.

.

Dec 22, 2011

ඔබ සැමට සුභ නත්තලක් වේවා...!!! - Merry Christmas Dear Friends...!!!


දෙවියන් වහන්ස,
ඔබ වහන්සේගේ පුත්‍රයා පැමින ගොස් බොහෝ කල්ය. මේ අප සමරන්නේ ඔබ වහන්සේ අප වෙත එවූ පුත්‍රයාගේ, යේසුස්ගේ, 2011 වන උපන් දිනයයි. නමුත් ඒ පුත්‍රයාත් කුරීරු ලෙස කුරුසයක ඇන ගසා මරා දමන්නට තරම්, ඔබ වහන්සේම මැවු මිනිසා, කුරීරුවිය. සාතන් ජය ගත්තේය. සමහර විට ඔබ වහන්සේ මිනිසා මැවීම ගැන අද දුක්වනවා ඇත. මා නම් ඒ ගැන බොහෝ දුක් වන්නේය. ආදම් පරපුර ඔබට පිටුපා සාතන් පසු පස යති.

ඔබ මැවූ ලෝකය. ගිනි ගන්නේය. සාතන්ගේ අනුගාමිකයෝ ස්වර්ගය මේ ළොවම ඉඳිකර ඒ සැප විඳිමින් නිරයත් මෙහිම මවා ඇත. ඔවුන්ට නම් හැමදාම නත්තල්ය. දුප්පතුන් ළොව සෑම තැන, කුසට අහරක් නොමැතිව දුක් විඳි. සාතන්ගේ අනුගාමිකයෝ තව තවත්, මේ ළෝකය ගිනි තියන්නට සැලසුම් සකස් කරති.  සමහර විටෙක ඔබ වහන්සේට අමතරව වෙනත් කෙනෙක්, අප වැනි අසරණ මිනිසුන් මැවූවාද යන සැකයක් මට ඇත.

දෙවියන් වහන්ස... ඒ කෙසේ වෙතත්, ඔබ වහන්සෙගේ පුත්‍රයාගේ උපත අප සමරමු. අපට නත්තල එදාට පමණය. කරුණාකර අප කෙරෙහි අනුකම්පා උපදවා.. තවත් එක පුත්‍රයකු නොව... පුත්‍රයන් රාශියක්.. හැකි ඉක්මනින්.. අප වෙත එවන මෙන් අප ඔබ වහන්සේ වෙත යාඤ්ඤා කරමු.

ඔබ වහන්සෙට සුභ නත්තලක් වේවා...!!!

ආ...... මේන්...

ලංකාවේ තරම් නත්තල් වලට ආතල් ගන්න සෙට් එකක් මුළු ළෝකෙම නැතුව ඇති. පුදුම ආතල් එකක් ගන්නේ ඒ දවස් ටිකේ. ඒව ගැන කියන්න ඕන නෑනේ. අනිවාර්යයෙන් දෙවියන් වහන්සෙ ඊළඟට එවන පුත්‍රයෙක් ලංකාවට එවනවමයි. මේ තරම් ආතල්, පුරුතුගීසීකාරයාගෙන් ආපු නිසා වෙන්නත් ඇති. බයිලා ආවෙත් එයාලගෙන් නේ. නත්තල් ගීත කොච්චර තිබුනත් මම කැමතිම "ෂේකින් ස්ටීවන්ස්"ගේ "මෙරි ක්‍රිස්මස් එව්රී වන්" කියන ගීතයට. මොකද ඒකේ, "ස්නෝ ඉස් ෆෝලින්" කියන කේස් එක ඇර, අනිත් හැම දේම සසිරිබර මෙසිරිලක නත්තලේ තියෙනවා. අහන්න බලන්න විඳින්න. පුළුවන්නම් ගායනා කරන්න. ඒත් බැරිනම් කියා සැනසෙන්න..


Snow is falling
all around me
children playing
having fun

it's the season
love and understanding
merry christmas everyone

time for parties and celebration
people dancing all night long
time for presents
and exchanging kisses
time for singing christmas songs

we're gonna have a party tonight
i'm gonna find that girl underneath the misteltoe,
we'll kissed by candlelight

Room is swaying, records playing
All the songs, we love to hear
All I wish that everyday was christmas
What a nice way to spend the year

We're gonna have a party tonight
I'm gonna find that girl
Underneath the mistletoe, we'll kiss by candle light

Snow is fallin, all around me
Children playing, having fun
It's the season, love and understanding
Merry christmas everyone
Merry christmas everyone

Oah merry cristmas everyone

Snow is falling, all around me
Children playing, having fun
It's the season, love and understanding
Merry christmas everyone

Snow is falling, all around me
Children playing, having fun
It's the season, love and understanding
Merry christmas everyone

Snow is falling, all around me
Children playing, having fun
It's the season, love and understanding
Merry christmas everyone
Merry christmas everyone
Merry christmas everyone 

ආ..... මට තව ටිකෙන් අමතක වෙනවා

මැද පෙරදිග යුධ ගිනි දැල් නිම වේ              වා
මව් බිම දිණූ ජෙනරල් නිදහස් වේ               වා
දුප්පත් අයට යහපත් දවසක් ඒ                    වා
දෙදහස් දොලහෙදිත් නත්තල පැමිණේ      වා

ඔබ සැමට සුභ නත්තලක් වේවා . . . !!!

ප: ලි:
දැන් ඉතින් අහයි මාතලන් කැතලුක් ද කියලා. නෑ මම සර්වභක්ශික...
"2012 - 12 - 21" ළොකේ විනාසේ එනවලු. එහෙම උනොත් ...


නත්තල් කාඩ් එක මෙතනින් බලන්න..



27 comments:

  1. මූණූ ෙපාෙත් මිතුෙරකු අහල තිබ්බා කලුකුෙමා් කුකුෙලා වැනි සතුන්ට නත්තල් නැද්ද කියලා.

    ReplyDelete
  2. @ ජය ශ්‍රී - හාල්මැස්සෝ, උම්බලකඩ එහෙම කන බෞද්ධයෙන් වෙන්ටෑ.. මස් මාළු ටිකක් කන්නේ නැත්තන් ඉතින් හරකෙක් වෙලා ඉපදුනානම් ඉවරනේ..

    ReplyDelete
  3. //මව් බිම දිණූ ජෙනරල් නිදහස් වේවා// කවියට නම් මනාපයි.

    සුභ තන්තලක් කිව්වා..
    (අපේ ජී.එෆ් නංගී කැතලුක්, මම බොදු ලුක්)

    ReplyDelete
  4. යකෝ එතකොට මාව ෆලෝ කරන උන් ආදම් පරපුරේද?... අනේ අයියෙ මම අහින්සකය... මාව ගාව ගන්න එපා ඕකුන්ගෙ අලුගුත්තේරු වැඩ වලට... ;)

    ReplyDelete
  5. මම කිව්ෙව ඉතිං මම දැකපු ෙදයක්.
    By the way I will type in English because you can see I am facing a problem with sinhala uni codes.

    "ඇහෙන, දකින, පෙනෙන දෙයක් ගැන මට හිතෙන විදියට මම දන්න ආකාරයට වචන පෙලගස්වන එක තමයි කරන්නෙ. ඒව ගැන තරහ ගන්න කාරි නෑ ඕන්...." Quote from Mathalan's side bar - so friend, I would like to say the same.

    ReplyDelete
  6. එ ජයශ්‍රි ගේ ඇහැට කනට පේන්නෙ නැද්ද ඔය කොයි සතාටත් තියෙන්නෙ පණ පනමයි කියල . කුකුලද හාල් මැස්සද කියල නැ කවුරුත් ජීවිතේට ආදරෙයි නේ . පූර්න නිර්මාංශකයෙක් වෙන්න පුලුවන් නම් (ලෝකයම මෙහෙම වෙනවාය කියලයි ක්ලාක් මහත්තයගෙ අනාවැකිය, කෘතිම ආහාර නිශ්පාදනයත් එක්ක ) ඒක ඉතාම වටිනව . හැබැයි කුකුලා නොකා හාල්මැස්සො කන එක නම් වැඩකට නැහැ නේ

    ReplyDelete
  7. අපිට නම් ඉතින් නත්තලක් කියලා දෙයක් නෑ මොකෝ කීවොතින් අපිට එදාට නිවාඩුවක්වත් නෑ . පෝය දාට විතරයි අපේ ලොක්කා අපට නිවාඩුවක් දෙන්නේ .

    මම ඉතින් නත්තල් කියලා එදාට කරන්නේ ඔය ටීවී එකේ යන ෆිල්ම් හරි කාටුන් හරි හොඳටම බලන එක තමයි .

    ReplyDelete
  8. මාත් සර්වභක්ෂික ඒත් අල්ලා එක්ක සීන්....

    ReplyDelete
  9. ආ... අමතක උනා... හැපි නත්තල්...

    ReplyDelete
  10. අර කවියේ මුල් පේලියේ ප්‍රාර්ථනාව ප්‍රාර්ථනාවක්ම උනොත්නම් අන්තිම පේලියේ ප්‍රාර්ථනාව ඉටු නොවේවි..

    කොහොම උනත් මේ නත්තල සුභ නත්තලක් වේවා!!!

    ReplyDelete
  11. මේ අප සමරන්නේ ඔබ වහන්සේ අප වෙත එවූ පුත්‍රයාගේ, යේසුස්ගේ, 2011 වන උපන් දිනයයි.

    sure da?

    ---
    The precise day of Jesus' birth, which historians place between 7 and 2 BC, is unknown.[13] In the early-to-mid 4th century, the Western Christian Church first placed Christmas on December 25, a date later adopted also in the East.[14][15] Theories advanced to explain that choice include that it falls exactly nine months after the Christian celebration of the conception of Jesus,[16] or that it was selected to coincide with either the date of the Roman winter solstice[17] or of some ancient pagan winter festival.[16][18]

    ReplyDelete
  12. අර ඩෝප් කාරයෙක් කියපු කතාවක් මතක් උනා. ....බුදු හාමුදුරුවොන්ගේ බර්ත් ඩේ එක දවසට බාර් වහලා..නෝ ආතල්...ඒකට ජෙසුස් වහන්සේගේ බර්ත් ඩේ එක...බොන්ඩයි සොමියයි ඕන තරම්...

    එංගලන්තේ ලමයි 1000 ක් එක්ක නත්තල් ගැන කරපු සමීක්ෂනයක් හොයාගෙන තියනවා 36% ක් දන්නේ නැතිලු නත්තල් උත්සවේ පවත්වන්නේ මොකටද කියලා. 22% කියලා තියනවා සයිමන් කවල්ගේ උපන්දිනය දවස කියලා :-)
    http://www.dailymail.co.uk/femail/article-2076523/Christmas-meaning-lost-1-4-children-believe-25-December-Simon-Cowells-birthday.html

    ReplyDelete
  13. @පොඩි මෑන් - අල්ල කෙසේ වෙතත් පොරව අදහන අයගෙ ගොඩක් දේවල් එක්ක මාත් සීන් .

    ReplyDelete
  14. හැමෝටම සුබ නත්තලක් වේවා....:D

    ReplyDelete
  15. අපිට නත්තල් නෑ. අඩුගානෙ අහල-පහල වත් නෑ.

    ReplyDelete
  16. In the above article:
    Theology = 0
    Dogmatic = 0
    Tradition of the church = 0
    Catholic thinking = 0
    pissu wikara = 100%

    ReplyDelete
  17. නත්තල කියන්නේ දැන් නම් බිස්නස් එකක්. ඒත් වටිනා සංස්කෘතික උත්සවයක්. කොහොම හරි මම නම් නත්තලට කැමතියි.
    බුවා අර අල්ලාගේ අනුගාමිකයෝ ගැන කථාව නම් හරියටම හරි.
    ආගම් ගන මගේ මතය වෙන්නේ මේ ආගම් තිබුනු නිසා තමයි ලොකෙ මෙහෙමවත් ඉතුරු වෙලා තියන්නේ. නීතියට බය නැති මිනිස්සු දෙවියන්ට බයයි. ඒකනේ පූජාවට්ටි කර ගහගෙන බිම පෙරලි පෙරලි වඳින්නේ. මොන වරද කලත් පොඩි කන්ට්‍රෝල් එකක් එනවා ආගමත් එක්ක. අපි ඒ නිසයි බය නැතුව ආගම් විවේචනය කරන්නේ. ඇයි අපි මොනවද කරන වැරදි මේ පොරවල් දිහා බලනකොට.

    ReplyDelete
  18. You are not allowing me to silent.So I speak.
    1.I have never said that I am eating dry fish only. it is a creation of Mathalan

    2.Can't you see that people badly misunderstood the real message of the Jesus?If he still alive will he allow people to kill many many innocent lives on behalf of his birthday?I don't think so.

    Sorry for using English.I am not having sinhala uni codes.

    Jayasri

    ReplyDelete
  19. මල් පැණියෙන් ඉතිරෙන ප්‍රීතිමත් නිවාඩු කාලයක් වේවා !, ඉහත ලිපිය නත්තලේ නියම අරුත් මතක් වෙන විදියට ඔබ ලියා තිබෙනවා යයි හිතෙනවා, සමහරක් බර බරේ දැම්මත්!

    අප වෙනුවෙන් දුක් විඳි ජේසු තුමාවත් සිහි කරමු!

    ReplyDelete
  20. යුද්ද කාලෙ ඔපරේශන් ඒරියා ඩියුටි හිටපු ආමි බුවෙක්ගෙ දෙකේ පංතියෙ ඉගෙනගන්න පුත්‍රය ලියුමක් එවුවලු දෙසැම්බර් නිවාඩුවට එද්දි නත්තල් ගහක් ගේන්න කියල. ආමි බුවත් මොනව උනත් පොඩි එකාගෙ ඉල්ලීම නෙ කියල ගමේ එනකොට ට්‍රැක්ටරේක පටෝගෙන එනවලු තඩි "තල්" ගහක්. ගෙදර කට්ටියට ෆුල් හොල්මංලු . . . . බලද්දි පොඩි එකා බැරි බැරි ගානෙ ලියල තියෙන්නෙ "තාත්තෙ එනකොට නාත තල් ගහක් ගේන්න" කියලලු

    ප.ලි.
    හැපි නත්තලක් සහ පොස්පරස් අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  21. මා තලන් තුමාටත් සුබ නත්තලක් සහ ජය සතුට පිරි නව වසරක් වේවා

    ReplyDelete
  22. @ බුවා - උඹටත් එසේම වේවා...!!!

    @ සැමා - එසේම වේවා...!!! උඹගේ බොග බලන එක මහ වනයක්. අනවශ්‍ය දේ ඉවත් කරන්න. අනිත් අයගේ කීමට මමත් එහෙම කලා අකමැති උනත්.

    @ සාතන් - සාතන්ලා කොහෙද බන් හොඳ.... හෙහෙ හෙහ් උඹ එහෙම නෑ කියලා මම දන්නවා..

    @ ජය ශ්‍රී - මොකෝ බන්, මම හිතන්නේ නෑ එකෙක්වත් මස් කන එකට විරුද්ද වෙයි කියලා. දැන් හින්දු අයත් කුකුලට ගේම දෙනවා ඕසෙට. එහෙම නැත්නම් ලේ රහ තියෙන සෝයා හරි කනවා.

    @ සඳරූ - ඒකත් නත්තලක් තමයි ඉතින්

    @ පොඩි මෑන් - ඕන ආගමක තලෙයිබාන් ඇර අවුලක් නැත.

    @ දිනේශ් - ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරමු වෙන මක්ක කොරන්නෙයි.

    @ ඇනෝ - සෑම දෙයක් ගැනම මේ වගේ මත බේද තියෙනවා නේද...?

    @ කැන්ඩියන් - ඒ උනාට නත්තලටත් බාර් වහනවා මේ රටේ.

    @ පොකූ - ජයවේවා....!!!

    @ රාජ් - ඇයි ලොක්කා බෝනස් එකකුත් දුන්නා නේ...

    @ ලෝරන්ස් = සොරි සර්, දිස් ඉස් වට් ක්‍රිස්මස් ෆෝ මී. හෙල්ප් පුවර්, බී සිම්පල් ඇන්ඩ් රියල් අන්ඩ් එන්ජෝයි..

    @ වෙද මහත්තයා - වෙනදා මෙන්ම ඔබ හා එකඟයි

    @ දයල් බතී - ස්තූතියි. මට නම් නත්තල් කියන්නෙ මේකයි.

    @ ඕනයා - නා තල් ගහ මරු කතාව. උඹටත් පොටෑසියම් එකක්ම වේවා.

    @ වැලි ගෙම්බා - ඔබ තුමාටත් එසේම වේවා...!!!

    ReplyDelete
  23. මට නං නත්තල්, දවස් හතරක්ම නිමාඩු, ඒ මදිවට ඔබීත් ලංකාවෙ

    ReplyDelete
  24. සුබ නත්තලක් වේවා

    ReplyDelete
  25. අපිට මොකක් හරි කරලා ලෝක විනාශය කල් දා ගන්න පුළුවන් උනොත් එල.. එහෙම නොවුනොත් නම් ඉතින් හැමෝට ම අන්තිම පාරට සුභ නත්තලක් වේවා!!

    ReplyDelete
  26. නත්තලටත් බාර් වහනවා? එතකොට ඊස්ටරයට?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න