.

.

May 12, 2015

සිරසත් හොරු රකිනවාද...? - Is Sirasa protecting the Suspects.?



ඊයේ තවත් ජාතික වීරයෙක් යහපාළණයේ "දඩයම" ට බිලි විය. ඔප්පු කොට නැති වුවත්, අම්මට සිරි ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ මහා නීල කාස සොර දෙටුවාය. අපි එහෙම කිව්වාට එහෙම නොවෙන්නත් පුළුවන්ය. මොකෝ එයා වැලිකඩ ගියේ, "කොහොමද යහ පාලනේ...?"  කියලා අපෙන් අහගෙනය. අපිට නම් කියන්න තියෙන්නේ, "යහ පාලනේ පට්ටයි ඕයි..." කියලාය.

අපි දන්නා කාලයේ, රෝමන් කාරයාගේ ලන්දේසි නීතියද මක්කද එක ක්‍රියාත්මක උනේ, නැති බැරි අහිංසක එකාටය. සල්ලි තියෙන බලවත් එකා, සල්ලි බලෙන් ඇතුලට යන්නේ නැතිව එලියේ තියන්න කළු කෝට් දාගත්ත ඩ්‍රැකිව්ලලාට පුළුවන්ය. ඒ කාළේ දේශපාළණ බලපෑම් අළුත්කඩේට තිබුනේ නැතත්, විධායක බඩකඩුත්තුවෙන් පස්සේ, එතන පාළණය කලෙත් විධායකයෙන්ය.

ඒ නිසා මුදල හා පන්තියට අමතරව, පොලිටිකොල් බැග්ග්‍රවුන්ඩ් එකද, මිනී මරලා හරි එලියේ ඉන්න චෑන්ස් එකක් උනේය. ඒ ඉතරක් නොව, ජනාධිපති සමාව දුන්නාම, ඇතුලට ගිය එකාටත් ගෙදර ගිහිල්ලා ආතල් එකේ ඉන්න පුළුවන් විය. අධිකරණය බල්ලට ගිහින් පාරට වැටුනු අතරේ, පාරේ ඉන්න බල්ලෝ ඔටාරා නෝනගේ "එම්බාක්" එකේ ආතල් ගන්න ගියේය.

බලය තිබුනු කාලයේ මොළය නැතිව එකසිය ගානට පිස්සු කෙලපු ජල්බරි කාර ළොකු ළොක්කෝ, යහ පාලනයෙන් උදාවු ස්වාධීන අධිකරණය මගින් හිරේ විලංගුවේ දානා කොට, සංසාරේදි එහෙම දේවල් දැකලා නැති ජහ මනයා බන්ධනාගාර බස් එකේ එල්ලෙනවාය. උසාවී වට කරනවාය. අනාථ වෙච්චි බවලත්තු හොටු පෙරාගෙන අඬනවාය. එක මළ විකාරයක්ය.

ඊට පස්සේ හිටපු ලොක්කා දඟ ගෙයි අස්සේ රිංගනවාය. එතුමා ඇතුලට දානකන්, කැමරා කටුයි, මයික් පොලුයි උස්ස ගත්තු සෙට් එක, උන්නැහේගේ පස්සෙන් වැටෙනවාය. "එලව එලවා පලි අරගෙන, අපිට මඩ ගහ ගහ ඉන්නේ නැතිව, කීයක් හරි හම්බ කර ගන්නවා ඕයි..." කියා, එතුමා අවවාද අනුසාසනා දෙනවාය. ආරක්ෂක ළේඛම් තුමා තාමත් ධූරයේ ඉන්නවාය කියා හිතාගෙන, විශේෂ පොලිස් එකකේ වහලා දාන්නෙයි කියා ශත පනහේ පෙස්සන් ගහනවාය. එක ගිනි විජ්ජුම්බරයක්ය.

ඇතුලේ දාන එකෙන් වලකින්න, නීල කාස හොරුයි, උන් ඇති දැඩි කරපු අප්පච්චිලයි, බාප්පොච්චිලයි, උන්ට වහ වැටුන අමබරුවෝයි කෑ ගහන එක සාධාරනේයි කියලා කියන්න පුළුවන්ය. ඒත් ජනමාද්දිය උස්තාද්ලාය කියා හිතාගෙන ඉන්නා, සිරස මාද්දිය ජාලේ මීඩියා ප්‍රොපෙසර්ලා, "තෝරූ මෝරූ ඉන්දැද්දී, හාල්මැස්සෝ ඇතුලට දානවා...." කියා, පැය ගනන් නිව්ස් කියනවාය. ඒ වොයිස් කට් දෙන එකා ඝෝඨාභය මහත්තයාගේ පිටිපස්සේ ඊට පස්සේ ඉන්නවාය. 

එයාලා කියන්නේ, සුනාමි වලට ගෙවල් හදනවා කියා කෝටී 65 කට කෙලිය "රාඩා" ආයතනේ ප්‍රධාන විධායක නිළධාරියා අත් අඩංගුවට ගත්ත එක වැරදියි කියලාය. ගොසිප් සයිට් කියන විදියට, හරි නම් ගන්න ඕනේ ලලිත් වීරතුංග හා ටිරාන් අලස් උන්නැහේලාය. ඒත් එයාල ගන්න එපා කියා ශිරාල් ලක්තිලක ගේම අදිනවා කියා වටෙන් පිටෙන් කතන්දර හැදෙනවාය.

ඒ හේතුන් උඩ, අර දෙන්නා වෙනුවට, සාලිය වික්‍රමසූරිය ගත්තාම එයා මාර උගතෙක්ය, රටක් වටිනා හාදයෙක්ය අරකය මේකය කියා අත් අඩංගුවට ගත්ත එක වැරදියි කියනවාය. << වීඩියෝව හා විස්තර මෙතනින් බලන්න >> සම හරක් විට නොකියා කියන්නේ මහ උන් දෙන්නා ගන්නෙයි කියලා වෙන්නත් පුළුවන්ය. ඒත් ඉතින් "දවස" වැඩ සටහනට එන ශිරාල් ලොක්කාගෙන්, "ඇයි අප්පා මෙහෙම කරන්නේ...." කියා, ජනතාව ඉදිරියේම අහනවානම් වඩාත් වටින්නේය.

"සටන" වැඩසටහනේදි, කස්ටිය එක්ක වට කරලා, එරාන් වික්‍රමරත්නට කට උත්තර නැති වෙන්න මහ බැංකුවේ අධිපති අත් අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියා, වීරයෝ වෙන්න හදන චන්දනලාගෙන්, සිරි රංගාගෙන්, සුදේවලාගෙන්, අපිට අහන්න තියෙන්නේ, ඇතුලට ගිය උන් සුද්ධ කරන්නේ, කොහෙන් හෝ ගානක් හම්බ උන නිසාද කියලයාය. 

විශේෂයෙන් රාජ්‍ය දේපල හොරකම් කලා නම්, ඌ ඇමතියාද, විධායක නිළධාරියාද, උගතාද, නූගතාද, පියන්ද, කියන එකෙන් වැඩක් නැතිය. හොරකම් කලා නම් ඌ මොකා උනත් හොරාමය. (ඇත්තටම, එවන් රටක් වටිනා, උගත් බුද්ධිමත් මිනිසුන්, මුදල් පසු පස වැටි, කාළකන්නි රෙජිමයක සමාජිකයින් වී, හත් පොලේ ගා ගැනීම, රටේ කරුමයක් මිස උන්ගේ කරුමයක් නොවේ.)

මහ බැංකුවේ අධිපතිගේ කේස් එකට "සිරසෙන්" පමණක් නොව, "එම් ටී වී" ඉන්ගිරිසි චැනල් එකෙනුත් නැති වෙන්නම ගහන්නේ, අර්ජුන් මහෙන්ද්‍රන්ට ගහන්න තියෙන අවශ්‍යතාවයට වඩා, රනිල්ට ගහන්න තියෙන උවමනා කම නිසාමය. ඇත්තටම මොකා උනත් එහෙම ගහන්න ඕනය. ඒත් එහෙම ගහන උන්, තව එකෙක් හිරේ දැම්මාම, එයා වෙනුවෙන් කතා කරන කොට, අපිට හිතෙන්නේ, රනිල් කරන වැඩේම සිරසත් කොරනවා නේද යකෝ කියලාය.

හෙළුවෙන් ඉන්න උන්ට ගල් ගහන්න කලින් තමනුත් ඉන්නේ අමු හෙළුවෙන්ය කියා සිරසේ කස්ටියත් තේරුම් ගන්නවා නම් බොහෝ අගනේය. නැතිනම් ඉතින් කුඩු කාරයා වීරයා කරගෙන, රේස් බුකි කාරයන්ට ගේම් අඳින චැනල් එක වාගෙම, බල්ලා මාක් එකට වැටෙන එකත් අපට නවත්තන්න බැරිය. මේවා ලියන්නේ හිත් අමනාපයකින් නොව, බලන්න තියෙන චැනල් එකක් පිස්සු කෙලින කොට හිතට අමාරු නිසා පමණය.

76 comments:

  1. Replies
    1. අලි වංගුව වගේද අල වංගුවMay 12, 2015 at 5:59 AM

      මුලින්ම පයිප්ප බාස්ට, "ප" යන්න "ක" යන්න "පව්".

      මාසේ පඩියට සිරසේ වැඩ කරන ගමන් ජන්දෙට බහින්න තවත් බච්චෝ සෙට් එකක් මේ දවස් වල පුක හපාගෙන දඟලනවා, අම්මට හුඩු මුන්ට මාර දේසපාලන දැනීමක්නේ තියෙන්නේ .සමහර උන්ට 33000V වැදිලා වගේ. තව එකෙක් එම්බාම් කරපු මිනියක් වගේ . රටේ මිනිස්සුන්ට පඩේකට වටින්නැති ටොපික් වවාගෙන කන මෙහෙම ජාතියක්.

      මේ වගේ හරක්ට (TV) ජන්දේ දෙන අපි වගේ හරක්ට මොනවද කල යුත්තේ.. මා.

      Delete
    2. මාතලන්ට රනිල්ව රහ වැටිලනෙ. හතර අතේ කෙලිනවා හනුමා වගෙ. මරාගෙ හොරු රැල අල්ලල ගලේ ගහනවා. හොර බොරු වංචා නැති යහපාලන නඩේ බාර් සබන් දාල හෝදනවා. මාතලන් ඩෝබිට ගේ අතමිට සරුවෙනවා. නැමිල හිටියට මාතලංටත් සතුටුයි රනිල්ට ඊට වැඩිය සතුටුයි.


      මාතලන් ඩෝබිට ඔත්තු කීපයක්, දෙන එකයි තියෙන්නෙ රම්පෙට පොරි හැලෙන්න, මාතලං ලියනකොට මරාගෙ උන් වෙවුලල යනවා.


      * මරා මහබැංකු අඩිපති එක්ක එකතුවෙලා මහබැංකු සුරැකුම්පත් වලින් බිලියන 480 ගහල ලාබෙන් ටිකක් පක්ෂ අරමුදලට ආයොජනය කරල ,
      *මරා 2015.4.22 දා කඩවත කෙලවර පිටිය highway එක ලංකා ඉතිහාසෙ වාර්තාවක් තියමින් කිලෝමීටරයකට රුපියල බිලියන 7.37 ගානෙ ටෙන්ඩරයක් දීල මරාගෙ පක්ෂෙ ජන්දෙට 40% කොමිස් එකක් අරගෙන,
      * වකුගඩු රෝගීන්ගෙ යහපතට යහපාලනය නවතාදැමු තහනම් වල්නාෂක මරාගෙ ඇමතිලාගේ බලපැමෙන් කන්ටෙනර් 13 ක්ම ගිය සතියෙ නිදහස් කරල තියනවා..
      *යහපාලනය නැතිකරල දාපු එතනෝල් බලපත්‍රම 30 ක් මරා පහුගිය දවස් කීපයට දීල.
      *කොන්ත්‍රාත් සමගම් 16ක ලැබියයුතු මුදල් ගෙවන්න මරාගෙ ඇමතිල 10% කොමිස් ඉල්ලා නොදීම නිසා මේ දක්වා ගෙවල නැ

      තව තියනවා ඔක්කොම එකසැරේ ලිවුවොත් පාඩුනෙ

      Delete
    3. මෙයාලා LTTE යට සල්ලිත් දීලා ඩීලුත් දැම්මලූ ......නේ.

      Delete
    4. පුංචි පහේ මංMay 12, 2015 at 7:29 AM

      බාස් නියමය - 1
      උගත් අය හොරකම් කරන්නේ නැත.


      තව බාස් නියමයන් තියනවා ඔක්කොම එකසැරේ ලිවුවොත් ධාරණය කරගැනීමට අමාරුයිනෙ.

      Delete
  2. මාතලන් අපේ කැකිල්ලේ රජ්ජුරුවන් හඳුන්වා දීල තියන න්‍යාය දන්නේ නැති එක ගැන කණගාටුයි. සිරසෙ කට්ටිය ඒ න්‍යාය අනුව නඩු ඇහුවාද දන්නෑ නේ .

    ReplyDelete
    Replies
    1. කැකිල්ලේ තීන්දු තමයි උසාවියත් දෙන්නේ...

      Delete
  3. එළකිරි බොස් ඔහොමයන්.මුන් මාංචු දාපු අත්දෙක උස්සල හිනා වෙනකොට අපිට හිනායන්නෙ පස්සෙන්!!

    ReplyDelete
    Replies
    1. දෑත් සවිමත් කොරන්න ගිහින් වෙච්චි දේ කියලා පෙන්නන්නලු එහෙම අත් උස්සන්නේ...

      Delete
  4. //සිරසත් හොරු රකිනවාද...? - Is Sirasa protecting the Suspects.? //

    Yes of course... we all should PROTECT the "suspects".

    However, if those "suspects" were found to be guilty after a "fair" trial, they should be punished.

    All "suspects" are innocent unless proven guilty!

    ReplyDelete
    Replies
    1. Umbe oluwa honda nadda yako
      Me wage wadagath dewal methana kiyanne, g.thalanta mewa therenne naha
      U danne dawase padiyata kahinna pamanay
      Anyhow he s earning fm both side, nice to see this type f bugger in d blogs

      Delete
    2. අපොයි ඔව් දැන් නම් මරම අහිංසකයි...

      Delete
  5. හොරු ඇතුලට දාන එක හොඳයි. හොර මොකා වුනත්. මහින්ද රාජපක්ෂ පැරදෙන්න ප්‍රබල හේතුවක් තමා හොරුන්, දුෂකයන් ආරක්ෂා කිරීම.

    ReplyDelete
    Replies
    1. හොරු = suspects ????

      Delete
    2. ඇත්ත සාරස කියන දේ ඔවුන් තාමත් හොරු නෙමේ සැකකරුවන් පමණයි.සැකකරුවන් වරදකරුවන් හෝ නිවැරදිකරුවන් වෙන්නේ අධිකරණ ක්‍රියාවලියකින් පමණයි.නමුත් ගැටලුව චෝදනා වලට ලක් වුවන් නීතිය ඉදිරියට ගෙන එන විට ඔවුන් එය ප්‍රතික්ෂේප කරමින් හැසිරීමයි.එතකොට කොහොමද මේ චෝදනා විභාග කරන්නේ?තමන් නිවැරදිනම් මොකටද බය වෙන්නේ ?අවසානයේ සිද්ද වෙන්නේ ඔවුන්ගේ හැසිරීම නිසා ජනතාව හිතනවා ඔවුන් ඒ චෝදනා සම්බන්ධයෙන් වැරදි කරුවන් තමයි කියා.

      Delete
    3. //ගැටලුව චෝදනා වලට ලක් වුවන් නීතිය ඉදිරියට ගෙන එන විට ඔවුන් එය ප්‍රතික්ෂේප කරමින් හැසිරීමයි.එතකොට කොහොමද මේ චෝදනා විභාග කරන්නේ?//

      We will have to bring in Mr Rumpole QC :D

      Delete
    4. මහා එක හිටගෙන කොරන කොට පොඩි උන් දුව දුව කරනවා කියලා කතාවක් තියෙනවනේ.. අනික ඒ කාළේ කතාවක් තිබුනා රාජපක්ෂලා තනියෙමය කන්නේ අනික් උන්ට දෙන්නේ නැතෙයි කියලා.. ඒ කතාව නම් අමූලික කෙප්පයක්..

      Delete
  6. සිරසේ නිව්ස් නං බලන්නෙම නෑ. දැන් ඇත්තටම කිව්වොත් රූපවාහිනී ප්‍රවෘත්ති මධ්‍යස්තයි. මයිත්‍රීට වැඩියෙන් ඒකෙ පෙන්නන්නෙ මහින්දගෙ දිනපොත. එකට කමක් නෑ. වෙන්න ඕන ඒකයි.
    අනික මට නං පේන්නම බැරි සටනෙ අර රංගා කියන සක්කිලියා රහත් වෙලා වගේ අනිත් එවුං නෝන්ඩි කරලා දෙන ටෝක්ස්...

    ReplyDelete
    Replies
    1. යකෝ පිස්සු කියවන්න එපා බන්. රූපවාහිනියයි නයි ටී එන් එකයි එදා වගේම අලුත් ආණ්ඩුවට කඩේ යනව. හැබැයි ජාතික එකේ පොඩ්ඩක් විතර විපක්ෂයට ඉඩ දෙන්නෙ මුලදිම උන්ව දැඩිව විවේචනය වීමත් සෝමරත්න උන්නැහේගෙ කපටිකමත් නිසා. නයිටීඇන් නම් තාම පරන ඉට්ටැයිල්. සිරස විතරක් උන්ගෙ පණ්ඩිත ගති නිසාම යහපාලන ආණ්ඩුව වුණත් විවේචනය කරනව. දෙරණ ටිකක් මරාගෙ කට්ටියට සපෝර්ට් වගේ. අනිත් චැනල් නම් එන එන අතකට ගහ උලුවස්සා වගේ. හිරු එකේ දුමින්ද/ රේනොර් ලොක්කලගෙ කතන්දර අහක් කරාම ටිකක් මැදහත් බවක් පේනව.

      හැබැයි උඹට මම රෙකමන්ඩ් කරන්නෙ ටී.ඇන්.ඇල්. එකයි ඉසිර FM එකයි. මීට පස්සෙ ඒක බලපන් එතකොට ඔය අවුල් ගතිය ශේප් වෙවි. :D

      Delete
    2. මටනම් හිතෙන්නෙ ඊලඟ ජෙනරල් ඉලෙක්ෂන් එකෙන් පස්සෙ රනිල් ලොක්ක සිරසට අඹරාවි හොඳ අංචියක් නන්නත්තාර වෙන්න. මර්වියත් දැන් ඉන්නෙ යහපාලන ටීම් එකේ නොවැ. හැබැයි සිරස සටන වැඩසටහනේ ප්‍රශ්න අහන විදිහට මම් නම් කැමතියි. මුන් දෙසපාලුවො ගෙනත් එක එකා වාචාල කියෝගන්නවට වඩා උන්ව දැඩිව ප්‍රශ්න කිරීමකට ලක් කරනව. සුජීව සේනසිංහ එහෙම කුජීත වෙලා ගියා. එරාන් වික්‍රමරත්න විතරක් නෙමෙයි හර්ෂ ද සිල්වා උනත් දක්ෂ උගත් පුද්ගලයන් වුණත් දේශපාලනයේ පරිණත මදි බව පැහැදිලි වුනේ මේ වැඩසටහනෙන්.

      Delete
    3. ඔය සිරස සටන හරියට කරානම් ඉතාම වටින වැඩසටහන් ආකෘතියක් වෙවි. අර බජව් දාන හුරේ දාන විකාර අයින් කරල සුරංග වගේ විකාර කාරයොයි, එලාම් සීන් එකයි අයින් කරල වඩා සංවරව සහ ශ්‍රාස්තීයව තිබ්බොත් හරිම ප්‍රයෝයනවත්. ලංකාවෙ සියලු ජාතික මට්ටමේ ප්‍රධාන දේශපාලකයින් මේ වගේ ප්‍රොග්‍රෑම් වලින් නිසි පරිදි ප්‍රශ්න කිරීම්වලට ලක්වුනොත් උන් යම් තරමකට හෝ වගකීමෙන් කටයුතු කරන්න පෙලඹේවි. මෙම වැඩසටහනේ හරියට උත්තර දුන්නෙ චම්පික, ජෙප්පො, ආචාර්ය නිර්මාල් වගේ කීපදෙනෙක්. ශාන්ත බණ්ඩාරත් වඩා අවංකව ඉවසීමෙන් උත්තර දුන්න. ජෙප්පො නම් ආණ්ඩු කරේ නැති නිසා උන්ට චෝදනා අඩුයි. චම්පික නම් දක්ෂයි. එරාන්ල, හර්ෂල තව මැචුවර් වේවි ඉදිරියෙදි. වාචාල කාරයින්ට නම් නෝ චාන්ස්. විමල්ලටත් දැන් අමාරුයි ඉස්සර වගේ ටෝක් දෙන්න.

      Delete
    4. රංගත් හැම තැනම රිංගනවා.. මොනවා කරත් උන්ට දුෂණ චෝදනා නෑ.. ඒ දේ බොහෝම වටිනවා.. අනික පෞදගලිකව ඌ ඇවිත් ඉන්න තත්වයට මම මාර කැමතියි...

      Delete
  7. Education alone does not make people prudent. Lot of Sri Lankans are educated, at least literate and some even have university degrees. (Quality of our education is a different story though).Still our conduct is worse than tribal people.
    Majority of the idiots in our country are more attached to the main stream media (such as Sirasa ) and the internet has a very limited reach. Most people no longer read. They just listen. They cant think , they don’t have cognitive skills or reasoning. We shall even call our balls as nose if politicians say so.
    Any way , sarcastic shit ….keep up the writing.
    BTW i know sinhela very well, not familiar in typing. I am too old to learn this shit now..

    ReplyDelete
    Replies
    1. //at least literate and some even have university degrees//

      ha ha... our Kurutu malli has three Diplomas..... :D

      Delete
    2. සහතික ඇත්ත.. මම දැක්කා චම්පික උන්නැහෙත් මෑතකදි කියනවා අපේ ශාක්ෂරතාවය මාර ඉහලයි කියන කතාව.. කොච්චර උගත් උනත් වැඩක් නෑ චින්තනය ගෝත්‍රික නම්...

      Delete
  8. සිරසත් මේ රටේ තවත් එක ජනමාධ්‍යයක් විතරයි. පහුගිය කාලෙම සිරස පෝර්ට් සිටි ව්‍යාපෘතිය ගැන දිගින් දිගටම කියෙව්වා. දැන් පෝර්ට් සිටි ව්‍යාපෘතියෙන් සල්ලි වියදම් කරන රන්භූමි රැළිය කියලා එකක් හදාගෙන රට වටේ යනවා. ඉස්සරහට සිරසෙන් පෝර්ට් සිටි එක ගැන මොකුත් කියන එකකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. එක එක කාළෙට මිනිස්සු ගොනාට අන්දන්න මොනවා හරි කරනවා.. උන්ගේ මාකටින් නම් ඉසතරන්...

      Delete
  9. මේකටනම් මුකුත් කියන්න දන්නෙ නෑ TV බැලිල්ල නැවතිලා අවුරුදු 5 ක් විතර වෙනව. චන්දනගෙ පොර ටෝක් , රංගගෙ පඩ මටනම් එදා ඉදන් දිරෙවුවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මම නම් ඉඳහිට බලනවා.. සමහර වෙලාවට වෙන කරන්න දෙයක් නැති උනාම...

      Delete
  10. සාලිය වික්‍රමසිංහ හොඳ මහත්මයෙක් . ඔහුවැරද්දක් කලානම් දඩුවම් ලැබිය යුතුකතාව වෙනම එකක් . එහෙත් මොහුට පසු වරාය සභාපතිවු ප්‍රියත් වික්‍රම නම් බල්ලෙක් (බල්ලොන්ට අපහාස කිරීම ගැන කනගාටුවෙමි)

    ReplyDelete
    Replies
    1. එහෙම සංසන්දනය කරන්න දෙන්නා ගැනම වැඩිමනක් දන්නේ නෑ..

      Delete
  11. සිරස විතරක් නෙමේ අද තියෙන හැම මාධ්‍යක්ම එක වගෙයි.තමන්ට ඕනේ දේ මිසක් ජනතාවට ඕනේ දේ නෙමෙයි උන් දෙන්නේ.සමහරු නිව්ස් නෙමේ කතන්දර කියන්නේ.
    වැරදි කරලා තියේනම් කාට වුනත් තාරතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අනිවා...., නීතිය කියන දේ සැමට සමාන විය යුතුයි...

      Delete
  12. සාලිය වික්‍රමසූරිය තමා ඔහුගෙ නම
    ඒ මහත්තයා ඛනිජතෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැනට තනතුරක් හැටියට දරනවා. කැනඩාවෙන් ඇවිල්ලා මේක කර කර හිටපු දොස්තර නීල් ද සිල්වා මහත්තයාට පසුවයි මේ වැඩේ ඔහුට භාර වෙන්නේ. ඛනිජ තෙල් ගවේෂණය සඳහා ලංකාව වටා ඇති වෙන්කර ඇති කොටස් එකොලහෙන් දෙකක් ඉන්දියාවටයි චීනේටයි දුන්නා දොස්තර නීල්ගේ කාලේ කලාපීය හිතවතුන් නිසා. ඉන්දියාවේ කෙයාන්ස් සමාගමෙන් විතරයි දැනට ගවේෂණයක් සක්‍රියව සිදුවන්නේ. මේ තත්වය තුල වික්‍රමසූරිය මහත්තයා ඇතුලට ගත්තේ ඇයි කියන එකනම් සැක සහිතයි. ඔහු ලංකාව තුල යමක් කල උගතෙක් කියන කථාව ඇත්ත. ඔය තැන්වල සභාපතිලා ඇමතිවරු කවුරු වුණත් බර අදින්නේ මේ වාගේ අය. අධ්‍යාපන අමාත්‍යාංශයේ උපාලි මාරසිංහ මහත්තය මේ වගේ කෙනෙකුට තව උදාහරණයක්. කිව්වත් වගේ දේශපාලන කණු ඇතුලට ගන්න එක වෙනම දෙයක් ඒත් වික්‍රමසූරිය මහත්තයා ඇතුලට ගත්ත එක ගැනනම් ඇත්තේ කණස්සල්ලක්. අල්ලපු රටේ කට්ටියට රිසිසේ වැඩ කරන්න ඉඩ හැදිල්ලක්ද කියලත් හිතේ - එව්වා හිතළුම වෙන්නත් ඉඩ තියේ, ඔව්වා ඉතිං මේ අපි කොහොම ඔප්පු කරන්නද :-( -

    ReplyDelete
    Replies
    1. බර ඇද්ද කියල, උගත් කියල කරපු හොරකම් නීති විරෝධී දේවල් වලට සමාව දෙන්න ඕනේ කියල හිතනවා නම්, යුද්දේ දිනපු මරාටයි උගේ සනුහරෙටයි කළගුණ සලකල ජීවිත කාලෙම රට කන්න දෙන්න කියන බුරියානි පැකට් එකට අරක්කු කාලට රැස්වීම් කරන උන්දලගේයි උගතෙක් වෙච්චි ඔහෙගෙයි වෙනසක් තියනවද ?

      Delete
    2. ඔතන තියෙන්නෙ තනිකරම ඉන්දියාව සතුටු කිරීමෙ වැඩක්. මුලු උතුරු මුහුදෙම තෙල් ගවේෂණයය ඉන්දියාවට දීම නැවතුනෙ සාලිය වික්‍රමසූරිය නිසා. දැන් කම්බ හොරු එලියෙ ඉද්දී ඉන්දියාව සතුටු කරන්න සාලිය වික්‍රමසූරිය ඇතුලට දැම්මා. රනිල් මෙ විදියට අවුරුදු 6ක් ආණ්ඩු කරොත්නම් යන්න වෙන්නෙ ගඩාෆි ගිය ගමන තමයි.

      Delete
    3. මුදල පසු පස වැටුනම වැදගත් මිනිස්සුත් බල්ලෝ වෙනවා...

      Delete
  13. සැක් ... මම හිතුවේ ගින්දරිට පස්සේ රෝහිනී එයි කියලා

    ReplyDelete
    Replies
    1. කොහ්ද බං ඒවට වෙලාවක්.. හැමදාම නිව්ස් වලින් පිරිච්ච රටක...

      Delete
  14. මාතා............... කට්ටිය බලාගෙන හිටියේ ඡන්දේ දිනපු ගමන් හතර අතට වන වන හොරු අල්ලන්න යයි කියලා.. ඒත් දැන් ලොක්කෝ ඉස්සර ලොක්කෝ වගේ නෙමෙයි කියලා දැන් පේනවා.... දින සීය අැතුලේ හිමීට දුවලා දැන් යස අගේට ගේම දෙනවා.... මේක තමා වෙන්න ඔ්නේ.. කොහොම හරි හොරු අැතුළට යනවානම් ඒච්චරයි......

    ReplyDelete
    Replies
    1. හි හි. හොරු අල්ලනව නෙමෙයි බන්. ඔය කරන්නෙ අනිත් පැත්තෙ තාම ඉන්න හොරු ටික ටෙම්පරරි රිමාන්ඩ් කරනව ඊලඟ ඉලෙක්ෂන් එක අහවර වෙනකන්. එතකොට එක ගලෙන් කුරුල්ලො තුන් දෙනයි.

      01. "කෝ හොරු ඇල්ලුවද?" කියන චෝදනාවෙන් බේරී, ගැලරියට පොඩි ආතල් එකක් දී ඡන්ද ගොඩ වැඩිකර ගැනීම.

      02. විපක්ෂයේ සංවිධාන කටයුතු අඩපණවීම සහ වත්මන් රජයට එරෙහිව කටයුතු කිරීමට බියක් ඇතිකරවීම.

      03. ඡන්දෙන් පසුව වැඩේ ෂේප් කරන්න ඩීල් දාගෙන හොරාකාපු එව්වයින් කොටසක් ලබාගැනීම.

      ඔන්න බලපන් මම කියන්නෙ බොරුද කියල නොවැම්බර් දෙසැම්බර් වෙද්දි. නොඩකින් මේ ලංකාවෙ දේශපාලනේ නම්. මුන් ඔක්කොම එක වල්ලෙ පොල්.

      Delete
    2. ආරම්බයක් හැටියට මේ මදෑ.. දැන් ඔය ක්‍රමයත් ඉස්සරහට පොලිටික්ස් වලට ඇප්ලයි වෙයි නේ.. ඒ කියන්නේ වෙන ආන්ඩුවක් ආවම මේකේ උන් ඇතුලට දානවා.. ඒකෙන් වෙන්නේ පොඩ්ඩක් හරි හොරකමට බය වෙන එක..

      Delete
  15. මේ හොරු අත්අඩංගුවට ගනිද්දි ඒ අයට එල්ලකරන්නෙ සැබෑ චෝදනාද? හරියට බෝතලයක් හොරකම් කරපු එකා කුප්පියක් හොරකම් කරා වගේ චෝදනානෙ තියෙන්නෙ. දැන් සජින්ට දාලා තියෙන්නෙ මොන චෝදනාද?. මටනං අවුල්. මේ ගසාකාපු මහජන මුඳල් නැවත මහජන සුභසාධනයට නැවත යොදවාගතහොත් පමනයි මේ හොරු ඇල්ලීමෙන් ප්‍ර්‍රථිපලයක් ඇත්තේ. මටත් ටිකක් වැඩිද මන්දා I don't know y???

    ReplyDelete
    Replies
    1. මෙහි සිදුවන්නේ හුදෙක් ජනතාව රැවටීමේ ප්‍රෝඩාවක් සහ දේශපාලන විරුද්ධවාදීන් දුබල කර ඊලඟ මැතිවරණය ජයගැනීමේ ප්‍රෝඩාවකි. පසුගිය ඒකාදිපති රෙජීමයද දේශප්‍රේමී ප්‍රෝඩාවෙන් ජනතාව රවටා පෙලූහ. අප එය පෙරලා දැමූ නමුත් අපට තෝරාගැනීමට විකල්පයක් නොවුනි. අපට සිදුවුනේ බොරුවෙන් වංචාවෙන් මෙන්ම හොරකමින්ද අඩු නොවූ තවත් තක්කඩියන් පිරිසකට බලය මාරු කිරීමටය. මීට එරෙහිව සුදුසු විකල්ප කණ්ඩායමක්ද නොපෙනේ. අහෝ පිළියම කොහිද?

      Delete
    2. අද වෙනකන් එකෙක්වත් කිව්වේ නෑ නේද චෝදනා බොරුය කියලා.. කියන්නේ පොඩි පොඩි දේවල් වලට ඇතුලට ගන්නවා කියලා. ඒකෙන් සනාථ වෙන දේ තමයි මුන් මීට වඩා ගැහිලි ගහලා තියෙනවා කියන එක..

      Delete
  16. හොරකම් කරා කියල චෝදනා තියෙන ඔක්කොම අත්අඩංගුවට ගන්නවානම් හොඳයි. වැඩේ කියන්නෙ එහෙම කලොත් පාර්ලිමේන්තුවෙ 225න් කීයක් ඉතුරු වෙයිද කියන එක :D.

    ඉස්සර නම් සිරස බැලුව.
    //කුඩු කාරයා වීරයා කරගෙන, රේස් බුකි කාරයන්ට ගේම් අඳින චැනල් එක//
    මාත් නිවුස් බලන්නෙ ඕකෙ :D.

    ReplyDelete
    Replies
    1. කුඩු චෝදනාව ඇරුනාම, උන්ගේ නිව්ස් හොඳයි.. බැලන්ස්...

      Delete
  17. අනික් අය කැලේ යනකොට සිරස කානුවේ යනවා.

    ReplyDelete
  18. ලංකාවේ තියෙන සක්කිලිම ජනමාධ්‍ය තමයි සිරස මාධ්‍ය ජාලය.තමුන්ගේ පටු අරමුණු වෙනුවෙන් ඒ තරමට ජනමාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන වෙන ආයතනයක් ලංකාවේ නැති තරම්.කොටින්ම කුඩු ටීවී එක දුමි අයියට කඩේ යන එක ලක්බිම තිලංගට කඩේ යන එක මවුබිම ටිරාන්ගේ රෙදි හෝදන එක විතරක් නෙමෙයි ස්වර්ණවාහිනී එකේ පෙන්නන සොමක්කගේ කෝලමුත් සාපේක්ෂව හොඳයි කියල හිතෙන්නෙ සිරසෙ හිරිකිත මාධ්‍ය කලාව දැක්කම.තමුන්ගෙන් යැපෙන රූකඩ ඉත්තො ටිකක් හැම පක්ෂෙන්ම දේශපාලනේට ඇතුල් කරල තමුන්ට නටවන්න අමාරු දේශපාලකයන්ට නින්දිත විදිහට ගහමින් තමුන්ට නටවන්න පුළුවන් උන්ට අසීමිත මීඩියා කවරේජ් දෙමින් (උදා :සජිත් ප්‍රේමදාස,බුද්ධික පතිරණ, මරික්කාර් නැති සිරස පුවත් විකාශයක් ඔබ දැක තිබේද ?) පුවත් වාර්තාකරණයක් වෙනුවට තමුන්ට අවශ්‍ය පරිදි පුවත් මවන මේ හිරිකිත මාධ්‍ය ලංකාවේ දේශපාලනයට,සංස්කෘතියට සහ පොදුවේ සමාජයට කල සහ කරමින් පවතින විනාශය අතිවිශාලයි.අඩුම ගානෙ ජනමාධ්‍ය කලාවෙ මූලික සාරධර්ම ටිකවත් නොරකින මේ සක්කිලි සිරස මේ රට ගිලගන්නා බුවල්ලෙක් වී හමාරයි!

    ReplyDelete
    Replies
    1. මම ඒකමයි හැමදාම කියන්නේ මේ රට මජර රටක් කිරීමේ ගෞරවයේ වැඩි කොටසක් හිමි වෙන්නේ ජඩ මාද්දිය වේදීන්ටය කියලා...

      Delete
  19. සටන මාත් පහුගිය ටිකේ අතරින් පතර බැළුවා.. ඒකේ එන එකාට ප්‍රශ්ණේකට උත්තර දෙනවට වැඩිය ප්‍රශ්ණ අහන්නයි, ඒක පැහැදිළි කරන්නයි නිවේදකයොම පොර කනවා.. අන්තිමට ඒ ටික අහගෙන ඉදලා එන මිනිහා කෙටි උත්තරයක් දෙනවා.. මට මතකයි මර්වින් ලොක්කා සිරසට බෝම්බ ගැහුවේ බැසිල්ය කියලා කියපු වෙලාවේ ඒ කතාව මඟ අරින්න කට්ටිය කොච්චර නම් දැඟලුවද..

    ReplyDelete
    Replies
    1. එතන යන්නේ වෙනම ප්‍රොපගැන්ඩා එකක්.. ඊළඟ මැතිවරණයේදී ඒ බව හැමෝටම පෙනේවී.. එයාල හිතාගෙන ඉන්නේ දැන් එයාලා රූපවාහිනිය කියලා..

      Delete
  20. කිරුල රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි //
    බරණි බරට පිරි මැණික් දිලෙන රට
    රැකුනොත් මිස රන් කිරුළක් කොහිබෙද
    කිරුල රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි

    චණ්ඩ නපුරු සාගරේ ගිලෙන් නැව් බලන්
    අපිත් එහෙම ගිලෙනවාද කඳුලු පොදී බැඳන්
    මව්බිම ගිනිගන්නවා අපි වීණා වයනවා

    කිරුල රජුන්ගෙයි .......

    අනතුර දැක ඇස් පියාන ඉන්න රඟ බලව්
    පෙරහෙලදිව සිරිත නොවෙයි හිතාලා බලව්
    මව්බිම ගිනිගන්නවා අපි වීණා වයනවා

    කිරුල රජුන්ගෙයි .......

    https://www.youtube.com/watch?v=CCOdCOdOF8Q

    ReplyDelete
    Replies
    1. මාර ඒවා නේ බං උඹටත් හම්බ වෙන්නේ...

      Delete
  21. අනෙකුත් සියළුම නාලිකා වලට සාපේක්ෂව සිරසට තියනව දීර්ඝකාලීන ඇජෙන්ඩාවක්. සිරසෙ පදේට නටන මන්ත්‍රීලම කීයක් ඉන්නවද.
    එජාපයෙන් සජිත්, බුද්ධික, මරික්කාර්
    ශ්‍රීලනිපයෙන් සුසාර
    ෆොන්සේකගෙ සුසිල් කි‍ඳෙල්
    කඳුකරෙන් රෙංග
    ඔහොම ගිහිල්ල රටම අල්ලන්නයි ප්ලෑන

    ReplyDelete
    Replies
    1. ජනාධිපති තුමත් අල්ලලා ඉවරයි... මේ පාළණය යටතේ සිරස සෑහෙන බලවත්...

      Delete
  22. //කුඩු කාරයා වීරයා කරගෙන, රේස් බුකි කාරයන්ට ගේම් අඳින චැනල් එක// ඇයි නිසැක ධාතු? මගේ ටීවී එකේ රිමෝට් එක වැඩ නැ දැන් කාලෙක ඉඳලා.. ඒක නිසා මට දවසේ හැමවෙලාඑම හිරු පායලා.. හැක්.

    ReplyDelete
    Replies
    1. බලන්න තියෙන්නේ ඒක විතරයි කියන එකේ නම් ඇත්තක් නැත්තෙමත් නෑ...

      Delete
  23. සිරසේ මක්කයි අනේ බලන්න තියෙන්නේ. ඔක්කෝම කොන්තරාත් කරනවා විතරයි නේ

    ReplyDelete
    Replies
    1. බලන්න කිසිම දෙයක් නෑ.. දැන් ඒකේ ඉන්නේ පොලිටිකල් උස්තාද්ලා..

      Delete
  24. මටත් කියන්න තියෙන්නේ "යහපාලනේ පට්ට ඔයී " කියලම තමා

    ReplyDelete
    Replies
    1. උන්න හැටිය මළා මදැයි කිව්වලු...

      Delete
  25. ආණ්ඩුව ජෝන් අමරතුංගගේ විස්වාස භංගයට කරන දේමයි විල්පත්තු වන විනාශයටත් කරන්නේ. විශ්වාස නැත්නම් මාස කීපයක් ඉවසන් ඉඳින්

    ReplyDelete
    Replies
    1. ඉවසන්න දෙයක් නෑ.. එතනදි නීතිය ක්‍රියාත්මක උනේ නෑ.. හරි නම් දිසාපතියා නග්ගන්න ඕන කටු ඉඹුලේ...

      Delete
  26. ඔය ගොඩක් හොරු බව රටම දන්නව. ඒත් උසාවියක ඔප්පු කරන්න තියා චෝදනා පත්‍රයක්වත් හදා ගන්න තරම්වත් සාක්කි හොයාගන්න ඕනැනෙ. අහුවෙන්න ලේසිවෙන විදිහට හොරකම්කරන්නේ පිස්සෝ විතරයි.

    ශිෂ්ඨ රටවල සාමාන්‍යයෙන් සැකයක් හෝ scandal එකක් ඇති හුඟදෙනෙකුට ඉල්ලා අස්වෙන්න/ දේශපාලනයෙන් විශ්‍රාමයන්න/ පක්ෂයෙන් නාමයෝජනා නොදෙන්න.
    මේරටේ තක්කඩි දේසපාලුවො චන්දෙ ඉල්ලන එකයි මීහරක් චන්දයෙන් දිනන එකයි නවතින්න පොලීසියට කැඳවල නෙමෙයි එල්ලුම් ගහට යැව්වත් බැරිවෙන සයිස්.

    ReplyDelete
    Replies
    1. බලන්නකො පොඩි පොඩි දේවලට නේ අත් අඩංගුවට ගන්නේ කියන්නෙම, මීට වඩා ළොකු ගේම් දීලා තියෙනවා කියන එක නේ..

      Delete
  27. මාතලං වගේ කබ්බ හොරු එළිය ඉද්දි වෙන මිනිස්සු අත් අඩංගුවට ගන්න එක වැරදියි.

    ReplyDelete
  28. කුණු වල ඉහෙගෙන කෑම තමයි මීඩියා කාරයින්ගෙ ක්‍රමය. මෙතනත් එහෙමයි..

    ReplyDelete
    Replies
    1. නමුත් ජනමාධ්‍යයක වගකීම කියන්නේ වෙන දෙයක්...

      Delete
    2. ලංකාවෙ ඒ විදිහේ නියම ජනමාධ්‍ය එකක්වත් නෑ මාතා. ආසියාවෙ කොයි රටකවත් නෑ. හම්බකරන්න කුණුවල ඉහිනවා මිස දැක්මක් ඇතිව කරන එකෙක් දකින්න නෑ. අන්න ඒ නිසයි බ්ලොග් වලට ලොකු කොටසක් කරන්න වෙන්නෙ. මුන් දෙන්නෙ මිනිස්සුන්ට විකුණන්න පුළුවන් ජරාව.

      Delete
  29. මාධ්‍ය මුදලාලිලාට යටවෙච්ච මාධ්‍ය “කරුවො“ මිසක් මාධ්‍යවේදීන් කියන ගෞරව පදයෙන් හඳුන්වන්න පුළුවන් අය ඉන්නෙ අතේ ඇඟිලි ගානට වගේ. ඉතින් ජනමාධ්‍යයක වගකීම කියන එක කවදා තේරුම් ගනීවිද කියන්න බෑ නේද මාතලන්. සරත් කියනවා වගේ උන් කුණුවල ඉහගෙන කෑම දැම්ම නවත්තන එකක් නෑ. ඔබේ ලිපියේ අවධාරණයවන මූලික අදහසට ළංවන කිසිම තොරතුරක් පොදු මින්සුන් අතරට එන අපේ සිංහල ජනමාධ්‍ය කිසිවක තවම දකින්න නැත්තෙ ඒ නිසයි

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට සමාජ මාධ්‍ය ජාල තිබුනේ.. නැත්නම් ගොළුවෝ බීරෝ අන්ධයෝ වගේ ඉන්නයි වෙන්නේ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න