.

.

May 12, 2010

තත්තේ මං ආවේ කොහේ ඉඳලද?........

.
මේක මම ලියපු "ප්‍රීතීමත් යුග දිවියකට" පොස්ට් එකට "දුකා" දාපූ කොමෙන්ට් එක දැකල ලියන්න හිතුවේ.

බොහෝ දෙනෙක් දන්නව මේ කතාව..

ඔන්න ප්‍රොෆෙසර් කාරයෙක් හිටිය. මෙයාගෙ ලොකු පුතා කොළඹ ජනප්‍රිය පාසැලකට ඇතුලත් කරන්න කොච්චර උත්සාහ කරත් බැරිඋනා. නමුත් මිනිහ අඳුනන ඇමති කෙනෙක් පොරට කිව්ව, "දැනට ඔය ලඟ පාත ඉස්කෝලෙකට දාන්න, 3 පංතීයේදී විතර මම හොඳ ඉස්කෝලෙකට දාලා දෙන්නම්" කියල.

අනේ බොරුවක් එහෙම නෙමෙයි, කිව්ව වගේම ඇමතිතුමා පොරොන්දුව ඉටු කලා. අපේ ප්‍රොෆෙසර් කාරයට මාර ත්‍රිල්. පළවෙනි දවසෙ මිනිහ වැඩට යන්නෙත් නැතුව, ටයි පොල්ලකුත් දමාගෙන ඉස්කෝලේ ගෙට්ටුව ගාව තමයි හිටියෙ සිකුරිටි කාරය වගේ.

පොඩි එකා ඉස්කෝලේ ඇරිල ඇවිල්ල දෙන්නත් එක්ක ඩුයුටි ෆ්‍රී කාරෙකේ යන ගමන් පොඩි එකා කතාව පටන් ගත්ත. (පොඩියි කිව්වට ඌටත් ආචාර්ය කෙනෙකුගෙ මොලේ.)

"අප්පච්චි, පොඩි කාළේ ඉඳලම මට බොරු ඉගැන්නුව, මට ඇත්තම කියන්න. අපි කොහේ ඉඳලද ආවේ."

පොර දැනගත්ත මේ සැරේ නම් බොරු කියල බේරෙන්න බැරි බව.

"ඕක පුතේ ලොකු කතාවක්, මම ගෙදර ගිහිල්ල කියල දෙන්නම්."

ගෙදර එක්කෙනා එක්කත් මේ ගැන සාකඡ්චා කළා.

"අනේ මං දන්නෙ නෑ. මටනම් ඕව කියන්න බෑ. තමුසෙම කියා ගන්නව."

"පුතේ මම මේක ඔයා තව ටිකක් ලොකු උනාම කියල දෙන්නයි කියල හිතන් හිටියෙ. ඒත් ලොකු ඉස්කෝලෙකට යන එකේ ඔයා මේක දැනගත්තට කමක් නෑ.. මෙහෙන් ඉඳගන්නකෝ....." කියල කතාව පටන්ගත්තා.

මේ යකා, ගෑනීයෙකුයි මිනිහෙකුයි කසාද බඳින හැටි. සංසර්ගය කියන්නෙ මොකක්ද, යෝනිය කියන්නෙ මොකක්ද, පුරුෂ ලිඟුව කියන්නෙ මොක්කද ඒ කාරිය කෙරෙන්නෙ කොහොමද, ආදී වශයෙන් සම්පූර්ණ "ප්‍රජනන පාඩම" පොඩි එකාට දේශනා කලා.

පොඩි එකා ඇස් ලොකු කරන්, කන් කෙලින් තියාගෙන මේක අහගෙන හිටිය.

"දැන් තේරූනාද පුතේ?..., ඒත් ඇයි ඔයා අදම ඕක ඇහුවේ?....."

"ඔයා කියපු මුකුත් මට නම් තේරුනේ නෑ අප්පච්චි....."

"මට එහා පැත්තෙ ඉන්න කසුන් කිව්ව, එයාලා ආවේ අනුරධපුරේ ඉඳන් කියල....."

ප: ලි:

ඉස්කෝලෙකට දාගන්න පොඩි එවුන්ට බොරු කීයක් උගන්වනවද?

10 comments:

  1. hafoi . . tattata belle wala daa ganna hitenna ati . . .

    hik hik hik . . ..

    ReplyDelete
  2. හික් හික් මොලේ වැඩි උනහමත් ජීවිතේ අමාරුයි

    ReplyDelete
  3. මේක කියෙව්වම තව කතාවක් මතක් උනා
    ඉස්කෝලෙ ලග පාත ඇඩ්‍රස් දාල ඉස්කෝල වලට පොඩි එකෙක් දාගන්න ගිහිපු කෙනෙක්ට වෙච්චි දෙයක්. ඔන්න ඉතිං ඉස්කෝලෙදි සම්මුඛ පරීස්සනේට අහල පුතා ඉස්කෝලෙට ආවෙ කොහොමද කියලා. ඇඩ්‍රස් ලග පාත උනාට පොඩි එකා කියපි කෝච්චියෙන් ආවේ කියලා.. :D

    ReplyDelete
  4. හෆොයි දෙයියනේ......
    මමත් ඉස්කෝලෙ ගියේ බොරු ඇඩ්‍රස් දාල තමයි. ඒ ඉන්ටර්විව් එක ගැන මතක් කර කර තාමත් ගෙදර අය හිනා වෙනව.
    හොඳ වෙලාවට අපේ තාත්ත ප්‍රොෆෙසර් කෙනෙක් නෙවෙයි. එහෙම උනා නම් මළ කෙලියයි.

    ReplyDelete
  5. මටත් එකක් මතක් වුණා.

    කොල්ල තාත්ත එක්ක ඉස්කෝලෙට ඇතුල් කරගන්න ඉන්ටවිව් එකට ගියාලු. ප්‍රින්සිපල් පොඩි එකාගෙන් එක එක ප්‍රශ්ණ අහන අතරෙ ඇහුවලු කොහෙද පුතාගෙ ගෙවල් තියෙන්නෙ කියලා. පොඩි එකා කිව්වලු "ඔය බිත්තිය හිල් කරල බැලුවොත් අපේ ගේ පෙනෙවා" කියලා.

    ReplyDelete
  6. මාතලන් සහෝ. ඔබතුමාගේ පින්තූරු බ්ලොග් එකට කමෙන්ට් කරන්න බෑ

    ReplyDelete
  7. නොමිලේ පැට්‍රෝල් වලට දයස් වර පින්....

    @තරිඳු

    දැන් ට්‍රයි කරපාං මචෝ......

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න