.

.

Mar 24, 2012

ජිනීවා, කොල්ලා, දුෂ්ඨයා සහ සපෝටර් හෙවත් ජෝකර් - Geneva Stars



 ජිනීවා වල හුට පට ගැන ලියන්නෙයි කියලා මළ වදේය. මේ ටිකේ සුට්ටක් වැඩද වැඩිය. මට ඔය මලදාන ගැන ලියන්න, මොකෝ මම අන්තර්ජාතික සම්බන්ධතා ගැන පස් තාච්චි ඇදලා නැතිය. මම පාස් තාච්චි ඇද්දේ ගමේ කඳු කඩාගෙන වැටුනාම විතරය. ඒ නිසා එහේ උනේ මොකක්ද කියන්න මං දන්නේ නැතිය. ඒවා පිළිබඳ විසාරද මහාචාර්ය පීරීස්ගෙන අසා ගන්නට හැකිය. නැතිනම් බඩු ගහන්න ජිනීවා ගිය උන්ගෙන් අසාගන්නය. එහෙම නැතිනම් ඕවාට පෙලපාලි ගිය එකෙක්ගෙන් අහගන්නය. මට ඕවා වැඩක් නැතිය ඒ නිසා මම අපේ සෝ ගැන ලියනවාය. ඔහෙලා කැමති නම් බලන්නය. අකමැතිනම් ඒත් බලන්නය. මොකෝ මේවා අරවාට වඩා ආතල්ය.

 මගේ යාලුවෙක් කටාර් වල ඉන්නේය. ඌගේ ගම අම්පාර පැත්තේය. ඒ කියන්නේ අපේ සඳරුලාගේ පැත්තේය. ගම උහනය. ඒ කාලේ සෝ එකක් ආවාම ලවුස්පීකරේ බැඳන් ගම වටේ එනවුන්ස් කොරන් යනවාය. පට්ටම ආතල්ය. අල්ලපු ගමන් දියවෙන කොලේක, පෝස්ටර් එකකුත් සමහර වෙලාවට ජනේලෙන් විසිකරනවාය. මේව්වා ඇහිඳින්න අපිත් ඔය කාරෙක පස්සේ දුවනවාය. අම්පාරේ නොව ඒ කාළේ කැළනියේත් එසේමය. ඒ උනාට එනවුන්ස් කරන හැටි වෙනස්ය. අපේ පැත්තේ නම් කියන කොට එච්චර ගතියක් නැතිය. ඉන්න නලු නිලියෝ ගැන කියා හෝල් එකේ නමයි සෝ එකේ නමයි කියනවාය. ඒ උනාට අම්පාරේ එහෙම නොවේය. අරු කියන විදියට ඒවා සඳරුගේ පෝස්ට් වගේම රසවත්ය. එහේ කියන්නේ මෙහෙමය. "සුන්දර මාලීනී එක්ක යාළු අපේ ගාමිනි සමග පයිට් කරන මර්විනයා රඟන එදත් සූරයා අදත් සූරයා අපේ හෝල් එකේ දැන් පෙන්නනවා. ඔබත් එන්න ගාමිනිට සපෝට් දෙන්න...." ඔහොම කිවාම නොයන එකෙක් නැතිය. ඉතින් පවුල් පිටින් ගිහින් විසිල් ගගහා කඳුළු පෙරාගෙන සෝ එක බලා එනවාය.

 අපේ ලාංකිය සිනමාවේ හැටි එහෙමය කොල්ලා ඉන්නවාය. ෆුල් හැන්ඩ්සම්ය. ඒ උනාට මට නම් ඇල්ලුවේ ගාමිණි විතරය. ඌ පට්ටම ලවර්ය හැරුනත් පෙම බේරේනවාය. කෙල්ල ඉන්නවාය. මාරම කෑල්ලක්ය. සෙක්ස් බේරෙනවාය. ගල්, කුක්කු එළීයේ දාගෙන එයා ලව් කරනවාය. එයා කැමති කොල්ලාටය. තව එකෙක් ඉන්නවාය ඒ දුෂ්ඨයාය. ඌට කෙල්ල කැමති නැතිය. මොකෝ ඌ බොනවාය, ක්ලබ් යනවාය. සුරාවට බරය, සිකැරට් බොනවාය, වලියට බරය, බඩු ගහනවාය කොච්චර බඩු හිටියත් කෙල්ලත් ඕනෑමය. ඉතින් ඌ කෙල්ල බලෙන් ගෙනියනවාය, ක්‍රේප් කරන්න ඔන්න මෙන්න තියෙද්දි දොර කඩාගෙන ජනෙල් බිඳගෙන තාප්ප පැනගෙන හීරෝ එනවාය ඒ  කියන්නේ කොල්ලා එනවාය. ඌට දුෂ්ඨයාට ගහන්න කලින් දුෂ්ඨයාගේ කඩේ යන සෙට් එකට ගහනවාය. 

මෙහෙම ගහන කොට අම්බානක කන්න වෙන බව දන්න නිසා සමහර කඩේ යන උන් කොල්ලාට කඩේ යන්න පටන් ගන්නවාය. කොහොම හරි කොල්ලා අන්තීමට දුෂ්ඨයා එක්ක දරුණුම සටනක් යනවාය උන් දෙන්නා තිරේ කෙළගන්නවාය. බලන උන් කටෙන් ගහ ගන්නවාය. ඩිෂුම් බිෂුම් කියනවාය. විසිල් ගහනවාය. ගහපිය ඕකාට කියා කියනවාය. අන්තීමෙට දුෂ්ඨයා මැරෙණවාය. කොල්ලා කෙල්ලත් අරන් මාරූ වෙනකොටම ආතල් ගන්න කෑල්ල පෙන්නන්නේ නැතුව හෝල් එකේ ලයිට් දානවාය. එතකොට බැලුවාම කෙල්ලෝ අඬනවාය. සමහර වෙලාවට දුෂ්ඨයා මැරුණ නිසා වෙන්න ඇතිය. 

ඉතින් ඕවාට ඇක්ට් කොරන්න එක එක චරිතෙට, වෙන වෙනම කට්ටිය ඉන්නවාය. කොල්ලාට ඉන්නේ ගාමිණි, විජේ, ටෝනී, සනත්, ජීවන්, රන්ජන් වගේ අයය, කෙල්ලට ඉතින් ලස්සන කෑලී ඉන්නවාය. දැන් එහෙම කෑලී නැති නිසා ඉන්දියාවෙන් ගේනවාය. එහෙම එන අය එක්ක රඟපාන්න නළුවෝ නැති නිසා 50 පැන්න බලු කුක්කෝ, ෆොරින් නිළිය බදා ගත්ත ගමන්ය. බලාගෙන ගියාම ඒ කාලේ රජවරු රට පාලනේ කොරලා නැතිය. බඩු බදන් ඉඳලාය. හොඳම දුෂ්ඨයා ඩොමීය, ආයේ කතා දෙකක් නැතිය, ඊට පස්සේ මර්විනයා, සොමී රත්නායකයා එහෙම හිටියේය. සොමි ළෝකේ හොඳම නළුවා වෙන්න හොලිවුඩ් ගිය ගමන් තාම එහේය.

දැන් ඉන්නේ කරූය. නෑ අනේ අලී පාටියේ දුෂ්ඨයා නෙමේය. උන්නැහේටත් රනිල් අම්බානක දුන්නේය. විල්සන් කරූය. ඔය ඉතින් ලංකාවේය. ඒ උනාට ඇච් ඇස් බී සී එකෙන් වෙළඳ ණයක් අරන් හරි ප්‍රකෝටියක් දෙනවා කිව්වත් රම්බෝලා ආර්නෝල් සුභසිංහලා ටොම් කෲස්ලා තියා සාරුක්ලා ආක්සේලා වත් අපේ සෝ එකක ගුටි කන්න නම් එන්නේ නැතිය, ඕනම නම් හීරෝගේ චරිතේ දුන්නොත් සලකලා බලන්න පුළුවන්ය මොකෝ උන් වර්ල්ඩ් ෆේමස් හීරෝලාය. උන් අපේ හීරෝලා පයිසෙකට ගනන් ගන්නේ නැතිය. අපේ බඩුත් උන්ට වැඩක් නැතිය . උන්ට ඉන්නේ සොලිඩ්ම කෑලීය.

ඒ නිසා අපේ හීරෝලාත් උන් එක්ක ගහ ගන්න යන්නේ නැතිය. නිකන් පුක බිම ඇන ගන්නේ නැතුව සේප් එකේ ඉන්නවාය. ඉඳ හිටලා බඩුවක් නැලෙව්වාට. ගුටි කන උන්වත් ගේන්නේ නැතිය. එහෙම ගෙනාවොත් ඌ හීරෝට ගහලා බඩුව අරන් මාරූ වෙනවාය. එතකොට ප්‍රේක්ෂකයන්ටත් අප්සෙට්ය. මේ දවස්වල හීරෝලා ඉන්නේ ඇමරිකාවේය. ඉන්දියාවේත් ඉන්නේය. ඔහොම හැමදාම තියෙන්නත් බැරිය සමහර විට අනාගතේ චීනේ උන් රුසියාවේ උන් හීරෝලා වෙන්නත් බැරි නැතිය. කොහොම හරි රම්බෝලා එක්ක ගහගන්න ගියොත් අම්බානක කන්න වෙනවාමය. ඒ නිසා සේප් නියාය කොහොමටත් හොඳය.

මෙහෙත් අඩෝ රම්බෝලා කවුද ඩෝ අපිට කියා කියන උන් ඉන්නවාය. ඒ උනාට මම නම් එහෙම කියන්නේ නැතිය. රම්බෝ ගයිඩ් කෙනෙක් ගෙන් මොකක්ද බන් අරූ කීවේ කියා අහලා කියපු එක ඌට කිව්වොත් නහුතෙටම කන්න වෙනවාය. ඒ ඒ කෙහෙල් ගෙඩි වලට ඒ ඒ බනිස් තියෙනවාක. හැම බනිසටම එකම කෙහෙල් ගෙඩියෙන් කෙලින්න ගියොත් කෙළවෙනවාය. ඒවට ක්‍රම තියෙනවාය. මම ඔය කියපු උන් සෙට් එක අතරේ ඒ මෙතඩ් එක දන්න එකෙක් ඉන්නවාය. ඌ ඇවිත් ජෝකර්ය. (හොඳම එකා ෆ්‍රෙඩීය.) ඌ දුෂ්ඨයාට උනත් චැලේන්ජ් කොරනවාය. හෙමීට ඌගේ කන අතගානවාය. අන්තීම ෆයිට් එක ආස්සේත් දුෂ්ඨයාගේ ඒවුන්ටත් කෙලිනවාය පේස් ටූ පේස් නෙමේය. හැංගි මුත්තන් කෙළ කෙළය. අන්තීමට කොල්ලාට කෙල්ල බාර දෙන්නේ ජෝකර්ය. ඌ ගුටි කන්නේත් නැතිය. ආතල් එකේ ඉන්නේමය. අන්තිමට උට කෙල්ලගේ යාළුවාත් හම්බ වෙන්නේය. ඒ කෑල්ලත් එක්ක යන ගමන් වැටිලා ඉන්න දුෂ්ඨයාගේ පුකටත් එකක් ගසාගෙන යන්නේය.

චන්ඩි පාට් හැම තැනටම හරියන්නේ නැතිය. ඕන නැති තැනට ඒවා දැම්මාම ගොන් පාට් වෙන්නේය. කොල්ලා උනත් දුෂ්ඨයා උනත් එතකොට වට කරලා නෙලනවාය. මොකෝ එකෙකුගේ වීරයා තව එකෙකුට දුෂ්ඨයා වෙන නිසාය. එතකොට හරියන්නේ අර ගොනා වගේ ඉන්න සපෝටර්ගේ පාට් එකය. එකෙන් ඕන එකෙකුට ඔළුවෙන් ගහන්න පුළුවන්ය. ඒ උනාට සම හරක් ඕවා දන්නේ නැතිය. ගොන් පාට් දාන්න ගොස් පුක බිම ඇන්ගන්නවාය. කරුමේ කියන්නේ බෙල්ල කැපුවත් කඳ පයිට්ය. ඔළුව ගැලවිලාත් කට වහ්හනේ නැතිය. ගොන් කම බේරෙනවාය. අර ජෝකර්ගේ පාට් එක. එහෙම නැතිනම් සේප් නියාය දමා කට්ට උනා නම් ඔව්වා වෙන්නේ නැතිය. දැන් ඉතින් ඊ ළඟ සෝ එකට සෙට් විය යුතුය...

61 comments:

  1. මෙහි ජිනීවා ගැන කිසිත් නැතිය. මේක අලුත්ම කලාවක්ය. මාතලන් ස්පෙෂල්ය. මට නම් මෙහි ඇති යටි අරුත ඉතාම තදින් හිතට වැදුනේය. මට දුක මෙහෙම ගොබිලෙක් මේ බ්ලොග් ලිය ලියා ඉන්න්න එක ගැනය. මාතලං ඇත්තෙන්ම මහා හැකියාවක් ඇත්තෙකි. මෙවැනි රටාවකින් ව්‍යංගයෙන් යමක් කීමේ බිනීමෙ හැකියාව දැන් ඉන්නා ලාංකිකයන් අතර ඉතා හිඟය. පුවත් වාර්ථා කරුවන් අතරත් එහෙම ඇත්තේම නැති තරම්ය. ඉන්නා උන්ද කඩේ ගිය ගමන්ය. මේ ලිපිය ලියූවාට, මාතලං ඔබට මගේ හිස නමා ආචාර කරමි.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා කොච්චර බිසි උනත් මට කොමෙන්ට් එකක් දානවනේ .. බොහෝම ස්තූතියි.. පත්තර වල මේවා ලියන්න බැරි නීසා ලියන්නේ නැතුව ඇතිය...

      Delete
  2. සිරි ලංකාවේ පෙන්නන සෝ වල දුස්ටයා හැමදාමත් අම්බානක ගුටි කනවාමය. ඊට පස්සේ කොල්ලා කෙල්ල අරන් මාරුව දානවය. ජිනීවා චිත්තරපටිය නම් තවම ඉවර උනාද කියන සැකය තියෙනවාය. එව්වා ගැන ජිනීවා ගිය උන් ගෙන්ම අහ ගන්න ඕනෑය. මං නම් ඔව්වා ගැන දන්නෙම නැතිය....
    මමත් දැන් ටික දොහකට කලින් පොළොන්නරුවේ ජයන්ති හෝල් එකේ ගාමණි බැලුවාය.පික්චර් බලන්නට කස්ටිය එන්නේ ලොරි වලඩ් ලෑන් මාස්ටර් වල පොර කාගනය. හෝල් එක ඇතුලෙත් පට්ට ආතල්ය. ආමි එකෙන් එල්.ටි.ටි එකට ගහන එව්වා දකිනකොට. කස්ටියට මාරම හැපිය. විසිල් ගහනවාය. කෑගහනවාය.එහෙම ආතල් කොළඹ නැත

    ReplyDelete
    Replies
    1. මමත් ඉස්සර පිට පලාත් වල සෝ බලනවාය. ඒ සෝ එකට වඩා ආතල් බලන්න පුළුවන් නිසාය. එහෙම ආතල්ම සෝ එකක් බැලුවේ බොම්බෙදීය. ඒ ආතල් නම් මෙහේ නැතිය.

      Delete
  3. මහ වෙදනාගේ කතාවට එකඟ වෙමි.

    ReplyDelete
    Replies
    1. සැකන්ඩ් කොලාට තුති

      Delete
  4. සජීව ධනුද්ධරMarch 24, 2012 at 1:15 AM

    //චන්ඩි පාට් හැම තැනටම හරියන්නේ නැතිය. ඕන නැති තැනට ඒවා දැම්මාම ගොන් පාට් වෙන්නේය. //
    ජිනීවා සෝ එකේ නම් චණ්ඩි පාට් කියලා දැම්මේම අමුම අමු ගොන්පාට් ය.
    පෝස්ටය එළ යැ...

    ReplyDelete
    Replies
    1. අන්තීමේ හත් පොලේම ගා ගත්තේය

      Delete
  5. හොඳ වෙලාවට ජිනීවා ගැන පිචෑර් කෑලි වලින් කියුවෙ.මොකද ඔය කෙහෙම්මල ගැන මෙලො දෙයක් හැමෝටම වගෙ මටත් නොතෙරිලා තිබුනෙ . පිචෑර් කතාවෙන් නම් බොක්කටම වැදුනා ඕන්. මෙන්න මගෙන් මාතලන් ට විසිල් පාරක්

    ReplyDelete
    Replies
    1. තැන්කූ... තැන්කූ.. හිස නමා ආචාර කොරනවාය.. පස්සෙන් එහෙම එන්න එපාය

      Delete
  6. ඔයාට පුලුවන් ලස්සන ෆිල්ම් එකක් හදන්ට. ඔය උඩින් තියන කෑලි එකතු කලාම හරි. අන්තර්ජාතික සම්මානයක් නම් ෂුවර්. :D:D:D

    ReplyDelete
    Replies
    1. එහෙම හැදුවොත් කෙල්ලට ගන්නේ ඔය නෝනාය

      Delete
    2. අන්තර්ජාතික සම්මාන කෙසේ වෙතත් ජනාධිපති සම්මාන නං ලැබෙයි ඔහොම ලියාගෙන යද්දි

      Delete
    3. අනේ එහෙම එකක්වත්..... :) :)

      Delete
    4. එතකොට වීරයා, දුෂ්ටයා, විහිලු කාරයා? එයාලා තෝරලාද තියෙන්නේ??? හී හී හී හී.....

      එයාලගේ නමුත් පොඩ්ඩක් ප්‍රසිද්ධ කලා නම්...:)))

      Delete
  7. මේකනං සුපිරිය...වදින්න ඕන තැනටම වැදිලාය.

    ReplyDelete
    Replies
    1. වදින්නේ තිරේටය. එතකොට විසිල් ගහනවාය

      Delete
  8. කොල්ලත් හරි කෙල්ලත් හරි දුෂ්ඨය නම් ඉතින් වේලාසනම හරි ජෝකරුත් ඉතින් ගූගල් භාවිතයක් නැහැ නේ...

    ReplyDelete
    Replies
    1. චරිත ටපලගෙන වගේය. එයා රඟපෑවේ දුෂ්ඨයාට කඩේ යන චරිතයක්ය. මේවා මෙහේ හරක්ට ප්‍රධාන චරිත උනාට. අරෙහෙට උප චරිතවත් නොවේය.

      Delete
    2. මට කවත් සම්භාවය චිත්‍රපට තේරුම් ගැනීමට බැරිය.. :(

      Delete
    3. ඔහෙත් අපේ හාමිනේ වගේය. එයාගේ ෆිල්ම් බැලිල්ල ගැනත් එකක් ලියුවාය. මේක කියවලා බැලුවාම හරිය

      http://maathalan.blogspot.com/2011/09/live-or-die.html

      Delete
  9. එහාපැත්තෙ ගෙදර කෙල්ල අන්තිම මොහොතේ බෑ කිව්වේය ... මම නපුරුය් කියා සුදු අය්යා සමග යාලුවුනේය ..... නංගිලා අල්ල ගැනීමට ඔහොම බොරු කීවත් සුදු අය්යා නංගි ලාට සලකන්නේ නැති බව මුළු ලොවම දන්නේය .... ඒ උනාට එහා ගෙදර එකීට දැන් සුදු අය්යාට වඩා කෙනෙක් නැත ..... සුදු අය්යා අංක එකේ දාමරිකයෙකි .... නමුත් පිරිත් නුලක් ගැටගහගෙන ඉන්න නිසා නංගි රැවටී ඇත.... දැන් මට කවුරුත් නැත එහා ගෙදර නංගිත් මට පිටුපාවේය... ඒ අස්සේ අපේ ගෙදර හිටිය හොරි හදිඡ්චි නාකි බලු නැට්ටත් මස්කටු වලට ලොබ කමේ දැන් සුදු අය්යලගේ ගෙදරය ... ඉවසන්නම බැරි උ.. බුරන විටය.

    ReplyDelete
    Replies
    1. හොඳ තිර රචනයක්ය. ඊළඟ සෝ එකට හොඳය...

      Delete
  10. අපි වරහනක් දාලා ය-යන්න එලියට ගමුද?

    ReplyDelete
    Replies
    1. මෙයා බටහිර කුමන්ත්‍රණ කාරයෙක්ද කොහෙදෝය....

      Delete
  11. චිත්තරපටි වල කොල්ලටත් වැඩිය දුෂඨයට(නැති තැන) චැලෙන්ජ් කරන්නේ ජෝකර්ය (හැබයි එතනදි විසිල් ගහන උනුත් ඉන්නවා) ..
    කොල්ලා නැති තැනදි දුෂඨයාට මාට්ටු වුනම දුෂ්ඨයා ඉඹිනවාය. කලින් විසිල් ගහපු උන් ඒත් විසිල් ගහනවා.

    ReplyDelete
    Replies
    1. මම ඒ පාට් එකට මනාප ඒ නිසාය..

      Delete
  12. Supiri lesatama liyala thiyenawa therum gannawanam ganna ayata.Apeth hithe thiyenawa oya wage lassanata liyanna baha.Pattama kalla issara Morris Minor eke gata gahagena kiyawagana yaddi Jangiyath eka athakin ussa, ussa baicycle RIM ekai KOTUWAI aragana kola ahinda duwana seen eka mathak weddi ----- ---- --- inna sama HARAK ta thiyenawada oya athdakim ? Kenji. Japan

    ReplyDelete
    Replies
    1. ලියා තියෙන ටිකනම් ලස්සනට ලියා තිබෙනවාය. සම හරක් කෑල්ල අල්ල ගත්තා වගේය. එහෙම කාළයක් නම් ආයෙත් එන්නේ නැතිය.

      Delete
  13. ජිනීවා ගැන තියෙන්නේ මාතෘකාවේ විතරයි.. හැබැයි ඒ ලිපිය අවදානයෙන් කියවන්නේ නැති අයට..

    ReplyDelete
    Replies
    1. එතනවත් දැම්මේ නැත්තං කස්ටියම හොල්මන් වෙනවා

      Delete
  14. මචං අර කුජීත නාලිකාවක යන මහින්ද අබේසුන්දර යගේ කුජීත වැඩසටහනේ ලියන්නෙත් මෙහෙම. හැබැ ඌ රෙදි හෝදනකොට උබ‍ රෙදි ගලවනවා ඇත්ත කියලා. ඒ වැඩසට‍හනේ කතා කරන විදිහට මේක කියවල බලං පට්ට කික්..

    ජයයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. ලක්බිමේ ඉන්න කාළේ ඌ මගේ වීරයෙක්. පවුලේ නාලිකාවනම් නිකන්වත් බලන්නේ නෑ. චැනල් වලිනුත් අහක් කොරලා තියෙන්නේ. මහින්දගේ කතාව නිසා නෙමෙයි ඒකේ ඉන්න අනිත් බූරූ නිවේදකයෝ නිසා.

      Delete
    2. මටත් ඌ ගැන හිතෙන්නෙ එහෙමමය. දැන් මට පෙන්නෙ ඌට අමුවෙන්ම (සබන් කුඩු) කැවිලා කියලා හෝදන්නෙම කුනුය. ඒත් කුනු යන්නෙ නැත

      Delete
  15. ඉඟි නොදන්න එකාට කෙල මෝලෙන් ඇන්නත් නොතේරෙන්නාසේ මට නම් ඔය කියන වියංගයක්ද ජංගියක්ද මොකන්ද එක තේරුනේ නැත.
    නමුත් මාතලං බොස් එක ප්‍රශ්ණයක් තිබේ.
    මොකක්ද බං ක්‍රේප් කරනවා කියන්නෙ?

    henryblogwalker the Dude

    ReplyDelete
  16. ජිනීවා පිචෑර් එක තාම හරියකට ඉවර නෑනෙ . . . බලමු ඉන්ටවල් ඉවරවෙනකං

    ReplyDelete
    Replies
    1. ආතල් වැඩිවී ඉන්ටවල් එකෙත් විසිල් ගහනවාය

      Delete
  17. කියන්නට දෙයක් නැත... එළැය.... පට්ටය...

    ReplyDelete
  18. maru kathwak... mata athi thaya mathk una... adata wada sinamawa virarawo saba viraen sa jivithaya piligath kala gama jivitha gana. ada lakawa gaman karamin athada awani tanaka vima etha sundara kanagatuwaki. jaya wawa...

    ReplyDelete
    Replies
    1. Thanks Disa... i like ur latest cartoon. Please remove word verification for ur comments..

      Delete
  19. මම නම් සමහර දුෂ්ටයන්ට කැමතියි.අපේක්ෂා ෆිල්ම් එකේ රන්ජන් මෙන්ඩිස් තරම් හැඩ දුෂ්ට නළුවෙක් තවමත් දැක නැත.ඔහු අකාලයේ මියගිය බව අසා ඇත.

    ReplyDelete
    Replies
    1. ම්හූ...... මතකයක් නැත.. අර සංගීතා හිටපු ෆිල්ම් එකද... එම් සී එකේ කෑල්ලක් තියෙන්නේ.. පිම්පියෙක්ගේ පාට් එකක් කළේ..

      Delete
    2. අපේක්ෂා රිලීස් වෙන කාලේ එම්.සී. එකක් තිබුනෙ නෑ.
      සංගීතත් ඉන්න ඇත්තෙ තිමෝතිගෙ අස්ථි පන්ජරේ

      Delete
    3. එහෙම කිව්වාම අපේක්ෂා මතක් උනේය. නමුත් මෑතක ආ සෝ එකකත් පට්ටම දුෂ්ඨයෙක් උන්නේය. සෝ වල නම් මතක නැතිය. ඌ නම් සොලිඩ්ය..

      Delete
  20. මම කියන්න ගියපු ටික මහවෙදනා අපූරුවට කියල තිබේ. මාතලන් වන්නෙක් බ්ලොගේත් ඉඳීම ගැන මා ඉතාම සන්තෝස වෙමි.

    ReplyDelete
    Replies
    1. බොහෝවිට අවසානයට හෝ පැමිණ කොමෙන්ට් එකක් දමා යන ඔබ වැන්නන්ද මට ශක්තියකි.. කොමෙන්ට්ස් තමයි බ්ලොග් ගෙනියන්නේ.. හිට්ස් දකින්නේ මම විතරනේ..

      Delete
  21. ඊළග එකටවත් පිටපත හරියට ලියාගෙන කලින් ඉදන්ම ලෑස්ති වෙනවානම් හොදය. ඒත් මුන් නොකරන්නේත් ඒකමය..
    වැඩේ කියන්නේ ෆිල්ම් එක ඉවරයි කියලා අපි දැන ගන්නේ හෝල් එකේ ලයිට් දැම්මයින් පස්සේ වීමය.එතකොට නම් ඉතින් දුක තමාය.

    ReplyDelete
    Replies
    1. අපි නම් තිර පිටපත් අප්සට් කියා දැනන් සිටිමි...

      Delete
  22. ලිපිය පට්ටය . . පට්ට කියන්නේ පට්ට සුපිරිය . . .. මාතලන් අවුරුදු උස්සවේ බලන්න්ට එනවාද? මෙව්වා අපූරුවට ලියන මාතලන්ව එදාට වත් දැක ගන්න ඇහැක් නම් සතුටුය . .

    ReplyDelete
    Replies
    1. දුකාත් අවරුදු උස්සවේට එනව වගේ... ගිය පාරත් හරි හැටි කථා කොරන්න බැරි වුන නිසා මේ වතාවෙ වත් පොඩි කයියක් ගහමු.

      P.S.
      [පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ දුකා එක්ක කථා කොරන කොට අනිත් අයට කථා කොරන්න චෑන්ස් එකක් නැති එක....අහගෙන ඉන්න විතරයි වෙන්නෙ...හෙහ්..හෙහ්...]

      Delete
    2. බොහෝ විට පැමිණීමට බලාපොරොත්තු වෙමු...

      Delete
  23. වෙනදා වගේ නෙමේය,කථාව තේරුනා වගේ සිතුනේය,අර සඳහන් කරපු මර්වියා කැලණියේ එකාමද නැත්තන් නළු බට්ටෙක් ඒ නමින් හිටියද ?

    ReplyDelete
    Replies
    1. හප්පේ ළොකු දෙයක්ය.. මේ ඒ මර්වින් නොවේය.. මර්වින් ජයතුංගය.. තිරයේ දුෂ්ඨ්යෙක් වූවාට, අහිංසක නිහතමානි මිනිසෙක් වීය..

      Delete
  24. ඇමරිකාවට අපි වගේ රටකින් ගන්න දෙයක් නැහැ, ගාමන්ට්ස් වල නිමි ඇඳුම් විතරයි තියෙන්නේ. මේ යෝජනාව ඇමරිකාව ගේන්නේ කොටින්ට තියෙන හිතවත්කමක් නිසා නෙවෙයි, අපි යුද්දේ දිනන්න ඇමරිකාව, ඊශ්‍රායල් වගේ රටවල් වලින් උදව් අරන්, පස්සේ ඒ අයව ගණන් ගන්නේ නැතුව ඉරානය, පලස්තීනය වගේ රටවල් ලං කරගෙන ඇමරිකාවට කොකා පෙන්නන්න හදපු නිසා.

    අපේ රජය දැනගන්න ඕනේ ඉරානය, පලස්තීනය වගේ රටවල් ලං කරගත්තා කියලා අපිට ලැබෙන විශේෂ වාසියක් නැති බවත් , ඊශ්‍රායල් වගේ රටවල් තමා අපිට සැබැවින්ම හිතවත් බවත්. මහින්ද ජනාදීපති තුමා කොයිතරම් පලස්තීන අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නවා කිව්වත් යුද්දේ තියෙද්දි පලස්තීනය තමයි කොටි පුහුණු කළේ. , ඊශ්‍රායල් සහ පකිස්ථානය තමයි අපිට ඇත්තටම අතිශයින්ම උදව් කළේ.

    මේ කිසිම දෙයක් හිතන්නේ නැතුව යුද්දේ ඉවර වෙලා අපි කළේ ඒ සැබවින්ම මිතුරු රටවල් අමතක කරලා විමල්ටයි, චම්පිකටයි සහ ආන්ඩු පක්ෂේ ඉන්න අවස්ථාවාදී සහ ජාතිවාදී කුඩා පක්ෂ වලටයි ඕන විදිහට කටයුතු කිරීමයි. මේ යෝජනාව ගෙන්න ප්‍රධානම හේතුව ඒකයි.

    පලවෙනි පාර ඉන්දියාව අපිට උදව් කරලා මේ වතාවේ යෝජනාවට පක්ෂ වුනෙත් අපි ඒ දේම ඉන්දියාවටත් කළ නිසයි.

    බොරුවට ජාතිආලය හරි ඇමරිකානු නව යටත්විජිතවාදය කියලා හරි කෑගහන්නේ නැතුව මේ කාලයේ අපිට උදව් ගන්න පුළුවන් රටවල් එක්ක සහයෝගයෙන් කටයුතු කරලා දෙමල ජනතාවගේ සැබෑ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න වැඩ පිළිවෙලක් හැදුවනම් මේ දේ වෙන්නේ නැහැ.

    උතුරු වසන්තය තියලා හෝ නැගෙනහිර උදාව කියලා නම් දාගෙන පාරවල්, පාලම් බෝක්කු හැදුවට දෙමල ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නැහැ.

    Read more: http://www.gossip9.com/2012/03/blog-post_6914.html#ixzz1qBsw8W8x

    ReplyDelete
    Replies
    1. 100% agree with you.

      Delete
    2. මටත් විමල්ට වගේ මොලේ මෝල් වේගෙන එන්නේ.. අනේ මහත්තයෝ අපි දැන් ඊශ්‍රායලේ පැත්තෙද.. පලස්තීනේ පැත්තෙද...

      Delete
  25. හනුමාන්March 27, 2012 at 9:08 PM

    මාතලන් කියන දේ 1000% ක් හරියටම හරි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න