.

.

May 9, 2010

බුද්ධිමත් ජනතාව - ඉල්ලන්ම කයි - The Wonder of Asia

ආරම්භය ලබා ගන්නේ පදික වේදිකාවේ කඩ, කඩා ඉවත්කිරිමෙනි. එම ඉවත්කිරිම්වල ශිෂ්ඨ සම්පන්න බාවයක් දක්නට නොලැබින. (රජයක් ශිෂ්ඨ සම්පන්නව කටයුතු කලයුතුය. නැතිනම් රජයත් පේමන්ට් කඩ කාරයන්ගේ තත්වයටම පත්වේ.) ඊයේ දෙනෝදහක් බලා සිටියදි, රූපවාහිණි කැමරා ඉදිරියේ කොම්පඤ්ඤ වීදීයේ ස්ථිර නිවාස කඩා බිම හෙලන ලදී. හේතුව ලෙස සඳහන් වූයේ, අනවසර ඉඳිකිරීම් බවයි.

මා හට ඇති ප්‍රශ්නයනම්, ඒවා අනවසර ඉඳිකිරීම් වන්නේ කෙසේද යන්නයි. ශීතකරණ, රූපවාහිනි, රෙදි සෝදන යන්ත්‍ර, විදුලි පංකා ඉවත් කල භාන්ඩ අතර විය. මේවා පාවිච්ච් කිරීම සඳහා විදුලි බලය අත්‍යාවශ්‍ය අතර ඒ සඳහා ඔවුන් බිල්පත් ගෙවන්නටද ඇත. එසේනම විදුලි බළ මණ්ඩලයට විරුද්ධවද කටයුතු කළ යුතුය. නිවාස වලට ජලය සපයා තිබුනි නම් ඒ සඳහාද නීතීයට අනුව කටයුතු කළ යුතුය.

ඔවුන් වැරදි කරුවන්යැයි මොහොතකට සිතමු. මාසයක කාලයක් ඉවත්වීම සඳහා ලබා දුන් බවද සඳහන් විය. එහෙත් එම කාළය කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැත. අවම වශයෙන් මාස තුනක් වත් ඒ සඳහා ලබා දිය යුතු බව මගේ හැඟීමයි. නිවසක් සාදා ගැනීමට හා නිවසක් සොයා ගැනීමට කොතරම් කාලයක් ගතවනවාද යන්න ඕනෑම කෙනෙකු දන්නා කාරණයකි.

අනෙක් කරුණ වන්නේ මෙම ඉවත් කිරීම ශිෂ්ඨ සම්පන්නව කල නොහැකිද යන්නයි. වයසක පුද්ගලයකු නිවසින් පිටතට රැගෙනවිත් සංග්‍රහ කල ආකාරය දුටු මාගේ මුලු ශරීරයම හිරි වැටී ගියේය. සමහර විට ඔහුගේ ජීවිත කාලයම මෙම නිවස තුල සිටින්නට ඇත. (උතුරේ ජනතාවට සලකන ආකාරය ගැන දැනීමක් මෙමගින් ලබා ගත හැක.)

මෙවැනිම සිඳුවීමක් මට ඊශ්‍රාලයෙදි දැක ගැනීමට ලැබින. අරාබී ජනාවාස වල විසූ යුදෙව් ජනතාව ඉවත්කිරීමේ මෙහෙයුමක් දින ගනනාවක් තුල සජීවීව, රූපවාහිනී මඟින් පෙන්වල ලදි. ජනයාට පහර දීමක් සිඳුවූයේ එකම එක අවස්තාවකදී පමණි. එය ඉතා ශිෂ්ඨ සම්පන්න ආකාරයෙන් සිඳුකල අතර නිවාස ලබා දෙන තෙක් ඔවුනට හෝටල් පහසුකම් ලබා දෙන ලදී.

මෙම පහල පංතිවල ජනතාව අන් අය මෙන් නොව තම ශ්‍රමය වත්මන් ජනාධිපති තුමා වෙනූවෙන් උපරීම ලෙස කැපකල ජනතාවයි. නමුත් අද ඔවුන් වෙනුවෙන් කතා කිරීමට කිසිම පුද්ගලයකු හෝ ආයතනයක් නොමැත. ලංකාවේ බුද්ධිමතුන් මෙම ක්‍රියාමාර්ග එක හෙලා අනුමත කරණු ලබයි.

මුලින්ම දුප්පත් ජනතාවට බස් රථ තුල සිඟමන් සහ වෙළඳාම තහනම් කරලීය. ඉන් පසු පේමන්ට් කඩ ඉවත් කරන ලදි. දැන් ස්ථිර නිවාස කඩා බිම හෙලනු ලබයි.
සුපර් ස්ටාර්ට සුගතදාස ක්‍රීඩාංගනය අහිමිවේ. ඒ සඳහා එවන SMS නතර කිරීමට බොරු SMS යව‍යි. පාන් සහ ගෑස් වැඩිවීමෙන් සියළුම ආහාර ද්‍රව්‍ය වල මිළ ඉහල ගොස් ඇත. ලබ්බට තැබූ අත පුහුලටත් තැබීමට දැන් කිසිම බියක් නැත. බුද්ධිමත් ජනතාව තුනෙන් දෙකක්ම ලබා දී ඇත. දෙකක් නොව තුනම දී. මැදපු කමිස තුනම නැතයි යන හැඟීමක් ඇති වූවාට පුදුම විය යුතු නැත.

සුභ අනාගතයක් !!!  තෙරුවන් සරණයි !!!

7 comments:

  1. මලා.
    පව් අහිංසකයෝ

    ReplyDelete
  2. ලංකාවේ රාජ්‍යය ( ආන්ඩුව නෙමෙයි ) කියන්නෙම පොදු සමාජය ද්‍රව්‍ය ලෙස දකින බලහත්කාරි උද්දච්ච ව්‍යුහයක්
    good post

    ReplyDelete
  3. අඩේ නියම පොස්ට් එක බන්, සහතික ඇත්ත!!!

    ReplyDelete
  4. මොනා කරන්නද මේ අහිංසක එවුන් තමයි ‍මී හරක් වගේ කඩේ දුවන්නෙ තමන් බුද්ධිමතුන් කියල මහ එවුන් කියද්දි ඒ කැරට් ගිලල.
    කොහොමත් මේක දැන් ධනපතින්ට විතරක් අයිති රටක් බවට පත්වේගෙන එන්නෙ.

    ReplyDelete
  5. thanks for all the comments...

    thanks for the patrol

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න