.

.

Jan 6, 2013

බුදුන් කැළණියට වැඩියේ වැරදීමකින්ද.....? Is it a mistake or what...?



පිවිස ඇත ඒ යුගය...!!!
ආශ්චර්යයක් බඳුවූ.
යුගයද මේ දියසෙන්.....?
නැතහොත් රාවණා....?
කිසිවකු රහසින් කියයි......
කලියුගේ බොල කලියුගේ.......

පිවිස ඇත ඒ යුගය...!!!
විශඝෝර සර්පයා, 
ගිලගනී සර්පයකු විශඝෝර......
අවසනෙහි කුමක් වෙද....?
විශෙන් විශ නැසේවිද....?
කිව නොහැක.. කිව නොහැක..
කිසි දිනෙක් නොදුටුවෙන්...!!!

අනේ බුදු හිමියනේ...!!!
කුමට වැඩියාද කැළණියට....?
චීවරය දරා ඇත..
ගොළුවන්, බිහිරන්, කනන්,
ගැටගසති පිරිත් හුය...
මිනීමරුවන් සුරත...
සෙත්පතා ආවඩා...!!!
බුදුම සරණය අපට...!!!

අනේ බුදු හිමියනේ...!!!
කුමට වැඩියාද කැළණියට....?
දඹදිවට යටින් ඇති
යමයන්ගේ පුරයකට...?.
මේයයි ඔබ දෙසු "නිරය"...
විෂඝෝර නාගයන්,
ලේ උරා බොන යකුන්,
ඔබ දෙසූ ධර්මයට,
වැඳ වැටේ,
දෝත් මුදුනත තබා...
රුධිරයෙන් තෙත් කරයි,
"හලාල්" ක්‍රමයට මරා...

.oOo.

* මෙහිදි "හලාල්" ක්‍රමය යන්නෙන් අදහස් කලේ "අනුමත ක්‍රමයට" යන්නයි....

57 comments:

  1. මටනම් මාතලන් ඕක හිතුනෙ අර කෑලනියෙ ඉන්න ආචාරිය ගෑන දෑනගත්ත දවසේමයි... බලාගෙන ඕව ලියන්නෙ... හෙට උදේට ඔයත් කියයිද දන්නේ නෑ අනේ මම කවි ලිව්වද මට මතකත් නෑනේ කියල...

    ReplyDelete
    Replies
    1. අම්මපා සති දෙකක් යනකොට අමතක වෙනවා නේ....

      Delete
  2. අනේ බුදු හිමියනේ...!!!
    කුමට වැඩියාද කැළණියට....?

    තමන් ගේ ලණුවෙන්ම
    තමන්වම ගස් බදින
    මෝඩයින් සිටි පුරට....

    බඩු පොට්, කසියා තැන්
    අයිති ඒ මහත්තැන්
    රජු වූව ඒ පුරට...

    තමන්ටම කඩේ ගිය
    තමන්ගෙම සට්ටැඹියෝ
    තමන්ගෙම ගෙදර ළග
    පස්ගමට යවන පුර...

    අනේ බුදු හිමියනේ...!!!
    කුමට වැඩියාද කැළණියට....?

    ඒත් කමක් නෑ..ආයෙමත් වඩිනු මැන...
    නැවත වර කැළණියට...
    දේවදත් මග බලා හිදි ඔබ පිළිගන්න...
    මල් නොමැත, කොඩි නොමැත...එකම එක ටී පනස් හයක් ඇත...ඔබ හිසට...

    ReplyDelete
    Replies
    1. බොහොම අගෙයි.... ඔය ලියවෙන්නෙ නියමෙට

      Delete
  3. " මේයයි ඔබ දෙසු "නිරය"...
    විෂඝෝර නාගයන්,
    ලේ උරා බොන යකුන්,
    ඔබ දෙසූ ධර්මයට,
    වැඳ වැටේ,
    දෝත් මුදුනත තබා...
    රුධිරයෙන් තෙත් කරයි,
    "හලාල්" ක්‍රමයට මරා..."

    සාමාන්යෙන් මම කවි , නිසදැස් නම් රස විදින්න ආස නැහැ , එත් ඔය මම තෝරගත්ත කෑල්ල නම් දැනුන , කලින් මට ඒ වගේ දෙයක් හිතිලා තිබ්බේ නැති නිසා ,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... අගය කිරීමට...

      Delete
  4. ..........
    .....................
    ...............
    ..............
    .........

    ඕං මේගැන මගේ කයිය.හිස්තැන් පුරවන්න විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ ඒ වෙනුවට නියම පෝස්ට් එකක් දාලා තියෙන්නේ...

      Delete
  5. මොනවද කියන්න ඕනේ බං?

    ReplyDelete
    Replies
    1. මුකුත්ම කියන්න එපා.. සද්ද නැතුව හිටහන්

      Delete
  6. සම්මා සම්බුදු බුදු රජාණන්වහන්සේ වහන්සේත් මේ දේවල් මතු සිදුවන බව කලින් ඉදලම දේශනා කළානේ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මර්වින් සිල්වා කැළණියට එනවා කියලා.... ඇත්තද ඈ....

      Delete
  7. ආචාරියා වැරදිලා කැලණියට පාත් වුන එකයි වැරැද්ද

    ReplyDelete
    Replies
    1. කොහේ ගියත් එකයි වගේ....

      Delete
  8. //පිවිස ඇත ඒ යුගය...!!!
    විශඝෝර සර්පයා,
    ගිලගනී සර්පයකු විශඝෝර......
    අවසනෙහි කුමක් වෙද....?
    විශෙන් විශ නැසේවිද....?//

    පිස්සුද බං......මට මුකුත් මතක නැහැ.

    ReplyDelete
  9. අද අමු කැවී ඇත මේ මාතලන් හට
    ඇයි බොල අපහාස මේ වන් උතුමන්ට
    අද අද වැටේ බොට නම් කොඩි සුදු පාට
    රජ පෙළපතේ දඬුවම් අමතකද බොට

    ReplyDelete
    Replies
    1. මෙහි කිසිම කෙනෙක් ගැන සඳහනක් නැත. ඔනෑ එකෙකුට අදාල කර ගත හැක...

      Delete
  10. මාතලං එකෙන්ම ඈ+++++++++++

    ReplyDelete
    Replies
    1. බලාගෙන මේවාට කොම්න්ට් දාන්නේ....

      Delete
    2. ඔයා ලැජ්ජ නහරේ කැපුවද නලීන්?

      Delete
  11. බුදුන් කැළණියට වැඩියේ අහම්බෙන් වෙන්න පුළුවන්. කලින් ප්ලෑන් කරලා වුනත් වෙන්න පුළුවන්. ඒක කොහොම හරි වුනානේ. නමුත් මැරවියා කැළණියට ආවේ නම් ප්ලෑන් එකකට අනුව. ශ්‍රීපති මැරුන විදිය ගැන මම දන්නේ නැහැ. ඒ කාළේ මම ලංකාවේ නොසිටි නිසා. නමුත් ඒකත් වුනේ ප්ලෑනකට ද කියලා මට නම් සැකයි. මේ ඔක්කොම ඒ ප්ලෑන් එකේම කොටස් කියල තමයි මට නම් හිතෙන්නෙම.

    "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවණේ"

    ReplyDelete
    Replies
    1. අසරණ වෙලා නෙමෙයි වෙද මහත්තයෝ... අනාථ වෙලා....

      Delete
  12. මෙන්න පොස්ට් ..
    ඒ උනාට හිතින් දුක් වෙනවා මාතලේ.
    ඇත්තටම අපිට කවි නිසදැස් දානවට වඩා
    වෙන කරන්න කරන්න දේකුත් නැහැ.එක්කෝ
    89 වගේ එකතු වෙලා ,
    89 වගේ වරද්ද නොගෙන ,
    2013 ක් උදා කරගෙන ,
    48 ඉඳන් පටන් ගන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. @ silentsahan 1948 ඉදන් නෙමෙයි මට හිතෙන්නේ මෙතුමන්ලා දුටුගැමුණු යුගයේ ඉඳන් පටන් අරන් තියෙන්න. 1948 ට එන්න කලින් 1815 එවි මේ යන විදිහට රාජාණ්ඩුව ඉවර වෙලා ප්‍රජාතන්ත්රවාදේද මොකද්ද එක එන්න තව කල් තියෙනවා....

      Delete
    2. @Morabba de morabba

      ඒක තමයි මොරබ්බ ඇත්තටම ඔහොම දෙකට මාත් එනවා
      අනිවා. එදාට නම් T 56 ත් අපේ පැත්ත ගනී කියල මන් හිතනවා..
      මේකට ඕනේ හොඳ නායකයෙක් විතරයි ..නැතුව කලවැද්දෝවත් ,
      තාත්තෙක්ගේ යුගෙට යන්න හදන පුතෙක්වත් නෙවේ.( සෝමේවන්ශේ අන්කල් ගැන
      සදහන් නොකළේ එතුමාට අපහාසයක් විදිහට නම් නෙවේ )

      හැබැයි පුතෝ හරි නායකත්වයක් නැතුව වැඩේට බැහැලත් බැහැ.
      හොදි නැති වෙන්න කන්න ලැබෙනවා කලවැද්දට හම්බුනා වගේ ..:D

      Delete
    3. yes we need a good leader a person who loves our country.

      Delete
    4. මම ඒ ක්‍රමේට කිසිම කැමත්තක් නැති කෙනෙක් උනත්, උතුරේ මෙන්ම දකුණෙත් නැවතත් එය සිඳුවෙයි වගේ....

      Delete
    5. @ ano agreed

      @ mathale
      nah mathale mekata eka thamayi wisaduma.
      dan adhikaranayatath wade dunna.dan kohe kiyala yannada
      kathi gaala danawa misa.
      ape paththe awada ?
      nathnam aa payin giyada ?

      Delete
  13. කැළණියේ එදාත් වලි අදත් වලි...වෙනස වැඩේ settle කරන්න බුදු හාමුදුරුවෝ නැති එකයි...........

    ReplyDelete
    Replies
    1. එකම කස්ටිය හින්දා ෂේප් කර ගනියි. නැත්නම් කොලොන්නාවේ වගේ... මට මතක නෑ ඕයි කියයි...

      Delete
  14. කලකට පෙර ටැබූ ලියූ සටහනක්

    මොන තරම් අහිංසක මිනිසුන් සපා කෑවද, අපේ සත්වැනි මහින්ද මහ රාජෝත්තමයානන් වහන්සේ මර්වින් සිල්වා නැමැති සුනඛයා බැඳ නොදමන්නේ ඇයි? බැඳ දමනවා තියා, තමන්ගේ ප්‍රතිරූපයට වන හානිය ගැන සිතාවත්, කෝපයෙන් වචනයක් වත් නොතෙපළන්නේ ඇයි?

    Read more

    taboosubjects-mirrored.blogspot.com/mervin-silva-and-tolstoy.html

    ReplyDelete
    Replies
    1. මෙහි සැකය වෙනත් මානවලටද යොමු වනවා නේද...?

      Delete
  15. අඩෝව්... දුටුගැමුණු රජතුමාට උඹල චැලේන්ජ් කරනවද ඩෝ... :P

    ReplyDelete
    Replies
    1. දුටුගැමුණුලා බල්ලො, ගැරඬි මරලා නෑ ඩෝ....

      Delete
  16. මාතලන් අංකල්,
    මිනිස්සු හැමදාම ඉන්නේ නෑ,
    ඇත්තු වගේ ඉන්න මිනිස්සුත් බල්ලෝ වගේ මැරිලා යනවා,
    එහෙම නොමරුනත් එලොවදි හරි හම්බෙනවා.
    ලොකුම ප්‍රශ්නේ අපේ රටේ මිනිස්සුන්ගේ මෝඩකම,
    සාටකෙට චන්දෙ දැම්මේ නම් වෙන දැනට පිරිමියෙක් නැති නිසා කියමුකෝ,
    ඒත් මේ ගොන්චාර්යලාට, පංචායුද ලට, සක්කිලි බල්ලා වගේ අයට උඩින්ම මනාප දීල පාර්ලිමේන්තුවට යැව්වේ අපේ මෝඩ මිනිස්සුමනේ,
    මොනවා කරන්නද?
    හැමදේම වෙනස් වෙනවනේ,
    මේ රටේ දේවල් ගැනත් අපි කතා කරලා වැඩක නෑ,
    වෙන විදිහක් වෙයි.
    වරාගොඩ නෑයෙක් ඉන්න පරණ පාඨකයෙක්,

    ReplyDelete
    Replies
    1. මොකක් හරි නම් වෙයි වගේ තමයි....

      Delete
  17. අනේ බුදු හිමියනේ
    වඩින්න ලක් දිවට
    දැන් හොඳම කාලයයි
    බුදු බණ දෙසන්නට

    ReplyDelete
    Replies
    1. එයා එන්න තව 2500 ක්ම ඉන්න එපාය. දෙහිවල තාප්පෙක නම් තිබුනා ජීසස් ළඟදීම එනවැයි කියලා... අඩුගානේ එයාවත් ආවෝත්....

      Delete
  18. කවදා නම් නවතියි ද මේවා..

    ReplyDelete
    Replies
    1. අපරාදේ ලෝක විනාසේ උනානම් ඉවරයි...

      Delete
  19. විභීෂන වෙනුවට විශ්ණු දේවාලයක් තනවා කැළණීය වෙනස් කල ආචරියාට
    බුදුන් වැඩම කළ බව බොරුවක් කරන්නට ක්‍රියාවෙන්ම උත්සහ කරනව වගේ !

    ReplyDelete
    Replies
    1. බුදුන් ඉපදුන දේශයේත් මීට වඩා දේ සිඳුවෙන්නේ... කොහොම හරි කැළනියත් පාතාල බිමක් කලා... කස්ටියම... මල ගිය ප්‍රානියාද ඇතුලුව...

      Delete
  20. බිලි පූජාවක් වෙන්ටැ,

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් තමයි... ඇත්තටම

      Delete
  21. වරක් වැන්දොත් මේ අසිරිමත් පින්බිම...
    උපන්දා සිට කල පව් වේය අහවර...
    බෑ කියන්නට බැරි පින් ඩීල් ඇතිකල...
    පවට කුමකට බියවෙමුද අප පින්වත...

    ReplyDelete
    Replies
    1. සුපිරි කවියක්...

      සුපිරි රටක් සපිරි හෙටක්

      Delete
  22. මඩවල මරන්න මෙපමණ කල් ගත්තේ ඇයි?කවද මැරුවත් මර්වින්ගෙ එකවුන්ට් එකට වැටෙන බව දැන දැනත්.මෙතන යටි අරුතක් ඇතියි කියල මට හිතෙනවා.ආණ්ඩුව ඇවිලිලා තියෙන ගිනි ටික කාලෙකට නිවාගන්න මර්වියට "ෂොට්"එක දෙන්න හදනවද කියල.කැලණියේ කට්ටියගේ එකවුන්ට් එකටම දාල චුන් වෙන්න බැරිය.

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්න බෑ.... කොහොමත් අවි ගත්තෝ අවියෙන්ම නසී කියලා කතාවකුත් තියෙනවනේ...

      Delete
  23. වැරදීමකින් තමා දුටුගැමුණුත් වැඩියේ කැළණියට. ඒත් කැළණියේ ඉන්න ඔය මාතලං වගේ හාදයෝ තමා මේකව උඩ තියාගෙන හිටියේ.. කරුමෙට තව දුරයි ගොයියෝ..

    ReplyDelete
    Replies
    1. මම නම් උඩ තියාගෙන හිටියෙවත් ඡන්දයවත් දුන්නෙ නෑ.. මම කිව්වේ අනිත් අයත් මර්වින් සිල්වලම තමයි කියන එකයි. ඒ මතයේ මම කවදත් ඉන්නවා...

      Delete
  24. දැන, දැන ගොන්කම් කල ගම්පහ ජනතාවට ආපසු ලැබෙන තෑගි තමයි මේ.

    ReplyDelete
    Replies
    1. එයාලගෙම අයනේ ...... අවුලක් නෑ....

      Delete
  25. බෞද්ධයන් සුදු පිරුවට ඇඳල, ඉබේ සුදු හුණු ගා ගත්තට, ක්‍රියාවෙන් අනෙක් ආගම් (ආ+කම්) බදා ගත් උන් වැනිය. ජීවිතය නසනවා නොකියා නිවනවා කී පමණින් එය නැසීමක් බව සැඟවිය නොහැක.

    මිනීමරුවන්ට යන කල ඇස් ඉදිරිපිට වෙන දෙයින් හෙළිවේ. මිනිසත්බව නසන උන්ට ගැලවීමක් නැත. එවැන්නන් කෙතරම් කීවත්, පිහිට යදින්නේද මරුගෙන්මය. බෞද්ධයන්ගේ ඊ ළඟ අදියරය මුස්ලිම් ය. එවිට තව තවත් වික්ෂෝප වුවද, කුරාණයේම පිහිට පතනු ඇත. කිසිදා ගැලවීමක් නැත. නඟන අඳෝනාව වේදනාව තව තවත් දැඩි කරනු ඇත.

    දියසේන ගැන නන් දොඩන්නේ, කිසිදු වග විභාගයකින් තොරව යමෙක් තමන් දියසේන යයි කියමින් අනුන් මුලාකරන විට, එය ඇත්ත ලෙස ගෙනය. මහේන්ද්‍ර දියසේන යනු හින්දි හා සිංහල නම් දෙකකි. බෞද්ධයන් ලෙස, තමන් සිදට් ගෝතම යයි කී පමණින් බුදුවරයෙකු යයි සිතීමට තරම් පිරිහුන උන්, සිදට් හා ගෝතම යනු හින්දි හා සිංහල නම් දෙකක් පමණක් නොව, ගෝතම සිටියේ සිදට් ඉපදීමට වසර විසි දහස් ගණනකට පෙර බව නොදනිති.

    අවුරුදු 2600ක් තිස්සෙ පැවති දෙමළ බෞද්ධ ආධිපත්‍යය අවසන් වන මොහොතේ, රට කරවන්නේ දියසේනයන් නොව දැනට බිහිවූ හොඳම බෞද්ධයන් (ජීවිතය නිවන්නන්) යයි කියමි. දෙමළ බෞද්ධ ආධිපත්‍යය නසා සිංහලයන් රජ කරවන සැබෑ දියසේනයන් කවුරුන් ද යන බව නුදුරු කල ප්‍රත්‍යයක්ෂ වනු ඇත.

    ReplyDelete
  26. තොරණ හන්දියෙ තඩි තොරණක් හදලා, ගහල තියෙන වාක්‍ය නං කොහොමද? ‘බැති සිතිනිය යමු කැළනිය පුරවරට‘ උගෙ @#$*ට. මර්විය කාපිරි මුඩුක්කුවට නොදා කැළණිය වගේ තැනකට දාපු මහරජාට තමයි ඉස්සෙල්ලම ඩුෂුම් එක දෙන්න වටින්නෙ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න