.
ඕනෑම කෙනෙකුට ලැජ්ජාව කියා දෙයක් ඇත, ජාතික වීරයකු, වීරයකු ලෙස මිය යා යුතුය. අපේ රටෙහි සිඳුවන්නේ මෙය නොවේ. කලක් අප වීරයන් ලෙස පිලිගත් කලාකරුවන්, උගතුන් බුද්ධිමතුන් පමණක් නොව, අපගේ ඇස් පැදූ ජනමාධ්‍යවේදීන් පවා අද ජඩමාධ්‍යවේදීන් බවට පත්ව, නිරුවතින් ගමන් කරයි.
කවුරු කෙසේ කීවත්, කවුරුන් එය තමන්ගේ වික්‍රමයක් යැයි කීවත්, කළුවිතාරන හා එක්ව මුලු ලොවම මවිතයට පත් කරමින්, එක් දින තරඟ රටාව උඩු යටිකුරු කලේ ඔබයි. ටෙස්ට් ක්‍රිකට් වලද, මහානාම හා එක්ව දැක්වූ දස්කමත්, ඉන් අනතුරුව පෑ දස්කමුත් අපට කිසි දා අමතක නොවේ. එංගලන්තය සමඟ ලෝඩ්ස් පිටියේ තරඟය ජයග්‍රහනය සඳහා, උඩුගුවනේ සිට ඔබ එල්ල කල හයේ පහර ඡායරූපයක් සේ අප සිත් තුල ඇඳි පවතී.
ඔබ ජවසම්පන්න යයි ඔබ තුල අධි තක්සේරුවක් ඇති බව පෙනේ. නමුත් කනගාටුවට කරුන නම් ඔබට පන්දුව දැකීමට නොහැකි බව, ඔබට සහ ඔබව ලජ්ජාවට පත් කිරීම සඳහා ඉදිරිපත්ව ඇති අය හට නොතේරීමයි.
සනත් ඔබ වීරයකු ලෙස සමුගැනීමට තිබුනේ මීට සෑහෙන කලකට පෙරයි. ඔබ වීරයකු ලෙස සිටී විට ඉවත්වූවානම්, ජනතාව පසුතැවෙන්නට ඉඩ තිබින. එහෙත් අද ඔබ බින්දුවට දැවී යන විට ඔබ පමණක් නොව, ඔබ වැදූ මවද, නින්දාවට පත්වේ.
වීරයකු ලෙස මියෙම්ද?. මුදලට වහල්වූ තවත් ද්‍රෝහියකු ලෙස මියෙම්ද?. (දක්ෂතා වලින් හෙබි ක්‍රීඩකයන් රැසක් සිටියදී, දේශපලන බලයෙන් ක්‍රීඩා කොට රටට පරාජය ගෙන ඒමෙන් ඔබ කරන්නෙ ද්‍රෝහි කමකි.) යන්න තීරණය කිරීම ඇත්තේ ඔබ අතයි.
කරුණාකර වඩා වගකීමක් ඇති නව රැකියාවට මුල් තැනදී. ජාතියේ නාමයෙන් ක්‍රිකට් වලට සමුදෙන්න.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
May 13, 2010
May 12, 2010
තත්තේ මං ආවේ කොහේ ඉඳලද?........
.
මේක මම ලියපු "ප්‍රීතීමත් යුග දිවියකට" පොස්ට් එකට "දුකා" දාපූ කොමෙන්ට් එක දැකල ලියන්න හිතුවේ.
බොහෝ දෙනෙක් දන්නව මේ කතාව..
ඔන්න ප්‍රොෆෙසර් කාරයෙක් හිටිය. මෙයාගෙ ලොකු පුතා කොළඹ ජනප්‍රිය පාසැලකට ඇතුලත් කරන්න කොච්චර උත්සාහ කරත් බැරිඋනා. නමුත් මිනිහ අඳුනන ඇමති කෙනෙක් පොරට කිව්ව, "දැනට ඔය ලඟ පාත ඉස්කෝලෙකට දාන්න, 3 පංතීයේදී විතර මම හොඳ ඉස්කෝලෙකට දාලා දෙන්නම්" කියල.
අනේ බොරුවක් එහෙම නෙමෙයි, කිව්ව වගේම ඇමතිතුමා පොරොන්දුව ඉටු කලා. අපේ ප්‍රොෆෙසර් කාරයට මාර ත්‍රිල්. පළවෙනි දවසෙ මිනිහ වැඩට යන්නෙත් නැතුව, ටයි පොල්ලකුත් දමාගෙන ඉස්කෝලේ ගෙට්ටුව ගාව තමයි හිටියෙ සිකුරිටි කාරය වගේ.
පොඩි එකා ඉස්කෝලේ ඇරිල ඇවිල්ල දෙන්නත් එක්ක ඩුයුටි ෆ්‍රී කාරෙකේ යන ගමන් පොඩි එකා කතාව පටන් ගත්ත. (පොඩියි කිව්වට ඌටත් ආචාර්ය කෙනෙකුගෙ මොලේ.)
"අප්පච්චි, පොඩි කාළේ ඉඳලම මට බොරු ඉගැන්නුව, මට ඇත්තම කියන්න. අපි කොහේ ඉඳලද ආවේ."
පොර දැනගත්ත මේ සැරේ නම් බොරු කියල බේරෙන්න බැරි බව.
"ඕක පුතේ ලොකු කතාවක්, මම ගෙදර ගිහිල්ල කියල දෙන්නම්."
ගෙදර එක්කෙනා එක්කත් මේ ගැන සාකඡ්චා කළා.
"අනේ මං දන්නෙ නෑ. මටනම් ඕව කියන්න බෑ. තමුසෙම කියා ගන්නව."
"පුතේ මම මේක ඔයා තව ටිකක් ලොකු උනාම කියල දෙන්නයි කියල හිතන් හිටියෙ. ඒත් ලොකු ඉස්කෝලෙකට යන එකේ ඔයා මේක දැනගත්තට කමක් නෑ.. මෙහෙන් ඉඳගන්නකෝ....." කියල කතාව පටන්ගත්තා.
මේ යකා, ගෑනීයෙකුයි මිනිහෙකුයි කසාද බඳින හැටි. සංසර්ගය කියන්නෙ මොකක්ද, යෝනිය කියන්නෙ මොකක්ද, පුරුෂ ලිඟුව කියන්නෙ මොක්කද ඒ කාරිය කෙරෙන්නෙ කොහොමද, ආදී වශයෙන් සම්පූර්ණ "ප්‍රජනන පාඩම" පොඩි එකාට දේශනා කලා.
පොඩි එකා ඇස් ලොකු කරන්, කන් කෙලින් තියාගෙන මේක අහගෙන හිටිය.
"දැන් තේරූනාද පුතේ?..., ඒත් ඇයි ඔයා අදම ඕක ඇහුවේ?....."
"ඔයා කියපු මුකුත් මට නම් තේරුනේ නෑ අප්පච්චි....."
"මට එහා පැත්තෙ ඉන්න කසුන් කිව්ව, එයාලා ආවේ අනුරධපුරේ ඉඳන් කියල....."
ප: ලි:
ඉස්කෝලෙකට දාගන්න පොඩි එවුන්ට බොරු කීයක් උගන්වනවද?

May 11, 2010
සැරද මැතිසඳ ? - Yes, Minister.?
සැරද මැති සඳ ? ඔව් මම සැර තමයි යකෝ.
අසාධරනේ දුටු තැන මට කට වහගෙන ඉන්න බෑ. වැරදි ගැනම ලියන්නෙ පෙන්නන්නෙ, ඉඳල හිටල හරි අපි කරණ හොඳ දෙවල් ගැනත් කතා කරපියකො.
අවසර දොස්තර, මේ කතා කරන්න යන්නෙ එහෙම දෙයක් ගැන තමයි. අපි ගාල්ලේ කියල කිව්වට, මට දැනෙන තේරෙන කාලේ ඉඳලම ඉන්නෙ කැළණියේ. කැළණියෙත් තොරණ හංදියේ. වරාගොඩ පාරේ පොඩ්ඩක් දුර. ඒ වටපිටාව, පරිසරය, අපි කරපු කියපු දේවල් ගැන කතන්දර පස්සෙ ටික ටික කියන්නම්.
තොරණ හංන්දිය කිව්වට මෙතන තොරණක් තිබුනෙ නෑ. රජතුමා විවේකය ගතකල කැලේ පිහිට් මාලිගාවේ (වනවාසල.) ඉඳල කැළණි රාජධානියට පිවිසෙන මෙතන ඒ කාලෙනම්, තොරණක් තිබූ බව කියවෙනව. (බයිල චක්‍රවර්ති ගෙන් වැඩි දුර වීස්තර ලබා ගත හැක.) අවට ප්‍රදේශය සීඝ්‍ර දියුණුවක් ලැබුවත්, මෑතක් වන තුරුම රජ කාලේ වගේ තමයි හංදිය තිබුනේ. තමන් උපන් ප්‍රදේශය දියුණු වෙන කොට ලස්සනට තියෙන කොට පෘතග්ජන මනුස්සයෙක් වන මට, සතුටක් දැනෙන එක කාටවත් වලක්වන්න බෑ.
දැන් මෙතනට බය නැතුව තොරණ හංදිය කියල කියන්න පුලුවන්, ලොක්ක ලොකු තොරණක් හදල තියෙනව. හංදියත් සෑහෙන එලියයි. කාලයක් ධීවර සංස්ථාවට අයත්ව වූ, වරාගොඩ පාර, වනවාසල පාර. ඉස්තරම්ම තත්වයෙන් තියෙනව.
ආචාර්ය තුමා, නාවලපිටියෙ කළවැද්දා වැනි චරිතවලට මම කැමතියි. මොකද මේ අය තමාගේ චරිතය තාත්විකව හා සාර්ථකව ඉඳිරිපත් කරනවා. අනෙත් සියලූම නළු නිලියොත් කරළියෙන් පිටතදී සාර්ථකව රඟපෑවත්. කරළියට පැමිණිවිට ඉඳිරිපත් කරණ බූමීකාව අන්තිම අසාර්ථ්කයි. කොටින්ම කියනව්නම් දෙබස් පවා පටලවගෙන, මහත්තරුන්ගේ සහ නෝනාවරුන්ගේ බූමීකාවන්ට එළබීමට දරණ උත්සාහය, සැබෑ ලෝකයේ එවැනි චරිතවලට පවා අපහාසයක්.
ඔවුන්ට, ගොන් සෝමේගෙන් හෝ ජනමූල ජැකී ගෙන් රංඟනය ගැන වැඩි දුර හැදැරිය හැක. මෙමගින් මෙලෝ දෙයක් නොකරන (ඔවුන් කිසි දෙයක් නොකල බවට ඔවුනොවුන්ම බැන අඬගහ ගනී) ඔවුනට සාර්ථක රංගන ශිල්පීන් හෝ විය හැක.

May 9, 2010
පාන් කවි - Bread Poetry
පුරුතුගීසී වයින් බිබි කනව දැකල පාන්
අපේ උනුත් කාලා බලපි හොඳද කියල පාන්
එතැන් පටන් රස විඳිනව සුදට සුදේ පාන්
කොච්චර ආදරෙද උඹට ඇයිදෝ කිය පාන්
සිරිමාගෙන් පෝලිම්වල කට්ට කාපූ පාන්
අල කවන්න ඕන නිසා බතුත් නැතිලු බන්
හැත්ත හතේ මුත්ත ඇවිත් දුන්න කන්න පාන්
පාන් නෙවෙයි ඕන් දෙයක් තියෙනව කා පාන්
නැති බැරි අය කාල කපල කන්න ගන්නෙ පාන්
ඇති හැකි අය ගෙඩිය පිටින් කෙලල අරින පාන්
එක එක ගනනට තියෙනව වෙළඳ පොලේ පාන්
පාලන මිළ කීයද මට කියලා දී පාන්
ධන රිනයා සූත්තරෙන් වැඩි කරාපූ පාන්
ජොනිය ඇවිත් ආපූ ගමන් කෙලිය නේද පාන්
මේ වැඩේට ජොනියාගෙන් වැඩක් නැහැනෙ බන්
දොස්තර සිල්වට දුන්නොත් නරකද කිය පාන්
බුද්ධිමත් ජනතාව - ඉල්ලන්ම කයි - The Wonder of Asia
ආරම්භය ලබා ගන්නේ පදික වේදිකාවේ කඩ, කඩා ඉවත්කිරිමෙනි. එම ඉවත්කිරිම්වල ශිෂ්ඨ සම්පන්න බාවයක් දක්නට නොලැබින. (රජයක් ශිෂ්ඨ සම්පන්නව කටයුතු කලයුතුය. නැතිනම් රජයත් පේමන්ට් කඩ කාරයන්ගේ තත්වයටම පත්වේ.) ඊයේ දෙනෝදහක් බලා සිටියදි, රූපවාහිණි කැමරා ඉදිරියේ කොම්පඤ්ඤ වීදීයේ ස්ථිර නිවාස කඩා බිම හෙලන ලදී. හේතුව ලෙස සඳහන් වූයේ, අනවසර ඉඳිකිරීම් බවයි.
මා හට ඇති ප්‍රශ්නයනම්, ඒවා අනවසර ඉඳිකිරීම් වන්නේ කෙසේද යන්නයි. ශීතකරණ, රූපවාහිනි, රෙදි සෝදන යන්ත්‍ර, විදුලි පංකා ඉවත් කල භාන්ඩ අතර විය. මේවා පාවිච්ච් කිරීම සඳහා විදුලි බලය අත්‍යාවශ්‍ය අතර ඒ සඳහා ඔවුන් බිල්පත් ගෙවන්නටද ඇත. එසේනම විදුලි බළ මණ්ඩලයට විරුද්ධවද කටයුතු කළ යුතුය. නිවාස වලට ජලය සපයා තිබුනි නම් ඒ සඳහාද නීතීයට අනුව කටයුතු කළ යුතුය.
ඔවුන් වැරදි කරුවන්යැයි මොහොතකට සිතමු. මාසයක කාලයක් ඉවත්වීම සඳහා ලබා දුන් බවද සඳහන් විය. එහෙත් එම කාළය කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැත. අවම වශයෙන් මාස තුනක් වත් ඒ සඳහා ලබා දිය යුතු බව මගේ හැඟීමයි. නිවසක් සාදා ගැනීමට හා නිවසක් සොයා ගැනීමට කොතරම් කාලයක් ගතවනවාද යන්න ඕනෑම කෙනෙකු දන්නා කාරණයකි.
අනෙක් කරුණ වන්නේ මෙම ඉවත් කිරීම ශිෂ්ඨ සම්පන්නව කල නොහැකිද යන්නයි. වයසක පුද්ගලයකු නිවසින් පිටතට රැගෙනවිත් සංග්‍රහ කල ආකාරය දුටු මාගේ මුලු ශරීරයම හිරි වැටී ගියේය. සමහර විට ඔහුගේ ජීවිත කාලයම මෙම නිවස තුල සිටින්නට ඇත. (උතුරේ ජනතාවට සලකන ආකාරය ගැන දැනීමක් මෙමගින් ලබා ගත හැක.)
මෙවැනිම සිඳුවීමක් මට ඊශ්‍රාලයෙදි දැක ගැනීමට ලැබින. අරාබී ජනාවාස වල විසූ යුදෙව් ජනතාව ඉවත්කිරීමේ මෙහෙයුමක් දින ගනනාවක් තුල සජීවීව, රූපවාහිනී මඟින් පෙන්වල ලදි. ජනයාට පහර දීමක් සිඳුවූයේ එකම එක අවස්තාවකදී පමණි. එය ඉතා ශිෂ්ඨ සම්පන්න ආකාරයෙන් සිඳුකල අතර නිවාස ලබා දෙන තෙක් ඔවුනට හෝටල් පහසුකම් ලබා දෙන ලදී.
මෙම පහල පංතිවල ජනතාව අන් අය මෙන් නොව තම ශ්‍රමය වත්මන් ජනාධිපති තුමා වෙනූවෙන් උපරීම ලෙස කැපකල ජනතාවයි. නමුත් අද ඔවුන් වෙනුවෙන් කතා කිරීමට කිසිම පුද්ගලයකු හෝ ආයතනයක් නොමැත. ලංකාවේ බුද්ධිමතුන් මෙම ක්‍රියාමාර්ග එක හෙලා අනුමත කරණු ලබයි.
මුලින්ම දුප්පත් ජනතාවට බස් රථ තුල සිඟමන් සහ වෙළඳාම තහනම් කරලීය. ඉන් පසු පේමන්ට් කඩ ඉවත් කරන ලදි. දැන් ස්ථිර නිවාස කඩා බිම හෙලනු ලබයි.
සුපර් ස්ටාර්ට සුගතදාස ක්‍රීඩාංගනය අහිමිවේ. ඒ සඳහා එවන SMS නතර කිරීමට බොරු SMS යවයි. පාන් සහ ගෑස් වැඩිවීමෙන් සියළුම ආහාර ද්‍රව්‍ය වල මිළ ඉහල ගොස් ඇත. ලබ්බට තැබූ අත පුහුලටත් තැබීමට දැන් කිසිම බියක් නැත. බුද්ධිමත් ජනතාව තුනෙන් දෙකක්ම ලබා දී ඇත. දෙකක් නොව තුනම දී. මැදපු කමිස තුනම නැතයි යන හැඟීමක් ඇති වූවාට පුදුම විය යුතු නැත.
සුභ අනාගතයක් !!! තෙරුවන් සරණයි !!!

May 7, 2010
ප්‍රීතිමත් යුග දිවියකට .... - Happy Family Life
මම කලින් කතාවෙ කීව්ව නේ මගේ ප්‍රශ්න කිරිල්ල ගැන, මේකත් ඒ වගේම පැහැදිලි උත්තරයක් නොලැබුනු නිසා වෙච්ච සිද්දියක්. හැම වෙසක් කාලයකදීම මට මේ කතාව මතක් වෙනව.
ඒ කාලේ වෙසක් එකට ලස්සන ලස්සන බකට් එල්ලනව. කොච්චර ලොකු කූඩුවක් හැදුවත් හැම ගෙදරම වගේ බකට් ටිකකුත් එල්ලනව. මේ තරම් ලයිට් ගැජට් නැති ඒ කාලේ, රෑට බකට් එලියෙන් ලැබුනෙ පුදුම ලස්සනක්.
පොඩිම කාලේ වෙසක් සිරි නරඹන්න යන්නෙ අපේ ගෙදර නැවතිල හිටිය ලොකු අම්මගෙ පුතාල දෙන්නයි එයාගේ යාලුවොත් එක්ක. එක අයියා කෙනෙකුගෙ ආදරේට කියන නම ප්‍රීතී. බකට් අතරෙ එක බකට් පේලියක් තිබුන "ප්‍රීතී වෙසක්" කියල, මේක දැක්කම කට්ටියම හිනා වෙනව. මම ඇයි හිනාවෙන්නෙ කියල ඇහුවම, කට්ටිය එක්ක තවත් හිනාවෙනව මිසක් උත්තරක් දෙන්නෙම නෑ.
ඔය දවස්වලම තමයි, පත්තරේ දැන්වීම් ගියේ "ප්‍රීතිමත් යුග දිවියකට - ප්‍රීතී" කියල, යුග දිවිය කියන එකට උත්තරේ ලැබුනත් "ප්‍රීතී" කියන එකට පැහැදිලි පිළිතුරක් "දයිය" ගෙන්වත් ලැබුනෙ නෑ. එයත් කිව්වෙ මල්ලි තව චූට්ටක් ලොකු උනාම කියල දෙන්නම් කියල. මැනිකගෙන් ඇහුව, කඩේ ප්‍රේමසිරි අයියගෙන් ඇහුව, ඒත් ලැබුන උත්තරේ තමයි "පස්සෙ කියල දෙන්නම් කියන එක."
ගමේ සීය ඇවිල්ල (තත්තගෙ තත්තා), අම්මටයි ආච්ච්ටත් (අම්මගෙ අම්මා) හොරෙන්, ඉස්තොප්පුවේ රහස් සාකඡ්ඡාවක්. මමත් පත්තරේකුත් අරගෙන ගිහිල්ල දෙන්නට කිට්ටුවෙන් බිම දිගා වෙලා පත්තරේ බලනව වගේ කතාව අහගෙන හිටිය. (ලොකු අය කතා කරන තැන්වල ගැවසෙන හොඳ පුරුද්ද ප්‍රගුන කල කෙනෙක් මම.)
දෙන්න කතාවෙන්නෙ, මැතකදි කසාද බැඳපු බාප්ප ගැන. (තත්තගෙ මල්ලී ගැන, එයාගෙ පෙර වැරදි ගොඩක් තිබුන කියල දැනගත්තෙ පසු කාලෙක, ඒත් අර හොඳ පුරුද්ද නිසා).
කතාව දිගටම යනව.
"හැමදාම රන්ඩු, දැන් අහල පහල අයත් දන්නව, මමත් අවවාද කලා, ඒත් අඩුවක් නෑ", "ඔහේවත් මල්ලි එක්ක මේ ගැන කතා කරල බලන්නයි කියල යන්න වැඩිපුරම ආවේ."
"මටත්, එහෙන් මෙහෙන් ආරංචි උනා. (ඒ කාලේ සන්නිවෙදනය බොහොම දුර්වලයි.), අනේ මං දන්නෙ නෑ තාත්තෙ, තාත්තා කියන නිසා මම කතා කරල බලන්නම්"
මගේ දැනුම ප්‍රදර්ශනය කරන්න හොඳම අවස්ථාවක් මේ.
"ඉතිං සීයේ, බාප්පට කියන්නකො සතුටෙන් ඉන්න "ප්‍රීතී" ගන්නෙයි කියල."
කතාවේ ඉතුරු ටිකත්, මම ම කියන්න ඕන නැහැනේ..........
May 6, 2010
"හඳේ කොහෙද හාවෙක් ?"...... - "What?, Bunny on moon?"........
පොඩි කාලේ ඉඳලම අහුවෙන ඕනම දෙයක් කියවන ලෙඩේ දරුණුවටම තිබුනත් ළමා පත්තරේකට තිබුනෙ මිහිර පත්තරේ විතරයි. සති අන්තේ ගේන ලොකු පත්තරත් කියවනව. ඊට පස්සෙ තාත්තට දෙනව ප්‍රශ්න පත්තරයක්ම. ලොකු උනාම උත්තර දෙන්නම් කියන ප්‍රශ්න දයියට (දයානන්ද අයියට.) ඉදිරිපත් කරනව. එයා තමයි අපේ හීරෝ. අපේ ගුරු. ඕනම දෙයක් ගැන දන්නව. නොම්මර එකේ පොත් ගුල්ල. මිනිහ තමයි ගොඩක් දේවල් කියල දුන්නෙ. (හික් හික්........)
අලුත් පංන්තියකට පාස් වුනාම ගන්න පාඩම් පොත්වල හිතට වදීන ඒව, පංතියට යන්න ඉස්සෙල්ල කියවල ඉවරයි. (මාරයි නේ). එච්චර කැමති නැති වුනත් බුද්ධාගම පොතත් බලන්න වෙනව. ඒ ආච්චි නිසා. උන්දැ පොත ලියපු උපදේශක මණ්ඩලයෙ හිටිය වගේ ඒ සබ්ජෙක්ට් එක නම් නියමෙටම දන්නව. පස්සෙ පොතේ තියෙන ඒවා අතේ ඇලෙන්නෙ නැති චිකන් කියුබ් එකක් එහෙම එකතුකරල, රස වැඩිකරල ඔක්කොටම බෙදනව. (දැන් කොහෙද් ඒව, දැන් ආච්චිල පොඩි එකාගෙ බීස්කට් එකටත් විදල, උගෙන්ම මකුළු මෑන්ගෙ , වවුළ් මෑන්ගෙ කතා අහනව.)
දැන් ඉතිං කතාවට එමුකො. අලුත් බුද්ධාගම පොතේ තිබුන "සස ජාතකය" ඕක අපේ ආච්ච්ගෙන් අහගෙන, උන්දැයි මායි අතර බුද්ධිමය සංවාදයකුත් ගියා. ඔන්න ඉතින් ඔය පාඩම පංතියෙ කියල දෙන දවස ආව. බුද්ධාගම ඉගැන්නුවට බුදු සාදු ගාව තිබුන කරුණාව මයිත්තිරිය සර් ගෙ ගුරුවරු සර්ට උගන්නල නෑ මගේ හිතේ.
"ඉතිං, ශක්‍ර දේවේන්ද්‍රයො ඒ සා නායකයගෙ රූපය සඳ මත සිතුවම් කලා"
කියන කොටම තවත් තද කරගෙන ඉන්න බැරුව, පැන්න හිනාව "බකාස්" ගාලා හෙන සද්දෙටම.
"මොකද තෝ හිනාවෙන්නෙ මෙහාට වර" ..
"නෑ සර්, හඳේ කොහෙද හාවෙක්, ඒ පේන්නෙ හඳේ තීයෙන ආවාට.....)
විස්තර කරල දෙන්න වුනේ එච්චරයි, සර් ගෙ අතක් වේගයෙන් මගේ කන දිහාවට එනව පෙනුන.
"චටා.............ස්"
සඳ කෙසේ වෙතත් රන් තරුනම් නොමිලේම බලා ගත්ත මහ දවල්.
"හඳේ හාවෙක් නෑ කියල මම දන්නව බොල, මං තොපිට කියල දෙන්නෙ සිලබස් එකේ තියෙන ඒව. පල යන්න, ගිහිල්ල ඉඳගනින් පන්ඩිතය වෙන්න නැතුව."
(ඉඳගන්න කිව්වෙ, දුක හිතෙන්න ඇති ඇත්ත කියපු එකෙකුට ගැහැව්වට, නැත්තං ද ණ ගහන්න කියනවමයි.)
නිමි.
"උගන්නන එකත් දන්නවනම් බොරු කියල, මොන මඟුලට උගන්නනවද කියල, එදාම අහන්න හිතුනත්, ඇහුවෙ නෑ සර්"
කියල කිව්වේ, අස්වෙන වෙලාවේ කකුල් දෙක අල්ලල වඳින කොට, කඳුළු පිරුණූ දැසින් සර් මේ කතාව මතක් කල වෙලාවේ.
May 4, 2010
ධනවාදයද?..... මළදානයද? ...... - What do you mean by Capitalism? ....
w3lanka, රාමචන්ද්‍ර හා ටැබූ විසින් ගෙනෙයන විවාදයට එකතුවූ Beyond Frame ගේ බ්ලොග් ලිපිය සඳහා මා විසින් ලියන ලද අදහස් දැක්වීමකි..............
ඔබගේ ලිපිය මම එක හඬින් අනුමත කරමි. පෞද්ගලික ආයතන පිළිබඳව ඔබ පලකල අදහස් එකහෙලා පිලිගනිමි. ඒ පිළිබඳ බොහෝ අද්දැකිම් මම ලබා ඇත්තෙමි. මේවා පාලනය වන්නෙ තනිකර බොරුවෙනි. විගණන ආයතන විසින් සහතික කොට පුවත් පත් වල ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්ථා පට්ට පල් බොරුය. මෙහි හොඳම විහිළුව වන්නේ, ඒවා අධික්ෂනය සඳහා පත් කර ඇති ආයතනවල නිලධාරින් බෝතලයට, ගණිකාවන්ට (ගණිකා රැකියාව ගැන මගේ ඇත්තෙ ඉතා සුභවාදී ආකල්පයකි.) වහල්වීමෙන් අන්ධ බාවයට පත්ව ඇත.
අවංක නිළධාරින් සුළු පිරිසක් සිටියද, ඔවුනගෙ හඬට ඉඩක් නොමැත. පෞද්ගලික අංශයේද Beyond Frame සඳහන් කල පරිදිම පවතින්නේ බොරුව සහ වංචාවයි. එවා මුල් පුටුවලට ඉදිරිපත් කරනු ලබන ඉහල පෙළේ නිළධාරියකුට වුවද (අධ්‍යක්ෂකවරයකුට පවා) සිඳුවන්නෙ එදිනම ගෙදර යාමටයි. නැතිනම් පල නොකියා පලා බෙදීම ආරම්බ කරනු ඇත.
මෑතකදී දැක ගැනීමට ලැබුනු සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ඇදවැටීම හොඳම උදාහරණයයි. එම සමූහයේ, රක්ෂන සමාගම, බැංකුව සහ ප්‍රධාන මූල්‍ය සමාගම යම් යම් හේතූන් මත, අනතුරුදායක තත්වයෙන් මිඳුනද, අනෙකුත් සියළුම සමාගම් ඇද වැටින. වැටීමට පෙර එය ලංකාවේ ප්‍රධානම සමූහ ව්‍යාපාරය විය. එම සමාගම තුල සිඳුවූ අකටයුතුකම් පුවත් පත් තුලින් අපට දැනගත හැකි විය. ලංකාවේ අනෙකුත් ව්‍යාපාරවලද පවතින්නෙ මීටත් වඩා මජර පාලනයක් මිස හොඳ තත්වයක් නොවේ. මගේ අත්දැකීමට අනුව, මහ ඉහලින් අගය කරනු ලබන ISO ප්‍රමිතියද, කිසිම ප්‍රමිතියක් නැතත් මුදලට ලබාගත හැකි දෙයකි.
මෙය ලංකාවේ පමණක් නොව, මගේ දැනීම අනුව ඇමරිකාව, ඩුබායි වැනි රටවලද, තත්වය එසේමය. එම රටවලද ආර්ථිකය කඩා වැටුනේ මෙම බොරුව නිසාවෙනි. .w3lanka, රාමචන්ද්‍ර සහ ටැබූ විසින් ගෙනයන ධනවාදය ගැන Beyond Frame, එක්වෙමින් ඉදිරිපත් කරන්නේ සත්‍යය සහ යථාර්තයයි.
ධනවාදය නියම ලෙස පවත්වාගෙන යන රටවල් ලෙස පෙනෙන්නේ දියුණු ස්කැන්ඩනේවියානු රටවල්, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව සහ යුරෝපයේ රටවල් කිහිපයක් හා ආසියාවේනම් සිංගප්පූරුව සහ ජපානය පමණි. එම රටවල ජනතාව, සුපිරි ජීවන තත්වයක් පමණක් නොව, රටක දියුණු බව මැනීමට යොදාගන්නා මිනුම් දඬු බොහෝමයක් බුක්ති විඳි.
මැතකදී ධනවත් බවට පත්වූ ආසියානු මකරුන් සිටියද, එම රටවල ජනතාවට ව්සඳාගත යුතු තවත් ප්‍රශ්න පවතී. එබැවින් මෙම රටවල් හැඳින්වීමට ධනවාදී යන නම හැර, අළුත් නමක් සොයා ගත යුතුව ඇත. සිහිනයකින් හෝ අප රට මකරුන්ගේ තත්වයට පත්වුවහොත් පොදුවේ මෙම රටවල් ජනමූල-ධනවාදී රටවල් ලෙස හැඳින්විය හැක.
අපගේ දේශපාලකයන් හා නිළධාරී පන්තිය සමඟ ධනවාදය වෙත ගමන් කිරිමක් කිසි ලෙසකත් බලාපොරොත්තු විය නොහැක. නව ඇමති මණ්ඩලය එකිනෙකා වෙත දොස් පවරා ගන්නා ආකාරයෙන්ම මේ බව පැහැදිලිව පෙනේ. අපට බුද්ධිමතුන් සිටියද ඔවුන් දැනුම ප්‍රදර්ශනය කරන්නන් මිස (රූපවාහිනි චැනල් තුලින්) ප්‍රායෝගික බුද්ධිමතුන් නොවේ. (ඔවුනට වඩා දෙයක් CIC සමාගම හා එක්ව දුක්ගන්නා රාළ විසින් කරනු පෙනේ.)
විය යුතුව ඇත්තේ වැඩවසම් ක්‍රමයකින් හෝ, ධනවාදය කෙසේ වෙතත්, JR ලබා දුන්නා මෙන් දැනෙන හා පෙනෙන වෙනසක්, (බොහෝ විවේචන ඇතත්), යම්කිසි සහනයක්, දහ දුක් විඳින ජනතාවට ලබාදීමයි. නැතිනම් වන්නේ, ඉතුරු ළමයින්ට හෝ මහල් නිවාස සහ ඇඳුම් පැළඳුම් ලබගැනීම සඳහා එක ළමයකු ගඟට විසිකිරිමේ රියැලටි වැඩසටහනක් ස්වර්ණවාහිනිය විසින් ආරම්භ කිරිම පමණි.
Congratulations !!! "GL" Uncle ...
" මගේ සුභ පැතුම් අංකල් " !!! .....
" තාත්ත කිව්ව, අංකල් යන හැම ටුවර් එකටම, මාවත් එක්ක යන්න කියල " ...
" තාත්ති යන ටුවර් හැම එකටම, ඔයාව එක්ක යන්න කියල මම කියන්නම් " ......
" තාත්ත කිව්ව, අංකල් යන හැම ටුවර් එකටම, මාවත් එක්ක යන්න කියල " ...
" තාත්ති යන ටුවර් හැම එකටම, ඔයාව එක්ක යන්න කියල මම කියන්නම් " ......
May 3, 2010
සරා - දේශපාලන ප්‍රහසනය - Sara - Political comedy
ආනන්ද වික්‍රමගේ මම ගොඩක් ප්‍රිය කරන නළුවෙක්. ගොඩක් පුංචි කාලේ "වැනීසීයේ වෙළෙන්දා" නාට්‍ය බලපු දවසෙ ඉඳල ඒ. ඒ කාලෙ හරි හැන්ඩිය එයාගෙ නෝනා මානෙලුත් එහෙමයි බෝනික්කෙක් වගෙ.
"වැනීසීයේ වෙළෙන්දා" නාට්‍යත් හරිම ලස්සනයි. ටෝනි රණසිංහගෙ දෙබස් අදටත් මතකයි මට. ඒ වගේමයි සංගීතයත්. කේමදාස මාස්ටර්ගෙ. නට්‍යය පටන් ගන්න කොටම යන ම්යුසික් එක මාරයි.
"වැනීසීයේ වෙළෙන්දා" නාට්‍යත් හරිම ලස්සනයි. ටෝනි රණසිංහගෙ දෙබස් අදටත් මතකයි මට. ඒ වගේමයි සංගීතයත්. කේමදාස මාස්ටර්ගෙ. නට්‍යය පටන් ගන්න කොටම යන ම්යුසික් එක මාරයි.
සරා ගැන කියන්නෙ නැතුව ආනන්ද වික්‍රමගේ ගැන කතාකලේ, ජනනන්දන කියන නගරාධිපතිගෙ චරිතෙ කරන්නෙ එයා. මේක මම ඉස්සර ඔහේ දැක්කොත් බලනව මිසක ෆෙවරිට් එකක් නම් නෙමෙයි. (කියන්න ඕන නෑනේ මෙගා ගැන සංසාරෙ වගේ - කළකිරෙනව.) හැබැයි දැන්නම් මිස් උනොත් නෙට් එකේ හරි බලනව.
ඇත්තටම TV එකෙ තියෙන හොඳම දේශපලන කොමඩිය තමයි මේක. (ජනහඬ, රතුඉර, සංවාද, අංශක 360 කැලේ, තුලාව කොමඩි ගනයට වැටෙන්න නෑ. එවට කියන්නෙ "ටෝක් ෂෝ", තවුසන්ඩ් ටෝක් දෙන්නෙ.). සරා පාර්ලිමේන්තුවට තේරුනත් නාට්ටිය නැගල ගියේ නෑ. ජනනන්දන මහත්තය නගරාධිපති වුනයින් පස්සෙ පට්ටම ආතල්.
අද දේශපාළුවො කරන සියළුම මගඩි, මරූමූස් වැඩ නියමෙටම බලාගන්න පුළුවන්. මේක දේශපාළුවො දැක්කොත් අනිවාර්යයෙන්ම තහනම් කරනව. එහෙම නැත්තං පබා ට වෙච්ච දේ ජනනන්දන ටත් වෙනව. ඊට ඉස්සෙල්ල කොහොම හරි බලන්න.
කොච්චර ආතල්ද කියනවනම්. මගෙ කොල්ල යවන්නෙත් ජනනන්දන මහත්තය ගියපු ඉස්කෝලෙටමයි. (නාට්ටියෙ ගිය දෙබසක් මේක. මොකද මුදලාලිල, අනිත් මන්ත්‍රිවරු ජනනන්දන මහත්තයන්ගෙන් නිතරම මේක අහනව.)
කොච්චර ආතල්ද කියනවනම්. මගෙ කොල්ල යවන්නෙත් ජනනන්දන මහත්තය ගියපු ඉස්කෝලෙටමයි. (නාට්ටියෙ ගිය දෙබසක් මේක. මොකද මුදලාලිල, අනිත් මන්ත්‍රිවරු ජනනන්දන මහත්තයන්ගෙන් නිතරම මේක අහනව.)
May 2, 2010
පරාක්‍රම රජතුමා - King Prakrama
රජකම ලබාගැනීම සදහා මෙහෙයවන ලද අසාර්ථක කැරලි කිහිපයකින් පසුව, චෞර නම් රැජිනගේ ප්‍රධාන ඇමති සහ මුල් පෙලේ ඇමතිවරුන් පිරිසක් රන්මසු සහ පුර අඟනන් ප්‍රදානය කොට තම සේනාවට එකතු කර ගනු ලදුව, රැජින සිරගත කොට පරාක්‍රම කුමරු අගමැති කම දරමින් රාජ්‍ය පාලනය ගෙන ගියේය.
කුමරු ඉතා දැහැමි, ප්‍රඤ්ඤාවන්ත, බොහෝ ශිල්පයන් ප්‍රගුණ කල, එවැනිම වූ සෙනෙවියන් දරා සිටියද, පාලනයට පැමිනි පසු රට වැසියාට මෙන්ම තම සේනාවටද අයහපත් කාලයක් උදාවිය. එසේ වූවද, මායා රට සිට තුන් සිංහලයම යටත් කර ගැන්මට කැරලි මෙහෙයවූ පිරබාහරන් නම් කැරළි නායකයා සමග සටන් නවත්වා, ගිවිසුමක් මඟින් මායා රට පාලනය කැරළි නායකයාට පවරා දෙන ලදි. මෙමගින් සතුරු ප්‍රහාර නැතිවී ගියද, ප්‍රමුඛ පෙලේ චරපුරුෂයන් අභිරහස් ලෙස මිය යන්නට විය.
රට වැසියන්ගේ ප්‍රසාදය පරාක්‍රම කුමරු වෙත නොමැති බව දැනගත් චෞර් නම් රැජින, පෙර කල රුහුණේ සිට දරුණු ගනයේ කැරළි දෙකක් මෙහෙයවූ කැරළිකරුවන් සමග, චරපුරුෂයන් මගින් සාකච්ඡා පවත්වා, කුමන්ත්‍රන කොට, පරාක්‍රම කුමරු බලයෙන් පහ කරන ලද්දාය
පරාක්‍රම කුමරු තම ජීවිතය බේරාගෙන පසු බැස ගියේය. එසේ වූවද, තමා පාලනය කල කාලයේ රජ්‍ය සම්පත්, භාන්ඩාගාරය, ඉඩ කඩම් මංකොල්ල කෑ සෙනෙවිවරුන්ගෙන් තම නායකත්වයට එල්ල වූ අභ්‍යන්තර කැරළි, තම සහජ හැකියාවෙන් සහ අත්දැකීම් උපයෝගී කරගෙන සාර්ථකව මැඩ පවත්වන ලදි.
මේ අතර තුර කාලයේ, චෞර නම් රැජින සසර කළකිරී, මිහිඳු නම් ඇමැතියෙකුට රාජ්‍ය පවරා තපස් රැකීමට යන බව අඞබෙර කරුවන් මගින් ප්‍රසිද්ධ කරණ ලදි....
මේ බව සැලවූ පරාක්‍රම කුමරු තම සේනා සමග මිහිඳු සෙනෙවි හා දරුණු ගනයේ සටනකට පිවිසුනද, මායා රට පිරබාහරන් යුව රජුගෙ සහායද ඇතුව සටන් කල මිහිඳු සෙනෙවි කරට කර සටනකින් පසු, 8 වන මිහිඳු නමින් රජ කමට පත්විය.
ඉතාමත් ගෞරවයෙන් තම පරාජය පිළිගත් පරාක්‍රම කුමරු තෙමේ තම සේනාවද සමග වන ගත විය. නැවතත් තම ප්‍රධාන සෙනෙවිවරුන්ගෙන් එල්ල වූ අභ්‍යන්තර කැරළි පෙර මෙන්ම සාර්ථකව මැඩ පැවැත්වූවද, බොහෝ ප්‍රධාන පෙලේ සෙනෙවිවරුන්, කුමරු අතහැර මිහිඳු රජතුමාගේ රාජ සභාවට ඇමති වරප්‍රසාද ද සහිතව එකතුවිය.
මේ අතරතුර කාලයේදි මායා රට පිරබාහරන් යුව රජුගෙන් රාජ්‍යයට එරෙහිව නැවතත් කැරළි එල්ල වන්නට විය. තම සොයුරු ඝෝඨාභය කුමරු සේනාධිනායක ලෙස පත්කල මිහිඳු රජු, මුහුණට මුහුණ කරන ලද අති බිහිසුණු සටනිකින්, කෘර පිරබාහරන් ඇතුළු පිරිස සමූලඝාතනය කොට ඉතිහාසයෙහි ප්‍රථම වරට තුන් සිංහලයම එක් සේසත් කරන ලද්දාහුය.
එහෙත් සුළු කලක් ඇවෑමෙන්, චෞර රැජිනගේ කැලැ හමුදාව, රට එක් සේසත් කල සටනේදී, රට වැසියන් විසින් කලවැද්දා යන සුරතල් නමින් හඳුන්වන ලද ප්‍රධාන යෝධයා රජ කරවීමට, කැරැල්ලක් මෙහෙයවන බව දැනගත් පරාක්‍රම කුමරු, අගමැති කමෙන් හෝ සැනසෙමියි සිතා තම සේනාවද සමග කැරැල්ලට එක්විය.
රට වැසියන්ගේද සියලු ප්‍රාර්ථනා සුන් කරමින් අති දරුණු පරාජයකට ලක්වූ සතුරු සේනා වනගතවූ අතර කැලැ හමුදාව මං මුලා විය. යෝධයා (කලවැද්දා.) සිර අඩස්සියට පත්විය. මොහුත් සමග මොන ඇමතිකම්දැයි සිතු පරාක්‍රම කුමරුගේ තරුණ සෙනෙවිවරුන්, කාලයක් රජකම් කල රණසිං පෙම්දස් රජුගේ පුත් සජිත් පෙම්දස් කුමරුන් නායකත්වයට ගෙන ඒමට තැත් කලද.. මැරිලා හෝ රජවෙමියි සිතූ පරාක්‍රම කුමරු තෙමේ, සජිත් කුමරුට නියෝජ්‍ය නායකත්වය පිරිනමමින් එම අභ්‍යන්තර කැරැල්ලද සාර්ථකව මැඩ පැවැත්වීය..
අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලද මිහිඳු රජ තෙමේ වසර 18 ක්ද, බැරිසිල් රජතුමා වසර 12 ක්ද, නාමල් කුමරුන් වසර 18 ක්ද දැහැමින් සෙමෙන් රට පාලනය කල බවත්. මෙම කාලයෙදි ලෝකයේ බලවත්ම රාජ්‍යයක් වූ බවත් මහාවංසයේ සඳහන් වේ..
පරාක්‍රම රජතුමා ලෙස වීරවංස කතාවල සඳහන් වුවද, පරාක්‍රම කුමරුන් රජකමට පත්වූ බවට සාක්ෂී සොයා ගැනීමට අපහසු විය...
පරාක්‍රම රජතුමා ලෙස වීරවංස කතාවල සඳහන් වුවද, පරාක්‍රම කුමරුන් රජකමට පත්වූ බවට සාක්ෂී සොයා ගැනීමට අපහසු විය...
සොමවංස ගෙන් ලද මහවංසයෙන් උපුටා ගන්නා ලදුව.. සඳේ පස් පරීක්ෂා කොට එහි දියුණු බෞද්ධ ශිෂ්ඨාචාරයක් වූ බවට සනාත කල බයිලා චක්‍රවර්තීන්ද, හාවඩ් විශ්ව විද්‍යාලයේ ලෝක ඉතිහාසය පිළිබඳ ජනමූල මහාචාර්ය පනාපුත්‍ර කුහුඹු පැනියාද, ත්‍රිපිඨකාචාර්ය බක පන්ඩිත සූරියප්පෙරුමයන්ද පරික්ෂාවට ලක් කොට නිවැරදි බව තහවුරු කරන ලදුව...
මහජනතාවගේ හිත සුව පිණිස, ප්‍රකාශයට පත් කරන ලදි ................
තන්හා අශා .. ඔලඟු කරේ ලා ..... - Fighting Monks ...
ජාතික හෙළු උරුමයට පිනා ලැයිස්තුවෙන් පිරිකරක් ලෙස ලද මන්තිරි දූරයට පොඩි කචල් එකක් යන බව පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් දැන ගන්නට ලැබින..
එය දැනට බුක්ති ව්ඳින්නෙ චක්‍රවර්ති හාමුදුරුවො, රජතුමාගෙ කැමත්තත් ඒක. මොකද "ඔය යන්නෙ මතු රජවෙන දරුවෙක්" ය කියල ගල් පැලෙන මුසාවාදයක් වදාරපු එකේ ගුනේ තියන්නත් එපැය.
හෙළු උරුමයේ භික්ෂූන් වහන්සේලා සහ ඇබිත්තයන් සෑහෙන වෙහෙසක් දරනවලු ඕමල්පෙ සෝභිත වහන්සෙ එතනට ගේන්න.ඒ මොකද ඇබිත්තයෙකුට මැති සභයට යන්න උන්වහන්සෙගෙ ධර්මාසනය පරිත්‍යාග කරපු ආනිසංස මේ ආත්මෙම පලදින්න ඕන කියන යහපත් අධිෂ්ඨාන්යෙන්...
අනේ මෙහෙම තන්හාවක්..... අනේ මෙහෙම ආශාවක් ....
මිනිසුනි ලැබේද මින් සැනසීමක් .... //
ප්‍රශ්නය - ධර්ම රාජ්‍යයට යන පාර කොහෙද තියෙන්නෙ?
පිළිතුර - ම් ම් .... ප/ලි ...

තෙරුවන් සරණයි !!! .....
අධි ආරක්ෂිත කලාපයකි..., ඇතුල්වීම තහනම් !!! - High Security Zone, No Entry !!!
නිමිත්ත -
"ටැබූ" ගේ..සිංහලෙන් ලියපු "යටිවතට ඇයි මේ තරම් සරදම්?" පෝස්ට් එකට, කොමෙන්ට් එකක් දාලා මහත්මයෙක්......
"ඉංග්‍රීසියෙන් ලීවනම් නරකද" කියල.........
අන්තර් ජාලේ.. මලේ.. බලාපල්ල බොලේ ...
සැරිසැරූවෝතින් එහි ඔබ .....
දැනගන්නට ලැබෙනවමයි .....
සැරිසරන්නෙ බොහෝ දෙනෙක් ....
වැඩිහිටි අඩවියේ කියල ....
දන්නෙම නැත්තම් උඹැහේ ...
දන්න කෙනෙක් විමසාපං ....
මං කියන්නෙ බොරුවක්නම් ....
ජාලේ බැලිලි කෙසේ වෙතත් ....
තම එකවත් නොබලන්නයි ....
බඩ ගෙඩියක් හදාගන්නෙ ...
ඒත් බොලව් ලද විගසින් ...
මම නම් බලනවා ඒක ...
අත ගෑවත් සනීපයිනෙ ...
අරුම පුදුම නිමැවුමක්නෙ ...
අප සිරිලක රජකරනා ...
පුරුෂාධිපත්‍යයේ .... ලෝගෝ එක ...
ටැබූ, තරිඳු, දුකා සමග ....
කතන්දරත් ලියල තිබුන .....
මේ ගැන පොඩි කතා ටිකක් ...
එපා අනේ බ්ලොග් ලියන්න ...
බොගක් දාලා නිදාගන්න ....
ලීව්වෙ නැතොත්, කහනවනම් ....
බබාලාට බ්ලොග් ලියන්න .....

Subscribe to:
Posts (Atom)