.

.

Mar 27, 2018

වාහන ගිල්ලීම, රථ ගාය හා රජයේ නොහැකියාව - Sinking Government with bloody fools




අපි පොඩි කාළේ ඉස්කෝලේ ගිය වෑන් එකේ අංකල් කාරයා ළඟ වෑන් කාර් එකක් තිබුනේය. ඒකට කවුරුත් කිව්වේ ජේ ආර් ගේ කාර් එක කියලාය. කවුරුත් කිව්වේ ඒක ජේ ආර් පාවිච්හි කරපු කාර් එකෙයි කියලාය. ඒක ඇත්තද කියන්න දන්නේ නැති උනත් මේ කතාව මතක් උනේ මේ මී හරක් ආන්ඩුව කාර් වගයක් හා නැවක් මූදේ ගිල්ලවපු සීන් එක දැකලාය. කාර් 25 ක් හා කේ පී ගේ නැවක් මේ ලෙස මූදූබත් කරනවා කියා නිව්ස් එකේ ගියේය. මෙසේ මූදූ බත් කොරන්නේ මේ රටේ බත් කන ජනතාවගෙන් ගත්තු සල්ලිය.

පාර්ලිමේන්තුවේ ඉන්නා මී හරක් රැලට අවුරුදු පහෙන් පහට වාහනයක් ලැබෙනවාට අමතරව, ඇමති කමක් ලැබුනාම තවත් වාහන තුන හතරකුත් හම්බ වෙන්නේය. එවා මදිවාට අලි මදිවාට හරක් කියන්නැහේ, යුද්දේ ඉවර වෙලා අවුරුදු දහයක් ගත් වෙන්නත් එන වෙලේ මුන්ගේ ආරක්ෂාවට බැකප් වෙහිකලුත් හතරක් පහක් පෙරහැරේ යනවාය. මේක දැන් කල්ට් එකක් වෙලා අහවරය. අමන හිඟන්නන් ඉන්නා රටක මේවායේ යන ලැජ්ජා වෙන්න ඕනාතර. එවායෙ යන් උන්ට් ලේ බඩ ගිහින් මැරෙන්න ඕනා කියා කියන්නේ මේ රට ජනතාවය.

මන්ත්‍රිකම ආදායම් මාර්ගයක් කර ගෙන තිබෙන සිස්ටම් එක වෙනස් කරන්න කිසිම ඕනා කමක් නැති බව පේන්නේ ප්‍රාදේශිය සභාවල හිඟන්නෝත් කෝටී ගනන් වලට අලෙවි වෙනවා දකිනා විටය. මුන්ව කෝටි ගනන් අරගෙන ගම හෝ රට හදනවා නම් අවුලක් නැති මුත්, කෝටී ගනන් දීලා ගන්නේ ඒ වැඩෙ කොරන්න නොව. උන්ට කෝටී ප්‍රකෝටී ගන හම්බ කොර ගන්නා බිසිනොස් ප්‍රොජෙක්ට් එකටය.

අළුත් ඒවා ගන්නේ ඒවා ගෙන්නන උන්ට කොමිසොන් එකක් එන නිසා බව ඕන එකෙක් දන්නා කාරනවාක්ය. එහෙත්, ඔය වාහනවලට අමතරව අමාත්තියන්ස වාහන ගාල් වල දිරනා කෝටි ගනන් වටිනා වාහන අළුත්වැඩියා කර භාවිතාවට නොගන්නේ ඇයිදැයි කියනා එක නම් මහා ප්‍රශ්ණයක්ය. පරණ මොරිස් මයිනර්, ජීප් හා පුස්සගන් වාහනත් කිරි ටෝයියෝ හදා පාරේ දුවනා රටක, ඒ වාගේ බිස්නස් කරනා උන්ට අඩු මුදලකට හෝ මේ වාහන දීලා දාන්න ඕනාය. එක්කෝ මේවා කෑලී කෑලී ගලවා, ඉස්පෙයාර් පාට්ස් විකුණනා කීප දෙනෙකුට විකුනා දමන්න පුළුවන්ය. කිසිවක් නොකර වාහන අංගන වල මේවා දිරා යන්නට දමා තිබෙන්නේ ගන්නා උනටත් මුන්ගේ මී හරක් ගති බෝවේ යැයි කියා ගත් යහපත් තීරණයකට අනුව නම් අපි මේ හරකුන්ට අපේ ප්‍රණාමය පුද කරන්නත් ඕනෑය.

ඒ කෙසේ වෙතත් හිකෙන් පුනා යන්නේ, මේවා මූදූබත් කිරිමට මුන් කියනා ඇක්ස්කියුස් එක ඇහුවාමය. මුන් කියන්නේ ඒවා කාට හෝ විකුණා දැමුවොත් පාතාල සමාජිකයින් අතරට මේවා පත් වෙන්න පුළුවන් කියලාය. ඒ කියන්නේ මුන්ට පාතාලය පාලනය කර ගන්න බැරි වෙලා කියා ප්‍රසිද්ධියේ කියනා එකය. වහෙන් ඔරෝ බාසාවෙන් හෝ එහෙම පිලි ගන්නා එකම ළොකු දෙයක්ය. පාතාලයෙන් යැපෙන්නේ පොලිසීයේ බක්කෝ කියා උන්ට කින්ඩියක් දාලා ආතල් එකක් ගන්නා එක මාර පව් වැඩක්ය. උන්ට පාතාලෙට ගේම දෙන්න බැරි වෙලා තියෙන්නේ, පාතාලේ රන් කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නා උන් නිසාය. පාර්ලිමේන්තුවේ ඉතරක් නොව, මීගමු නගර සභාවේ නගරාධිපතිකමට පත් උන එකාත්, අනෙක් ඒවාට පත් වෙලා ඉන්නා උන් සභාපතිලා පත් කර ගන්නට බැරිව නටනා විගඩම් හා ගේම් ටික දිහා බැලුවාමත්,  කූඹියෝ එකේ ජෙහාන් මොන පඩයෙක්ද කියා සිතෙන්නේ මට ඉතරක් නෙමේය. 

තා පැත්තකින් බලනා කල මාතලන්ට හිතුනේ මෙහෙමය. ආන්ඩුව කියන්නේ මේවා පාතාල සාමාජිකයින් අතට පත් වෙන්න තිබූ ඉඩකඩ නිසා ගිල්වා දැමුවා කියලාය. ඒකේ සාධාරන පැත්තකුත් දියෙනවාය. මොකෝ මේවා භාවිතා කළේ පාතාලේ ගෝඩ් පාදර්ලා හා මදර්ලාය. ඉතින් පාතාලේ මැම්බර්ස්ලා හේවත් සාමාජිකයොත්, තමන් පාවිච්චි කරපු ඒවා වල එක එකා යනවා දැක්කොත්, ජේ ආර් ලාට, ප්‍රේමදාසලාට උනත් අවීචී මහා නරකාදියේ ඉඳගෙන උනත් මලේ හොඳම එකෙන් පනින්න පුළුවන් කියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනාවාය.


*** විශේෂ - මේ ආන්ඩුව කොතරම් ගොබ්බ ආන්ඩුවක්ද කියනවා නම්, මුන්ට රදලියගොඩ කෙනෙක්කත් නැති එකෙන්ම ඒ බව පැහැදිලිව පේනවාය...

54 comments:

  1. //ආන්ඩුව කියන්නේ මේවා පාතාල සාමාජිකයින් අතට පත් වෙන්න තිබූ ඉඩකඩ නිසා ගිල්වා දැමුවා කියලාය//
    පාතාලෙ මාංචු පිටිනුත් පීනුවා.

    ReplyDelete
    Replies
    1. ඒ කාළේ හොඳයි වගේ කියලා හිතෙන්නේ මට විතරෙයි

      Delete
  2. ehema thayi ban gobbayek ha modayek raja karanakota

    danne nadda apiwa palanaya kare mada hoda gaththa ewun kiyala

    ReplyDelete
  3. ඉත්තෑ වෝ පුකේ දුවනෝ ..... මාතලන් NGO ධාන්යෙන් සමවදිලා දෝ

    ReplyDelete
  4. බයි ද වේ වට් හැපන්ඩ් ටු රදලියගොඩ'ස් යකඩ කේස් ?

    ReplyDelete
    Replies
    1. ඕල් කේසස් ආ ඩිස්මිස් ඇන්ඩ් ගෝන් අන්ඩර් පස්

      Delete
  5. මාතලන් සෑර්,
    රජ දවස කැලණිතිස්ස රජු කළාක් මෙන් ක්‍රි. ව. 2018 දී ජනපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය වෙඩි නොවදින කාර් 25ක් හා නැවක් මුහුදට බිලි දුන්නා කියල ඉතිහාස පොතේ ලියවුනාම කාටද ආඩම්බර.

    ReplyDelete
    Replies
    1. මේවා එහෙම ලියවෙයිද බං

      Delete
    2. හැට්ටර් ගේ කටහ්වට සම්පුර්ණයෙන්ම එකඟය හේ හේ මුන්ට් පිස්සු බන් ඇත්තටම

      Delete
  6. අපේ එවුන් හැමදාමත් දෙයක් තෝරගන්නෙ පිට ඔපේටය. ඇති වැඩකුත් නැති චයිනිස් පෝන් කෑලි වලින් චීනා හොදට හොය්න්නේ ඒ නිසාය. ඊට පස්සේ කරන්නේ අනේ කරපු මෝඩ කමක් කියා පසුතැවෙන එකය.. ආයේනං ගන්නෙ නෑ කියා පොලොවේ පස් කනවාය. ඒත් කාලෙකට පස්සේ ආයෙත් අර මෝඩ වැඩේම කරති.. මගෙ අදහස නම් අපේ උං හදන්න බැරිය. සිංහ හම පොරෝගත් නරින්ට අපේ උං හැමදේම රැවටෙනවාය..

    ReplyDelete
    Replies
    1. චයිනීස් පෝන් විතරක් නෙවෙයි බම්, ඇයි මහ ලොකුවට පඩ ශෝ දාන ඇපල් හත්තිලවු උණත් එච්චර තමයි, මොකෝ ඇති විශේශයක් නැහැ, නමට විත්‍රක් ලස්ස ගනන් ගෙවනව, බැලුවම එම ඔප්ශන් තියෙන හොන්න්හ මට්ටමේ චයිනීස් පෝන් කීප්යක් පාවිච්චි කොරල තව ගානකුත් ඉතුරු වෙනව. සැම්සුන් ගත්තොත් දෙපැත්තම ශේප්. ගැලැක්සි නෝට් 8, එස් 8 ප්ලස් නැත්නම් චීප් ඒ 8 උණත් ශේප් නෙව.

      අනෙක කාර්, දැන් බලපන් බීඑම් ඩබ්, බෙන්ස්, අවුඩි කෝටි ගණන් දීල ගත්තට පිට ඔපේ විත්‍රයි, මේන්ටෙනන්ස් කොස්ට් එකයි මේන්ටෙනන්ස් ආවම බඩු බනිස්. ඊට වඩා හොඳයි චයිනීස් කොපි ජිප් එකක් නැත්නම් කල් පවතින ටොයොටා, හොන්ඩා හයිබ්‍රිඩ් පාරක් බස්සන එක. ඔය ඔක්කොම මාකටින් ජිල්මාට් බොලවු.

      Delete
    2. අපේ උන් හදන්න බෑ... අපි හැදුනාම ඇති...

      Delete
  7. වාහන ගිල්ලුවේ කොරල් පර සංවර්ධනේ කොරන්ටය.එනිසා බනින එක පවුය

    ReplyDelete
  8. මේ රටට කවදාවත් ඉදිරියට යන්න බැරි ගොබ්බ රජය හා මහජන මුදලින් යැපෙන ලක්ෂ 15 ක - 20 ක රාජ්‍ය නිලධාරීන් හා සේවකයින් කියන ගොබ්බයින් නිසාය. තමන් හැදෙනවා මිසක්ක උන් කොරනා මහජන සේවයක් නැත. ආන්ඩු මාරුවුනාට මුන් වෙනස් වෙන්නේ නැත. ගොබ්බ දේසපාලුවෝ ටික මුන්ට වඩා චුට්ටක් හෝ හොඳය...

    ReplyDelete
  9. Unta athi rudawak nahane!Apith ape daru malloth epaya owata kamburanna!

    ReplyDelete
  10. මම නම් කියන්නෙ හම්බන්තොට වරාය, ගුවන් පථය වගේ පාඩු ලබන ආයතනත් මේ විදියට ඩයිනමයිට් ගහල හරි විනාශ කරල දාන්න ඕනෙ. ඕව චීනෙට, ඉන්දියාවට විකුණන එක රටේ ආරක්ශාවට තර්ජනයක්. ඕව උන් ඔත්තුබලන්න යොදාගන්න පුලුවන්, අනික මුහුදුගමන් මාර්ගයක කේන්ද්‍රස්ථානයක තියෙන වරායක් විකුණල චීනෙ පෝසත් කරන්නෙ මොකටද?

    ReplyDelete
  11. ඔහෙට පිස්සුය. යකඩ වගේද කොරල්. (කොරල් ඩ්‍රෝ නොවන බව සලකන්න) හැක්..

    ReplyDelete
    Replies
    1. මට අමතක උනා ආයිබන්ඩ

      Delete
  12. ඇත්තටම මාතලන් අද මේ රටේ අති මහත් බහුතර මුස්ලිම් සහ දෙමළ ජනතාවටත් කුජීත රනිල් අැති වෙලා. 75% ක් මුස්ලිම් සහ දෙමළ ඉන්න කොළඹත් එජාපය 2018 ඉහලින් දින්නෙ නැහැ. 2015 පාර්ලිමෙන්තු චන්දෙදි කොළඹ නගර සභා ප්‍රදේශයේ අලියා 80%-85% ක් ගත්තා. 65%ක අඩු ප්‍රතිශතයක් ගත්තෙ බොරැල්ල සහ නැගෙනහිර කොළඹ විතරයි. නමුත් මේ 2018 චන්දෙදි අලියා කොළඹින් ගත්තෙ 46% ය්. මුලු රටෙන්ම ගත්තෙ 32.6% යි.

    ෆේස්බුක් වට්ස් ඇප්, වයිබර් තහනම එක්ක පොඩි කොල්ලො කෙල්ලන්ටත් මල හොඳින් පැනල ඉන්න එකේ යූ. එන් පී ඡන්ද පදනම ඊලඟ චන්දෙදි 25% ට බහිනවා. ඉතින් තවත් මොන කතාද මාතලනෝ.

    මට කියන්න තිබෙන්නේ සහෝදර එජාප පාක්‍ෂිකයිනි, ඔය සුනාමියක පළමු රැල පහරයි. ඊළග රැල්ලෙන් ඔබල විනාස වෙන්න ඉස්සෙල්ලා රට, ආර්ථිකය විනාස කරන බැඳුන්කර හොර කල්ලියේ නායක රනිල් පන්නන්න ප්‍රගතිශීලී එජාප බලකායට සහාය දෙමු. අන්ත දූෂිත සමත්, දුර්වල, අප්‍රසන්න, පජාත රනිල් එලවා දක්ෂ වඩාත් තරුණ ශක්තිමත් නායකයෙක් එජාපයට පත් කරගමු කියායි. අපි තාමත් ප්‍රමාද නැහැ, දැන් දැන් වහා ක්‍රියාත්මක වුණොත් පක්ෂය ආරක්ෂා කරගන්න පුලුවන් වෙයි, නැතිනම් වෙන්නෙ සිරිසේනගේ සංධානෙ වගේ පක්ෂය සම්පූර්ණයෙන් නාය ගිහින් නැත්තටම නැතිවෙලා ප්‍රබලයො ටිකක් අයින් වෙලා අලුත් පක්ෂයක් හැදෙන එක.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ලංකාවෙ තියෙන්නේ එකම එක පක්ෂයයි... ඒ ජනතා මුදල් හොරා කන පක්ෂය..

      Delete
  13. //මේ ආන්ඩුව කොතරම් ගොබ්බ ආන්ඩුවක්ද කියනවා නම්, මුන්ට රදලියගොඩ කෙනෙක්කත් නැති එකෙන්ම ඒ බව පැහැදිලිව පේනවාය...//

    වටිනාම කතාව ....

    ReplyDelete
    Replies
    1. බැඳුම් කර කරපු එක තමයි එකම වැඩේ

      Delete
  14. දී අයිලන්ඩ් පුවත්පතේ කියූ පරිදි පසුගිය 2009/10/11 වසර තුනක කාලය තුළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට රු. කෝටි 27කට වඩා ද, ජාතික සාම සභාවට හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට රු. කෝටි 21 හා කෝටි 17කට වඩා බැගින් ද විදේශ අරමුදල් ලැබී ඇති බවයි.

    අයිලන්ඩ් පුවත්පතේ සඳහන් වන ආකාරයට ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට වැඩියෙන් ම ආධාර කරන්නේ නෝර්වේ රාජ්‍යයයි. මේ ගණන් හිලව් ලොකුවට පෙන්නුවාට, ඇත්තෙන් 2009 යුද්ධයේ නිමාවත් සමග සාම රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙමින් පවතින ආධාර අඩු වෙමින් ඇති අතර, ලංකාව ඒක පුද්ගල දළ ජාතික ආදායම අනුව මධ්‍යම මට්ටමේ ආදායම් උපයන රටක මට්ටමට පැමිණීම ද රාජ්‍ය නොවන සංවිධානවලට හෙනහුරා ඇඬීමට හේතු වී තිබේ.

    මේ එන්ජීඕ සංවිධාන වලට ලැබෙන අරමුදල්වලින් බොහොමයක් බටහිර රටවල ධනවත් පුරවැසියන් විසින් ලබා දෙන පුණ්‍යාධාර ‍වේ.

    ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල කලකට පෙර ක්‍රියාකාරීවූ මාගේ අත්දැකීම අනුව ලැබෙන මුළු අරමුදල්වලින් අති විශාල ප්‍රතිශතයක් වියදම් වන්නේ එහි ප්‍රධානීන් සහ විධායක නිලධාරීන් ඇතුළු සේවක වැටුප් ‍ගෙවීමටයි. ලංකාවේ ඉහළම වැටුප් ගෙවන ක්ෂේත්‍රයක් වන්නේ රාජ්‍ය නොවන සංවිධානයි. විශේෂයෙන් ම කරන්නට එහෙමට වැඩකුත් නැතිව (ඇත්තටම කිසිම වැඩක් නැති තරම් ), අධි සුඛෝපභෝගී වාහනවලින් එහෙ මෙහෙ ඇවිද ඇවිද, හොඳ හෝටල්වලින් කනපැලෙන්න කා, මිල අධික විදෙස් විස්කි බී, විදේශ චාරිකා ‍ගොස් ආතල් ගෙන එන්නට හා සුඛෝපභෝගී ජීවිත ගෙවන්න‍ට රාජ්‍ය ‍නොවන අංශයේ ඉහළ රැකියාවකින් පුළුවන. එහෙත්, රාජ්‍ය නොවන අංශයේ පහළ ස්ථරයේ රැකියා බොහොමයක් රැකියා සුරක්ෂිතභාවයක් හෝ කිසිදු නීතිමය ආරක්ෂාවක් නැති හයර් ඇන්ඩ් ෆයර් හෙවත් ගත්තා-දොට්‍ට දැම්මා රස්සා ය. පහළ මට්ටමේ රැකියාවලට ඇතැම් විට ව්‍යාපෘති යෝජනා අනුව ගෙවිය යුතු වැටුප හෝ නො ‍ගෙවා වංචා කරන ලොක්කන් ලාංකීය එන්ජීඕ වල සුලභය. එමෙන්ම ඇතැම්විට ස්වේච්ඡාවෙන් සේවය කරන දේශීය මිතුරු සංගම් වැනි ඒවා අල්ලාගෙන උන්ව නොමිලේම කඩේ යවමින් උන්ගේ වැඩ පිටරටවලට පෙන්වා ගාන කැපීම් ඉතාම සුලභය.

    පසුගිය දූෂිත මර්දනකාර රාජපක්ෂ රෙජීමයේ වෛරයට පාත්‍ර වී තිබූ බොහෝ රාජ්‍ය නොවන සංවිධාන ක‍ටයුතු කරන්නේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, පාරදෘෂ්‍යභාවය වැනි අංශවලයි. එහෙත්, විමසා බැලුවහොත් පෙනෙන දෙයක් වන්නේ මේ අංශවල ද මේ සංවිධාන විසින් කර ඇති කිසිම ලබ්බක් නැති බවයි. නිදසුනක් ලෙස පසුගිය 2009-2014 වකවානුවේ මේ රටේ සාම සංවිධාන දේශපාලන විසඳුමක් පිළිබඳ ජනතාව දැනුවත් කරනවා ය, මැදිහත් වනවා ය කියමින් කළේ තනිකර ම පට්ටපල් බොරුවකි. මේ සංවිධානවල ක්‍රියාකාරිකයෝ වැඩිදෙනෙක් අප හොඳින් දන්නා පරිදි සාම ව්‍යාපෘතිවලින් වැටුප් ගන්නා ව්‍යාපාරිකයින් පිරිසක් පමණි.

    වඩාත් විස්මයජනක ලෙස ප්‍රජාතන්ත්‍රවාදය හා පාරදෘෂ්‍යභාවය වෙනුවෙන් පෙනීසිටි මෙම සංවිධානවල දක්නට නො ලැබෙන ප්‍රධාන ම දේ වන්නේ සංවිධානය තුල ඇති ප්‍රජාතන්ත්‍රවාදය හා පාරදෘෂ්‍යභාවයයි. එසේ ම, කිසිදු අභ්‍යන්තර සාමයක් ද මේවායේ නැත. එහෙත්, ඒවා බාහිරව පෙනී ඉඳින්නේ ම මේ කාරණා සම්බන්ධයෙන් ක්‍රියා කරමින් විශාල සේවයක් සපයන ලෙසයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන හා රජය අතර මහා යුද්ධයක් ඇති බවක් මතුපිටින් පෙනුන ද ඇත්ත තත්වය එය නො වේ. රාජ්‍ය නො වන සංවිධාන විරෝධීන් ලෙස අපට පෙනෙන ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද මන්ත්‍රීවරු ඒවා සමග ඉතා ළඟ සම්බන්ධකම් පවත්වති.

      ප්‍රබල රාජ්‍ය නො වන සංවිධාන වල කප්පිත්තෝ ආණ්ඩුවේ මහ තැන්වල ළඟ හිතවත්තු වෙති. රජයේ යම් යම් ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී පිළිවෙත් රාජ්‍ය නොවන සංවිධානවලට ආධාර ඉල්ලා සිටින ව්‍යාපාර බටහිර රටවල දියත් කිරීම සඳහා උපකාරී වන සාධක වේ. එසේ ම, මොන දූෂන විරෝධී බයිලා දෙඩුවත්, රජය කිසි දිනෙක රාජ්‍ය නොවන සංවිධාන විසින් කරනු ලබන දූෂණ පිළිබඳ පරීක්ෂණ පවත්වා හෝ පවත්වන්නේ නැත.

      ශ්‍රී ලංකාවේ උතුරේ බෙදුම්වාදී යුද්ධය නතර වීම, දුප්පත්කම අඩු වීම ආදී හේතු නිසා රාජ්‍ය නොවන සංවිධාන තව තවත් දුප්පත් වේ. රටක් ආර්ථික වශයෙන් දියුණු වන විට, ඒ රටේ පුණ්‍ය ආයතන නඩත්තු කිරීමට ඒ රටේ ජනතාව සමත් විය යුතු ය. එහෙත්, ලංකාවේ නම් රාජ්‍ය නොවන සංවිධාන නඩත්තුව සඳහා රට තුළින් ආදායම් ඉපදවීමට අසමත් වීම හේතුවෙන් මේ වන විට ලාංකීය රාජ්‍ය නොවන සංවිධාන බරපතල අර්බුදයකට මුහුණ දී සිටියි.

      දැන් මාතලන් දන්නව ඇති ශ්‍රී ලංකාවේ සියයට නමයක් මානසික රෝගීන් සිටියත්, මෙවැනි නීලකාස කම්බා හොර ගුහා නඩත්තු කරන්නට සල්ලි දෙන්න තරම් උග්‍ර මානසික රෝග ඇති අය නැති බව. ලංකාවේ ධනවත්තු පවා රජයට වුණත් කැමැත්තෙන් බදු නො ගෙවති. රජය කරන්නේ බලෙන් මෙන් නිලධාරීන් යවා වටලා ඇමතිවරුන්ගේ හෙංචයියන් නොවන ව්‍යාපාරිකයින් බියකොට මංකොල්ල කෑමයි. නමුත් රජයේ ආදායම් බදු නිලධාරීන්ටත් රාජ්‍ය ‍නොවන සංවිධානවල‍ට එහෙම කිරීමේ හැකියාව නැත.

      ලංකා රජයේ දේශපාලකයන්, නිලධාරීන් හා මාධ්‍යවේදීන් වැනි අය රාජ්‍ය නොවන සංවිධානවලට දැඩිව විරුද්ධ වන්නේ අන් සියලු කාරණාවලට වඩා දැඩි ඊර්ෂ්‍යාව නිසා බව අපේ නිරීක්ෂණයයි. ඒ තමන්ට වඩා වරප්‍රසාදිත තත්වයක් රාජ්‍ය නොවන සංවිධානවල හිමිකරුවන්‍ට ලැබී ඇති බැවිනුත් විශාල වැටුප් සහ ඉතා අඩු වැඩ ඔවුන්ට හිමිවීම නිසයි.

      ධනවත් බලවත් බටහිර රාජ්‍යන්ගේන් ආධාර ලබන රාජ්‍ය නො වන සංවිධානවල දූෂිතභාවය ආරම්භ වන්නේ මෙහිදී නොව එම බටහිර රටවලදී ම ය. ආධාර කරන රාජ්‍යයන් හෝ සංවිධාන ඒ වෙනුවෙන් ඒ රටවල ජනතාවගෙන් හෝ ත්‍යාගශීලීන්ගෙන් එකතු කරන අරමුදල්වලින් විශාල ප්‍රතිශතයක් එමරටවල සිටින මේ ආධාර එකතු කරන හා බෙදා හරින අතරමැදි සංවිධාන නඩත්තු කිරීමට යෙදවේ. එයින් ද වැඩි මුදලක් වැය වන්නේ වැටුප්, විදේශ සංචාර ආදියටයි.

      මේ බොරු ප්‍රෝඩාකාරී "රාජ්‍ය ‍නොවන සංවිධාන" යනු නව ලිබරල් ධනවාදයේ අර්බුද හේතුවෙන් ඇති වන දිළිඳුකම, මානව හිමිකම් උල්ලංඝනය වීම, ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහපාලනයේ බිඳ වැටීම, යුද්ධ ආදිය හේතුවෙන් මහජන කැළඹීම් ඇති වීම හා ආර්ථිකය බිඳ වැටීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන උපකාරී වන ඔවුන් විසින්ම පවත්වාගන්නා සංවිදන විශේශයකි.

      රටක ආර්ථික සංවර්ධනයේදී නො විස‍ඳෙන මහජන ප්‍රශ්නවලදී රාජ්‍යයට විකල්පයක් ලෙස රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කරයි. එසේ ම, මහජන විරෝධයන් ක්‍රම විරෝධී වීම වළක්වා, තාවකාලිකව යටපත් කොට නැවත ක්‍රමයට ම ගැට ගැසීමට ද රාජ්‍ය නොවන සංවිධාන උපකාරී වේ.

      සංවර්ධනය වන රටවල මහජන ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේ තැරැව්කාර වෘත්තික සංවිධාන ලෙස කටයුතු කරන නව ලිබරල් ධනවාදයේ ම අංගයක් වන රාජ්‍ය නොවන සංවිධාන වෙනුව‍ට ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ආයතන මහජනයා විසින් ම ගොඩනඟා ගත යුතුයි.

      Delete
    2. ඔයාගේ පුක වටේ ඉත්තෑවෝ දුවයි ඇනෝ!!! මාතලන් මේ දවස්වල මේ එන්ජීඕ සංවිධාන වලට ලැබෙන අරමුදල්වලින් බොහොමයක් තමන්ගේ ජීවිකාව කරගෙන සිටින නිසා මාතලන් ඉත්තෑවෝ රේස් ඔගනයිස් කරනවා

      Delete
    3. එතකොට දිවයින කියන්නේ ආන්ඩුවේ ප්‍රොජෙක්ට් එකක්ද...?

      Delete
  15. මුලු ලෝකයේම එකම පාලන ක්‍රමයක් තියෙන්න ඕනේ. එකම මුදල් ඒකකයක් එකම ආර්ථීකයක් තියෙන්න ඕනේ. ලෝකේ හැම ළමයටම එකම අධ්‍යාපන ක්‍රමයක් තියෙන්න ඕන. තමන්ගේ නායකයා තමන්ට තෝර ගන්න පුළුවන්. හැබැයි එයා ලෝක පාලන කමුටුවකට වග කියන්න ඕන (දැන්ටත් ඔය තියෙන්නේ එක්සත් ජාතීන්ගේ කමුටු ඕන තරම්). මුළු ලෝකයටම එකම නීති ක්‍රමයක් තියෙන්න ඕන. රටකින් රටකට යන කොට VISA ගහන්නේ නැති වෙන්න ඕන. එතකොට සල්ලි තියෙන කෙනා එයාට පුළුවන් හොදම තැනකින් ඉඩමක් / ගෙයක් අරගනී. මිනිස්සු යුද්ධ කරන එක නවත්තාවි. ඇයි ඉතින් යුද්ධ කරලා රටක් අල්ලා ගත්තට වැඩක් නෑනේ. JOB එකක් හොයන්න ගියාම කාටත් සුදුසුකම් අනුව සාධාරණයක් වේවි. කම්කරුවට නියම වැටුපක් ලැබේවි.
    ගොන් සම්ප්‍රධායක අදහස් තියෙන ගෝත්‍රික ජන කොටස් වෙනස් වෙන සමාජෙට හැඩ ගැහේවි. තාක්ෂනය හැමොටම එක විධිහට හම්බ වේවී. හැමෝම එකම බදු මුදලක් ගෙවාවී. සංවර්ධනය හැම තැනම සමානව වේවි.

    ReplyDelete
    Replies
    1. හිතවත, Ravindra AnushaMarch 28, 2018 at 2:45 AM
      මුලු ලෝකයේම එකම පාලන ක්‍රමයක් තියෙන්න ඕනේ. එකම මුදල් ඒකකයක් එකම ආර්ථීකයක් තියෙන්න ඕනේ යනු
      ඉතා ආලෝකමත් විචිත්‍ර දවාලක පවා
      සිහින බැලීමට ඇබ්බැහි වීමය...

      නිසැකවම,
      ඔබට ඒ සඳහා පෙනීම අවැසි නැත.

      Delete
    2. ජෝන් ලෙනන්ගේ ප්‍රාර්ථනය

      Delete
    3. හිතවත් , AnonymousMarch 28, 2018 at 3:54 AM
      සිහිනය විශ්වාස කරන්න සිහිනය වෙනුවෙන් කැපවන්න, එවිට ඔබට එය තව දුරටත් සිහිනයක් නොවන බව තේරුම් යාවී .

      Delete
    4. හිතවත් chamara dushanthaMarch 28, 2018 at 11:25 PM

      දවල් හින දකින මාතලන් සිහිනය විශ්වාස කරන්න සිහිනය වෙනුවෙන් කැපවයි නමුත් තව තවත් හින මවමින් සිටි

      Delete
  16. ඔයා මගුලක් කියෝනව මෙතන , ඔය කරන්නේ ඉතිහාසයක් නිර්මාණය කරන එක. දැන් බලන්න ඔය ගල් ගුහා ලව දියඇලි ළඟ රාවණා කරපු අරක රාවණා කපපු ගල එහෙම හොයන එවුන් කියන්නේ මොකක්ද මුහුදක් යට රාවණා කරපු නගරයක් තියනවය ඒවා ඇති දියුණු නගරය අපි ඒ කාලේ එසේ මෙසේ පොරවල් නෙවීය කියල.

    ඉතිං කාලයක් ගියාම කියයි අන්න මුහුද යට තිබිලා රාවණා පාවිච්චි කරන වෙඩි නොවදින රථ හම්බුනාය ඒවායේ පිටිපස්සේ සීට් ඒක උඩ රාවණා පාවිච්චි කරපු කොන්ඩම් දෙකකුත් තිබ්බය කියලා

    ReplyDelete
    Replies
    1. යකෝ ඔය රාවණා කියන බහුබූතයා ගැන කියන්නේ දැන් කාලෙ වුණාට තව සෑහෙන කලක් ගියාම ඒකාලෙට බිහිවෙන ඔයවගේ ජෝකර්ලා මැදමුලන ගං කබර් ඛාන් මහ රජ්ජුරුවෝයි, නලුවෙක් නොවන මහා මොළකාර රා නීල (කාස කම්බා හොර ) ඉන්ට නැසොනොල් මහරජායි පුලතිසිපුර පැරකුං බ්‍රා උන්නාන්සෙගේයි වරුණාව කියව කියව තප්පුලන්න ගනීවි. හරියට දැන් සමහරු මැතිනි/ ජේ.ආර්. / ආර්. ප්‍රේමේ/ විජේවීර වගේ පුස් චරිත ගැන කෙළින පච වර්ණනා වගේ.

      Delete
    2. අම්මපා හැබෑව... රාවණා මූදේ යට කැස්බෑවෝ අල්ලන්න ගියාද බං

      Delete
  17. මචන් මාතලන්,

    උඹයි මමයි දුප්පත් උනාට, ලංකාවේ පරිපාලනයේ / දේශපාලනයේ ඉන්න එවුන් දුප්පත්කම කියන්නේ මොකද්ද කියන්නවත් දන්නේ නෑ. දේශපාලුවෝ හිතන් ඉන්නේ මේ ඇමරිකාව කියලා. අප්‍රේල් පහුවෙලා බදු ගහන්න පටන් ගත්තම එක තේරෙයි.

    දේශපාලනය දැන් රට ආක්‍රමණය කරලා තියෙන්නේ, පහුගිය චන්දෙන් (10-02-2018) දේශපාලනයෙන් යැපෙන සහ ගසාකන ප්‍රමාණය දෙගුණ තෙගුණ වෙලා, දැන් රටේ අදායම උන්ව නඩත්තු කරන්නත් මදි.

    /// "මෙම නෞකාව වෙන්දේසි කිරීම සඳහා කිහිප අවස්ථාවකදී මිල ගණන් කැඳවුවද එම සෑම අවස්ථාකදීම එයට හිමිව ඇත්තේ අඩු ලංසුවක් බැවින් එම නිසා එය මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර තිබිණි" ///

    01. ඔය නැව ගිල්ලවන්න වියදම් කරපු ගාන ඔය අඩු ලංසුවට වඩා අඩුද වැඩිද ?

    02. එහෙම නම් අඩුම ලන්සුවයි ගිල්ලවන්න ගිය ගානයි එකතු කලහම නැව කීයක් වටිනවාද?

    03. ඕක වෙරළට ඇදලදාලා ඈත පැතිවලින් කොළඹ බලන්න එන අහිංසක දුප්පත් ළමයින්ට නගින්න දුන්නානම් හෙන ගහනවාද ?

    අම්මප මෙහෙම බූරු රැළක්, තමන්ගේ නිවසේ ඇති දිරායන බෙලෙක්කය පවා ඉවත නොදමා ප්ලාස්ටික් තේ හැන්දක් වෙනුවෙන් හෝ මාරු කර ගැනීමට උත්සුක වන මිනිසුන් වෙසෙන රටක, රජයට යම් ප්‍රමාණයකට හෝ ආදායමක් ලබා ගැනීමට හැකියාව පවතින විට අඩු ලංසුවක් ලැබුණු බව පවසමින් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි අබලි යකඩ ටොන් දහස් ගණනින් මූදේ ගිල්වා දැමී‍මෙන් පෙනී යන්නේ මෙරට දේශපාලනයේ ඉන්න එවුන්ගේ/ රාජ්‍ය නිළධාරීන්ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයින් ගේ මොළය අධෝමුඛයෙන්ද පිටතට වැටී ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. මුන් ගැන කතා කරලා වැඩක් නෑ... සත්තරන් කොමෙන්ටුවක් මචෝ.... ටැන්කූ

      Delete
  18. නැව ගිලුනත් බෑන් චූන්
    විශ්වාස භංගෙ අද රනිල්ට
    හෙට දවසේ එයි සිරාට
    පොලවේ අඩි හයක් යටට
    යන දවසත් නැත ඈතක

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ නෑ...
      රනිල් නම් විසිවෙයි..
      සිරා ආයේ රාජපක්ෂලා එක්ක එකතු වෙනවා..
      ඒ රට හදන්න නෙමේ.. තමන් හැදෙන්න..
      හැබයි එතනින් එහා මක්කා වෙයිදෝ කියා කියන්න බෑ හිටන්

      Delete
  19. Replies
    1. කො ගිය සැරෙ කෙමෙන්ට් වලට උත්තර??????????????????????

      Delete
    2. ඒකට දෙන්න බැරි උනා... ඕන් මේකට නම් දැම්මා

      Delete
  20. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නව පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය රටට හදුන්වා දීම ආණ්ඩුවෙන් සිදු වූ බලවත් වරදක් බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබ්වර්ධන අදහස් පල කලේය.

    මෙම මැතිවරණයම ජාතික අපරාධයක් බවත් මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවිආයුදවලින් කල වරද පෑනෙන් කල අවස්ථාවක් යයිද ඔහු සදහන් කරයි.

    මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ත‍්‍රස්තවාදය ඇතුලත් කල අවස්ථාවක් යයිද පවසන ඇමතිවරයා මෙය වත්මන් ආණ්ඩුව අතින් ජාතියට සිදු වූ වරදක් යයිද කියා සිටී.

    ReplyDelete
    Replies
    1. මුන් කරන තරමක් කලෙත්
      දැන් කරන්නෙත් ගොන්කන් විතරයි...

      Delete
  21. මාතලන් මේ දවස්වල මේ එන්ජීඕ සංවිධාන වලට ලැබෙන අරමුදල්වලින් බොහොමයක් තමන්ගේ ජීවිකාව කරගෙන සිටින නිසා මාතලන් පුක වටේ ඉත්තෑවෝ රේස් ඔගනයිස් කරනවෝ

    අම්මෝ ඇත්තද මාතලන් ....ඉත්තෑවෝ රේස් .... මහනුවර කාර් රේස් .... නුවරඑළියේ පෝනි රේස් ...

    ReplyDelete
    Replies
    1. එන්ජීඕ සංවිධාන වලට ලැබෙන අරමුදල් ගැන අසපුගමන් මාතලන්ට උත්තර නැත මාතලන්ගේ ලොවිත් නැත මැද ගස පමණක් ඈත

      Delete
  22. ඔන්න උබ ගැන ලක්බිම පත්ත්‍රෙත් තිබුනා..මෙවා මෙහම අතාරින්න බැහැ..අඩියක් ගහලා කැලිබරෙට් කොරන්න ඔනෙ...

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු මරණ දැන්වීම් වලද තිබුනේ හදිසි අනතුරකින් මලා කියලද මල්වඩම් අනවශ්‍යයි කියලත් තිබුනද

      Delete
  23. තෝ නොදන්න මගුලකට ලියලා ඇනගෙන කියල මට හිතෙනෙව මේ පාර... නිකන් හිතපන් ඔක්කොම විකුනගෙන කන රටකත් ඕවා ගිල්ලුවේ ඇයි ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න