ්න විසදාගෙන.
      දෙපැත්තටම නැතිව විකාර කරන්නේ අපියි
      මාතලන් කිව්වා වගේ කෙල්ලෙක් කොල්ලෙක් කතා කලත් කොල්ල්ව පොලීසියෙන් අල්ලගෙන යනවා.
      ස්ත්‍රීවාදී නීති නිසා ඌට හිරේ යන්නම වෙනවා
      දැන් බටහිර රටවල වෛවාහික ස්ත්‍රී දූෂන නීතිය තිබෙනවා.හැබැයි වගකීමෙන් යුතු සුද්දියෝ රෑට එකට ඉදලා මිනිහත් එක්ක තිබෙන වෙන තරහකට හරි එහෙම නැත්නම් දික්කසාද වෙන්න හරි හිතලා උදේට ගිහින් පැමිනිලි කරන්නෙ නෑ.
      නමුත් මේ නීතිය ලංකාවට ගෙනාවනම් රටේම පිරිමින්ට හිරේ යන්න වෙනවා
      ස්ත්‍රීවාදී නීති හදනවානම් බටහිර ක්‍රමයට රටේ සියල්ල සකස් කරන එක වෙනම දෙයක්.
      එක පැත්තකින් ස්ත්‍රීවාදෙ අනෙක් පැත්තෙන් තලේබාන්
      එක්කො තලේබාන් කරන්න නැත්නම් වෙස්ටනයිස් කරන්න
      දෙකට දෙවාරෙ සෙල්ලම් හින්ද ලොක්කන්ට සැප ඔක්කොම.පොඩ්ඩන්ට අඩුම තරමෙ තිරිසනුන්ට තියන සොභාව දර්ම ආශ්වාදය වත් නෑ
      සමාජයෙ විශාල අසහනයක් තිබෙනවා.මේ අසහනය ළමා දූෂන බලහත්කාර ස්ත්‍රී දූෂන ලෙසත් අනෙක් පිරිස ආගමික අන්තවාදය ලෙසත් පිටාර ගලනවා

      දැන් ලංකාවෙ මතුවෙලා තිබෙන ආගමික අන්තවාදය අතෘප්තියට පත්වූ ලිංගිකත්වයේ ප්‍රකාශනයක්
      විසි අවුරුදු බිලිපූජාව කරන මාක්ස්වාදී පක්ෂයට පහසුවෙන්ම බඳවා ගන්න පුලුවන් මේ අසහනකාරයො

      රුසියාවෙ ගොර්බශොප්ට පින් සිද්ද වෙන්න විප්ලව නතර වුනා මිස නැත්නම් කපටි නායකයෙකුට හොදට වචන උඩප්පරන් ගහල අතෘප්තිකර ලිංගිකත්ව සහෝදරවරු ලව්වා ආයෙත් බස් ගිනි තියාගන්න හොදටම ඉඩ තිබුනා

      Delete
  33. meeekata vaga kiyanda oone google.... search google.lk gihin search ekee removing kiyala gahala balanda enne monada kiyala list eke. google.uk gihin gahala balanda eekama gahala enne monaada kiyala

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න