.

.

May 9, 2015

විල්පත්තුව මෙන්ම, පක්ෂයද බේරා ගත යුතුය... - It is your duty to protect the country & the party



බොරුවට ආයුෂ අඩුය. සත්‍ය කවදා හෝ ජය ගන්නේමය. එමෙන්ම චන්ඩි කමෙන්, මදාවි කමෙන්, යුද්ධයෙන්, විසඳාගත නොහැකි ගැටළු, අර්බුධ හා ව්‍යසනයන්,  මෛත්‍රියෙන්, නිහතමානීකමෙන්, සාකච්ඡාවෙන්, අවබෝධයෙන් හා එකමුතු කමින් පහසුවෙන්ම විසඳ ගත හැකි අවස්ථාවන්ද අති අමානුෂික ත්‍රස්තවාදයන් හා සිවිල් යුද්ධයන් පවතින 21 වන සියවසේදීද පවතින බව, ළොවට පෙන්වා දුන්නේ, මෛත්‍රී පාලනයයි.

අද මුළු ළොවම මවිත වී තිබෙනුයේ, අති දරුණු එකාධිපති පාළණයක් හා රෙජිමයක්, එකදු ලේ බිදුවකුදු නොහෙලා බලයෙන් පහකිරීමට, සෝභිත හිමියන්ගෙන් ආරම්බ වී මෛත්‍රී පාලනයක් තුලින් සමත් වූ බැවිනි. පැවති රෙජිමයද අද එය තවත් ෆේස් බුක් විප්ලවයකැයි කීවද, (එදා කිව්වේ, ෆේස් බුක් තියෙන්නේ ෆන් ගන්නටෙයි කියලාය) ළෝකයා එය හඳුන්වනු ලබන්නේ "දේදුණු විප්ලවයක්" ලෙසිනි. සැබවින්ම එය දේදුණු විප්ලවයකි. එම විප්ලවය එය පුදගලයකු හෝ කන්ඩායමකගේ කැපකිරීමක් නොවේ, එකමුතුකමේ ජයග්‍රහණයක්මය. එහි දේදුන්නකටත් වඩා වර්ණ අන්තරගතව තිබුනේය.

විල්පත්තුව බේරා ගැනීම

විල්පත්තුව බේරා ගැනීමේ සටනද, එවන්ම වූ දේදුණු විප්ලවයක්ම විය. බුකියේ (Facebook) පුරවැසි මාධ්‍යවේදින් හා කණ්ඩායම් ගෙනගිය සාමකාමී ව්‍යාපාරයට, ප්‍රධාන ධාරවේ මාධ්‍යයන්ගෙන්ද ලැබුනේ විශාළ වූ පිටුබලයකි. එමෙන්ම, ජවිපේ හා සජිත් ප්‍රේමදාසයන්ද සටනට එක්විය. අවසානයේදි රජෙකුට පවා නවතා ගත් නොහැකිව තිබු විල්පත්තු වන සංහාරය අද දින සිට නවතා දමන බවට ජනාධිපති තුමා සහතික වී තිබේ.

කූරගල සටන මෙන්ම, විල්පත්තු සටනද ජයගත්තේ, චන්ඩි කමෙන්වත්, මදාවී කමෙන්වත් නොවේ. එකමුතුකමේ බලයෙනි. සෑම බලයකටම වඩා ජන බලය බලගතු බව පෙන්වමිනි. මේ සියල්ල ජනතාවගේ මෙන්ම නිහතමානි නායකයකුගේ ජයග්‍රහණයන්මය. ජාතිවාදය වපුරා, සිවුරු විසිකරමින්, බොදු බල සේනා නම් සුනඛ රැල ප්‍රමුඛ රාවණා බලය හා කාළකන්නි ජාතිවාදින්ට ලබා ගත නොහැකි වූ දේ, ඉතා සාමකාමි අයාචනා හා විරෝධතා මගින් ඉබේම ඉටු වී තිබේ.

පක්ෂය බේරා ගැනීම

එමෙන්ම, රුහුණේ කෞතුගාරයක් විවෘත කරමින් ජනාධිපති තුමා පැවැත්වූ කතාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරමාර්ථයන්ට පටහැනිව යමින්, මජර, මදාවී, පාතාල, අලුගුත්තේරු පාළණ ක්‍රමයක් නැවත ගෙන ඒමට ක්‍රියාකරන්නාවූ සියළුම කාලකන්නි දේශපාළුවන්ට දෙන ලද, තද බල කනේ පහරකි. එමෙන්ම සියල්ලන්ටම පෙර මහා බෞද්ධයෙකු බව ළොවට පෙන්වීම සඳහා, අභිනව අස්ගිරි මහා නාහිමියන් වැඳ නමස්කාර කිරීමට ගොස් හිටපු නායකයා උන්වහන්සේගෙන් ලබා ගත්තේද, තද බල කනේ පහරක්මය.

සජිත් ප්‍රේමදාස හා මහින්ද අමරවීර එකට අසුන්ගෙන සිටිනු දැකීම තම සිතට ප්‍රීතිය ගෙන දෙන්නක් බවත්, අනාගතයේද පිහිටවනු ලබන්නේ එවන්ම වූ ආන්ඩුවක් බවත්, තමන්ට අවශ්‍ය වන්නේ පක්ෂ හා පුද්ගල චරිත ගොඩනැගීම නොව රට ගොඩනැගීම බවත් ජනපති තුමා එහිදි පවසා සිටියේය. මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිබඳව එජාපය තුල මෙන්ම, එතුමා පත්කල බලවේග හා මහජනතාව අතර තිබු සැකය, කුකුස, මෙන්ම අන්විස්වාසබල් බව දුරු කිරීමට සමත් වූයේ, හිටපු ජනපති හා දියවන්නා ඔය මැද පැවති සාකච්ඡාවයි.. එම නිසා එම සාකච්ඡාව ඉල්ලා සිටි සියල්ලන්ටම අපගේ හදපිරි ප්‍රණාමය පුද කරණු ලබන්නේය.

දේශපාළණ වශයෙන් අනාථවූ පිරිසක් විසින්, රාජපක්ෂ මාෆියාවේ පූර්ණ අනුග්‍රහයෙන්, අභයාරාමය නම් අපායේ සිට මෙහෙයවනු ලබන, යුධ ජයග්‍රහණයෙන් පසු ආතක් පාතක් නැතිව මේ රටේ ධනය සූරා කෑ නීල කාස හොරුන් පිරිසක් රැක ගැනීම සඳහා පවත්වනු ලබන රැස්වීම් වලට සහභාගී වන පිරිස ගැන කළබල විය යුතු නැතත්, එම පිරිස අතර සිටිනා කිසිඳු චෝදනාවක් නොමැති පිරිස බේරා ගැනීම පක්ෂයේ සභාපති වශයෙන් මෛත්‍රිපාල මහතාගේ යුතුකමකි.

බහුතරය තම හොරකම් දිගටම කරගෙන යාමට නොහැකි හේතුවෙන් මේ රජය හා ජනපති විනාශ කිරීම (ඝාතනය තුලින් වුවද කම් නැත. අඟුණුකොලපැලැස්සේ වතුර බෝතලය මෙන්ම, ජී ඇල් පීරිස් ගෙනා සංශෝධනය ගැන බොහෝ සෙයින් සැක සංකා ඇති කර ගත යුතුමය.) මගින් හෝ නැවත බලය ලබා ගැනීමට මාන බලනා පිරිස බහුතරයක් වුවද, බලය නොමැති කමින් අන්ත අසරනව, නීල කාස මාෆියාව පසු පස වැටුනු අතලොස්සක් වූ නෝන්ජල් පිරිසක්ද වෙති. මොවුන් 55 ම ග්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගොස් වෙනත් පක්ෂයක් තුලින් පාර්ලිමේන්තුවට පත් වෙන්නට තැත් කිරිම විහිළුවකි. එසේ ඉදිරිපත් වුවහොත් මේ පිරිසෙන් 50% කටම, කිසි සේත්ම තේරි පත්වෙන්නට සිඳු වෙන්නේ නැත.

එමෙන්ම, ඒමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේදි යම්කිසි පසුබැඑමකට ලක් වූවද, එය පක්ෂයක් වශයෙන් ලබනා විශාල ජයග්‍රහණයකි. මන්ද එසේ කඩාගෙන යාම තුලින්, පක්ෂය කිසිඳු වියදමකින් තොරවම පිරිසිඳු කරගත හැකි වන අතර, පක්ෂය හැර යන්නන්ට ආතක් පාතක් නැතිව යන බැවිනි. එසේ කඩා ගෙන යන පිරිසෙන් කීප දෙනෙක් පාර්ලිමේන්තුවට පත් වූවද, ඔවුන් අනගතයේ දේශපළණ අනාතයන් වනු නියතය.

මහින්ද මහතා වෙනම පක්ෂයක් තුලින් පාර්ලිමේන්තුවට පත් වූයේ යැයි අපි මොකොතකට සිතමු. එහෙත් ඔහුට ආන්ඩුවක් පියුටුවීමේ බලයක් කිසි සේත්ම ලැබෙන්නේ නැත. එසේ බලයක් නොමැතිව සිටිනා පක්ෂයක්, බංකොලොත් හා බුන්වත් භාවයට පත් වනවා විනා, කිසිදින දේශපාළණය තුල ජයග්‍රහණයන් හිමි කර ගන්නේ නැත. එයට උදාහරණ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුලම අනන්තවත් ඇත. චන්ද්‍රිකා පවා අවසානයේ නැවතුනේ නැවතත් පක්ෂය තුලමය.

මෙම පිරිස ඉවත්වීම හෝ ඉවත්කිරීම මගින් පක්ෂයේ පරමාර්ථයන් හා අපේක්ෂාවන් පිළිබඳ නැවුම් හැගුම් ඇතිකර ගත හැකිවාක් මෙන්ම, අද ප්‍රාදේශීය දේශපාළණය තුල පවා ව්‍යසනයක්ව පවතින, දරුණු පාතල නායකයන්, මදාවියන්, නීල කාස හොරුන්, එතනෝල් කාරයන්, කුඩු කාරයන්, කසිප්පු කාරයන්, කප්පම්කරුවන්ගෙන් පිරි මාෆියාවක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අනාගතයේ හෝ පිරිසිඳු පක්ෂයක් බවට පත් වනවා ඒකාන්තය.

එසේ කිරීමට සමත් වෙතොත්, දේශපාළණයෙන් විශ්‍රාම යන/යවන දිනෙක, මේ රට පමණක් නොව, පක්ෂයද දරුණු මදාවීයන් පිරිසකගෙන් බේරාගත් නයකයකු ලෙස ඉතිහාස ගත වීමට නම්, මැයි දිනයේ කීවාක් මෙන්, කිසිවකුගේ පදයකට නටනා නායකයකු නොවි, අත රැඳි විධායකයද උපයෝගි කර ගනිමින්, මේ රටේ සියළු ජනතාවට සාමය උදා කල ශ්‍රේෂ්ඨ නායකයකු ලෙස ප්‍රීතියෙන් විශ්‍රාම ලැබීමට වරම් ලැබෙනවා ඇත.

73 comments:

  1. නැවතත් අපේ මේ අල්ට්‍රා මොඩර්න් පුරවැසි මාධ්‍යය ජයගෙන ඇත. යේ....
    ඔය මදාවි කියන වචනෙ ඔච්චර යොදන්න එපා මචෝ. මේ අහක ඉන්න මාවනෙ බයිට් වෙන්නෙ... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ෂොරු වෙන්ඩ ඕනෑ...

      Delete
    2. විරුවාණෙනි,
      නෙතු කඳුලක් හීනියට
      මගෙ දෑසේ නොදැනීම ....
      විරු පුතෙක් වීය උඹ
      රැකගන්න දිනූ බිම.......
      සම් මස් ලේද ඇට නහර
      පිදූ උඹ දිනු බිමට......
      දොහොත් මුදුනත
      තබා වඳිනෙමි .......
      පන්සාලිස් වතාවක්
      පෙරුම් නොපිරුවද
      බුදු බවට වරම් ඇත.....
      උඹ නමින් නෙක ස්මාරක
      බිලි දුන් අයද උඹෙ ජීවිත
      සුදු පිරුවටින් සැරසි
      බිලි දෙයි උඹෙ ආත්මයද
      දිවි පිදූ රට
      සුණු විසිණු කරමින්
      බෙදා දෙයි හරියට
      මෙරට උන්ගෙ අම්මගෙ අප්පගෙ
      උපතින් ආ බූදලයක් වගෙම
      අනේ නෙත් වසා කන්වසා
      කෙළෙස සිටිමුද මෙලෙස?
      තිස් වසරක් බිලිවී
      රැකගත් ලක් අම්මා
      පෑනකින් බෙදන කල?
      +Maathalan - Priyantha Hewage

      Delete
    3. මාතලන් ගිය ආත්මේ ලියපු එකක් වෙන්න ඇති..

      Delete
    4. // විරු පුතෙක් වීය උඹ
      රැකගන්න දිනූ බිම.......
      සම් මස් ලේද ඇට නහර
      පිදූ උඹ දිනු බිමට......
      දොහොත් මුදුනත
      තබා වඳිනෙමි .......
      පන්සාලිස් වතාවක්
      පෙරුම් නොපිරුවද
      බුදු බවට වරම් ඇත.....//

      ලංකාවේ යුද්දෙට ගොහින් තියෙන්නේ අරුම පුදුම සොල්ජර්සලා වගයක්නේ, එයාල කාටවත් වෙඩි තියලම නෑ වගේ, බුලට් එනකොට හිටගෙන ඉඳලා, කොටින්ගේ බුලට ඉවරවුන නිසා වෙන්න ඇති උන් පැරදුනේ.
      එහෙව් කැපවීමක් කල බටයෝ අනිවාර්යයෙන්ම බුදුවෙන්න සුදුසුයි, මම මේක ලිව්වේ ප්‍රාණ ගාතන කරලා තියන යට බුදුවෙන්න බෑ කියන මතය මෙතනට අදාල නැති බව පෙන්වන්නයි.

      Delete
    5. Priyanthi indala indala mathalanta deepu kane para dakkama wili lajjawe thanthose baruwaa........

      Delete
  2. Mr.Maathalan. Mata nam uba eththatama porak wagema buwek. Liwilla supiriy. Anila mage kisima aagam ajiranayak muslim ewun pennanna beri kamak nethi unath, buddhist pawulakata ipaduna mata BBS Raawana nisa mama den abawuddayek. Wilpaththuwa genath mata awulak ne. Eth chandi kamen nethiwa onama deyak wisanda gannawanam mama ethanata ok kiyanawa. Anika lankawe TV radio news ahannema ne. Okkoma denaganne Mr.Maathalange blog eken saha wetena comment walin. Thank you wewa. Jaya sri..

    ReplyDelete
    Replies
    1. ටික්කො පල්ලෙහා තියන ගූගල් මලදානේ යුස් කරලා ටයිප් කරපන්
      ගූගල් මලදානේ

      Delete
    2. අම්මට සීරි. එලම කිරි බොස්..!! රොම්බ තැන්ක්ස් කිව්වා ලොක්කා.. දෙන්නම් කොමෙන්ට්. හා හා.. ෆුල් ආතල්..

      Delete
    3. ඉතින් ටික්කො දැන් කඩේ පල මල්ල නැතිව

      Delete
    4. ඔන්න එහෙනම් මම කඩේ යනවා..

      Delete
    5. අම්මට හුඩු ටික්කට හින්ගල අහු වෙලා.. දැන් ඉතින් හෝල් සේල් කඩේ යන එකයි තියෙන්නේ...

      Delete
    6. ඔව් ඔව් මාතලන් බොස්.. මම මේ ෂොපින් කරන ගමන් ඉන්නේ.. බොස් ට මොනවත් ඕනද? ආයේ ලොස් නෑ. කොමෙන්ට් හෝල් සේල් ..

      Delete
  3. අයිසෙ මාතලන්, මේ "නීලකාස හොරු" කියන වචනෙ මම තමුසෙගෙ ලිපිවල හැර වෙන කොහෙවත්ම දැකල නෑ නොවැ.

    ReplyDelete
    Replies
    1. ඔයි ලමාතන් ,
      අයිසේ ලමාතන් කියනවාවගේ නිලකාස කියනවා වගේම නිලාකසා කිව්වත් නැගලා යයි නේද

      Delete
    2. ඇයි ලංකා ඊ නිවුස් බලන්නේ නැතෙයි?

      Delete
    3. ඒ කියන්නෙ ඊ නිවුස් කරන්නෙ මාතලන්ලද හිටං

      Delete
    4. මාත් ඕක ඇහිඳ ගත්ත එකක් බං... "සම හරක්" කියන එකෙයි, "අම්මට සිරි ලංකාව" කියන එකෙයි පේටන්ට් එක නම් මගේ....

      Delete
    5. සම හරක් කියන එක ඔයාගේ? අනේ පව්! මේ ලංකාවෙ ඉන්න කී දෙනෙක් කොයි කලක පටන් ඕක විහිලුවට කියනවද?

      Delete
  4. අන්න පැරා රෙද්ද ගලෝලා හැමෝගෙම.බලන්න.

    ReplyDelete
    Replies
    1. පැරා රෙදි අඳින්නේ නෑ නේද....?

      Delete
    2. අය්යු පැරාට මක්ක වෙලාද? දවස් කීපයක් තිස්සේ ආගිය අතක් නෑ .අර අචාරියව කොපි කරලා කුරුණෑගල මීටීම බලන්න ගිය වත්දෝ, කවුරු හරි වෝර්ඩ් සර්ච් පාරක් දාල බලන්න.

      Delete
  5. අර එලෝ විකාරෙන් පොලෝ අතගාන, මනෝ විකාරෙන් වටේ යන, 'කාලය' බොගේ කියනවා, කුරුණෑගල රැලිය නිසා දැන් ශ්‍රීලනිප බහුතරය ඒ පැත්තෙලු. ඒ කියන්නේ හොරු බහුතරය දැන් කොහෙද ඉන්නේ කියලා පැහැදිලිව පෙනෙනවා.

    හෙට අනිද්දා හොඳම කම්බ හොරු කීපදෙනෙක් ඇතුළට යනවා. දැන් පරීක්ෂණ අවසන්වේගන එනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි දැක්කේ නැතෙයි නාථ දෙයියොත් රැස්වීමට වඩිනවා.....

      Delete
  6. වනය රැක ගැනීම වෙනුවෙන් හඬක් නැගීම සමගම පුරාවස්තු බේරාගැනීම වෙනුවෙන් ද අවධානය යොමු වේවා.

    ReplyDelete
    Replies
    1. ඒ වෙනුවෙන් පහුගිය දා කුරුණෑගල රැස්වීමක් තිබ්බා, සහාභාගී වුනේ නැතෙයි.

      Delete
    2. සිරිසේන ලොක්කා පුතා රට පැටෙව්වේ කලින්ම ඔය හේතු නිසාම වෙන්න ඇති...

      Delete
    3. // ඒ වෙනුවෙන් පහුගිය දා කුරුණෑගල රැස්වීමක් තිබ්බා, සහාභාගී වුනේ නැතෙයි//

      ගූ ගොඩවල් වලට පුරාවස්තු කීම ගැන තදබල විරෝධය!

      Delete
  7. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්......බලා සිටිමු මචෝ.................

    ReplyDelete
    Replies
    1. බලා ගෙනම ඉඳලා හරියන්නෙත් නෑ නේ මචෝ.. මොකෝ ප්‍රතිවිප්ලවය නැගලා යනවනේ...

      Delete
  8. ජන බලයට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු... මූනත්තහඩුව චෙන්ජ් කොරලා...

      Delete
  9. හම්මා... හරිම විප්ලවීය රචනාවක්.... හලි චෝයි මෙයා...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව දැං බය නැතිව ලියන්න නං පුළුවන්.

      Delete
    2. http://island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=124443

      Delete
    3. ඕක මොකක්ද සා රසෝ.. ප්‍රභාකරන් මැරුණ තැන බලන්නත් හෝ ගාලා සෙනග යන්නේ...

      පොඩ්ඩක් කස්ටිය එක්ක වටවෙලා බලු බෙට්ටක් දිහා බලාගෙන ඉඳපන්කෝ, ඔක්කොම ගමන් නවත්තලා කස්ටිය එන්නේ.. අපි නම් පොඩි කාලේ ඒ වගේ වැඩත් කරලා තියෙනවා..

      Delete
    4. //පොඩ්ඩක් කස්ටිය එක්ක වටවෙලා බලු බෙට්ටක් දිහා බලාගෙන ඉඳපන්කෝ, ඔක්කොම ගමන් නවත්තලා කස්ටිය එන්නේ.. අපි නම් පොඩි කාලේ ඒ වගේ වැඩත් කරලා තියෙනවා.. //

      සින්හල බොග් අවකාසේ ඉන්නා බත් කන හරක් සමග ඔබ තුමා දැනුත් වටවෙලා බලා සිටින්නේ එවැනිම බලු බෙට්ටක් දිහා බව අපි නම් දනිමු....

      එම බත් කන හරක් අනාදිමත් කාලයක් වැඩි වැඩියෙන් රැවටීමට ඔබ තුමා ට ශක්තිය දහිරිය ලැබේවා!!

      Delete
    5. අපි නම් බත් කන හරක් නිසා අවුලක් නෑ.. ඒත් ඉතින් උඹලා පුනක්කුම කන ඔරිජිනල් හරක් වෙච්චි...

      Delete
  10. සාමකාමීව ප්‍රශ්න විසඳාගැනීම අමතක කරලනෙ තිබුනෙ. දැන් දැන් හොඳ තත්තෙකට එන බව පේනව.

    ReplyDelete
    Replies
    1. වැඩේ ඔය තරමින් හරි නවත්ත ගත්ත එක හොඳටම හොඳයි.. නැත්නම් මූ ඕක අරාබි කොලනියක් කරනවා...

      Delete
  11. රනිල් පුකේ ඇස්ට්‍රා ගාල පදිත් දෙනකොට මෙහෙම දේවල් නොලියා කොහොමද නේද බං

    ReplyDelete
  12. //කැඩපත් පවුර.....

    මොනව හරි කුරුටු ගාලා යන්න//

    තෝ නං කියයි, ඕකේ කුටුගලා ලගින්න වෙන්නේ අපිටමනේ.

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑව මාත් ඇතුලට යන වැඩක් ඒක නං...

      Delete
  13. ඉස්සර මිනිස්සු බුකියෙන් කෑගහනවා තියා කොච්චර උද්ගෝෂණ කලත් කිසි වැඩක් උනේ නෑ.. අහල පහල ගමක් වෙච්ච රතුපස්වල වෙච්ච වැඩේ ඇස් දෙකෙන්ම දැකපු එකෙක් හැටියට කලින් තිබ්බ රජ පාලනේ මිනිස්සුන්ට කොහොමද සැළකුවේ කියල හැමෝම තේරුම් ගන්න ඕන. වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බා. අද මහින්ද ඕන කියල පාර්ලිමේන්තු පාපිස්සේ බුදියන එවුං එකෙක් ආවේ නෑ රතුපස්වල එවුං උන්නද මළාද බලන්න. මැරවින් විතරයි ආවෙ. ඒ ආවෙත් ධම්මික පෙරේරගේ ෆැක්ටරියේ කන්ටේනර් ටිකක් එලියට ගන්න පුලුවන්ද බලන්න මිසක් මිනිස්සු ගැන බලන්න නෙවෙයි. දැන් රිමාන්ඩ් වෙලා ඉස්පිරිතාලෙ ඉන්න ඉස්සර ගම්පහ යුවරජතුමා තමන්ගෙ ප්‍රදෙශේ වෙන වැඩේ ගැන බලන්න ඇහැක් ඇරියෙ නෑ. අහල පහල ඉන්න පෙරමුණේ එක මන්තිරියෙක් ඔතෙන්ට විහිලුවට වත් ආවේ නෑ. අන්තිමට වතුර ඉල්ලපු මිනිස්සුන්ට බල්ලන්ට වගේ වෙඩි තිබ්බ. ඔය මගේ පුද්ගලික අහපු දැකපු අත්දැකීම්. ඒ වගේ දේවල් සිය දහස් වතාවක් වෙන්නැති ඔය මහා එකාගෙ කාලේ.
    අද මිනිස්සු ෆුල්ෆෙස් වලට බුකියෙ විරුද්ධ වෙනකොට ඒ දේවල් වලට ආණ්ඩුව ඇහුම්කන් දෙනවා, සල්ලි ගෙවපු හයිබ්‍රිඩ් වාහන වලට විරෝධතාවයක් ආවම ඒ ගානටම ගෙන්නන්න දුන්න. කූරගල විරෝධය එනකොට ඒක නැවතුනා, විල්පත්තුව ඉල්ලලා උද්ගෝෂණ කරන්න හදනකොට එකට පියවර ගන්නවා, මිනිස්සුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ ලැබිල තියනවා. කරුමෙ කියන්නෙ අපේ කාලකන්ණි තාමත් අර කලින් තිබ්බ රාජාණ්ඩු යුගයට යන්න දඟලනවා. පවට කොහොමද පින දෙන්නෙ. මුන්ගේත් "ඔක්කොම මරු" කියනවා නෙවෙයි. ඒත් කලින් තිබ්බ කාලකන්ණි ක්‍රමේට වැඩිය දහස් වතාවක් හොඳයි ..

    ReplyDelete
    Replies
    1. එතන මහළොකු පිරිසක් නෑ සජ්ජෝ.. කළබල වෙන්න නරකයි.. මිනිස්සුත් එක්ක කතා බහ කලාම ඒක තේරෙනවා, බොහොම පැහැදිලිව.. ඊළඟ මැතිවරණයෙදි එයාලා ඉල්ලගෙන කනවා.. ආන්ඩු පිහිටුවිලි බොරු..

      ඒත් ආපු ඉස්පීඩ් එකට හුළං නැටුවත් බස් එක තාම දුවනවා රිම් එකෙන්...

      කොච්චර තටම තටම මහ සද්දෙට පඩ ඇරියත්, බෙට්ට නම් එන්නේ නෑ සංසාරෙදි.. අර්ෂශ් කාරයෝ වගේ තමයි...

      Delete
    2. මේ ලඟකදී රූපවාහිනියෙ ප්‍රවෘත්තිවල මහින්ද කල්ලියෙ සෙට් එකක් ආණ්ඩුවට පලු යන්න බණිනවා බලාගෙන ඉඳපු අපේ අම්ම අහනවා " මොකද මේ මේකෙ මුන්ගේ එව්ව දාන්නෙ?" කියල. මිනිස්සු පුරුදු වෙලා හිටියේ ඒ විදිහ. ආණ්ඩුවේ එව්ව මිසක් අනිත් උන්ගේ වචනයක් ඔව්ව වල දැම්මෙ නෑ ඒ කාලෙ. තාමත් ඒ නිදහස මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ. තිස්ස අත්තනායකට පක්ෂෙන් කල වැඩේ නරකයි කියල තීන්දුවක් දෙනකොට මිනිස්සුන්ට පුදුමයි. අන්තිම වෙලාවේ පක්ෂේ දාල ගිය, පාවල දුන්න එකාටත් පක්ෂේ තැනක් ලැබෙන තත්වෙට ප්‍රජාතන්ත්‍රවාදය ඇවිල්ල. ඒවා මිනිස්සුන්ට අදහගන්න බෑ. මහින්දගේ කාලේ ඕක උනා නං තිස්ස කූඩුවෙ.
      හොරු අල්ලගෙන යනකොට බන්ධනාගාර බස් එක වටේ උද්ගෝෂණය කරන්න නිදහසක් දැන් තියනවා. මහින්දගේ කාලෙ ඔය වැඩේ උනා නම් ජෝස්න්ටන් යන බස් එක වටේ එල්ලෙන්න එක බල්ලෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ. මිනිස්සුන්ගෙ ඔළු වල සිතිවිලි වලටත් විලංගු දාල තිබ්බ කාලෙ ඉවරයි කියන එක තාමත් මිනිස්සුන්ට තේරිලා නෑ.. බලාගෙන ඉමු.

      Delete
    3. මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ එකාධිපතිවාදය. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක දැක්කම කස්ටියම හොල්මන්..

      අර ජොනියගේ බස් එකේ එල්ලිච්ච උන් වැලිකඩටම යයි කියලා හිතුවට. මල ගෙවල් වල මාවත් අරගෙන පලෝ කියලා බෙරිහන් දීලා, පෙට්ටිය වලට දාලා පස් අහුරක් දාන්න වල අයිනට යන්න බය උන් වගේම සෙට් එකක් උනුත්..

      Delete
  14. අර විල්පත්තු විනාසේ ඔප්පු කොරල පෙන්නන්න කියලා බදියුදියා කිව්වානේ.... මම මේ බලා ඉන්නෙ එතකං.... මූ මොකක් හරි ගැටයක් ගහයිද?

    ReplyDelete
    Replies
    1. මොන ගැට ගැහුවත් වැඩක් නෑ නේ මලේ... මීට පස්සේ වනාන්තර එලි පෙහෙලි කිරිම් සුම්මා.. එයත් පට්ට කොලනි ගේම් එකක් ගෙනිච්චේ...

      Delete
  15. ප්පුකරලා පෙන්නන කියලා බදියුදියා කියන්නෙ ඒක ඌ ජාතිවාදයට පටලවන්නයි. මේ වැඩේට නානසාරුලා ගාවගන්න නරකයි.ගිය ආන්ඩුව කාලෙත් මුම තමයි ඔය පැත්තෙ කැලේ විනාස කලේ.කොහොම උනත් මේක ජාතිවාදයට ගැටගහන්න අපේ මානවවාදී මාද්යා කරුවෙක් හීනියට වැඩ.මේටිකේ පේන්නත්නෑ.එයා මානව විතරයි හිතවාදී.වෘක්ශ හිතවාදී නෑ.

    ReplyDelete
    Replies
    1. මෙතන කිසිම ජාතිවාදයක් ඇවිලුනේ නෑ.. ඒ ගේම් ගැහුවේ ජාතිවාදී ගෝත්‍රිකයෝ...

      Delete
  16. මෙහෙමයි මාතා...................

    සමහරු ඉන්නවා පලා බෙදුවාම තේරුම් අරං යන අය..... විජේතුංග මහත්තයා ඒ් වගේ... සමහරු ඉන්නවා පලයං කිව්වා ම යන අය... චන්ද්‍රිකා ඒ වගේ... ඒත් සමහරු ඉන්නවා ගහලා පැන්නුවත් නොයන උන්.... අර ගෙවල් අස්සේ ඉන්න ගෙම්බෝ ඒහෙමනේ..... අමාරුවෙන් අල්ලලා ඒලියට විසි කරත් බිමට වැටෙන්නේ ගේ පැත්ත බලාගෙන කියලා ඉස්සර අාච්චි කියනවා මට මතකයි.... ඒ ගෙම්බෝ අායෙම ගේ පැත්තට පනිද්දි හැතැප්මක් විතර විසි වෙන්න පයින් ගහන්නම වෙනවා

    ReplyDelete
    Replies
    1. හැතැම්ප ගානක් විසි වෙන්න ගහලත් මුන් ගෙට රිංගනම නේ දඟලන්නේ අප්පා...

      Delete
  17. දැන් ඉතින් යූ ඇන්පියට මුස්ලිම් සහය ලැබෙන්නේ නෑ ඒ කියන්නේ ඉදිරි චන්දෙදී මහින්ද දිනනවා.
    හඃ හඃ හා

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීපාල යූ ඇන් පී.... හුක්කි හූ.......................... හු......................

      Delete
  18. kalayak eli karapuwahama mokadda thiyana waradda. Maathalan thama gothrikayi.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි බලාගෙන ගියාම.. තව වන සත්තු ටිකක් එකතු වෙනවා විතරයි ගෝත්‍රිකයෝ ගොඩට... ඉන්න කෑළෑ සත්තු ටික මදිවට...

      Delete
  19. අන්න මාතලන් මම මෙතනදි පිලිගන්නවා අර හෙඩිමෙ උඩම ගහලා තියෙන දේශප්‍රේමී ලේබලය හරි කියලා. මඟේ අවංක මෙව්වා එක මේ ගැන පොඩ්ඩක් හරි ඉඩක් වෙන් කරාට. මේක ජාතිවාදය නෙවේ මෙතන තියෙන්නෙ අපේ අනාගත පරපුරට ජීවත්වෙන්ට රටක් සඳහා කතාකිරීම.

    ReplyDelete
    Replies
    1. අනාගත පරපුර නම් මෙහේ ඉන්න එකක් නෑ මයිග්‍රේට් කරන විදියට.. කොටින්ම මමත් එකසිය ගානට ට්‍රයි කොහේට හරි දිරා මාරු වෙන්න...

      Delete
  20. මේ ආණ්ඩුව බටහිර ගැති ආණ්ඩුවක්
    බටහිර බලවේග මුස්ලිම් අන්තවාදයට විරුද්ධයි.
    ඒ වගේම දෙමළ ජාතිවාදයට පක්ෂයි.
    (සිංහල ක්‍රිස්තියානි කාරයන්ගෙ චර්යාවත් මේ වගේමයි.)
    මේ ආණ්ඩුවේ හැසිරීමත් ඊට සමාන්තර එකක්.
    එනම් ආණ්ඩුව දෙමළ ජාතිවාදයට කප්පම් දෙන අතරම
    සමහර වෙලාවට මුස්ලිම් අන්තවාදයට එරෙහි වෙනවා.
    ඒ නිසා මේක ගැන ඕනෑවට වඩා පැහැදෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔයා බයවෙලා මෙයා.. මහින්ද වගේම... එහෙම එකක් නෑ.. මුන් මහින්දට වඩ මේ රටට ආදරෙයි.. කොල්ලකෑමට නොවේ.. රට නගා සිටුවීමට..

      Delete
    2. // මේ ආණ්ඩුව බටහිර ගැති ආණ්ඩුවක්
      බටහිර බලවේග මුස්ලිම් අන්තවාදයට විරුද්ධයි.
      ඒ වගේම දෙමළ ජාතිවාදයට පක්ෂයි.
      (සිංහල ක්‍රිස්තියානි කාරයන්ගෙ චර්යාවත් මේ වගේමයි.)//
      මම මේ අතගාල බැලුවෙ එහෙම ස්විච් එකක් තියනවද කියල ඒක ඕෆ් කරගන්න. පස්සෙ මීටර් උනේ මේ ක්‍රිස්තියානි කාරයන්ගෙ අවුලක්. කතෝලිකයන්ට අදාල නෑ.

      Delete
  21. මේ රට ආපස්සට යනව කියල මාතලන්ට තේරුම්ගන්න ගන්න බැරිද ? උද්ගෝශණ සම්බන්දයෙන් ක්‍රියාකිරීමේදී මේ රටේ කොච්චර ලස්සනට ප්‍රොපෙශනල් විදිහට තිබුනද ? විල්පත්තුව වෙනුවෙන් උද්ගෝශනය කරන එවුන්ට T56 බුලට් පාරක් දීල, කදුළු ගෑස් ගහල ,කැමරා කුඩු කරල, ඇන්ටි උද්ගෝසන සෙට් එකක් එවල පොලු පාරවල් ටිකක් දීල මේ ක්‍රමය තවත් දියුණු කරනව මිසක්, මොනාද මේ කරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. අම්මපා සහතික ඇත්ත... රිෂාඩ් බද්යුදීන් හිතුවේ උගේ ජාවාරම දිගටම කර ගෙන යන්න.. ඌ රාජ්‍ය නිළධාරීන් ඔක්කෝම අල්ලගෙන උන්නේ.. දැන් බලන්න ඕන නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවද කියලා හොඳ පසු විපරමකින් ඉන්න එක. මොකෝ ඒවයේ ඉන්නෙත් නීල කාස හොර මාෆියාවේ සෙට් එකමයි...

      Delete
  22. අපිට ඕනෙ තව ටිකක් සැර මෛත්‍රී පාලනයක්. සැර අඩුයි කියල තේරුණාම රජා නැතුව පාළුයි කියන රාජාණ්ඩු දාසයෝ කණෙන් රිංගන්න හදව නේද?

    ReplyDelete
    Replies
    1. මෙයා ඇවිල්ලා හීන් නූල් කාරයා.. දැනෙන්නේ නැති වෙන්න ගේම දෙන්නේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න