.

.

Dec 18, 2011

පිච්චු හැදෙන සඳ.... - Dear Uncle Moon


නෑ.... නෑ.. බාන් කී මූන් අංකල් ගැන නෙමෙයි....

සඳ ගැන කවි, ගී , සින්දු, චිත්‍ර, කෝටි ප්‍රකෝටියක් ලියවිලා ඇති ඒ හැම එකකම  සිනිදු, සුකොමල, ලාමක, ලතෙත් මෘදු, සෞම්‍ය, මොලොක්, මටසිලිටු, ප්‍රසන්න, ප්‍රිය උපදවන වස්තුවක් විදියට තමයි හඳුන්වලා තියෙන්නේ, කාන්තාවගේ මුහුණට උපමා කලේ කැත හිතකින්ද එහෙම නැත්නම් අවංකවද කියන ප්‍රශ්නෙකුත් මට තියෙනවා. ඒ උනාට මේ කයිය වෙනස් එකක් වෙයි මයේ හිතේ.....

               -o-
සිතුවානම් මාමේ, උඹ
නීල් තමයි වැඩයා කියා.
උඹට වැරදිලා එහෙනම්..
නැගලා මල් රොකට් එකේ,
එනව අපිත් නිතරම ඔහෙ,
අටවක දා හිනාවෙන්නේ
ඒ බව උඹ දන්නවාද..?

එන තරමක් ඔහේ එන්නේ,
නරුමයෝමයි රොකට් එකේ..
එනකොට උඹ මතක් වෙන්න,
හඳෙන් පසුත් අරන් එනව..
එකයි ඔය තරම් ගොඩක්
මූනේ වලවල් පිරිලා..

ඔහොම ගියොත් දවසක උන්,
අරන් ඒවී හාවත් උඹේ..
බයිට් එකට මරන් කන්න..
ඒක නිසා හැමදාමත්
අමාවකට වෙලා ඉඳින්..
ඕනෙම නම් පෝය දාට
පුර සඳ ලෙස පායාපන්...
අම්මා අපේ සිල් ගන්නේ
උඹ පිරිලා ඉන්න දාට..
            -o-

මගේ පින්තූරූ බොග බලපු අය මේක කියවලා ඇති, හැබැයි මෙතන, සංස්කරණයකට ලක් වෙලා....

අළුත් බොගක් 


බ්ලොග් වලින් ඉස්සෙල්ලම කියෙව්වෙ, "රාවයේ" ලිපිනය දැකලා "ටැබුගේ" බ්ලොග් එක. මම හිතුවේ ඒක "වෙබ්" එකක් කියලා. ඊට පස්සේ රැකියාවක් හොයන්න ඩුබායි ගිහින් ඉන්න කොට, අහම්බෙන් "කතන්දර" දැක්කේ. ඊට පස්සේ කතාගේ පිහිටෙන් මගේ වියදමෙන් "මාතලන්" පටන් ගත්තා. කතා, දුකා, රවා, ගයාන් තාරක සහ "ම", ඉස්සෙලම පෝස්ට් එකට කොමෙන්ට් දාලා දිරිමත් කළ. ඉස්ස ඉස්සෙල්ලම කොමෙන්ට් කළේ "සු". 

කතා කවදත් පෙරලි කළා, දුකා අපිව ඇඬෙව්වා, ඔය අතරේ වෙද මහත්තයා ඇව්ල්ලා මේකේ අමුතුම වෙනසක් ඇති කළා ඇයි ඔබා...? අනන් මනන් එක එක තැන්වල ලිය ලියා ඉඳලා බොගක් දැම්මා. මේකේ අමුතුම මානයකට ගෙන ගිය කෙනෙක් තමයි පොඩි මෑන්. එයා බය නැතුව හැමෝම කතාකරන ඒත් බය හිතෙන දේවල් කළාත්මක විදියට සිත් ඇදගන්නා ආකාරයෙන් ඉදිරිපත් කරලා මේක උඩු යටි කුරු කළා. අද ඒ ට්‍රෙන්ඩ් එක නැගලා යනවා
මම හිතනවා, අද පටන් ගන්න එකත් ඒ විදියේ දෙයක් කරයි කියලා. මේ විදියේ පළමු එක මේක වෙන්න ඕන. වෙන ඒවා තියෙනවනම් මට කියන්න. ඒ ගෞරවය දෙන්න කීයටවත් පැකිලෙන්නේ නෑ. අපි ඉදිරියට යන්නයි ඕන.


මේ බොග ගැන විස්තරයක් මෙතන තියෙනවා.
කෙලින්ම බොග බලන්න මෙතනින් යන්න.

කැමතිනම් බලන්න, විඳින්න. නැතිනම් ඒත් බලන්න විඳින්න.
කැමතිනම් කොමෙන්ට් එකක් දෙන්න. නැත්නම් ඒත් දෙන්න.
අකමැතිමනම් ඊයක් විදින්න happyjay65@gmail.com


අපි පියවරක් ඉදිරියට යමු....

33 comments:

  1. තව එකක් පටන් ගත්තද බන්... මට මේ තියෙන එක ලියාගන්න වෙලාවක් නැතුව ඉන්නව...

    ReplyDelete
  2. වෙලාවක් නැතුවම නෙමෙයි‍ කම්මැලිකම ;)

    ReplyDelete
  3. එළ එළ තවත් අලුත් එකක්!

    ReplyDelete
  4. ගැහැනූ මුහුන සඳට උපමා කරද්දි ගැහැණු තරහ නොවුනට, සඳට නම් අම්බානෙට මල පයිනවා ඈති....

    ReplyDelete
  5. ඔයා අලුත් බ්ලොග් එකක් කරනවද?

    @prasanna86k,

    ඒ ඉතින් සඳ කැත බව එයාම දන්න හන්දා වෙන්ටැති.:D

    ReplyDelete
  6. බලමු, බලමු, මාතලන් දුන්නොත් ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නෑනෙ...එළට ඇති..

    ReplyDelete
  7. බොග බලන්නං. මං කියෝපු ඒවැයින් උඹේ හොදම පෝස්ටුව තමයි පිස්සු හැදෙන සද.

    ReplyDelete
  8. ඇත්තට වෙන වැඩක් නැද්ද බොල... මේ හඳට මාත් ගිහින් තියෙනවා....

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. http://arunadeepa.blogspot.com/2009/10/blog-post_11.html

    මං යනවා බොග බලන්න..

    ReplyDelete
  11. නීල් අංකල් දවසක හඳට ගියාලු. ඒත් දැන් සමහරුන් කියනවා ඒක බොරුලු. මම නම් විශ්වාස කරනවා ඒක ඇත්ත. අපේ පොන්නම්පෙරුම මහත්තයාත් එතැන සිටි කෙරුමෙක් නොවැ. හැබැයි කවුරුන්ටත් වඩා අපේ ක්ලාක් මහත්තයා වැඩකරු. හාවාට වැඩේ දුන්නොත් එතැනත් අපේ එකෙක් ෂුවර්.

    ReplyDelete
  12. පිස්සු සඳේ ‍රැස් විහිදේ

    ReplyDelete
  13. පුර හඳ පායන දවසට සිල් විතරක් නෙවේ සමහර අයට පිස්සු ඩ්බල් වෙනවලු....

    ReplyDelete
  14. සාතන් කිව්වා වගේ මාත් මේ තියන එකට ලියන්නත් වෙලා නැතුව ඉන්නවා....ඌඹ දැන් වෘත්තිමය බොගර් කෙනෙක්ඩ්ද ඈ?

    ReplyDelete
  15. අලුත් එකේ 'වර්ඩ් වෙරිෆිකේෂන්' අයින් කොරල දැම්ම නං මොකද....?

    ReplyDelete
  16. @ සාතන්
    කම්මැලි වෙලා කොහෙමෙයි බන් කිසිම දෙයක් කරන්නේ..

    ReplyDelete
  17. @ බුවා
    මාර
    මාතලන්

    ReplyDelete
  18. @ විසිතුරු
    එළ කිරි...

    ReplyDelete
  19. @ ප්‍රසන්න86කේ
    අහල බලන්න ඕනේ, ඊළඟ පාර යන වෙලේ..

    ReplyDelete
  20. @ පොකූ
    ඔව්නෙ අනේ... බලන්න.. හින්දි නළුවොත් ඉන්නවා

    ReplyDelete
  21. @ ලකී
    ඒකනේ කියන්නේ.... තෑන්ක්ස් අගය කිරීමට...

    ReplyDelete
  22. @ වෙද මහත්තයා
    අනිවා ඩෙෆා.. ආයේ ඒකේ දෙකක් නෑ..

    ReplyDelete
  23. @ ඕනයා
    පිස්සු හැදෙන සඳ
    ඇයි ඔච්චර ගඳ

    ReplyDelete
  24. @ කැන්ඩියන්
    මේ දවස්වල පුර හඳද..

    ReplyDelete
  25. @ බුද්ධී
    දැක්කා. ටැන්කූ...

    ReplyDelete
  26. @ රාජ්
    තෑන්ක්ස් මචන් ඔක්කෝටම වගේ කයිය අමතක වෙලා. මට නම් මේකට වඩා සේකරගේ රිඳුන සිත අල්ලලා ගියා..

    ReplyDelete
  27. @ නරකයා
    රොකට් ආතල්. මස්කට්, පැණි බූන්දී

    ReplyDelete
  28. @ සාතන්
    ඒ වගේනේ පේන්නේ. එහෙම වෙන්න තියෙනවනම් මොන සැපක්ද..

    ReplyDelete
  29. අලුත් බ්ලොගේ 'වර්ඩ් වෙරිෆිකේෂන්' අයින් කොලා නං නරකද?

    ReplyDelete
  30. @ ඔබා
    දැන් කොහොමෙයි තත්වේ...?

    ReplyDelete
  31. ඈ බන් අයියෙ උබට කොයින්දෑ වෙලාවල් ඔව්ව ට... මොනව උනත් එළ... ගොඩ වදින්නම්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න