.

.

Dec 16, 2017

ෆේස්බුක් කවිය, ඛයියාම් සහ ගොබ්බයෝ... - Facebook Poetry, Omar Kayyam And & Baila




යියාම් නෙමෙයි බං

උදේ 9.00 ට 
අරිනකන් බාරෙක
බලා ඉන්නවා සුන්දරම්
68 අටයි උගෙ 
වයස යන්තම්
මලයි කසියයි
ඉස්තරම්

ආදරේ හොයන් ගිය 
රේවතී මරළා
එල්ලිලා මළ
සේගරන්

නැන්දා අපගේ මළේ හැදිලා
සිරෝසිස්
වෙජි ටේරියන්

එන්න කිව්වම
13 හරි
යන්න වේ
බුදු දහම බන්

මැරුණ උන් ඇවිදිනා
රටකදි
මළත් උඹලා
පනපිටින්

වනලා වනලා
කැඩුනොතින් මිස
වෙන්නේ නෑ
බලු නැටි කෙලින්

(ගොබ්බයෝ ඉන්න රටක ජීවත් වෙනවට වඩා හොඳයි බං, මයිග්‍රේට් වෙන එක..)

Dec 12, 2017

පොඩි එකාගෙ ලියුම (ලොකොමොටිව් ඩැයිවර්ගේ) - Essay about my father (Locomotive Driver)




අපේ තාත්තා ලව් කොරනා කාළේ, අපේ අම්මාගේ අම්මා හෙවත්, අපේ ආච්චි, තාත්තාට කියා තිබෙන්නේ තොට ගෑණූ දෙනවට වඩා හොඳයි යකෝ, මේ කෙලීත් එක්ක රේල්ලුවට පැනලා මැරෙණා එකය කියලාය. අම්මාද ලව් කරන කාළේ තාත්තාට කියා ඇත්තේ, අපේ ආදරේ රේල් පීලී දෙකක් වාගේ කවදාවත් එකතු වෙන දෙයක් නොවේ වස්තුවේ කියලාය. ඒ උනාට තාත්තා කියා තියෙන්නේ, ඉට්ටේසොන් මාස්ටර්ලාට ටැබ්ලට් දෙන්නෙත් තාත්තා නිසා, ආච්චිට ටැබ්ලට් එක දීලා ඔහෙත් එක්ක නයිට් මේල් එකේ බදුල්ලේ හනිමූන් යන එක යනවාමයි කියලාය. අපේ තාත්තා ලොකෝමේටිව් ඩැයිවර කෙනෙක්ය. ඒ කියන්නේ කොච්චි රියදුරෙක්ය.

Dec 7, 2017

ධර්‍මද්වීපය දූෂිත රාජ්‍යයක් ලෙස නම් කිරීම හෙලා දකිමූ - Fuck U America




ලොව උතුම්ම ආගමික නිකාය වන, "නිර්මල ශ්‍රී ලාංකීය තේරවාදී බුදු දහමින්" තෙත්වූත්, උතුම් වූ දළදා හාන්දුරුවන්ගේ පිහිටෙන් හා රැකවරනයෙන් බැබලෙන්නා වූත් , අවුරුදු 2500 ක අති ප්‍රෞඩ කිසිවකිට දෙවන නොවන ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් උරුම වූත්, අම්මට සිරි ලංකාව මේ ඊයේ පෙරේදා බිහිවූ ඇමරිකාව වැනි, තුප්පහි කැරපොතු හිගන සුද්දන් වෙසෙනා දෙකයි පනහේ රටක් විසින්, ලොව දූෂිත රාජ්‍යයන් හතරෙන් එකක් ලෙස නම් කිරීම අප විසින් හෙලා දැකිය යුතු අතර,

Dec 1, 2017

ඝෝඨා, ප්‍රජාතන්තරවාදය සහ නිර්මාල් දේවසිරි - Who will be the next President





නිර්මාල්ට මම කැමති, පොරගේ වෙනස් වෙන ගතියට
එක තැන ඉන්න උන් පොල් ලෙලි වගේ පල් වෙනවා
ගඳ ගහනවා,
ලංකාවේ වමට වෙලා තියෙන්නේ ඒක.
නිර්මාල් එහෙම නෑ
නිර්මාල් කියනවා "බොහෝ විට" 2020 ඝෝඨා එයි කියලා

Nov 27, 2017

දිග ජීවිතේ....! - Said I Love you but I lie...




සයිබර් යුගයේ කෙටි කතා රචක - 
ප්‍රියාන් ද සිල්වාගේ කෙටිම කෙටි කතාවකි

දිග ජීවිතේ....!
මගේ කෙටි කතාව.....!!!
==================
" These certificates are..... not important......... for us....!! "
" උඹෙ...මෙ. කිසිම සහතිකයක් අපට වැදගත් නෑ.....!!
මොකද..... අපට ඔනී...ගෙදරට වැඩ කාරයෙක්..... 
හැම දෙයක්ම කරන්න පුඑවන් කෙනෙක්......."

Nov 23, 2017

කොන්ඩම්, කොන්ඩම් තියරි හා කන්ඩෙම් පොලිටික්ස් - Condom, Condom Theory and Practice




කොළම්පුරේ බුලර්ස් ලේන් එකේ, කොන්ඩම් වෙන්ඩින් මැෂින් එකක් හෙවත් කොපු මැෂිමක් හයි කරලාය. කොන්ඩම් එකක් ඔනෑ එකෙකුට කොරන්න තියෙන්නේ, තමන්ගේ පෝන් නම්බර් එක මැෂිමට ඇතුලත් කොරනා එකය. (මතක තබා ගන්න වෙන දේවල් නොවේ. පෝන් නම්බර් එකම පමණි.) එවිට පින් නම්බරයක් ලැබෙනාතර, එම පින් නම්බරය ඇතුලත් කළ විට කොන්ඩමයක ලැබ ගත හැකිය. ගාන කැපෙන්නේ පෝන් බිලෙනි. ඉතින් පෝන් එකෙන් ලබා ගත කොපු, තමන් කැමති නම් පෝන් වලට භාවිත කළ හැකි අතර, කැමති නම්කොපුව පුම්බා, බෝල ගැසීමටත් හැකිය.

Nov 20, 2017

බය නැති අගමැති හා පන නැති යහපාලනය - Good Governance without any Good



බැඳුම්කර සීන් එක මහා හොරකමක් කියා කියපු උන් ඔක්කෝම අමු බූරුවෝය.. බැඳුම්කරේ සිඳුවුනේ, මහදවල් මහබැංකුවේ මහා මුදල් මංකොල්ලය කියා අර්ථ ගැන්වූයේ, ඊටත් එහා හරකුන්ය. එය "හොර කමක්" බව මහා අර්ථික විශාරදයෙක් කියනා බන්ධුල ගුණවර්ධන බොක්කෙන්ම කියනවා නම්, ඌ ආර්ථිකය ගැන මළ පොතේ අකුරක් නොදන්නා මී ගවයෙක්ය. එහෙම නැත්නම් සීන් එක හොඳින් දැනගෙන බයිලා ගසනා බයිලා කාරයෙක්ය. 

Nov 15, 2017

මගේ..... පුංචි දෝණි...... - My Little Princess


යුගයේ කෙටිකතාකරු
ප්‍රියාන් ද සිල්වාගේ සයිබර් කෙටි කතාවක්


මගේ..... පුංචි දෝණි......
==================
( සමහරවිට මුහුණු පොතේ අවසන් අකුරැ )
=================================
.................
උඹලට දැනෙනවද..? එ බොල් සද්දේ..?
.......

Nov 11, 2017

අර්ජුණගේ නැව් බයිලා සහ යාපාලන රජයේ බැරි බැරියාව - Failed Politicians & their Dirty Jokes




තෙල් අර්බුදය ගැන බෝල ගහපු ඇමතිතුමා මුලින් කී බයිලා දැන් වෙනස් කරගෙන ඇත. එයා දැන් කියන්නේ හිටපු ඇමතිවරු දෙදෙනෙක් එයාට ගේම දුන් බවය. දුක් ගැනවිල්ල ගෙනියන්නේත් වැල් බයිලා ගහන රටේ නායකයාටය. රට හදන්න බැරි හේතුව හෙවත් යාපාලනේ ගොඩනගන්න බැරි හේතුව ලෙස එදා ගැයූ රාජපක්ෂ ස්ලෝගන් එක වෙනස් කොට, දැන් "මගේ රජයේ" ස්ලෝගන් එක බවට පත් කරගෙන ඇත්තේ සියල්ලටම හේතුව බැඳුම්කරේ කියලාය. 

Nov 9, 2017

මී ගවයින්ගේ තෙල් බෙදිල්ල - Fuel Crisis



අපි පොඩි කාළේ සෝ බලන්න ගියාම කමින්ග් කෑලිවලට පට්ට සෝ එකක් එනවා කියා පෙන්නුවේය. ඒ සෝ එකේ නම "ලේඩි චැරර්ලීස් ලවර්"ය.. ඒ කියන්නේ වර්ල්ඩ් පේමස්, චැටර්ලි ආර්යාවගේ කතන්දරේය. ලේසි චැටර්ලිට උන්නේ, බොහෝත් සුන්දර් "සිල්විය ක්‍රිස්ටල්"ය. ඉතින් සැවෝයි එකට ආපු මේ ලේඩි බලන්න කොල්ලෝ උන්නේ පෝලීමේය. අදත් ලේඩි කෙනෙක් එනකන්, ජනපති අගමැතිගේ පටන් මුළු රටේම උන්, අර කලින් සඳහන් කරපු අයගේ අම්මාවරුන්ගේ ගුණ ගායනා කරමින් පෝලිමේ ඉන්නේ, ලේඩි කෙනෙක් එනකන්ය. දැන් එයා ඇවිල්ලාය. එයාගේ නම "ලේඩී නෙවර්ස්කා"ය. නම "නෙවර්" උනාට අපි ගැන දුක හිතාමද කොහෙදෝ එයා ආවාය. තා ටික දවසකින් මෙහෙම දෙයක් උනාද කියලාවත් මතක නැතිව යනවාය. ඒ අපේ හැටි

Nov 7, 2017

අරූ සමඟ මුන් - Aru may be back


අරූ...
කව්ද බං අරූ කියන්නේ...?
අරූ කියන්නේ අරූ බං අරූ.... අරූ
අර..., " අවුල් වන්න්ට පෙර " කියලා, අපේ ඔළු ඔක්කෝම අවුල් කරාපූ අරූ...
අර..., අරූගේ අඩවිය කරපු එකා..
ඔව් බං ඌ...

Nov 1, 2017

අක්කා....!!!! - You are my Sister.....!!!!




ප්‍රියාන් ද සිල්වා ගේ කෙටිම කෙටි කතාවක්

අක්කා....!!!!
============
විශ්වයේ නිහඩ කදුඑ බිංදුව....!!
==========================
අමිමා ගිහිල්ලා තිබිබා....!!
ඇත්තටම. ගෙදරින් ගිහිල්ලා තිබිබා.....
අම්මගේ ඇදුමි අල්මාරිය හිස් වෙලා තිබුනා....!!
..................
මම මරලතෝනී ගගහා ඇඩුවා......
කැඩිචිච සිමෙන්ති...පොලොවෙ...පෙරලි පෙරලි ඇඩුවා.....
නහයෙන්....එක දිගට ගලන් ආව....හොටු...ඒ...කදුඑ දිය ඇල්ලේ දිය වුනා.....!!
මගේ චූටි කලිසමි පොඩ්ඩේ.... කඑ පාට ලොකු බොත්තමක්.... බිම දිගේ රෝල් වෙලා..... උඑවස්ස පැත්තට ගියේ... මම දිහාවත් නොබලා.....

Oct 29, 2017

මම ඒ බල්ලා මැරැවා......... (18+) - Kill That Dog...



මේ ප්‍රියාන් ඩි සිල්වාගේ තවත් කෙටි කතාවක්, මේ කතාව කියවන්න කලින්, ඒකට "මහින්ද ගුණවර්ධන" ලියපු මේ කොමෙන්ට් එක කියවලා ඉන්න...