.

.

Mar 23, 2018

සමානාත්මතාවය, සමලිංගික සේවනය සේ දකිනා මී හරක් - Think Equal, LGBT and Buffalo




ඕනෑම දේකට බයවෙනා ෆෝබියා කාරයෝ ලෝකයේ වැඩියෙන්ම ඉන්නා රට කුමක්ද කියා සමීක්සොනයක් කරනවා නම්, අම්මට සිරි ලංකාව ඒ සමීක්සොනයේ මුලටම ඉන්නා රට ලෙස කප් එක ගන්නා බව මාතලන් කියන්නේ අදක ඊයෙක සිට නෙමේය. තමන් විසින් මවා ගන්නා ෆෝබීයාවන්, ප්‍රසිද්ධ මතය ලෙස ඉදිරිපත් කොට තහවුරු කීරීම ජයටම කෙරීගෙන යන්නේ, මේ ආන්ඩුවේ ඇති අකාර්යක්ෂමතාවය මෙන්ම, ගස් ගල් වඳිනා නායකයින්, පාලකයින් ලෙස පත් කරගෙන සිටිනා නිසාවෙන්මය.

ඒවා සමාජ ගත කරන්නේ ආසිරි වනිගරත්නලා, සුමනයලා හා හක් ගෙඩි කාරයන්ම පමණක් නොවේ. රටේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනවල  ඉතා ජනප්‍රිය වැඩසටහන් මෙහෙය වන්නන් මෙන්ම, වෙබ් සයිට් හා ෆේස්බුක් වල ඉන්නා උන්ද කිසි අවුලක් නැතිව ඒවා කරගෙන යන්නේ, කිසිඳු අවහිරතාවයක් නැතිවමය. කරුමය කියන්නේ, මේවා ආගම් හා ජාති බේදය ඇති කිරීමට සීමා නොවි, ආන්ඩුව කිරීමට යන ඉදිරිගාමී වැඩසටහන් වලටද කොක්ක අදිනා එකය. රටේ මහ එකා සිසුන්ට ටැබ් ලබා දීම විකාරයක් ලෙස සලකනා අමන රටක, එවන් දේ සිද්දවීම එකාතකට පුදුම සහගත කාරනාවකුත් වන්නේ නැතිය.

"තින්ක් ඊක්වල්" http://www.thinkequal.com නම් ආයතනයක්, විසින් තමන්ගේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට තෝරාගෙන ඇති රටවල් අතරින් එකක් වන අම්මට සිරි ලංකාවේ, එම වැඩ සටහන සමලිංගික අධ්‍යාපනය ලබා දෙන වැඩ සටහනක් ලෙස හුවා දක්වමින්, අමූලික අසත්‍ය පතුරුවමින්, ඒවාට පහර ගැසීම. "ලංකා සී නිව්ස්" විසින් ආරම්බ කර ඇති අතර. ඒ පිළිබඳව කිසිවක්ම නොදන්නා ඕනෑම එකෙක් සිතන්නේ මුන් කියන්නේ අමූලික ඇත්තමයි කියලාය.

ඔවුන් මේ වන විට, අමූලික කෙප්ප ළිපි දෙකක්ම පල කොට අවසානය. මේ ලින්කු වල ඇත්තේ එම ළිපිය..

සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හතේ පන්තිය තෙක් උගන්වයි… වියදම අගමැති කාර්යාලයෙන්..



කරුමය නම්, මේ චෝදනාවන්ට ලක් වන අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ කිසිවකු මේ පිළිබඳ ප්‍රති උත්තර සැපයීමක් කරලා නැති එකය. ආන්ඩුවේ පත්තර වල, රේඩියෝ වල, ටැලිවිසොන් වල ඉන්නා උන් මේක හදාගෙන තියෙන්නේ, මේ වැඩ සටහන හඳුන්වාගෙන තිබෙන්නේ ලිංගික සමානාත්මතාවය පාසල් වල පොඩි උන්ට ඉගැන්වීමට යාමක් ලෙසය. ඉතින් මේවා ගැන ඇත්ත කියන්න වෙලා තියෙන්නේ, අතින් දීලා හරක් බලා ගන්නා අපි වාගේ පශ්චාත් භාගයේ අමාරුවක් තිබෙනා උන්ටය. නැතිනම් සිද්ද වෙන්නේ, ටැබ් වලට කෙලියා වාගේම, සහජීවනය ඇති කිරීමට මහත්සේ උපකාරි වන මෙම වැඩසටහනද, මී හරකුන්ගේ කීම පිට ගමරාල විසින් ඉඩමේ ගිනි ගොඩක් ගසා ගිනි තබලා දමනා එකය. 

එම සංවිධානයේ වෙබ් අඩවියෙහි, ලිංගික සමානාත්මතවයක් ගැන හෝ පචවංශගේ පචෝරිස්ලා වපුරුවනවා වාගේ, ඇල් ජී බී ටී රයිට්ස් (LGBT Rights) ගැන හෝ අබ මල් රේණුවක සඳහනක් ඇත්තේ නැතිය. ඔවුන්ගේ එකම පරමාර්තය, ලෝකයේ ඇති මානව හිමිකම් උල්ලංගනය කිරීම්, අයහපත් සාම්ප්‍රදායික ඉගැන්වීම් හා අගතිගාමි අධිකරණ ක්‍රමයන්ගෙන් තොර, යහ ගුණ සම්පතින් පිරි දරු පරපුරක් නිර්මාණය කිරීම බව ඉන්ගිරිසි යාන්තමින් හෝ දන්නා ඕනෑම ගොනෙකුට තේරෙනා කරුනක්ය. (අනෙක් කරුණ නම් ඇල් ජී බී ටී රයිට්ස් ඉගැන්වීම වරදක් වන්නේ කෙසේද යන්නයී)

සහජීවනය ගැන උදේ හවා පාරම් බානා ජනාධිපතිවරයකු යටතේ මෙවන් ක්‍රියාදාමයක් ආරම්බ වන්නේ නම්, එය රටේ අනාගතය වෙනුවෙන් ගන්නා මහා පුණ්‍යකර්මයක් වනවා පමණක් නොව, අනාගත පරපුර මහත් සේ අගය කරනා අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක්ද වන්නේය. නුවර සිද්දීන් හා සම්බන්ධයෙන් ලියනා ලද ළිපියක මා සඳහන් කළේ, මහ උන් විසින් දරුවන්ට කියා දිය යුත්තේ, දෙමළා හ තම්බියා සතුරකු ලෙස සැලකීම නොව, උන්ද අප හා අතීතයේ පටන් ජීවත් වනා සහෝදර ජාතින් බවය. මේ වැඩ සටහන මගින් කරන්නේද එයමය. 

දෙමළාට හින්ගල බලෙන් ඉගැන්වීමවත්, හිංගලායට දෙමළ බලෙන් උගන්නලාවත් සහජීවනය ඇති කරන්න පුළුවන් කියා හිතනවා නම් ඒ තරම් ගොන් කමක් තවත් ඇත්තේ නැතිය. ඉගැන්විය යුත්තේ එකිනෙකාට ගරු කළ යුතු ආකරයය. ගොඩ නැගිය යුත්තේ, එකිනෙකා කෙරෙහි සැකයෙන් බලනේ නැති අනෙකාගේ සඟිස්කුරුතුයට හා භාෂාවට ගරු කරනා සහෝදරාතමක සමාජයක්ය. 

ඇත්ත වශයෙන්ම මෙවන් දේ පාසල් තුල අති කිරීමට පෙර ඇති කළ යුතු තවත් බොහෝ දෑ ඇති මුත්, ඒවා මේ කපේදී නොවනා දේ උනත්, හොහේදෝ යන බූරුවෙක් දවසක මෙහෙම ලියලා තිබුනා කියා දැන ගැන්මට හෝ රටක් වශයෙන් දියුණු වීමට නම් පහත සඳහන් කරුණු අප අජ්ජාපන ක්‍රමය තුල අනිවාර්යයෙන් ක්‍රියාත්මක විය යුතු යැයි කියා සිතනා හේතුවෙන්, ඔන්නොහේ ලියලා දමනවාය. 

සියළුම පාසල් මිශ්‍ර පාසල් කල යුතුය

යටත්විජිත සමයේ ආරම්බ කල මිෂනාරි පාසල් ක්‍රමය අදටත් ජනප්‍රිය පාසල් වල පවා ක්‍රියාත්මක වේ. මේ සියළුම පාසල්, මිශ්‍ර පාසල බවට පත්කලායුතු අතර, අසුන් ගැනීම පවා මිශ්‍ර ආකාරයෙන් කළ යුතුය. 

තමන් කැමති සැහැල්ලු ඇඳුම් හා කොන්ඩා විලාසිතාවලින් සැරසිමට ඉඩ දිය යුතුය

මේ ඇඳුම් ගැන ප්‍රශ්ණය ඇත්තේ, මහ උන්ට මිස පොඩි උන්ට නොවේ. කවරයෙන් පොත මනින්නේ, මහ උන් මිස පොඩි උන් නොවේ. එක එක ආකරයේ ඇඳුම් ආයිත්තම් වලින් සැරසි පැමිනෙනා මොන්ටිසෝරි දරුවන්ට එවා ගැටලුවක් නොවනාතර, ඒවා ගැටළුවක් වී ඇත්තේ පාසල් තුල ෆැෂන් සෝ කරනා මහ උන්ට හා තමන්ගේ දරුවා එහි ගොදුරක් කරනා මහ උන්ටය. අප කුඩා කාලයේ යහළුවන් ආශ්‍රය කළේ ඇඳුම බලලා නොවේ. මේ සඳහා විරුද්ධ වන උන්ගෙන් මාතලන්ට අහන්නට තිබෙනා එකම ප්‍රශ්ණය නම්, නුවර ගිනි තැබූ උන් මෙන්ම, රට තුල ආගම් බේද ජාති බේද වපුරනා කාළකන්නින් සියල්ලම, පාසල් නිල ඇඳුම් ඇන්ද උන් නොවේද කියා පමණි. 

දෙමව්පියන් පාසල් පැමිණීම සම්පූර්ණයෙන් නවතා දැමිය යුතුය. 

සරළවම කියනවා නම් පාසල් කියනා ආයතනය තියෙන්නේ සිසු දරුවන්ට මිස දෙමාපියන්ට නොවේ, ඔවුන්ට පාසල් යාමට ආසාවක් ඇත්නම්, එක එක කෝස් කරනා පන්තියකට හෝ අමාරුව අහෝසි කර ගැනීම සඳහා "ඉන්ට කෝස්" කර ගන්නා තැනකට ගියාට කිසි අවුලක් ඇත්තේ නැතිය. අද පාසල දෙමාපියන්ගේ කෝළම් මඩුවක් වී අවසානය. 

අනෙක් කරුන නම් දරුවා පාස්ල තුල ඉන්නේ, අති දරුණු පීඩනයකින්ය. උන් දන්නවා, උන් නිදහස් නෑ, අම්මා ගේට්ටුව ළග ඉන්නවා, බත් ටීකක් කටේ ඔබලා ආයේ කොහේට හරි දක්කගෙන යන්න කියලා. මේක දරුවන්ට එල්ල කරන දැඩි පීඩනයක්. දෙමාපියන් නොසලකන සමාජයක් බිහි වීමට මූලික හේතුවක් වෙලා තියෙන්නේ මේකය. දරුවන් දෙමාපියන් හා ඉන්නේ දැඩි වෛරයකින්ය. (ඕනම නම් දරුවන්ගෙන් අහන්න. (මොළ සුද්ද කළ දරුවන්ගෙන් නොවේ.)) 

පහේ සිස්සත්වය අහෝසි කළ යුතුය

අද මේ විභාගය නම් කරලා තියෙන්නේ "උගෙ අම්මගෙ විභාගය" කියලාය. මේ විභාගය දරුවන්ට කොතරම් පීඩාවක් ඇති කරනවාද කියා කිසිවකුට හෝ සොයා ගැනීමට අවශ්‍ය නම්, විභාගය අවසානයේ ශාලවෙන් පිටතට එන දරුවන්ගෙන්, "දැන් පුතා මොකක්ද හිතෙන්නේ...?" කියා විමසීමම පමණක් ඇතිය. එසේ විමසා ඇති එකෙක්, දරුවන් ලබා දෙන උත්තරය හොඳින්ම දන්නවා ඇතිය. 

8-9 ශ්‍රේණී දක්වා පවතින සියළුම ටියුෂන් කඩ වසා දැමිය යුතුය

පාසල තුල නිසි අජ්ජාපනයක් ලබා දෙන්නේ නම් ටියුෂන් කඩ කිසි සේත් අවශ්‍ය නොවනාතර, කුඩා දරුවන් පාසල් කාලයෙන් පසු පාසල් නිළ අඳුම් පිටින්ම මහ රාත්‍රිය වෙන තෙක් පාරේ තොටේ දක්කාගෙන යාම ළමා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලඃගනය කිරීමකි. දරුවා කැමති නම් පමණක්, පාසල් විශයෙන් භාහිර දෙයකට සතියට එක දිනක් සහභාගී වීමට ඉඩ සලසා දිය යුතුය. 

කුඩා දරුවන් සහභාගි වන සියළුම ආකාරයේ රියැලටි වැඩ සටහන් සියල්ල නවතා දැමිය යුතුය.

මෑතක මා දුටු දෙයකින්, මේක රටක්ද එහෙම නැත්නම් වෙනත් බක්කක්ද කියා සිතුනේ, ස්වර්ණා මල්ලවාරච්චි වැනි අග්‍රගන්‍ය නිලියක් පොඩි කොල්ලෙක් අමුඩය්ක් ගසා පුක එලියේ දමා කරනා විගඩමක් දෙස බලා සිටිනවා නැරඹිමෙනි. ඇයට තිබුනේ වහාම එතනින් නැගිට යාමයි. තරඟ වලින් පරදිනා දරුවන්ගේ අඬෝවැඩියාවන් දැකලාවත් මුන්ට ඒවා නවත්වා දැමීමට සිත් නොදෙන්නේ, එවායෙන් එන සල්ලි නිසාවෙන්මය. මෙම වැඩ සටහන් වලට සහභාගි වන සියළුම වැඩිහිටියන්, "ළමා අපරාධකරුවෝය". "ජජ් බෝඩ්" වල ඉන්නා උන්, "ළමා ලිංගික අපචාරකරුවෝ" හෙවත් පීඩපයිල් (pedophile) පොරවල්ය. 

මේ පිළිබඳ හඬක්, වෛද්‍ය බෝධිනී සමරතුංග නම් මාගේ හිතවතිය විසින් නගා තිබුනද, එය ලත් තැනම ලොප් විය. අවශ්‍යම නම් අප ළමා කාළයේ තිබූ "හඳ මාමා" වැඩ සටහන වැනි වැනි වැඩ සටහන් ප්‍රවර්ධනය කළ යුතුය. දරුවන් අතර තරඟ ඇති කිරීම කාළකන්නි ක්‍රියාවකි. 

8-9 ශ්‍රේණීන් දක්වා පවත්වනු ලබන සියළුම තරඟ හා විභාග නවතා දැමිය යුතුය

කුඩා දරුවන් තුල තඟකාරිත්වය ඇති කිරීම කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් නොවේ... අගය කිරීමක් කළ යුත්තේ දරුවන්ගේ නොව ගුරුවරුන්ගේය. අතීතයේ පැවති ගුරුවරුන් මැන බැලීමේ ක්‍රමය යලිත් ඇති කළ යුතුය. අජ්ජාපනය ලබා දිය යුත්තේ ඉගෙනීමට දක්ෂ සිසුනට නොව, අදක්ෂ සිසු දරුවන්ටය. 

ආගම පාසල් විශය තුලින් ඉවත් කල යුතුය

මෙය විග්‍රහ කිරීමට, මෑතකදි මොලයක් ඇති හාමුදුරු නමක් දෙසු බණ පමණක්ම සෑහෙනවාය. උන් වහන්සේ දෙසා වදාලේ මෙපමනය..

//මේ රට විනාශ කළේ

පාලකයෝ සහ පුජකයෝය..//

කැමති එකෙක් දහම් පාසල් යැව්වාට අපේ අවුලක් ඇත්තෙ නැතිය. ඊහෙත් "කැමත්ත" දෙමාපියන්ගේ නොව දරුවාගේ විය යුතුය.. 

සාමාන්‍ය පෙළ දක්වා ඇති විශයයන් ප්‍රමාණය අඩු කළ යුතුය

අපේ රටේ ඉන්නේ ඉතා බුද්ධිමත් ප්‍රජාවක් බව මෑතක කරනා ලද සමීක්ෂණයකින් ඔප්පු වී ඇත. එනයින් අප දෙවනි වන්නේ ඊශ්‍රායලයට පමණි. එහෙත් 1948 දීම නිදහස ලැබූ උන් ඉන්නේකොතනකද, අප ඉන්නේ කොතනකද යන්න ඕනෑම ගොනෙකුට තේරෙනා කරුණක්ය. එසේ සිඳුවීමට ප්‍රධානම හේතුව නම්, අපගේ මරි මෝඩ අජ්ජාපන ක්‍රමය හා ආගමයි. 

අනෙක් කරුන නම් අපේ දන්නා දෙකුත් නැති, නොදාන්න කෙහෙල්මලකුත් නැති ජාතියක් වීමයි. ඒ නිසා අනවශ්‍ය මළ මගුල් පාසල් විශය මාලා තුලින් වහාම ඉවත් කොට, නවීන ලෝකයට දරුවන් පෙල ගස්වනා අජ්ජාපන ක්‍රමයකට වහාම යා යුතුය. මේ පවතිනා ක්‍රමයෙන් නම් කරන්නේ, විශ්වයෙනුත් එහා දකිනා දරුවන් පිරිසක් බිහි කිරීමක් නොව, ගල් යුගයේ පට්ට ගෝත්‍රිකයින් පිරිසක් හා හද්ද පරණ වනපොත් කට පාඩම් කල උගත් පෙත්තප්පුලා පිරිසක් බිහි වීමම පමණි. 

කෙටියෙන්ම කියනවා නම්, දරුවන්ට දරුවන් ලෙස ජීවත් විය හැකි, සුන්දර ළමා කාළයක් ගත කිරීමේ නිදහස නීතී මගින් හෝ වහාම ගෙන ආ යුතු අතර, එසේ නොකරන්නේ නම්, එක එකා හා වෛර බඳිනා, මිනිස් ගති ගුණ අහිමි, තිරිසනුන් පිරිසක් බිහිවීම කිසිවකුටත් වැලක්විය නොහැකි දෙයක්ම වන බව පමණක් කියා, මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.

59 comments:

  1. අනෙකුත් කරුණු සියල්ලටම පාහේ එකඟ නමුත් ශිෂ්‍යත්වය යනු දහසක් අඩුපාඩු සහ පීඩන මැද්දේ වරප්‍රසාදිත පාසල් වලට ඈත ගමක දරුවෙකුට ඇතුළු වීමට තියෙන එකම අවස්ථාවයි . පාසල් සියල්ලටම සමාන පහසුකම් ,ගුරුවරුන් ඇතුළු මෙකි නොකී සියල්ල නොකඩවා ලැබෙන කාලයක මෙය අහෝසි කල හැකි නමුත් , මේ යෝජනාව විවාදාත්මයි. ළමා මානසිකත්වය අතින් හොඳ තීරණයක් වුනත් සාමාජයීය වශයෙන් යම් තාක් දුරට ප්‍රශ්නකාරී වෙයි

    ReplyDelete
    Replies
    1. "ළඟම පාසළ, හොඳම පාසළ" නම් මක්කටෙයි මචෝ සිස්සත්ත...

      Delete
    2. ඔය උත්තරය ඔය එකක්වත් නෙමේ... කැම්පස් වල ආසන ප්රමාණය වැඩි කිරීමය. හොදම පාසල් වල ඉදන් ශිෂ්‍යත්වය හා ටියුශන් දක්වාම උන රෝග ලක්ශණ වලට බෙහෙත තියෙන්නෙ එතනය. එහෙම නැතුව අතරින් පතර විසදුම් දෙන්නට යාහ අතීසාරයට අමුඩ ගැසිීමකි.

      Delete
    3. හරක් කැම්පස් ගියාට වැඩක් නෑ... කැම්පස් යවන්න ඕන මනුස්සයෙක්...

      Delete
    4. //"ළඟම පාසළ, හොඳම පාසළ" නම් මක්කටෙයි මචෝ සිස්සත්ත...// අඩුගානේ කොළඹ වත් එහෙමනං දුක නෑ

      Delete
    5. සාම්ප්‍රදායික උපාධි වලට තවත් පිරිස වැඩි කරලා තේරුමක් නෑ. අද වෙනකොට නව ක්ෂේත්‍ර ගණනාවක් ලෝකයේ තියෙනවා . ලංකාවේ වෙලා තියෙන්නේ බොහෝ ක්ෂේත්‍ර වලට වෘත්තීය මට්ටමක් නොමැති වීම . මේ තියෙන ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවාට වෘත්තීය මට්ටමක් ලබා දෙන්නට හැකිනම් ඒක තමා අවශ්‍ය , අපි නොකරන ලෝකයේ බොහෝ දියුණු රටවල් කරන දේ. අපි තාමත් දොස්තර ඉංජිනේරු හීන පස්සේ ගිහිං අතරමං වෙන පිරිසට මැට්ටෝ කියන්න බලාගෙන ඉන්නේ

      Delete
    6. උපාධියත් නොමිලේ දීලා... තව රස්සාවකුත් ආන්ඩුවෙන් හිඟනවා නම්, ම්කොඅක්ද බං ඒ හිඟන උපාධි වලින් ඇති වැඩේ...

      Delete
    7. නිදහස් අධ්‍යාපනය නවතා දමා රටේ සැම සිසුවකුටම අධ්‍යාපන ණය ලබා දිය යුතුය.
      -ජීවන ප්‍රනාන්දු

      Delete
    8. මෙච්චර කල් බිහි කරලා තියෙන උපාධිධාරීන්ගේන් සාධාරණ සේවයක් රටට, සමාජයට වෙලා තියෙනවා කියලා අවංකවම හිතනවාද ?
      රොබෝලා වගේ උපාධිධාරීන් බිහිකරනවාට වැඩිය වටිනවා, යහපත් ආකල්ප තියෙන ගුණගරුක මිනිස්සු බිහිකරන එක.
      ළමයින්ට උගන්නන එක නවත්තලා, ඉගෙන ගන්න පුළුවන් ළමා පරපුරක් හදන්න එකයි කරන්න ඕනේ.

      Delete
    9. LGBT (lesbian, gay, bisexual, and transgender) සමලිංගික/ද්වීලිංගික ක්‍රියාකාරම් සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකාරීව සිටින අරිත් වික්‍රමසිංහ ගෝලීය LGBT ප්‍රජාවේ අනාගත නායකයන් 30 දෙනාගේ ලයිස්තුවට ෆිනෑන්ෂල් ටයිම්ස් සගරාව විසින් නම් කරන ලද අයෙකුද වෙයි.

      “ඩේලි මිරර්” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ “Think Equal” විෂය ලොවපුරා රටවල් දාහතක පාසල්වලට හදුන්වා දීමට සූදානම් වන අතර ශ්‍රී ලංකාව එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පළමු රට බවට පත්වන බවයි.

      වයස අවුරුදු 3ත් 7ත් අතර දරුවන් සමග පෙර පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි. දරුවන් තුළ පෞරුෂ වර්ධනයේ ආරම්භක අවධිය එම වයස් ඛාණ්ඩය වන බැවින් ඔවුන් ඉලක්ක කරගත් බවද ඔහු ප්‍රකාශ කරයි. මේ වන විටත් මෙරට පෙර පාසල් 60ක මෙම ව්‍යාපෘතිය අත්හදා බලමින් සිටින බවද හරිත් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

      මෙරට ක්‍රියාත්මක කරන මෙම සමස්ථ ව්‍යාපෘතිය සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූර්ණ සහයෝගය ලැබෙන බවද හෙතෙම කියා සිටී.

      සමලිංගිකත්ව සංස්කෘතිය පිළිබදව වඩාත් සාධනීය වටපිටාවක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙමින් පවතින් බවත්, ඉදිරි වසර 10-20 තුළ LGBT (සමලිංගික/ද්වීලිංගික) ප්‍රජාව වෙනස් කොට නොසලකන සමාජයක් බිහිකළ යුතු බවද හරිත් වික්‍රමසිංහ කියා සිටී. සමලිංගික සේවනය මෙරට තුළ තහනම් කර ඇති පැරණි නීති අවලංගු කළ යුතු බවත්, නව ව්‍යවස්ථාව තුළින් එම අයිතියි පිළිගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

      “තින්ක් ඊක්වල්“ රාජ්‍ය නොවන සංවිධානය ප්‍රමුඛ ලෙස “ලිංගික සමානාත්මතාවය“ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි. පසුගිය සමයේ කොළඹ සංවිධානය කළ “සමලිංගික සැණකෙලි“ සදහාද ඔවුන්ගේ අනුග්‍රහය ලැබිණි. එම සංවිධානය මේ වන විට දේශපාලන, කලා හා ක්‍රීඩා ක්ෂේත්‍රවල ප්‍රකට චරිත කිහිපයක් සම්බන්ධ කරගෙන සංහිදියා, සමානාත්මතා ව්‍යපෘති කිහිපයක් ක්‍රියාත්මක කර ඇත

      Delete
  2. දැන් මයිත්‍රී මේ වැඩේට කැමතිද

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීට පෙන්නන්න ඕනෙනං මේක සෙනිකව පත්තරේ දාන්න.

      Delete
    2. දන්නේ නෑ... ශිරාල්ගෙන් තමයි අහන්න වෙන්නේ...

      Delete
  3. බෞද්ධ සංස්කෘතිය තුල සමරිසියන් පීඩාවට පත් කිරීමක් නොවීය​. බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි. බෞද්ධ ඉතිහාසයේ කොසොල් රජුගේ ඇමතියන් දෙදෙනෙකු අතර තිබූ සමලිංගික සබඳතාවක් ගැන සඳහන් වේ. එසේම බුදුන් ගේ රූපයට ඇළුම් කල වක්කලී තෙර තුල යම් ආකාරයකට සමරිසි ආශයන් තිබූ බවට උපකල්පනය කල හැකිය​. කච්චායන තෙර කෙරෙහි ඇළුණු සෝරෙයිය සිටුවරයා තුලද මතු වූයේ සමරිසි හැඟීම්ය​.

    අතීත ලංකාවේ සමලිංගිකයන් ලිංගික පාපයේ වරදකරුවන් ලෙස සලකා ඝාතනය කිරීම් ගැන වාර්තා නොවේ. එසේම කේරෝස් ,රොබට් නොක්ස් , පර්සිවෙල් යනාදීන් ගේ වාර්තා වල සමරිසියන් කෙරෙහි තිබූ සමාජ එදිරියක් ගැන සඳහනක් නැත . ඇතැමෙක් විශ්වාස කරන පරිදි මහා කවි කාලිදාස සහ කුමාරදාස රජු අතර සමරිසි සබඳතාවක් තිබී ඇත​. අතීත ශ්‍රී ලාංකික ග්‍රාමීය සමාජයේ සමලිංගිකත්වය නම් කරන ලද්දේ පන්සලේ සෙල්ලම යනුවෙනි. සමලිංගිකත්වය සඳහා වෙනත් සිංහල භාෂිතයක් නොවීය. ​සමලිංගිකත්වය කෙරෙහි අතීත ලාංකිකයා දක්වන ලද්දේ මධ්‍යස්ථ ස්වභාවයක් බව පෙනී යයි.

    සමලිංගිකතාව - මනෝ සමාජ විද්‍යා විග්‍රහයක්
    https://transyl2014.blogspot.ca/2017/01/blog-post_55.html

    ReplyDelete
    Replies
    1. ලංකාවට බුද්ධාගම ගෙනාපු මිහිඳු හාන්දුරුවොත් සාමනේර නමක් උස්සගෙන ඇවිත් තියෙනවා නේ... කියන්නෙ නම් වෙන මලදානයක්... ඒත් ඒ ගති සිරිත් අදත් නොකඩවා ගෙනයනවා පන්සල් වල....

      Delete
    2. ඒ සාමනේර හිමි සංගමිත්තා රහත් මෙහෙනියගෙ ගිහිකල පුත්‍රයා ේද?

      Delete
    3. ඔව්.ඒ සාමනේර වහන්සේ මිහිඳු මහරහතන්වහන්සේගේ ගිහි කල බෑනා. සාමනේර කෙනෙක් උවත් රහත් හිමිනමක්.

      Delete
  4. හිංගලෙන් හා දෙමලෙන් වෙන වෙනම ගාල් කර ඉගැන්විම නවත්වා සියඵ දෙනාට අමු කඩ්ඩෙන් කොටා දැමිය යුතුය.

    ReplyDelete
    Replies
    1. කරන්න ඕනම දෙයක්.... මේ ගොබ්බ හින්ගල ඉගෙන ගෙන ඇති වැඩක් නෑ...

      Delete
  5. එතකොට අරාබි ඉස්කෝල ගැන මාතේ මොකෝ හිතන්නේ?
    සිංහල දෙමළ වලිය අස්සට අරාබිත් දාගත්තම තියෙන ආතල් එක කොහොමද?පස්සේ ජාතික ගීය අරාබියෙනුත් කියන කොට ජාතික උත්සවේ දවස් දෙකක් වත් ඇදෙයි.
    සිංහලයි දෙමළයි එක්කාහු කරලා එක බාසාවක් හැදුවනං ඔය බාසා වෙල්ලො ඔක්කොම කුජීත වෙලා යනවා

    ReplyDelete
    Replies
    1. අරාබි නෙමෙයි, රටක නීතියක් තියෙන්න ඕන හැම එකාටම එක සමානව... ඒක තමා මම කිව්වේ ආගම් ඉගැන්වීම නැවැත්විය යුතුයි කියලා... එතනට හැම ආගමක්ම අයිතියි...

      Delete
  6. ළමා අධ්‍යාපනය ගැන මාතලන් කියලා තියන කරුණු 9 ටම එකඟයි. ස්වීඩනයේ පාසැල් ළමුන් ඔය සියල්ල බුක්ති විඳිනවා. කාටවත් කරදරයක් නැති, රටට බරක් නැති, කාගෙන්වත් යැපෙන්නේ නැති නිර්මාණශීලී තරුණ පරම්පරාවක් එමගින් බිහි වෙනවා.

    -----------------------------------------------------------------------------------------------------------
    /මේ රට විනාශ කළේ

    පාලකයෝ සහ පුජකයෝය..//
    සහ උගත්තු (යයි කියා ගන්නා සෙට් එක )

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.... මට පුකෙන් හිනා යන එකක් තමයි දාර ටයි පොලු දාගත්ත උන් ටැලිවිසොන් වලට ඇවිල්ලා දෙන ගොන් ටෝක් බලන එක... උන්ගේ ඇඳුමෙන් කොන්ඩෙන්ම පේනවා උන් කොයි තරම් හරක්ද කියලා... විසේසොයෙන් ඔය ආන්ඩුවේ මී හරක්....

      Delete
    2. And the media

      Delete
  7. මාතලන් වන උ ළමා මිට පෙර නෙලුම්යයා නමැති NGO සරණ ගොස් ධ්‍යානය වඩා ගත්තේය. මාතල්න්ගේ කිසිදු බලාපොරොත්තුවූ සේවයක් නොලද නිසා, ඔවුන් ඒ උ ළමා aතඇරියේ ය.

    නැවත ඒ උ ලමා "තින්ක් ඊක්වල්" http://www.thinkequal.com නම් වූ NGO සමග එක්ව ධ්‍යානය වඩමින් කඩේ යමින් සිටි! මේවා කියවා චුන් ආතල් ගන්න එවුන් මහසෝන් බලකායට වඩා වඩා බයානකය මහසෝන් බලකයා ටාගට් කරන්නේ තරුණ තරුණියන්ය ඉහත NGO එක විස පොවන්න හදන්නේ ළමා ලපටින්ටය

    තු නොදොකින් මේ වගේ මාතලන් උ ලමක් !!!!!! ඒ පිළිබඳව කිසිවක්ම නොදන්නා ඕනෑම එකෙක් සිතන්නේ මු කියන්නේ අමූලික ඇත්තමයි කියලාය.

    ඉතින් මේවා ගැන ඇත්ත කියන්න වෙලා තියෙන්නේ, හරක් බලා ගන්නා අපි වාගේ උන්ටය.

    ReplyDelete
    Replies
    1. ඉතින් මම NGO වලින් කෑවම උඹේ පුකේ ඉත්තෑවෝ දුවනවද?

      Delete
    2. පුකේ ඉත්තෑවෝ දුවනවා විතරක් නොවෙයි වල් ඌරොත් හාරනවා ඉතින් උඹට පාන්ද

      Delete
  8. අනේ තොපි වගේ පරගැතියො හිතාගෙන ඉන්නෙ බටහිරින් එන මොන ලබ්බක් උනත් බාරගත්තම මේ රට දියුණු වෙයි කියල. මේ රට අද මේ තත්වෙට වැටුනෙ සුද්දගෙ අශූචි ගිලින සිංහල කමක් නැති පරගැති පාලකයො හින්ද. නියම සිංහල කමට තැන දෙන පාලකයෙක් හිටියනම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ. අනගාරික ධර්මපාලතුමා කියපු විදිහටම සුද්දො ගියේ සිංහලයගෙ පිරිමිකම නැති කරල කලු සුද්දො ටිකක් බෝ කරල. ඒ කලු සුද්දො හැමෝගෙම තියෙන්නෙ පර සුද්දන්ගෙ තියන නපුංසක ගතියයි ගෑනු ගතියයි.

    ReplyDelete
    Replies
    1. ගල් යුගයට යෑමට ප්‍රිය කරනා මරි මෝඩ ගල් වැද්දෙක්...

      Delete
    2. ඔව් මම ඉන්නෙ හෙළයගෙ ගල් යුගේ. ඒත් තොපි ඉන්නෙ සුද්දගෙ ගල් යුගේ.

      Delete
  9. සියළුම පාසල් මිශ්‍ර පාසල් කල යුතුය
    සිංහල්යගෙ ක්‍රමයට අනුව කාන්තාවන්ට සහ පිරිමින්ට අධ‍යාපනය ලබාදෙන්නේ වෙන වෙනම. එතකොට තමා ජාතියෙ සංවරකම රැකෙන්නෙ. මේව ගැන නොදන්න සුද්දගෙ ගල් යුගේ ඉන්න උන්ට ඉතින් වෙන කියන්න දෙයක් නෑ.

    දෙමව්පියන් පාසල් පැමිණීම සම්පූර්ණයෙන් නවතා දැමිය යුතුය.
    මව්පිය දූදරු සබදතාව තිබිය යුතුමයි. පිරිමි ළමයින්ගෙ තාත්තලත් ගෑනු ළමයින්ගෙ අම්මලත් පාසලට පැමිණිය යුතුයි. සිංහලයගෙ ක්‍රමේ මේකයි.

    පහේ සිස්සත්වය අහෝසි කළ යුතුය
    හොදයි.

    8-9 ශ්‍රේණී දක්වා පවතින සියළුම ටියුෂන් කඩ වසා දැමිය යුතුය
    8-9 නෙමේ ඔක්කොම ටියුෂන් කඩ වහල දැම්මනම් හොදයි. ඒ වෙනුවට පිරිමි ළැමයින්ට හෙළැයින්ගේ අංගම් වැනි ශාස්ත්‍ර පුරුදු කළ යුතුයි. ගෑනු ළමයින්ට ජාතිය බෝ කිරීමේ වදකත් කම කියාදිය යුතුයි. මේ ඔවුන්ගේ මවුවරු විසින් කළ යුතුයි.

    ආගම පාසල් විශය තුලින් ඉවත් කල යුතුය
    තොපි වගේ සුද්දගෙ අශූචි ලොවන පරගැතියන්ට තමා මේව හොද. තොපිට ඕනෙ මේ රටෙන් බුද්ධ ශාසනය නති කරන්න. ඒත් අපි ඒක කරන්න තොපිට ඉඩ තියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දැනටත් මේක මාර සංවරකමක් තියෙන, දූ දරු සබදතා මාරම විදියට තියෙන, මාර දැහැමි බෞද්ධයෝ ඉන්න රටක් නේ... කොමෙන්ට් එකෙන්ම පේනවා ඉතා හික්මුන සැදැහැවත් බෞද්ධ උපාසක මහත්මයෙක් හෝ උපාසිකාවක් කියලා....

      අනේ හුකේ නන්නානේ
      උඹයි මායි හඳපානේ..

      Delete
    2. අනේ තොපි වගේ සිද්දගෙ අශූචි ගිලින නරි රැළ මොනාද දන්නෙ. සිංහලය කියන්නෙ එද ඉදන් හොදට හැදුණු ශක්තිමත් ජාතියක්. යුද්ධ වලදි සිංහල පිරිමි තරම් ශක්තිමත් ජාතියක් නෑ කියල ඩොයිලිම කියල තියනව. උඹල නිකන් පුස්සවල් ටිකක් විතරයි.

      Delete
    3. ඒක් තමයි සුද්දා අදත් පුකේ අරින්නේ....

      Delete
    4. ඒ දැන් ඉන්නෙ සුද්ද බෝ කරල ගිය තොපි වගේ නපුංසක සිංහලයො හින්ද. නියම සිංහල පිරිමියෙක් එක්ක හැප්පෙනව තියා හිතන්න්වත් වෙන එක පරයෙක්ටවත් බෑ.

      Delete
  10. මාතලන් කෝ යකෝ මේකේ කොමන්ට දාන එවුන් ඇමරිකාවේ නිව්යෝක්වල / කැනඩාවේ ටොරින්ටෝ / ඕස්ට්‍රේලියාවේ / පෙන්රිත් , එංගලන්තේ/ ලන්ඩන් වල ඉන්න ලොන්ත පොල් සමරිසි / බයි සේක්ෂුවල් සෙට් එක දැන් නෑනේ
    තට්ටු මාරුවට මිත්‍ර පුක්, ගහනවාද ?

    ReplyDelete
    Replies
    1. කාවද හොයන්නේ... ?

      Delete
    2. ඇනොලට පුකේ අරින්න එන සෙට් එක හොයන්නේ අපිත් කැමති කියන්න තට්ටු මාරුවට මිත්‍ර පුක් ගහන්න උන් එක්ක

      Delete
  11. තමන් කැමති සැහැල්ලු ඇඳුම් හා කොන්ඩා විලාසිතාවලින් සැරසිමට ඉඩ දිය යුතුය
    මෙතන තියන කාලකණ්නිම දේ තමා මේක. ළමයින්ට විතරක් නෙමේ සිංහලයින්ගේ සියළුම වයස් වල අය අදුම් අදින්න ඕන ක්‍රමයක් තියනව. ඒත් පර සුද්ද උන්ගෙ ජරාවල් අපේ උන්ට පුරුදු කරල ජාතියම වලපල්ලෙට ගිහිල්ල. අපේ සිංහල පිරිමි කොණ්ඩෙ රැවුල් දිගට වවන්න ඕන. සරම ඇදල උඩින් සළුව දාන්න ඕන. එතකොට තමා සිංහල පිරිමියගෙ අභිමානය පේන්නෙ. ඒත් සුද්ද උන්ගෙ ඇදුම් පුරුදු කරල අපේ උන්ගෙ අභිමානය වැහුව. කාන්තාවො අදින්න ඕන විදිහ බලන්න ඕන අය රුවන්වැලිසෑය ළගට ගිහින් විහාරමහාදේවිගෙ පිළිමෙ පලන්න. මුළු ශරීරයම ආවරණය වෙන විදිහට බෝරිච්චි අත්දාපු හැට්ටයල් ඇදන් ඉන්නෙ. සමස්ථ සිංහල කාන්තාවන්ම අදින්න ඕනෙ එහෙමයි. ඒත් අද කාන්තාවො විලි වැහෙන්න අදිනවද. දැන් ඉන්න ගෑනු සාරිය ඇන්දත් බුරිය පේන්න අදින්නෙ. මේව අපේ ජාතියට අපහාස කරන්න සුද්දගෙන් ගත්තු පර වැඩ. කොළඹ වැඩ ඇරෙන වෙලාවට ගෑනු ළැමයි ඇදන් යන විදිහ හරිම ශෝචනීයයි. මේක හික්මීමෙන් කරන්න බැරිනම් නීතියක් මාර්ගයෙන් හරි කාන්තාවන් සංවර කළ යුතුමයි. නැත්තන් අපහාස වෙන්නෙ සිංහල ජාතියටමයි.

    ReplyDelete
    Replies
    1. අමු අමු ගොන් මී හරකෙක් මේ උඩ කමෙන්ට් එක ... ඔන්න බලපන් මාතලන් ඉතින් කොහෙද බන් ලංකාවට තේරුම් කරන්නේ

      Delete
    2. බුරිය දැක්කමත් ඉවසන්ඩ බැරිව නගින එක තම තමන්ගේ ප්‍රස්නයක් මිසක් , ජාතික ප්‍රස්නයක් නොවේ ..... දීල තියෙන ගොන් ටෝක් බලහල්ලකෝ

      Delete
    3. මුන්ට රජයෙන් වියදම් කරලා බඩු ගස්සවන්න ඕන...

      Delete
    4. කාන්තාවන් සංවර වීම අපේ සංස්කෘතියෙ ප්‍රධානම ලක්ෂනයක්. එදා ඉදන් අපේ කාන්තාවො හොදට ඇග වැහෙන්න ඇන්ද. සුද්ද ඇවිත් උන්ගෙ පර සිරිත් පුරුදු කරල තමා දැන් සිංහල කාන්තාවො තමන්ගෙ ශරීර අංග පේන්න අදින්නෙ. කිසිම හේතුවක් හින්දවත් සිංහල කාන්තාවො බුරිය පේන්න අදින්න බෑ. එහෙම කරොත් ඒක ජාතියට කරන අපහාසයක්. සිංහල ජාතිය නපුංසක ජාතියක් වෙනව එහෙනන්. සුද්දො කියන්නෙ නපුංසක ජාතියම් හින්ද උන්ගෙ ගෑනු හෙළුවෙන් යනව ඒත් සිංහල කාන්තාවන්ට එහෙම යන්න බෑ.

      Delete
    5. අනෙ මී හරකෝ... සුද්දා නාවා නම් අපේ උන් ඉන්නේ තන් දෙකත් එලියේ දාගෙන රෙදි කෑල්ලක් ඇඳන්...

      සංවර නැත්තේ ඇඳුම නෙමෙයි... ඔහේගේ වල් වනචර හිත...

      ආන්ඩුවෙන් බඩු ගස්සන්න ඕන මුන්ට බඩුනැගුම හරි මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් දාලා..

      Delete
    6. අනේ තෝ වගේ මෝඩ බූරුවෙක්. සුද්ද එන්න කලින් කාන්තාවො හොදට සංවරව ඇන්ද. ඇයි උඹ කියන්නෙ රුවන්වැලිසෑයෙ බෝරිච්චි අත්දාපු හැට්ටයක් ඇදන් ඉන්න විහාරමහාදේවි පිළිමෙත් අද ඊයෙ හදපු එකක් කියලද. ඔය වගේ කාන්තාවො හෙළුවෙන් යවන්න තරම් නපුංසක ජාතියක් නෙමේ සිංහලය. ලංකාවෙ අල්ලගන්නනම් කාන්තාවන්ගේ උඩුකය නිර්වස්ත්‍ර කළ යුතුයි කියල ඩොයිලි උන්ගෙ රජාට යවපු ලියුමක තියනව. උඹල හිතන් ඉන්නෙ සුද්ද මෙහෙ ගෑනුන්ට ඇදුම් ඇන්දුව කියල. මෙහෙ අයට අන්දනව තියා සුද්දට උන්ගෙ ගෑනුන්ටවත් ඇදුම් අන්දගන්න බෑ. උන්ගෙ ගෑනු යන්නෙම හෙළුවෙන්. ඒ උන්ගෙ නපුංසකකම.

      Delete
    7. සීගිරි අස්පරාවන්ට තියෙන්නේ බුරි නෙමෙයිද ? එකත් සුද්දන්ගේ වැඩක්ද ? ඇන්නැම්ලා දෙසොපාලනේ පටන්ගත්තු කාලේ වෙනකොටත් ලංකාවේ සමහර ගම්වල ලොකුකුලවල සිංහලයන් අඩුකුලවල ගෑනුන්ට උඩුකය වැසෙන ඇඳුම් තහනම් කොරලා තිබුනා කියලා උන්නැහේ කොහේදෝ ලියලා තිබුනා මට මතකයි ... සිවුරුකාරයෝ මරනකටවත් යන්නේ නැති අඩුකුලේ මිනිස්සු ලංකාවේ තවමත් ඉන්නවාලු.. අනේ අපේ හිංගල කමයි බවුද්ද කමයි... මොනවද මේ කතා...

      Delete
    8. උඹ නොදන්න ඉතිහාසයක් කතා නොකර ඉදපන්. සීගිරි චිත්‍ර කියන්නෙ සීගිරියෙ තියන චිත්‍ර නෙමේ. ඒව බෙල් කියන පාහරයයි පරණවිතාන කියන දේශද්‍රෝහියයි එකතු වෙලා කරපු පාහර වැඩක්. ගෑනුන්ගෙ හෙළුවැලි රූප දිහා බල බල ස්වයංවිංදනය කරන්න තරම් අපේ රජවරු නපුංසකයො නෙමේ.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ඇත්තටම නිදහස් අධ්‍යාපණයක් කියලා සීන් එකක් දැන් නෑ. ප්‍රයිවෙට් ක්ලාස් ගියේ නැත්තම් ඕලෙවලුත් ෆේල් ඒ ලෙඅවලුත් ෆේල්

    ReplyDelete
    Replies
    1. ඔවු ,සියලුම රජයේ පාසල් ටික වසා දැමිය යුතුයි ...මොකද රජයෙන් වියදම් කරලා උගන්නද්දී ඒවා මදි කියල ටියුෂන් යනවා නම් අපරාදෙනේ රජයේ සල්ලි ..

      Delete
    2. කොහොමත් ඕවා ඉබේටම අහෝසි වෙයි.... වෙනස් වෙන්න බැරි සත්තුන්ට පැවැත්මක් නෑ කියලා කියනවා නේ...

      හොඳම උදාහරණය..: ජනතා විමුක්ති පෙරමුණ

      Delete
  14. මාතලන්, උඹට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාවක්. (මම නෙමේ ඕක කිව්වේ)

    ReplyDelete
  15. මාතලන්... ඔයා ඔය කියන විදිහට යුනිෆ්ම් නැති ගැහැණු පිරිමි භේදයක් නැති රජයේ පාසල් තියන ලෝකයේ අංක එකට දියුණුයි කියන රටක ඉඳන් එව්වා ඇහින් දැකල මේ ලියන්නේ. ඔයාලා හිතනවට වඩා එව්වයේ අනිසි ප්‍රතිපල සෑහෙන්න දරුණුයි මාතලන්. ඔය මගුල් මොකකටවත් නැතුව ළමයින්ට අද්‍යාපනය දිය යුත්තේ බුද්ද්ධිය වර්ධනය කරගෙන ලෝකය දකින්නයි. එතකොටයි ළමයි හුරු වෙන්නේ සඟවාගත් න්‍යායපත්‍ර තිබෙන ආගමික, දේශපාලනික, සමාජ සේවා ආයතන හෝ පුද්ගලයින් පසුපස ගිහින් අනාත නොවී තමන්ගේ අනාගතය සුරක්ෂිත කරගන්න.

    නිල ඇඳුම වෙනස්කල පමණින්, ටියුෂන් නැවත්වුව පමණින්, විභාග වෙනස්කල පමණින්, විෂයන් අඩුකළ පමණින්, සහ එකී මෙකී දෑ වෙනස්කල පමණින් දරුවන් හිතන්න පුළුවන් පුරවැසියන් වෙන්නේ නෑ. කලයුත්තේ බුද්ධිය වර්ධනය කෙරෙනා සහ සිතීමට පුරුදු කෙරෙනා අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමයි. කවදා හරි දරුවන් බුද්ධිය වර්ධනය වෙච්ච, සිතීමට සමත් පුරවැසියන් වූ දවසක මේ ඇතිවෙලා තියන ජාති වාදී, ආගම්වාදී ප්‍රශ්න ආයේ ඇතිවෙන එකක් නෑ. හැබැයි මේ ඉන්න මෝඩ මරි දෙස්පාලුවෝයි උන්ට ප්‍රසිද්දියේ සහ හොර රහසේ කඩේ යන ගොට්ටෝ ටිකයි ඉන්නකම් අධ්‍යාපනයේ වෙනසක් සිද්දවෙන්නේ නැහැ. එකට පළමු සහ අවසන් හේතුව දරුවන් බුද්ධිමත් සහ සිතීමට සමත් පුරවැසියන් වුවහොත්, දේශපාලුවන්ට සහ ඔවුන්ගේ ගොට්ටන්ට පැවැත්මක් නැතිවෙන නිසා.

    ReplyDelete
    Replies
    1. ඇඳුම ගැන මගේ මතය ඒකම තමයි... උඹ කියපු අනෙක් කාරණය මගේ ළිපියෙ අවසානයේ එකතු කරලා තියෙනවා... සමහර විට දිග වැඩි නිසා ඒ ටික කියවන්නේ නැතිව ඇති... කොහොමත් වෙනස් වෙන්න අකමැති සත්තු වඳ වෙලා යනවා ඉබේම.. වඳ පෙත්ත ඕන නෑ...

      Delete
  16. ඉස්සර විබාගෙට ලකුණු අඩු උනොත් දෙමවුපියන්ගෙන් බැනුම් අහන්නේ ළමයි. දැන් ගුරුවරු. මාර System එක.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න