හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Apr 28, 2017
Apr 24, 2017
Apr 17, 2017
කුණු කන්ද ඉවත් නොකළ යුතුය - Garbage Eating Politicians
කොලොන්නාවේ කුණු කන්ද හෙවත්, මීතොටමුල්ලේ කුණු අසල පංදිචිව හුන්, සංචාරක ක්ෂේශ්ත්‍රයට මෙන්ම වමේ පක්ෂයකට සම්බන්ධ මිතුරෙක්, මේ ආකාරයෙන්ම කුණු කන්ද ගැන ආරෝවක් ඇති උන වෙලේ, මාතලන්ට කතා කළේ, මාතලන්ගේ බ්ලොග් කෙරුවාව ගැනත දැනගෙන උන් නිසාවෙන්මය. එදින පැවති රැස්වීම එකම කාළගෝට්ටියක් වූ අතර, මාතලන් කළේ මිතුරාද කැටුව ඔහුගේ නිවසට ගොස් අනුමත වීමට කටයුතු කිරීමයි. එහිදි සුරයන්ගේ පානයක් වන සුරාව හා ගෝලිප් වලින් සන්තර්පනය වූ මුත්, කිසිම කට ගැස්මක් උගුරෙන් පහළට නොගියේ එහි ඇති දුර්ගන්ධය නිසාමය.
Apr 12, 2017
අළුත් අවුරුදු, මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා - Sinhala New Year & Catholics of Sri Lanka
විශේෂ - සමාජ මාධ්‍ය ජාලයන් තුල ඉදිරියෙන්ම ඉන්නා අති විශිෂ්ඨ නිරමාණ කරුවකු වන. "සයිබර් වරිගේ උන්ඩියා" ගේ මෙම බුකි සටහන අළුත් අවුරුදු වෙනුවෙන් මා දුටු හොඳම සටහනයි..
ලාංකික කිතුණු ජනතාව අතරද සිංහල අවුරුද්ද පිළිබඳව යම් විශ්වාස ඇති බව ඔබ දන්නවාද?.....
සාමාන්‍යයෙන් මහ සිකුරාදා හෙවත් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිපත් කිරීම (දුක්ඛ ප්‍රාප්තිය) සිහි කෙරෙන දිනය සහ ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් උත්ථානය වීම සැමරෙන පාස්කු ඉරිදා යන මේ දිනයන් දෙකට පසුව සිංහල අවුරුදු නැකැත් උදාවන්නේ නම් එම නව වසර සුභ නව වසරක් බවටත්, මෙහි අනෙක් පස සිදුවන්නේ නම් එම නව වසර අසුභ ඵල ගෙනදිය හැකි නව වසරක් ලෙසටත් ඔවුන්ගෙන් සමහර කොටස් විශ්වාස කරන බව මගේ කිතුණු නෑයෝ කියති......
Apr 9, 2017
2020 ඝෝඨා ජනපති - Gota for 2020
මහින්ද රාජපක්ෂ ඉල්ලාගෙනම කෑ මැතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස සෝභිත හාන්දුරුවෝ කැඳවාගෙන එන්නට මාර කට්ටක් කෑ "නිර්මාල් දේවසිරි", 2020 අපට කැන්දාගෙන එන්නේ ඝෝඨාභය රාජපක්ෂයි. ඒ වෙනුවෙන් "නිර්මාල්" ආරම්බ කර ඇති "2020 ඝෝඨා ජනපති" නොහොත් "Gota for 2020" ව්‍යාපාරය බුකියේ මහත් ආන්දෝලනයක් ඇති කර අවසානය. සෝභීත හාන්දුරුවෝ ගෙන ඒමට එක හෙලාම විරුද්ධ වූ මාතලන්, මේ අවස්ථාවේ නම් පෙනි සිටින්නේ, නිර්මාල්ගේ තේරිම වෙනුවෙනි.
Apr 8, 2017
විමලෙට කිරි, නීතීයේ කැකිරි හා යහපාලනේ ටිං කිරි , Kiri, Kekiri & Tin Kiri
ඇම් ඇස් ප්‍රනාන්දුගේ, "කැකිරි පැලෙන ටිකිරි සිනාවයි... ඇගෙ ගමන බිම්න නාරිලතාවයි..." කියා පට්ට සින්දුවක් තියෙන්නේය.. සාමාන්නියෙන් කැකිරි පලන්නේ ගෑල්ලමයින්ය.. සමහරක් බවලත් උදවියත් කැකිරි පලනවා ඔහේලාත් දැකලා ඇතිය.. විමල් වීරවංශ සහෝදරයාට ඇප ලබා දුන් මෙහෙනින් වහන්සේත්, තීන්දුව දීලා, එයාගේ යාලුවෝ එක්ක සෙට් වෙලා, එදා හැන්දෑවේ වයින් ගලාස් එකක් ගසා කොළඹ හතේ ලොකු නෝනලා ජිප්සීස්ලාගේ සින්දුවේ කැකිරි පලනවා වාගේ, කැකිරි පලන්නට ඇතිය. (නඩු අහන පිරිමි අය නඩුකාර හාන්දුරුවෝ නම්, කාන්තා පර්ෂවය නඩුකාර මෙහෙනින් වහන්සේලා විය යුතුය..)
Apr 3, 2017
එකම ජොකා මාරුකර ඇඳිම හෙවත් සිරිසේනගේ දැඩි තීරණ - Cabinet Reshuffle
බොඩිම් වල ඉන්නා කොල්ලන්ට වතුර ප්‍රශ්ණයක් තියෙන නිසා, එකම ජොකා සතියක් තිස්සේ විවිධාකරයට අඳිනා ක්‍රමයක් තිබේ.. දවස් දෙකක් ජොකා ඇඳිමේ ඉස්ටෑන්ඩ් එක අනුව අඳින ජොකා, ඊළඟ දවස් දෙකේ අඳින්නේ පුක පැත්ත ඉස්සරහට එන ලෙසය. ඊළඟ දවස් දෙක ජොකා අඳින්නේ කනපිට ගසා, ඉදිරිපස ඉදිරියට එන ආකාරයටය. ඊළඟ දවස දෙක, කනපිට ගැසු ජොකාගේ ඉදිරිපස පසුපසට සිටින සේ ඇන්දාම සතියක් නොව, දින අටක්ම එකම ජොකා ඇඳලාය.
Mar 31, 2017
නෙළුම් යායට නාවේ ඇයි ඔයා - Nelum Yaya Blog Awards
මාතලන් නෙළුම් යායට නාවේ ඇයි කියා, බොහෝ අය එක එක ක්‍රමවලින් අහනවාය. සමහරුන් නාපු එක ගැන දුක් වන අතරේ, සමහරක් සතුටු වෙනවාය. මාතලන් හා "අටමා" බ්ලොග් උළෙලක සිටිය යුතුය කියා, මෙවර සම්මාණලාභී තරිඳු උඩුවරගෙදර ලියලා තිබුනේය. මාතලන් නම් කිව්වේ, බ්ලොග්, අටමාගෙවත්, උගේවත්, මගේවත් නොවන නිසා, ඕනා එකෙක් ඕනා බඩකඩිත්තුවක් කොර ගත්තාට, මගේ නම් අවුලක් ඇත්තේ නැත කියාය. අටමා සිතන්නේද එසේම විය යුතුය.
එසේම විය යුතුය කියා කීවේ, මාතලන් මේ ගැන තාම අටමාගෙන් ඒ ගැන නොවිමසු නිසාය. කිසිවක් කොරන්නට වෙලාවක් ඇත්තේ නැතිය. එහෙත් ප්‍රාණ සමානා බ්ලොග් කෙරුවාව නිසා ඇති කරගත් හිතවතුන් වෙනුවෙන්, මේ ගැන මක්කා හෝ ලියා තැබිය යුතුය කියා සිතුනේය. ඒ හේතුවෙන් මාතලන් අහනා ප්‍රශ්ණ වලට මාතලන්ම පිළිතුරු දෙනවාය..
Mar 25, 2017
වත්මන් සීගිරි ළඳුන්.... - Sigiri Frescoes
ලංකාවේ කලාකෘතිවලින් මාතලන් අමුතු ලොවකට ගෙන යන තැන තමයි, "ගල් විහාරය".. ගල් විහාරේ පිළිමවල තියෙන කළාත්මක බව, වෙන එකම බුදු පිළිමයකවත් ඇත්තේ නෑ.. එයිනුත් අති දුර්ලභ ඉරියව්වක් වන "පරදුඛ්ඛදුඛ්ඛිත මුද්‍රාවෙන්" යුතු බුදු පිළිමය තමයි මාතලන්ට නම්, අගනාම කළා කෘතිය. එයින් පස්සෙ කැමති තැන් අතරේ සීගීරිය විශේෂ තැනක තියෙනවා.
Mar 11, 2017
බෝ, වයිල්ඩ් බෝ ඇන්ඩ් කපුටු බෝ - Pannipitiya Bo Tree
පන්නිපිරියේ බෝ ගහ ගැන මම මෙහෙම පෝස්ට් එකක් බුකියේ දැම්මා
ගස් ගල් වලට වඳිනා බෞද්ධයා නියම බෞද්ධයකු නොවේ.
බුදුන් පහළ වූයේ එවන් හරකුන් එයින් මුදවාලීමටය..
බුදුන් සිටිය යුත්තේ හදවතේ මිස,
ගස් ගල් වල නොවේ...
එතනදී මගෙන් සැදැහැවත් බෞද්ධ කුළ කාන්තාවක් විමසුවා මෙහෙම, "හැබැයි ගස් වලට වන්දනාමාන කිරීම පිළිබඳ මුල්ම හුරුව බුදුනගෙන් නේද පටන් ගත්තෙ?"
Mar 8, 2017
බල්ලන් හා නිදි වැදීම - Sharing a bed with dogs can make you sick
අම්මට සිරි ලංකාව කියනා රටේ ඉතිහාස කතාවලට අනුව නම්, එක්කෝ රජා වයසට ගිහින් මැරෙනවාය. එහෙම නැත්නම් වෙන්නේ, රාජ්ජේ පැහැර ගත් එකා, අරූ නිවන් යවනා එකය. කෙලින්න එන එකාට බිසව දන් දීලා යාන්තම් ජාම බේරගෙන පැන ගිහින් ආපු උන් ගැනත් පොතේ තිබුනාට, ඒ කතන්දරේ කියන්නේ වෙන විදියකටය. තා එක්කෙනෙක් දන් දීලා ගිහිනුත් ඉල්ලාගෙන කෑවේ බඩු ෂුවර් නැති නිසාය.
Mar 5, 2017
ලෝකෙන් උතුම් රට = The wonder of the world
කරුණාකර පහත ලින්කුව කියවා සිටින්න
ලෝකෙන් උතුම් රට
කාකයින් කුණු බුදින
සුනඛයින් බුදිනා අශූචී
කළ එළි බැස
එලි බසී
නැතිව කිසි හිරිකිත
වළඳති
බොහෝ රසයැයි කියා
අශූචී..
- මාතලන් -
Subscribe to:
Posts (Atom)












