ටියුෂ.....න්, ටියුෂන් //
ටියුෂන් පියෝ...
ටියුෂන් බයෝ...
කෙමෙස්ට්‍රි, ෆිස්ක්ස්,
ජීව විද්‍යා, රසයන විද්‍යා, භෞතික විද්‍යා...
ගණිත මිනිත ක්‍රම ඕන එකක් ඇත..
අහන්න අපගෙන්, මොනවද ඕනෑ..
අමරදාස සෑර් |
ඔය සින්දුව තමයි ඒ කාළේ පුංචි මාතලන්ගේ කටේම තියෙන්නේ. ඕක තියෙන්නේ "සෝමලතා සුභසිංහගේ", "විකෘති" නාට්ටියේ. මතලන්ගේ මතකය ෆුල් කචල් නේ. ඒත් මේ සිද්දිය නම් මට හොඳටම මතකයි. එතකොට මාතලන් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ අටේ පන්තියේ. පොඩි පොරක් හෙම නෙමෙයි රෝයල් කොලීජියේ ජූනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක්. ඒ කාළේ මාතලන් හෙන බ්‍රයිටා. ක්ලාස් ටීචර්, රෝයල් එකේ ඕන එකෙක් දන්න "අමරදාස සෑර්". එයා ඇල්පිටියෙද කොහෙද. උන්නැහේගෙන් වේවල් කසායත් හම්බ වෙලා තියෙනවා ඕන තරම්. අපි කොරන රජවරුන්ට නොගැලපෙන නස්කූනි වැඩ වලට, ඒවා වලින් සංග්‍රහ නොලැබුනා නම් තමයි පුදුමේ.
එතකොට ජූනියර් එකේ ලොකු සෑර් මතු බුදු වෙන්න පෙරුම් පුරපු "විජේ වීරසිංහ" සෑර්. අපිට ජූනියර් ඉස්කෝලේ ඉන්න හම්බ උනේ එක අවුරුද්දයි. ඒ අවුරුද්දෙදි තමයි, "නවරඟහල" හෝල් එකේ විකෘති නාට්ටිය පෙන්නුවේ. ඔය නාට්ටිය දකින්න කලින්, මාතලන් ආදරේ කොලේ ඔය නාට්ටියේ පෝස්ටරේට.
එදා, අද වගේ බැසියර් විතරක් ඇඳගෙන ඉන්න නෝනලයි, බෑග් එකකට මරා ගන්න සුද්දියොයි, මහා පතංගර ටෙලිවිසොනුයි හංදියක් හංදියක් ගානේ තිබුනේ නෑ. තාප්පවල හිටියේ, ගීතා, මාලනි, විජේ, ගාමිනි වගේ කස්ටිය. ඉඳලා හිටලා නාට්ටි පෝස්ටර් එකක් තිබුනා. සුභ සහ යස, මනමේ, සිංහභාහූ, කැළණි පාළම, වැනීසියේ වෙළෙන්දා වගේම, 77 බලයට පත් වෙච්චි ආන්ඩුවෙන් අළුතින් හදාපු ටවර් හෝල් එකේ පරණ නාට්ටිත් පෙන්නුවා.
පස්සේ කාළේක ඔය විකෘති නාට්ටියේ කතා කරපු ටියුෂන් කාරයන්ගේ පෝස්ටර් වලින් තාප්ප වැහිලා ගියා. ඒ කාළේ නම් නමයි පන්ති පැවැත්වෙන මඩුව තියෙන තැනයි තිබුනේ. අද කාලේ නම් ඒ සෑර්ලා අස්ටෝන් ගෙදරක යන ගමන් ගත්ත පොටෝ එකකුත් තියෙනවා. ඒක දැක්කම කෙල්ලෝ එන්නේ ඉගෙන ගන්න නෙමෙයි, සෑර්ව කොහොම හරි සැට් කොර ගන්න. ඇයි ඉතින් අන්තීමට නවතින්නේ දියවන්නාවේ පිස්සන් කොටුවේ පකයලා ඉන්න තැන නේ.
විකෘති නාට්ටියේ පෝස්ටර් එක අනෙක් නාට්ටිවල පෝස්ටරේට වඩා ගොඩක් වෙනස් උනා. ඒකේ අකුරුත් වෙනස්. එතකොට මාතලන් ආදරේ කොරන අකුරු තමයි, "ජනක රත්නායකගේ" චිත්‍රකතාවල නම් වලට තිබුනු අකුරු. ඊට පස්සේ "විනී හෙට්ටිගොඩගේ" අකුරු. කොහොම හරි නාට්ටිය බැලුවයින් පස්සේ, ඔය නාට්ටියට වගේම, නාට්ටියේ උන්නු අක්කලා දෙන්නෙක් එක්ක, මාතලන් ප්‍රේමෙන් බැඳුනා. එක්කෙනෙක් නිල්මිනි සිගේරා. අනික් කෙනා චාන්දනී සෙනෙවිරත්න. ඉතින් ප්‍රිෆෙක්ට්ලත් නිසා, නාට්ටිය ඉවර උන ගමන් නවරඟහල පිටිපස්සට දිව්වේ නිල්මිනි අක්කව බලන්න. අපරාදේ කියන්නේ, ඔය දෙන්නම ඇහුවා මොකෝ මල්ලි කට ඇරගෙන බලාගෙන ඉන්නේ කියලා. මම ගත්ත කටටම කිව්වේ ඔයාලා හරි ලස්සනයි අක්කේ කියලා.
නාට්ටියෙන් කතා කොළේ එවකට අළුතෙන් සමාජයට එක් වෙච්චි ටියුෂන් හා කාළකන්නි අධ්‍යාපන ක්‍රමය නිසා දරුවන්ට තියෙන පීඩනය ගැන. නාට්ටිය අවසානයේ, නිලිමිනි සිගේරට පිස්සු හැදෙනවා. අද මේ සමාජයට සිද්ද වෙලා තියෙන දේ, එදා සෝමලතා නෝනා කලින්ම දැක්කා. නියම කළා කාරයෙක් කියන්නේ ඒකයි. අනාගතය දකින්න පුළුවන් වීමයි.
නිල්මිනි සිගේරා |
උගතෙක් උනත් උන්ගේ සාරධර්ම කියන දේ නෑ. මනුස්සකම කියන දේ නෑ, කලාත්මක වින්දනාත්මක සිතුවිලි නෑ. මැරනකන් මහා මැරතන් රේස් එකක් දුවන පිස්සෝ රැලක්. මහා ලොක්කෙක් කරලා, අපි දිහා බලන්නෙ වත් නෑ කිය කියා, ඊට පස්සේ අඬනවා. ඒ කියන්නේ මුන් මේ පැන්ෂන් ගියාම ආතල් එකේ ඉන්න තමයි, දරුවා බඩෙන් එලියට ආපු දවසෙ ඉඳලම ට්‍රයි කරන්නේ. දෙමව්පියන් එක්ක මාර වෛරයකින් ඉන්න ඒ වගේ උන්, දැණුම් තේරුම් අරගත්ත ගමන් නිදහස සොයා ඉගිලිලා යනවා. අර වධකයන්ගේ සිහිණේ කුඩු වෙලා යනවා. දරුවන්ට සාප කරනවා. එක්කෝ උන් පිට රටවල, එහෙම නැත්නම් ගම් දොර හැර ගිහින්, පිට පලාතක. දරු සෙනෙහස කියන දේ හදවතේ තිබුනා නම් ඒ දේ වෙන්නේ නෑ.
ලයනල් ප්‍රනාන්දු |
ඇත්තටම අපේ රටේ උන්ට වඩා පිටරට සුද්දෝ ළඟ මනුස්ස කම කියන දේ තියෙනවා. මොකෝ උන්ට මිනිසත් කමට ගරු කරන්න උගන්වනවා. මානව හිමිකම් කියන දේ කියා දෙනවා. නීතීයට ගරු කරන්න කියා දෙනවා. නීතියට බිය විය යුතු බව කියා දෙනවා.
එදා බොහොම සුළුවෙන් තිබුන ටියුෂන්, අද වසංගතයක් වෙලා. ඒ මදිවට සෝමලතා මිස් ඒ කාළේ කතාකරපු ටියුෂන් මාස්ටර්ලා, අජ්ජාපනෙත් කාලා, රටත් කාලා, දැන් භාෂාවත් කන ජෝකර්ලා වෙලා. උන් කෙල්ලෝ කොල්ලෝ අල්ලා ගත්තේ පන්තිවල කුණුහබ්බ වපුරලා. ඉස්කෝලේ නැති දේවල් හොයාගෙන කොල්ලෝ කෙල්ලෝ පන්තිවලට ගියා. උන්ගේ ළෝකවල වීරයෝ උනේ පාසල් ගුරුවරු නෙමෙයි. ටියුෂන් මාසටර්ලා.
කෞෂ්‍යල්‍යා සහ අනාගතය |
එතුමියගේ අනාවැකි තම ජීවිත කාළය තුලම සිද්ද වෙනවා දැක්කාම, ඇය හදවතින් හිනා වෙන්න ඇති. එතුමිය මේ රටට කල සේවයට ඒ නාට්ටියම ඇති. එතුමියගේ මහත්තයත් බොහෝම වැදගත් රාජ්‍ය නිළදාරියෙක් වන ලයනල් ප්‍රනාන්දු. ඒ වගේම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් බිහි කරපු මේ මව තම කුසින් තවත් අග්‍රගන්‍ය කළාකාරිනියක් වන කෞශ්‍යල්‍යා ප්‍රනාන්දුත් තම මව් භූමියට පූජා කලා. දැන් ඒ දියණියට වගකීමක් තියෙනවා අම්මා කළ දෙයට වඩා යමක් මේ රටට කිරීමට.
ඔබ තුමියට සුභ ගමන්....!!!
පුළුවන්නම්, මේ පිස්සෝ ටික බලලා යන්න, ආයේත් පාරක් එන්න.
විශේෂ -
මේ වීඩියෝව දැක්කේ ළිපිය ලියලා ඉවර උනයින් පස්සේ. මාතලන් මුළු පෝස්ට් එකෙන්ම කියපු දේ බොහෝම අපූරුවට ඔප්පු වෙන වීඩියෝවක් මේක. පුදුමෙකට වගේ සෝමලතා සුභසිංහ මාතාවත් මේකේ ඉන්නවා.
mmmmmmm........
ReplyDeleteRs.2'000/= k vatinavada post eka.....
ReplyDeleteපෝස්ට් එකකට නෙමෙයි දවසට ගෙවන්නේ...
Deleteමදිනේ බං..අයිසේ මහත්තයාට කියලා වැඩිකරගනින්...!!!
Deleteඅපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමේ නිසා ඇත්තටම බිහිවෙන්නෙ පිස්සො සෙට් එකක්. අනික අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉන්න ලොක්කො ටිකත් බහුතරයක් පිස්සො. ඊට උඩින් ඉන්න අධ්‍යාපන ඇමතිලත් පිස්සො. හොඳම වැඩේ කියන්නෙ මාතෙ අයියා කීවා වගේ ඒ පිස්සුව දැන් අපේ රටේ බහුතරයක් දෙමාපියන්ටත් බෝ වෙලා. අන්තිමේට ඒකෙන් පීඩා විඳිමින් බිහිවෙන අනාගත පරපුර අන්තිම අසරණයි. ගුණධර්මයක් දන්නෙ නැති අංගවිකල පිරිසක් තමා බිහි වෙන්නෙ. මේ අධ්‍යාපන ක්‍රමය ඉක්මණින්ම වෙනස් කරන්නම ඕනෙ.
ReplyDeleteකාලෙකින් රැල්ලෙන් මිදුණු වෙනස්, හොඳ ලිපියක් කියෙව්වා. ගොඩක් වැදගත් වටිනා ලිපියක්.
සෝමලතා සුභසිංහ මහත්මියට නිවන් සුව පතනවා!!!.
ඒ අතින් උඹලා අපි හරි වාසනාවන්තයි. උඹගේ ඉතිහාස කතාවේ තිබුනේ, උඹේ දෙමව්පියන් ගැන.
Deleteමං පොඩිකාලේ කැමතිම අකුරු තමයි පාඩම් පොත්වල චිත්‍ර ඇඳපු සෝමසිරි හේරත් (?) ගේ අකුරු.
ReplyDeleteඅර, අ, අම්මා කියලා තිබුන හෝඩි පොතද මොකක්ද පොතේ තිබුනු අකුරු අදටත් මතකයි. හැබයි කාගෙද දන්නෙ නම් නෑ.
Deleteඑතකොට මාතලන් ටියුෂන් ගියේ නැතෙයි?
ReplyDeleteමා දන්නා ටියුෂන් නොගිහින් කැම්පස් ගිය අය ඉන්නේ දෙන්නයි.
මගේ බිරිඳ
මගේ මිතුරා රත්න-නායක
අපේ කාළේ වෙන කොට ටියුෂන් යෑම ට්‍රෙන්ඩ් එකක් වෙලා තිබුනා නේ. ඉතින් මාතලනුත් ගියා. ටියුෂන් ගන්න නෙමෙයි, වෙන වැඩකට. ඒත් දෙමව්පියන් නම් කිසිම බලපෑමක් නම් කළේ නෑ. ඒ කාළේ එක ක්ලාස් එකක් රුපියල් 100 ද කොහෙද, හරියට මතක නෑ. ඉකෝන් වලට ගියේ බන්දුලයා ගාවට. ඌ අපිට පිස්සු කියලා එලවලා දැම්මා. ඒ අපි ඌට පිස්සා කියලා කිව්වය කියලා. එද අපිට හිනා උන උන්, දැන් දුක් වෙනවා ඇති.
Deleteමාතො
Delete81-82 කාලේ රුපියල් 20 ගත්තේ . ඒකාලේ මාත් එක්ක ක්ලාස් ගිය එකෙක් හිටියා මට කිට්ටුවෙන් යන එකෙක් වාසගම් එකම හින්දා අයියා මලෝ පාට් දාලා පැමිලි ඩිස්කවුන්ට් ගත්තා රු30යි අපි 5 -5 බෙදාගත්තා සැන්ට් බ්‍රිජට් එක ළඟ තියන සීවලී හෝල් එකේ රාජා අල්විස් සුද්ද ගනිතෙට අපි ගියේ
අපි දෙන්නටම F 8යි
F උනාට මටමොකෝ
උඹ හරි බං සුපියල් 20 තමයි..
DeleteRespect u sir!
ReplyDeleteමාතෙට මතකද ඉංග්‍රීසි අධ්‍යාපන පත්තරයක් තිබුණා Fortune කියලා. ඒකෙ ජනක රත්නායකගෙ කැලෑ අස්සයෝ චිත්‍රකතාවත් සිංහගේ ටෝගා කතාවත් ගියා. ඔය චිත්‍රකතා ආසාවට කියවපු එක ඉංග්‍රීසි ඉගෙනගන්න අත්තිවාරම් වැටුණු තැනක්.
අධ්‍යාපය ගැන කියපු හරියනං මසුරං වටිනවා. පහේ ශිෂ්‍යත්වෙට පොඩි උන්ව රේස් දුවවන අම්මලා තමා බලන්න ලස්සන. අම්මලගෙ විභාගෙ කියලා කියන්නෙ නිකංයැ.
ඉස්කෝතුයි කිව්වා... මම නම් මේ දන්න ඉන්ගිරිසි දශමේ ඉගෙන ගත්තේ ඉන්ගිරිස් සින්දු අහලා.. ෆෝචූන් එක හොඳටම මතකයි..
Deleteඅපේ පොඩි එකාගෙ පන්තියේ දෙමව්පියන්ට මාව පේන්න බෑ. මොකෝ මම හැම තිස්සෙම කියන්නේ ඔයාලා විභාගේ ලිව්වා නම් අහකයිනේ කියලා..
අයිසෙ මමත් ටියුෂන් ගියේ නෑ (යන්න සල්ලි තිබුනෙත් නෑ).
ReplyDeleteමගෙ ලමයි දෙන්න යවන්නෙත් නෑ.
අයිසෙ මහත්තයා එළ කොල්ලෙක් නේ.. අපේ එකත් යවන්නේ නෑ.. විශේෂයෙන් දහම් පාසල්...
Deleteඅයිසෙ දම් පාසැල්නම් සති දෙකක්ම ගියා මම.
Deleteඅපෝ වැඩිත් එක්ක අයිසෙ මහත්තයෝ..
Deleteලයනල් ප්‍රනාන්දු හොඳ ගෝලයෙක් සරත්චන්ද්‍ර ගේ. මං හිතන්නේ පළවෙනි වැදි රජා ලයනල් සිංහබාහු එකේ. හරි නැත්තං නිවැරදි කරනු මැන
ReplyDeleteඋඹ හරි එයත් හොඳ නලුවෙක් තමයි...
Deleteනියමයි මාතලන්. අර සින්දුවට තමයි සටහනටත් වඩා හිත ගියේ.
ReplyDeleteසෝමලතා සුභසිංහ මහත්මියගේ වියෝව ගැන දැක්කම එකපාරට ඔළුවටbආවේ ඉන්න ඉන්න වැඩක් කරපු හැම එකාම යන්න යනවා අන්තිමට ලංකාවේ කලාව සාහිත්‍යය ගැන කතා කරන්න කෙනෙක් ඉතිරිවෙයිද කියලා.
අපෝ බය වෙන්න එපා. අළුත් සෙට් එකක් ඉන්නවා. ඒ අතරේ හොඳ උනුත් ඉන්නවා. හැබයි ඉතින් අපේ වීරයෝ මැරෙණවා.
Deleteසෝමලතා මහත්මියට සුභ ගමන්. මගෙත් ඉල්ලීම හැකිනම් ඉවරනොකරපු මෙහෙයට ආයිත් පාරක් ඇවිත් යන්න එන්න අපි අතරටම.. පෝස්ට් එකනම් දී බෙස්ට්. අද විශේෂ (for Nelumyaya) එළද බ්‍රා. මල් හතයි.
ReplyDeleteගොඩක් ඉස්කෝතුයි...
Deletehttp://nelumyaya.com/?p=2891
ReplyDeleteකොහේ මක බැවිලා ගිහිල්ලද අපහු අවේ මංගලගේ මොංගල් නඩේ ගැන්සිය ගැන කියන්න
Deleteමම මුලදී ටියුෂන් ගියේ නැහැ. මචන් මම 12MS1 එකේ හිටියේ O/L ප්‍රතිඵල වලින්. නමුත් ටියුෂන් යන අනිත් වුන් එක්ක ගේම දෙන්න ටිකක් අමාරුයි ලංකාවේ. අන්තිම අවුරුද්දේ බණ්ඩාරගේ රෝයල් ඉන්ස්ටිටියුට් එකේ රිවිෂන් ක්ලාස් එකට ඇද්ද.
ReplyDeleteමගේ ළමයි දෙන්නම මෙහෙ ශිෂ්‍යත්වේ වගේ තියෙන ග්‍රමර් කොලේජ් විභාග වලින් පාස්. නමුත් අපි මේ ප්‍රාන්තයේ හොඳම ආණ්ඩුවේ ඉස්කෝලෙට උන්ව දැම්මා. මොකද අර ග්‍රමර් ඒවා වල ලංකාවේ ඉන්දියාවේ ළමයින්ගේ තරඟය මෙහෙටත් ගෙනල්ල. අපේ එවුන් දෙමල අය තමා දරුනුවටම, සිංහල කට්ටියත් ඒ ගානටම , ඉන්දියන් , පකිස්ථාන් , චීන වුන් මේ තරඟය දැන් එංගලන්තෙටත් ගෙනල්ල. පුදුම වදයක් වෙලා තියෙන්නේ.
ඔය ආසියානු අධ්යාපන තරඟකාරීත්වය කොහොමද ඇතිවුනේ?
Deleteආර්ථිකව දියුණුවෙමින් පවතින රටවල් නිසාද? බටහිරරටවල් පොහොසත් නිසාද ඒ තරඟය අඩු?
එහෙම නැත්නම් ආසියානු කුල, දුප්පත් පොහොසත් ආදී හා සාමාජීය පරතර වැඩි නිසා අනෙකා පරයමින් සමාජයේ ඉහලට නැගීමට ඇති ආසාව හා අවශ්‍යතාවය වැඩි නිසාද?
ප්‍රා,
Deleteමාත් කල්පනා කරපු ප්‍රශ්නයක් ඕක. උඹ කියනව වගේ,
ගෞරවනීය යයි සැලකෙන සීමිත රැකියා ප්‍රමාණය ලබාගන්න විශාල පිරිසක් සිටීම නිසා තරගය ඇති වෙනව.
මේක කඩන්න තියන තැන තමයි රැකියා සුලභවීම කියන තැන. ඒක ආර්ථිකයත් එක්ක යන කාරනාවක්. ඒ වගේම වැටුප් ආදියේ විශමතාවය අඩුවුනදාට ඔය කියන සමාජ තත්වය කියන එක බිඳවැටෙනව.
බටහිරත් එක්ක සංසන්දනය කරන කොටනම් මූලිකම හේතුව වෙන්න ඕනි නිදහස් අධ්‍යාපනය ඔය රැට් රේස් එකට...ඉතාම දියුනු ආර්ථිකයන් තියෙන රටවල් වලත් අධ්‍යාපනය සෞඛ්‍ය සේවා වැනි දේවල් නොමිලේ ලැබන්නේ නැහැ අපේ රටේ වගේ..
Deleteඒත් ඉංදියාව වගේ ආසියාතික රටකත් ඔය රැට් රේස් එක ඔහොමම නැති උනත් හැම දරුවෙක්ම ඉංජෙක් ඩොකෙක් කරන්න ඕනි කියන මානසිකත්වය නම් අඩු නැතිවම තියෙන්න ප්‍රා කිව්වා වගේ ඉගෙනීම වාහනයක් කරගැනීම සමාජ තලයේ ඉහලට නැහීම සඳහා කිව්වොත් නිවැරදියි...
@ප්‍රාජේ , චෙෆාකි රාජ් අදහස් තුනටම එකඟ වෙන්න පුළුවන්. රයිගම් හන්දියේ මේ ගැන ලිපි පෙළක් පලවෙනවා. මගේ අත්දැකීම් වලිනුත් එකක් ලියන්න අදහස තිබෙනවා. ඇවිත් අදහස් දක්වන්න.
Deleteමම හැමදාම කියන්නේ ඕකනේ අජියෝ හඳට ගියත් අපේ ගෝත්‍රික ගතිය යන්නේ නෑ. හොඳ වෙලාවට අපේ උන්ට කලින් ඇමරිකන් කාරයෝ හඳට ගියේ. නැත්නම් ඇවිල්ලා කියාවි, පිරිත් කියනවා ඇහුනය කියලා. හඳේ බුදු පිළිමෙකුත් තියලා. බෝ ගහකුත් ඉන්දලා එයි. ඇයි එතකොට හඳට යනකොට ඇඹුල් තියාලුයි, හාල්මැස්සොයිත් අරගෙන යයි.
Deleteඔය ඇත්ත කියන කොට, ඔය විදියට ජීවත් වෙන සම හරක්ට මල පනිනවා.
අර අපේ සූටි බස්සි කියන්නැහේ "යකූ "මේ හල මැස්සන්ට මුකුත් කියන්න එපා. මන් ගමයත් හොරෙන් අරන් එනවා ඒකනම්. ඔකේ වැඩේ මචෝ අපි පොඩි කලේ කාපුවා තම හැම වෙලේම කන්න ආස හිතෙන්නේ. නැත්නම් මේ අවුරුදු පනහකුත් වෙලා තවම මාරි විස්කෝතු කයි යැ .
Deleteටියුෂන් ගුරුවරුන් ගෙන් මම දැක්ක උතුම් ගතිගුණ තිබ්බ පුද්ගලයා තමයි රොටරි හෝල් එකේ A/L ෆිසික්ස් ඉගැන්නුව සේනාරත්න මහතා. සිසුන් ගේ අවධානය එක එල්ලයේ රඳවාගෙන ඉගැන්වීමේ දස්කම් තිබුණ ටියුෂන් ගුරුවරයා දෙව් රුවන් අල්විස් මහතා.
ReplyDeleteමට නම් හොඳ පොල්හේනේ ජිනදාස සෑර්. එයා බොහොම පොඩියට ගෙදර කළේ. ඉන්ඩිවිජුවල් එකක් කිව්වත් අවුල් නෑ. එයා ගාවට ගියපු හැම එකාටම ගණිතයට D
Deleteමම අහලා තියෙන ධනාත්මක චින්තනය ගැන කතාවක් කියන්නම්,
ReplyDeleteඑක ශිෂ්‍යයෙක් විභාගයක් ලිව්වා අසමත් වුනා,
නැවත ලිව්වා අසමත් වුනා,
නැවත ලිව්වා ඒත් අසමත් වුනා ආයෙත් ලියන්න හදනකොට යාලුවෙක් කිව්වා ඕක අතහැරලා දාපං කියලා. ශිෂ්‍යයා කිව්වා මම අභියෝග වලින් පලායන්නෙ නෑ ධනාත්මකව හිතලා ජීවිතය ජයගන්න කෙනෙක් කියලා,
මිතුරා කිව්වා උඹට ඔය විභාගෙන් පිට දෙයක් ගැන හිතන්න ශක්තිය නෑ ඒ නිසා ඕකෙම එල්ලිලා ඉන්නවා කියලා.
හැබයි එහෙම කට්ට කාලා ගොඩ ගියපු උනුත් ඉන්නවා....
Deleteතුන් පාරක් පේල් වෙලා ආයෙ කොරන්න ගියේ ඒ ලෙවල්ද?
Deleteඋත්තරේ ඒ ලෙවල් නම්, ඌට ගොඩයාමක් නැත. :P
සෝමලතා සුභසිංහ මහත්මිය අධ්‍යාපන දුබලතා තිබූ ළමයින්ට Drama Therapy මගින් උපකාර කළා
ReplyDeleteමම දන්න තරමින්, සියල්ල කළේ නොමිළේ....
Deleteඅමරදාස සර්ගෙන් පටන් ගෙන මතක ගොඩක් අවදිකලා. මමත් ඉස්සර මාර ආසයි ජනක් ගේ විනීගේ අකුරු වලට.. වචනේ පරිසමාප්ත අර්තයෙන්ම මඩුවු තැන් වල තිබු ටියුෂන් ගැනත් මතක් උනා
ReplyDeleteමමත් ජනක රත්නායකගේ අකුරු වලට ප්‍රිය කලා විතරක් නෙවෙයි ජනකගේ අත්සනත් ඒ විදියටම ගැහුවා. තව දයා රාජපක්ෂගේ අකුරු වලත් එක්තරා ත්‍රිකෝණාකාර ගතියක් තිබුනා නේද?
Deleteඅමරදාස සෑර් එක්ක යන අනික් නම තමයි දැරණියගල සෑර්...
Delete@ ඩූඩ්
උඹ ඉතින් කොහොමත් සකල කළා වල්ලභ නේ....
අපි ටියුෂන් යන කාලේ තිබ්බේ ටියුෂන් ගුරුවරුන්ගේ වලි. ගම්පහ ඒ කාලේ ප්‍රසිද්ධම වලිය තමයි ආනන්ද කලුආරච්චි Vs කේසිරි විතානගේ. අපි සල්ලි ගෙවන කාලෙන් දවසට පැය බාගයක්වත් උන්නැහේලා අනික් උන්ට නොසෑහෙන්න බනිනවා.
ReplyDeleteඒ තමයි කලුආරච්චිගේ වසන්ත කාලය. දැන්නම් වාහනයක්වත් නැතුව බස් එකේ යන්නේ කියලයි ආරංචිය. සංසාරේ , සංසාරේ......
ඇයි එතකොට එයාල ගැන ගහන පම්පෝරිය....
Deleteනුගේගොඩ ඇල්ෆා එකේ කලුවගෙ ක්ලාස් එකක් තිබුනා. අනිත් උං හෙන පම්පෝරි කියවන නිසා මාත් ගියා බලන්න. ඒ කලුවාගේ දීප්තිමත්ම කාලෙ, 2008. සමහර උන් කලුස්ගෙ ටියුට් වලට දුම් අල්ලන සයිස් භක්තිය ඈ.
Deleteපොර පැය බාගයක් පරක්කු වෙලා ආව. ගණන් වගයක් හදන්ඩ දීලා ගියා එලියට. ආයෙ පැය බාගෙකින් ඇවිත් මැජික් වගේ උත්තර ලියාගෙන ලියාගෙන ගියා. ඊගාවට අත් දෙක පද්ද පද්දා කේසිරිට විනාඩි විස්සයි, පොත්ති මැඩම්ට විනාඩි විස්සයි සමෝසමේ බැන්න. පොත්තිට බැන්න විදියෙන් මට මල පැන්න. ඊට පස්සෙ එකටෙකක් සම්බන්ධ නැති පම්පෝරි එටෝරාසියක් අතරෙන් එහෙන් මෙහෙන් තව තියරි කෑල්ලක් කියල (පොර නෝට්ස් දෙන්නෑනෙ ඉතින්, ඒකනම් හොඳයි.) සමීකරණයක් ලියාගන්ඩ කියල පැය කාලක් කලින් පන්තිය ඇරියා.
මම ෆිසික්ස් යකාට ගියාවේ කියල ගෙදර ආව. ආයෙ ගියෙ නෑ.
අධ්‍යාපනය සම්බන්ධ විශම චක්‍රයකට සිංහල සමාජය ගොදුරු වෙලා තියෙනවා
ReplyDeleteඑක් පැත්තකින් පවුලක ලමයි වැඩිවුනාම ඔවුන්ට හොඳට උගන්වන්න බැරිවෙයි කියා සිතා අඩුවෙන් ලමයි හදනවා
අනෙක් පැත්තෙන් පවුලේ ලමයි අඩු වුනාම අනේ අපිට ඉන්නේ මේකා විතරනේ කියා ඌට දරාගන්න බැරි අධ්‍යාපන බරක් පටවනවා
අනිත් අතට මෙතනදී ඉගෙන ගන්නෙත් දැනුම ලැබීමට නෙමෙයි සල්ලි හොයන්න.
මම ලංකාව තුල පෞද්ගලික විශ්ව විද්‍යාල හදනවාට විරුද්ධත් මේකයි. පෞද්ගලික විශ්ව විද්‍යාල නිසා වෙන්නේ ලංකාවේ මධ්‍යම ආදායම් ලබන අයගේ පවුල්වල
ලමයි ගනන් 1ට බහින එක. මේ අධ්‍යාපන තරඟය නිසා ඉන්දියාවේ සහ චීනයේ වගේ මෙහෙත් ගැහැණු කලල ගබ්සා කිරීමේ සිරිතක් එන්නත් පුලුවන්.
මෙහේ හැදුවොත් අඩුම ගානේ වියදම අඩු වේවි.
Deleteඔයා කියන එක වෙන්නත් පුලුවන් ඒ වගේම එතකොට ඉල්ලුම වැඩි වෙන්නත් පුලුවන් උදිහරණයක් හැටියට
Deleteඋසස්පෙල කරන යාළුවෝ කණ්ඩායමකින් කිහිප දෙනෙක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ගියොත් ඉතිරි අයටත් ඉඩකඩම් විකුනලා හරි යන්න ඕන වෙන්න පුලුවන් ඒ වගේම පවුලේ වැඩිමල් ලමයා යැව්වොත් ඒ දෙමාපියන්ට අනිත් ලමයින්වත් යවන්න වෙනවා
හැක්. මමත් ආසම සින්දුවක් ඔය ටියුෂන් සින්දුව. ඒකෙ ලිරික්ස් ටික දාන්ටකෝ සින්දුවෝ පුලුවන්නම්.
ReplyDeleteමට මතක විදියට ඔය සින්දුවේ තියෙන්නේ එච්චරමද කොහෙද....
Deleteඇයි අර //කලාව කෙරුවොත් මලා තමා//
Delete//වාණිජවත් කෙරුවොත් හෙම ඉතින් පුතේ නම්බුවක්නෙ//
විද්‍යාවම කරන්න කියල කියන්නෙ....
ඔන්න ඔහොම සින්දු කෑලි තිබුනෙ ඕකෙ නෙමෙද? ලාවට වගේ මතකයි මං ඔව්වා කියකිය ටී.වී. එක ඉස්සරහ නටනවා.
ඔය ටියුශන් දැන් පෙර පාසලටම ඇවිල්ල
ReplyDeleteඒ කියන්නේ දරුණුම පිස්සෝ ඉන්න රටක්....
Deleteඅගනා සටහනක් මාතලන්. එතුමියගේ වියොව කම්පනයක් ඇති කලා, හතර වසරේදී මාත් එතුමිය පාසැලට නිශ්පාදනය කල, ළමා නාට්‍යයේ සිටියා. ළමා මනස තේරුම් ගත් අපූරුව කියා නිම කරන්න බැහැ. ඇය අපට සැබැවින්ම ආදරණීය ගුරුතුමියක් වුවා. ඒ ලැබූ ආභාසය නිසා දිගින් දිගටම පාසැල් නිශ්පාදන නාට්‍ය වල රඟපෑවා. වේදිකා නාට්‍යට කලාවට ඇල්මැති දරුවන් බිහි කරන්න ඈ කල මෙහෙය අනූපමේයයි.
ReplyDeleteඇත්තටම මේ නාට්ටිය පාසල් දරුවන්ට අනිවාර්ය කළ යුතු නාට්ටියක්. ඊටත් වඩා දෙමව්පියන්ට...
Deleteමට සෝමලතා සුබසිංහ කියන නම ඇහෙද්දී මතක් වෙන්නේ මෙන්න මේ "මූදු පතුල යට ඉඳලා" සිංදුව.
ReplyDeletehttps://www.youtube.com/watch?v=gW4ysS05sOc
මම පුදුම ආසයි ඕකට.
මගෙත් ප්‍රියතම නාට්ටි ගීයක්...
Deleteවිකෘති නාට්‍යය සහ සෝමලතා සුබසිංහ ගැන මට තියෙන්නෙත් ඉතාම ප්‍රසන්න මතකයක්. මේ පෝස්ට් එක ඇයට උපහාරයක් වගේම මාතලන් ලීයූ පිරිපුන් සටහනක් .
ReplyDeleteඔබ වන් කෙනෙක්ගෙන් ලැබෙන ඇගයිම බොහෝම වටිනවා...
Delete