.

.

Mar 11, 2018

අතීසාරයට අමුඩ ගසනා අමන පාලකයෝ - Social media blockade in Sri Lanka



අතීසාරය හැදුනාම බඩ යෑම නවත්තා ගන්නට බැරිය. ඒත් අමුඩ ගහලා පුරුදු උන් කරන්නේ, අමුඩේ තද කරලා ඇඳගන්නා එකය. ඒකෙන් අතිසාරය නවතින්නේ නැතිවාක් මෙන්ම, විලි වසා ගැනිමට තිබෙනා අමුඩෙත් ගූ නාගන්නවාය. අතීසාරේ හැදුනාම අමුඩ ගහලා තබා, ගුද මාරගයේ ඇබයක් ගැහුවත් වැඩක් වෙන්නේ නැතිය. කරන්න ඕනා එකම දේ අතීසාරටයට බෙහෙත් කරනා එකය.

අං පාරේ අම්බරුවන්ගේ ජෝගිය සමඟ ෆෝම් වූ තඹුත්තේගම ආන්ඩු විරෝධී කාලකන්නින්ගේ අඩව් ඇල්ලිල දුටු විගස, රට ත්‍රස්තවාදයකට තල්ලු වෙන බව මාතලන් කිව්වේ, පේන බලලාවත් අංජනම් බලලාවත් නෙමේය. එහෙම නැතිනම් මාතලන් ආන්ඩුවේ බුජ්ජි අන්සේ වැඩ කරන නිසාවත් නෙවේය. දේශපාලන විජ්ජාවේ මහාචාරිය පදවියක් තියෙන නිසාවත් නෙමේය. දශක පහක් තිස්සේ මේ රටේ සිඳු වූ දේවල ඇහැට දැකලා, කනෙන් අසලා, සමාජයේ සෑම මට්ටම්මේම ජහ මනයා සමඟ අද දක්වා ජීවත් වෙනා නිසාය.

මේ ආන්ඩුව කරන්න අමූලික බොරුවත් බවත්, මෙය එකම කැඳ හැලියක් බවත්, මේ ආන්ඩුවට කිසිඳු පැවත්මක් නැති බවත්, විසොන් හෝ මිසොන් නැති බවත්, ඇත්තේ බලයට පත් වූ උන්ගේ සුඛ විහරණය, මහින්ද රාජපක්ෂ ප්‍රමඛ පවුලේ තත්වයට ගෙන ඒම පමණක් බවත් මාතලන් කියන්නේ බොහෝ කැපවී ජීවිත පරිත්‍යාගයෙන් ලබා ගත් යහපාලනේට මාස කීපයක් යන්නටත් මත්තෙන් සිටය.

අප ලංකා ඊ නිව්ස් හී මාධ්‍යකරණය අනුමත කරන්නේ නැතිවාක් මෙන්ම, දෙරණ, හිරු හා දිවයින නම් කාළකන්නි ජඩමාද්දියවේදින්ගේ අමු තිරිසන් ජනතාව කුපිත කිරීමේ හා ජාතිවාදයෙන් ජනතාවගේ ලේ කුපිත කිරීම්ද, කිසිසේත් අනුමත කරන්නේ නැතිය. එහෙත් ඒ සඳහා විසඳුම වාරණය කිරීම නොවේ. කළ යුත්තේ, ඊ නිව්ස් ගෙන එන චෝදනාවලට ආන්ඩුව පිළිතුරු සැපයිය යුතුවාක් මෙන්ම, ජාතිවාදය පැතිරිමේ නියුතු මාධ්‍ය ආයතනවලට තද බල නීතී රීතී හඳුන්වා දෙමින් ඒවා යම් කිසි නිරීක්ෂණයකට යතත් කීරීමය.

ජාතිවාදය පතුරන්නේ මොකාද කියා ආන්ඩුවේ ගොබ්බයන්ට මෙන්ම ඒවා නියාමනය කිරීමට හා සොයාබැලීම සඳහා පත් කොට නිළධාරීන් හා සේවකයන්ට නොතේරෙනා දේ සාමාන්‍ය ජනතාවට අපූරුවට තේරෙන බව බලා ගැනීමට උවමනා නම්, මේ දෙපිරසම කළ යුත්තේ, තහනම් මැද්දේ ගොන් පෝස්ටුවක් දැමු උදේ 6:30 සිට පැයක වේලාවක් තිස්සේ රට ගිනි තැබූ, දෙරණේ, චතුර අල්විස් නම් තිරිසන් ජඩ මාජ්ජවේදියාවට දී ඇති facebook ප්‍රතිචාර දෙස බැලීම පමණි.

සමාජ මාජ්ජ ජාල යනු ප්‍රධාන පෙලේ මාජ්ජ නොවේ, එය නියෝජනය කරන්නේ සාමාන්‍ය මහජනතාවගේ වාරණයකට ලක් නොවනා අදහස් වලිනි. සමාජයේ මෙන්ම මේවායේද නරුමයන් නැතෙයි කියා කියනවා නම් එය අමූලික කෙප්පයක් වන්නේය. මෙය සමාජයේම පැති කඩකි. කාළකන්නි දේශපාලුවන් කියනවා මෙන්ම සමාජයේ කෝලාහාල කරනා පිරිස ඉතා සුළු පිරිසක් වනවා මෙන්ම, සාමයට ලැදි සාමකාමි ජනතාව අති බහුතරය වනාතර. ෆේස්බුක් වල තත්වයද එසේමය.

අද හදිසි නීතිය දමාගෙන, ස්මාජ මාජ්ජ ජාල තහනමට ලක් කරගෙන, සමාජ මාජ්ජ ජාල වලින් රට ගිනි තබන්න හැදුවා යැයි කියා අත් අඩංගුවට ගන්නා ලද උසාවියේ හඬා වැටෙනා කිරි සප්පයන්ට හා චූ කොල්ලන්ට කරන්න පුළුවන් මලදානයක් නැති බව උන්ටම තේරෙනවා ඇතිය. කළ යුතුව තිබුනේ මේ පිරිස් කව්දැයි කියා වාර්ථා කරන්නට දුරකතන අංකයක් හෝ ඊ මේල් ඇඩ්‍රස් එකක් ලබා දීම පමණි.

එසේ කළේ නම්, සමාජ මාජ්ජජාල තුල සිටිනා කාළකන්නින් සියල්ලම අල්ලා ගැනීමට හොඳටම ඉඩ කඩ තිබිනි. කළ යුත්තේ බහුතරයක් සාමයට ලැදි මිනිස් කමට ලැදි සාධාරන සමාජයක් වෙනුවෙන් පෙනි සිටිනා මිනිසුන්ගේ අදහස් වාරණයට ලක් කිරීම නොවේය.

රට ගිනි තැබූ උන් තාමත් එලියේය. බුකියෙන් අල්ලා ගත් කිසි දෙයක් කළ නොහැකි චූ කොල්ලෝ අතුලේය. චතුර අල්ලිස්ලා, සංඛ අමරජිත්ලා, රංගනලා මෙන්ම දිවයිනේ ජඩ්ඩ මාද්දියවේදියෝත් තාමත් එලියේය. නුවර ගොස් රට ගිනි තැබූ නානසාර, සිරිසේනගේ ගිනි නිවනා මීටිමේය. මේවාට හිනා වෙන්න වෙන්නේ හතර කොනෙන්ය. වීරවංශලා ගම්මන්පිලලා මෙන්ම ගේමම ඉල්ලන රිෂාඩ් බද්යුදීන්ලාත් තාමත් එලියේය.

රට ගිනි තැබුවේ සමාජ මාජ්ජ ජාලවලින් කියනා උන් කරන්නේ අමු බොරුවය. එක්කෝ උන්ගේ බැරි බැරියාව වසා ගැනීම සඳහා බුකිය වසා ගැනීමේ උවමනාවක් තිබෙනවා වෙන්න ඇතිය. එසේ නැත්නම් මේවා සම්පූර්ණයෙන්ම වසා දැමීමට පාරලිමේන්තුවේ සිටිනා සියල්ලම එකඟතාවකට පැමිණිලා තියෙනවා වෙන්න ඇතිය.

මේ රට ගිනි තිබ්බේ පොලීසියේ ආශීර්වාදයද ඇතුව, දේශපාලන් බැක් එකක් හිමි වෙල් ඕගනයිස් කිරිමෙනෙල් ගැන්සි බව ආන්ඩුව දන්නේ නැති උනාට, රටේ මිනිස්සු දන්නවාය. උන් කව්ද? උන් අයිති පක්ෂ මොනවාද? නියමුවන් කව්දැයි කියන්නත් ජනතාව දන්නවාය. මේවට මේ කමිටු දමා කරන්නේ අමු කොමඩි බවත් ජනතාව දන්නවාය. ජනතාවට ඕනා කමිටුවක් ඇත්තේ නැතිය. ජනතාවට අවශ්‍ය සාමයෙන් ජීවත් වීමට පමණමය. එසේ නැතුව එක එකාගේ ඇජෙන්ඩා වලට නටනා රූකඩ වීමට නොවේය.

56 බූරූ පුතුන්ට "පේස් බුක්, වෙබ් සයිඩ්" මැජික් වුවද, ලෝකය ගැන දන්නා මහා ලොකු ලිබරල් වාදීන් යැයි කියනා, රනිල් වික්‍රමසිංහලා මෙන්ම හර්ෂ ද සිල්වලාත් සමාජ මාජ්ජ ජාලා තහනම අගය කරමින් වැල් බයිලා ගැසීම, ලිබරල් යන නමටත් කරනා අමු නිගාවකි. අද ජාත්‍යන්තර වෙළදාම මෙන්ම සංචාරක ව්‍යාපාරය පවතින්නේද "වයිබර්" හා "වට්ස් ඇප්" අතරේ බව නොදන්නේ නම්, මුන්ගෙන් බලාපොරොත්තු වෙන ආර්ථික සංවර්ධනය එකම සිහිණයාක්ම පමණක් වන්නේය.  අනෙක මේ මාධ්‍ය වාරණ එන්නේ, ගෝත්‍රික සමාජයකින් නවීන ලෝකයකට ගමන් කරමු යැයි කියනා ජනමාධ්‍ය ඇමතිවරයකු යටතේ වීම එයිටත් එහා ගිය එකම විහිළුවකි.

ඔවුන්ගෙන් මෙන්ම නියාමන කොමිසමේ මහත්තුරුන්ගෙන අපට අහන්නට තියෙන්නේ මේ ටිකය

* එළාරට එදිරිව දුටුගැමුණු පිරිස් රැස් කොට එළාර මරා රජකම ගත්තේ facebook මෙහෙයුමකින්ද?

* පරංගියා කෝට්ටේ එක්කගෙන ගියේ facebook මෙහෙයුමකින්ද?

* පරංගියාට, ලන්දේසියාට එරෙහිව කැරළි ගැහුවේ facebook මෙහෙයුමකින්ද?

* සිරි වික්‍රම රාජසිංගහේ ඔටුන්නට කෙලියේ facebook මෙහෙයුමකින්ද?

* පර සුද්දාට එරෙහිව මාතලේ කැරළි, වෙල්ලස්සේ කැරලි කොලේ facebook මෙහෙයුම් වලින්ද?

* අනගාරික ධර්මපාලලා ජාතිවාදය පතුරන්නේ facebook මෙහෙයුම්වලින්ද?

* පොන්නම්බල්ම්ලා 50 50 ඉල්ලන්නේ ෆේස් බුක් මෙහෙයුම් වලින්ද

* 72 විජේවීර රටේම පොලිසි වලට කෙලියේ facebook මෙහෙයුමකින්ද?

* 83 ඇල්ලට වට දෙකෙන් පටන් ගෙන මුළු රටේම දෙමළ සංහාරයක් කළේ facebook මෙහෙයුමකින්ද?

* ඊට පස්සෙ ප්‍රබාකරන් අවුරුදු තිහක් තිස්සේ වෙනම රටක් කොරගෙන ගියේ facebook  Whatsapp  Viber වලින්ද..?

* 88/89 ජෙප්පෝ රට ගිනි තිබ්බේ facebook මෙහෙයුමකින්ද?

* 94 රනිලලි පාටියේ අවසානය සඳහන් කළේ facebook මෙහෙයුමකින්ද?

* 2005 මහින්ද චන්ද්‍රිකාගේ පුකත් නැතිවෙන්න ගහන්නේ facebook මෙහෙයුමකින්ද?

* 2009 මහින්ද ප්‍රභාගේ ඔළු කට්ට කුඩු කලේ facebook මෙහෙයුමකින්ද?

* 2015 මහින්ද ජනෙල් ගැට්ටේ එල්ලේන්නේ facebook මෙහෙයුමකින්ද?

* අන්තරේ උන් පාරවල් වසා පොලීසියට පුක පෙන්නන්නේ facebook මෙහෙයුම්වලින්ද?

* වඳ පෙත්තක් දමාගෙන අං පාර ගිනි තියන්නේ facebook මෙහෙයුමකින්ද?

* තඹුත්තේගම ජනතාව පාරට බැස්සේ facebook මෙහෙයුමකින්ද?

* ඩැයිවර් මැරුවා කියා මුලු නුවරම ගිනි තබා රට විනාශ කොට ජාතිවාදය පැතිරුවේ facebook මෙහෙයුමකින්ද?

මේවා ඇමරිකන් බයිලාය. ෆේස්බුක් යනු සමාජයේම කැඩ පතක් පමණි. facebook හෙවත් බුකියේ උන් ටිකක් එක තැනකට එක් රැස් කර ගැනීමට තිබෙනා අමාරුව දන්නේ බුකියේ කාළයක් තිස්සේ ඉන්නා එකෙක් ඉතරය. එය පුදුමයට කරුණක් නොවන්නේ, ෆේස්බුක් යනු මිනිසුන් නිදහස්න වෙලාවට විනෝදය සඳහා පැමිනෙන තැනක් වීමය. බොහෝ උන් ඉන්නේ නොරටය.

මේවා දෙස බැලූ විට ඉතාම පැහැදිලි කාරණය නම්, රට ගිනි තියන්නේත්, කැරලි කෝලාහාල කරන්නේත් වෙල් ඕගනයිස් පොලිටිකල් බැක්ග්‍රවුන්ඩ් එකක් ඇති අමු මදාවියෝය යන්නම පමණය. ඉදින් අතිසාරය වැළඳි මරණාසන්නව ඉන්නා මේ ගොබ්බ ආන්ඩුවට අපට කීමට ඇත්තේ, අමුඩ ගැසීම නවතා දමා දැන්වත් අතීසාරයට බෙහෙත් ගන්නාවා නම් බොහෝ හොඳයි කියනා එකය..

අවශ්‍ය බෙහෙත දඹර අමිල හිමියන් විසින් සොයාගෙන ඇත. VPN හරහා ගොස් හෝ බෙහෙත හොයා ගන්නේ නම්, මරණය සුළු කළකට හෝ පමාකර ගැනිමේ චැන්ස් එකක්ද ඇතැයි කියා, මේ සමාජ මාජ්ජ ජාල මෙහෙයුම නවතා දමනවාය. 

79 comments:

  1. තව සෙට් එකක් ඉන්නවා. ඒ "රාජපක්ෂලාට ගහන්නට" නම්, ඕනෑම බොරුවක්, මඩක් ෆේස්බුක් දැමීම සාධාරණයයි ඉගැන්වූ, වයිබර් වට්ස් ඇප් හරහා බොරු හා මඩ ගොසිප් වැපිරීම දේශපාලනය යයි ඉගැන්වූ සමාජ ජාලා මාධ්‍ය ඔස්තාද්ලාය.
    පුහුලට තියන්නේත්, ලබ්බට තැබූ අතමය.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ෆේස්බුක් කියන්නේ මොකක්ද කියලා ඉගෙනගෙන ඉමු මචෝ....

      Delete
    2. "තඹුත්තේගම ආන්ඩු විරෝධී කාලකන්නින්ගේ අඩව් ඇල්ලිල දුටු විගස"

      තඹුත්තේගම උන් ආන්ඩු විරෝධී කාලකන්නින් වී රතුපස්වල උන් වතුර ඉල්ලූ අහින්සකයින් උනේ කොහොමද බං ?

      Delete
    3. වහලෙකුට ඕවා කියලා දෙවට වඩා

      සිරිසේනට අවකලනය කියලා දෙන එක ලේසියි හිටන්

      Delete


    4. කවුද බොලවු මාටලංගෙ අමුඩෙ රුන්නෙ.....මෙලකට යහපාලනේ ගෙනාපු ලීඩින් පොරක්නෙ

      උගෙ අමුඩෙ රුන්නහම ගමටම බැන අඩ ගහන එක අමුතු දෙයක් යෑ

      Delete
    5. මාතේ සාමාන්ය පෙල පලවෙනි සැරේ ඇන ගත්තේ ගනන් ෆේල් නිසා. සිරිසේන 8 පන්තියෙන් පස්සේ කැලෙ පැන්නේ ගනන් ෆේල් නිසා.

      මාතේට ලේසියෙන්ම ආප්පයට අවකලනය විතරක් නෙවෙයි අනුකලනයත් කියල දෙන්ඩ පුලුවන්... මොකද දෙන්නම තමුන් කියන්නෙ මොනවද කියල තමුන්ම දන්නෙ නැති ජෝඩුවක් නිසා.

      දෙන්නගෙම මොලෙයි කටයි අතරේ යන නර්ව්ස් ටික කපල ලැජ්ජ ෆයිල් එක මකල බිජ්ජ විතරක් ඉතුරු කරල තියෙන්නෙ.

      Delete
  2. ඈ බං ආණ්ඩුවට බැන බැන උඹත් කොමෙන්ට් වාරණය කරනවාද ?

    ReplyDelete
    Replies
    1. මැරිච්ච මිනිස්සුන්ටත් අපහාස කරන අමු තිරිසන්නු නිසා... තෝ කාලෙන් කාලෙට රටේ ඉන්න / හිටපු , මැරිච්ච්/ජීවත්වෙන මහජන චන්දෙන් පත්වෙච්ච නායකයින්ට අපහාස කරලා තීරු ලිපි ලියන්නේ උඹ සුකරයෙක් නිසානේ ද? එතකොට තිරිසනා උඹද අපිද

      එනිසා තමයි සුකරයෝ , තොපි වගේ කාලකන්නි නිසා තමයි.. අද සමාජ මාජ්ජ ජාලාවලටත් කෙල වෙලා තියෙන්නේ... දෙපිටකාට්ටුවෝ

      කොස් මල්ලිගේ ඔලුව වගේ, පොර උරේක ගුණසිංහ පුරේ තිබුනත් අපිට නම් පුදුමයක් නෑ
      උඹ ඕන මගුලක් මොඩරේට් කරගනින්
      මේ සුකරයාට නම් මේ උපාය මාර්ගික ඥානය නැත.මේ යම් ප්‍රමාණවත් ශක්තියක් තිබේ නම්, අවස්ථාවන් වාසි දායක නම්, මේ අභියෝගයත් බාර ගෙන බලමු

      Delete
    2. ඔව් බං.... මේවා විනයක් ඇතිව ගෙනියන්නේ කොහොමද කියලා මම ආන්ඩුවට උගන්වනවා.. විවේච්නයට බය නොවනා හැටිත්... තිරිසන් කොමෙන්ට්ස් වලට ඉඩ නොදෙන හැටිත් හැමෝටම කියලා දෙනවා... කෙසේ වෙතත් උඹලා වග ප්‍රෝෆයිල් එකකින් එන උන් මම අගය කරනවා...

      Delete
  3. මාතලන් මේ අනාවැකි කියන්නට පටන් ගත්තේ 2015 ජනවාරි 9 දා සිටය. එහෙත් ඒවා ඇසුණු කෙනෙක් හෝ අහන කෙනෙක් හෝ සිරි ලංකාවේ ඇතැයි හිතා ගන්නට බැරි තරමටම ජනතාව ගොනාට අන්දවන්නට සිරිසේන ලොක්කා සහ ඔහුට මහින්දගෙන් දෑවැද්දට ලැබුණ හොරු කණ්ඩායම සමත්ව ඇත. රනිල් සහ යූඇන්පී කාරයෝ ඉන්නේ ගමේ භාෂාවෙන් කියනවා නම් "ගොන් පස්" ඇල්ලීමේ කාර්යයට පමණි. මේ රටට පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් හෝ මුල්‍ය ප්‍රතිපත්තියක් නැත. පතෝල කරල් ජනාධිපතියා කරන්නේ සියලුම වැඩ කටයුතු ආපස්සට හැරවීම පමණය. පාසැල් සිසුන්ට ලැප්ටොප්/ටැබ් එපා කී එකා ෆේස්බුක් වාරණය තිබියදී එහි පෝස්ට් දමන්නේ තිබෙන මෝඩ කම නිසාය. රජකමට නුසුදුසු එකා සිංහාසනයේ තිබ්බාම සිදුවන්නේ විනාශයක්මය කියා සනාථ කරන්නට තවත් උපමා රූපක අවශ්‍ය නැත. ඉදිරියේදී කියනු ඇත්තේ "සිරිසේන ජනාධිපති වුණා වගේ" කියාය.

    සිරිසේන සහ පොලිස්පතියා කරන්නේ රඟපෑමක් පමණය. ඒ දෙදෙනාටම රටේ නිතිය සහ සාමය රැකීමට තඹ දොයිතුවක හෝ අවශතාවයක් ඇත්නම් හදිසි නීති යටතේ පළමුවෙන්ම අත්අඩංගුවට ගත යුත්තේ ගලගොඩඅත්තේ ඥානසාරයා සහ රිෂාඩ් බදියුර්දීන් වැනි ජාතිවාදීන්ය. සිංහල බෞද්ධයන්ට එක නීතියකුත්, සුළු ජාතීනට තවත් නීතියකුත් ශිෂ්ඨ සමාජයක තිබෙන්නට බැරිය.

    ReplyDelete
    Replies
    1. මාතලන් සිරා දේශපාලන විචාරකයෙක් කියා හිතන ඔහේ ගැන පුදුම කණගාටුවකි.

      Delete

    2. මට මොනවා හිතුනහම ඔහෙට මොකද? නිර්නාමිකව ඉන්නා එකෙක් කියන දේවල් කවුද ගණන් ගන්නේ?

      Delete
    3. මුලින් කරන්න ඕන ඒවා පස්සෙ කරලා වැඩක් නෑ තිස්ස මහත්තයෝ... 56 සඟ වෙද ගුරු ගොයි කන්කරු කියන මී හරක් පක්ෂය හදන කොටම... ජාතිය ආගම මුල් කර ගත් පක්ෂ හා සංවිධාන හදන එක නවත්තන්න තිබුනා... දැන් ඒවට කල් වැඩියි...

      Delete
    4. නිර්නාමිකව ඉන්නා එකෙක් කියන දේවල් කවුද ගණන් ගන්නේ? අනේ කොටළුවෝ උඹ නමන් ආවයි කියලා අපිට පාන්ද ? ෆේස් බුක් නැතිවුනා කියලා ඇයි නාහෙන් අඬන්නේ අම්බරුවෙක් වගේ

      Delete
    5. ජාතිය ආගම මුල් වෙච්චි දේශපාලන සංවිදාන බිහි උනේ සුද්දගෙ කාලෙමයි.
      සුද්දා ඒකේන් දර හදල තියල ගියා. බන්ඩ, කොතලේ, ජේආර් එකතුවෙල පෙට්‍රොල් දැම්මා. සයිඩ් මිරර් එකක් කැඩෙන කොට එන ස්පාර්ක් එකත් ඇති ගිනි ගන්ඩ.

      Delete
    6. https://en.wikipedia.org/wiki/All_Ceylon_Tamil_Congress

      Delete
  4. //කළ යුත්තේ, ඊ නිව්ස් ගෙන එන චෝදනාවලට ආන්ඩුව පිළිතුරු සැපයිය යුතුවාක් මෙන්ම, ජාතිවාදය පැතිරිමේ නියුතු මාධ්‍ය ආයතනවලට තද බල නීතී රීතී හඳුන්වා දෙමින් ඒවා යම් කිසි නිරීක්ෂණයකට යතත් කීරීමය.// එකෙන්ම

    ReplyDelete
    Replies
    1. එච්චර මොලයක් නෑ බලයට ආවම... මට දුක එජාපේ අළුත් ඒවූනුත් මේවා අනුමත කිරීම...

      Delete
  5. කතාව නම් ව්යිෆයි දෙන්න. මහ ලොකු ෆේස්බුකි ජනාදිපති කිය කිය උඩ දැම්මෙ දැන් හරි නෙහ්

    ReplyDelete
    Replies
    1. කොහොමත් දෙනවයි කියන කිසි දෙයක් කිසිම ආන්ඩුවකින් බලාපොරොත්තු වෙන්න එපා..

      මේ තමයි සිරිසේනගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය....

      Delete
  6. //"2015 මහින්ද ජනෙල් ගැට්ටේ එල්ලේන්නේ Facebook මෙහෙයුමකින්ද"// නැතුව? ඒක එහෙමයි කියල ඒ දවස් වල ඔක්කොමලා කිව්වනේ .
    2018 දී පොහොට්ටුව දිනුවම ලිබරල් ට්‍රාන්ස්ජෙන්ඩස්ලා ටික බය වෙන්න ඇති , ඉතිං එකට බනින්න ඕනෑයි

    ReplyDelete
    Replies
    1. මහින්ද කිව්වේ මේවා තියෙන්නේ ආතල් ගන්න කියලා මචෝ... නමුත් එයැයිට කෙල උනේ බුකිය "නිසාම" නෙමෙයි මචෝ.... අන්තර්ජාලේ කියා මෙලෝ මලහත්තිලව්වක්කත් නොදන්නා උන්ගේ බඩට ගහලා. බලු කෑම අඩු කරපු නිසා... එයැයිට රටේ ජනතාවට වඩා බල්ලෝ ලොකු උනා..

      මේ සැරේ බුකියේ අති බහුතරය සපෝට් කලේ ජෙප්පන්ට... මහින්ද මේ විදියට දිනයි කියලා මහින්දවත් හිතුවේ නෑ... ඒත් රටේ ජනතාව පුකට පයින් ගහන්න ඕන උනාම..

      නොදන්න මල පෙරේතයින්ට වඩා දන්න යකා හොන්දයි කියලා විශ්වාස කොරනවා හිටන්..

      Delete
    2. ඉවාන් පවුලූශා
      පරිභෝජනය සඳහා වෙළඳසැලෙන් රැගෙන ආ ලුණු පැකට්ටුවේ මියගිය ගෙම්බෙක් සිටි බව පොළොන්නරුව බැදිවැව අයුර්වේද වෛද්‍යවරයෙකු වන කේ ජි රවින්දු කුමාර මහතා පවසයි.

      අද (12) උදෑසන මෙම ලුණු පැකට්ටුව විවෘත කොට පරිභෝ‍ජනය සඳහා ගැනීමේදී යාමේදී මෙම ගෙඹි මළ සිරුර හමුව තිබේ.

      මෙම ලුණු පැකැට්ටුව ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනය මඟින් පවා සහතික කර තිබෙන නමුත් ලුණු පැකට්ටුව සම්බන්ධයෙන් පරිභෝගික අධිකාරීයට පවා පැමිණිලි කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

      මේ අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ බලධාරීන් දැඩි කි‍්‍රයා මාර්ග ගත යුතු යැයි ඒ මහතා වැඩිදුරත් පැවසීය .

      හන්බන්තොට PHI මෙයට වගකිවයුතුයි ලුණු හැදුවේ හන්බන්තොට ලේවායේ ඉක්මනට හොයලා දියන් කවුද PHI කියලා

      Delete
    3. අයිෂේ, බැදිවැව වෙදමහතාට කියනව ඔය පැකට් එකේ ඕකේ මුල් වචනේ විතරක් නෙවේ සම්පුර්ණ නම හරියට කියවන්න කියල නැවතත්.
      ඕක 'ලුණු දැමු ගෙඹි මස්'. යවන්නේ ප්‍රන්සෙට ලොකු හෝටල් වලට.

      Delete
    4. ඇනෝ, ඉවාන් පල්-පූසා ගේ බුද්දි මහිමයට කෝචොක් දාන්ඩ එපා. එතුමා ඉන්ජිනේරුවෙක් කියලා ගිය සැරේ නෙලුම් යායේ හෙන පඩ-ශෝ එකකුත් දාල ඉන්නෙ...

      Delete
  7. මාතලන් පාන්ඩුවෝ උඹ මේවා ලියලා ආණ්ඩුව කෙළවයි කියලා හිතනවද ඒවාට තව අවුරුදු 2 කටයි පුකයි මැදගෙන ලෑස්තිවෙලා හිටපන්. උරන්නයි ඇරගන්නයි දැන ඉගෙන ගත්ත විට වයසට ගියත් ගානක් හොයා ගන්න පුළුවන්.

    ReplyDelete
  8. Ranil ta labuna chance ekata mafda gahanna epa banz..
    FB thahanam kare andu wirodee ewwa mewwa nawathanna

    ReplyDelete
  9. "අපි ලංකාවට සේවා සැපයීමෙන් තාවකාලිකව ඉවත් වී ඇත"

    මේ සතියේ අග බොහෝ දුරට ආණ්ඩුව වෙනුවෙන් මලපෙරෙතයන්ට දානයක් දීමට මම සිතා සිටිමි. ඒ වරණය අහවරවූ සැනින්මලපෙරේත දානය සුදානම් කර දෙන්නට ය .

    මේ ආණ්ඩුව මට ඒ තරම් අප්පිරියාසහගතය .

    මේ දේසපාලන කතාවක් නොවන බැවින් දේශපාලනය අප්පිරිය නෝනා මහත්වරුන් සුපුරුදු පරිදි කොමෙන්කිරීමෙන් වලකී නොසිටී යැයි ආටියා ට හිතෙනවාය .

    ඉන්ස්ටග්‍රෑම් පවා බ්ලොක් කරේ මොන හත්තිල්ලවටද උඩ ඉන්න දෙවියෝ පවා දන්නේ නැතිය .


    දෙයියන් ගෙන් රටේ තත්වයට පිහිටක් වන්නට පුළුවන් ද ඇසු විට උන් දෙන්නේ පට්ට උත්තරයක් ය .

    ඒ "අපි ලංකාවට සේවා සැපයීමෙන් තාවකාලිකව ඉවත් වී ඇත " කියා ය . දෙයියන්ගේ රටෙන් දෙයියන් නොකියාම යන්නට ගොස් ඇත .

    http://magelokaya01.blogspot.com/2018/03/blog-post_11.html

    ReplyDelete
    Replies
    1. මරු බං.... දිගටම ලියපන්... කොමෙන්ට්ස් ගැන වොරි වෙන්න එපා... කොමෙන්ට්ස් බලාගෙන ලිව්වා නම්... මාතලන් කෙනෙක් අද නෑ...

      Delete
    2. තැන්ක්ස් ප්‍රියන්ත අය්යේ .

      බ්ලොග් ලෝකයේ මම කැමතිම බ්ලොග් එක තමයි "maathalan" . ගොඩක් දේ ඉගෙන ගත්තා බ්ලොග් ගැන මෙතනින් .

      ඒ මොකද කියනවනම් " පැත්ත ගියත් හෙට මැරුවත් ඇත්ත නැවෙන්නේ ඇබරෙන්නේ නැතුව දෙයියන් ට උනත් කෙලින් කියන නිසා " .

      Delete
    3. පොඩි අවුලකට තියෙන්නේ මාතේ අද කියන ඇත්ත තව මාස 2-3 ක් යන කොට අමතක වෙලා ඊලඟට කියන ඇත්ත එක්ක පරස්පර වෙනව.
      ඇත්තේ පැත්තක් ගියාට පස්සෙ ඉතුරු වෙන ටික නිසා වෙන්ඩ ඇති නේද පරහ හිටින්නේ?

      Delete
  10. මාතලන් තුමාෙග් අවංක කමට මම ගරුකරනවා.
    මම කල්පනා කලේ ඔයාට වඩා උගත් අයට මේ වාරනයේ වැරැද්ද නොතේරීමගැන.

    ReplyDelete
    Replies
    1. උගත් කම තිබුනට වැඩක් නෑ බුද්ධිය නැත්නම්...

      Delete
  11. 83 ජුලි කලබල වලට වාමාංසික පක්‍ෂ වගකිවයුතුයි කියල ඒව තහනම් කරාවගේ තමයි මේ සැරේ සමාජ මාධ්‍ය ජාල අල්ලගෙන තියෙන්නේ . තහනම් කරනවනම් ඔය පාර්ලිමේන්තුවෙත් ඉන්නේ ජාතිවාය පතුරන කාතා කරන එවුන් . මම කියන්නේ හැම ජාතියකම.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම. උන් තාමත් ජාතිවාදය පතුරනවා, උන්ට අත තියන්න මුන් ගූ බයයි...

      Delete
  12. ආණ්ඩුවෙන් හැම දෙයක්ම පිනට බලාපොරොත්තු වෙන මාතලන් වගේ ප කින්ලා ෆේස් බූක් වගේ එකක් අවහිර වුනා කියලා සිදුවෙන ආර්ථික පාඩුව පහදන්න ටැබ් පෑඩ් නිකම් ගන්න නේ උඹලා බලන් ඉන්නේ තව මොනවද නිකම් ඕනේ බ්ලොග් ලියනවට පින් පඩියක් , කියක් විතර ඕනෙද මාතලන් උපයන මුදලින් රජයට ආදායම් බදු ගෙවනවද

    ReplyDelete
    Replies
    1. ඉන්ලන්ඩ් රෙවනිව් එකෙන් අහලා බලහන්...
      තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ...

      Delete
    2. මාතලන් බදු නොගෙවන නිසා ඉන්ලන්ඩ් රෙවනිව් එකේ ෆයිල් එකක් නෑ එකේ වැඩකරන් ගමන් තමයි මේ ලියන්නේ

      Delete
    3. සමුර්ධි ලාභියෙක් වශයෙන් සුදුසුබව පෙන්නුම කරයි කරණාකර ග්‍රාම සේවක මගින් ඉලුම්පතක් ඉදිරිපත් කරන්න

      Delete
  13. පිස්සන් මන්ද බුද්ධිකයින් හා අන්තවාදීන් lunatic fringe එකේ හැම රටේම ඉන්නවා
    ඒත් ලංකාවේ ප්‍රවණතාවයක් ආවා උන් main stream වෙන්න. විශේෂයින් සමාජ මාධ්‍යවල. ඒවායේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගෙන් සෑහෙන කොටසකුත් අරුන් තමයි හරි කියන මට්ටමට හා උන්ගේ විකාර ශෙයාර් කරන පුරුද්දට ආවා.

    ReplyDelete
    Replies
    1. ජනාධිපති අමු ජාතිවාදියා උනාම එතනින් එහාට මොන කතාද මචෝ....

      Delete
  14. http://jonelemon.blogspot.com/2018/03/facebook.html

    ReplyDelete
  15. ෆේස්බුක් Block කර අනිද්දාට දින හතක් පසුවේ. බුකියේ රවුම් ගමින් සිටි උන්ට, පොරටොක් සංගම්වලට, කේලම්කාරයන්ට, ගොසිප්කාරයන්ට ,පොශ් නංකිලාට, කීබෝඩ් විප්ලවකාරයන්ට, ජාතිවාදින්ට, ජඩයන්ට අන්තවාදින්ට, සිගිිති පාතාලයන්ට ,ආගමික උන්මත්තකයින්ට ,පරයන්ට සහ මාතලන් වැනි සුකරයින්ට මේ වනවිට තදින් උන ගැනී තිබේ. මේවට රජයන් නොමිලේ බෙහෙත් දෙනු නොලැබේ.

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් Block කර ඇති නිසා මාතලන්ට සතුටුයි ද කාපන් ගූ

      Delete
    2. උඹ කන ජාති මම කන්නේ නෑ යකෝ

      Delete
    3. උඹට එකවත් කරගන්න බෑ තව ආණ්ඩු පෙරලන්න හදන්නේ

      Delete
  16. ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා තහනම ඉවත් කිරීම ගැන සලකා බලන්නේ ජාතීවාදී ආගම්වාදී ප්‍රචාරයන් නැවතී ඇතැයි ආරක්ෂක අංශ විසින් සහතික කිරීමන් පසුව යයි ජනාධිපති ලේකම් ප්‍රනාන්දු මහතා පවසයි.

    මෙම වාරණය ඉවත් කිරීම ගැන මෙතෙක් රජය කිසිදු තීරණයක් ගෙන නැතැයිද සදහන් කරයි.

    සමාජ ජාලාවන්හි ජාතිවාදී ආගම්වාදී ප්‍රචාරයන් පල කිරීමට නොහැකි ආකාරයේ පාලනය කිරීමකට සාකචඡා කරමින් සිටින බවද ජනාධිපති ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටී

    හු හු ඇද්ද උඹලට මාතලන් දැන් දියවන්නාව වට රවුමේ ඉස්සරහට ගිහින් ගිනි තියාගෙන පෙන්වපන්

    ReplyDelete
    Replies
    1. අපි නම් කිසි අවුලක් නැතිව යනවා හිටන්..

      හූව රෝල් කරලා පුකේ ගහගන්...

      Delete
    2. මාතලන් දැන් දියවන්නාව වට රවුමේ ඉස්සරහට ගිහින් ගිනි තියාගෙන පෙන්වපන් අයි මේකට "හා" කියන බැරිද ?

      Delete

  17. ෆේස් බුක් සමාජ ඡාලය තුළ ප්‍රකාශන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් තරුණ තරුණියන් දහස් ගණනක් සමඟ තමා ද පාරට බැසීමට සුදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

    අද(12) කොළඹ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

    මහනුවර ඇති වු ගැටුම මේ වන විට අවසන් වී ඇති බවත්, ඒ අනුව ඇඳිරි නීතිය ද අවසන් බවත්, අනිද්දා වන විට හදිසි නීතිය ද අවසන් වීමට නියමිත බව ද පැවසු ගම්මන්පිල මහතා, ෆේස් බුක් තහනම මෙතෙක් අවසන් වී නොමැති බව ද කියා සිටියේය.හා මාතලන් දැන් මුගේ පස්සේ එල්ලියන් හා ද

    ReplyDelete
  18. කෝ මේ සිව්මන්සල kolgezza

    ReplyDelete
  19. සමාජ මාධ්‍ය ජාලා ද්වේෂ සහගත පරමාර්ථයෙන් යුතුව භාවිතයට මා සපුරා විරුද්ධය. මාගේ සමාජ මාධ්‍ය ජාලා භාවිතය තුළ මා කිසිදා එසේ සිදුකර නොමැති අතර වෙන කිසිවකුට ඒ සඳහා ඉඩදී නොමැත.

    එමෙන්ම එසේ ද්වේෂ සහගත ලෙස සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන්නන් ස්වල්පදෙනෙකු පහසුවෙන් නීතියේ ග්‍රහණයට හසුකර ගැනීමට උපරිම ලෙස හැකියාව තිබියදී විවේචනයන්ගෙන් ගැලවීමට , තමන්ගේ සාර්ව නොහැකියාව වසන්කරගැනීමට සහ ප්‍රශ්න මගහැරයාමට මේ කර ඇති කැකිල්ලේ වර්ගයේ සමාජ මාධ්‍ය ජාලා වාරණය මම පිළිකුලෙන් යුතුව හෙළා දකිමි.

    පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලනඥයන්ගේ වත් පොත් පිටු සඳහා මෙන්ම දේශපාලන පක්ෂ සඳහා වත් පොත් පිටු සඳහා මම කැමැත්ත (like) ප්‍රකාශ කර ඇත්තෙමි. ඒ ඔවුන් වෙනුවෙන් වන විශේෂ කැමැත්තක් නිසා නොව ඔවුන් කරන කියනදේ වත් පොත හරහා දැනගැනීමද දේශපාලනිකව වැදගත් වන බැවිනි.
    නැවත කවදා සමාජ මාධ්‍ය ජාලා වාරණය අවසන් කෙරෙයි ද යයි මා නොදන්නා අතර එක් දෙයක් පමණක් ස්ථිරව දනිමි පවසමි.

    සමාජ මාධ්‍ය ජාලා නැවත සක්‍රිය වූ දිනක මා මාගේ සමාජ ජාලා තුළට පිවිස ප්‍රථමයෙන් සිදුකරනුයේ මේ කැකිල්ලේ වර්ගයේ සමාජ මාධ්‍ය ජාලා වාරණයට පියවරගත් එයට අනුබල දුන් සහ එය සාධාරණීකරණය කළ සියලු සියලු දේශපාලුවන් (පක්ෂද ඇතුලත්ව) සියලුදෙනා කෙරෙහි අකමැත්ත (dislike) ප්‍රකාශ කිරීම සහ ඔවුන් අවහිර (block) කිරීමයි.

    එසේ කරන ලෙස මම ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    ReplyDelete
  20. Hi woᥙld you mind sharіng wһich blog platform you'rе workіng witһ?
    I'm looking to start my own blog іn the near future but I'm having a difficuⅼt time selecting betᴡeen BlogEngine/Wordpress/B2evolution аnd Drupal.

    The reason I ask is because your laуout seems different
    then most blogs and I'm looking for something unique.
    P.S My apologies f᧐r getting off-topic but
    I had to ask!

    ReplyDelete
    Replies
    1. You can get an idea from the link below

      http://campussyndi.blogspot.com/2014/01/1.html

      For more details please contact me on happyjay65@gmail.com

      Delete
  21. අන්තර්ජාලය සහ ජන ජීවිතය - 01

    ශිෂ්ටාචාරයේ දියුණුව පිණිස මානවයා නිර්මාණය කළ අග්‍රගන්‍ය මෙවලමක් වූ අන්තර්ජාලය වත්මන් ලෝකයේ මානව නිදහසේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සන්නිවේදන විප්ලවයේ සංකේතය බඳු වෙයි.

    වර්තමානයේ යම් රටක් මානව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට යම් ප්‍රතිපත්තිමය තීරණ ගන්නේද, අන්තර්ජාලයට ප්‍රවිෂ්ට වීමේ නිදහස සහ එම හැකියාව ඉහල නැංවීම එම ප්‍රතිපත්තීන්හි මූලික අරමුණක් වන්නේය.

    එවන් මෙවලම් විටෙක බලාපොරොත්තු නොවූ අරමුණු පිණිස ඇතැමුන් යොදා ගත්තද ඒවායින් සමාජ ප්‍රගමනය වෙනුවෙන් සිදු වන මෙහෙවර ප්‍රතික්ෂේප කළ නොහැක.


    අන්තර්ජාලයට ප්‍රවිෂ්ට වීමේ නිදහසට එරෙහි වන සහ ඒ සඳහා සීමා පනවන රාජ්‍යයන් බොහෝ විට දූෂණය, වංචාව අතින් පරිහානියට පත් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවතේ ගමන් ගන්නා රාජ්‍යයන් බවට සැලකේ.
    ශ්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් ආදර්ශයට ගන්නේ මානව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගන්නා රාජ්‍යයන් ද එසේ නැතහොත් දූෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍යයන්ද යන්න ප්‍රශ්න කිරීමේ කාලය උදා වී ඇත.

    මේ අදුරදර්ශී ක්‍රියාකලාපයන් නිසා ශ්‍රී ලංකාවේ කීර්තිනාමය කෙලෙසීමෙන් සංචාරක ව්‍යාපාරය හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අප රටට හිමිවී තිබෙන කීර්තිනාමය කෙලෙසී ගොස් විශාල ආර්ථික අලාභයන්ට මුහුණ පෑමට සිදුවනු ඇත.

    අන්තර්ජාලය දැන් ජන ජීවිතයට අත්‍යාවශ්‍ය අංගයක් වි අවසන්ය. එදිනෙදා ජීවිතයේදී හිත මිතුරන් සමඟ මෙන්ම ව්‍යාපාරික මට්ටමේ සන්නිවේදන කටයුතු සඳහා ද, අධ්‍යාපනික කටයුතු, ප්‍රජා සංවිධාන මෙන්ම ව්‍යාපාරික ආයතනද අන්තර්ජාල මාර්ගයෙන් කරගෙන යනව.

    අන්තර්ජාල භාවිතයේදි සමාජ ජාල වැදගත් කාර්යය භාරයක් ඉටු කරන අතර, ඉතා පහසුවෙන් සන්නිවේදනයට ඇති හැකියාව සහ තමන්ට රුචි විෂයන් පිළිබඳව දැනුම බෙදා ගැනීම, ව්‍යාපාරික ආයතනවල මහජන සම්බන්ධතා සම්බන්ධීකරණය කිරීම වැනි කාරණා සඳහා මෙරට ජනතාව බහුලව සමාජ ජාල භාවිතා කරයි.

    සමාජ ජාල පාලනය නිසා ඇති ගැටලු

    සමාජ ජාල යන්න අද වන විට හුදෙක් විනෝදාස්වාදය සඳහා හෝ හිත මිතුරු සම්බන්ධතා පවත්වාගැනීම උදෙසා පමණක් භාවිතා වන්නක් නොවේ. අද ඊට වඩා පුළුල් පරාසයක කටයුතු සඳහා සමාජ ජාල භාවිතා වේ. ඒ හේතුවෙන් මෙවැනි වාරණයන් විවිධ ක්ෂේත්‍රවල කටයුතු අඩපණ කිරීමට හේතුවේ .

    ReplyDelete
  22. සකර්බර්ග්ගෙන් Facebook අපේ සරල්බර්ග්ලගෙන් Faceblock. පොඩ්ඩයිවෙනස.
    අම්මප ලංකාව දියුණුවෙච්චි තරමක් බලාගෙනයනකොට

    ReplyDelete
    Replies
    1. ලෝකේ දියුණු රටවල් වල පෙස්බුක් බ්ලොක්ය කියලා කියන්නේ අර මාළු බාන අමනවීරයා

      Delete
  23. මාතලන් හැදුවා නව පෙරමුණක්
    රට ජාතිය ආගම බේරගන්න
    මුලින්ම හදමු බැංකු ගිණුමක්
    මැදපෙරදිග කොරියාවේ යුරෝපයේ
    ලෝකයේ හතර කොනේ ඉන්න
    මාතලන් වගේ මෝඩ වාහෙලාගෙන්
    ගරා ගන්න අත මිට මුදල් හදල්

    හේත්තු වෙමු අපි හොර ඇමතියෙක්ට
    උගෙන් ගමු වාහන අමාත්‍යාංශයේ නමට
    බොරුවට බුරමු පෙන්නා අපේ වැඩ කිඩ
    මාසෙකට දෙකකට වරක් කොහේ හෝ තැනක
    උද්ගෝෂණය කරමු රට ජාතිය ආගම විනාසයි කියා

    හොයාගමු මොකෙක් හෝ හතුරෙක්ව කොහෙන් හරි
    ෆේස්බුක් තහනම තමයි අපිව විනාශ කරන්න ඉන්නේ කියා
    එක්‍ රැස් කරමු අපේ සේනාව ඉල්ලමු තව තවත් ආධාර
    සල්ලි ගිණුමට එනකොට යමු රට සවාරි
    විස්කි බ්‍රැන්ඩි හොරෙන් ගහමු නොපෙනෙන්නට
    නාරි මාංශයත් හොරෙන් විඳිමු පෙන්වමින් නික්ලේශී බව
    මේක කර ගමු අපේ ජීවන මාර්ගය
    එකම ආදායම් මාර්ගය ගොඩ යාමට හැකි හා!

    ReplyDelete
    Replies
    1. මරු බං....

      හා කිව්වේ නැහ්නන් තරහා වෙයි නේ...

      හා

      Delete
  24. ජාතිවාදයට මුවා වී සිරිසේන අකමැති ෆේස්බුක් ගිණුම් තහනම් කරන්නැයි ‘සක්තිලක‘ සහ ‘වල පයයි ගොඩ පයයි‘ගෙන් ෆේස් බුක් සමාගමට බලපෑම්..! ලංකා ඊ නිව්ස් අංක එකට..! තහනමට එරෙහි සමුළුවක් අද උදේ

    (ලංකා ඊ නිව්ස් -2018.මාර්තු.13, ප.ව.9.20) ජාතිවාදයට වැට බැඳීමට මුවා වී ආරම්භ කෙරුණු ශ්‍රී ලංකාව තුල ෆේස් බුක් සමාජ ජාලය අවහිර කිරීම මේ වන විට සියේට හතරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විවේචනය කරන ෆේස්බුක් පිටු තහනම් කිරීම දක්වා ඉදිරියට ගොස් තිබේ. මෙකී ගල්යුගයේ ජීවත්වන සමාජ ජාල ගහලයන් අතර කැපී පෙනෙන ගහලයන් දෙදෙනෙකු වන්නේ ජනාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම් සිරාල් සක්තිලක සහ විදුලි සංදේශන නියාමන කොමිසමේ (TRC) සභාපති සහ ජනාධිපති ලේකම්වරයාද වන ‘වල පයයි ගොඩ පයයි‘ ලොක්කා ය.

    මොවුන් ෆේස්බුක් සමාගමට දන්වා ඇත්තේ ෆේස් බුක් තහනම ඉවත් කිරීමට නම් TRC ය සහ සර්ට් ආයතනය දැනුම් දෙන ෆේස් බුක් ගිණුම් තහනම් කළ යුතුය යන කොන්දේසියයි. සර්ට් ආයතනය යම් තාක් ස්වාධීන ආයතනයක් වුවද TRC ය යනු ජනාධිපතිගේ දේශපාලන අතකොලුවකි. ෆේස්බුක් ආයතනය සක්තිලක සහ වල පයයි ගොඩ පයයිගේ යෝජනා මෙතෙක් පිළිගෙන නැත.

    කෙසේ වෙතත් ලංකා ඊ නිව්ස් වෙත දැන ගන්නට ඇත්තේ මේ පිරිස තහනම් කරන්නැයි ඉල්ලා සිටින ෆේස්බුක් ගිණුම් අතර පළමු තැන ගෙන සිටින්නේ ලංකා ඊ නිව්ස් ෆේස් බුක් ගිණුම බවය. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම මේ පිරිස විසින් කිසිදු අධිකරණ නියෝගයක් නොමැතිව බාධා කර ඇති නමුත් ජනතාවට එය කියැවීම බාධාවක් වී නැත්තේ ලංකා ඊ නිව්ස් ෆේස් බුක් ගිණුම නිසාවෙනි. ජාතිවාදයට එරෙහිවීමේ අවස්ථාව බලා දැන් එයද තහනම් කර ගැනීම මේ තක්කඩියන්ගේ අභිලාෂයයි. ඊට උඩ ගෙඩි දෙන ප්‍රවෘත්තියක් එක්තරා වෙබ් අඩවියක් විසින් පසුගියදා පළ කර තිබිණ. ‘ලංකා ඊ නිව්ස් නිකම්ම පෙනෙයි‘ නම් පුවතකින් දක්වා තිබුනේ ගූගල් ට්‍රෙන්ඩ්හි දත්ත යැයි කියමින් වීපීඑන් හරහා ලංකා ඊ නිව්ස් කියැවූ වැඩිම පාඨක පිරිස ගැටුම් ඇති වූ මධ්‍යම පළාතේ අය බවයි. ගූගල් සමාගමෙන් අප කළ විමසීමේදී දනගන්නට ලැබුනේ එය අමූලික බොරුවක් වන අතර එදින ලංකා ඊ නිව්ස් වැඩියෙන් කියවා තිබුනේ සබරගමු පළාතේ අය බවයි. සබරගමු පළාතේ ජාතිවාදී ගැටුමක් තිබුනේ නැත. ජඩමාධ්‍ය ඩීල් කරුවෙකු ලෙස ප්‍රකට එම වෙබ් අඩවි අයිතිකරුගේ බලාපොරොත්තුව වන්නට ඇත්තේ ලංකා ඊ නිව්ස් ජාතිවාදය වැපිරීමට උදව් වන අඩවියක් බව ඇඟවීම වුවද ලංකා ඊ නිව්ස් කිසිදු දිනයක ජාතිවාදයට හෝ ආගම්වාදයට උඩ ගෙඩි දී නැතුවා පමණක් නොව අප ඊට එරෙහිව සටන් කරන්නෝ වෙමු. නමුත් ලංකා ඊ නිව්ස් යනු සියේට හතරේ ජනාධිපති ජනතා ද්‍රෝහියෙක් කියා ඔහුට පළමු ගල ගැසීමට බිය නොවූයේද වෙමු.

    ගෝත්‍රිකයා සමග අගාධයට යන එජාපය
    ජාතිවාදී ගැටුම් සමනය වීමෙන් පසුවත් මෙම සමාජ ජාලා තහනම දිගටම පවත්වාගෙන යෑම ගැන ආණ්ඩුවේ එජාප පාර්ශවය කැමැත්තක් නොදැක්වුවද ජනාධිපතිගේ ගෝත්‍රවාදී වුවමනාවන් අභිබවා වැඩ කිරීමට කොන්දක් නොමැති කම නිසා ජනතා අප්‍රසාදයට ලක්වී සිටිති. අපොස උසස් පෙල සියලුම සිසුන්ට අන්තර් ජාල පහසුකම් සහිත ටැබ් එකක් නොමිලේ ලබා දීමට එජාපය කටයුතු කරන ලද්දේ තරුණයන් අන්තර් ජාලයට පිවිසෙනවාට බිය නැති නිසා විය යුතුය. නමුත් ඊට ගෝත්‍රීක සිරිසේන අකුල් හෙලද්දී එජාපය කට පුක පියාගෙන සිටියේ ය. අඩුම ගණනේ තමන්ට කැමැති ඇමැතිවරයාට නීතිය හා සාමය බාර දෙනවාට පවා සිරිසේන විරුද්ධ වන විට එජාපය කට පුක පියාගෙන පරාජය බාර ගන්නේ ය. මේ අවස්ථාවේ දී ද ජනාධිපතිගේ ගෝත්‍රික සිතුම් පැතුම් මත සමාජ ජාලා වාරණය කර ගෙන සිටියදී එජාපය ඊට විරුද්ධ වුවද කට පුක පියාගෙන සිටින්නේය. (දයා ගමගේ වැන්නෙක් සමාජ ජාලා මගින් අපහාස කරනවා වැනි මෝඩ කතා කීම එජාපයේ මතය නොවේ)

    සියේට හතරේ එකාට අනාගතයක් නොමැති බැවින් ඔහු ඕනෑම ගෝත්‍රික ක්‍රියාවක් කරමින් අගාධයටම පනිද්දී ‘සම්මුතිය සම්මුතිය‘ යැයි කෙකර ගාමින් සියේට තිහේ එජාපයද ඒ මෝඩයා පසුපස යමින් විනාශය වැළැඳ ගැනීම කණගාටුදායක ය.

    ‘ෆේස් බුක් එක මගින්ම ජයගත් ආණ්ඩුව ෆේස් බුක් එක මගින්ම විනාශ වන්නේය‘ යි කව්දෝ ෆේස් බුක් සටහනක් තබා තිබිණ.

    සමාජ ජාල මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ හා වෙබ් මාධ්‍යවේදීන්ගේ සමුළුව
    ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය වාරණයට එරෙහිව සියළු බේද පසෙක ලා ඉදිරියේදී කටයුතු කළ යුතු ක්‍රමවේදය ගැන තීන්දු තීරණ සාකච්ඡා කිරීමේ සමාජ ජාල මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ හා වෙබ් මාධ්‍යවේදීන්ගේ සමුළුවක් අද 13 උදෑසන 9.00 ට මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වේ. ඔබට ඊට සහභාගී වීමට නොහැකි නම් දුරකථන අංක 077 3083479 ට හෝ 077 3062021 ට අමතන්න.

    ReplyDelete
  25. නරක කාලේ ආපුවාම තමුන් මොනවා කරනවද කරන්න සුදුසු මොනවද කියල ඔලුවට එන්නේ නෑ බං.. අපේ ආච්චිලා ඕකට කියුවේ නුහුගුණේ කියල.. මේ ආණ්ඩුවට දැන් නුහුගුනේ.. අනුකම්පා කරමු තව ටික දොහ නේ.. :/

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. තව කව්දෝ එකෙකුත් ඕකම කිව්වා...

      Delete
  26. Mathe vpn walin facebook yana widiya kattiya danuwath karanna mathe.godak aya eka danne na.

    ReplyDelete
  27. Ayi ban sahodarayo pennant netthe?????!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න