.

.

Jan 7, 2013

රිසනාගේ පවුලට සැලකීම හරාම්ද....? - Is it Haram to help Rizana's Family...?


මුළු ළෝකයේම කතා බහට ලක්වූ ලංකියා කාන්තාවක් වේ නම් ඒ "රිසානා නෆීක්ය". අපේ රටේ නායකයන් පමණක් නොව, ළොව සියළුම නායකයන් මෙන්ම රජවරුන්ද, රැජිනයන්ද, කුමාරවරුද, කුමාරියන්ද, ඇයට අභය දානය ලබා දෙන ලෙස සෞදීයේ රජතුමාගෙන් මෙන්ම, රිසානා සේවය කල පවුලේ උදවියගෙන්ද කරන ලද ආයාචනා සහ ඉල්ලීම් හේතුවෙන්, ඇයට නිදහස ලැබෙන බව පවසන්නේ අදක ඊයෙක සිට නොවේ. බාලගිරි දෝශය මෙන් එයද කල් යයි. කෙසේ වෙතත් සැනසීමට කාරණය නම් ඇයට මේ වන තෙක් මරණ දඳුවම ලබා නොදීමයි.


රිසානාගේ කතාව ශ්‍රී ලංකාවේ දුප්පතුන්ගේ සත්‍ය කතාව මෙන්ම, නැගෙනහිර බහුතරයක් වූ දුප්පත් මුස්ලිම් ජනතාවගේ කතා වස්තුවයි. නැගෙනහිර ජීවත් වන මුස්ලිම් ජනතාව නියම වශයෙන් හිඟන්නෝය. එ බව එහි චාරිකා කල ඕනෑම අයකු දන්නා කාරනයකි. රිසානාද ඉගෙනිමෙයි දක්ෂ සිසුවියක් වූවද, තම සොයුරු සොයුරියන් හා තම පවුල වෙනුවෙන් විදෙස් ගත වීමට තීරණය කරයි. මේ දුප්පත් මුස්ලිම් හා ද්‍රවිඩ (විශේෂයෙන් වතු දෙමළ.) වැඩිමල් දූවරුන්ගේ කේදාන්ත ඉරණමයි. ළොව පුරා විසිර පවත්නා වහල් වෙළඳාමේ තොටුපලක් වන සිරි ලංකාවේ ජවාරම්කාර තැරව්කරුවන්ගේ මෘදු ගොදුරක් බවට පත්වන් රිසානා, අවසානයේ නතරවනුයේ සිර ගෙදරකයි.

මාගේ මේ ළිපිය ලිවිමේ අරමුණ සියල්ලෝම දන්නා මේ කරුණු නැවත නැවතත් ලියා පළකිරීම නොව, අදටත් ක්‍රියාත්මක වන මේ ජාවරම් සහ කිසිම ප්‍රතිපත්තියක් නොමැති, ප්‍රශ්ණයක් මතුවු විට එම ප්‍රශ්ණයට අදාලව නීතී රීතී පනවන ගොබ්බ නිළධාරින් හා ඇමතිවරුන් ගැන ලිවීමවත් නොවේ. ඒවා ළිවීම කිසි පලක් අත්වන දේ නොවේ. ඔවුන් පමණක් නොව රාජ්‍ය නොවන සංවිධාන හා කාන්තා සංවිධාන මෙන්ම, රන්ජන් රාමනායකද, රිසානාගේ ප්‍රශ්ණයේදී පමණක් නොව. අපේ රටේ ප්‍රධානම ආදායම් මාර්ගය වන කාන්තා විදේශ සේවය ගැන දක්වන උද්ඝෝශණ මෙන්ම රඟපැම්වල තත්වයද එසේමය.


රිසානාගේ නිවස
මට ඇති ප්‍රශ්ණය මෙය නොවේ. රූපවාහිනියේ අසරණ දරුවන් හා දරු පවුල් පෙන්වන විට උනුවන සිත්, රිසානාගේ දෙමාපියන් හා සොයුරු සොයුරියන් වෙනුවෙන් උනු නොවන්නේ මන්ද යන්නයි. හේතුව ඔවුන් මුස්ලිම් පවුලක් වීම නම් අප ශ්‍රී ලංකිකයින් ලෙස ලැජ්ජාවට පත්විය යුතුය.  හලාල් ප්‍රශ්න හා ෆර්දාවන් ගැන 365 දවසේම ලියන අන්වර් මනතුංගලාටත් මේ පවුලේ අසරණ බව නොපෙනීම, මුස්ලිම් ජාතිකයින් ලෙස ඔවුන් ලැජ්ජාවට පත් විය යුතු කරුණකි.


රිසානාගේ දෙමාපියන්
ඊයේ රූපවාහිනියකින් දුටු ආකාරයට ඇගේ පියා කම්පාව නිසාම රෝගී වී රෝහල් ගත කර ඇත. අදටත් ඔවුන් ජීවත් වන්නේ අහිගුන්ටකයන්ගේ නිවසාක් බඳු නිවසකය. බඩු මුට්ටු කිසිම දෙයක් නැත. කන්න අඳින්නවත් නැත. එයින් පෙනී යන්නේ රජය, සමිති සමාගම, පල්ලිය, මුල්ලාවරුන් මෙන්ම කිසිම කෙනෙක් ඔවුන් දෙස නොබැලූ බවය. නොබලන බවය. මේ අපේ අවස්ථාවයි. රිසානා නිදහස් වන දිනෙක නිදහක් වුනාදෙන්. අප ඒ පවුලට මිනිසුන් ලෙස ජීවත් වීමට පිහිට වෙමු. එය කිසිසේත්ම "හරාම්" කටයුත්තක් වන්නේ නැත.
  
අප බ්ලොග් ලොව සහෝදර සහෝදරියන් මෙවන් අවස්ථාවල පිහිට වීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වන්නෝය. ඔවුන් එවන් උතුම් කාර්යයන් වල නිරතවී, උදව් පදව් කල බවද අපි දනිමු. විශේෂයෙන් දුකා, මාරයා, රාජ්, වැප්, දේවා මගේ මතකයට නිතැතින්ම නැගෙන අයයි. බ්ලොග් ලොව මිතුරු මිතුරියනි කවුරුන් හෝ ඉදිරිපත්ව මූලිකත්වය ගෙන රිසානාගේ පවුල සඳහා නිවසක් හා බඩු මුට්ටු ලබා දීමට හා ඔවුන්ගේ ජීවන තත්වය නගා ලීමට ඉදිරිපත්වමු. ජාති බේදයෙන් තොරව ශ්‍රී ලංකිකයින් ලෙස අපි කවුරුන්ද යන වග ලොවට පෙන්වමු. මේ වෙනුවෙන් කවුරුන් හෝ මූලිකත්වය ගන්නා බව අවංකව විශ්වාශ කරමින්. විශාල බලාපොරොත්තුවක් සහිතව ළිපිය නිමා කරමි.

66 comments:

  1. මෙයට ඍජුවම දායක වීමට නොහැකි වුවත් ,යමක් කල හැකි අයගේ අවධානය මේ ලිපිය වෙත යොමු කරවන්නම්.

    ReplyDelete
  2. මුදල් ආධාරයක් කරන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. හොඳ ඕගනයිසර් කෙනෙකුයි අවශ්‍ය....
      ඔබේ සහයෝගයට ස්තූතියි..

      Delete
  3. අපගේ ආර්ථිකය අනුව ඍජු දායකත්වය දැක්විය නොහැකි වුවද, ඔහුන්ගේ ගිණුමක් ඇතිනම් මුදල් ආධාර දිමට හැකිය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... අපි බලමු ඉදිරිපත් වන අයට සහය වෙමු.

      Delete
  4. මචං . . අරුණ සර්ගේ ලිපියක් කියවලා සර්ගේ ගෝලයෝ දෙන්නෙක්ට ඉන්න ගෙයක් බොහෝම කෙටි කාලෙකින් හදන වැඩේ ඕගනස් කලේ අපේ මාරයා. ලංකාවෙයි ලෝකේ වටේ ඉන්න අයගෙයි සහයෝගයෙන් පැය ගානක් ඇතුලත මුලු ගෙදරම හදන්න ඕන කරන දේවල් ලැබුනා.
    මම මේක මාරයට යවන්නම් . . . රිසානගේ ගෙවල් කිට්ටුව පාත දන්න කියන කෙනෙක් සෙට් උනොත් වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් වෙයි .. .

    ReplyDelete
    Replies
    1. මම ඒ ගැන හං කවිසියක් දැනගෙන උන්නෙ නෑ.. මම දන්නවා අනිවාර්යයෙන් මේ දේ උඹලා කරනවා කියලා.. ඒ විස්වාශය මට ඉහලින්ම තියෙනවා.... බොහෝම ස්තූතියි දුකා.....

      Delete
    2. අනිවාර්යෙන් කරනවා කියලම කියන්න බෑ මචෝ . .

      ජාති අගම් බේදයක් නැතුව දුප්පත් මනුස්සයෙක්ට කරන උදව්වක් විදිහට දෙයක් කරන්න කැමතියි . . .
      උඹට ඇහැක් නම් කෝඩිනේට් කරන්න මම මගෙත් මගේ යාලුවන්ගේත් ෆුල් සපෝර්ට් එක ඇරන් දෙන්නම් . . සිරාවට

      Delete
    3. මට මචෝ මගේ අළුත් රැකියාවත් එක්ක කිසිසේත්ම ඉඩක් නෑ.. අළුතෙන්ම ආපු නිසා..... අපිට කෙනෙක් හම්බවෙයි....

      Delete
    4. මේකට අත ගහන්න තියෙනවනම් මමත් කැමතියි... ඒත් මං පෞද්ගලිකව ඉදිරි මාස කිහිපයේ අර්බුධකාරී තත්වයක ඉන්නේ... මං ඒ ගැන දුකාට පැහැදිලිව කියලා යැව්වා..මෙතන එහෙං පිටිං තොරනේ විස්තරේ කියන්න අමාරු හින්දා...

      Delete
    5. තෑන්ක්ස් මාරේ අපි හිමීට බලමු....

      Delete
  5. අන්න නියම වැඩක්... මේ වගේ ජාතිකත්වය නොසරුප් බසක් වෙච්චි වෙලාවක කරන දෙයක් ඉතා වටිනවා. මාරයාට වැඩේ භාරදෙමු. අපි උදව් කරන්න ලෑස්තියි...

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කෝම එකතුවෙලා රාජ්ට සහාය දෙමු...

      Delete
  6. මේ සිද්ධිය ගැන කියන්න ගොඩක් දේවල් ආවා.. ඒත් තැන මෙතන නෙවෙයි...
    මම හිතනවා කෙනෙක් ඉක්මණින් ඉදිරිපත් වෙයි කියලා..

    ReplyDelete
    Replies
    1. මාතලන් මට මතකයි ඔය පවුලේ අය, ඔය වගේ ආධාර කරන්න උදවු උන ගොඩක් අයට කිව්වේ රිසානව බේර ගන්න විතරක් උදව් කරන්න කියලා.. දැං ඒ තත්වය වෙනස්ද දන් නෑ....

      Delete
    2. රිහානා බේර ගන්න ලඟයිනේ... රිහානා බේරෙනකම් ඉන්න ඕන නෑනේ අනෙක් අයගේ අවශ්‍යතාවයන් සපුරන්න...

      Delete
  7. ෆුල් ටයිම් ඇනෝ කෙනෙක් වෙච්ච මම මාරයාගෙ මතවාදයන්ට අකමැති උනත්, ඌ වැඩේ භාර ගන්නවනම් බය නැතුව් සල්ලි එවන්නම්..... නමුත් අර හොරාවනම් මේකට කිට්ටුකර ගන්න එපා....

    ReplyDelete
    Replies
    1. උඹ මාරයා කෙරේ දක්වපු ඒ ගෞරවයම ඇති බ්ලොග් කරුවන් වෙනුවෙන්..... ඇත්තටම මේ කොමෙන්ට් එකට මම සෑහෙන සංවේදි උනා...

      Delete
  8. අපිත් පුළුවන් දෙයක් කරන්නම් .බලපන් මේ
    රටේ ඉන්න ඉන්නේ මොන වගේ ඇමතිලද ( හකීම් ඇතුළු 225 ම )
    ආගමික නායකයෝද ( මවුලවී තුමාලා ඇතුළුව )
    අගමිකයෝද කියල හොදට පේනවා මේ වගේ
    මිනිස්සු දකිද්දී ..අනේ පව් බන් අර කෙල්ල මරල දාල ,
    ඒ ළමයාගේ පවුලේ අය මුහුදට පැනල මැරුණා නම් මීට හොඳයි..

    ඒ මිනිස්සු දරුවා දරුවා කිය කියා කඳුළු බිබී ජීවත් වෙනවා ඇති.
    මරල දැම්ම නම් මෙලහට මුළු පවුලම එක පාර මැරිලා මෙහෙම
    මැරී මැරී නොයිඳ ...

    අපි වත් දෙයක් කරමු ඔය ළමයාගේ දෙමව්පියෝ වෙනුවෙන්,
    රිසානා වෙනුවෙන් අපිට කල හැකි දෙයක් නැති උනත් .

    ReplyDelete
    Replies
    1. බොහොම හරි මචෝ.... අපි හෙමිහිට කරමු වැඩේ...

      Delete
    2. ///අනේ පව් බන් අර කෙල්ල මරල දාල ////




      ///අපි වත් දෙයක් කරමු ඔය ළමයාගේ දෙමව්පියෝ වෙනුවෙන්,
      රිසානා වෙනුවෙන් අපිට කල හැකි දෙයක් නැති උනත් . ///

      ///ඒ ළමයාගේ පවුලේ අය මුහුදට පැනල මැරුණා නම් මීට හොඳයි.///

      මේක වත් වෙන්න නොදී පුළුවන් දෙයක් කරමු..
      කාගේ ගිනුමටද මුදල් බැර කල යුත්තේ ???

      Delete
  9. මේ රටේ දේශපාලනයට ගෑවී ඇති ජාතිවාදී ආගම්වාදී ගෝත්‍රවාදී කල්ලිවාදී මුහුණුවර එයයි. දුෂණය කරලා කිරුලපන ඇලේ දාල මරපු දෙමල කෙල්ලට උනා වගේම සිදුවීමක් තමයි මේක. තමන්ගේ දේශපාලන පැවැත්මට වාසිදායක සිදුවීම් වලට පමණක් සංවේදී වන ආත්මාර්ථකාමී ලාංකීය දේශපාලනයේ නිරුවත එයයි

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.... ඔක්කෝම බයිලා චෑම්ප්සාලා ඉන්නේ..

      Delete
  10. කරන්න යන වැඩේ නම් හොදයි.... මේකට කෙනෙක් ඉදිරිපත් වෙයි කියල හිතනවා. අපේ ආර්ථිකය නම් එච්චර හොද මදි. නමුත් කල හැකි දෙයක් තිබුනොත් බලමු.

    ReplyDelete
    Replies
    1. එක ගඩොලකට උදව් කිරීමත් සෑහෙනවා....

      Delete
  11. මාතලන් උබේ ඔය අදහස මට හරියට ගලපගන්න බැරුව හිටියේ වැඩේ නියමයි. මේ රටේ ඉන්න ජාතිවාදී කුහකයන්ට පේන්න අපි ඕක කරන්නම ඕනේ. කව්රුහරි ගේම පටන් ගනින් මම නම් එකෙන්ම සහයෝගය දෙනවා.

    ReplyDelete
    Replies
    1. මොන ජාතිවාදෙද බන්. ප්‍රභාගේ මල කඳටත් හූල්ලපු මිනිස්සු ඉන්නා රටක් මේක.

      Delete
  12. කෝ අර කෑගහන තම්බි නානලා
    උදව් කරන්න නම් ආසයි මේ ගැන අනිත් අය දැනුවත් කරලා හරි උදව්වක් දෙන්නම්

    ReplyDelete
    Replies
    1. ඉවසන්න අවතාර් ඉවසන්න...

      Delete
  13. අඳුරට සාප නොකර ඉටිපන්දමක් හරි දල්වන එක හොඳ වැඩක්...

    ප්‍රසිද්ධ හොරු සම්බන්ද වෙන්නැතුව යමක් කෙරෙනවනම් කරන්න පුළුවන් දෙයක් අනිවා කරනව...

    ReplyDelete
    Replies
    1. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා තමයි.. නමුත් ඉදිරිපත් වුනේ රාජ්... අපේ සහාය අපි ඔහුට ලබා දෙමු...

      Delete
  14. Rizana's Family has rejected all the offers to build a house to them, I know this for a fact. They have told all them to help to release Rizana thats what they want

    ReplyDelete
    Replies
    1. කාටවත් උදව්වක් කරන්න උදව් ලබන්නාගේ කැමත්ත අවශ්‍ය වන්නේ නෑනේ.. අනික අහල උදව් කරන සිරිතක් අපේ රටේ මිනිස්සු අතර නෑ...

      Delete
    2. "අනික අහල උදව් කරන සිරිතක් අපේ රටේ මිනිස්සු අතර නෑ..."
      මාතලන් මහත්තයට දෙවැනි ලිපිය ලියනකොට මේක අමතක වුනේ ඇයි?

      Delete
  15. පෙරමුන ගැනීම පිලිබඳව ස්තුතියි. ලංකාවේ හිටියා නම් සක්‍රීයව සෑහෙන්න දෙයක් කරන්න තිබුනා. පුලුවන් හැම දෙයක්ම කරන්න බලන්නම්!

    ReplyDelete
    Replies
    1. පෙරමින ගන්නෙ මම නෙමෙයි රාජ්.. අපි ඔහුට අපෙ උපරිම සහාය ලබා දෙමු තම්බි....

      Delete
  16. මමත් හැකි මට්ටමෙන් සහයෝගයක් දෙන්න කැමතියි..

    ReplyDelete
  17. හරි හැමෝම උදව් කරන්න කැමතියි නේ ......මමත් උදව් කරන්න කැමතියි.නමුත් තාමත් කවුරුවත් මුලික වෙන පාටක් නෑ.ආඬියාගෙ කැද හැළිය වගේ වෙයිද?

    ReplyDelete
    Replies
    1. කවදාවත් බලාපොරොත්තු නැතිකර ගන්න එපා. කලබල වන්නත් එපා. මා රාජ්ගෙන කල පෞද්ගලික ඉල්ලීම ඔහු අහක දැමුවේ නෑ.. හොඳ කොල්ලො තවමත් ඉන්නවා රතූ

      Delete
  18. සතුටින් සහයෝගය දෙන්න කැමති

    ReplyDelete
  19. ‍සංවිධානය කිරීමට කෙනෙක් ඉක්මනින් ඉදිරිපත්වෙන්න. මට හැකි පමණ මුදලක් එකතුකර එවන්නට කැපවෙමි.
    සත්‍ය විනිවිද දැක අදහස ඉදිරිපත් කල ඔබ නියම මහත්මයෙක් මාතලන්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිමල්... රාජ් ඉදිරිපත් උනා.. අපි ඔහුට අපේ උපරිම සහාය ලබා දෙමු..

      Delete
  20. දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට නොහැකිනම් දරුවන් නොහදා සිටීම වටී. හුදු ආත්මාර්ථය තකා ගොලුබෙල්ලන් සේ දරුවන් වදන බොහෝ දුප්පතුන්ගේ ඉරණම ඉහත ආකාරවේ.

    ReplyDelete
    Replies
    1. ඕක මෙතන කියලා වැඩක් නැහැනේ.පවුල් සංවිදානය ගැන වෙනත් වෙලාවක කතා කරන්න පුළුවන්නේ.මාතලන් වැඩක් කෙරෙනවා නම් බැංකු ගිණුම් අංකය සඳහන් කරන්න පුළුවන් දෙයක් කරන්නම්.

      Delete
    2. එක් පිරිසක් දරුවන් සලකන්නේ දෙවියන්ගෙන් ලැබෙනා තෑග්ගක් ලෙසයි. දරුවන් නොමැති දෙමාපියන් විඳිනා දුක දන්නේ ඒ අත්දැකීම් ලද කෙනෙක් පමණයි. ඒ නිසා අපි ඒ ගැන වෙනම කතා කරමු. ඇනෝ කීවාක් මෙන් මේ අවස්ථාවෙ අපට පුළුවන් ආකාරයකට අපි පිහිට වෙමු..

      Delete
    3. මාතලන්,
      කරුණා කර අදාල විස්තර හැකි ඉක්මනින් ඔබේ බ්ලොගේ සටහන් කරන්න....

      Delete
  21. බ්ලොග් අවකාශයේ මිතුරන් හැටියට අපි අවුරුදු උළෙලට සමගාමිව මේ සමාජ සත්කාරයට අතපොවමු කියන එකයි මගේ හැඟීම ඔබ සැම සහය වෙනවනම් අපි වැඩේට බහින්ව...ජය

    ReplyDelete
    Replies
    1. මා පෞද්ගලිකව කැමති වූයේ ඔබේ ඉදිරිපත් වීමයි. පෞද්ගලිකව කතා කල අවස්ථාවේ ඔබේ ඉතිරිපත් වීම මට මහත් සතුටක් ගෙන දුනි. ඒ මගේ බලාපොරොත්තුව ඉටුවූ නිසාවෙනි. බ්ලොග් අඩවියක් විවෘත කර සබැඳිය ලබාදෙන්න. අපි කවුරුත් රාජ්ට සහාය වමු. ඔබට පින්..... රාජ්....

      Delete
    2. බ්ලොග් අවකාශයේ ම්තුරෝ සමාජ සත්කාර වැඩසටහන ඒ වෙනුවෙන් යොදවමු. ජනවාරි 27 වෙනිදාට වැඩේ පටන්ගන්න පුළුවන්. ජය...!

      Delete
  22. කවුරුන් හෝ මුල් වෙන්න මගේත් උපරිම සහාය හැම අංශයකින්ම දෙනවා....

    ReplyDelete
  23. රාජ් කියපු විදියට මේ වසරෙ සමාජ සත්කාරයට මේ කාර්යය යොදාගත්තා නම් හොදයි...අපි හැමෝම මිනිස්සු මෙතැනදි ජාති ආගම් භේද වැඩක් නෑ...ඒ මිනිසත් ගමට ගරු කරලා මේ වසරෙ අග ඒ අයගෙ ජීවිත යම් තරමකට පහසු කරන්න කැප වෙමු.

    27 ගම්පහ එනවා නේද ? විස්තර කාමරෙන්...

    ReplyDelete
  24. අඩේ මාතලං මේ කෙල්ලව අද මරලා දාල හම්බයෝ.....

    ReplyDelete
    Replies
    1. subscribe කරලා තිබ්බ නිසා මේක එකපාරටම දැක්කම පපුව මොකද්ද වෙලා ගියා...

      Delete
  25. කියවන්නෙක් පමණිJanuary 9, 2013 at 2:10 AM

    රිසානාට මරණ දඩුවම දීලා කියලා ආරන්චියි. මොනවා කරන්නද..... රාජ තාන්ත්‍රිකයින්ගේ හපන්කම් තමයි

    ReplyDelete
  26. රිසානා නෆීක් ශ්‍රී ලංකා වේලාවෙන් අද දවල් 12ට පමණ හිස ගසා මරා දැමූ බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙක් එසැණට පැවැසීය.
    ඝාතනය සිදුවූයේ රියාද් නුවරට බටහිරින් කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාදමී නගරයේදී ය.

    http://www.lankadeepa.lk/index.php/top_story/91912

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. මාතලන්, ඇය අද අවසන් ගමන් යවා ඇත. නමුත්, ඇයගේ පවුලේ උදවිය වෙනුවෙන් යමක් කරමු....

    ReplyDelete
  29. ඊයෙ රෑ මේ ලිපිය කියවල වත්පොතෙයි, ට්විටරෙයි පළ කරල හිතුවා, අද කොමටුවක් දානව කියල. ටික වෙලාවකට කළින් තමයි රිසානාව මරා දැමුනු බව දැන ගන්න ලැබුණෙ. මේ ගැන කාලයක් තිස්සෙ අවධානයෙන් හිටපු කෙනෙක් විදියටත්, රිසානා සම වයසේ කෙනෙකුන් වීම නිසාත්, කම්පාවට පත්වුනා. රටේ, සමාජයේ ප්‍රශ්න නිසා ඇයට මේ ඉරණම අත්වුනා කියල අපිට තර්ක කරන්න පුලුවන්. කොහොමවුනත්, ඇය මරා දැමීම අමන ක්‍රියාවක්!.

    ReplyDelete
  30. අවංකව කීවොත් මට මේ අම්ම එක්ක කේන්තියි. එයා මොන හිතකින් මේ පොඩි නොදරුව යවන්ට එකඟ උනාද? එයා ඒ ගමන ගියා නම් වඩා හොඳයි කියල මට හැමදාම හිතුනෙ

    ReplyDelete
  31. මචං මාතලන්. මම අද පෝස්ටුව නිසා මේක දැක්කේ. සපෝට් එකක් දෙන්නම්. මට බුකියේ මැසේජ් එකක් දාපං.

    ReplyDelete
  32. මචන් ඉන්නේ ලංකාවේ නෙවේ කවුරු හරි වැඩේ පතන ගතහොත් සහයෝගයක් දෙන්න කැමති.

    ReplyDelete
  33. මේ පැත්තේ එවෙන්නේ ඉඳලා හිටලා.. වැඩේ පටන් ගත්තාම මූණු පොතේ දාන්න.. මමත් පුළුවන් උදව්වක් කරන්නම් ..

    ReplyDelete
  34. සමාවන්න බ්ලොග් මිතුරනි, රිසානාට ජීවිතය ලැබෙනු ඇතැයි කියා ඉමහත් බලාපොරොත්තු තබාගෙන සිටි ශ්‍රී ලාංකික
    සියලු දෙනාගේ දෑස්වලට කඳුළු එක්කරමින් ඇගේ ගෙල සිඳලූ පසුව ඈ උපන් ගමේ මුස්ලිම් දේවස්ථානයේ ඈ වෙනුවෙන් ආගමික
    වතාවත් පැවැත්වූ රැවුල්කාර ආගමික නායකයාගේ දේශනයේ කොටසක් රෑපවාහිනියෙන් දැකගත් මොහොතේ සිට මගේ සිත එහෙම පිටින්ම වෙනස් වූ බව
    සඳහන් කිරීමට සිදුව තිබේ.
    මිනීමරන්නට අනුබල දෙන්නාවූ ඉස්ලාම් අදහන, ඔවුන්ගේ ආගම වෙනුවෙන්ම අප සිතනවාට වඩා දැඩිව කැපවී සිටින අනෙකුත් මුස්ලිම් සියල්ලෝම පාහේ රිසානා
    වෙනුවෙන් සිංහල අපි තරම් ශෝක නොකල බවත්, ඇයගේ නිදහස ‍අල්ලාහ් ට බාරදී බලාසිටි බවත් ඔවුන් කල කී දේවල් දෙස ආපසු හැරී බලන විට දැකගන්නට තිබින.
    එවන් පසුබිමක සිට ඒ දුප්පත් දෙමව්පියන්ගේ දුක් කඳුලු පිසින්නට බොදු දෑත් දිගුකිරීම බුද්ධ දේශනාවට අනුව නිවැරදි වූවද, ලක් දෙරනේ අද දවසේ පවතින වටාපි‍ටාව
    තුල එය කොයිතරම් දුරට ගලපාගත හැකිවේද යන ප්‍රශ්නය දැන් මා ලඟ ඉතිරිවී ඇත. සාධාරණ අයුරින් මෙය පැහැදිලි කරගන්නා තුරු රිසානාගේ පවුලේ උදවියට
    උපකාර කිරීමේ වැඩසටහනට දායක වෙන්නට මා දුන් පොරොන්දුව කණගාටුවෙන් වුවද ඉල්ලා අස්කරගනිමි.
    අල්ලාහ් ගේ කැමැත්තට අනුව දුප්පත්වී ඉපිද අල්ලාහ් ගේ කැමැත්තට අනුව ගෙල කපා මරාදැමුන නිසා අල්ලාහ්ට වැඳ වැටෙමින් හිත හදාගන්නා
    පිරිසක් අල්ලාහ් ගේ කැමැත්තට අනුව බොදුනුවන් පිරිසක් තමන්නට උපකාර කරන්නට අල්ලා විසින් එවන ලදැයි පිලිගතහොත් අපගේ පිංකම අපට පසුතැවිල්ලක්
    පමනක් ඉතිරිකර දේවි නේද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න