.

.

May 6, 2015

හොරු සමඟ සාකච්ඡා කුඩු විය - Broken Dreams



අවුරුදු 25 ක් ඉතර තිස්සේ, මේ රටේ ආන්ඩු, සාකච්ඡා තිබ්බේ, රස්තවදියෝ හෙවත් කොටිත් එක්කය. ගොඩක් ඒවා තිබුනේ, රන් වැටෙන් වට ඇටෙන් එහා දේස දේසාන්තරවලය. සම හරක් සෙට් උනේ, තිම්පු වලය. මැලේසියාවේ හා සිංගප්පූරුවෙත් තිබ්බා වගේ මතකය. අන්තිමට තිබ්බේ ජිනීවා වලද කොහෙදය. ඒවාට ආවේ බාලසිංහම්ය. සාමෙට කියා ආවට, සාකච්ඡාවෙන් පස්සේ පුක නැති වෙන්නම නෙළුවේය. 

ගිරුවා පත්තුවෙන් ආපු චොප්පෙ අයියා, ගානක් දීලා ෂේප් එකේ ඉන්න හැදුවත්, අන්තිමේදි මලයාටත් කෙලින්න ගිය නිසා, තොපිත් එක්ක නෝ සාකච්ඡා කියා කොටියාගේ පුක නැතිවෙන්නම ගහලා, සාකච්ඡාවෙන්, සන්මන්ත්‍රනයෙන්, සම්මුතියෙන්, සාමයෙන් ප්‍රශ්ණ විසඳිල්ල ඉවරම කොරලා දැම්මේය.

ඒ ඉස්සරය. දැන් ආන්ඩුව සාකච්ඡා කොරන්නේ, හොරුත් එක්කය. නිකං හොරු නෙමේය. නීල කාස හොරුය. ඊයේ වෙන කොට යහපාළන ටොයියෝ සර්වාංගෙම වෙව්ලන්න බය වෙලා උන්නත්, හොඳ වෙලාවට, සාකච්ඡාවලට යන්න කලින්, වෙස්සන්තර සජ්ජුරුවෝ, "මාතලන්" බලලා තියෙනවාය. මාතලන් කිව්වේ, සුසිල් ප්‍රේමජය්න්ත කියන්නේ, නොම්මර එකේ මහින්දවාදියෙක් කියලාය. ඒ නිසා මීටින් එකෙන් උන්නැහේගේ නම කපලා දැම්මේය. 

ඒ වගේම, මාතලන් කිව්වා වගේම, රාජිතයි, ගුණසේකර උන්නැහෙයි, මාතලන්ට අමතක වෙච්චි, දුමින්ද ලොක්කයි, තුන් දෙනාමත් අරගෙන ගිහින් තිබුනේය. මුන් ටික දැක්ක ගමන්, හිටපු ලොක්කාගේ මූණ පුක වගේ වෙනවා, ඊයේ නිව්ස් බලාපු උන් හරියට නිව්ස් බැලුවානම් දැක ගන්නටත් ඇතිය. 

සිරිසේන ලොක්කාට අගමැති කම් නොදීපු හාදයා, ඒ හාදයාගෙන්ම අගමැති කම් හිඟාකාගෙන එන සයිස් එකට පත් වීම, බයියන්ගේ පමණක් නොව ටොයියන්ගේද හිතට හරි නැතිය. පරාජය බාරගෙන පැත්තකට උනා නම්, මීට වඩා ගරු බුහුමන් උන්නැහේට ලැබෙනවාය. දැන් කරන්න යන්නේ, නීත්‍යානූකූලව පත් වූ ජනපතිට, හොඳින් බැරිනම් නරකින් හෝ ගේම් ඇදලා, ආයෙත් බලය අරගෙන හොරුන් රජ කරවන්නටය. 

මේ සාකච්චාවල මූලීකම පරමාර්ථය හොරුන් ටික බේරා ගැනීමය. මොකක් හෝ පවර්ෆුල් තැනකින්, මහින්ද මහත්තයාට නඩු පිට නඩු වැටෙනා එක දැනට නැවතිලා තියෙනවාය. ඒත් උන්නැහේගේ හොර ගෝලයෝ එකා දෙන්නාට කෙලවේගන එන කොට, උන්නැහේ වගේම රට කාපු අනික් කම්බා හොරුත් අම්බානක බය වෙලා තියෙනවාය. පටන් ගන්න කොට කිව්වේ, හොරු ඉන්නවා නම් අල්ලනය කියලාය. දැන් අල්ලන කොට කියන්නේ, එලව එලවා පලි ගන්නවා කියලාය.

හොරු අල්ලන්න බැරි නම්, මුන් කියන්නේ, හොරා කන්න දෙන්න කියලාද? නිලධාරි වැඩ කරන්න බය වෙනවා කියන්නේ, උන්ගේ රාජකාරියත් හොරකම් කරන එකෙයි කියලා හිතලාද? මේ සාකච්ඡා ගැන යහ පාලනේ උනුයි කම්බ හොරුයි කිව්වේ අමූලික බොරුය. ඇත්ත කිව්වේ වෙල්ගම ලොක්කා විතරය. ඡන්දේ දෙනවා නම් දෙන්න ඕනා, ඒ වගේ උන්ටය. මාතලන්, වෙල්ගමලාට, මර්වින් සිල්වලාට, කැමති ඒ නිසාය. උන් කවදාවත් බොරු කියන්නේ නැතිය, ගැහුවා නම් ගැහුවා කියලා බය නැතුව කියනවාය.

වෙල්ගම ලොක්කා කිව්වේ සාකච්ඡා, ෆේල් කියලාය. ඇත්ත කතාව ඒකය. වටෙන් පිටෙන් කිව්වාට වැදගත් කම අනුව ඉල්ලීම් උනේ මේවාය.
  • හොරු අල්ලන නිසා FCID එක හෙවත් මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විශේෂ පොලිස් ඒකකය විසුරුවා හැරීම
  • මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා කිරීම
  • රජගෙදර රිලවාට හා රුපියල් 100 හිඟන්නාට නොමිනේසොන් ලබා දීම
  • මැතිවරණවලදි සංධානය ලෙස තරඟ කිරීම
  • පලාත් පාලන ඡන්දය මුලින් පවත්වා එවා අලියාට නොදීම
එකක්වත් හරි ගියේ නැති නිසා, අද බයියන්ගේ මාධ්‍යවල පල කොට තිබෙන්නේ, FCID එක විසුරුවන්න මෛත්‍රිපාල ලොක්කා එකඟ වූ බවය. එහෙත් එතුමා කියා තියෙන්නේ, හොරුන්ට විරුද්ධව දිගටම ක්‍රියා කොට, සිරි ලංකා නිදහස් පක්ෂය පිරිසිඳු කළ යුතු බවය.

මාධ්‍යට ඇත්ත කිව්වාට, වෙල්ගම ලොක්කාට අපේ ගෞරවය පිරිනමනවාය. ඒ උනාට වෙල්ගම ලොක්කා වගේම ටී බී උන්නැහෙත් ඊයේ රෑ මහින්ද ලොක්කාගෙන අම්මමෝ නැතිව අම්බානක අහගන්නටත් ඇතිය.

ඉස්සර කොටිත් එක්ක සාකච්චා ඉවර උනායින් පස්සෙ, කොටි අපිට පුක නැති වෙන්නම ගැහුවෝය. තෘප්තිමත්භාවයකින් තොරව අවසන් වුවත්, ඉදිරියටත් සාකච්ඡා තියෙනවාය කිව්වාට, ආයෙත් හත් පලේ ගාගන්න හිටපු ලොක්කා එයි කියා, මාතලන් හිතන්නේ නැතිය. ඒ නිසා, ප්‍රතිවිප්ලවේ ක්‍රියාකාරීත්වය අති දරුණු වීමට බොහෝ ඉඩ කඩ තියෙනවාය.

ඒ නිසා අපි ජනාධිපති තුමාට කියන්නේ, ආරක්ෂාවට ඉන්නා චර පුරුෂයෝ එලවා දමා, තමන්ගේ ආරක්ෂාව මීට වඩා තර කර ගන්නෙයි කියාලාය. මොකෝ බන්ඩාරනායකට ගේම දුන්නේ, විපක්ෂේ උන්වත්, රටේ උන්වත් නොව, ඔය පක්ෂෙම උන් නිසාය.

ඒ වගේම පිං ආන්ඩුවේ, බල්ලා වගේ, දීපු නියෝජ්ජ ඇමති කම් කරනා පිනාටත් කියන්න තියෙන්නේ. යූ ඇන් පීයට කෙලවීම කෙසේ වෙතත්, සිරි ලංකා එකට නම් අබ සරණයි කියලාය.

85 comments:

  1. බැලුවේ නෑ සෙද්ද. එපා වෙලා අප්පා..

    ReplyDelete
    Replies
    1. වැඩියේ දිග නෑ.. අනේ මචෝ කියවහන්...

      Delete
    2. නැද්ද රොකට් රෝහිනිගේ මයිලක්වත් ලගකදී...?

      Delete
  2. බොහොම අපූරු විග්‍රහයක්.

    ReplyDelete
  3. බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඊයේ බිව්වා ඕල්ඩ් ඇරැක් තුන්කාලක්ම තනියෙම. ඊට පස්සේ මාරක ලිදේ බයිසිකල් පදින හැටිත් බලලා, ප්‍රීති වෙසක් කියලා අල්ලා දෙවියන්ගේ පිහිටෙන් ගෙදෙට්ට එනකොට පාන්දර එකයි.

    නිවුස් නං බැලුවේ නෑ ඊයේ.

    ReplyDelete
    Replies
    1. නලාවක් හෙම පිම්බේ නැතෙයි.. හොඳ කෑල්ලක් බලලා...

      Delete
    2. අයිසෙ මාතලන් මොකද්ද මේ නලා පිඹිල්ල?
      දන්නෙ නැති නිස කියල දෙනවකො

      Delete
    3. අයිසේ ඇනෝ ඔයත් මරු ආතල් නේ දෙන්නේ මචෝ

      Delete
  4. බලං ඉමුකෝ තව ටික දවසක්....

    ReplyDelete
    Replies
    1. හා මචෝ... ඔය විදියටම රනිලුත් සෑහෙන කාළයක් බලාගෙන හිටියා නොවැ...

      Delete
  5. නිසැක ධාතු වගයක් මම අද උදේ දැක්කා.නිසැක කියන්නෙ ඉතිං ෂුවර්ම තමා,තව පොඩ්ඩෙන් ඇඟේත් ගෑවෙනවා.මාතලන් නිසැක ධාතු වැන්දේ නැතුවැයි.

    ReplyDelete
    Replies
    1. නිසැකවම ධාතු වඩම්මවන්න ඕනි හැමදාම.

      Delete
    2. ලබන වෙසක් එකට මොකක් හරි චැනල් එකක් අල්ලගෙන, මාත් නිසැක ධාතූ පෙන්නන්න ඉන්නේ...

      Delete
    3. කාගේ කකුල් අතරද? ප්ලාස්ටික් භාජනේකද? නැත්තන් පැණි එක්ක බේරෙනවාද?

      Delete
  6. ඔන්න ඉයෙ උදේ ලොක්ක බ්ලොග් බලනව. මාතලන්ගෙ බ්ලොග් එක පැත්තෙ ආවමයි සීන් එක තේරුනේ..... ගත්ත රාජිතට කෝල් එකක්,

    "රාජිත, ලෑස්ති වෙන්න සාකච්චාවට යන්න හිටං...... ගුනේටයි දුමින්දටයිත් එන්න කියන්න"

    එක්ස් රජා, එද්දි තමයි දැක්කෙ ලොක්ක එක්ක ඇවිල්ල තියන එවුන්,

    "යකෝ මූ මටත් ඇරිය නේද? තනියම එනව කියල......" එහෙම හිතුවට කිව්වෙ නෑ.
    ****************************************************

    FCID එක විසිරුවන කතාවක් මුලින් කියල තිබුනෙ නෑ. නමුත් හිතේ තියෙන්න ඇති. අන්තිමට වෙබ්සයිට් කාරයො වැට පැන්න ඒකට එකඟවුනා කියල.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනෙ මාතො අපි කලිං කිව්වෙ "බලමු!" කියල!

      Delete
    2. මම කිව්වේ නිකන්ද.. ලොක්කා අන්දන්න දස්සයා කියලා..පඩයක් ගියත් මීඩීයා වලට බ්‍රීෆින් එකක් දෙන හිටපු ලොක්කා පැත්ත පලාතේ නොඉඳ යන්න කොහොම කිච විල්ලක් කිච වෙන්න ඇද්ද..

      දෙරණ නිව්ස් වල වෙල්ගමගේ සද්දේ නෑ.. විසුවල් විතරයි...

      Delete
    3. අතින් අරං පුකේ තියාගත්තා වගෙ වැඩක් නේද පොර කරගත්තෙ?

      Delete
    4. කාගෙ පුකේද ?

      Delete
    5. කියලා වැඩක් නෑ හැලපේ.. බලයට ඇති කෑදර කම නිසා මෙච්චර පාච්චල් වෙන්න ඕන මනුස්සයෙක්ද...?

      Delete
  7. මාතා................ පළාත් පාලන මුලින් තියන්න යන්නේ යකා කොහොමද කියලා බලාගන්න..... මුං ටික දැන් ඔය සද්ද දාගෙන දිව්වාට පළාත් පාලන ඡන්දය තිබ්බ ගමන් ඔය රැස් බහිනවා..... ඒදාට තේරෙනවා හුටා තමා කියලා.... ඊට පස්සේ අගමැති පොරයක් කීයටවත් තියෙන්නෑ... ඔ්නෙමනම් විපක්ෂ නායක පොරයක් තියේවී...

    ReplyDelete
    Replies
    1. මුන් හොරා කාපුවා එලියට එනවා. පොලීසියේ ඉන්නෙත් මුන් එක්කම හොරා කාපු උන් නිසා තමයි වෙනම පොලිස් ඒකකයක් හැදුවේ. දැන් කෙලවෙන කොට එනව නීතිය කතා කරන්න. ඔක්කොටම වඩා හිනා යන්නේ අර හොර පෙරකදෝරුවා හැම නඩුවටම ඉදිරිපත් වෙන එක.

      Delete
  8. දැන් වෙන කරන්න දෙයක් නෑනේ......?

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් කරන්න තියෙන්නේ බන්ඩාරනායක මහත්තයට කරපු දේ තමයි. ඒකත් නොකරයි කියලා හිතන්නත් අමාරුයි.

      Delete
  9. ලිස්ට් එකෙන් වාසුටයි, ඩ්ව් ගුනේටයි එන චාන්ස් ඉල්ලල තිබුන කියලත් වෙබ් සයිට් එකක තිබුන. ලැජ්ජ නැතිව හිගාකන්න එනව, පැරදුනාට පස්සෙ විස්කි මැඩම්ට කරපු දේවල් අමතක වෙලාද මන්ද.

    ReplyDelete
  10. // ඒ නිසා අපි ජනාධිපති තුමාට කියන්නේ, ආරක්ෂාවට ඉන්නා චර පුරුෂයෝ එලවා දමා, තමන්ගේ ආරක්ෂාව මීට වඩා තර කර ගන්නෙයි කියාලාය. මොකෝ බන්ඩාරනායකට ගේම දුන්නේ, විපක්ෂේ උන්වත්, රටේ උන්වත් නොව, ඔය පක්ෂෙම උන් නිසාය.//

    මෙන්න මේ කතාවනම් සහතික ඇත්ත.. දැනටම එකෙක් ලගට ගිහින් මාට්ටු උනා.. දැන් වත් ටිකක් ඒ ගැන හිතලා වැඩ කලොත් නම් හොදයි..

    ReplyDelete
    Replies
    1. අතේ මාට්ටු වෙලා තියෙන්නේ.. අප්පා කියන කතාව නෙමෙයි පුතා කියන්නේ. පුතා කියන කතාව නෙමෙයි අප්පා කියන්නේ.

      Delete
  11. මෛත්‍රීපාලව අවතක්සේරු නොකළ යුතුයි. පොරගේ මැයි දිනයේ කතාවත් මට අල්ලලා ගියා.

    ටොයියන්‍ට ඇති ප්‍රශ්ණය පොර හොඳ වැඩි වීමයි.

    ReplyDelete
    Replies
    1. මාත් රසිකො එක්ක

      Delete
    2. ටොයියන්ටද...? බයියන්ටද...?

      Delete
  12. //ඒ නිසා අපි ජනාධිපති තුමාට කියන්නේ, ආරක්ෂාවට ඉන්නා චර පුරුෂයෝ එලවා දමා, තමන්ගේ ආරක්ෂාව මීට වඩා තර කර ගන්නෙයි කියාලාය. //

    අර ජේවීපී එකේද නැද්ද කියන එක ෂුවර් නැති නිදහස් චතුරසේ පාටි එකකටයන්න වගේ ඇඳගෙන උපවාස කරපු ජොලි සීයා කිව්වෙත් ඒක නේද? එයාව උපදේසක කලොත් නරකද?

    සොරි සොරි මාතලන් කියල තියෙන්නෙ තර කරගන්න නේද? එහෙනම් සීයා හරියන්නෙ නෑ නිමල් සිරිපාල ගන්න වෙනව

    ReplyDelete
    Replies
    1. නිමල් සිරිපාලගේ ගේම් අතේ මාට්ටු නිසා තමයි එයා මීටිමෙනුත් කැපුවේ. ස්ථිර ප්‍රතිපත්තියක් නැති හාල්පාරුවෝ.. උන්ට තැනකට එන්න බැරි ඒකයි..

      Delete
  13. චන්ද්‍රිකා ආන්ටිවත් එක්කං ආව නම් මහින්ද මාමිට එතනම කක්කා යන හැටි බලන්න තිබුණා. අපරාදෙ.

    ReplyDelete
    Replies
    1. අම්මපා එක්කගෙන එන්න තිබුනේ..

      Delete
  14. 2015 සයිබර් සිහින උළෙලේ අවස්ථාවක්. (කළු කරගත් මුහුණකින් යුතු මැදිවියේ පොරක් හා කොල්ලෙක්)

    "අයියෙ....?"

    "හ්ම්ම්ම්ම්...."

    "මොකද අප්සෙට් එකෙන් වගේ. පැරදුණු නිසාද?"

    "ඔය දේශපාලනේ නැතුව වෙන දෙයක් කතා කරපං බං"

    "ඇයි අයියලගෙ ලොක්ක ආපහු එයි නේද?"

    "හ්ම්ම්ම්ම්..."

    "අයිය එදා රටිනුත් ගියා නේද...?"

    "නෑ බං ඒ පරණ පින්තූරයක්..."

    "ඇත්තටම මහින්ද එයි නේද අයියෙ...?"

    (මළ පැණ ) @#$%^&, තොට දැන් එක සැරයක් කිව්ව නේද දේශපාලනේ කතා කරන්න එපා කියල!"

    ReplyDelete
    Replies
    1. උඩ ඉන්ගිරිසි හෙඩිම කියවන්න.. මහ එකා වගේම එකෙක්..

      Delete
  15. සාකච්ඡාවනම් පිස්සුවක් වගේය... ඒත් උදේ පත්තර වල සෝක් කාර්ටූන් ටිකක් නම් දැක්කේය...

    ReplyDelete
    Replies
    1. ඉල්ලන් කෑ සාකච්ඡාව කියලලු දැන් ඒකට කියන්නේ...

      Delete
  16. බුදුන් වැඩි ලක්දිවට කාගේ පිහිටක්ද?

    ReplyDelete
  17. නොමිනේශන් දවසෙ සිරිසේන රාජපක්සගේ අතට අත දෙන්න බයවුනානේද වසී බෝලෙද කොහෙද හින්ද?
    ඔය මීටින් එකේදි ට්‍රයි කරේනැද්ද දන්නෙ නෑ.
    ඒකනෙමෙයි මුල්පුටුවක් නැති වටමේසයක් ඕනෙ කියල කවුද කිව්වෙ?

    ReplyDelete
    Replies
    1. තියන්න ඕනවට තියපු කෙහෙල්මලක් කියලා හොඳට තේරෙනවා.. ඒ වෙලාවේ තමයි අඩු පාඩු පුටු ගෙනාවෙත්.. අගමැති කම දෙන්න බෑ කිව්වාම. මහින්ද කිව්වලු එහෙනම් මම යන්නම් කියලා.. සිරිසේන ලොක්කා කිව්වලු, හා හොඳයි කියලා.. ඒත් ආයේ ඉඳලා.. මොකෝ එලියේ ඉන්නවා නේ රිපෝටර්ලා...

      Delete
  18. මටනම් මුල ඉඳලම හිතුනා ඕක සිරසේ කතුර වගේ පට්ට ගොං පාට් එකක් වෙයි කියලා.. හිතුවටත් වඩා චාටර් හැබැයි..

    ReplyDelete
    Replies
    1. පුල් චාටර් ලොක්කා...

      Delete
  19. මට මතකයි වෙල්ගම ලොක්ක කාලෙකට ඉස්සර ඉස්ටෙජ් එකක ටෝක් එකක් දෙනවා,

    "දේශපාලනයට අධ්‍යාපන සුදුසුකම් බැලුවනම් අද මේ වේදිකාවේ අපි කවුරුත් නෑ. අපේ මේ සරත් අමුණුගම මහත්තය විතරයි ඉතුරු වෙන්නේ" කියල හිටං.

    ඒ වෙලේ ඉස්ටෙජ් එකේ හිටිය උං ලෑලි හරියට ජොයින්ට් කරලා තියනවද කියල හොඳට ඉන්ස්පෙක්ෂන් කරන්න පටන් ගත්තා.

    එදා ඉඳල මමත් පස්ස ගියත් ඇත්ත කතා කරන අදහන්න ඕනේ මෑන්ස් කෙනෙක් කියල වෙල්ගම ලොක්කට ගරු කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම චරිත ඒ වගේ චරිත තමයි.. ඒත් එකම වෙනස, උන් ඇත්ත කියනවා...

      Delete
  20. ලෝකයේ හිටපු ඒකාදිපති,මිනීමරු.චෞර පාලකයෝ ගැනත්,උන්ගේ අවසානයන් සිද්ද වෙච්ච හැටි ගැනත් ඕනතරම් අහල,කියවලා තිබුනත්. ඒත් මේ වගේ හිඟන්නෙක් තවත් ලෝකෙ නැතුව ඇති.(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. කිච වීමේ නිමාවක් නැත...

      Delete
  21. හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම නුවර පාර දිගේ සිය රථය පදවමින් සිටියේය. පෑලියගොඩ් වික්ටෝරියා පාලම උඩදී ඔහු රථය නතර කළේ පහළ ගං ඉවුරේ අමුඩයක් ගහගෙන නාන බුරුසු රැවුලක් තිබුණු මනුස්සයාගේ මුහුණුවර හුරු පුරුදු හෙයිනි.

    "හප්පොච්චියේ මේ අපේ මහින්ද ජනාධිපතිතුමා නේද? මොකද සර් මේ...?"

    "නෑ බං සිරාගෙන් අගමැතිකම ඉල්ලුවාම සිරා කියපි කැළණි ගඟෙන් නාලා වරෙන් කියල. මං බලන්නෙ ඒකවත් කරලා අගමැතිකම ගන්න පුළුවන්ද කියලා..."

    රාජපක්ෂතුමා තව බාල්දියක් ඔලුවේ හලා ගත්තේය.

    (කතා ඇනෝ)

    ReplyDelete
    Replies
    1. එළකිරි... බොහොම ස්තූතියි

      Delete
  22. අන්තිම ලිපියේ මගේ කමෙන්ට් එකේදි මම කිව්වේ “අන්තිමට ගුලිය කන්නේ මහින්දම“ තමයි කියලා..

    ReplyDelete
    Replies
    1. එයා හිතාගෙන ඉන්නේ එයාට එහා පොරක් නෑ කියලා.. ඒකයි මමත් කිව්වේ සිරිසේන ලොක්කා තරම් අන්දන්න දස්සයෙක් තවත් නෑ කියලා...

      Delete
  23. මොනවා කියන්නද මන්දා

    ReplyDelete
    Replies
    1. ඔය මොන මොනවා හරි කියහං බං.. සින්ඩරෙල්ලගෙ කතාව කියපං එහෙනං :D

      Delete
    2. අලි බබා සහ හොරැ 40ත් එල

      Delete
    3. ඔය තියෙන්නේ කියන්න ඕන දේවල් කියලා...

      Delete
  24. Thel gagena waren hukola ganna kariyanta
    Wal wesige puthala
    Ata deka kapala gil bola gahanawa hukannalage
    Dan kariyage nama gama dannawane, e athi
    Umbala hithan inneth sadaa kal inna
    Langadima puka nathi weyi meyaa

    ReplyDelete
  25. අපේ හිටපු ජනාධිපති ම.රා. තුමා කියන ඇත්තම ඇත්ත කරුණු වලටත් ඉඩක් නැද්ද.

    1. අපේ පවුලෙන් එලව එලවා පළිගන්නවා මේ ආණ්ඩුව (චික්, දුකේ බැරුවා. එතුමාගේ කාලයේ බලු කුක්කෙකුටවත් එලව එලවා ගැහුවේ නෑ. අර පොන්සේකා කියන ත්‍රස්තවාදියාට හැර)

    2. දැන් පොලීසිය සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වෙලා. (අම්මපා ඇත්ත. එතුමාගේ කාලයේ පොලීසි තිබුණේ සුවා.........දීනව ය)

    හම්බේ..........ඉතුරු එව්වා ලියන්ඩ බ්ලොගක් ම ලියන්ඩ වෙනවාය.

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ ඔළුව ගලක වැදිලද කොහෙද....

      Delete
  26. සියල්ලෝ සතුටින් විසිර ගියහ කියල මුක් පූට් වෙච්ච එවුනුත් කියන ඒකතමයි අහං ඉන්න අමාරුම කොමඩි කතාව...

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවේ උන් නම් කමක් නෑ කියමු... මොකෝ කිච කොරන එක හරි නැති නිසා.. ඒත් අර පොලොස් කොට්ටෝරුවයි., 2500 මී ගවයයි කෙලියේ අමු පචනේ...

      Delete
  27. අනේ සාදු... සොකඩ ඩයල් ටිකක් පිරිවරාගෙන එන මෛත්‍රීපාල උන්නැහේ ඉන්නවා දැක්කම ලොක්කට උණ ගන්න ඇති. මම දැක්ක වීඩියෝ ක්ලිප් වල මූණ අච්චාරු වෙලා ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. මුළු දේශපාළණ ජීවීතේම කන්නේ නැතිව ඇති මෙහෙම පරිප්පුවක් නම්..

      බර්ටි ප්‍රේමලාල් දිසානායකයා ඉන්න ළෝකෙක ඉඳන් පුකෙන් හිනා වෙන්න ඇති...

      Delete
  28. අද ටි ටෙබල් එකේදි මමත් ටිකක් දේශපාලනය කතා කරන්න ඔනේ.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින් වෙන මක්කා කතා කොරන්නෙයි...

      Delete
  29. සිරි ලංකා එකේ දෙවැනි පෙලක් හදන්නේ නැතුව පවුලේ උන්ගේ පෞද්ගලික දේපලක් වගේ පක්‍ෂය විනාශ කරපු උන්නැහෙම සිරි ලංකා එක රකින්න සාකච්චා කරනවා ලු.

    ReplyDelete
    Replies
    1. දිඨ්ඨ ධම්ම වේදණීය කර්මය කියන එකත් ඇත්ත බලාගෙන ගියාම...

      Delete
  30. මොන මගුල කෙරෙන්නත් කලින් මේක මුටසිව, පඬුවස්දෙව්, පණ්ඩුකාභය කාලෙ වගේ එක රජෙක්ට අවුරුදු 60, 70, 80 රජකරන්න පුලුවන් කාලයක් නෙමේ, අවුරුදු 5 ක් යන්න කලින් ඕනි රජ වැඩකාරයෙක් එපා වෙනවා කියන එක මේ වහන්සෙට තේරුම් කරලා දෙන්න වෙනම අ‘වෙයානස් ප්‍රෝග්‍රෑම් එකක් පවත්වන්න වෙනවා. ඒකෙ ඕඩියන්ස් එකට වාඩිවෙන්න ලෝකෙ ලොකුම පිට්ටනියත් ඕනි වෙනවා මාතෙ

    ReplyDelete
    Replies
    1. හරක් ලක්ෂ 58 ක් ගාල් කරන්නත් එපාය...

      Delete
  31. මට නම් හිතෙන්නෙ විලිලජ්ජා නැතුව තව පාරක් සාකච්ඡාවක් ඉල්ලයි ;). දැනටත් එහෙම ලැජ්ජාවක් නැති නිසානෙ "මාත් එක්ක ආප්ප කාල පැන්නෙ" කිය කියා බැනල ඉවර වෙලා පැරදුනාට පස්සෙ සාකච්ඡාවකට ගියෙ.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ නෑ මහත්තයෝ විලි ලැජ්ජාව කියලා දෙයක් තියේ නම් ආපහු එයි කියලා...

      Delete
  32. Mokada ban dawas dekakin post eka neththe data iwara wenawa search karalama.

    ReplyDelete
    Replies
    1. ලියන්න වෙලාවක් නෑ මෙයා.. අනික ලැපා කැඩිලා.. ඒක නැතුව අත පය නැති උනා වගේ...

      Delete
  33. This comment has been removed by the author.

    ReplyDelete
  34. අර හෙඩිමේ ඇති විදිහට උඹ හැබෑ දේශප්පෙරේමියකු නං විල්පත්තු වන විනාශෙ ගැනත් ලියහංකො.

    ReplyDelete
    Replies
    1. එකේ ක්‍රෙඩිට් එක බුකියේ උන්ට යන්න ඕන.. අනික ඉතින් සටා ජයග්‍රහණය් කරලත් ඉවරනේ...

      Delete
  35. අනේ ඉතින් සම්මානෙකටනේ මෙච්චර මාතලං පොන්නයා පුක දෙන්නෙ. උබගෙ නෙමෙයි උබගෙ අම්මගෙ වැරැද්ද.

    ReplyDelete
  36. මාතේ රට බේරාගත් වීරයාට මේම පහර ගසනා එක හරි නැතිය.

    ReplyDelete
  37. මටත් බය බණ්ඩාරනායක ගිය පාරෙම මෙතුමටත් යන්න වෙයිද කියලා.මෙතුමගෙ ගමන් මගත් එතුමට බොහෝ සමාන්තරයිත්නෙ නේද.

    ReplyDelete
  38. වැරදුණු කුරුමාණම - පලමු අදියර මැදගොඩ අභයතිස්ස වැනි පාරම්පරික නිදහස් පක්ශය හා සම්බන්ධ එහෙත් මහින්ද ගැති හිමිවරුන් හරහා හමුවකට මගපාදා ගැනීම. නිදහස් පක්ශ මැයි රැලිය අසාර්ථක කරවීම මෙහිම අංගයක් විය. පළමු අදියර සිතූ පරිදි සාර්ථක විය. සාකච්චාව තමන්ට වාසි පරිසරයක පවත්වාගෙන යාමට කථානායක නිල නිවසේදී එය සිදු කිරීමට යෝජනා කෙරිනි. ස්ථානය පාර්ලිමේන්තුවේ ජනාදිපති කාර්යාලය ලෙස වෙනස් කර දෙදෙනාටම හුරු පරිසරයකට වෙනස් කිරීම නිසා පලමු එහෙත් සුළු පරාජයක් කුමන්ත්රනණ කරුවන්ට අත්විය.

    දෙවන අදියර - මෛත්රීෙ සමග පැමිණෙන අනිකුත් සාමාජිකයන් කළින්ම තමන් වෙත නම්මවා ගෙන සමුවේදී මෛත්රීත තනි කර තමන්ට අවශ්යත දේ බලෙන් ලබාගැනීම. මේ සඳහා ඩලස් -වෙල්ගම යොදවා මෛත්රීන සමග හමුවට සහභාගී වීමට සිටි නිදහස් පක්ශ හා සන්ධාන නිලධාරීන් වන සුසිල්, යාපා, ඩිලාන් ආදීන් සමග රහස් සාකච්චාවක් පවත්වන ලදී. මෙහිදී මහින්දගේ කුමන්ත්රධණයට සහය දීමට මෛත්රී් සමග යාමට සිටි සුසිල්, යාපා සහ ඩිලාන් ආදීන් එකගවී ඇත. මේ ගැන ඉව වැටුන මෛත්රී පාර්ශවය සුසිල්, යාපා, ඩිලාන් වෙනුවට මෛත්රී වෙනුවෙන් සැමදා පෙනී සිටි දුමින්ද, රාජිත, එම් කේ ඩී එස් ගුණවර්ධන ආදීන් සමග හමුවට ගියේය. යාපා පැමිණියද ඔහු පැමිනියේ මහින්ද ඔහුව ගෙන්වාගත් නිසා මිස මෛත්රී් පාර්ශවයේ නියෝජිතයකු වශයෙන් නොවේ . එයින් නිදහස් පක්ශ නිලධාරීන් යටින් නම්මවාගෙන සිදුකරන්නට ගිය කුමන්ත්ර ණය පුස්සක් විය. එයින් දෙවන අදියර වැරදුණි. දැන් වෙල්ගම සහ පනික්කියා කියන්නේ මෛත්රීැ ඔහුට හිතවත් නියෝජිතයන් සමග පැමිනීම මගින් ඔවුන් හමුව අසාර්ථක කල බවකි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න