.

.

May 3, 2010

සරා - දේශපාලන ප්‍රහසනය - Sara - Political comedy

ආනන්ද වික්‍රමගේ මම ගොඩක් ප්‍රිය කරන නළුවෙක්. ගොඩක් පුංචි කාලේ "වැනීසීයේ වෙළෙන්දා" නාට්‍ය බලපු දවසෙ ඉඳල ඒ. ඒ කාලෙ හරි හැන්ඩිය එයාගෙ නෝනා මානෙලුත් එහෙමයි බෝනික්කෙක් වගෙ.

"වැනීසීයේ වෙළෙන්දා" නාට්‍යත් හරිම ලස්සනයි. ටෝනි රණසිංහගෙ දෙබස් අදටත් මතකයි මට. ඒ වගේමයි සංගීතයත්. කේමදාස මාස්ටර්ගෙ. නට්‍යය පටන් ගන්න කොටම යන ම්යුසික් එක මාරයි.

සරා ගැන කියන්නෙ නැතුව ආනන්ද වික්‍රමගේ ගැන කතාකලේ, ජනනන්දන කියන නගරාධිපතිගෙ චරිතෙ කරන්නෙ එයා. මේක මම ඉස්සර ඔහේ දැක්කොත් බලනව මිසක ෆෙවරිට් එකක් නම් නෙමෙයි. (කියන්න ඕන නෑනේ මෙගා ගැන සංසාරෙ වගේ - කළකිරෙනව.) හැබැයි දැන්නම් මිස් උනොත් නෙට් එකේ හරි බලනව.

ඇත්තටම TV එකෙ තියෙන හොඳම දේශපලන කොමඩිය තමයි මේක. (ජනහඬ, රතුඉර, සංවාද, අංශක 360 කැලේ, තුලාව කොමඩි ගනයට වැටෙන්න නෑ. එවට කියන්නෙ "ටෝක් ෂෝ", තවුසන්ඩ් ටෝක් දෙන්නෙ.). සරා පාර්ලිමේන්තුවට තේරුනත් නාට්ටිය නැගල ගියේ නෑ. ජනනන්දන මහත්තය නගරාධිපති වුනයින් පස්සෙ පට්ටම ආතල්.

අද දේශපාළුවො කරන සියළුම මගඩි, මරූමූස් වැඩ නියමෙටම බලාගන්න පුළුවන්. මේක දේශපාළුවො දැක්කොත් අනිවාර්යයෙන්ම තහනම් කරනව. එහෙම නැත්තං පබා ට වෙච්ච දේ ජනනන්දන ටත් වෙනව. ඊට ඉස්සෙල්ල කොහොම හරි බලන්න.

කොච්චර ආතල්ද කියනවනම්. මගෙ කොල්ල යවන්නෙත් ජනනන්දන මහත්තය ගියපු ඉස්කෝලෙටමයි. (නාට්ටියෙ ගිය දෙබසක් මේක. මොකද මුදලාලිල, අනිත් මන්ත්‍රිවරු ජනනන්දන මහත්තයන්ගෙන් නිතරම මේක අහනව.)



3 comments:

  1. මම නම් යූ ටියුබ් එකේ මෙගා නමක් ගෑවිලා හරි තිබුනොත් ඒ පැත්ත පලාතක යන්නෙ නෑ. ඒත් මෙච්චර ලස්ස්නයි කියල මාතලන් අයියම කියනව නම් පොඩ්ඩක් ගොඩවෙලා බලන්න ඕන.
    කතාවෙ ආතල් හරිය පටන් ගත්තෙ කොයි කාලෙද කියල කියන්න පුලුවන්න්නම් ගොඩක් පින්? මුල ඉඳල සේරම බලන්න බෑනෙ.හික්ස්!!!!

    ReplyDelete
  2. මට හරියටම මතක නෑ මහත්තයො ...

    මීට් මාස 3 කට කලින් වගෙ තමයි මතකය ......

    දැන් අළුත්ම ගේමකට බැහැල ඉන්නෙ .....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න