.

.

Jan 12, 2013

රට වෙනුවෙන් පොලු ගත් ලක් පුතුන්... - Goons of Mother Lanka




නිකං, කන්න දෙනවනම්
නිකං, බොන්න දෙනවනම්
මොනවද, තිලංගලට වෙන්නට ඕනේ......
නිකං කන්න දෙනවනම්
නිකං බොන්න දෙනවනම්
මොනවද, රත්තරන්ට වෙන්නට ඕනේ.....

සදාචාරේ මකබෑවිලා ගියාවේ......
අධිකරණෙට කෙලවීලා ගියාවේ......
කියන ලෙසට අපි පොල්ලෙන් බෙදාඤ්ඤා,
කුඩු පොඩ්ඩක් හැන්දෑවට ලැබෙනවඤා.........

නිකං කන්න දෙනවනම්
නිකං බොන්න දෙනවනම්
මක්කයි අළුත් ගමගෙ වෙන්නට ඕනේ.....
නිකං කන්න දෙනවනම්
නිකං බොන්න දෙනවනම්
මක්කයි ප්‍රියදර්‍රශන වෙන්නට ඕනේ......

නීතීය යුක්තිය බල්ලට ගියාවේ
මුළු රටටම කෙලවීලා ගියාවේ....
රජුට උනත් මේ පොල්ලෙන් කෙලින්ඤා..........
බත් පැකටුයි පන්සීයයි බෙදනවඤා........

                      -x-

71 comments:

  1. අන්න නියම පරම සත්‍යය මාතලයාණෙනි. මම මේ ඔය ටික කියන්න ක්රමයක් හොය හොය හිටියේ උඹ නෙලල තියෙන්නේ ඉස්මුරුත්තා වෙන්නටම..

    ReplyDelete
    Replies
    1. ඔය ගොඩක් උන් කියලා තියෙන්නේ ලස්සනටම

      Delete
  2. ඔය පොල්ලෙන් තමන්ට වදිනකම්ම
    තේරෙන්නේ නැහැ.
    (පොලු දරන්නන්ටද මෙය වලංගුය)

    ReplyDelete
    Replies
    1. අවසානයේ සිඳුවන්නේ එයයි... සමීපතම උදාහරණය "මැර සිල්වා'

      Delete
  3. මේ ඉන්නේ නියම දේශ ප්‍රේමියෝ, මොකුත් කියන්න එපා මෙයාල ටික වැඩට නාවොත් NGO ඩොලර් කාක්කො මේ රට බෙදල දාවි. ඒවට ඉඩ තියන්න නරකයි.

    ReplyDelete
    Replies
    1. ඔය බටහිර කුමන්ත්‍රණ කාරයෝ කියන් උන් මට නම් පෙන්නන්න බෑ...

      Delete
    2. මේ රට විතරක් නොවෙයි මුලු ලොව පුරාම ක්‍රියාත්මක වන එන් ජී ඕ ක්‍රියාන්විතයක් තිබෙනවා.අති විශාල මූල්‍ය සංසරනයක් සිදු වෙනවා.ආන්ඩුව මොන වරද කළත් එක්සත් ජාතික් පක්ෂය සංකර තුප්පහි එන් ජී ඕවක් නිසා ජනතාව දෙවරක් හිතනවා.හිතන්න එපා මේ රටේ බහුතරයක් කුඩුකාරයො කියලා.යූ ඇන් පී ප්‍රතිගාමීත්වය නරකම සතුරා බැවින් අඩුවෙන් නරක දේ අවසාන විග්‍රහයෙදි තෝරගන්නවා

      Delete
  4. මුගුරක් අවැසි තැන, මුගුරක් ගෙන නැගෙනු!

    ReplyDelete
    Replies
    1. ඔබගේ බ්ලොගය දුටු විට මුගුරක් ඇවැසි තැනකට සුරයක් පුකේ ගසන් සිටිනා සෙයක් සිතේ.

      Delete
    2. දෙමළෙක් උනත් විරුවෙක් නම් ගරු කරුණු!

      Delete
    3. ඉස්සරනම් ඔහොම කියන්න කස්ටිය හිටියා.. දැන් නැට්ට පුකේ ගහගෙන ඉන්නේ...

      Delete
  5. //රජුට උනත් මේ පොල්ලෙන් කෙලින්ඤා........../

    රජුට ගහන්න..... හිතුව මදි . මේ පොලු පාරවල් වදින්නේ අධිරාජ්‍ය වාදී , දේශද්‍රොහි බලල් අත් වලට විතරයි . රජුට තියා රජ ගෙදර බල්ලෙකුටවත් මේ පොලු පාරවල් වදින්නේ නෑ

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි තමුසේ වගේ මන්ද බුද්ධිකයෝ හිතාගෙන ඉන්නේ. රජුගේ සහ උගේ පවුල් ගහේ ඉන්න ඔක්කොම එවුන්ගේ කිරිජ්ජපල්ල හරහා වදින්නේ තමුසෙලාට උස්මුරුත්තාව හැදෙන විදිහටයි. ඒක හොඳට මතක තියාගන්නවා.

      Delete
    2. බ්ලොග් ලියන්න ඉස්සෙල්ලා ඔබාගෙන් ගත්ත ණය ටික ගෙවල හිටපන්

      Delete
    3. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක්ද ඇත...

      Delete
    4. AnonymousJanuary 12, 2013 at 11:32 PM - ඔහේ කාටද ණය ගෙවන්න කියන්නේ , මම බ්ලොග් අවකාසෙ කිසිම කෙනෙක් එක්ක මුදල් ගණුදෙනුවක් කරලත් නෑ , කරන්නෙත් නෑ . පිස්සු කියවන්න එපා

      Delete
    5. පවුල් පාලන කතා පැත්තක තියමු.මම මොන පැත්තකටවත් නෑ.යූ ඇන් පී පල් හොරු එකම පවුලෙ නොවුනත් උන් රට වැනසුවා.පුලුවන් තරම් හොරා කෑවා.උන් රට කෑවෙ කොටියත් එක්ක හවුලෙ.
      අනික ඔය එන් ජී කාරයො හැම ප්‍රගතිශීලී ආන්ඩුවකටම ඔය චෝදනාව සිරිතක් හැටියට කරනවා
      ඇමරිකාවට ගැතිකම් නොකරන ඕනම එකෙක් හොරෙක්

      Delete
  6. කුලු පොලු කළු බලල් කහ බළල් හැමදාම අපේ රටේ කවදාක මේ තත්ත්වයන් වෙනසක් වේද?

    ReplyDelete
    Replies
    1. කඩේ යන පත්තරවලට ලියන සම හරක් [නලින් අයිති දැයි නොදනිමි]ලියන අයට මේසයක්,පුටුවක් පවා මහා පත්තර ගෙදර නොමැති බව මා වගකීමෙන් පවසමි.ඒ වාර්තා කරුවන් වාර්තා ලියන්නෙ,පුවත් පත් දැන්වීම් කව්ළු වටේ තිබෙන ලෑල්ල උඩ තියාගෙන කියලයි ආරංචිය ඒක හැබැව දැයි නොදනිමි.පුලුවනම් "හතර වටේ"යන්නෙ නැතුව මේකට උත්තරයක් දෙනවාද නලින් මාගේ මිත්‍රයා:)

      Delete
    2. වෙනස් වෙන දවස්ක් එයි නලීන්... දින වකවානු ගැන ප්‍රශ්ණයක් පමණයි තිබෙන්නේ...

      Delete
    3. ඇත්තටම වෙනස් විය යුතුයි.කොහොමටත් ටයර් මැද පිළිස්සෙන තරුණ මළ සිරුරු දකින්න නෑ.ගුටි දුන්නට මිනී මරන මට්ටමකට ආන්ඩුවකට ඇවිත් නෑ.කොටින්ට පක්ෂ සමහරුන් ගැන නම් ජනතාවට ඇත්තේ වෛරයක්.බටහිර එන් ජී කාරයො හිතන් ඇති.කොටින්ට පක්ෂ එවුන්ට සිදුවන ඇතැම් දේවලට ජනතාව ආන්ඩුවට බනිනව කියල.ආන්ඩුවෙ ජනප්‍රියත්වය වැඩි වෙන එකයි වෙන්නෙ

      Delete
  7. කියවන්නෙක් පමණිJanuary 12, 2013 at 4:03 AM

    මෙහිදි ශ්‍රී ලංකා පොලිසියට අපගේ උත්මාචාරය හිමිවිය යුතුයි. මොකද ඔවුන් මේ පොලු හමුදාවට අභීතව ආරක්ෂාව සලසාදුන් නිසා. මෙවැනි කාලවකවානුවක නාමල් රාජපක්ෂ අගවිනිසුරැ වුනත් අප පුදුමවියයුතු නැත. 2014 ඡන්දෙට සති දෙකකට කලින් ගෑස් නිධි බොරතෙල් නිධි වගේ දේවල් ටිකක් හොයාගන්න විතරයි තියෙන්නේ. එතකොට උපාධී ධාරීන්ස්ථීර කිරීමත් 2014 වෙනකල් කල්දාලා තියෙනවා. ඔය දෙක හොදටම ඇති දෙක නැති උන්ට කතිරේ ගහන්න

    ReplyDelete
    Replies
    1. මේක නියම ටේලර්ලා ඉන්න ආන්ඩුවක්.. ජනතාව අන්දන්න මෙච්චර දස්ස උන් ලොවෙත් නෑ.. ගොබෙල්ස් උන්නා නම් විලි ලැජ්ජාවේ මැරෙනවා..

      Delete
  8. රජුට උනත් මේ පොල්ලෙන් කෙලින්ඤා
    බත් පැකටුයි පන්සීයයි බෙදනවඤා

    දේශපාලන රැලි, උද්ගෝෂණ, පෙළපාලි වලට යන බොහෝ උන්ට පොදු වූ පරම සත්‍ය. මාතලන්ට වුනත් බැරි නෑ විශාල ජන සහභාගීත්වයක් සාහිත දේශපාලන රැළියක් පවත්වන්න අලුතින් හදන පක්ෂෙට "අපිට කෙලවේවා" කියලා නම දාගත්තක් .. ලක්ෂ දහයක් පහලවක් විසි කරන්න තියේ නම් ..

    ReplyDelete
    Replies
    1. සල්ලි ඉතින් බටහිර රටවලින් වත් ඉල්ල ගන්න බැරිය...

      Delete
  9. වසන්තයේ අග හමුවෙමු සොදුරිය .....

    ReplyDelete
    Replies
    1. හික්ස්....පන පිටින් හිටියොත්....;)

      Delete
    2. ප්‍රශ්ණේ තියෙන්නේ වසන්තයේ අග එන්නේ මොකක්ද කියන එකයි....

      Delete
  10. එහෙම කියන්නෙපා මාතලන්...දැක්කේ නැත්ද, දැන් අපිට ස්වාධීන අධිකරණක් තියනවා. දැන් ඉතිං මර්වින්ට, සුධර්මන්ට, විමල්ට, නාමල්ට ඔක්කෝම කට්ටියට විසුමක් වෙන්නේ නෑ. පිට පිට හිර දඩුවම් ලැබෙයි. ගෝල්ඩන් කී එවුන්ට පොලිත් එක්ක සල්ලි ලැබෙයි. ජය වේවා! හුරේ ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ගෝල්ඩන් කී උන්ට වෙන දේ 80 වර්ජකයෝ දිහා බැලුවම හිතා ගත්ත හැකී...

      Delete
  11. අවි ගත්තෝ අවියෙන්ම නැසේ ...

    ReplyDelete
    Replies
    1. අද දක්වා ඇස් පනාපිට ඉටුවී ඇති සත්‍යයකි...

      Delete
  12. ඒක නම් තිත්ත ඇත්ත...තවමත් ලංකාවේ උන්දෑලා හිතාන ඉන්නේ කන්න දෙනවනම් රට දියුනුයි කියලා.

    ReplyDelete
    Replies
    1. අපේ උන්ට ඕන එච්චරයි...

      Delete
  13. එහෙම කියන්ට එපා මාතලන්. මේ කෝපයට පත් ජනතාව. (ජනතා පරමාධිපත්‍යට ඇඟිලි ගහන්න කාටවත් බෑ නෙව!)

    ReplyDelete
    Replies
    1. ඒහෙම හිතන්නත් පුළුවන්

      Delete
    2. මේ කෝපයට පත් ජනතාව නොවෙන්න පුලුවන් හැබැයි එහෙම ජනතාවකුත් ඉන්නවා.ඔය නඩුකාර ගෑනි පිටිපස්සෙත් විදේශීය බලවේග තිබ්බනෙ.පාකිස්තාන් සෙල්ලම් නම් මේ රටේ සුම්මා

      Delete
  14. අර පරමාධිපත්‍ය කියන්නේ ඕකට වෙන්ටැති මයේ හිතේ. අපි 1/3 ට අයිති උදවිය නේ. මිනිස්සුන්ට කියල දෙන්න පුළුවන් එත් හිතන්න මොලයක් දෙන්න බැහැ. ඔය ඔලු ගෙඩි ඇතුලෙ තියෙන්නේ අද දවස ආතල් එකේ ගෙවාගන්නේ කොහොමද කියන එක විතරයි. 2/3 කේ ලුම්පන් ආතල්..........

    ReplyDelete
    Replies
    1. ලොකු කතාවක් කෙටියෙන් අපූරුවට ලියා තිබේ...

      Delete
  15. මේ කෑගහන රබර් සෙරෙප්පු කාරයන්ගෙන්ම ප්‍රේමයගෙ කාලේ ගුටි/වෙඩි ඉල්ලගන කාල,පත්තර කොළ දාගෙන බිම නිදාගත්තු,ලංකාවේ අහිංසක ජනතාවගේ මයිල් කෙලින් වෙන්න කතා කරපු තොපි,ගුටි දුන්න එව්වන්ගේ ගෙවිච්ච රබර් සෙරෙප්පුවේ ගානට වඩා ඝනකම,සෙරෙප්පු සයිස් බැදපු තෝර මාළු කෑල්ල පාර්ලිමේන්තු කැන්ටිමෙන් කාපු දවසෙ ඉදන් නේද දිව නැති එව්වො වගේ බෙරිහන් දෙන්නේ?????????????????

    ReplyDelete
    Replies
    1. මල.......... පැන.......... ඇත............

      Delete
  16. මුන්ට කියක් දුන්නද දන්නේ නැහැ වැඩේට... අනේ මෙහෙමත් හරක් පැටව් ටිකක් , මේ වගේ සිද්දි දකිනකොට ලංකාව තාමත් තියෙන්නේ කොතනද කියලා ආයේ ආයෙත් මතක් කරලා දෙනවා

    ReplyDelete
    Replies
    1. ලංකාව තියෙන්නේ ගල්යුගේ අපි ගෝත්‍රික රටක්. ඇයි අවුල්ද?

      Delete
    2. ඔව් එක එකාවත් ගෝත්‍රයෙන් මිදෙන්න බලමු...

      Delete
    3. ගොන් තකතීරූ ආන්ඩුවක්... නීතීමය ක්‍රියාමාර්ගයෙන්ම පමණක් එලවලා දාන්න පුළුවන් කම තියෙද්දි.. ඇදගෙන නානවා... ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ....

      Delete
  17. මොනවා කියන්නද මන්දා +++++++++++++++

    ReplyDelete
    Replies
    1. දුක තමා නංගියේ,

      Delete
  18. කියවගෙන පල්ලෙහාට එන කොට දැක්ක ‘අහෝ ගඩාෆි ...!‘ ලිපියට ලින්ක් එකක්.

    දැන් නම් කාලෙ හරි වගෙ, කියන්න, අහෝ මහින්ද ... !



    ReplyDelete
  19. පොලු ඇති ලක් පුතුන්ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies

    1. මේ ඕයි අඩවි රජ කියන මෝඩ එකෝ
      හැමතැනම තප්පුලන්න එපා ඕයි .දන්නැත්නම්
      ගොන් කතා නොකිය පව් නොදී පල...

      Delete
  20. බලන්න හසන්ත සිරිලංකාවේ ආශ්චර්යය... රටේ අනාගතය රකින්න යගදා අතින්ගත් වීර ලංකා පුතුන් නොබියව පෙරට එක හැටි දකිනකොට මහේ ජාත්‍යාලයට මොකක්ද වෙනවා හසන්ත. ඒ වගේ වීර පුතෙකුට හවසට බත් පැකට් එකක් කුඩු පොඩ්ඩක් එක්ක දෙන එකේ මොන වැරැද්දක්ද හසන්ත..

    ReplyDelete
  21. මේවා මේ රටේ හැමදාම වෙන දේවල්, ඔය පොලුම කාලයක් අනිත් පැත්තෙන් මේ පැත්තට එල්ල වුනා. දැන් මේ පැත්තෙන් ඒ පැත්තට. අපි දෙපැත්තට හිර වෙලා. අපිට කාගෙ පිහිටක් ද? අනේ මන්ද අපි කාට කියන්න ද?

    ReplyDelete
  22. ඔය කියන දවසෙ උදේ "පිකට් එකකට" යනව කියල හිටපු එවුන් ටික හැන්දෑවෙ රත්නගෙ බාර් එක ළඟ ඉන්නව මං ඇස් දෙකෙන්ම දැක්ක. එකෙක් බෝතල් හයක් අත් දෙකෙනුයි කිහිලි අස්සෙයි අරගෙන ආවා වෙන තැනකින්. රත්නගෙ බාර් එකේ බඩු ඉවර වෙන්න ඇති.

    ReplyDelete
  23. ඡන්දෙ තියෙන දාට ගිහින් පෝලිමේ....
    මහ රජාට කතිරෙ උඩින් ගහන්නා...

    මීට
    ලැජ්ජා නැති,
    ජනතාව !

    ReplyDelete
  24. ආශ්චර්යය බොලව් ආශ්චර්යය... පිබිදෙන ශ්‍රීලංකාවක්...

    ReplyDelete
  25. .කියෙව්වෙමි. කියන්නට දහසක් දේවල් තිබේ. ඒත් මාතලං මේ සංවාදයන් මහපොළවට ගෙන ඒමේ උත්සාහයකින් තොරව මෙවනි විවේචන මතවාද සංවාද වලින් උදාසීන වෙලයි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මාත් පුළුවන් තරන් පහලට අදිනවා රතු රජරට.
      පොඩ්ඩක් අවනං ඒ පැත්තේ..
      ඊයේ මන් දාපු මේල් එක අවේ නැහැද ?

      Delete
  26. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බොලව්.. උන්ට පොලු අරන් ගී ගැයීමේ මූලික අයිතිවාසිකම් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මෙ ජීවත්වීමෙ අයිතිවාසිකමවත් නැති රටකට කොහෙද බොල ගී ගැයීමි......

      Delete
  27. මැර බලයයි ජනබලයි විධායකයි 2/3යි මාධ්‍යයි ඔක්කොම තියාගෙන මේ රාජ්‍ය නිලධාරි ගැනු කෙනෙක්ව අයින් කරගන්න බැරිව නාගෙන හත්පොලේම ගාගෙන තියන ඔක්කොම සෙල්ලම් දානවනම් කොහොමට හිටද මේ ආණ්ඩුව ෆොන්සේකා නැතුව යුද්දෙට ගියානම් එහෙම.

    ReplyDelete
  28. ඇස්වලට කටු අනින ‍මේ සත්යනය හරිම පීඩාවක් හිතට.. කවදාද ඇති වන්නේ ‍වෙනසක්..

    ReplyDelete
    Replies
    1. නිදහසින් පසු අදවන තෙක් උදාවී නම් නොමැත....

      Delete
  29. When someone writes an paragraph he/she maintains the thought of a user in his/her mind that
    how a user can be aware of it. Therefore that's why this paragraph is amazing. Thanks!

    Here is my weblog you have to see this

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න