.

.

Jan 22, 2017

විධායකය පීචං කරණා මහ ඇමති හාල්පාරුවෝ



තමන් සිහිණෙන් වත් නොසිතු සැප සම්පත් තාන්න මාන්න ආදිය එක වර කඩා පාත් වූ විට ඒවා රැක ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවනා බවත්, ඒවා පවත්වාගෙන යාම හා කළමාණාකරනයද ලෙහෙසි පහසු කටයුත්තක් නොවනා බවත් පෙන්වා දීමට ඈත අතීතයේ සිටම ඕනෑ තරම් උදාහරණයන් මේ අම්මට සිරි ලංකාවෙම තියෙනවාය. එක පාරටම ප්‍රකෝටිපතියන් වී, නැවතත් මහපාරට වැටුන උන් ජීවමානව දකින්න ඕනෑම නම්, කරන්නට තියෙන්නේ උදෑසනම රත්නපුරේ ඔරලෝසු කණුව අවට පොඩි රවුමක් ගහනා එකය.

2004 රනිල් වික්‍රමසිංහයන් කන්නේද, 2015 මහින්ද රාජපක්ෂ කන්නේද එවැනිම පරිප්පුය. නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් වී නොබෙල් සම්මාණය සමඟ ලැබෙනා මහා මුදල් කන්දරාවද හිමි කරගෙන, ලොකයේ ශ්‍රේෂ්ඨ නායකයෙක් වීමට තිබූ අවස්ථාව මග හැර, බල තන්හාවෙන් හා මුදල් තන්හාවෙන් කෙල පැමිණි සහෝදරයන් හා දරුවන් හේතුවෙන් පනසල් ගානේ බඩ ගානා විහිළුවක් බවට පත්ව ඇත්තේ, දුර දිග නොබලා කටයුතු කිරීමේ හේතුවෙන්ම නිසාවෙන් මිසක වෙන කිසිඳු හේතුවක් නිසා නොවේය.

රනිල් වික්‍රමසිංහ 2004 කන්නේද එවැනිම පරිප්පුවක්ය. අමාරුවෙන් ලබා ගත් ජනවරමින් හිස උදුම්මවා ගන්නා පිස්සු වැටුනු අලි ගාල, තම සීමාව නොදැන වැට කඩුළු කඩාගෙන පිස්සු කෙලීමට ගොස් ඉල්ලාගෙන කෑවේද, අපේ ජීවත කාළය තුලමය. ඒවා එසේ වුවද, තම වාසනාවල ලැබෙනා දේ සදාකල් පවත්වාගෙන යන්නන් ගැන උදාහරණයන් අවශ්‍යම නම්, එවන් උදාහරණයන් අත්තේද දේශපාලන මඩහොහොරුවේමය. චන්ද්‍රිකා ඉන්නා තෙක් ඇයට කඩේ ගොස්, ඉන් පසු මහින්දටද කඩේ ගොස්, අද මෛත්‍රිපාලටත් කඩේ යන, ඩිලාන් පෙරේරා හා නිමල් සිරිපාල වැනි අය එයට උදාහරණයන්ය. හෙට මහින්ද බලයට ආවොත් මේ දෙදෙනාම නැවතත් එතනය.

වත්මන් රාජ්‍ය නායකත්වයද කලින් සඳහන් කලාක් මෙන් එසේ ඇඳුනා වූ ස්වීප් ලොතරැයික්මය. එහෙත් එය නිසි ආකාරයෙන් කළමණාකරනය කර ගන්නේද යන්න අද විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේය. මොන වැල් බයිලා ගැසුවත්, උන්නැහේ රජකම් කරන්නේ, එජාපයේ හා මහින්ද විරෝධි ඡන්දවල පිහිටෙන්ය. එසේ කියා, රටේ නායකයා සොයා බලිය යුත්තේ තමන්ට ඡන්දය දුන් පිරිස ගැන පමණක් යැයි කියන්නේ නම් එයද අමු ගොන්කමක්මය. එහෙත් තමන් නැවත බලයට පත් කරන්නේ මොකාදැයි යන්න තේරුම් ගැනීමට නොහැකිව, හැම එකාම දෙන ගුලි ගිල දමනා එක එයිටත් වඩා ගොන් කමක්මය.

සිරි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර ගැනීම ගැන බොහෝ දේශපාලන විචාරකයින් සිරිසේන මහතා විවේච්නය කළද, මාතලන් කියන්නේ එය නිවැරදි තීරණයක්ම බවය. එසේ නොමැති නම් ඔහුට සිඳු වන්නේ කන්ඩායමක් නොමැති පිලක තනිවූ නායකයකු වන්නටය. අම්මට සිරි ලංකාවේ එය විය හැක්කක් නොවනාතර, විය යුත්තක්ද නොවන්නේමය. එහෙත් ගැටළුව ඇත්තේ නායකත්වය බාරගැනීමේ නොව, එය සිද්ද වූ ආකාරයේය.

රටේ නායකයා හිටපු එකාගේ කකුල ළඟට යෑම නායකත්වයේ ලක්ෂණයක් නෙමේය. මහින්ද පක්ෂයේ නායකත්වය හෙවත් සභාපති කම ගත්තේ එසේ නොවේය. සිරිසේන තම පර්සනැලටිය කුඩු කර ගත් පළමු අවස්ථාව එයය. සිරිසේන නෝන්ජලයකු වන්නේත්, මහින්ද වීරයකු වන්නේත් එම ක්‍රියාවෙන්ය. මේය නායකයකුට කිසි සේත්ම සුදුසු දෙයක් නොවන්නේය. ඉතාම වැදගත් දේ වනුයේ, මෙවන් දේ සඳහා උපදෙස් දෙන උන් කව්ද යන්න සොයා ගැනීමයි. උපදෙස් නොමැතිව තනී තීරණයට වැඩ කරන්නේ නම් මතක තබා ගත යුත්තේ, මහින්දට කෙලවුනේ මක් නිසාද යන්නයි.

මෙහිදි තමන් ජනපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ තමන් සමඟ පැමිණි උන් මිස අනෙක් එකෙක්වත් විශ්වාස කිරීම සියතින්ම ගෙල සිඳ ගනීමක් මිස අනෙකක් නොවේමය.  උන් සියල්ලන්ම මහින්දගේ වහළුන්ය. වාසි අතට හුරේ දමනා කාළකන්නින්ය. ප්‍රතිපත්තියක් නොමැති දෙපිට කාට්ටුවන්ය. එහෙත් තමන් සමඟ එසේ පැමිණි උන් සිටියදි, දෙපැත්ත කන හාල්පාරුවන් ඉදිරියට ගෙන ඒම තනිකර කුහක කමය. එසේ පැමිණි සේනානායක පරපුරේ එකා දේශපාලනයේ එක්ස්පීරියන්ස් ඇති එකෙකු නොවන්නට පුළුවනය. එහෙත් ඔහුට ප්‍රධාන පෙලේ ඇමති කමක් දිය යුතුමය. තමාගේ උපදේශකයින් ලෙස පත් කර ගත යුතු විශාල පිරිසක් සිටියදි උපදේශකයින් ලෙස පත් කරගෙන ඇත්තේ මක්කුන්ද? ලේඛම්වරුන් ලෙස පත් කරගෙන සිටින්නේ, දෙපැත්ත කන උන් නොවේද? මහින්දගේ වන්දි භඨ්ඨයින් නොවේද?

විශේෂයෙන් තම පැවැත්ම රදා පවතින ප්‍රධානම ක්ෂේශ්ත්‍රය වන මාධ්‍ය ක්ෂේශ්තෙයට පත් කර තිබෙන්නේ මක්කුන්ද? ඔවුන් තමන්ගේ කාර්යය නිසි ලෙස ඉටු කරනවාද? එසේ කරනවා නම් හැමදා රැස්වීමවලදි අඬන්නට වනවාද? ජනතාවට කීවේ කුමක්ද? කරන්නේ කුමක්ද? කළ යුත්තේ විරුද්ධව වැඩ කළ උන්ගේ පරමාර්තයන් ඉටු කිරීමද? ලසන්තලා, එක්නැලිගොඩලාගේ කර මතින් පැමිණ උන්ගේ පුකට පයින් ගසා එලවීම ඔවුන්ට යුකතිය ඉටු කිරීමද.?

රවී කරුණානායක තම ප්‍රථම අය වැය යෝජනා තුලින් ගෙනා ඉතාම ඉහළඝනයේ ප්‍රගතිශීලී යෝජනා කුණු කූඩයට දමා, එහෙන් මෙහෙට පැන්නාවූ කම්බා හොරුන්ට කප්පම් දීම සඳහා ඒ සියල්ල අකුලා දැමුවේ, තම බලය තහවුරු කර ගැනීමටම නොවේද? එසේ නම් තමන් සමඟ උන් පිරිස අමතක කොට තම ජීවීතය පමණක් නොව තම දරු පවුලේද, සිවිල් ක්‍රියාකාරින්ගේද, කොටින්ම FCID නිළධාරින්ගේද ජීවිත උකසට තබා, පල් හොරුන් හා මේ කරනා නාඩගම කුමක්ද?

ජනතාව ඉදිරියේ එකක් කියා, අනෙක් පසින් දෙපැත්ත කොටවනා එක නායකත්වයද? මේ ප්‍රශ්ණ කෙලින්ම සාකච්ඡා කොට විසඳා නොහැක්කේ ඇයි? මෙයින් ජෝකර් කෙනෙකුන් හා නොන්ජලයකු බවට පත් වන්නේ ඉසුර නම් දෙපිටකාට්ටුවාද? එසේ නොමැති නම් අඟේ ඉඳන් කන කා දමන ගුණමකු සුසිල් ප්‍රේමජයන්තද? අඩුම ගනනේ කම්බා හොරුන් අමතක කොට තමන් සමඟ සිටිනා පිරිසවත් පාලනය කර ගන්නට බැරිද? නායකත්වය කියන්නේ මෙයද? එක එකාට අවශ්‍ය හැම නාඩගමම නටන්නට දී, අවසානයේදි බාල්දු වන්නේ මේ හාල්පාරුවන්ද? එසේ නොමැති නම්, මේ හාල්පාරු දෙපිටකාට්ටුවන්ට පිස්සු කෙලීමට දෙන තමන්මද?

ඊයේ මහින්ද හා වන්දිභඨ්ඨයින් පිරිස කින්ඩිය දැම්මේ සකච්ඡා සඳහා පැමිනි කොන්දක් නැති හාල්පාරු මහ ඇමතියන්ටද? එසේ නොමැති නම් උන් සාකච්ඡාවට යැවූ තමන්ද? උන් මහින්දට කියා ඇත්තේ උන් එව්වේ තමන් බව නොවේද? එහෙත් රටට කිව්වේ උන්ගේ උවමනාවට යනවා කියා නොවේද? පීචං උනේ කව්ද? මුන් ඉටුකරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක්ද?

නියම නායකයකු වන්නේ කෙසේදැයි දැනගැන්මට තවත් උදාහරණ අවශ්‍ය වන්නේ නැතිය. හොඳම උදාහරණය සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බන්ඩාරනායකය. අනෙක් කෙනා චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරණතුංගය. බන්ඩාරණායක මහතා එජාපයෙන් එලියට එන්නේ, ඩෝප් මරගාතේ පස්සෙන් ආපු එකෙක් හා තවත් කීප දෙනෙක් සමඟය. එහෙත් සඟ වෙද ගුරු ගොවි කම්කරු නමින් අළුත් බලවේගයක් ගොඩ නගා, කවි කොල කාරයන්ද සමඟ පාර්ලිමේන්තුවට එන්නේ, කිසිදින හොල්ලන්ටවත් බැරියෙයි  කියු මහා ගස් පර්වත් පෙරලා දමමින්ය. චන්ද්‍රිකා පක්ෂයේ බලය ලබා ගන්නේද එසේමය.

ඉඳින් මේ බලයෙන් විසි වූ එකෙක් ළඟ නෝන්ඩි වන්නේ කුමටද? සිරිසේන මහතා කළ යුත්තේ මේ පිනට කන කාළකන්නින්ගෙ කීම් වලට රැවටි ව්ගඩමක් විහිළුවක් වන්නේ නැතිව, බන්ඩාරනයාක මෙන් පංච මහා බළවේගය තුල ඇති අළුත් පිරිස හා එක්ව, සඟ වෙද ගුරු ක්ගොවි කම්කරු යන පිරිස තුලට, කම්බා හොරු කියනා බලවේගය එක් කර ගන්නේ නැතිව, උන්ගේ පය පාමුල වැටී ඇඹරි කිච වන්නේ නැතිව, තමන් සමඟ සිටිය හැකි පිරිස පමණක් තොරාගෙන, සියළුම පක්ෂ හා එක්ව මේ රට සුරපුරක් කොරනා එකය.

එවිට තම නාමය ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා නොඅනුමානය. එසේ නොමැතිව මේ අඟේ ඉඳන් දෙපැත්ත කන කාළකන්නි  මහ ඇමතින්ගේ හා පින් ඇමතින්ගේ දිරච්ච ලණු කා, උන්ගේ පදයට නටා, කිච වී, නෝන්ඩි වී, පීචං වී,  තම සනුහරේම නති කර ගත් මෝඩ නායකයකු ලෙස විරවංශ විසින් මහවංශයේ ලියා තබනා බවද නොකියා සිටිය නොහැකිය.

40 comments:

  1. ඔව් ඒක නම් බොහොම පැහැදිලියි. ලිපියෙ එක තැනක තියෙනවා වගෙ ඔය රවීගේ මුල්ම බජ්ට් එකත් මන් සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඇත්තටම මිනිහා ඒ කාලෙ කිව්වා වගේ සරදියෙල් අය වැයක් තමයි ඒක.නමුත් ගෙනාවයින් පස්සෙ එලියට එන්නෙ අමුතුම එකක් නැත්තම් ඒවා ක්‍රියාත්මක වෙන් නෑ. උදාහරණයකට මන්දිර බද්දම ගත්තොත් තාම එකෙන් සතයක් වත් එකතු කරලා නෑ. හැබැයි පොඩි මිනිස්සුන්ට ගහන බදු නම් ක්‍රියාත්මක වෙනවා අකුරට.
    ඒ වගේම මට අනුව මහින්ද කියන්නේ 1948 පසු බිහිවුණු විශිෂ්ඨතම නායකයා බලලෝභිත්වය නිසා මිනිහා ඒක ගූ‍ කරගත්තා. ඒකම තමයි සිරිසේනටත් වෙන්නෙ.හැබැයි මහින්ද අඩුම ගානෙ හම්බ කරගත්තා.ඒත් සිරිසේන ලොක්කාගෙ නම් අන්තිමට ගහපු බෙරේකුත් නෑ බෙරෙ පලුවකුත් නෑ තමයි පේන විදියට

    ReplyDelete
    Replies
    1. සිරිසේන පිස්සු කෙලින්නේ ජීවිත විශාළ ප්‍රමාණයක් ප්‍රාණයත් එක්ක..

      Delete
  2. කොටු පැනලා අහු වෙලා පොරෝ පාර කාලා දිවියලෝකෙ ගිය එකාගේ අයියා සමරිසි පනත ගෙනාව වෙලේ අට ඉස්බක් අහසට පැන හර්ශතුමාට කන පැළෙන්න ගහලා රටේ ශිශ්ටත්වය රැකගත්තු එකම මැදැ හිටන්?


    බැඳුමකර වන්චාව අමතක නොකරමු!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දැන් තියෙන ගැටළුව... මිනිහා ඉන්නේ කාත් එක්කද කියන එක...

      Delete
  3. මාතා,

    සිරිසේන ගේ පැත්තේ ඉදල බලමු. එක්සත් ජාතික පක්ෂය සිරිසේන තම නායකයා ලෙස නොසලකයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරිසේන නායකයා ලෙස නොසලකයි, ස්වාදීන යයි කියන දේශපාලන බලවේග සිරිසේන සමග සිටින්නේ රටේ ප්‍රගතියක් ඇති වැඩක් කරන්නේ නම් පමණයි, සිරිසේන එම වැඩවලින් ඉවත් වන මොහොතෙම මෙම ජන බලවේගයේ සහය නැතිවේ.

    මේ තත්වය මත සිරිසේනට කරන්න තියෙන්නේ වැඩ 2 කින් එකක් පමණයි, ජනතාවගේ යහපතට කරනවානම් රටේ සියලුම ක්ර්මන්ත සහ වියාපාරික අංශවල විවතුන් උපදේශකයන් ලෙස පත්කර ඉතා අපහසු තීරණ ගැනීමයි මෙවැනි තීරණ වලින් බලවත් සතුරන් ඇති වේ. උදාහරණයක් ලෙස අද ශ්‍රී ලංකාවේ ඉතා ධනවත් මිනිසුන් සිටිනවා ඔවුන් කිසිම බදු ගෙවීමක් කරන්නේ නෑ, මේ පිරිස සිරිසේනගේ මිතුරන් පමණක් නෙමෙයි තමන්ගේ නෑදැයන් විශාල පිරිසක් සිටිනවා ඔබ කියන දේ කලොත් ඔහු අර්බුධ අවස්ථාවල තනිවීමට සිදුවෙනවා.

    ඔහුට නිසි මුල්‍ය විගණනයක් ඇති රටක් ඇති කිරීමට තරමක දැනුමක් සහ ඉට උවමනා බලවේගයක් නිර්මාණය කිරීමට සිදුවෙනවා සින්ග්ගප්පුරුවේ ලී කවන් යු කරපු විදිය පොඩ්ඩක් බලන්න ඔහු නිතිය තම මිතුරන් ට විරුද්ධවත් ක්‍රියාත්මක කිරීමට මැලි වුනේ නෑ, මෙහිදී ඔහු ගත්ත අවදානමට ප්‍රතිලාබ ලැබෙන ක්‍රමයක් ඇති කළා එනම් ඇමති කෙනෙකුට මසකට රුපියල් ලක්ෂ 80 හෝ ඊට වැඩි මුදලක් ලැබෙන ක්‍රමයක් ඇති කළා (මේ ටික තමයි උබලට නොතේරෙන්නේ මටනම් හිතෙන්නේ මේක වෙන්නේ උබලට තියන ඉර්ශියාව නිසා ), එහෙම කලේ ඔවුන්ට පුද්ගලික ආරක්ෂකයන් රජයේ වියදමින් ලබාදෙමින් නෙමෙයි, තමන්ට උවමනානම් තම මුදල් වලින් ආරක්ෂකයන් ලබාගෙනීමට පුළුවන් , මෙවැනි ක්‍රමයක් නිසා වෙලා තියෙන්නේ මොකද්ද කිසිවෙක් සොරකම් කිරීමට පෙලබෙන්නේ නෑ හේතුව විශාල ආදායමක් තමන්ට ලැබෙනවා අනෙක අසුවුනොත් ජිවිත කාලෙකට හිරේ යනවා.

    මෙවැනි ක්‍රමයක් ඇතිකිරීමට ගමේ ග්‍රාමසේවක කම කරපු සිරිසේනට තේරෙන්නේ නෑ, ලී කවන් යු කියන්නේ එංගලන්තේ University of Cambridge වලින් බැරිස්ටර් විබාගය සමත් වුන කෙනෙක් ඔහු ප්‍රජා තන්ත්‍ර වාදය ගැන උපරිමව දැන සිටිය ඔහු ගේ දැනුම කොතරම් ද කියනවා නම් ඔහු කිව්වා බටහිර ප්‍රජාතන්ත්‍ර වාදය තමන්ගේ රටේ දෙන්න ගියොත් තම රටේ උද්ගෝෂණ සහ විරෝදතා නිසා ආයෝජකයෝ නොපමිනෙන බව එච්චර විතරක් නෙමෙයි ඔහු දැනසිටිය ජනමාද්‍ය ඔනාම මුසාවාදයක් කියන්න දීම නිසා තමන් ට තර්ජනයක් වනබව, මිට ඔහු කලේ ජනමාද්‍ය ආයතනවලට මිලියන ගණන් වන්දි ඉල්ලා නඩු දැමීමයි සිදුවුනේ මාදය සොයන් වාරණයක් ඇති කර ගැනීමයි එච්චරකින් නොනැවතුන ඔහු දැනසිටියා බටහිර තියන සමලිංගික විෂම ලිංගික විකාර ප්‍රසිද්දියේ සාකච්චා වීම නිසා සමාජ ක්‍රමයට හානි වෙන බව (ලෝකයේ කොහෙත් වගේ මේවා ඒ රටේ තිබුනත් ) ලොකුකරගෙන ගදගස්සන මට්ටමට නොයායුතු බව ඔහු දැනසිටියා, හරියට පාරේ බලුබෙටි තිබුනම ඇති ගදට වඩා ඒ බලුබෙටි ඇගේ උලාගැනීම නිසා ඊට වඩා ගද දැනෙන බව ඔහු දැනසිටියා. (මේවගේ සරල දේවල් නවීන පන්නයේ මාද්‍ය ඔස්ත්ර්ලට තේරෙන්නේ නෑ ) අද වෙනවිට ලොව ධනවත්ම රටක් බවට සිංගප්පුරුව පත්වෙලා තියනවා.

    ශ්‍රී ලංකාව තියන තැන තව වසර 5කට අඩු කාලයකදී ලෝකයේ බලවත්ම නාවික තොටුපළවල් එකක් වෙනවා ඊට හේතුව තායිලන්තයේ ඉදි වන ක්‍රා ඇල මාර්ගය නිසා අප රටට සින්ගපුරුවට වැඩි අවස්ථා ලැබෙනවා මෙයින් අපට ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ අපට දක්ෂ තානාපති සේවයක් ඇත්නම් සහ රජ තාන්ත්‍රික දක්ෂයන් සිටිනම් පමණයි එහෙම නැත්තම සිදුවෙන්නේ චීනය ඔවුන්ගේ සැලැස්ම අප රටේ ක්‍රියාත්මක කරනවා, එහෙම කලත් අපට ආර්ථික වසයෙන් දියුණු වීමට නම් පුළුවන් නමුත් ප්‍රශ්නය වෙන්නේ අපේ පරිසරය සම්පුර්ණයෙන් ම වගේ විනාශවීමෙන් රටේ ජිවත් විය නොහැකි තත්වයට පැමිණීමයි. මේවා ගැන ටිකක් බුද්ධිමත් විදියට කල්පනා කරන්න.

    අප රටේ මිනිසුන් විදියට නිවැරදි දේට බලකිරීමට පුරුදු උනොත් සහ අපේ අදහස සමාජ මාද්‍ය වලින් මේ රටේ දේශපාලන්යන්ට දැනගන්න සලස්සුවොත් ඔවුන් ටිකෙන් ටික ප්‍රගති ශීලි පියවර ගනු ඇති (එහෙම වෙන්නේ අපට ආදරේ නිසා නෙමෙයි දේශපාලන බලය තියාගන්න ) නමුත් මේක ජනතාව සහ බුද්ධිමත් මිනිසුන් මනුෂ්‍ය මනස වැඩකරන ආකාරය ගැන දැනුවත් ව ප්‍රායෝගික උනොත් ශ්‍රී ලංකාව තුල දැනට වඩා සහනදායි රටක් ඇති කරගත හැකිවෙයි.


    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ කිසිම දෙයක් නෙමෙයි... සිරිසේන කියන්නේ කිසිම දේශපාලන දැණීමක් නැති පුද්ගලයෙක් පමණක් නෙවෙයි.. කිසිම පර්සනලිටියක්වත් නැති මනුස්සයෙක්ය කියන එක පමණයි..

      Delete
    2. // සිරිසේන කියන්නේ කිසිම දේශපාලන දැණීමක් නැති පුද්ගලයෙක් පමණක් නෙවෙයි//

      මම දන්නා දේවල් අනුවනම් සිරිසේන රජ කපටියෙක්, කපටිකම වැඩි නිසා තරමක අනාගැනීමක් කරනවා.

      // කිසිම පර්සනලිටියක්වත් නැති මනුස්සයෙක්ය කියන එක පමණයි..//
      ඒ ගැන නම 200% එකගයි. පර්සනලිටියක්වත් විතරක් නෙමෙයි ලැජ්ජාවකුත් නෑ. හැබැයි ඉතින් ලජ්ජා නැතිකම දෙසපලනයේ පොදු ලක්ෂණයක් කියලයි මමනම් හිතන්නේ

      Delete
  4. බොහොමයක් දේශපාලකයන් හා ඉහල රාජ්‍ය සේවකයන් මහින්දගේ බත් බලයන් වී තිබෙන්නේ ඇයි? එයට හේතු මොනවා ද

    ReplyDelete
    Replies
    1. හේතුව මෙහි පහළ කමෙන්ටුව දුටු විට අවබෝධ කරගත හැකිය.

      Delete
    2. රාජ්‍ය සේවය කියන්නේම පට්ට හිඟන මානසිකත්වයක්. යැපීම් මානසිකත්වයක්. අමු ගෝත්‍රික මත්වාද හිස දරාගත් පිරිසක්. උන් එක්ක රටක් ඉස්සරහට ගෙනයන්න බෑ සංසාරෙදි..

      Delete
  5. මේ වගෙම විග්‍රහයක් ඊ නිවුස් එකෙත් දැක්ක.
    මේ තමන් කැමති යථාරථයක් මිස සැබෑ ව නෙමෙයි. ඒ විදියට යන්න වෙලා තියෙන්නෙ අැයි කියන එක මුලින්ම බලන්න ඕන.
    මහිංදට ජනබලයක් තියනව. සිංහල ජනතාවගෙන් වැඩිපිරිසක් මහිංදටත් දැවැන්ත සුළුජාතික චංද ප්‍රමානටක් යහපාලනයටත් ලැබුන. සම්ප්‍රදායික එජාප චංද ඊට එකතුවුනාම ඒක බහුතරය වුනා. යහපාලනයෙ අර්ථය දැනගෙන ලැබුන චංදයක් නෑ.සමලිංගික වගන්ති ඉවත් කිරීම, ඒකීයභාවය ගැන දෙන පොරොන්දු ,බුද්ධාගම ට ප්‍රමුඛත්වය දෙන බව කීම වගෙ දේවල් අර දේශප්‍රේමී චංද පදනම රැකගන්න කරන උත්සාහයන්.


    අද යටපත්වෙලා තියන ජාතික බලවේගත් නොසලකා හරින්න බෑ. සිවල් සමාජය යි කියන ngo වලට ජනබලයක් නෑ. අැත්තටම යහපාලනය ගැන දැනුවත්ව නූතනවාදීව චංසය දෙන පිරිසක් රටේ ඉන්නවනම් ඒක ප්‍රගතිශීලියි. නමුත් බිම්මට්ටමේ අැත්ත කතාව ඒක නෙමෙයි

    ReplyDelete
    Replies
    1. puka iragena chandedi maraata kade gihin nannaththara wechcha ekek. oya wedi karapu rupiyal 10000 deepan lamayekuta haalparuwa.

      Delete
    2. මේ රටේ එජාප ශ්‍රීලනිප සම්ප්‍රදායික චංද තියනව. ඒවට අාමන්ත්‍රනය කරල වැඩක් නෑ. අාමන්ත්‍රනය කල යුත්තෙ එසේ නොවන චංද වලට. ඒ චංද වලින් වැදගත්ම කොටස දේශප්‍රේමී කියල හදුන්වපු චංද. ඒ චංදත් ඊට සමගාමී භික්ෂු බලවේගයත් නොසලකා හරින්න බෑ.
      ඒ බලවේගයෙ සංකේතය කරල තියෙන්නෙ මහිංද .ඒකයි මම කිවුවෙ.
      නමුත් මහිංද 2015 ට පෙර සිටි මහිංද ම නෙමෙයි. ඒ මහිංද ට අසමසම බවක් ,ගැලවුම්කාරබවක්, රාජකීයත්යයක් අාරෝපනය කරල තිබුන. දැං ඔහු යලිත් හම්බන්තොට ප්‍රාදේශීය දේශපාලනඥය.

      ජනවාරි 8 දා සෝභිත සාදුයි සාධාරන අාචාර්යතුමයි වියන්ගොඩලයි විප්ලවයක් කලා කියල හිතන පිරිසකුත් ඉන්නව.
      ඒත් අැත්තටම වුනේ සම්ප්‍රදායික එජාප චංදවලට සුලුජාතික චංද එකතුවෙලා බහුතරය වුන සරල සමීකරනය පමනයි.

      හද පෙන්නපුවම අැගිල්ල දිහා ඉලන්න එපා.

      Delete
    3. ඇත්තක් නැත්තෙමත් නෑ. ඒත් මම හිතනවා තරුණ පරපුර සුළු පිරිසක් හෝ සාම්ප්‍රදායික මතවාදවල නැතිව විවෘතව ලෝකය දිහා බලනවා කියලා.. මේ රටේ මධ්‍යස්ථ මතධාරින් තමයි හැමදාම වෙනස කරලා තියෙන්නේ. මාතලන් ඉන්නෙත් එතන තමයි.

      Delete
    4. @ මධ්‍යස්ථ මතධාරියා January 23, 2017 at 4:31 PM

      Read KOTLER & AMSTRONG on "Principles of Marketing" definitely a "Bible". Then you may understand how we developed "MAHINDA" as A PRODUCT OR A BRAND.

      - Monarawila

      Delete
  6. රෙදි නැතුව සිරිසේනට කඩේ ගිය එකෙක්ගෙ අදෝනාව...

    ReplyDelete
    Replies
    1. මී හරකෙකුගේ තප්පුලෑම...

      Delete
    2. දැන් කොස් කොල කන්න කිවුවෙ කඩේ ගිය උබ වගෙ මීහරක්ට තමයි

      Delete
    3. අපෝ නෑ.. ඒ අපිට නෙමෙයි... අපි මොකටද ඒවා කන්නේ... දැන් කෑම බීම හොරාගේ කාළෙට වඩා අඩුයි.. මී හරකුන්ට මතක නති උනාට අපිට මතකයි ඒවා.. ඕවා කන්න තණකොල කන තොපිට.. මොකෝ තණකොළවලට වඩා වැදගත් කමක් දෙන්න...

      Delete
    4. https://www.facebook.com/samantha.pathirana.35/posts/1339935016068820?notif_t=story_reshare&notif_id=1485258236234650

      Delete
    5. මරු පින්තූරේ බං

      Delete
    6. Mu hal walin bath kana ekek noweida koheda

      Delete
  7. උබ කියල තියෙන ඔක්කොම 100% හරි. තමන්ගේම මහා ඇමතියෝ තමන්ගේ සිට තමන්ගෙ හැම එකාටම වලකපන්න ගිය ඇවුන් එක්ක සාකච්චා කරනව. මුන් කියනව සාර්ථකයි ලු. අරුන් කියනව අසාර්ථකයි ලු.

    මෙව්ව බලං රටේ ජනාදිපති කරන්නෙ වැළපීම ද වැලලීම ද කියන එකේ වැළලීම නම් හෙට අනිද්දම වෙනව.

    පව්. මේ හරක වැලලෙන්නේ මේක ගොඩ දාගත්ත රනිලයත් එක්කම නිසයි මට දුක.

    තුක් නොදකින්.

    ReplyDelete
    Replies
    1. සිරිසේනට ඕන ඕන දේ කරන්න හම්බ වෙන්නේ නෑ. අන්න ඒක ලොකු දෙයක්..

      Delete
  8. මෛත්‍රීට රටට වඩා පක්ශෙ ලොකු වෙලා තියෙන්නේ. ඡන්දේ දීපු මිනිස්සු මෙයා රටට පෙර පාටිය ඉදිරියට ගනියි කියලා හිතුවේ නැහැ. මහ ඇමති සෙට් එක මොනවා කරනවද කියලා උන්වත් දන්නේ නැතුව ඇති. එක හාදයෙක් ආවේ නැහැලු නේද..

    ReplyDelete
    Replies
    1. මෛත්‍රි දන්නවා පොරට සිරි ලංකා කාරයෝ කැමති නෑ කියලා කරපු වැඩේට. අනික මිනිහට නායකත්වය කරන්නත් බෑ. ඒක ඔරොත්තු දෙන්නෙත් නෑ.. ඉතින් මොකාගේ හරි පිහිටෙන් මහ එකා විදියට බලේ ඉන්න තමයි පොරට ඕන. වෙන කවුරුත් ලීඩ් කරන එක මිනිහට අවුලක් නෑ.

      Delete
  9. "සිරිසේන තම පර්සනැලටිය කුඩු කර ගත් පළමු අවස්ථාව එයය. සිරිසේන නෝන්ජලයකු වන්නේත්, මහින්ද වීරයකු වන්නේත් එම ක්‍රියාවෙන්ය". PERSONALITY!!! did he have any?

    ReplyDelete
  10. බන්ඩාරණායක මහතා එජාපයෙන් එලියට එන්නේ, ඩෝප් මරගාතේ පස්සෙන් ආපු එකෙක් හා තවත් කීප දෙනෙක් සමඟය.//////// Rajapaksha

    ReplyDelete
    Replies
    1. "බන්ඩාරණායක මහතා එජාපයෙන් එලියට එන්නේ, ඩෝප් මරගාතේ පස්සෙන් ආපු එකෙක් හා තවත් කීප දෙනෙක් සමඟය."

      දේශපාලනඥයන් විවේචනය කිරීම පිළිබඳව කිසිදු ගැටළුවක් නොමැත. නමුත් වැදගත් කමක් ඇති දේශපාලන සංසිද්ධීන් සම්බන්ධව පදනම් විරහිත අපහාසාත්මක හිතලු පලකිරීම බරපතල වරදකි.

      Delete
  11. මයිත්‍රීපාල සිරිසේන ඒ තරම් එඩිතර තීරණයක් අරගෙන පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වුනාම මමත් හිතුව රට වෙනුවෙන් යහපත් තීරණ ගන්න ශක්තිමත් කොන්දක් තියන මනුස්සයෙක් කියල. ඒත් පොදු අපේක්ෂකයා වෙන්න ගතපු තීරනය ඇරෙන්න මේ වෙනකම් රටට හිතයිශී එකම තීරනයක්වත් මෛත්‍රීපාල සිරිසේන මේ වෙනකල් ගත්තේ නැහැ. ඒ වුනාට කිව්වේ ආයේ ජනාධිපතවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලයි. නැවත චන්දයක් ඉල්ලන්න අරමුණකුත් නැත්තම් රට ගොඩනගන්න අවශ්‍යතාවයක් තියෙනවනම් මෛත්‍රීපාල සිරිසේනට ඕන කරන ආශ්චර්යමත් ආයුදය හෙවත් විධායක බලය එයාට තියනව. එහෙම තියාගෙනත් රටේ අනාගතය ගැන ්ෂහිතන්නේ නැතුව පක්ෂය රකින්නම විතරක් දඟලන එකෙන් තේරුම් යන්නේ පක්ෂය සහ බලය රැකගන්න උත්සහා කරනවා ඇරෙන්න වෙන දෙකට උවමනාවක් නැති බව විතරයි.

    මිනිස්සු බුද්ධිමත්ඒ වෙලා මේ මී මීහරක් රෑන වෙනුවට බුද්ධිමත් මිනිස්සු පාර්ලිමේන්තු එවයි කියල අපිට හිතන්න බැහැ මොකද නාම යෝජනා ලබන්නත් වෙන්නේ මේ මීහරක් රන්චුවෙන්ම පමණක් නිසා. ශ්‍රී ලාංකීය දේශපාලනය වඳුරු රැලක ස්භාවය අරගෙන ඉවරයි.. වඳුරු රැලේ නායකයා කැමති නැහැ රැල ඇතුලේ තමුන්ව පරයා නැගී හිටින්න පුළුවන් වඳුරු පැටවූ බිහි වෙනවට. වර්තමාන දේශපාලනය ඇතුලේ මම දකින්නේ වඳුරු රැලේ ස්භාවයම පමණයි. රට මේ වැටිලා තියන දේශපාලන ප්‍රපාතයෙන් ගොඩගන්න ආශ්චර්යයක් සිදුවිය යුතුමයි.. ඒ ඇරුනාම තවත් අපිට අත්හදා බලන්න තියෙන්නේ එකම එක අවසන් විකල්පයක් විතරයි.. ඒ විකල්පය ජවිපෙ කියල වැරදියට තේරුම් ගන්න එපා.. ජවිපෙත් පක්ෂය කරේ තියාගෙන යනවා ඇරෙන්න පවතින දේශපාලනයට ඇවිත් චන්දයක් අරන් බලය ගන්න උත්සහ කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මම නම් චරිත දෙකක් හඳුනාගෙන තියෙනවා... ඒ තමයි රාජිත සහ ඝෝඨා

      Delete
    2. අනේ මන්ද බං මාතලන් මේ පිළිතුර ඇතුලේ මට මහා අමුත්තක් දැනෙනවා..

      Delete
  12. mathalan oyage post walin gatta tikak FB demma kamak nedda danne ne yatin oba thumage
    namath sahithawa obata jaya.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න