.

.

Mar 8, 2018

ටැක්සි ජිනේ, මොරිස් මයිනර් සමඟ රොකට් රෝහිණි - Taxi Drivers, Morris Minor with Rocket Rohini




ටිකිරි වාගේ ටට්ට කළු දත් බොල්ලෑවක්ද සහිත හාමිනේ කෙන්ක්ට වඩා ඒ කාළේ උන්න සෝනියා දිසා වගේ කෑල්ලක් හාමිනේ ලෙස ගෙදරට කැන්දාගෙන ආවේ කෙසේදැයි යන්න ගමේ ඔක්කෝටම මාරම පුරස්නයක් විය. පියාත් හොඳ හැන්ඩියා නිසා ඒකේ අවුලක් නැතත්, අවුරුදු 60 ක් ඉතර එකෙක්, අවුරුදු 30 ක් ඉතර ඉටිකිරිස් කෑල්ලක් ගෙන ඒම, ළිඳ ළඟ සංගමයේ සමාජික සාමාජිකවන්ගේද, කොකිස්වත්තේ මෙන්ම බෝක්කුව වත්තේ ලයන්ස් ක්ලබ් එකේද, දික්වැල්ලේ මුදලාලිගේ කඩේ හා ආසිරි මුදලාලිගේ කඩේ පාරිභෝකික ජනතාව අතරත්, විජෙසිරි අයියාගේ හොර තැබෑරුමේත්, සුනන්දයාගේ කසියා පොලේත්, අයිරින් නැන්දාගේ ගංජා පොට් එකෙත් ප්‍රධානම මතෘකාවය බවට පත් උනේය. 

සම හරක් කතා උනේ ටිකිරි ගිහින් සුමානයක්කත් යන්න කලියෙන් රෝහිණි ගෙදරට ආවේ, ගමේ උපාසකයා වගේ උන්නාට පියාත් හොඳ වැඩ කාරයෙක් වෙන්නැතිය කියලාය. ඇත්තම කියනවා නම් පියාගේ වැරදි දෙයකට තිබුනේ, මාළු බයිසිකළේ ගෙදර පාක් කරපු ගමන්, සුනන්දයාගෙ පොට් එකට ගොස් කන පාත්වෙන්න ගහනා එක ඉතරය. ගමේ මාළු විකුණනා උන් තුන් දෙනෙක් විතර උන්නද, අනෙක් උන් දෙන්නාට වඩා,  පොඩි රෙස්පෙට්ටෙක්කක් පියාට තිබුනේ, පොර අනෙක් උන් දෙන්නා මෙන් නොව, ප්‍රධාන පාර අයිනේ පර්චස් 20ක් පමණ ඉඩමක, උළු හෙවිලි කල තරමක් විශාල නිවෙසක හිමි කරුවෙකු මෙන්ම, හොන්දට අඳින පළදින එකෙක් උන නිසාය. අනෙක් උන් දෙදෙනාම උන්නේ ඒ කාලේ මුඩුක්කු ලෙඩ හැඳින්වූ වතු ව්ල පිහිටි ඉතා කුඩා නිවාසවලය.

කෙසේ හෝ රෝහිණි ආවයින් පස්සේ ඒ ගෙදර ඉතරක් නොව, පැත්ත පලාතම වෙනස් උනේ බලාගෙන ඉඳිද්දීය. පියාගේ මාළු වෙළඳාම නැවතුනේය. වෙනදා මහ රෑ කුණු වෙන්න ගහලා ඉස්තෝප්පුවේ දපපු එකා නිදා ගත්තේ ගේ ඇතුලේය. මේ සියල්ලම ගමේ උන් බුකියටත් වඩා කලින් දැන ගත්තේ, පියාගේ ගෙදරට එහා ගෙදර කුළියට උන් රෝයිටර් පුවත් ගෙන ආ ටැක්සි  ජිනේගෙන්ය. ටැක්සි ජිනේගේ හාමිනා වැ කළේ ඒ ඇෆ් පී ප්‍රවෘත්ති සේවයේය. හිටපු පොඩි උන් දෙදෙනාද ආරේ ගුණ නෑරමින්, දෙමව්පියන්ගේ රැකියාව ඉතා හොඳින් ප්‍රගුණ කරමින්, ප්‍රාදේශීය මාධ්‍යකරනයේ යෙදුනද, සමහරක් උන්ගේ මාධ්‍යකරනයට බාධා කළේ, "පල හුත්තිගේ කොල්ලො දෙන්නා...., මෙතන ඕප දූප හොයන්න එනවා..... වැඩි හිටි උන් අස්සේ රිංගාගෙන..." කියාය. සඟිස්කෘත භාෂාව ඉතා හොඳින් ප්‍රගුණ කර සිටී පොඩි උන් දෙදෙනාද ඒ සඳහා යහපත් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, "අනේ පල කැලියෝ යන්න.... තොපිම නේ අපේ ගෙදර ඇවිත් තාත්තා එක්ක ඔපේ ගහලා යන්නේ...." කියලාය.


ටැක්සි ජිනයා එලෙව්වේ මොරිස් මයිනර් ටැස්සියක්ය. ඒ කාළේ තිරි වීලර් තිබ්බේ නැතිය. ජපන් කාර් තිබුනේත් නැතිය. තිබුනේ ඉන්ගිරිස් වාහනය. අදටත් මේ මොරිස් මයිනර් වාහනවලට කැමති උන් බෝහෝය. පුස්සගන් එකට වාගේම, මොරිස් මයිනර් එකටත් ලව් කරනා උන් බොහෝය. ටැක්සි වලට දිව්ව මොරිස් මයිනර් ඔක්කෝම වල තිබුනේ එකම කලර් කෝඩ් එකක්ය. වහල හා වීදුරු අතරේ බාර් සියල්ල කහ පාට උන අතර, අනෙක් ඔක්කෝම කළු පාටින් වීය. ඩැයිවර්ගේ පැත්තේ එලියෙන් මීටරයක් හයි කරලා තිබුනාතර, හයර් එකක් ඉස්ටාට් කොරනා ඩැයිවර් කලේ, ජනේලෙන් එලියට අත දාලා මීටරේ කඩනා එකය.  කොටුව , ගාල්ල, අනුරාජපුර ඉට්ටේසන් ඉස්සරහා, ඕවා කහ කුරුල්ලෝ වාගේ උන්නාතර, මාතර හා ගාල්ලේ මයිනර් වලට අමතරව බක්කි කරත්තත් තිබුනේය. ගාල්ලේ ටවුමේ බස් ඉස්ටෑන්ඩ් එක ඉස්සරහා බෝ ගහ යට තිබුන බක්කියෙන් අම්මලාගේ මහ ගෙදර වූ ද්ංගෙදරට යන්න ගත්තේ රුපියලද කොහේදෝය.

මාතලන් පොඩි කාළයේ කෝච්චියෙන් ගාල්ලේ යන්න පුදුම ආසාවක් තිබුනේය. ඒ මුහුද බලාගෙන යන්න පුළුවන් නිසාය. ගෝල්පේස් මුහුදට වඩා කෝච්චියේ යන කොට පේන මුහුද බොහෝ සුන්දරය. ඒ කාළේ වැල්ලේ දේවාලේ (Unawatuna Beach) සුද්දෝ උන්නේ නැති අතර, හිටියේ අපි වාගේ ගමේ වැද්දෝ විතරය. තාත්තාට එසේ උනවටුනේ යන්න උනේ, කෝච්චියේ ගමන රෑ දාගත්තාම මූද බලන්න වෙන්නේ නැති හන්දාය. ඒ කාලේ අද මෙන් නොව, ගාල්ල නඟරය මහ රෑටත් ජනයාගෙන් පිරී ඉතිරි තිබුනේය.

සමහර විට රටේ අනෙක් නගරත් තිබෙන්නට ඇත්තේ එහෙමය. මොකෝ හෝල් වල රෑ 9:30 යේ සෝ එක අනෙක් සෝ වලට වඩා නැගලාම ගිය නිසාය. මිනිස්සු සෝ බැලුවේ රෑටය. ඒ නිසා බස් රථ මෙන්ම ටැක්සිද මහ රෑටත් තිබුනේය. මේ සියල්ල නැති උනේ 83 භීෂනයත් එක්කය. ඒ සාපය අවුරුදු 30 ස් ගනනක්ම වින්ද කාළාන්නින්ට, ප්‍රභාකරන් කිවාක් මෙන් සියල්ල අමතක වී, අද තවත් ගුස්තියක් අල්ලා තිබෙනවා දැක්කාම තනි ඇහැට ඇඬෙනවාය. මේක කවදාවත හැදෙනා රටක් නෙමය. එක්කෝ වහ බී මිය යා යුතුය. නැතිනම් වෙනත් රටකට පැන යා යුතුය.

ටැක්සි ජිනේ දිව්වේ කොටුව ඉට්ටේසම ඉස්සරහාය. අද ඕල්කෝට් මාවත හෙවත් ඒ කාළේ නොරිස් රෝඩ් එකේ කඩේක උන් අපේ තාත්තා ජිනේගේ හොඳ යාලුවෙක් විය. සැම්සන් මහත්තයා රට තොට පුවත් ගෙදරට ගෙන ආවේ ජිනයා හරහාය. ඒත් ඒ පුවත් දුන්නේ සංස්කරණයට ලක් කොට ඉතා කෙටියෙන්ය. මේ නිව්ස් වලින් සෑහිමකට පත් නොවනා අම්මා හා ආච්චි කොලේ, ගෙදර උන් ඇලිස් හෝ මැනිකා දික්වැල්ලේ කඩේ මුදලාලිගෙන බඩු ගෙන එන්නට යැවීමය.

නොම්මර එකේ කුකුලෙක් වූ දික්වැල්ලේ මුදලාලි ගමේ බවලත් උදවියගෙ ෆේවරිට් එකක් වෙලා තිබුනේ මක්කා හෝ සුළු දෙයක් නොමිළේ ලැබෙනා නිසාමය. ඒ ඇර කඩේ ප්‍රවෘත්ති බෙදා හැරීමෙ ප්‍රධානම මජ්ජස්තානයක් වෙලා තිබුන නිසාය. ජිනයා අපේ ගෙදර කිසි දිනෙක පැමිණ නැතත්, සැම්සන් මහත්තයා ජිනයාගේ ගෙදරට ගොඩ උනේ, හදිසියකට බෝතලයක් ගෙන්න ගන්නට ඕනා උනොත්ය. ජිනයා කළේ විජේසිරි අයියාගේ හොර පොලෙන්, පොල් ගහ යට කෝටියා උන්න බෝතලයක් අරගෙන සැම්සන් මහත්තයාට දෙන එකය.

පියාගෙ කලින් හාමිනේ ටිකිරි සමඟද ඇයි හොඳයියක් තිබී, පසුව හාමිනාගේ අතටම අසු වීමේ හේතුවෙන් නිවාස අඩස්සියට පත්ව, ජිනයාගේ නිසාචර ජීවිතයට තිත තැබී තිබුනද, තහනම් මැද්දේ සිරිසේන ෆේස්බුක් එනවා මෙන්, ජිනයා මහ රෑ නයිට් ඩියුඩි ගියේ, රස්සාවට පින් සිද්ද වෙන්නටය. ජිනයා කලේ ගෙදරට ටිකක් දුරින් ටැක්සිය නවතා, තමන්ගේ රාජකාරි නිසි ලෙස ඉටු කොට, ඉන් පසු ටැක්සිය ගේ ළඟ පාක් කිරීමය. 

මන්ද අද මෙන්ම එදාත්, 10 න් පසු ඩබල් එකට කඩන්නේ කියා ඇම් ඇස් ප්‍රනාන්දු කියලා තිබුන නිසාය. අදටත් ත්‍රී වීල් වල යන සුද්දෝ වගේම, ජිනයලාගේ ටැස්සි වල යන සුද්දෝ, එදාත් උන්නේය. මාතලන්ගේ ෆේවරිට්ම සින්දුවක් වන "ඇම් ඇස් ගේ, මම ටැක්සි කාරයා... ගීතයේ තිබෙන්නේ ඒ වාගේ උන්ගේ කතාවක්ය..".

30 comments:

  1. ///මේ සියල්ල නැති උනේ 83 භීෂනයත් එක්කය. ඒ සාපය අවුරුදු 30 ස් ගනනක්ම වින්ද කාළාන්නින්ට, ප්‍රභාකරන් කිවාක් මෙන් සියල්ල අමතක වී, අද තවත් ගුස්තියක් අල්ලා තිබෙනවා දැක්කාම තනි ඇහැට ඇඬෙනවාය//
    පට්ට ඇත්තය. එක්කෝ මුන්ට වැඩක් නැත. නැත්නං මිලේච්ඡ යුගයට යන්නට පුදුම සා පිපාසාවකින් ඉන්නවා වෙන්න ඕනෑය.

    ReplyDelete
    Replies
    1. මේ සියල්ල නැති උනේ 83 භීෂනයත් එක්කය. ඒ සාපය අවුරුදු 30 ස් ගනනක්ම වින්ද කාළාන්නින්ට, ප්‍රභාකරන් කිවාක් මෙන් සියල්ල අමතක වී, අද තවත් ගුස්තියක් අල්ලා තිබෙනවා දැක්කාම තනි ඇහැට ඇඬෙනවාය. මේක කවදාවත හැදෙනා රටක් නෙමය. එක්කෝ වහ බී මිය යා යුතුය. නැතිනම් වෙනත් රටකට පැන යා යුතුය.

      බල්ලා කොහේ ගියත් ,කෙසේ ගියත්, කොහේ සිටියත්, මැක්කා ඌ සමග යායුතුය. නැතිනම් ඌට ජිවිතයක් නැත හරියමන් නවා තැනකුත් නැත ඌ ට ආතල් එකකුත් නැතිය . මාතලන්ටද අදාලය හැකි තරම් උසිගාන්වන දේ ලියා කෙසේ හෝ ආතල් එකක් ගන්නේය
      හා

      Delete
    2. රොටියට නොවේ මතලන්ට ය
      හා

      Delete
  2. //මේ සියල්ල නැති උනේ 83 භීෂනයත් එක්කය. ඒ සාපය අවුරුදු 30 ස් ගනනක්ම වින්ද කාළාන්නින්ට, ප්‍රභාකරන් කිවාක් මෙන් සියල්ල අමතක වී, අද තවත් ගුස්තියක් අල්ලා තිබෙනවා දැක්කාම තනි ඇහැට ඇඬෙනවාය. මේක කවදාවත හැදෙනා රටක් නෙමය. එක්කෝ වහ බී මිය යා යුතුය. නැතිනම් වෙනත් රටකට පැන යා යුතුය.//

    UNP ආන්ඩුව 83 කලේ මොනවද කියලා අපිට මතකයි. බලය රැකගන්න ජාතිවාදය අවුස්සලා හදිසි නීතිය දාලා, ඇඳිරි නීතිය දාලා ඉන්දියාවත් එක්ක ගිවිසුම අත්සන් කරලා ඉන්දියන් හමුදාව ලංකාවට ගෙනාවා.

    දැන් මේ කලේ මොකක්ද, වඳ පෙත්තක් ගැන කියලා අවුලන්න බැලුවා. අන්තිමේ සිංහල කොල්ලෙක් මරලා ජාතිවාදෙ අවුස්සලා විශ්වාසභංගෙ පස්සට දැම්මා. අපි නොදන්න රනිල්.

    මාතලන් දන්නවද "කූඹියෝ" කියන ටෙලි නාට්‍යයේ චරිතයක් තියෙනවා ජෙහාන් කියලා. මේ ජෙහාන් කරන්නේ ගේම් ගහන එක. ජෙහාන් වගේ ගේම්කාරයෙක් තමයි මේ පිටුපස ඉන්නේ. ඒ කියන්නේ හීන්දෑරි ජාතික ඇඳුම අඳින කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයකු තමයි මෙම ගැටුම් සඳහා පළමු ගිනිකූර පත්තු කළේ. මේ ජෙහාන් කවුද?

    ලොක්කා නීතිය හා සාමය අතට ගත්තා විතරයි වැඩේ නැගලා යනවා, මහ බැංකුව සීසන් 2, හොඳින් හෝ නරකින් තමාගේ බලය රැක ගැනීමට මිස්ට ක්ලීන් සොර දෙටුවා විසින්ම ගහපු ගේමක් මේක. පොරට විරුද්ධ විශ්වාසභංගෙ දැන් පැත්තක. හදිසි නීතියට මුවාවෙන් විකුණා ගන්න පුලුවන් ටිකත් විකුණා ගනියි මූ කෝටි ගණන් කොමිස් ගසා කාල, පහුගිය දූෂිත රාජපක්‍ෂ පාලන කාලයේ බේරුවල සිද්දීයේදීත් සිංහල ජාතිවාදී ජාතික ඇඳුම අඳින කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි හීන්දෑරි උස එකයි දත් ගලවපු දොස්තර ඇමතියයි තමා වැඩිපුරම ඒ සිදුවීමට සම්බන්ධ උනේ. අන්තිමේදී රාජපක්‍ෂ රෙජීමය ජනතාව අතර අපකීර්තියට උනා මුන් දෙන්නගේ ගැටයට අහුවෙලා. පස්සේ මුන් දෙන්න හිමිහිට පැත්ත මාරු කලා. වික්‍රමසිංහගේ ප්ලේ බෝයි වැඩේ කරන උන් දෙන්නෙක් ඉන්නවා. එකෙක් කටුකන කළවැද්දා සහ අනිකා ප.ච. රණවකයා. රට අවුළුවලා බලය රැකගන්න වික්‍රමසිංහ අන්තිම තුරුම්පුවත් ගැහුවා. මේ වික්‍රමසිංහ තරම් ඒකාධිපති පාලකයෙක් බිහිකළ සියළුම ඔලමොට්ටලයන් මීට වගකිව යුතුයි. රට ගිනි තියලා කරන මේවා සහගහන අපරාධ.

    ReplyDelete
  3. අනා...!මාතලන් මයා ඔයා එනකම් සා රසා SSC එකේ බලාගෙන ඉන්නවා. මාතලන් ඔයා SSC යන්න බයද ?කැත ද? නැතිනම් අවුල්ද ?

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා ගොඩාක් කල් බං

      Delete
  4. මේ සියල්ල නැති උනේ 83 භීෂනයත් එක්කය. ඒ සාපය අවුරුදු 30 ස් ගනනක්ම වින්ද කාළාන්නින්ට, ප්‍රභාකරන් කිවාක් මෙන් සියල්ල අමතක වී, අද තවත් ගුස්තියක් අල්ලා තිබෙනවා දැක්කාම තනි ඇහැට ඇඬෙනවාය. මේක කවදාවත හැදෙනා රටක් නෙමය. එක්කෝ වහ බී මිය යා යුතුය. නැතිනම් වෙනත් රටකට පැන යා යුතුය.// සහතිකම ඇත්ත අයියේ.මේක මහා කාලකන්නිම රටක්.

    ReplyDelete
    Replies
    1. මේ රට මුලු ලොවට යටයි....

      Delete
    2. සහතිකෙන්ම මේ රට මුළු ලොවට යටයි

      Delete
  5. එ ගැනනම් කාතා කරලා වැඩක් නැහැ...

    ReplyDelete
    Replies
    1. බ්රෙසියර් වල අඩුපාඩු ගැන නං ඕනෑ තරම් කතා කල හැක ඕනෑම පජිරි, පිට කෑහිලි, පජාත,.
      අවජාතක පද්දෙකුට වෙනුවෙන් කඩේ යාහැක

      Delete
  6. “ මුස්ලිම් විරෝධී ගැටුම් උග්‍ර කිරීම මගින් රට අස්ථාවර කර මේ ආණ්ඩුව මහජනයාට තව දුරටත් අප්‍රිය කර රාජපක්ෂලා නැවත බලයට ගෙන එම සඳහා බලවත් පිරිසක් පිටුපස සිටින බවට සැකයක් නැත . එකතරා මාධ්‍යයක සඳහන් වූ ආකාරයට අම්පාරේ සහ තෙල්දෙණියේ ගිනිතැබීම් පිටුපස සිටින්නේ මහසෝන් බලකාය නමින් හදුන්වන මැර පිරිසකි. ඔවුන් මෙහෙයවනු ලබන්නේ හමුදාවේ හිටපු රාජපක්ෂවාදී ලොක්කන් කීප දෙනෙකි .ආණ්ඩුවේ බුද්ධි අංශ මේ පිළිබඳව ආණ්ඩුවට වාර්තා කර ඇතුවාට සැකයක් නැත. එහෙත් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්නට අගමැති හෝ ජනධිපතිවරයා හෝ ඔවුන් දෙදනාම හෝ සුදානම් නොවීම ඉතා අවාසනාවන්ත තත්වයකි .ආණ්ඩුව මේ මොහොතේ ඔවුන් සහ ඔවුන්ගේ සහචරයන් කුඩු කරන්නට ,ඔවුන්ගේ දේපල රාජසන්තක කරන්නට සහ වෙනත් දැඩි ක්රියා මාර්ග ගැනීමට සුදානම් නොමැති නම් ඉදිරියේදී ඔවුන් ලංකාවම ගිනි තබන බවට කිසිදු සැකයක් නැත .”

    - ප්‍රේමලාල් රණවීරගේ

    දැන් මේ මහසෝන් බලකාය මෙහෙයවන හමුදාවේ හිටපු රාජපක්ෂවාදී ලොක්කන් ගැන තමුන්නාන්සේ දන්නව නම් ඒ නම් අඩුගානේ නිර්නාමිකවත් පෙනී ඉඳල ප්‍රසිද්ධ කරන්නකො. දැන් බේරුවලත් මහින්ද දිනල තියෙන වෙලාවෙ මුස්ලිම් විරෝධයක් ඇති කිරීමෙන් මහින්දට වන වාසිය මොකක්ද? පොහොට්ටුවට වැටිල තියෙන්නෙ සිංහල බෞද්ධ චන්ද විතරමද ? මහින්ද මුස්ලිම් විරෝධියෙක් විදියට ඇඟවෙන්න මේ බේගල් කෙලින්න ලැජ්ජා නැද්ද? අඩුගානේ තමුන්ගේ වයසට ගැලපෙන හැසිරීමක්වත් තියාගන්න.

    ඔය වගේම කෙබරයක් අර විචාරක පසුගිය ජනාධිපතිවරණයට කලින් ලිව්වේ මහින්ද හමුදාවත් එක්ක එකතුවෙලා කරන්න හදපු කුමන්ත්‍රණයක් ගැන. අන්තිමට ඒ කුමන්ත්‍රනේට කොළඹට ගෙන්න ගත්තයි කියපු මේජර් ජෙනරල් සුමේධ පෙරේරා (සුමේධ තමයි ගෝටාභය පළමු ගජබා රෙජිමේන්තුවට අණදෙනකොට එයාගේ දෙවැනි අණ දෙන නිලධාරියා) හමුදාවෙ තුන්වන තනතුර වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කළේ මේ ආණ්ඩුවෙන් නෙමෙයිද?

    අහල ඇති නේද කර්නල් ෆස්ලි ලාෆීර් ගැන? අර මුලතිව් සටනේදී මැරුණේ.එයා තමයි පළමුවන විශේෂ බලකායේ අණ දෙන නිලධාරියා. පස්සේ එයාට පරම වීර විභූෂණය හිමි වුනා. එයා නුවර . බැඳලා හිටියෙ අනෝමා වික්‍රමසූරිය. බැන්දට පස්සේ අනෝමා ලාෆීර්. එයාගේ සහෝදරයෙක් තමයි කර්නල් ප්‍රසන්න වික්‍රම වික්‍රමසූරිය. තවත් සහෝදරයෙක් තමයි ජාලිය වික්‍රමසූරිය. මේ සියලුදෙනා මහින්දගේ ඥාති සහෝදරියකගේ දරුවන්.

    ගෝටාභයගේ ඉතාම විශ්වාසවන්ත නීතිඥයා කවුද? ඒ ජනාධිපති නීතිඥ අලි සබ්රි. සබ්රි එන්නෙ බේරුවලින්. ඉතින් තමුන්නාන්සෙ රාජපක්ෂවරු යනු මුස්ලිම් විරෝධීන් කියල නිර්මාණය කරන්න හදන බේගලය මොකක්ද?

    කැමති දේශපාලනයක් තමුන්නාන්සේ කරගන්න. නමුත් දේශපාලන ජඩ වැඩ කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. මේ උඩින් comment කරල තියෙන එකා මහින්දගෙ පුක ලෙවකන එකෙක් කිසි සැකයක් නැහැ. මූ කියන එක ඇත්තනම් මහින්ද Prabakaran එක්ක යුද්ද කලේ කොහොමද ? මොකද නිරූපමා රාජපක්ස බැඳලා ඉන්නෙ දෙමලෙක් !

      Delete
    2. @ Anonymous March 10, 2018 at 5:06 AM

      අනේ බොල ගොන් හරකො,

      ඔය උඩ Anonymous March 10, 2018 at 1:40 AM කියල තියෙන කතාව තේරුම්ගන්න බැරි උඹ මෙතන පච වෙන්න එපා. මහින්ද ප්‍රභාකරන් එක්ක යුද්ධ කළේ පුද්ගලික තරහකටද ? නිරුපමා විතරක් නෙමෙයි බැසිල්ගෙ දුව බැඳල ඉන්නෙත් ඉන්දියන් ජාතිකයෙක් නේද?

      ගෝඨාභය ගේ කාලේ ආරක්ෂක අමාත්‍යාංශයයේ අතිරේක ලේකම් විශ්‍රාමික Air Vice Marshal Ravi Arunthavanathan, RWP, RSP, VSV, USP, psc, නෙමෙයිද ?

      අනේ ගොන් හරකෝ 71 කැරැල්ල කාලේ ආරක්ෂක ලේකම් කවුද ? ඒ ආතර් රත්නවේල් නෙමෙයිද?

      අමිර්තලිංගම්ට වෙඩි තියපු LTTE කණ්ඩායම මැරුවේ සිංහල ආරක්ෂක නිලධාරීන් නෙමෙයිද? LTTE කාලේ සියලු දෙමල දේශපාලකයන් තමන්ගෙ ප්‍රධානතම ආරක්ෂක නිලධාරීන් විදියට සිංහල අය පමණක් තෝරාගත්තේ ඇයි ?

      රවිරාජ් එක්ක මැරුණේ සිංහල පොලිස් සැරයන්වරයෙක් නෙමෙයිද?

      මිනිස්සුන්ගෙ ඔලුවට ජාතිවාදී විෂ දාල ඒකෙ වගකීම පදනමක් නැතුව අහක ඉන්න මිනිසුන්ට පටවන්න එපා.

      මේ ලියන මම මහින්දට පක්ෂයි. ඒ වගේම මොනම ජාති ආගම් වාදයකටත් විරුද්ධයි. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනගත්ත අපට එහෙම වෙන්නත් බෑ.

      Delete
    3. Hey Ano above,

      I am the Ano above March 10, 2018 at 5:06 AM. Thanks for admitting that you are one of MR's Ar..selickers.

      I do not think you've even been to Royal for shelter during rains. You seem to have such lowly qualities, not seen in respectable Old royalists !

      Delete
    4. "...මහජනයාට තව දුරටත් අප්‍රිය කර රාජපක්ෂලා..."

      - ප්‍රේමලාල් රණවීරගේ

      අම්මට සිරිගජ නැන්දට කජුමද කිව්වලු මාතෙ. මම හිතන්නෙත් ඔය ප්‍රේමලාල් උන්නැහැ හිතන විදියටමයි. මේ පහුගිය පළාත් පාලන මැතිවරණයේදී රාජපක්ෂලා තවදුරටත් මහජනතාවට අතිශයින් අප්‍රියකර පිරිසක් බව මහජනතාව ඉහලින්ම ඔප්පු කළා.

      ඔය ප්‍රේමලාල් උන්නැහැ අයිති පළාත් පාලන ආයතනය ඉහලින්ම දිනුවෙ යහපාලනය නෙමෙයිද? මහින්දට ඇපත් නෑ.

      මේ වගේ (මීට සමාන අර තුශාර වන්නිආරච්චි වගේ) ප්‍රගල්භ දේශපාලන විචාරකයො අපෙත් ආයු ලැබ අඩුගානේ 2020 ජනාධිපතිවරණය වෙනකන්වත් දීර්ඝායු වළඳන්න ඕනැ.

      උඹල අපි නම් හැන්දෑවට බාගයක් ගහන දවසට ගෝල්ඩ් ලිෆ් පැකට් එකක් වත් ගහන උන් නිසා අපිට ටිකට් එක කොයි වේලාවේද දන්නේ නෑ.

      කොයි පක්ෂෙ උනත් මොන ජාතියේ ආගමේ උනත් හොඳට අර වගේ කන බොන එකා ළඟ ගඳ නෑ මචං. උඹ එකඟද ?

      Delete
    5. "ආණ්ඩුවේ බුද්ධි අංශ මේ පිළිබඳව ආණ්ඩුවට වාර්තා කර ඇතුවාට සැකයක් නැත."

      - - ප්‍රේමලාල් රණවීරගේ

      සභාවේ ඉතා තදින් සිනා. මෑතකදී ශ්‍රී ලංකා යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වූ සුරේෂ් සලේ ඉන් ඉවත් කලේ මහින්ද රාජපක්ෂද ?

      මා දන්නා පරිදි සුරේෂ් යනු රාජකීය විද්‍යාලයේ සුපිරි නිපැයුමක් වන අතර ඔහු එවකට පදින්චිව සිටියේ කොල්ලුපිටියේ මුහන්දිරම් පටුමගේය. බොහෝ විට මොහු මාතලන්ගේ සමකාලීනයකු වියහැකිය. මොහු මැලේ ජාතිකයෙකි. වර්තමාන පොලිස් විශේස බලකා අණදෙන නිලධාරි ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ද කොළඹ රාජකීය විද්‍යාලයේ සුපිරි නිපැයුමක් බව මා අසා ඇත. ඒ සත්‍යක් නම් මොහු අරුණ පෙරේරාගේ සමකාලීනයකු විය යුතුය.

      කෙසේ නමුදු පරිපාලනයෙහි අසමත් කොන්ද පන නොමැති රාජකීයයන් කිසි කළෙක සැබෑ රාජකීයයන් ලෙස අප පිළිගන්නේ නැත. මෙය සුරේෂ් හෝ ලතීෆ් සඳහා අදාළ නැත.

      Delete
  7. අඩේ මාතලන් බොස්. රොකට් රෝහිනී මරුනෙ 👍🏽.. දැන් උනත් බං ගමේ කෙල්ලේකුගේ සිරියාව ඔය ෆැෂන් කරන ඇවුන් ළග නෑ ලොක්ක.

    තිරික්කල කිව්වහම මතක් උනේ. ඉස්සර අපි මාතර ආච්චිලයි ගෙදර යද්දි මාතර ඔරලෝසු කනුව ලගින් තිරික්කලේ අරං පැද්දි පැද්දි මැද්දවත්තට යන හැටි මැවිල පේනව බං.

    ඔහේට ඉතිං ඒකාලෙ සබ්ද කෝෂයත් හරියටම මතකයි. ගෝපාල පැකට් එකෙක් දත් මැද්ද අපිට තියෙන බාල කාලය නං මල් හතයි.

    ReplyDelete
    Replies
    1. තිරික්කලේ මචෝ... ගාල්ලේ නැති උනත්, මාතර සෑහෙන කාළයක් යනකන් තිබ්බා... තාමත් සමහර ගෙවල් වල ඉස්සරහා පාක් කොරලා තියෙනවා බී ඇම් මරසෙඩීස් වගේ...

      Delete
  8. කොමන්ට් මකා දැමිමන් ගැලරියේ හූ හඬ හා විසිල් හඬට පමණක් ප්‍රතිචාර දක්වන මාතලන් දෙපිටකාට්ටුවාට මේ උපාය මාර්ගික ඥානය නැත.මේ ගෙරියාට ප්‍රමාණවත් ශක්තියක් තිබේ නම්, අවස්ථාවන් වාසි දායක නම්, අභියෝග බාර ගෙන සිටිය යුතුය

    ReplyDelete
    Replies
    1. පොන්නයෝ වගේ තොපි මොන පක්කුද යකෝ මට. කොමෙන්ට් මොඩරේට් කළේ තොපි වගේ කාළකන්නි පොන්නයෝ, මැරිච්ච මිනිස්සුන්ටත් අපහාස කරන අමු තිරිසන්නු නිසා... තොපි වගේ කාලකන්නි නිසා තමයි.. අද සමාජ මාජ්ජ ජාලාවලටත් කෙල වෙලා තියෙන්නේ...

      Delete
    2. මැරිච්ච මිනිස්සුන්ටත් අපහාස කරන අමු තිරිසන්නු නිසා... තෝ කාලෙන් කාලෙට රටේ ඉන්න / හිටපු , මැරිච්ච්/ජීවත්වෙන මහජන චන්දෙන් පත්වෙච්ච නායකයින්ට අපහාස කරලා තීරු ලිපි ලියන්නේ උඹ සුකරයෙක් නිසානේ ද? එතකොට තිරිසනා උඹද අපිද

      එනිසා තමයි සුකරයෝ , තොපි වගේ කාලකන්නි නිසා තමයි.. අද සමාජ මාජ්ජ ජාලාවලටත් කෙල වෙලා තියෙන්නේ... දෙපිටකාට්ටුවෝ

      කොස් මල්ලිගේ ඔලුව වගේ, පොර උරේක ගුණසිංහ පුරේ තිබුනත් අපිට නම් පුදුමයක් නෑ
      උඹ ඕන මගුලක් මොඩරේට් කරගනින්
      මේ සුකරයාට නම් මේ උපාය මාර්ගික ඥානය නැත.මේ යම් ප්‍රමාණවත් ශක්තියක් තිබේ නම්, අවස්ථාවන් වාසි දායක නම්, මේ අභියෝගත් බාර ගෙන බලමු

      Delete
    3. මැරිච්ච මිනිස්සුන්ටත් අපහාස කරන අමු තිරිසන්නු නිසා... තෝ කාලෙන් කාලෙට රටේ ඉන්න / හිටපු , මැරිච්ච්/ජීවත්වෙන මහජන චන්දෙන් පත්වෙච්ච නායකයින්ට අපහාස කරලා තීරු ලිපි ලියන්නේ උඹ සුකරයෙක් නිසානේ ද? එතකොට තිරිසනා උඹද අපිද

      එනිසා තමයි සුකරයෝ , තොපි වගේ කාලකන්නි නිසා තමයි.. අද සමාජ මාජ්ජ ජාලාවලටත් කෙල වෙලා තියෙන්නේ... දෙපිටකාට්ටුවෝ

      කොස් මල්ලිගේ ඔලුව වගේ, පොර උරේක ගුණසිංහ පුරේ තිබුනත් අපිට නම් පුදුමයක් නෑ
      උඹ ඕන මගුලක් මොඩරේට් කරගනින්
      මේ සුකරයාට නම් මේ උපාය මාර්ගික ඥානය නැත.මේ යම් ප්‍රමාණවත් ශක්තියක් තිබේ නම්, අවස්ථාවන් වාසි දායක නම්, මේ අභියෝගත් බාර ගෙන බලමු

      Delete
  9. වෙනස්. එත් නියමයි මාතලන්

    ReplyDelete
  10. කෝච්චිය වේදිකාවට එද්දී මුලින්නම පෙන්න engine එක දිහා බලාගෙන ඉන්න මම ගොඩක් අස කරා . ඒ ගහම්බිරත්වය , අබිමානි ගමන, එන්ජිමේ හඩ , නලා හඩ එදා ඉදන් මම ආස කරපු දෙයක් .

    ඉතිං වේදිකාවට ඇවිත් කෝච්චිය නවත්වපුගමන්ම තාත්ත බලන්නේ මේක 3 වෙනී පන්තියේ පෙට්ටියක් ද කියල . ඉතින් ඇවිදින්න පුළුවන් කලේ තාත්ත මාව බිමින් තියනවා . ගොඩක් වෙලාවට මම සීට් දෙක මද කවුළුව ගාවට ( මුහුද පැත්තේ ) යනවා . අසාවෙන් ජනේලෙන් දෙපැත්තම බලනවා . කෝච්චිය වංගුවක් ගද්දි එන්ජිම දිහා බලන්න මම කොච්චර ආස කරා ද?

    ඉතින් ගොඩක් වෙලාවට කළුතර පහුවෙද්දී සිටි එකක් හම්බවෙනවා . කොහොමරි හික්කඩුවෙන් බැසට පස්සේ ටිකට් පස්සේ අපි යන්න ඉස්සර ටිකට් එකතු කරන නිලධාරියාට ටිකට් ටික දෙනවා . ඉස්සර හික්කඩුවට තිබුනේ පලවෙනි වේදිකාව විතරයි . හැබැයි මට මතක විදියට පාරවල් තුනක් තිබ්බා . තුන්වෙනි පාර තිබුනේ පෝර ගබඩාවට යන්න. ගොඩක් වෙලාවට කුඩා ප්‍රමාණයේ බඩු පෙට්ටියක් හෝ දෙකක් නවත්වලමයි තිබුනනේ පොර ගබඩාව ගාව. යකඩ දොබකරයකුත් තිබුන ගබඩා බුමියේම . ඉස්සර හික්කඩුවට තිබ්බ සංචාරකයන් වෙනුවෙන් වෙනම දුම්රිය පොලක්. හැබැයි එක ගොඩක් පොඩි තැනක් . තිබුනේ හරියටම හික්කඩුව කුමාර විදුහල ගාව ප්‍රධාන සිග්නල් කනුව ආසන්නයේ . පස්සේ කලෙක එක අභාවයට ගිහින් වහල දැම්ම . අද වෙද්දී තුබුණු තැනක් වත් පෙන්න නෑ මම හිතන්නේ .

    Wednesday, June 21, 2017
    http://magelokaya01.blogspot.com/2017/06/4.html

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න