.

.

Mar 21, 2018

දානය, සම්බල හා කසීර - Alms giving, Sambol & Sahan Kaseera



මහමෙව්නා උයනේ වැඩ වාසය කරනා, කිරිබත්ගොඩ ඥානානන්ද මහ රහතන් වහන්සේ, අන් ආගමිකයින් විසින් පිලියෙල කරනු ලබන දානමය ආහර පිලිගැන්වීමෙන් වළකන ලෙසට නිකුත් කළ සංඝ ආක්නාවක්, මේ දිවල බුකියේ කට ගැස්මට එකතු කර ගෙන ඇත.. 

පහත පළවන්නේ, ඒ පිළිබඳ සහන් කසීර වික්‍රමසිංහ තැබු සටහනකට මා දැමු කොමෙන්ටුවකි, සහන් කසීරගේ පෝස්ටුවද පහතින් පල වේ....


දානය, සම්බල හා කසීර - Alms giving, Sambol & Sahan Kaseera


ඉතිහාසය පිළිබඳ විසේසග්නයකුන් වන සහන් කසීර වික්‍රමසිංහ තරුණ උපාසක මහතා විසින් කරනා ලද ගවේසේනයක සොයා ගෙන ඇති පරිදි, මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ පැමිනි, භන්ඩුක නම් උපාසක රැගෙන පැමිණ ඇත්තේ තමන්ගේ දානය පිලියෙල කර ගැනීමටයි. මන්ද මිහිඳු හිමියන්ගේ ප්‍රථම ධර්ම දේශණාවේදී පවසා ඇත්තේ මහරා තුමනි මට තොපේ බත් එපා කියලාය. සාමනේර කෙනෙකුත් ගෙනාවේ මොන මළහත්තිල්ලව්වකටද යන ප්‍රශ්ණය ඉතිහාසග්නයන්ට අදටත් ගැටලුවක් වුවද මාතලන්ට නම් එය ගැටළුවක් නොවේ.

ඔය සම්බල කියන රහතන් වහන්සෙගේ පරම්පරාව තමයි සුජාතා සිටු දියණිය කිරිපිඬු දෙන කොටත් සම්බල හදලා පිලිගන්නලා තියෙන්නේ..

ඒ සම්බල කෙතරම් රසවත් උනාද කියනවා නම් බුදු හාමුදුරුවෝ මේ අය සාසනේට බලෙන් වගේ අරගෙන තියෙනවා සම්බල හදාගන්න. මොකෝ එක එක උන් හදලා දෙන ඒවා වැළඳුවොත් දෙතිස් මහා පුරිස ලක්ෂණ වලින් හොඳම එකට කෙලවෙනවා නේ..

ඉතින් අශෝක සජ්ජුරුවෝ මිහිඳුත් එක්කත් සම්බල හදන්න තමයි සම්බල මහ රහතන් වහන්සෙ එව්වේ.. 
(හරි හරි දැන් අහන්න එපා රහතන් වහන්සෙලා වැඩම කරේ අහසෙන්ද අරකෙන්ද මේකෙන්ද කියලා.. එයාලා ඇවිල්ලා තියෙන්නේ හෙලිකොප්ටර් එකක.. ඒක ලෑන්ඩ් කරපු තැන තමයි අද ඔය චෛතය හදලා තියෙන්නේ.. මොකෝ ප්ලේන් බාන්න රනවේ තිබුනය ඒ කාළේ)

ඇත්තටම ඔය බොම්බයි ළුණූ ඇවිල්ලා තියෙන්නේත් ඒ කාළෙමයි.. මොකෝ හාන්දුරුවරු වෙජි නිසා සම්බල මහා රහතන් වහන්සේ හදන්න දැනගෙන ඉඳලා තියෙන්නේ ළුණූ සම්බල හදන්න විතරයි. ඉන් පස්සේ අපේ පස් වන මිහිඳූ රජ්ජුරුවෝ මෝල්ඩිව්ස් කියලා අයිලන්ඩ් එකක් එක්ක ද්වීපාර්ශවික ගිවිසුමක යටතේ මෙහෙන් හාල් දෙන්නත් එහෙන් උම්බලකඩ ගේන්නත් ඇග්‍රිමන්ට එකකට යනවා. ඉන් පස්සෙ තමා උම්බලකඩ සම්බල හැදෙන්නේ.

අන්දරේ තමයි දවසක් පොලුයි බල මාලුයි ඉල්ලපු රජතුමාට සම්බෝලේට පොල් එකතු කරලා දෙන්නෙ. රජතුමා කොතරම් සතුටට පත් උනාද කියනවා නම්, එයාව රජ ගෙදර කවටයා පෝස්ට් එකෙන් අයින් කරලා, උපදේශක තනතුරක් දීලා, බදු රහිත ලිමොසින් එකක් සහ එපාර්ට්මන්ට් එකක් දීලා තියෙනවා.

සුද්දා ආවයින් පස්සෙ තමයි සම්බල, සැම්බෝල් වෙන්නේ..

ඇත්තටම අපි මේ සම්බල මහ රහතන් වහන්සේ වෙනුවෙන් කරපු දෙයක් නෑ..

ඉතින්, සහන් කසීරා වික්‍රමසිංහේ සත් ගුණවත් උපාසක මහතාටා මා හෝජනා කරනවා වහාම චීවරයක්ට ගොඩ වී සම්බල මහා විහාරය කියා විහාරයක් ගොඩ නගා... ඒ සම්බල මහා රහතන් වහන්සේට.. උපහාර පුදන ලෙස..

අවවාදයයි....!!!!

සම්බල හැදිය යුත්තේ සමබල හදන කුළයේ අයම පමණයි..

සහන් කසීරගේ සටහන

මම කියවලා තියෙන විදියට මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වඩින්නේ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල කියන මහ රහතන් වහන්සේලා සමග සුමන සාමණ්ර සහ භණ්ඩුක උපාසක තැන එක්ක. සුමන සාමණේරයන් එක්ක එන්නේ ලංකාවට උපසම්පදාව හඳුන්වා දෙන්නයි , භණ්ඩුක උපාසක එක්ක එන්නේ ලංකාවට පැවිදි කර්මය හඳුන්වා දෙන්නයි කියලා තමයි මම නම් ඉගෙන ගත්තේ.

ඒත් මේ මහමෙවුනාවේ රහත් නොවුණු හාමුදුරුවරු කියන කතා හැටියට මම හිතන්නේ භණ්ඩුක උපාසක ගේන්න ඇත්තේ රහතන් වහන්සේලාට දානේ උයන්න වෙන්න ඕනේ. ඇයි දෙයියනේ සුළු පටුද ? රහතන් වහන්සේලාම පස් නමක්!

ඉන්දියාවෙන් වැඩපු උන්නාන්සේලාට වුණත් මේ නොදන්නා දේසෙක උයන දානේ බාරගන්න විචිකිච්චාවක් ඇති වෙන්න බැරි නෑනේ ? එතකොට සුමන සාමණේර ? ආහ් ! උන්වහන්සේ එක්ක ආවේ මිහිඳු හාමුදුරුවන්ගේ උපදෙස් ප්‍රින්ටවුට් දාලා නෝටිස් බෝඩ් එකේ අලවන්න.

"මහ රහතුන්ම පස් නමකි. දානය පිළියෙළ කළ යුත්තේ මෙසේය "

27 comments:

  1. //"මොකෝ හාන්දුරුවරු වෙජි නිසා"// බොට පිස්සු හැදිලද පියන්ත (මහඋල්පතගම)හේවගේ අයියේ

    ReplyDelete
    Replies
    1. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක් සදහා අද (22) පකිස්තානය බලා පිටත්ව ගියහ .

      20 දෙනකුගෙන් පමණ යුත් මෙම දූත පිරිස අද (22) පස්වරු 1.25 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පකිස්තානයේ කරච්චි නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -183 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගියේය.

      Delete
    2. අපි වෙජි ජාතියක්... එක නේ දඩ මස් ෆ්ලේවර් සෝයා මීට් කන්නේ...

      Delete
  2. Anonymous වෙසින් එන ගැරඬියන් , බයගුල්ලන් සහ කාඩ්බෝර්ඩ් වීරයන්ගේ හිස් ප්‍රකාශ බලා වෙහෙසට පත්වෙන අපට යන්තමින් හෝ සහනයක් සහ සතුටක් ගෙනෙන්නේ මාතලන් ලොක්කා පමණය.මාතලන්ගේ සුවිශේෂත්වය වන්නේ යකෙකුට වුණත් කියන්නට තිබෙන දේ කෙලින්ම කීමට හැකියාවක් තිබීමය. මාතලන් මලක් ගසා සොමියෙන් සිටියාට මල් නොගසන අපට සොමියක් දැනෙන්නේ මාතලන් ලියන බ්ලොගක් හෝ බුකියේ සටහනක් හෝ දුටුවිට පමණය. දිගු කල් දිනේවා සොඳුරු බ්ලොගාණෙනි.

    ReplyDelete
    Replies
    1. මම මේ පල කරන අදහස හෑමෝටම අදාල නෑත නමුත් තොප්පි හරි උන් දා ගනිත්වා...

      මේ තියෙන අදහස් (Comments) බොහොමයක් ම දාල තියෙන්නෙ බොරු නම් ආරූඪ කරගෙන...

      එහෙම එවුන් තමා මේ මහ චන්ඩි වගේ කෑ ගහන්නේ පුළුවන්නම් තමන්ගේ අනන්‍යතාව එක්ක හරි දේ පලකරන්න මේක අභියෝගයක් ...!

      ආන්න ඒතකොට අපි පිලිගන්නම් ඔයාල වීරයෝ කියල...

      Delete
    2. Tissa AbeyratneMarch 13, 2018 at 5:33 PM

      Anonymous වෙසින් එන ගැරඬියන් , බයගුල්ලන් සහ කාඩ්බෝර්ඩ් වීරයන්ගේ හිස් ප්‍රකාශ බලා වෙහෙසට පත්වෙන අපට යන්තමින් හෝ සහනයක් සහ සතුටක් ගෙනෙන්නේ මාතලන් ලොක්කා පමණය.මාතලන්ගේ සුවිශේෂත්වය වන්නේ යකෙකුට වුණත් කියන්නට තිබෙන දේ කෙලින්ම කීමට හැකියාවක් තිබීමය. මාතලන් මලක් ගසා සොමියෙන් සිටියාට මල් නොගසන අපට සොමියක් දැනෙන්නේ මාතලන් ලියන බ්ලොගක් හෝ බුකියේ සටහනක් හෝ දුටුවිට පමණය. දිගු කල් දිනේවා සොඳුරු බ්ලොගාණෙනි.කාඩ්බෝර්ඩ් වීරයන්

      Delete
    3. ඔය නමින් එන ලොන්ත පොල් නාකි TA පොන්නයා ඇනෝ ඇවිත් ගැනුන්ගේ මුණු ගෙන පෙනී හිටියට උන්ට මලක සොමිය කවරදාකවත් තේ රෙන්නේ ද නැත මලක් ගසන්නවත් පන නැත ෆේස් බුක් එකක කොමන්ට් දා දා පින්ගුත්තරයෙක් වගේ ආතල් ගන්නේ ද නැත කෙලින්වන්නේ නැති නිසා මෙවැනි ආතල් උන්ට
      මාර ජෝලිය මෙයි ඔවුනට පජාත සුවයක් ලැබෙනවාය කියා ටෞ කන පක්කු සිතනවාය

      Delete
  3. "අපි මිනිස්සු" සංවාදය බලන් ඉන්න කොට මට හිතුනා ඇයි අපි යක්කු වුනේ කියලා. මට පේන්නේ හැම එකාටම ඕන යකෙක් වෙන්න. ඒකට ජාතියක් ආගමක් නැහැ මාතා. බෙල්ල කොලඹ, කඳ වෙන තැනක. ඉස්සරහට නහය මේල් එකේ, කණ කුරියර් එකේ, ඇස් දෙක එයාර් කාගෝ, ඇට දෙක සී කාගෝ ලෙවල් එකට වැටෙයි. අපි යක්කු බොලව්......

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව් ඔව් ....... මිනිය එම්බාම් කරන්න ෆ්රිසර් එකේ මාස විතර තියලා බලන් ඉන්න ඕනේ ඔක්කොම බඩු ටික ලැබෙන කම් නැතිනම් අංගවිකල බොඩියක් තමයි එම්බාම් කරන්න වෙන්නේ

      Delete
    2. අපි යක්කු නෙමේ බොලව්.... අපි මහසෝන්නු...

      Delete
    3. අපි මහසෝන්නු......පුක තමයි .....පුක සුදු නිසා ද මහාසෝන් වුනේ මාතලන් ?

      Delete
  4. මේ පැත්තේ යාලුවෙක්ගෙ ගෙදර දානෙකට ආව මහමෙව්නාවේ හන්දුරු නමක්. එතන දුවරු බිරින්දන් ආදිය අර පිරිත් නූල බැඳගන්න යනකොට කිව්වා මේ පිරිමි කෙනෙක් අරගෙන මේවා බඳින්න අපි ගැහැනුන්ගේ අත් ස්පර්ශ කරන්නේ නැහැ කියල. හැබැයි අනිත් හුඟක් පන්සල්වල ගැහැනුන් ගේ අත්වල පිරිත් නුල බඳිනවා.

    ReplyDelete
    Replies
    1. කෙලෙස් නසලා නම් අතෙන් නෙමෙයි පූසාගෙන් ඇල්ලුවත් අවුලක් වෙන්න බෑ නේ..

      අරක නෙමේ නම්,,,,, මම ඕකත් වළඳනවා උපාසක කිව්වලු...

      Delete
  5. දානෙ හොඳනම්
    ගෑනු අතකින් හදන
    නූල බැන්දම මොකද
    පිරිත් කර බඳින

    ReplyDelete
    Replies
    1. කෙලෙස් නසලා නම් අතෙන් නෙමෙයි පූසාගෙන් ඇල්ලුවත් අවුලක් වෙන්න බෑ නේ..

      අරක නෙමේ නම්,,,,, මම ඕකත් වළඳනවා උපාසක කිව්වලු...

      Delete
  6. අපේ පැත්තේ හාමුදුරු කෙනෙක් කිව්වලු අපට සිවු පසේ නම් ලැබෙනවා හොදට දෙනවනං උපාසක අම්මේ එක දානයයි අඩු කියලා

    ReplyDelete
    Replies
    1. අරක නෙමේ නම්,,,,, මම ඕකත් වළඳනවා උපාසක කිව්වලු...

      Delete
  7. සිංහල සංස්කෘතියට අනුව කාන්තාවකගේ අතින් ඇල්ලිය හැකි එකම පිරිමියා එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා පමණයි. ඒත් අද පරගැති සිරිත් මේ රටට ඇවිල්ල තමා ඔය ඔක්කොම. කාන්තාවගේ අතින් අල්ලපු නැති ස්වාමින් වහන්සේ කරපු දේ හරියටම හරි. ඒත් අද මේ කාලකන්නි පරගැති ක්‍රමය නිසා තමන්ගේ නිරුවත පවා අන්‍ය පුරුෂයින්ට පෙන්නන්න කාන්තාවන්ට සිද්ධ වෙලා.

    ReplyDelete
    Replies
    1. අපි ගල් යුගට යමු පෙන්ස්

      Delete
    2. කාන්තාවකගේ ඇති අල්ලන එකයි පිරිත් නුලක් ගැට ගහන එකයි දෙකක්. බුදුන් වහන්සේ දුටු කිසා ගෝතමියටත් නිබ්බුත පද කියඋනාලු.පාරාජිකා උන හාමුදුරුවරු බුදුන්ගේ කාලෙත් හිටියලු. ඒ කාලේ ඉන්දියාවට ආපු පරගැතියෝ කව්ද ඇනෝ?

      Delete
    3. කාන්තාවකගේ අතින් රාගයකින් යුතුව ඇල්ලිය හැකි එකම පුරුෂයා ඇයගේ ස්වාමි පුරුෂය තමයි මොන රටෙත්. බැඳලා නැත්නම් පෙම්වතා හෝ පෙම්තියටත් ඒ අයිතියම තියනවා. සිංහල සන්ගිස්කෘතිය උනත් නැතත්. රාගයෙන් තොරව - රැකියාව හැටියට දොස්තර කෙනෙකුට එහම නැත්නම් නර්ස් කෙනෙකුට පිරිමි අල්ලන්න වෙනවා. එතකොට ඔය සංස්කෘතිය කොහෙද යන්නේ. ඒ මහමෙව්න හාමුදුරුවන්න්නේ බොරු විකාර . අනික අතින් අල්ලන්නේ නැතිව පිරිති නූල බඳින හාමුදුරුවරු මම ඕන තරම් දැකල තියෙනවා. ඇයි ඒ අය සිල්වත් නැත්ද?

      Delete
    4. උඹලගෙ සුද්දගෙන් ගත්තු පර සංස්කෘතියෙ දොස්තරල කාන්තාව අල්ලනව ඇති. ඒත් සිංහල සංස්කෘතියෙ එහෙම නෑ. කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කරන කොට එතන හිටියෙ වින්නඹු අම්ම. වින්නඹු තාත්තල එහෙම හිටියෙ නෑ. කාන්තාවන්ගේ ගෞරවය ඒතරම් ආරක්ෂාකරපු ශ්‍රේෂ්ට ජාතියක් සිංහලය. ඒත් අද කාන්තාව ලෝකෙ උතුම්ම පදවිය ලබන දවසට තමන්ගෙ රහස් ප්‍රදේශය පිට පිරිමියෙක්ට දික්කරල ඒකට ඇගිල්ල ගහන්න දෙන්න වෙන තරමටම ජාතිය නීච වෙලා. මේ ඔක්කොම පර ගැති සිරිත් හින්ද. නපුංසක සුද්දන්ට මේක සාමාන්‍ය දෙයක් වෙන්න ඇති ඒත් සිංහලයින්ට මේක සාමාන්‍ය දෙයක් නෙමේ.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න