.

.

Dec 22, 2011

ගල් - Stones


ගල් ගැන කතා බහක් ඇතිවෙලාය. එබැවින් මා වැනි බුද්ධිමතෙක්, ගල් ගැන සම්බාව්‍යා විග්‍රහයක් නොකිරීම ගැන මාගේ මිතුරන් මා විමසුවේය. ඒ අයගේ බලවත් ඉල්ලීම මත මේ ගල් විචාරය ලියන්නේය. ගල් ඒ කාලේ ඉඳන් මේ පින් බිමේ තියෙන්නට ඇතිය. ඒත් ගල් සගිස්කුරුත්තේට එකතු වන්නේ බුද්ධාගමත් එක්කය. මහින්ද හාමුදුරුවෝ (මෙයා නෙමෙයි අනේ ලංකාවට බුද්ධාගම ගෙනාපූ මහින්ද හිමි.) වැඩියේ මිහින්තලේ ගලක් උඩටය. ඒ නිසා මිහිඳුගේ පරපුරත් ගල් වලට කැමතිය. බුද්ධාගමත් එක්ක ඉන්දියාවේ සිට ආපු අට අනූවක් කස්ටිය එක්ක ගල් වඩුවෝත් ආවේය. ගල් ආඳෝත් ආවේ ඒ කට්ටිය එක්ක දැයි කියන්නට දන්නේ නැතිය. ඒ ගැන දැනගන්න සූරීයප්පෙරුම මහතාගෙන ඇසුවාම එතුමා කිව්වේ අපේ අම්මාගෙන් අසා ගන්න ලෙසය. පුරාවිජ්ජා චක්කර නාහිමි විචාල කල උන්වහන්සේ කරුණාවෙන් වදාලේ, එ ගැන තව හාරලා බලන්නම් ඒත් ඔහේ වගේ ගල් මූසලයෝ ඉන්නකම් මේවා කොරන්න අමාරු බවය. ගල් මූසලයෝ හෙහ් හෙහ් චිත්‍රපටියකට ලස්සන නම්ක් නේද කියා ඇහුවාම උන්නාන්සේ කිව්වේ. චිත්තර පටියට කෙසේ වෙතත් ඒවා හදන උන්ට නම් ගැලපෙනවා කියාය.

මිහින්තලේට ආවාට. අපේ පොරසිද්දම ගල සීගීරී ගලය. ඊට පස්සේ දඹුලු ගලය. තන්තිරිමලෙත් ගලක් තියෙනවාය. ඒ උනාට ඔය ඔක්කෝටම වඩා පුරාණේ හිටන් ත්‍රස්තවාදින්ට ආරක්ෂාව සැපයූවේ රිටිගලය. අර ආපු ගල් වඩ්ඩෝ සෙට් එක අහුවෙන අහුවෙන ගල කැපුවේය. ඒ නිසා අද සුද්ද්න්ට පෙන්නා කීයක් හරි හොයා ගන්න ගල් ආඳොන්ට පුළුවන්ය. සඳකඩපහන, මුර ගල්, පිලිම, ඔක්කෝම ගලේ කෙටුවාය. මට නම් හොඳම එක තියෙන්නේ පොලොන්නරුවේය. ඒ ගල් විහාරයය. ගල් කැපුවා විතරක් නොව ගලේ ලියලාත් තිබේය. එව්වාට කියන්නේ සෙල් ලිපි කියාය. කස්ටිය කියන්නේ ඒ කාළේ උන්නා වගේ ගල් වඩුවෝ දැන් නැහැ කියාය. දැන් ඉන්න උන් ගැන දන්න මා නම් එසේ කියන්නේ නැතිය. දැන් ඉන්න උනුත් අහු උන තැන ගල් කපනවාය. කස්ටිය කියන්නේ ගලේවල යනවා කියාය.
එක එක ජාතියේ ගල් තියෙනවාය. කලු පාට චොකලට් පාට සුදු පාට ආදි වසයෙන්ය. සම හරක්ට වටින්නේ සුදු ගල්ය. ඒ ගල් ගැන දන්නේ නැති උන්ය. වටිනාම ගල නිල් පාටය. ඒව තියෙන්නේ රත්නපුරේය. රතු කැට, ආරනූල් වෛරෝඩි අර රෝඩී මේ රෝඩී ඔක්කොම තියෙනවාය. නිකන් තියෙන ගල් වැඩක් නැතිය. වටිනාකම වැඩිවෙන්න නම් ගල් කැපිය යුතුය. ඒ නිසා කවුරු කවුරුත් නිකන් තියෙන ගල් කපා ගන්න එක හොඳය. හොඳ පොරකට අහු උනොත් හොඳ ගානක හොයා ගත හැකිය. රත්නපුරේ අයනම් පටන් ගන්න කොටම පතල් හාරනවාය. ඊළඟට ගල් කපනවාය. ඒ අය එහෙම කොලාට අනික් අය එකෙම කොරන්න හොඳ නැතිය. ඉස්සෙල්ලා ගල් කපා පස්සේ හෑරූවාට අවුලක් නැතිය.

පොඩි කාලේ අඹයක් කඩන්න ගල් ගහලා පුරුදු වෙන වල් කොල්ලෝ. දැලි රැවුල එනකොටම සංස්ථාවේ ගල් ගහනවාය. මේ ගල් ගැහිල්ල නම් නැගලාම යනවාය. ලංකාවේ හැමතැනම ගල් කඩ දැම්ම අත්තනගල්ලේ මැඩොම්ට අපි පින් දිය යුතුය. අදටත් බයිලාවක් ගහගෙන ආතල් එකේ ඉන්නේ, එපින් බලෙන්මය. නැත්නම් ඉස්සර ගලක් හොයාගන්න පතලේ යනවා වගේම යන්න ඕනය. වාහනෙට පැස්ටෝල් වගේ අපිට ගල් අවස්සිය නිසා හැම ටවුමක් ගානේ ගල් කඩ තියෙනවාය. වැඩියෙන් යන්නේ කාලේ ගල්ය. ගල් ගැහුවාම ගඳයි කියා හාමිනේ කියනවාය. ඒ නිසා ඒවාට මැතොඩ් තියෙනවාය. ගල් ගැහිල්ල ගැන වෙනම විග්‍රහයක් පස්සේ දෙන්නම්ය. සම හරක්, ගොන් හරක්ට ඔය කලු ගල්, ගඩොල් භාගේ ගල් දීලා, ගල් ගහන්න කියනවාය. බුදුසාදුටත් ගල් පෙරලපු පරපුරේ උන්ට ඕවා කජු කනවා වගේය.

ඔය ගල් සේනාවක් සිරසේ හැඩ් කුවාටස් වලටත් ගල් ගැහුවේය. සිරසේ කස්ටිය ඒවා නඩු බඩු ලෙස තියාගත්තේය. ඒවා අරගෙන ඇවිත් අලි පාටියේ හැඩ් කුවාටස් එකට ගැහුවේය. ඒ ටැලිවිසොන් එකෙන් ගහන ඒවා පයිසෙකට ගනන් ගන්නේ නැති නිසාය. සිරසට වැරදුනේ මෙතනය, රනිල් ගල් වලට කැමතිය. එ නිසා නිකන් තියෙන ගල්, උන්නැහේට දීලා සමහර අය වටිනාකමක් ලබා ගන්නවාය. ඒ උනාට සිරසේ ගල කපන්න නොගියේය. උන්නැහේ මේ ගල අරන් ඇවිත් මාද්දිය සාකාච්චාවේදි සිරස කැමරා එකටම ගැහුවේය. සිරසට එදා ඉඳන් ගනවාය. ඒ ගහපු උන් එක්ක දැන් ධාතූ පෙන්නනවාය..මඩ කන්ඩි දානවාය. බොම්බත් ගැහුවේය. ක්ලෙමොත් ගැහුවේය. ඒවා දරුණු ප්‍රහාරයන්ය. ඒත් රනිල්ගේ ප්‍රහාරය ඊටත් වඩා දරුණුය. මොකෝ ඒ ප්‍රහාරයෙන් සිරසට සෑහෙන රිදුනේය.

ප: ලි:
පැරදුන දෙන්නා දැන් කියන්නේ තිබුනේ හොර ඡ්න්දයක් කියාය. ඒ උනාට පුංචි ප්‍රේමදාස ඒ ගැන කටක් හොල්ලන්නේ නැතිය. මේක එතුමාගේ ප්ලෑනක්ය. රනිල්ගෙන් පස්සේ තැන කරූට යනවාට. දැම්මම කරූ කපා දැම්මේය. එමපණක් නොව, අනතුරු දායක දයාටත් අම්මට සිරිම කොලේය. මෙව්වාට කියන්නේ ඩබල් ගේම් කියාය..... ඒ වගත් මෙසේය.

මේක ඔටෝ පබ්ලිෂ් වෙන්න දැම්මේ ටෙස්ට් කොරන්නත් එක්ක. මේකටයි කලින් පෝස්ට් එකට යි දෙකටම රිප්ලයි කොමෙන්ට්ස් එකට දාන්නම්.....

35 comments:

  1. මාතලන් අයියා, කතාව මරු, ප.ලි. කෑල්ල මරේ මරු...

    ReplyDelete
  2. යාපහුව හා සමනල කන්දේ ඇති ගල ලියවිලා නැනේද ?

    කොහොම උනත් මේ ගල් ආඳන්ගේ , ගල් කැපිලි දිහා බලාන , ගල් කාලක් නවාගෙන ඉන්නවා හැර වෙන කුමක් කරන්නද

    ReplyDelete
  3. අනේ අයියෙ මේ වගේ ඒව කැලි දෙකකට විතර දාපන්.. හිනාවෙනව කියල එක දිගට හිනාවෙන්න පුළුවන්ද මේ වගේ... මොනා වුනත් මාතලන් අයියට ගල් ගැන මාර දැනුමක් තියෙන්නෙ ;)

    මම දැක්ක දයා කොහේදෝ කියල තිබුන පැරදෙනව කියල දැනගෙනයි ඡන්දෙට ඉදිරිපත් වුනේ කියල... උන්ම තමයි ඇත්ත බොරු දන්නෙ..

    ReplyDelete
  4. ඒ දෙන්නට විතරක් නෙමේ දැන්නම් රටටද අප්පට සිරි වෙලා බව මට නම් පෙනේ. ඒත් ජහමනයාට ආතල්ය. ඒකට කියන්නේ ස්වයන් වින්දනේ කියලාය. ඔහොම යන් ඔහොම යන්

    ReplyDelete
  5. පතල හාරන අයත් නොදන්න දේවල් තියෙනවාය.. ඒ හම්ඹවුන ගල කලිබ් කපලා බවය... හයසිය ගානට තියෙන ගල් හා ඔය කියන කපන ගල් ඇරුනාම අනිත් ගල්වලින්නම් මට වැඩක් නැත්තේය...

    ගල් වඩුවන්ගේ ගල් කැපිලිගන පොඩි මෑන්ද ලියා ඇත්තේය...

    http://mamaiarui.blogspot.com/2011/10/blog-post_13.html

    ලින්ක් එක දැම්මට මාතලං අවුලක් ගන්න එකක් නැතැයි හිතනවාය...

    අවුල්නං අයින් කොරාට අපේ නම් අවුලක් නැත්තේය...

    පොඩිමෑන්ට අන්තිමට මෙහෙම හිතෙනවාය...

    ගලක් ගසා ගලක් කපා ඉන්නේ නැතුව ගල්පාර කන්න මොකට මුන් දේසපාලනේ කරනවාද කියාය

    ReplyDelete
  6. මාතලං අයිතිහාසික ගල් ටිකක් ගැන මරුවට ලියා ඇත. ලංකාවේ වැඩිම ගල් තොගයක් කැපූ වලගම්බා රජ්ජුරුවන් අමතක වීම මගේ හිතට නං දුකකි.

    ReplyDelete
  7. ගල්කැපිල්ල හරි ආතල් වැඩක් බං. ඒකනෙ මේවගේ කවි ලියවෙන්නෙ,

    දහවල සේම හද පායා ඇති රෑක...
    වව්ලන් පවා දන්නා රහසකි මේක...
    මං බෑ කියද්දිත් දාගෙන දං ගේක...
    විජිතනන්ද මාහට ගල් කැපු සේක...

    ReplyDelete
  8. පව් කාරයාට ගල් ගැසීම ගැනත් කියලා තියනවා...
    දැන් වෙන දේවල් හැටියට පව්කාරයාත්, පව්කාරයාටත් ගල් කැපීම හොඳ නැත.

    ReplyDelete
  9. අර ප.ලි කෑල්ලේ ලිය උන දේවල් ඇත්ත කියලා මටති හිතෙනව.. ඔක්කොටම වැඩිය අර පොටෝ එකේ ලස්සන..

    ReplyDelete
  10. කොළඹ ඉන්න කාලෙ නං මමත් හෙනට ගල් කැපුවෙමි. දැං නං නිදහස්....... ගල් ගැන මෙච්චර ලියන්ඩ පුලුවන් කියලා මම දැනං උන්නෙ නැනේ...

    ෆස්ට් එක දැම්මා වගේ බකස් ගා මෙව්වා එක පැන්නෙ මෙතනින් ය
    //මහින්ද හාමුදුරුවෝ (මෙයා නෙමෙයි අනේ ලංකාවට බුද්ධාගම ගෙනාපූ මහින්ද හිමි.) වැඩියේ මිහින්තලේ ගලක් උඩටය. //

    ReplyDelete
  11. රාජ් මහත්තයා- පට්ට කෙමන්ටුවක් දාලා තියෙනවා.

    මාතලන්- ගල් ගැන කියන්නට දෙයක් නැත. ගල් ගහලවත් එලවන්නට බැරි එකා එලවන්නටම බැරිය. ඒ කාලේ අගමැති වෙලා ඉන්නකොට පරාද වුණාම මහත්තෙයක් වගේ බඩු පැක් කරගෙන ගිය මනුස්සයා දැන් ගල් ඉබ්බෙක් වෙලාය. ඕක වෙන්නට ඇත්තේ කෝපි බිව්වාට පසුය. නැත්තම් අහිතක් නැතිව නියම මනුස්සයෙක් වගේ හිටපු පොරකි.

    වෙනදේ බලා සිටිමු. සියළු ගල් කනු බිදගෙන සරත් මාමා එනතුරැ.

    සිරා පෝස්ටුව.. ජය ර්‍ශ්‍ර මාතලන්..

    ReplyDelete
  12. sam - සරත් මමා සියලු ආකාරයේ ගල් ගැන ස්පෙසලිස්ට් කෙනෙක් විය යුතුය . එලියට නම් එන්නටම ඕනිය ,ඒත් ගල් වැඩ පොලේ භාරකාර තනතුරට නම් සැර වැඩිවේය

    ReplyDelete
  13. gal wala ethehasaya marai... ranilge gal wala athitaya dukbarai....lankawa desapalanaya ..????

    ReplyDelete
  14. පුංචි ප්‍රේමදාස මහත්තයත් කාලෙකට ඉස්සර ගල් පර්වත වගයක් හොයාගන වනාන්තර අස්සේ කැරකුනා කියලා හම්බන්තොට පැත්තේ මිනිස්සු මොනවදෝ කතා වගයක් කියනවාය. ලොකු ලොක්කන්ගේ ගල් සෙල්ලම් ගැන කියන්න ගිහින් අමාරුවෙන් අටවා ගත්ත බ්ලොග් එකත් ගල් වෙයිද නොදන්නා නිසා ඒවා ගැන කතා නොකරම ඉන්න එක හොදය.. දයාසිරි මෙගා ස්ටාර් වෙන්න ගිහිල්ලත් හොර sms ගේම් එකක් නිසා පැරදුනා කියා කියනවාය. ඔව්වා ගැන අපි දන්නේ නැතිය . කියන්න තියෙන්නේ ඡන්දයෙන් පැරදුන අය කළු ගලක ඔලුව ගහ ගත්තා නම් මිට වඩා හොදයි කියාය .

    ReplyDelete
  15. බුවාගේ සිතුවිලි- සැර වැඩිවෙන තරමට හොදය.. නැත්තම් ආතල් නැත්තේය.. දැන් සැර බාල වී එලියට ආ විට භාරකාරත්වයට උපරිම සුදුසුය.

    ReplyDelete
  16. කලු ගලේ ඔලුව ගහගන්න හදන්නෙපා මාතලන් අයියා !!

    ඔන්න බබෝ ඇතින්නියා ගලින් ගලට පනින්නියා , පය ලෙස්සා වැටෙන්න්නියා

    ReplyDelete
  17. ඇයි දැන් ගල් කොරන්න දස්සයොත් ඉන්නව......අහූනදේ ගල් කොරන එක අපේ කාලෙ හොඳ පුරුද්ද්ක්නෙ.....

    X-Porter

    ReplyDelete
  18. මෙහෙම ගල් ගැන විවරණය කරන කොට මේ අපිටත් ගලක් දෙකක් කපාගෙන කපාගෙන යන්න හිතෙනවාය....!

    ReplyDelete
  19. ගල් කැපීම පිරිමැදීම සේදීම මෙකී නොකීදෑ ලියවී තිබුණද ගලේ රීම ගැන ලියා නැත... ගල් ගැසූ උන් ගලේ රුන් පුසි මෙන් දැන් ගල්ටික් වී සිටින අතර ජෙනරල්ට රනිල්ට විතරක් නොව අන්තරේට කඩේ ගිය උන් පවා රී ඇත්තෙ ගලකය... එසේමුත් තාමත් නොදන්නවා උනත් ඇස් බි ද ආතල් එකේ රෙන්නෙ ගලකය...

    ReplyDelete
  20. අනිත් ගල් ගැන සඳහනක්වත් නෑ නේද...

    ReplyDelete
  21. මාතලං . . . හැපිම හැපි උපන්දිනයක් වේවා . . . !!!!!
    උම්ම්ම්ම්ම්මා . . . . .!!!!!!

    ReplyDelete
  22. ගල් කේස් ගොඩායි බලනකොට නේද??
    ඒත් ඉතින් ඔය හදන්නේ මාතලන්ගේ බ්ලොග් එකත් ගලකින්ම තලාගන්නද මන්දා..........

    ප.ලි : මොකක්ද මේ උපන්දින කථාව.. එහෙමනම් සුභ මෙව්වා එකක් ඇ..

    ReplyDelete
  23. මම නං ගල් වලට වඩා පොල් වලට කැමතිය, ටිකක් පරණ ඒවා නං වඩාත් හොඳය.
    [දැන් නං කෝක හදන්නෙත් එසන්ස්, ස්පිරිට්, වගේ කෘතීම ඒවායින් කියලත් කියන්නේය]

    ReplyDelete
  24. නරකයා Absolutely correct.Many times Government also behave likes "Galee paharapu balala".Eg: Pension scheme for privet sector, Plastic bucket for vagitable & fruits ..............
    "HATHPOLEE GA GANNAWA"

    ReplyDelete
  25. ඔය ඉන්දියාවෙන් ආවේ ගල් කූරෝය. ගල් අස්සෙ මල් ගහන්නත් අපේ අය්යලා සූරය. පොඩි කාලේනං ඉගෙනගත්තෙ "රජ්ජුරුවො හරිම හොරා - ගල් වංගෙඩි ගත්තු කෙනා" ලෙසය. දැන් නං වංගෙඩි පමණක් නොව ඔක්කොම ගල් කොරලාය.කොහොම් උනත් කියන්න ඇත්තේ එකය. ඇතා ගලින් ගලට පනින්නෙ පය ලිස්සගනට විය යුතුය.

    ReplyDelete
  26. හපෝයි ....
    මෙහෙමත් ගල් කතාවක්..
    මෙන්න මූ ගල්..
    එක්කො ඒක ඕන නෑ..
    මාව ගල් කරන්න එපෝ..

    කුරුම්නියා.

    ReplyDelete
  27. @ ඇනෝ - ප:ලි: කොහොමත් හොඳ හොඳ ඒවා තමයි ලියවෙන්නේ

    @ බුවා - අම්මපා ඒ ගල් අමතක උනා නේ

    @ සාතන් - මීට පස්සේ කොටස් වශයෙන් දෙන්නේ ආතල්

    @ වෙද මහත්තයා - දවස් දෙකයි ගියේ මව්ටත් කෙලලා තියෙන්නේ ටැන්ගෝල් පැත්තේ.

    ReplyDelete
  28. @ පොඩි මෑන් - බැලුවෙමි වින්දෙමි. කිසි අවුලක් නැත. ජාලය කියන්නේ ඒ නිසාය.

    @ ඕනයා - වලගම්බා පුක ඉම්බා කියා නම් අසා ඇත.

    @ රාජ් - විජිතානන්ද කියන්නේ කඩේක මුදළාලී කෙනෙක් වෙන්ටෑ...

    @ කැන්ඩියන් - පව් කාරයෝ කොහොමත් ගහන්නේ ගල්ය.

    ReplyDelete
  29. @ දිනේශ් - වසරේ හොඳම ඡායාරූපය

    @ බුද්ධී - ඊ..........යා............ වල් කොල්ලෙක්

    @ සෑම් - ගල් ආඳෙක්ය

    @ ඉන්දික දිසානායක මෙහේ පොලිටික්ස් ටිකක් අර ගල් මාට්ටූ දානවා වගේනේ

    @ රෙප් මහත්තයා - ගලේ ගැහුවා නෙමේය. ගලේ රුන්නාය

    ReplyDelete
  30. @ සඳරූ - ගලේ යන්න බෑ මැණිකේ පතුල රිදෙනවා

    @ එක්ස්-පෝටර් - ගල් කරන්න මේ වගේ ජාතියක් තව ඇත්තේම නැත

    @ දුමී - ගල් කපන වයසක සිටින කෙනෙක් නෙමේය

    @ නරකයා - මම නොලියපු ටික උඹ ලියා තියෙනවාය. පට්ටය

    @ මාළු පැටියා - මොන ගල් ද අනේ

    ReplyDelete
  31. @ ඕනයා - තෑන්ක්ස් මචන්.. කිස් එක දිග මදි...

    @ දේවා - ටැන්කූ. ගලෙන් තැලුවත් කියන්න ඕන එක බැලන්ස් එකේ කියනවාය.

    @ ඔබා - දැන් නියම බඩු තියෙනවාය

    @ ජය ශ්‍රී - නානවාය

    @ සිංහභාහූ - ඇතා බබුට බයේ දුවන්නියාය

    @ කුරුමිණියා- තව ගල් කතා ඉදිරියට දෙනවාය.

    ReplyDelete
  32. රනිල් උන්නැහේ විටමින් බීල ඇවිල්ල තියෙන්නේ.දැක්කද ගල උස්සල පෙන්නන හැටි නිකං පුලුන් වගේ.

    ReplyDelete
  33. mewa kiyawana kota hithenne munge ammalata ..... kiyaya

    ReplyDelete
  34. ගල් ගැන මේ කියන කතා අහද්දි ගහන්න ගල් වත්... කපන්න ගල් වත් නැති කොට මට තෝව මරගෙන කන්නට හිතෙනවාය

    ReplyDelete
  35. NAKI GAMARALAGE KATIN LO LO HANDA NAGEE.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න