.

.

Mar 25, 2018

සිස්ටම් වෙනස ගැන විවිධ මත - Lets talk about the System Change



තුමිදු දොඩම්තැන්න කියලා කූඹියෙක්, ජනප්‍රිය නළුවා සම්මාණය දිනා ගැනීමට වඩා, සම්මාණය ලබා ගනිමින් ඔහු කළ අදහස් දැක්වීම, සමාජයේ බොහෝ කතා බහට ලක් වෙලා. ඔහු මෙහෙම කියනවා...

// "මම විශ්වාස කරන්නේ සම්මානය තීරණය කරන්නේ ප්‍රේක්ෂකයා. මට අනුව නම් සහ මේ සම්මානයට වෝට් කරපු ප්‍රේක්ෂකයන්ට අනුව මේ සිස්ටම් එක හරිම අප්සට්.

මම කැමති එක පැත්තකින් මේ රටේ බලය හොබවන ඇමති කෙනෙකුත් සභාව ඉස්සරහා ඉද්දිම මේක කියන්න.

මේ සම්මානය විසින් පෙන්වන්නේ මේ අප්සට්, මේ ජරාජීර්ණ, මේ විසඳිය යුතු, මේ ගොඩගන්න බැරි සිස්ටම් එක පිළිබඳ ඔවුනට තියෙන විරෝධය. ඒ විරෝධයේ සංකේතාත්මක සම්මානයක් තමා ඔවුන් විසින් ජනතා ජනප්‍රියම සම්මානයට ඔසවා තබන්නේ."
~ තුමිදු දොඩන්තැන්න
2018-03-24 //

ඉතින් මේ ගොඩගන්න බැරි සිස්ටම් එක ගැන සමාජයේ විවිධ පුදගලයින් මාතලන් සමඟ පල කළ අදහස් කීපයක් පහත තියෙනවා...

අපේ කාළේ නම් සිස්ටම් එකේ අවුලක් තිබුනේ නෑ අපෙ හාන්දුරුවනේ
- මහින්ද රාජපක්ෂ - 

ඕක බටහිර අධිරාජ්‍යවාධී කුමන්ත්‍රණයක්. නැගෙනහිර අධිරාජාවාදී කුමන්ත්‍රණයක් දකුණෙන් එනකන් ඔය මළහත්තිලව්ව වෙනස් කරන්න බෑ..
- ජාතියේ පංචායුධය - 

කොයි පකයද කිව්වේ සිස්ටම් එක අවුල් කියලා
- පකයා වාසිදේව මහතා - 

රුපියලේ අගය අවප්‍රමාණ වීම වෙනුවෙන් පොල් ගහලා සෙක්කුවක් ළගට වෙලා පුනක්කු කෑවා නම් ඕක හරියනවා
- බන්ධුල ගොන්වර්ධන - 

ලබන සුමානේ අපි ඕක වෙනස් කරනවා
- මං ගොනා පිල - 

ඕක ඔන ගොනෙකුට කරන්න පුළුවන් දෙයක්.. හිතුනොත් මමම කරලා දානවා..
- ලක්ෂ්මන් කිරිපල්ල - 

මං ආපු ගමන් සිස්ටම් එක හාන්සි කරනවා
- නිමල් බඩුපාලද සිල්වාද - 

මචං මම මේ වහ කුප්ප්පියකුත් තියාගෙන නල්ලතන්නියේ ඉඳන් තාම බලාගෙන ඉන්නේ මහ ගිරි දඹෙන් රෝල් වෙලා ඕක පහලට වැටෙනකන්.
- ඩිලාන් පෙරේ රා -

තා දවස් තුනකින් ඇහැට කනට, බඩට පපුවට, හදවතට අක්මාවට, උන්ඩුක පුඡ්චයට, ගුද මාර්ගයට දැනෙන වෙනසක් කරපෞ ගමන් සිස්ටම් එක උඩු යටි කුරු කරලා, අපි ඕක කරන එක කරනවාමයි. වෙනසක් නැතිව උස අයටයි, මිටි අයටයි දෙගොල්ලටම මේකේ වාසි ලබා ගන්න පුළුවන්.. 
- පුංචි ප්‍රේමදාස - 

ශ්‍රිලා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආන්ඩුවක් පිටුව ගමන් සිස්ටම් එක වෙනස් කරලා, තෙල් නැව් දෙකක් ගෙනාවනම්, සිස්ටම් එක ආයෙ තිබුන තත්වයට එනවා.
- සුසිල් ප්‍රේම් ජයන්ත් - 

ලෙනින් එක්ක ඉඳි ආප්ප කන ගමන් මම ඒ කාළේත් ඔය ගැන කතා කළා. කාළ් මාක්ස් අපේ ගෙදර ඇවිත් ඔය ගැන මා එක්ක සංවාද කළා. විජය අංකල් මැරුණයින් පස්සෙත් හීනෙන් ඇවිල්ලා කිව්වේ, පුතා අපි ඕක වෙනස් කරන්න ඕන කියලා. තාත්තයි මායි කොහොම හරි ඕක කරනවා..
- චතුර සේනාරත්න - 

දැන් කව්ද කියන්නේ ඕක වෙනස් වෙලා කියලා
- දොස්තර රාජිත සේනාරත්න - 

දේවදත්ත බුදු උන ගමන් සිස්ටම් එක වෙනස් වෙනවා යකෝ..
- අරහත් නානසාර - 

මේක බෞද්ධ රටක්, ඔක්කෝම බෞද්ධාගම වැළඳ ගත්ත දාට සිස්ටම් එක හරියට හරියනවා
- කාදිනල් පොලිෂ් - 

2020 දි අපි ඕක වෙනස් කරනවා
- රනිල් විකුම්සිහ - 

හැමදාම අපි ඕක කියනවා සහෝදරයා. ජනතාව වෙනස් කරනක්ම් ඕක වෙනස් කරන්න අමාරුයි අම්මපා.. හා නැද්ද මං කියන්නේ..
- අනුර කුමාර දිසානායක - 

මොකක්ද මාතේ සිස්ටම් එක කියන්නේ
- යුරෙනී නොසිකා -

ගෝලිය ගැටළුවක්ව ඇති අධි සම්ප්‍රේෂණවාධි සංකල්පයක් තුල, මේනූ ගත කරනා ලද අධි වෝලීටිය සම්ප්‍රේෂන් පද්දතියක අන්තර්ගත බහුවිධ ප්‍රස්තුත හෙජමනියක් තුලින් ගමන් ගන්නා තෙක් අනුභූතිගත දයලේක්තික වස්තුවක් තුල මෙවන් සංකල්ප පවතිනා බව ලැකාන් විසින් ඔහුගේ භහිශ්‍රාවය හා සිස්ටොන් නම් පුස්තකයේ සඳහන් කර තිබෙනවා මාතලන් සහෝදරයා 
- සමනලී ෆොන්සේකා - 

එතකොට අපි හැමදාම ඉත්තෝ, ජෙහාන් තමයි පොර, ඇයි මාතේ මෙහෙම සිස්ටම් එකක අපි ඉන්නේ..
- ප්‍රියන්ත මහ උල්පත්ගම - 

තාත්තාගෙ රැකවරනේ නැති, අම්මයි බාප්පයි අමාරිවෙන් හදා ගත්ත, ප්‍රෙඩී සිල්වා වගේ යාළුවෙක් ඉන්න, බඩු ඔක්කොක්ම කොර කරන, මාර පින්සිපොල්ලා සර්ලා මිස්ලා කෝච්ලා එක්ක ඉන්න, සත්‍ය ප්‍රේම බෘගරජයෙක්ට යන්න තිබුන සම්මාණයක්, ෆේස්බුක් ජිල්මාට දාලා, නොම්මර එකේ ගේම් කාරයෙකුට දෙන සිස්ටම් එක අවුල් නැද්ද මාතේ.. මම කිව්වේ ඒක.. මුන් මේ නැට්ට පාගගෙන..
- තුමිදු දොඩම්තැන්න - 

හැමදාම මගෙන් අහන්නේ, ඔය සිකැරට් අරක්කු බීලා නාස්ති කරන සල්ලි වලින්, අළුත් සිස්ටොන් එකක් දානවා මනුස්සයෝ.. බාල්දියෙන් වතුර පුරව පුරව අතින් ඇඳගෙන ෆල්ෂ් කරන්න බෑ කියලා තේරෙන්න නැද්ද තමුසෙට. ආවා මෙතන රෙද්දක් කතා කරන්න....
- මාතලන්ගේ හාමිනේ - 

අල්ලා... යේක තාම හෙදා ගත්තෙ නෙද්ද යෙප්පා
- මයි නේබර් ඉක්බාල් නානා - 

හාඩ්වෙයාර් එකෙන් කොමඩ්ටැං කියට අළුත් සිස්ටොන් එකක් දාගන්න මහත්තයා.. එතකොට ඔය කර්දර බර බර ඔක්කෝම ඉවරයි.
- පයිප්ප බාස් - 

23 comments:

  1. XP වලින් 8.1 වලට සිස්ටම් එක චේන්ජ් කරල මාර කට්ටක් කන්නෙ.
    -Praසන්ன-

    ReplyDelete
    Replies
    1. ඒ වගත් මෙසෑ යැයි....
      හැක්!

      Delete
    2. මේ දවස් වල Praසන්ன බ්‍රෝට ස්කෑනරේ මතක් කරන්නකෝ.. හරියට තරහ යනවා...
      :-)

      Delete
    3. ඒක වෙනම සිස්ටන් එකක් බොල.

      Delete
    4. දවස් හයකට කලින් මමත් සිස්ටම් එක වෙනස් කලා.
      දැන් වැඩකරන්නේ windows 10 Redstone 3 Fall Creators Update October 17, 2017
      මේක හොඳට වැඩකරනවා.
      දැන් මෙහි සිංහල ඉලක්කම් පවා තියෙනවා.
      මට තියෙන්නේ පෙන්ටියම් 4 පරිගනකයක්.

      Delete
  2. විප්ලවය පාවදීල සිස්ටම් එක වෙනස් කරන්න කියන එක බයිලයක් .

    ReplyDelete
  3. අලුත් සිස්ටම් එකකට මාතලන් හා එක්වන්නේ LGBT (lesbian, gay, bisexual, and transgender) සමලිංගික/ද්වීලිංගික ක්‍රියාකාරම් සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකාරීව සිටින

    "තින්ක් ඊක්වල්" http://www.thinkequal.com නම් වූ NGO ආයතනයයි

    ඔබටත් සිස්ටම් එක වෙනස් කරන්න අවශ්‍යනම් කරණාකර මාතලන්ගේ රෙකෙමොරුව සහිත ලිපිනය ලියු මුද්දර ගැසූ දිග ලියුම් කවරයක් එවන්න

    ReplyDelete
    Replies
    1. ඇහැ! මාතලන් මේවට උත්තර නැත්තේ එපාර උඹේ පුකේ ඉත්තෑවෝ දුවනවා මදිවට පුකෙත් රින්ගනවද ?

      Delete
  4. අපිට නම් ඔය මොන රෙද්දත් එකයි.
    - පැරා

    ReplyDelete
  5. අනේ තෝ වගේ හරකෙක් මෝඩ මූසලයෙක්
    මර්වින් දුටු ගැමුණු

    ReplyDelete
  6. එතකොට යුරේනි නොසිකත් ඔයාට මාතේ කියනවද , ඉඳහන් කියන්නං හාමිනාට

    ReplyDelete
  7. මේක වෙනස් කරන්නම ඕන සිස්ටම් එකක්..

    - සුසන්ත සාගර නොහොත් ජෙහාන්

    යකෝ මෙච්චර සිස්ටම් එකක් තිබිල මම දන්නෙත් නැහැ නේ...හු$6&@# ලිදේ ලන්තෑරුම පුන්සදේ

    - මල්දෙණියගේ ලේකම්

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ ලන්තෑරුම හඳට ගෙනිච්ච එකා , නීල් ආම්ස්ට්‍රෝං ද

      හුකනවා පුන්සදේ ලන්තෑරුම ළිඳේ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. රොකට් රෝහිණී වෙන්න ඇති.

      Delete
  8. සිස්ටොන් එක වෙනස් කොරල හරියන්නෑ බං කොමෝඩ් එක වෙනස් කොරහං. නැත්තං කක්කුස්සියම කඩල දහං... කැලේ හරි රෙන්න බැරිය..උඹත් ආතල් කඩනවනෙ .....උක්ත...

    ReplyDelete
    Replies
    1. අළුත් සිස්ටොන් එකක් ගේන්න ඕන සහෝදරයා
      ------------------------------------------------------

      කක්කා දාලා
      පුක සෝදලා
      මාරු වෙලා
      යනවා මෙයාලා
      ෆල්ෂ් කොරන්න බෑ නේ මචං
      සිස්ටොන් එක උන් කඩලා
      එන එන උන් ටික රීලා
      කක්කා කොම්ඩ් එකෙ පිරිලා
      ගඳ මුලු ලෝකෙට දැනිලා
      එන්නේ නෑ නේ සුද්දෙක්කත්
      යනවා නහයත් හකුලා
      අලුතෙන් සිස්ටන් එක දාල
      ෆල්ෂ් කරලා සුද්ද වෙලා
      යනකන් තෙපි ඉවසල්ලා
      මහ බැද්දටවත් රීලා

      - කාව්ය සිරෝමනී මාතලන් -

      Delete
  9. එල ද බ්‍රා සිස්ටම් එකට ඕක වෙනස් කරන්න ඔනෙ...
    එල ද බ්‍රා මෙන්ඩා

    ReplyDelete
  10. සිස්ටම් එක අවුල් කියලා හැමදාම විපක්ෂෙ උන් කියනවා.ආණ්ඩුව නෑ කියනවා.අපි බලං ඉන්නවා.කවුරු හරි ඒක වෙනස් කරයි කියලා.

    ReplyDelete
  11. කොමඩ් එක හදාගන් මාතෙ. ඔය ඔක්කම ලෙඩ නිට්ටාවටම සනීප වෙයි 😁 😁

    ReplyDelete
  12. Thou okkotama puke Amaru. Wenas koranna system ekak thiyenna onane. Nathi deyak wenas koranne kohomada yakkune. System kiyana word eka hariyata analyse kaloth ona pukekuta meka therum ganna puluwan.
    Anna Corros

    ReplyDelete
  13. ඔය සිස්ටම් එකට විරෝධය පන්න නම් කූඹියාව ජනප්‍රියම නලුව කලේ,
    අර එකම නාට්ටියෙන් ජනප්‍රිය උනු කෙලි පොඩ්ඩව ජනප්‍රියම නිළිය කොලේ අහවල් එකකට විරෝධය පාන්නද කියලයි මම කල්පනා කලේ...?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න