.

.

May 13, 2010

ආදරණීය සනත්, කරුණාකර සමුගන්න ..........

.
ඕනෑම කෙනෙකුට ලැජ්ජාව කියා දෙයක් ඇත, ජාතික වීරයකු, වීරයකු ලෙස මිය යා යුතුය. අපේ රටෙහි සිඳුවන්නේ මෙය නොවේ. කලක් අප වීරයන් ලෙස පිලිගත් කලාකරුවන්, උගතුන් බුද්ධිමතුන් පමණක් නොව, අපගේ ඇස් පැදූ ජනමාධ්‍යවේදීන් පවා අද ජඩමාධ්‍යවේදීන් බවට පත්ව, නිරුවතින් ගමන් කරයි.

කවුරු කෙසේ කීවත්, කවුරුන් එය තමන්ගේ වික්‍රමයක් යැයි කීවත්, කළුවිතාරන හා එක්ව මුලු ලොවම මවිතයට පත් කරමින්, එක් දින තරඟ රටාව උඩු යටිකුරු කලේ ඔබයි. ටෙස්ට් ක්‍රිකට් වලද, මහානාම හා එක්ව දැක්වූ දස්කමත්, ඉන් අනතුරුව පෑ දස්කමුත් අපට කිසි දා අමතක නොවේ. එංගලන්තය සමඟ ලෝඩ්ස් පිටියේ තරඟය ජයග්‍රහනය සඳහා, උඩුගුවනේ සිට ඔබ එල්ල කල හයේ පහර ඡායරූපයක් සේ අප සිත් තුල ඇඳි පවතී.

ඔබ ජවසම්පන්න යයි ඔබ තුල අධි තක්සේරුවක් ඇති බව පෙනේ. නමුත් කනගාටුවට කරුන නම් ඔබට පන්දුව දැකීමට නොහැකි බව, ඔබට සහ ඔබව ලජ්ජාවට පත් කිරීම සඳහා ඉදිරිපත්ව ඇති අය හට නොතේරීමයි.

සනත් ඔබ වීරයකු ලෙස සමුගැනීමට තිබුනේ මීට සෑහෙන කලකට පෙරයි. ඔබ වීරයකු ලෙස සිටී විට ඉවත්වූවානම්, ජනතාව පසුතැවෙන්නට ඉඩ තිබින. එහෙත් අද ඔබ බින්දුවට දැවී යන විට ඔබ පමණක් නොව, ඔබ වැදූ මවද, නින්දාවට පත්වේ.

වීරයකු ලෙස මියෙම්ද?. මුදලට වහල්වූ තවත් ද්‍රෝහියකු ලෙස මියෙම්ද?. (දක්ෂතා වලින් හෙබි ක්‍රීඩකයන් රැසක් සිටියදී, දේශපලන බලයෙන් ක්‍රීඩා කොට රටට පරාජය ගෙන ඒමෙන් ඔබ කරන්නෙ ද්‍රෝහි කමකි.) යන්න තීරණය කිරීම ඇත්තේ ඔබ අතයි.

කරුණාකර වඩා වගකීමක් ඇති නව රැකියාවට මුල් තැනදී. ජාතියේ නාමයෙන් ක්‍රිකට් වලට සමුදෙන්න.

11 comments:

  1. තමන් වීරයෙකු නොව ද්‍රෝහියෙකු බව ඔහු සනාත කර තිබේ.
    ඇත්තෙන්ම ඔහු මේ තක්කඩි දේශපාලනයට ඉතාම සුදුසු බවද සනාත කර තිබේ.

    ReplyDelete
  2. මොකා කොහොම දේශපාලනේට ආවත් අන්තිමට ඔක්කොම එකම මඩ ගොඩේ.

    සනා දේශපාලනේට නොයා අද සෙල්ලම් කලත්,මම හිතන්නේ නෑ මිනිස්සු ඔහුට බනියි කියලා. අද සනා ප්‍රධාන වශයෙන් බැනුම් අහන්නේ දේශපාලුවෙක් වීම නිසයි.

    අද සමාජයේ ආත්ම ගරැත්වය බල්ලට දමා මුදල් හම්බ කිරීමට නම් කල යුතු එකම දෙය, දේශපාලුවෙක් වීමයි. සැබෑ ජනතා හිතවාදීන් දේශපාලුවෝ වෙන්නේ නැත.

    ReplyDelete
  3. Well said , he should learn from the story of Arjuna Ranathunga , who did not said bye at the right time. N

    ReplyDelete
  4. සනත් ජයසූරිය ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කිරීමටත් සිරසට ගල් ගසා සංඝ ආඥ්ඥාවක්වත් ගේන්න් වෙයිද?

    ReplyDelete
  5. සනත් ඔබ මේ අන්තර්ජාලයේ සිටින අය කියන දෙයින් සැලෙන්න එපා. 2011 වෙනකම් ඔබ ක්‍රීඩ කරනවා දකින්නට ජනතාවට ඕනේ. ඒක නිසා ඔබ දිගටම ක්‍රීඩා කරන්න. අරම්භක පිතිකරු වශයෙන් ඉන්න එක ගොඩක් හොඳයි.
    අනික මොකක් හරි අබාධයක් තියේනම් වෙනරටවල ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පවා අබාධ එක රැයින් සුව කරන අශ්චර්යමත් ජීවකයෙක් කොල්ලුපිටියේ ඉන්නවා ඔහුව හමුවන්න ඔහුගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
    අපි ඔබ සමගයි!!!!
    අපේ ක්‍රිකට් වලට සුභ අනාගතයයක්!!!

    ReplyDelete
  6. හරියටම හරි .Maximum !

    ReplyDelete
  7. රටට කීර්තිය අත්කරදී ලබාගත් අති මහත් දනස් කන්දෙන් සනත් දුප්පත් අහිංසක දුවා දරැවන් ඉගන ගන්නා පාසලකට ක්‍රිඩා උපකරණ අරන් දී නැත. නොමිලේ ක්‍රිඩා පුහුණුව ලබාදී නැත. මා දන්න තරමින් රූපවාහිනිය හරහා ඔහු විකිනෙමින් මුදල් යහමින් උපයාගෙන ඇත.

    බුද්ධියට හා අවශ්‍යතාවයන්ට වඩා හැගීම්වලට වහල් වන ජනතාවක් සිටිනා අප රටේ සනත් ඡන්දයෙන් දිනා ඇත. එය අරැමයක් නොව. ඒ හා සමානවම පබා ද දිනා ඇත. මෙය අමිහිරිය. අකමැත්තෙක් උවද මේ තත්වයට අපට මුහුණ දීමට සිදුව තිබේ.

    මගේ අදහස සනත් ජනතාසේවය නොකරන්නෙකි.
    ඔහු මේ හැම දේම දමා යා යුත්තේ දිවගෙනය.

    ReplyDelete
  8. ඔබ සඳහන් කරන උඩු ගුවනේ සිට එල්ල කරන හයේ පහර ඔහු එල්ල කලේ ලෝඩ්ස් පිටියේ නොව ඕවල් පිටියේදිය.ක්‍රිකට් ප්‍රේක්ෂකයකුගෙන් පුංචි නිවැරදි කිරීමක්...

    ReplyDelete
  9. @ චාමර ධනූෂ ජයවීර

    වරදට සමාව දෙනු මැන....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න