.

.

May 13, 2015

හොරු සුරකින Law දෙවඟන..



ඇත්ත කියන්න..!
ඔයා තවමත්,
බලනවා නේද හොරෙන්...,
හීනියට...?

තාරාදිය අභයාරාමෙට 
කඩුව කටුගෙට 
මාංචූ
අත් දෙකට...!

නොදැම්මොත්
අබ සරණයි
නීතියට...!!!

-x-



76 comments:

  1. මං බැලුවේ සුදු රෙද්ද යටින් පපුව ගාව පිම්බෙන එක..

    ReplyDelete
    Replies
    1. දේශක යා. මචං ඒවට කියන්නේ කුක්කු. අර උඹ කන්සිළුගේ අම්මා නයිටිය පිටින් මහ රෑ කන්සිළුවත් උස්සන් උඹළෑ ගෙදර අාවම උඹ ගල් ගැහිලා වගේ බලන් හිටියේ.. අන්න ඒවා ඔය
      ඉතින් අපට පාන් ද ?

      Delete
    2. කුක්කු පවා ස්වාධින නෑ අප්පා මේ කාලේ.. මේ මිත්තරයා මගේ බෝම පැරණි මතකයක් නෙව ඇවිස්සුවේ.. තැන්කුයි...

      Delete
    3. කුලියට මඩ ගහන උනුත් හොරු තමයි. සුදනො වගෙ ලිවුවට.

      Delete
    4. කොයි පපුවත් උණු වෙනවා මේවා දැක්කම...

      Delete
    5. සුරැකුම පත් වංචාකලාට රනිල් හොරෙක් නෙමෙයි අයියෝ.........

      Delete
  2. ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටළුවක් නොවන පරිදි, මේ අලුත්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විසඳාගැනීමේ අභියෝගයක් මතුව තිබෙනවා. ඉතා සූක්ෂ්ම ලෙස, රහසිගත වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක වෙනබව පෙනෙනවා. නමුත් මේ ඇතිවී තිබෙන්නේ, ජයගත නොහැකි අභියෝගයක් නොවේ.

    පාර්ලිමේන්තුව සතු බලතල සෑමවිටම පාලනය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බැහැ. ඒ වගේම, අල්ලස් හෝ දූෂණ පරීක්ෂණ නවත්වනු කියා නියෝගයක් දෙන්නටත්, ශ්‍රේෂ්ඨාධිකරණයට බැහැ. මේ බෝලය ආණ්ඩුවේ කෝට් එකට වැටිලා ඉවරයි. දැන් බෝලය අහුලාගෙන නැවත වඩාත් ශක්තිමත්ව සංවිධානයවී ගේම් එකට බැසිය යුතුයි.

    ඒ සඳහා අවශ්‍ය වන්නේ ඉතා තීක්‍ෂණව සිතා, නිවැරදිව සහ නීත්‍යානුකූලව කටයුතු කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව සිතිය හැකි, හොඳ මොළ කීපයක එකතුවක් පමණයි.

    ReplyDelete
    Replies
    1. හොඳ මොළද, කට්ට වෙට්ට පිත්තල මොළද....?

      Delete
  3. මයිසෙ මාතලන් මාර සෙක්සිනෙ

    ReplyDelete
    Replies
    1. සොරි අයිසෙ චුට්ටක් අයිසෙ මයිසෙ තැපලුන සේක.

      Delete
    2. අයිසේ ඕනවට වඩා වරදිනවා වැඩියි.. හැක්

      Delete
    3. අයිසේ ඇනෝ මොකාටද "මයිසේ" කියන්නේ

      Delete
    4. ඕකනේ කියන්නෙ අයිසෙ! අයිසෙට අයිසෙත් පැටලෙනව නෙව!

      Delete
    5. වයසට යන කොට කෝකත් සෙක්සි තමයි අයිසෙ මහත්තයා..

      Delete
  4. අදයි දැනගත්තෙ නීතියේ දෙවඟන දිගින් දිගටම දූෂණය කරන්න හේතුව මාතෙ.
    අම්මපා මෙයාව දැක්කම එහෙම කරන්න....හිතෙනවා!

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ රේප් කොරන්න නේ...?

      Delete
  5. ඔ්ක මැටිපිළිමයක් හින්දා හොදයි......

    ReplyDelete
    Replies
    1. ගල් පිළිම හා බොල් පිළිම

      Delete
  6. තරාදිය එක පැත්තකට බරවෙලා වගේ තියෙන්නෙ.
    මැරැනත් මොකද දාලා මෙකිට රොඩ්ඩක්

    ReplyDelete
    Replies
    1. තාම බලන්ස් වෙලා නෑ වගේ තමයි පේන්නේ...

      Delete
  7. කොයි වෙලේ හරි
    කැපිල යයි මැටියෙන් ඇඹුව බඩවතත්
    දැලි පිහි පාරකින්
    ගලවාන යයි
    රෙදිකඩත්
    ඉන්න වෙයි ඊට පස්සෙ
    තරාදිය පැත්තකට දාල
    අත් දෙකෙන් වහන්

    ReplyDelete
    Replies
    1. දැණුත් ඉන්නේ ඒ වගේ නේ...

      Delete
  8. නීතිය
    ________

    පොඩි සත්තු අහුවෙන
    ලොකු සත්තු ඉරාගෙන යන
    අරුම විසිතුරු
    මකුළු දැල

    ReplyDelete
  9. යහපාලනය යම්තමින් හරි තියෙන නිසා තමයි ගෝඨාට අර වගේ තීන්දුවක් උසාවියෙන් ගන්න පුළුවන් වුනේ.

    ReplyDelete
    Replies
    1. යහපාළණයතු තුලද ජහපාළණයට ඉඩක් ඇත..

      Delete
  10. අබ සරණයි අබසරණයි කියන්නේ දැන් අබ ඇටත් කහ පාටද

    ReplyDelete
    Replies
    1. කහ පාටද නම් දන්නේ සමහර වෙලාවට නම් භයානක පාටයි...

      Delete
  11. Replies
    1. කියවලා කොමෙන්ට් එකකුත් දාලායි ආවේ...

      Delete
  12. අර ලෝ දෙවඟනගෙ ඇඟිලි වලට උඩින් තියන බෝලෙ මොකද්ද බං? :-)

    ReplyDelete
    Replies
    1. මටනම් පෙනුනේ ටොපක් වගේ....ඒ වචනේ කුනුහරුපයක් නෙවී...!!!

      Delete
    2. මාත් දැක්කෙ ඒ වගේ..

      Delete
    3. තරාදියත් සැක්සි නේ...

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මාවත් හිරේට ගන්නයි මේ ගොල්ලෝ හදන්නේ -ඒවා කොහෙද සීනිගම දෙයියෝ ඉන්නකම්

    ReplyDelete
    Replies
    1. මුතුහෙට්ටිගමත් ඔතන ගිහින් පලි ගහලා අනිත් පැත්තටයි ගියේ නම්..

      Delete
  15. "අතුරු" තහනමක් විතරයි. පෙත්සම විභාගකර අවසන් වන තුරු.
    FR ඉක්මනට විභාග වෙනවනෙ

    ReplyDelete
    Replies
    1. Depends on what one wishes c-a.

      It could go either way !

      Delete
    2. ඉක්මනට නිසා වෙන්න ඇති ඔක්තෝම්බර් වලට කල් ගියේ...

      Delete
  16. නියමයි, ඔහොමයන්. අර හොරෙන් බලනවා කියන කෑල්ලනම් එළ

    ReplyDelete
    Replies
    1. හා හා .. ඒකට කෑල්ල කියන්න එපා....

      Delete
  17. පොට්ටයො කොහොමද හරියට යුක්තිය පසිඳලන්නෙ
    රූපෙන්ම පේනව අපේ නීතියේ තරම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත . ඕක මටත් තියන ප්‍රශ්නයක්

      Delete
    2. දෙවඟන අන්ධ නෑ.. ඒ නිසා නේ රෙදි කෑල්ලකින් වහලා තියෙන්නේ..

      Delete
  18. තුමුල බල ඇති තෙදැති දෙවඟන සැකයි මට ඔබේ
    කුමරි බඹසර
    රජුගේ මිරිවැඩි ලකුණු තිබුණලු ඔබගෙ දෙවොලේ යහන පාමුල//

    ඉරා සළු පට බැඳුන නෙතු යුග
    තරාදිය ගෙන හෙලා ඝණ දිය
    තලා අසිපත නසා එහි පණ
    පසඳලිය හැකිවේද යුක්තිය

    තුමුල බල ඇති තෙදැති දෙවඟන සැකයි මට ඔබේ
    කුමරි බඹසර
    රජුගේ මිරිවැඩි ලකුණු තිබුණලු ඔබගෙ දෙවොලේ යහන පාමුල

    ධවල සළු පිලි සොරුන් ගත්තෙද
    මිණි මෙවුල් දම් කඩා හැළුනිද
    ඔබේ ගත ‍රැඳි දුහුල් සළු පට
    හමන සුළඟට ඉගිල යාවිද

    තුමුල බල ඇති තෙදැති දෙවඟන සැකයි මට ඔබේ
    කුමරි බඹසර
    රජුගේ මිරිවැඩි ලකුණු තිබුණලු ඔබගෙ දෙවොලේ යහන පාමුල...

    ගායනය: අමරසිරි පීරිස්
    පද රචනය: උපාලි ජයමාන්න
    සංගීතය: ඩැනිස්ටර් පෙරේරා

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත නේ.. තවමත් එහෙමමයි...

      Delete
  19. ලෝ දෙවඟනගෙත් …

    බ්‍රෑන්ඩ් එක ගල් !!!

    ReplyDelete
  20. රාජ් ගේ පෝස්ට් එකට කියපු එකමයි. හොරු අල්ලනවයි පළිගන්නවයි කියන දෙකේ වෙනස කෙස් ගහකට සමයි. පාලකයින්ගේ දක්ශතාවය මත අවසානය තීරණය වේවී.

    ReplyDelete
    Replies
    1. විපක්ෂයෙ හොරු විතරක් අල්ලනවනම් ඒක සාධාරණ නැහැ. අපේ පැත්තට ආවනම් ඔය මොකුත් නෑ කියල එකෙකුට කීව කියල කියන්නෙ.
      අර හඩපටය තියනව මේ හඩපටය තියනව කියල හැමදාම කියනවා. එහෙම කියපුවම මිනිස්සු ගල්ගැහෙනව.ඇත්තදෝ කියල හිතනවා. ඒ හඩපට අවශ්‍යවෙලාවට ඉදිරිපත් කරනවලු. ඒ අවශ්‍යවෙලාව කිසිදාක උදාවෙන්නෙ නෑ. කවදාවත් ඒ වගෙ ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරලත් නෑ.

      හැබැයි මේකට ආණ්ඩුවට දෝ කියන්නත් බෑ. මහින්දලත් කෙරුවෙ ඒ සෙල්ලමමයි. මුසම්මිල්ට අල්ලස් දුන්න කියල ෆොන්සේකගෙ ඡන්දෙ වෙලාවෙ ඩ්‍රාම එකකුත් කළේ.

      අභියෝගයක් වෙන හැමෝටම හොරා කියන ආන්ඩුවෙ හොරා හොරා හොරා තියරිය කොයි තරම් කාලයක් වැඩකරයිද කියන්න බෑ.

      අපි දන්නෙ නෑ කවුද හොරු කියල. හොරකමට වඩාපහුගිය ආණ්ඩුවෙ නාස්තිය සිදුවුන බව දන්නවා. පහුගිය කාලෙ හොරු කියල ඇතැම් අයට චෝදනා එල්ල වුනා. නමුත් නීතිමය පියවර ගන්නෙ මේ අයගෙන් මහින්දත් එක්ක ඉන්න අයට විතරයි. එතනයි විචිකිච්ඡාව.

      Delete
    2. කොහොමත් මේක හොඳ ඉදිරි පියවරක්.. අඩු ගානේ හීරේ යනවට බයේ හරි හොරකම් කිරීම නවතියි නේ..

      Delete
  21. ඔය වගේ කතා කරන්න එපා. නීතිය හොරු සුරකින දෙවඟනක් නොවෙන්න උඹත් මෙලහකට වැලිකඩ.

    ReplyDelete
  22. දැන් තරාදිය ගානට balance ....... මොකද ඒක හිස්නේ.......
    හොරෙන් බලන්න ඕන නැනේ......
    ඔයා ඔහොමම ඉන්නකෝ..........

    ReplyDelete
  23. කඩුව කන්ගැට්ටට නෙවෙයිද බං?

    ReplyDelete
    Replies
    1. හොඳ කන්ගැට්ටෝ තමයි උන්නේ...

      Delete
  24. නීතිය අන්ධයි නේ. ඒකනේ හැරෙන හැරෙන අතට අනින්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත . ඕක මටත් තියන ප්‍රශ්නයක්

      Delete
    2. ඒක නිසා වෙන්න අති හොඳට හොයලා බලලා අනින්නේ..

      Delete
  25. අනිවාර්යෙන්.. නීතියේ දෙවඟන රෙදි ගලෝගෙන...

    ReplyDelete
  26. විනිශ්චයකරු හෙවත් නඩුකාර උන්නාන්සේ අපක්ෂපාතී කියලා ශුවර් කරගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත . ඕක මටත් තියන ප්‍රශ්නයක්

      Delete
    2. "ලයි ඩිටෙක්ටර්ස්" හයි කොරන්න වෙයි වගේ...

      Delete
  27. කයිය මරු. ඇත්තට මොන එහෙකට ඇස් දෙක වහල තියෙනවද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දෙවියෝ උනත් ෂුවර් නෑ කියන එක නේ..

      Delete
  28. නිති දෙවගනත් දැන් චපලයි. විස්වාස කරන්න බෑ. :)

    ReplyDelete
    Replies
    1. දැන් නෙමෙයි.. දැන් ගොඩක් කාළෙක පටන්...

      Delete
  29. මට හිතෙන්නේ ඔය ඇස් වහල තියෙන එක තමා වරද. කනා මුට්ටි බිඳින්නා වගේ නීතිය පසිඳලන්නේ

    ReplyDelete
  30. වාසි පැත්තට හෝයියා දුහුල්පටකින් වහල ඇත්තෙ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න