.

.

May 28, 2015

පුරවර අතර - From Anuradhapura to Ratnapura


මුලින්ම අපේ පත්තරේගේ මාමන්ඩිට, උන්නැහේ ප්‍රාර්ථනා කොරාපු ළෝකෙක ඉන්න වාසනාවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කොරන අතරෙම, පත්තරේටයි, හාමිනාටයි, මගේ හදපිරි ශෝකය ප්‍රකාශ කොරලා ඉන්නවා.

සම හරක් හිතාගෙන ඉන්නේ මාතලන් රනිල්ගේ මීඩියා යුනිට් එකේ වැඩය කියලා. ඒ වගේම, ඒ යක්කුම කලින් කිව්වේ මාතලන් රෙදි නැතුවම මහින්ද මහත්තයට කඩේ යනවැයි කියලා. ඒත් ඉතින් මාතලන්ට වෙලා තියෙන දේ දන්නේ බොහොම ටික දෙනයි.

අම්මපා බොරුවක් මුසාවක් හෙම කියනවා නම්, අභයාරාමේ පැත්තේ යන එකෙකුට හෙන ගහන්න ඕන. අම්බානක බිසි ආයිබෝවන්ඩ. මාතලන් දැන් රත්නපුර පැත්තේ ටික කාළෙකට හිර උනා. මාස තුනකින් පස්සේ ඉන්නවද කියලා මට තීරණය කොරන්න බෑ. ඒකට වෙනම සැට් එකක් ඉන්නවා. මාතලන් කලින් මාස ගානක් හිර වෙලා හිටියේ අනුරාජපුරේ.

හරිම පුදුම දෛවෝපගත සිද්දි කියන්නේ, කාළෙකට කලින් මම දන්න ඇත්ත සිද්දියක් ගැන ලියාපු සින්දුවක, (ඒ වගේ මොකක්ද එකක්) ඔය පුරවරයන් දෙකම තිබුනා. ඒ කියන්නේ අනුරාධපුරෙයි, රත්නපුරෙයි. හැබයි සීන් එක නම්, ඔය පුරවරයන් දෙකටම අදාල නැති ගාළුපුරේ. අතීතයේ කතාවකුත් නෙමෙයි, මේ අපේ කාළයේම කතාවක්.

ඔය සින්දුව වගේ එක ලියලා, මම ඒ කාළේ ආසාවෙන් උන්නේ, දමිත් අසංක හරි, සුනිල් එදිරිසිංඤෝ හරි, චන්ද්‍රසේන හෙට්ටිආරච්චිට හරි කියලා ගායනා කොරවන්න. ඒත් ඉතින් උන්දැලගේ ගනන් මිනුම් ඇහුවම සින්දු ලිවිල්ලත් එපා වෙනවා. ඒක දැන ගත්තේ "තුං මුල්ලේ පෙම්බරී....."ට පෙම් බැන්ද සිහිනේ සැබෑ කොර ගන්න ගිහිල්ලා.

ඒත් ඉතින් ඒ සිහිණේ හිතුවටත් වඩා හොඳට ඉටු කරලා දුන්නේ අපේ මනා. මේ, මම මනාට යවපු දෙවනි සින්දුව. අනේ අපරාදේ කියන්න ඒ යකා සංස්කොරණ දහයක් පහළොවක් විතර කොරලා, එළකිරි එකට මේකත් සින්දුවක් කොලා.

මේ ඉතින් සරළ ගී වත්, පෙම් ගී වත්, සාස්තිරිය ගීතවත්, සම්බහිය ගීතවත් නෙමෙයි. මම මේවට කියන්නේ "සයිබර් ගී" කියලා. මොකෝ, මනයි මායි දෙන්නම සයිබර් අවකාසේ බොග දාන උන්. ඒ වගේම මේකේ පයිනල් ප්‍රොඩක්ට් එකට කලින්, පට්ට විචාරෙකුත් එක්ක පොඩි පොඩි වෙනස් කම් ටිකක් කොරාපු අපේ චෙෆාකි උන්නැහෙත් සයිබරේ බොග දාන පොරක්. හැබයි ඕන් උන්නැහේ නම් රත්නපුරේ. ඒත් ඉතින් ඒ හාදයා නම් මේ සින්දුවේ කියන ජාතියේ පොරක් නෙමෙයි, රත්නපුර සමන් දේවාලේ බෝ ගහ වගේ පොරක්.

එයැයි එහෙම උනාට නොම්මර එකේ මදාවියෙක් නම් මෙහේ ඉන්නවා. වෙලාවක යන්න ඕන පොර හම්බ වෙන්න. වෙනින් කවුරුවත් නෙමෙයි අර පට්ට වනචර කයි පද බඳින මදාවියා...

මාතාලන් හිතන විදියට මුල්ම සයිබර් ගීයේ හිමිකාරිත්වයත් යන්නේ අපේ කදන්දර ජීට වෙන්න ඕන. මනාගේ තුං මුල්ලේ පෙම්බරීට පස්සෙ, මනාම සුපිරි ගීත ට්කක් කොලා බස්සිටයි, ඔමායටයි, අටමටයි, ඉවානයටයි.. ඊට පස්සේ මේ මැතකදි පට්ට ක්ලැසික් සෝන්ග් එකක් කොලා අපේ සින්දු ඇනෝගේ හාමිනා. එයිටත් අමතරම මම දැක්කා කලක් බොග දාපු අපේ දයානන්ද රත්නායක ලෝයර් මහත්තයත් කරුණාරත්න දිවුල් ගහේ සරම බිම හිටපු ආන්ඩුකාර උන්නැහේ එක්කත් එකක් කොරලා තිබුනා. ඒ නිසා සයිබර් ගීත් දැන් නැගලම යනවා.

මනා ඔය එක එකාට හදාපු සින්දුයි, සන්ගීත් නිපුන් කලා භූසන මාතල්ට හදපු සින්දුයි ඔක්කෝම තියෙනවා මනාගේ යූ ටියුබ් එකේ. බොග දාන උන්ට කරන සහයෝගයක් හැටියට එතනට ගිහින් සබ්ස්ක්‍රයිබ් පාරක් දැම්මා නම් අපිත් පොරවල් වෙයි දවසක. << ඒකට මෙතන ක්ලික් කොරා නම් බඩුම තමයි >>

ගොඩක් වෙලාවට මනා අනාගතේ කොරන සී ඩී එකක මේ සින්දුව තියේවී කියලා මාතලන් බලාගෙන ඉන්නවා. එහෙම නොතිබුනොත් ඉතින් වෙන දේ ඕහේලට කියන්න ඕන නෑ නේ.. ඒ නිසා අඩු පාඩුවක් තියේනම් කිව්වොත් හෙම මනාට ඒ ටිකත් හදා ගන්න පුළුවන් වෙයි.. එහෙනම් අහලා බලන්නකෝ අහන්න පුළුවන් එකක්ද, එහෙම නැත්නම් මළ හත්තිලව්වක්ද කියලා..

හැබයි ඔරිජිනල් සින්දුවේ මම ආසම කෑල්ල මේ සින්දුවේ නෑ. ඒක ඕනම එකෙක් ඉන්නවා නම් << මෙතනින් ගිහින් >> බලාගන්න පුළුවන්.

එහෙනම් මෙන්න මාතලන් මනා සුසන්යෝගේ දෙක...

වට වන්දනාවේ...


වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්
හැම පෝයෙම අනුරපුරේ....
රතු කැට නිල් කැට කරේ බදින්නම්
නොගොහින් රත්නපුරේ....
බඳිනව උඹගේ කරේ....
නොගොහින් රත්නපුරේ....
බඳිනව උඹගේ කරේ....

කිරි කප කප උඹ මක්ක කොරනවයි
වලව්ව හතර කොනේ 
සයිමට කිය කිය ඉන්නේ මක්කෙයි
දානෙත් දැන් ඉවරයි, 
තුන් මාසෙත් ඉවරයි
මැණිකෙගෙ දානෙත් දැන් ඉවරයි

වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්.....

පොල් රොටියයි ලුණු මිරිසයි විතරක් 
උඹ මට හදල දියන්
අතට පයට කඹුරන උන් ටික මැද
උඹ මගෙ මැණිකේ වෙයන්
උඹ මගෙ මැණිකේ වෙයන් කෙල්ලේ...,
ලුණු මිරිස හදලා දියන්

වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්.....

-x-




53 comments:

  1. from Anuradhapura to Uggal Aluthnuwra කියල මාර්තෘකාව යෙදුව නම් හරි මාතලන් මේ අගනා ලිපියට යොදාගන තියෙන්නෙ උග්ගල් අලුත්නුවර විහාරයේ සහ දේවාලයේ ඡායාරූපයක්

    ReplyDelete
    Replies
    1. සමාව භාජනේකට දාල දිය කරලා බොන්න ඕන.. ඕන නම් ගම් එක්කම ඔරිජිනල් එක දැම්මා..

      Delete
    2. pahatha dakkwenne kalin post eke sa ra sa kiyana balla guu kana ekek bawa ano kenek oppu kala akarayai.sa ra sa kiyana balla kisima reply 1k dunne na mekata.sa ra sa kiyanne guu kana ekek kiyala oppu karapu ano ta thnx........අනේ හුකේ.....දෑන් උබ කියන්නේ වනචරයා මරා ඵක්ක ගහපු පොටෝ ඵක බොරු ඵකක් කියලනෙ.....
      බොහොම හොදයි....මේක බලන උන් තේරුම්ගනී සරසයා කියන්නේ ඈත්ත කතාකරන ඵකෙක්ද නෑත්තන් මහින්දයගේ හෑම ගූ බෙට්ටක්ම සර සර කියලා කිසි ඈහිල්ලක් බෑලිල්ලක් නෑතුව ගිලදාන සට්ටෑබියෙක්ද කියන ඵක.
      ගොනෝ .....ෆොටෝශොප් සොෆ්ට්වේයාර්ඵක වගේම මොකක් හරි පින්තූරයක් ෆොටෝශොප් කරපු ඵක්ක්ද?අත්ත ඵකක්ද කියලා හොයාගන්න සොෆ්ට්වෙයාර් තියනවා ඔන තරම්.ඵ් නිසා අපි ඵක ජනතාවට බාරකරමු.සාරුවා සුනිල් දුමින්ද සිල්වාසම්පත් පුශ්පවිදාන වගේ බඩුකාරයොත් මහින්ද ඵක්ක පොටෝශොප් කරපු පින්තූර හදාගෙන රටවටේ ඔවා පෙන්නනවා මිසක් මහින්ද උන් වගේ වනචරයන්ව දකලත් නෑලූ.

      චම්පික පෙන්නුවේ මරාගේ තිණකරන්/දිණමින පත්තරේ ගිය පොටෝ ඵකක්.ඵ්ක හදලා තියෙන්නේ මරාගේ ලේක් හවුස් ඵ්කේ උන් උතුරේ කොටි චන්දටික කොටාගන්න.චම්පික පේපර් ආර්ටිකල් ඵක TVඵකට ගෙනාවා මතකනේ...අන්තිමට මරාගෙ දිනමින පච උනා.චම්පිකගෙනුයි ලෙස්ටර්ගෙනුයි දෙන්නගෙන්ම සමාව ගත්තේ මරාගේ දිනමින.
      ඊට කලිනුත් හීනමාන මරාගේ ලේක් හවුස්කාරයෝ බෑරක් ඔබාමා ඵක්ක මරා ඉන්න පොටෝඵකක් හදලා පච උනා මතකද සරසයෝ?

      Delete
    3. //pahatha dakkwenne kalin post eke sa ra sa kiyana balla guu kana ekek bawa ano kenek oppu kala akarayai.sa ra sa kiyana balla kisima reply 1k dunne na mekata.sa ra sa kiyanne guu kana ekek kiyala oppu karapu ano ta thnx........//

      යහපාලන ග්ලොසරිය :D
      වාසුදේව මහතා බාරේ
      රාජ්ය බාසා දෙපාර්තමේන්තුව
      කොලඹ 7

      Delete
  2. මුලින්ම පත්තරේගෙ මාමාට සුබ ගමන් ප්‍රාර්ථනා කරනවා.

    සිංදුවනම් ඩවුන්ලෝඩ් කරලා තියා ගත්තා. පට්ට තමා මාතලන් අයියෙ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් අවුලක් නෑ නේ...

      Delete
  3. කළු ගඟ දිගේ උඹ කැන්දන් යන්නම්
    ආයි ආපු දවසක රත්නපුරේ....
    නම්පා, තොම් යාම්, යාම් උඹට පොවන්නම්
    වරෙංකො රත්නපුරේ....
    යවනව උඹ අර දෙන්නගෙ කරේ....
    අඩෝව්...වරෙංකො රත්නපුරේ....
    යවනව උඹ අර දෙන්නගෙ කරේ....

    ReplyDelete
    Replies
    1. අඩේ, උඹේ 700 ක් විතර පෝස්ට් වලින් මම නොකියවපු 100 ක් ඇති ඕන්නං. කරුමෙට මේ කියපු 3 ම මග හැරුණා. ඒ ඒ කාලවල රසඥතාව වෙන්න ඇති බං. මක්ක උනත් උඹේ මේ හැකියාව පොරෝජං ඇරං තියෙනවා මදි බැලුවම. (කොහේ තියෙන වෙලාවක්ද...නැද්ද මං අහන්නෙ?)
      අර වලව් පොරගෙ අල්ටිමේට් ඒම් එක කියවෙන්නෙ ඔරිජිනල් එකේ අන්තිම කෝරස් එකේ නේද?

      Delete
    2. එකනේ බං... බලහන්කෝ ඉතින් මියුසිසොන් මනාගේ ඇඩිටර් කතුරට පට්ටම කෑල්ල කැපිලා ගිහින්නේ... වැඩිය පුම්බන්න එපා බං.. මං පිපිරෙයි...

      Delete
    3. ඒක වෙන්නේ අර සම්මත අච්චුවට (කෝරස් එකයි වර්ස් දෙකයි) සින්දු හදන්න ගියාමයි. හැබැයි සම්මත අච්චුවේ නොවන ජනප්‍රිය වුණු සින්දුත් තියෙනවා. එයින් මං කැමතිම ඉරා අඳුරු පට පෙරදිග අහසේ / එන්න මගේ ප්‍රිය මිතුරෝ සින්දුවටයි.

      Delete
  4. මිනිහෙක් හැමදාම එකම විදිහට එකම තැනක ඉන්න ඕනේ නැහැනේ. එහෙම නීතියක් නැහැනේ. මේ විදිහට තමන්ගේ හැකියා වලින් ප්‍රයෝජන ගන්න එක බොහොම හොඳයි.

    මාතලක් - මනා සුසංයෝගය සිංහල සයිබර් ගීත කලාවේ ආරම්භය සහ පුරෝගාමිත්වය බවට පත්වී තිබෙනවා. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. සයිබර් සෝන්ග් වැඩේ නැගලම යනවා මචෝ.. ඒක කයි පද බඳින උන්ට ළොකු රුකුලක්...

      Delete
    2. අයිසෙ විචාරක මම දැක්ක ඇනෝ කෙනෙකුට සාප කරල බැනල තියෙනව.
      ඔපමණ කේන්ති ගන්න එකනම් එච්චර හොඳ දෙයක නෙවෙයි

      Delete
    3. අයිසෙ බනින්න ඕනේ එකාට ඕනේ තැනදී බන්නේ නැත්නම් වැඩක් නැහැ. අනික ඌ මම දන්නා එකෙක්. මිත්‍රයෙක් වගේ පෙනීසිටිමින් දුෂ්ඨකම් කරන එකෙක්.

      ඇයි අනොලට විශේෂයෙන් බයවෙන්න ඕනෙද? උනුත් අනික් එවුන් වගේම මට කුණුහරපෙන් බනියි, අපහාස කරයි. ඉතිං මට මොකද?

      උත්තර දීම හෝ නොදීම මගේ වැඩක් අයිසෙ.

      Delete
  5. මේක නියම විකල්පයක් ගිණි කන ස්ටූඩියෝ කාරයින්ට චැනල් කාරයින්ට බොක්ක දෙල් වෙන. හැබැයි අපි තව ගොඩක් දුරකට මේක ප්‍රචලිත කරන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. නෙලුන් යායත් තියෙන නිසා වැඩේ ලෙසියි...

      Delete
  6. මනා ගේ මේ සරල සංගීතෙට මං කැමති.. සයිබර් සිංදු වැඩේ නැගල යන්න මේ සරල බවත් ඒකටම ආවේණික කරල තියා ගන්නවනම් හොඳයි.. අර කියුවත් වගේ හොඳම කෑල්ල නේ කැපිල තියෙන්නේ.. අඩේ අපරාදේ.. මට හිතෙනවා මේ තනුවට ගැලපෙන්න ඒ ටිකත් ඔබ්බලා මේ වචන වලින්ම ලිරික්ස් ටික රී ඇජස්ට් කරානම් හොඳයි කියලා.. මොකද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ෆයිනල් එකේදි මනා ඒ ටික කොරයි...

      Delete
  7. මොකක්ද බං සින්දුවක්ද මේක... නිකං ඉන්ට්‍රො කෑල්ලක දුවන වචන ඩිංගක් නෙව.. බෑ බෑ.. මේක තව ස්මුත් වෙන්න ඕන.. ස්ලෝ වැඩියි.. හොදටම..

    ReplyDelete
    Replies
    1. සික්ස් එයිට් වලට දාලා ගන්නෙයි...

      Delete
  8. සයිබරේට ආණ්ඩු පෙරලන්න පුලවන්නං ගායනා ලෝකෙ වෙනස් කරන එක මහ ළොකු දෙයක් නෙමෙයිනෙ. දිගටම කරගෙන යං.

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් දාපු බොගටත් වටිනාකමක් ලැබුන එකේ. මේකටත් මක්කා හරි වෙයි නේ.....

      Delete
  9. 1වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්
    හැම පෝයෙම අනුරපුරේ
    රතු කැට නිල් කැට කරේ බදින්නම්
    නොගොහින් රත්නපුරේ
    අම්මප බඳිනව උඹගේ කරේ.....//

    කිරි කප කප උඹ මක්ක කොරනවයි
    වලව්....ව හද්ද පාළුයි
    වාහෙට කිය කිය ඉන්නේ මක්කටෙයි
    මැණිකෙගෙ.... තුන් මාසෙත් ඉවරයි
    අම්මප තුන් මාසෙත් ඉවරයි

    වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්.....

    කට්ට සම්බලෙයි පොල් රොටි විතරක්
    උඹ මට හදල දියන්
    අතට පයට කඹුරන උන් ටික මැද
    උඹ මගෙ මැණිකේ වෙයන්
    අම්මප සම්බල හදලා දියන්

    වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්.....

    ඔසරි හවඩි මුතු මාල බැදන්
    මගෙ යහනට රෑට වඩින්
    ගමේ උන්ගෙ ඇස් එලියට එන්නට
    ජෝඩූ දාලා යමු බන්
    අම්මප ජෝඩූ දාලා යමු බන්

    2
    වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්
    හැම පෝයෙම අනුරපුරේ....
    රතු කැට නිල් කැට කරේ බදින්නම්
    නොගොහින් රත්නපුරේ....
    බඳිනව උඹගේ කරේ....
    නොගොහින් රත්නපුරේ....
    බඳිනව උඹගේ කරේ....

    කිරි කප කප උඹ මක්ක කොරනවයි
    වලව්ව හතර කොනේ
    සයිමට කිය කිය ඉන්නේ මක්කෙයි
    දානෙත් දැන් ඉවරයි,
    තුන් මාසෙත් ඉවරයි
    මැණිකෙගෙ දානෙත් දැන් ඉවරයි

    වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්.....

    පොල් රොටියයි ලුණු මිරිසයි විතරක්
    උඹ මට හදල දියන්
    අතට පයට කඹුරන උන් ටික මැද
    උඹ මගෙ මැණිකේ වෙයන්
    උඹ මගෙ මැණිකේ වෙයන් කෙල්ලේ...,
    ලුණු මිරිස හදලා දියන්


    ගීත රචනාව මරු.(මේක යූ ටියුබ් එකේ තියනව නං ලින්ක් එක දුන්නොත් බාගන්න පහසුයි) නැත්තං බාගන්න විදියක් කියපං.

    එඩිට් කරපු රචනය තමයි මට නං අල්ලල ගියේ. ඔරිජිනල් එකේ අන්තිම වර්ස් එක නැතිවුනා කියල ලොකු අවුලක් නෑ. දෙවනි වර්ස් එකෙන් තමයි සින්දුව නැගල එන්නෙ.

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එක උඩ රයිට් ක්ලික් කොරලා Get Video URL කියන එක උඩ කොටන්න. ලිංක් එක ගන්න පුලුවන්... ඩවුන්ලෝඩ් කරගන්න http://www.clipconverter.cc/ කියන සයිට් එකට ගිහින් කොපි කරපු ලිංක් එක පේස්ට් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්... (සොෆ්ට්වෙයා ඕනි නෑ..)

      Delete
    2. සෙකන්ඩ් වර්ස් එකෙන් නේ ගේම මාට්ටු වෙන්නේ..

      Delete
  10. වචනයෙන් ඔබ්බට යම් අදහසක් ප්‍රකාශ කිරීම ගීතයයි.
    කොහොම උනත් උඹ කර්කශ දේශපාලනයෙන් මිදිල සිංදුවක් කතාවක් ලියාගෙන ඉන්නවනං මම මනාපයි.

    ReplyDelete
    Replies
    1. ++++++++++++
      එහෙමමත් බෑනෙ මේ සිරි ලංකාවනෙ. කලාව ඇතුලු හැම මගුලකටම මෙහෙ කර්කශ කාලකණ්නි කැත දේශපාලනේ තියනවනෙ. ඒක ක්‍රියාකාරීව නොකලත් කතාකරන්න වෙනවනෙ.
      ඉතින් සංගීත් නිපුං විතරක් නෙමෙයි පොලිටික්සුත් නිකම්ම පුං වෙනව.. ඉබේම

      Delete
    2. ඒත් මම හිතන්නේ අර මට මගේම නොවන මගේම ආදරයක් තිබුනා වගේ. දැන් කලටිපොල් වලට රෙජිස්ටර් වෙලා...

      Delete
  11. ai kotakethana gana katha karanne naththe.

    ReplyDelete
    Replies
    1. කතා කරන්න දෙයක් නැති නිසා...

      Delete
  12. මනාගේ වොයිස් ඉතින් කවදත් එකවාගේම සුපිරි. මේ සින්දුවේ පදරචනය මට කලින් එකටත් වඩා හිතට ඇල්ලුවා!

    ReplyDelete
  13. Nice compose.. But the song needs more improvement.

    ReplyDelete
  14. නියමයි මාතේ අය්යේ .ෆුල් මියුසික් කරලා ගන්න කොට සුපිරියට තියෙයි ....මනාගේ වොයිස් එකත් නියමයි ....ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. උඹලා ඉතින් සින්දු ගැන අපිට වඩා දන්න උන් නේ...

      Delete
  15. එක කොටසක් අඩුවුණා හෝ වචන වෙනස් වුනා කියන එක ලොකු කේස් නොවෙයි. සංගීතය හැදුවට පස්සේ වචන ඒ අනුව මාරු කරන්න තිබුණා මුල් තේරුම හැකි පමණ ගන්න. වැඩිපුර වර්ස් එකක් එතකු කරන එක නම් ලොකු දෙයක් නොවෙයි.

    ජයවේවා- දිගටම සින්දු හැදේවා!

    ReplyDelete
    Replies
    1. බලමු මනා මේ කොමෙන්ට් එකට සාධාරණයක් කොරාවිද කියලා...

      Delete
  16. ටෙම්පෝ එක තව පොඩ්ඩක් ඉප්පිඩ් උනානම් හොඳයි වගේ තමයි

    ReplyDelete
    Replies
    1. බයිලා එකක් ළඟදීම එයි... මේක මචෝ ඔරිජිනල් නෙමෙයි නේ...

      Delete
  17. ඕ මයි බෑඩ්! ඩේටා මදි වීඩියෝ එක බලන්න.... කොහෙන් හරි බාගෙන බලන්න ඕනි..
    මමත් මියුසික් වලට කැමතී නොවැ.. කැරෝකේ සිංඳු හොයාගෙන කොම්පීටරේ දාගෙන ගයනවා! අන්න ගන්නවනම් ආතල්!

    ReplyDelete
    Replies
    1. නොරට ඉන්න කාළේ නම් ඔව්වා කලා... දැන් වෙලාවක් නෑ අප්පා....

      Delete
  18. අම්මපා ...අම්මපා ... සැබැ වෙනසක් .... අනේ අම්මපා මටමොකෝ

    ReplyDelete
  19. කලවන් කල්‍යාණ ඇ ඔයි මේ සින්දුව අර මොකක්ද ....මංගලගේ මොංගල් නෙළුම්යායේ එල්ලන්නේ නැත්තේ මක්කෙයි. බලාගෙන බොලා පස්සෙන් පුල් පෙස් හෙල්මට් කාරයෝ. එයි . වන් සොට් ඩිෂුම්. ඔන්දස් පොට්..ගේම් කෝල්ස්..අපොඕ.......

    ReplyDelete
    Replies
    1. හුටා! එල්ලුවේ නෑ නේංනං.. ඊයේ පෝස්ට් ඔක්කොම වගේ මිස් උනා.. හෙට අනිද්ද දවස් ටිකෙත් මං මිසින්.. බයි ද වේ, උඹ එළ කොල්ලෙක්නේ මචං.. ඔක්කොම ගැන හෙවිල්ලෙන් නෙ.. බැරිද නෙළුං යායේ සබ් එඩිටර් කමක් බාර ගන්න.. හැක්.

      Delete
    2. කොහොමෙයි නෙළුන් යායට තියෙන ඉල්ලුම...

      Delete
    3. බැරිද නෙළුං යායේ සබ් එඩිටර් කමක් බාර ගන්න..

      කලවන් කල්‍යාණ ඇ ඔයි .....මේක.මන් අම්මගෙන් අහලා කියන්නම් ඇයිඔයි ඔහේ එකේ පලන් කොකා ද ?

      Delete
  20. ලස්සනම ලස්සන වචන + ලස්සනම ලස්සන කටහඬක් = සුබ පතමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... ලොට් ඔප් ටැන්කූ

      Delete
  21. හොඳ ස්ටුඩියෝ රෙකෝඩින් එකක් කරන දවසක මෙම ගීතයේ තියෙන සියලුම අඩුපාඩු හදන්න බලාපොරොත්තු වෙනවා. මේ ගීතය සම්බන්ධව අදහස් දැක්වූ සියළු දෙනාටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මාතෙ අයියටත් ගොඩක් ස්තූතියි මේ වගේ නිර්මාණ කරන්න මට අවස්ථාව ලබා දුන්නු එකට සහ මෙම පෝස්ට් එක පල කිරීම වෙනුවෙන්.

    සියළු දෙනාටම ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹටත් මම මෙතන ඉස්කෝතුයි කිව්වොත් පිට කහ ගත්තා වෙනවා.. එ නිසා මෙහෙම කියනවා..

      ජයම වේවා...!!!

      Delete
  22. අඩුපාඩු කියන්න තරම් දැනුමක් නැති උනාට වැඩේ නියමයි.ආරම්භය සාර්තකයි, ඉදිරියෙදී තවතවත් හොඳ වේවි!මාතලන්ටයි,මන්නාටයි දෙන්නාටම සුභ පැතුම්.(රන්ජන්)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න