.

.

May 4, 2010

ධනවාදයද?..... මළදානයද? ...... - What do you mean by Capitalism? ....

w3lanka, රාමචන්ද්‍ර හා ටැබූ විසින් ගෙනෙයන විවාදයට එකතුවූ  Beyond Frame ගේ බ්ලොග් ලිපිය සඳහා මා විසින් ලියන ලද අදහස් දැක්වීමකි..............


ඔබගේ ලිපිය මම එක හඬින් අනුමත කරමි. පෞද්ගලික ආයතන පිළිබඳව ඔබ පලකල අදහස් එකහෙලා පිලිගනිමි. ඒ පිළිබඳ බොහෝ අද්දැකිම් මම ලබා ඇත්තෙමි. මේවා පාලනය වන්නෙ තනිකර බොරුවෙනි. විගණන ආයතන විසින් සහතික කොට පුවත් පත් වල ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්ථා පට්ට පල් බොරුය. මෙහි හොඳම විහිළුව වන්නේ, ඒවා අධික්ෂනය සඳහා පත් කර ඇති ආයතනවල නිලධාරින් බෝතලයට, ගණිකාවන්ට (ගණිකා රැකියාව ගැන මගේ ඇත්තෙ ඉතා සුභවාදී ආකල්පයකි.) වහල්වීමෙන් අන්ධ බාවයට පත්ව ඇත.

අවංක නිළධාරින් සුළු පිරිසක් සිටියද, ඔවුනගෙ හඬට ඉඩක් නොමැත. පෞද්ගලික අංශයේද Beyond Frame සඳහන් කල පරිදිම පවතින්නේ බොරුව සහ වංචාවයි. එවා මුල් පුටුවලට ඉදිරිපත් කරනු ලබන ඉහල පෙළේ නිළධාරියකුට වුවද (අධ්‍යක්ෂකවරයකුට පවා) සිඳුවන්නෙ එදිනම ගෙදර යාමටයි. නැතිනම් පල නොකියා පලා බෙදීම ආරම්බ කරනු ඇත.

මෑතකදී දැක ගැනීමට ලැබුනු සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ඇදවැටීම හොඳම උදාහරණයයි. එම සමූහයේ, රක්ෂන සමාගම, බැංකුව සහ ප්‍රධාන මූල්‍ය සමාගම යම් යම් හේතූන් මත, අනතුරුදායක තත්වයෙන් මිඳුනද, අනෙකුත් සියළුම සමාගම් ඇද වැටින. වැටීමට පෙර එය ලංකාවේ ප්‍රධානම සමූහ ව්‍යාපාරය විය. එම සමාගම තුල සිඳුවූ අකටයුතුකම් පුවත් පත් තුලින් අපට දැනගත හැකි විය. ලංකාවේ අනෙකුත් ව්‍යාපාරවලද පවතින්නෙ මීටත් වඩා මජර පාලනයක් මිස හොඳ තත්වයක් නොවේ. මගේ අත්දැකීමට අනුව, මහ ඉහලින් අගය කරනු ලබන ISO ප්‍රමිතියද, කිසිම ප්‍රමිතියක් නැතත් මුදලට ලබාගත හැකි දෙයකි.

මෙය ලංකාවේ පමණක් නොව, මගේ දැනීම අනුව ඇමරිකාව, ඩුබායි වැනි රටවලද, තත්වය එසේමය. එම රටවලද ආර්ථිකය කඩා වැටුනේ මෙම බොරුව නිසාවෙනි. .w3lanka, රාමචන්ද්‍ර සහ ටැබූ විසින් ගෙනයන ධනවාදය ගැන Beyond Frame, එක්වෙමින් ඉදිරිපත් කරන්නේ සත්‍යය සහ යථාර්තයයි.

ධනවාදය නියම ලෙස පවත්වාගෙන යන රටවල් ලෙස පෙනෙන්නේ දියුණු ස්කැන්ඩනේවියානු රටවල්, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව සහ යුරෝපයේ රටවල් කිහිපයක්  හා ආසියාවේනම් සිංගප්පූරුව සහ ජපානය පමණි. එම රටවල ජනතාව, සුපිරි ජීවන තත්වයක් පමණක් නොව, රටක දියුණු බව මැනීමට යොදාගන්නා මිනුම් දඬු බොහෝමයක් බුක්ති විඳි.

මැතකදී ධනවත් බවට පත්වූ ආසියානු මකරුන් සිටියද, එම රටවල ජනතාවට ව්සඳාගත යුතු තවත් ප්‍රශ්න පවතී. එබැවින් මෙම රටවල් හැඳින්වීමට ධනවාදී යන නම හැර, අළුත් නමක් සොයා ගත යුතුව ඇත. සිහිනයකින් හෝ අප රට මකරුන්ගේ තත්වයට පත්වුවහොත් පොදුවේ මෙම රටවල් ජනමූල-ධනවාදී රටවල් ලෙස හැඳින්විය හැක.

අපගේ දේශපාලකයන් හා නිළධාරී පන්තිය සමඟ ධනවාදය වෙත ගමන් කිරිමක් කිසි ලෙසකත් බලාපොරොත්තු විය නොහැක. නව ඇමති මණ්ඩලය එකිනෙකා වෙත දොස් පවරා ගන්නා ආකාරයෙන්ම මේ බව පැහැදිලිව පෙනේ. අපට බුද්ධිමතුන් සිටියද ඔවුන් දැනුම ප්‍රදර්ශනය කරන්නන් මිස (රූපවාහිනි චැනල් තුලින්) ප්‍රායෝගික බුද්ධිමතුන් නොවේ. (ඔවුනට වඩා දෙයක් CIC සමාගම හා එක්ව දුක්ගන්නා රාළ විසින් කරනු පෙනේ.)

විය යුතුව ඇත්තේ වැඩවසම් ක්‍රමයකින් හෝ, ධනවාදය කෙසේ වෙතත්, JR ලබා දුන්නා මෙන් දැනෙන හා පෙනෙන වෙනසක්, (බොහෝ විවේචන ඇතත්), යම්කිසි සහනයක්, දහ දුක් විඳින ජනතාවට ලබාදීමයි. නැතිනම් වන්නේ, ඉතුරු ළමයින්ට හෝ මහල් නිවාස සහ ඇඳුම් පැළඳුම් ලබගැනීම සඳහා එක ළමයකු ගඟට විසිකිරිමේ රියැලටි වැඩසටහනක් ස්වර්ණවාහිනිය විසින් ආරම්භ කිරිම පමණි.


2 comments:

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න