.

.

Jan 12, 2017

ඉරිසියාවේ ගස (පවුල් ගසක් උව විය හැක) - The Jealous Tree (May be a Family Tree)



ඕන එකෝමත් එක රටක, එකෝමත් එක කාළෙක, එකෝමත් එක මනුස්සයෙක් පාරේ යන ගමන් ගලක් කකුලේ වැදුනා. පොරට එක පාරටම මතක් උනා මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිඳලා ගනීද කියන කතන්දරේ. කෝකටත් කියලා ගලත් අතට අරගෙන යන ගමන්, මහන්සියට ගිමන් නිවා ගන්න මහා විශාල ගහක් යට නැවතුනා.

ඔය ගහ යට මෙයා ඉතරක් නෙමෙයි තවත් අය ගිමන් නිවාගෙන ගිහින් තිබුනා. පොර අර ගල අතට අරගෙන, අහසට අල්ලාලා, ඒ මේ අත කරක කරක බැලුවා, ගල මැණික් ගලක්ද කියලා.

අනේ නෑ..

ඉතින් පොර කරපු වැඩේ, ගල එතන තියලා, එයාගේ ගමන යන්න ගියා.

එයිට පස්සේ ඔතනට ආවා පේන්ට් බාස් කෙනෙක්. පොර දැක්කා මේ ගල. පොර කරපු වැඩේ තීන්ත බාල්දියෙන් පින්සලට තීන්ත ටිකක් අරගෙන ගලේ උලලා යන්න ගියා. දන්නවනේ ඉතින් ඒ රටේ උන් ගැන. ගහක් ගලක් බස් සීට් එකක් මක්කා හරි කමක් නෑ, අඩු ගානේ බුලත් විඩේ හුණු ජූන්ජක් හරි අතුල්ලලා යන්නේ...

එයිට පස්සෙ ඔතනට ආවා මල් මාලා කාරයෙක්. පොර ගහ යට ඉඳගෙන මල් මාලයක් ගොතාගෙන ඒක විකුණගන්න, අලි පැටව් දාලා යන පන්සලක් හොයා ගෙන යන්න ගිය. මොකෝ එහෙම අලි පැටව් දාලා යන පන්සල් වලට ගියාම නිවන් යන්න ලේසී නිසා, ඒවට එන අයට ඕන දෙයක් විකුණන්න පුළුවන්. ඒත් අර මල් මාලේ ගොතන ගමන්, අරෙයින් මල් කීපයක් අර ගල ගාව වැටුනා.

මේ රටේ හිටපු උන්ට වඳින්න නම් කක්කා බෙට්ටක් හරි කමක් නෑ මල් පහන් තියලා වඳින්නේ. කොටින්ම උඩ බලාගෙන වඳින කොට කාක්කෝ කටට රෙන බෝ ගස් වලට පවා, සිවුරක් හෙම අන්දලා කහ කඩ පාන්කඩයෙක් ගෙනත් එතන පදිංචි කරලා, පීකරයක් හෙම දාලා, කන පැලෙන්න වඳින ලෝකයේ අනෙක් ජාතින්ට වඩා වෙනස්ම වෙනස් අමුතුම ජාතියක්.

දැන් වැඩේ කොම්ප්ලීට්.. මහා ගහක්... ඒක යට අමුතු මාක් එකක් තියෙන ගලක්... කවුරු හරි මල් තියලා ඒකට් වැඳලා ගිහිල්ලා....

මොනාද ඉතින් දැන් එනවා පෝලීමේ. එක දවසකට පාන් අසූ හාර දාහේ මහා පූජවක්. තා දවසකට ගහටත් වඩා උසට පළතුරු පූජාවක්, තා දවසක නෙළුම් මල් පූජාවක්. තා දවසක දාස් පෙතියා මල් පූජාවක්, ඕන් ඔහොම.

දන් ගහට හෙන අප්ෂෙට්. මොකෝ ගහ දන්නවා මුන් ඇවිත් මේ වඳින්නේ ගහට නෙමෙයි ගලට කියලා.

ගහ දැන් ඉස්සරටත් වඩා ලොකුයි. අතු ඉති දික් වෙලා. මල් බර වෙලා. ඵල බේරීලා. පැහිලා ඉදිලා දෙකට නැමිලා බරවෙලා අතූ....

යකෝ මුන් මේ ඔක්කොම කරන්නේ මගේ යට ඉඳන්..., මේ හින්නික්කිතර ගලකට වඳින්න දෙන්න..., මුන් වඳින්න ඕන මට.... කියලා මල පැන්න ගහ කරේ, අත්තකින් අල්ලලා, ගල හෙන ඇතට උසික්ක කොරලා දැම්මා.

ඉතින් මිනිස්සු ආවද වඳින්න...? නෑ.... මොකෝ උන් වැන්දේ ගලට නේ.

එහෙන් මෙහෙන් කස්ටියට නිව්ස් එක ආවා, ගලට ගේම දුන්නේ ගහයි කියලා. ඉතින් මිනිස්සු මොකෑ කොලේ?

ඒ පාර උන් කරපු වැඩේ, ගහ කෑලී කෑලීවලට කපලා විසික්ක කොරලා දැම්මා.

ඒත් ඉතින් අර කෑලී, ඒ ගිහින් දාපු පැත්තේ ඉඳන් කෑ ගහනවලු. අඩෝ අපි ඇර වෙන කවුරුත් නෑ ඩෝ වඳින්න හරිය.... වඳිනවා නම් අපිටම වැඳපන් හරිය.... නැත්නම් ඒ වැඳිලි වැඳිලි නෙමෙයි ඩෝ හරිය.... කියලා හිටන්.

ඕන්න ඕකයි දරුවනේ ගල නිසා බැබලුන ගහට අන්තීමට වෙච්චි දේ..

මේ දේ හෙට අනිද්දා, පුලතිසිපුරේ පැත්තේ තියෙන මහා ගහකට උනත් වෙන්න බැරි නෑ. හා බොරුද හිටන්....

ලෝකෙම පරසිද්ද "The Jealous Tree" නම්, කෙටිම කෙටි කතාවේ මාතලන් වර්සොන් එකකි.. 

49 comments:

  1. Replies
    1. මාතලන් බොරු කියනවා බොහෝම අඩුයි...

      Delete
    2. කියන ඒව කෙසේ වෙතත් ලියන්නෙ නං බොරු එකේ දෙකක් නෑ

      Delete
  2. උපමා කතාවක් ; කල්පනා කල යුතුය

    ReplyDelete
    Replies
    1. අපි කල්පනා කොලාට වැඩක් නෑ.. ගස් තමයි කල්පනා කොරන්න ඕනා හිටන්...

      Delete
  3. // මේ දේ හෙට අනිද්දා, පුලතිසිපුරේ පැත්තේ තියෙන මහා ගහකට උනත් වෙන්න බැරි නෑ. හා බොරුද හිටන්.... //

    මෑන්ස් රනිල් ට ගේම දෙන්න සෙට් වුනොත් ගහටත් වෙන්නෙ වැලි රාජු ට වෙච්චි දේ වන පොරෝ පාර තමයි හිටන්!

    ReplyDelete
    Replies
    1. සා රස තුමෝ.. ඇරපන් උබේ කට පවුමේ කාසියක් දාන්ට හිටං.

      Delete
    2. එහෙම රනිල් ට ගේම දෙන්න සෙට් වුනොත් එදාට සරස තුමා ත් රනිල් ගෙ පැත්තෙ හිටන්!

      Delete
    3. රනිල්ට අරින්න හම්බ වෙන්නෙ නෑ.. රවී ඒසියා පැසිෆික් හොඳම මුදල් ඇමති වෙන්නේ නොකන් නෙමෙයි හිටන්.. අර ඉසුර ජෝතිෂයාගේ කන පුපුරන්න ගහපු ගැහිල්ලක් ඒක...

      Delete
  4. ලස්සනයි. එක හුස්මට කියවගෙන ගියා. ඊළඟ කොටසත් ඉක්මනට එනකන් ඉන්නවෝ.....

    ReplyDelete
    Replies
    1. එක හිස්මට කියවන්නේ බලාගෙන. බ්ලොග් එකක් නිසා නිකන් මැරෙන්න ඕනා නෑ නේ..

      ඊළඟ කොටස ගොඩක් වෙලාවට 2020 දි එයි..

      Delete
  5. රටේ පළමු පුරවැසියා (කොහෙද හිටපු එකෙක්) කෙලින පිස්සු නම් භික්ෂු පීකුදු.

    ඒ උන්දැ දැනටමත් රට කාල ඉවරයි. අනික ඒ මහත්තය හදන්නෙ රනිල්ට ටොපිය දෙන්න. හැබැයි රාජිතල ඉන්නකන් නම් ඒ ගොන් පාට් නම් ටිකක් අමාරුවෙයි.

    ඒත් ඉතින් හිටපු ජනපති තවමත් රට පාලනය කරන රටක, ඔෆීෂියල් ජනපති හිටපු ජනපතිට කොච්චරම බයද කියනවනම් හෙට අනිද්දට රනිල් එලවල මහින්දව අගමැති පුටුවේ වාඩි කලත් ඔහෙල එහෙම කලබල වෙන්ට එපා හිටන්.

    ශික්. පව් ඕයි චතුරිකා. 😪

    ReplyDelete
    Replies
    1. උඹ චතුව අරං පලයන් එන්ගලන්තෙ උඹේ එපාර්ට්මන්ට් එකට.
      එතකොට දවල්ට උඹ වැඩට යනවා, මදි පාඩුවට චතූ මැක්ඩොනල්ඩ් එකක වැඩට යනවා ඔසරියත් ඇඳගෙනම.
      රෑට ගෙදර ඇවිත් ..

      Delete
    2. අනිවා ඩෙෆා 👊🏽

      Delete
    3. කෙලින්න තමයි බැලුවේ. ඒත් රනිල් ප්‍රොටෙක්සොන් එක දාලා තියෙන්නේ. දැන් ඉතින් රනිල් ගහන පදේට තමයි නටන්න වෙන්නේ..

      Delete
  6. මට තේරෙන්නේ නැහැ බං...උබලගේ ඔය දේශපාලන මගුල්

    ReplyDelete
    Replies
    1. පොඩි එකාට කියලා දියන්... මේක උපමා කතාවක්... ඉරිසියාව ගැන..

      Delete
  7. මට මතක් වෙන්නෙ තාරේගෙ රන් දෙවොල බිද වැටයි කෙටි කතාව.එක්තරා උමතු මනුස්සයෙක් කඩල ඇට වගයක් වලක දාලා බෝතලයකින් වහනවා.පහුවෙනිදා අර කඩල ඇට බුස් ගාල උඩට මතුවෙනවා.මේකක දැකපු මිිනිස්සු අර මනුස්සයට දේවාලයක් හදල දීල මාර භක්තියෙන් රජ සැප දෙනවා කාලයක් ගියාම මේ මනුස්සට හිතෙනවා මේ මිනිස්සු රවටපු එක පවක් කියලා.ඔහු ඇත්ත කියනවා.ඒත් මිනිස්සු පිලිගන්නැ දේව කෝපයක් කියලා අර මනුස්සය දේවාලෙ හිර කරනවා පැනල යයි කියලා..අන්ධ භක්තිය පුදුම සාපයක් අම්මපා..

    ReplyDelete
    Replies
    1. තාගෝර්ගෙ විය යුතුයි

      Delete
    2. මෙයා තාගෝර්ට "තාරෙ" කියන්නෙ නිකන් හබීට කතා කරනව වගෙයිනෙ.

      Delete
    3. ඇයි අප්පා බෝ ගහේ පුස් බැඳිච්ච ඒවටත් වැන්දේ අපේ උන්... මමත් ආසාවෙන් කියවපු කතාවක් ඕක...

      Delete
    4. මම ඔය පොතේ නම හොයාගන්න මොනතරම් මහන්සි වුනාද.
      පස්සෙ යාළුවන්ගෙන් ඇහුව ඔභිජිත් චන්ද්‍රලේඛා කියන නම් තියන පොත මොකක්ද කියලත්.
      ඔය කඩල කතාව කියන්නෙ හිරේ එකට සිටි යාලුවෙක්. ඔහු බ්‍රාහ්මන.නමුත් ඒවගක් පෙන්වන්නෙ නෑ.පූන නූලත් කඩල ප්‍රගතිශීලීව ඉන්නෙ.නිදහස් වුනාට පස්සෙ කඩල වලින් දෙයියො මවන කතාව අහපු පොර ඒක නිකමට අත්හදාබලන්න යනව. ඒ අත්හදාබැලීම කෙලවර වෙන්නෙ එතන මහා ආශ්‍රමයක් හැදිල. ඔහුව හිරේ දාපු නඩුකාරයත් ඇවිත් ඔහුගෙන් ආසිරි ඉල්ලනව. ඔහු හිරේ දානකොට ඔහු කිව්ව හොරකම් කලේ ජීවත් වෙන්න කියල. නඩුකාරය ඇහුව ඇයි ජීවත් වෙන්නෙ කියල. දේවාලෙ සාධුට මේක මතක් වෙනව නඩුකාරය බිම දිගාවෙලා ආසිරි ඉල්ලනකොට.

      පස්සෙ අර බ්‍රාහ්මන යාලුව එනව. ඔහු මේක දැකල හොදටම බනිනව. සාධුටත් මේක තේරෙනව.කරන වැඩේ වැරදිබව තේරෙනව. ඔහු මංගල්ලෙ දාම මේ බොරුව එලිදරවු කරනව.
      අපූරු උපමාවකුත් තියනව කොටියගෙ පිටේ නැගල ඉන්නෙ වෙලාව ආවම කොටියට පිහියෙන් අනිනව කියල.
      කතාවට අනුවනම් කොටියට පිහියෙන් ඇන්නම ඔහු වටා ජනතාව එක් වෙනව බමුනො හැංගෙනව.

      පොඩි කාලෙ බලපු පොතක්. හරිම අපූරුයි. මට පොතේ නම ඇර අනික් සේරම මතක හිටිය

      Delete
    5. ආ තව දෙයක්. ඔහු කිසිසේත්ම උමතු කෙනෙක් නොවෙයි. රත්‍රන් හෝ යකඩ වැඩකරන කෙනෙක්. දරුවට චන්ද්‍රලේඛා කියන කුලවත් නම දාන්නෙත් බමුනෙකුට වැඩක් කරල දීල හිලව්වට. සමාජය ඔහු සත විසිපහේ හොරෙක් කලා. සත විසිපහේ හොරුනෙ හැම දාම එල්ලුම්ගස් යන්නෙ. ඔහුට හිරේදි තමා බ්‍රාහ්මන යාලුව හම්බවෙන්නෙ.
      උද්වේගකර කතාව පවත්වන කොට හැමෝම ඔහු හැර යනව. ඉතිරිවෙන්නෙ ඔහුයි දුවයි විතරයි.නලලෙන් ලේ බේරෙද්දි කතාව දිගටම කරනව. ජුලියස් සීසර්කතාවෙ ඇනටනිගෙ කතාව වගෙ.
      අන්තිමට ඔහු දිනනව.

      Delete
    6. ම.ම. නියම කතාව

      Delete
    7. He who rides a tiger

      by Bhabani Bhattacharya

      Delete
    8. He who rides a tiger

      by Bhabani Bhattacharya

      The hero of this novel of modern India is Kalo, a blacksmith of Jharna town, who performs a miracle - a miracle that begins as a fraud and ends as a legend. Revenge, triumph, inspiration, rooted in the age-old faiths of caste and class. Anyone who has read this book knows with what sympathy and insight Bhattacharya writes of the dramatic awakening of the Indian people

      Delete
    9. මම මේ පොත කියවලා නැහැ. හැබැයි මට එකෙක් කිව්වා මෙයාගේම music for Mohini කියවන්න කියලා. තාම ඉඩක් හම්බවුනේ නැහැ. ඒක හොඳයිද...

      Delete
  8. හරිම අනුවේදනීය කතාවක් බං.

    ReplyDelete
    Replies
    1. අනුවේදනියයි කියන්නේ... නිව්ස් බලන කොට ඉස්සෙල්ලම හිනා යනවා... පස්සේ ඇඬෙනවා.. අනේ ඉතින් ලෝකයක් දිනාපු පොරක් නේ යකෝ මෙහෙම කිච වෙන්නේ කියලා...

      Delete
  9. අපිට හැමදාම ගහකට නැත්නම් ගලකට වැඳගෙන ඉන්න තමයි වෙලා තියෙන්නේ. ගල පුපුරයිද, ගහ පෙරලයිද....මට හිතෙන්නේ ඔය මුකුත් වෙන්නෑ. අපිව අන්දනවා.

    ReplyDelete
    Replies
    1. උඹට මතකද 77 ජේ ආර් පප්පා ආවට රට හදන්න අවුරුදු දෙක තුනක් ගියා.. උන්දැයි ප්‍රේමෙයි කරපු ඒවා ටික තමා මෙතෙක් පැවතුනේ. මහින්ද ලොක්කා දාර සුදු අලි ටිකක් හැදුවා.. දැන් ඒවා පෙරහරේ එක්ක යන්න හදන්නේ.. අපි බලාගෙන ඉමු..

      Delete
  10. ඇත්තටම ජන්දයක් වගේ දෙයක් තිබ්බනම් බලන්න තිබුන නේද කවුද කාටද වදින්න ඕනි කියල.

    ReplyDelete
    Replies
    1. දැන්ම තිබ්බොත් නම් පරණ රිසාල්ට් එකම තමා එන්නේ...

      Delete
  11. ගලක් පුදන එක ඉවසනු නොහැකි දිනක්
    ගසක් ඉල්ලමින් කනවලු පරිප්පුවක්
    ගසක් ගලක් නැති තැන වල් පඳුරු ටිකක්
    මොකක් නටනු ඇතිදැයි මා හට පැනයක්......?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නටන්න තියෙන ඔක්කෝම නැටුම් නටනවා මදි නොකියන්න...

      Delete
  12. මරු කතාව බං. ඉස්සෙල්ල හිතුනේ අර පැරා ගේ ආගම් කතාවට තවත් එකක් කියල. අන්තිමට දීල තියෙන්නේ උදාන වාක්‍යය.

    ReplyDelete
    Replies
    1. එකම් විකාරයක් මේක.. රටට එකක් කියනවා... ගෝලයෝ බයිලා ගහනවා...

      Delete
  13. හඳගම උන්නැහේගේ පිචර් එකක් බැලුව වගේ.. මෙලෝ මලදානයක් නොතේරේ... මම දන්නවා එහෙම කිව්වා කියල මාතලන් මා එක්ක අමනාප වෙන්නේ නැහැ කිහල. ලියන ඉලව්වක් අපි වගේ මහපාරේ යනෙනගමන් කියෝන එවුන්ටත් තේරුම්ගන්න පුළුවන් වර්ෂන් එකකුත් ලියහන් බන්.

    ReplyDelete
    Replies
    1. ලියවිලිත් මාතලන් වගේ තමයි... වෙනස් නොවන එකම දේ වෙනස්වීම කියලා කතාවක් තියෙනවනේ හිටන්...

      Delete
  14. ඔන්න මාතා නිර්මාණාත්මකව ලියන්න අරං. උඹේ මේ ලියවිල්ලට මං කැමැතියි.

    ReplyDelete
    Replies
    1. මෙහෙම ලියන්න වෙලාවක් නිදහසක් ඕනේ මචෝ... එහෙම තියෙන වෙලාවට තමයි මේවා මතක් වෙන්නේ... නැත්නම් ඉතින් අමුවෙන්ම ඇරලා දානවා...

      Delete
  15. ඔන්න ඔහොම ලියන්න, අපිට වගේ නෙවී වෙලාව ඕනි නෑ උඹට ඕවා ලියන්න...ඕනිකම විතරයි ඕනි...බොරුද..?

    ReplyDelete
    Replies
    1. ඕනීකම එන්න පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕන මචෝ...

      Delete
  16. ඔන්න ඕකයි කියන්නෙ ගහ නොකපා..

    ගල කපා ගන්න කියල :D

    ReplyDelete
    Replies
    1. ඒවට රුසියෝ එජාපයේ වැසියෝ

      Delete
  17. මාතා...දීපාල් සිල්වා ගැන යමක් ලියපන්. ඒ චරිතය ලියන්න ඕන චරිතයක්. දීපාල්.. උඹ ඇත්ත දැක්ක මිනිහෙක්...ඕවා ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. ලිව්වා... මලක් ගහලා ලිව්වේ....

      Delete
  18. නියමයි මාතා කාලෙකට පස්සේ නියම ලිවිල්ලක්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න