.

.

Dec 8, 2011

රොක් හඩ්සන් "ගේ" කතාවක් - Rock Hudson in Hell


ප්‍රථමයෙන්ම තිසරයාට ස්තූතී කොරන්න ඕනෑය. මේක මතක් කලේ ඌය. එමෙන්ම විසේසයෙන්ම කිව යුතු දෙයකුත් වන්නේය. එනම් අප කිසි ලෙසකින්වත් ඒඩ්ස් රෝගියකු පිළිකුල් කරන්නට හොඳ නැතිය. මොකෝ බොහෝ දෙනෙකුට එය ලැබී ඇත්තේ නොදැනුවත්වමය. මාතලන් ලිංගික නිදහස ඉහලින්ම අගය කරන්නෙක්ය. නමුත් සියළුම දෙනා දැනුවත් විය යුත්තේමය. මන්ද ඒඩ්ස් මාරාන්තිකය. ආවරණ දමාගෙන බැට් කොරන්න යාම කෝකටත් හොඳය.

තිසරට මේක මතක් උනේ මම "ගේ" කතාවක් ලියපු නිසාය. "ගේ" කතා ලියන්නට බය වෙන්නට ඕනා නැතිය. මොකෝ සසිරිබර මෙසිරිලක වැඩිදේනා "ගේ"ය. මෙයත් සමග "ගේ" කතා හතරක්ය අනිත් තුන මේවාය කැමති නම් බැලුවාට අමනාපයක් නැතිය. එපානම් නොබලා සිටියත් එහෙම්මමය.

සමරිසි
ආවා  වලාගේ කතාව
දික්තල කාළගෝළ කතාව

මේකත් පරණ කතාවක්ය. දන්න උන් සද්ද බද්ද නැතුව උන්නොත් හොඳය. නොදන්න උන් බොහෝය. මේවා අළුත් පරපුරටය. ඒඩ්ස් ළෝකයේ ප්‍රචලිත වූයේ රොක් හඩ්සන් නිසාය. රොක් හඩ්සන් කියන්නේ හොලිවුඩයේ උන් කඩවසම්ම නලු බට්ටෙක්ය. මාල්බරෝ ඇඩ් වලට පොර නැතිවම බැරි කාලයක් තිබුනේය. එතරම් කඩවසම්ය. කළා ළෝකයේ "ගේ" පොරවල් වැහි වැහැලාය. නමුත් රොක් හඩ්සන් ගේ මරණය නිසා ළොවම කැළඹුනේය. ඒඩ්ස් පිළිබඳ ළොවම කතා කරන්නට පටන් ගත්තේය. ඒ සඳහා ඖෂධ සොයන්නට අදත් වෙහෙසෙන්නේය.

රොක් හඩ්සන් මලේය. කෙලින්ම ගියේ අපායටය. දෙවියන් වහන්සේ කිසිම සමාවක් නොදුන්නේය. යම රජ්ජුරුවෝ වෙල්කම් කියා පොර පිළිගත්තේය.
"හා.... වෙල්කම් හඩ්සන්, තමුසෙ එනව කියලා මට මේල් එකක් ආවා. මාත් තමුසෙගේ ෆෑන් කෙනෙක් තමයි.. ඒත් තමුසෙ අඳුනගන්න බැරි තරමට වෙනස්වෙලානේ..."
"ඒකනේ ස්වාමීනී.... මට මේ කරුම ලෙඩක් හැදුනනේ... ඒකෙන්ම තමයි මෙහාට ආවේ..."
"ආ.. ඒ කියන්නේ තමුසේ නිලියොන්ට විතරක් නෙමෙයි බැල්ම දාලා තියෙන්නේ... නලුවොත් කම්මුතු කොරලා වගේ....".
"අනේ නෑ ස්වාමීනී.... මම ෆිල්ම වලට එන්න කලින් නම් ඔය ඩිරෙක්ටර්ලයි, ප්‍රොඩියුසර්ලයි, සීනියර් කටියගෙන් බේරෙන්න බැරි උනානේ,,,, ඒ කාලේ මම රජ හැන්ඩියනේ.... උන් එක්ක නිදාගෙන තමයි මමත් පොරක් උනේ,.."
"ඒකෙන් කමක් නෑ.... මට ආවේ නම් තමුසේ තනි කරල දෙන පනිස්මොන්ට් එකක් දෙන්න කියලා.... ඔය දෙන්නෙක් එක්ක ගිහිල්ලා තමුසේ කැමති පනිස්මොන්ට් එකක් තොරගෙන ඇවිත් මට කියනවා..."

හඩ්සන් හඩු ලෙඩක් නිසා මෙහේ ආපු බව දනගත්ත එකෙක්වත් නෙමෙයි පොර ගාවට ලංඋනේවත්. පොර දැන් යමපල්ලො දෙන්නත් එක්ක පනිස්මොන්ට් ඔක්කොම් බලන්න ගියා. ඇමරිකන් කාරයෝ කොහොමත් කට්ටයොනේ. ඉතින් මූ තෝරගත්තා පොඩි චාන්ස් එකක් හරි ගන්න පුළුවන් එකක්.

"තමුසෙ මොකක්ද තෝරගත්තේ...? "
"ස්වාමීනී... මම කැමතියි අර වෙජිටබල් ඔයිල් දාලා ෆ්‍රයි කොරන පනිස්මොන්ට් එකට. (තෙල් කටාරමේ බස්සන එක..) ඒක ටිකක් ආතල් වගේ...."

ඊටපස්සෙ යම රජ්ජුරුවෝ හඩ්සන් තෙල් කටාරමේ දාන්න කියල දරුණුම යමපල්ලො හතර දෙනෙකුට බාර කලා. ලන්ච් එහෙම අරගෙන පොඩි නැප් එකක් එහෙම දාලා යමා ගියා හඩ්සන් බලන්න. යමාගේ ඇස් අදහා ගන්න බැරුව ගියා. තෙල් කටාරම වටේ යමපල්ලො හතර දෙනා නිකං තක්බීර් වෙලා වගේ.. හඩ්සන් මාල්බරෝ එකකුත් ගහගෙන පැත්තකට වෙලා ආතල් එකේ ඉන්නවා. යමාට පැන්න මලේ හොඳම එකෙන්.  

"තොපි මොකක්ද යකෝ මෙතන කරන්නේ...? " මූව කටාරමට දාන්නේ නැතුව.... ලිප පත්තු කරන්නෙවත් නැතුව..."
"අනේ ස්වාමීනී.... අමාරුවෙන් එහෙට මෙහෙට පැන පැන හිටගෙනම දර ටික ලිපට විසි කරලා ගිනි කූරකුත් ගහලා විසිකරා...."
"ඉතින්.. ඉතින් කෝ ගින්දර....? "
"ඒකනේ ස්වාමීනී... ලිප මොලවන්න ලිපට පිඹින්න විදියක් නෑ..."
"ඒ මොකෝ යකෝ..??? "
"පිඹින්න නැමෙන කොටම... මේ යකා තට්ටම් දෙකට අත තියනවනේ...."

මෙහෙත් ඉන්නවා හඩ්සන් කෙනෙක් අපායේ නම රෙජිස්ටර් වෙච්ච..

34 comments:

  1. යකාගෙ පොරක්නෙ හඩ්සන් කියන්නෙ...

    ලංකාවෙ පොර තාම ඉන්නව නේද නම අපායෙ රෙජිස්ටර් වුනාට?..

    ReplyDelete
  2. මතකද එල්ටන් ජෝන් විලියම්ගෙ මගුලට ආපු හැටි. ස්වාමි(ගේ)පුරුෂයත් එක්ක? එල්ටන් ජෝන් ආපු කාලෙක අපායෙ ඔය සීන්එක ආයෙත් වෙනවා.

    ReplyDelete
  3. ලංකාවේ පොර ගැන කථා නොකරමි. මෑන්ට දෙන පනිෂ්මන්ට් එක දෙන්න රොක් හඩ්සන්ට බාරදීල කියලා තමයි ආරංචි.

    ReplyDelete
  4. අපේ පොර උදේට හතර වටේට නෙලන නෙලිල්ලේ හැටියට යම රජ්ජුරුවන්ටත් හිතාගන්න බැරිවේවි දෙන්න ඕන දඬුවම මොකක්ද කියල

    ReplyDelete
  5. ඒ ගැන ඇණ්ටන් ජෝන්ස් සින්දුවක් කිව්වා. ඒකේ හඩ්සන් ගැනත් කියවුණා.

    ඒ සින්දුවේ එක පදයක් මට මතකයි.

    "මේ ලෙඩේ හැදුණු හැටි ඇ(හැ)ව්වම නෑනෙ උත්තර"

    ReplyDelete
  6. @ සාතන්
    පව් මදි වෙලා තව කොරනවා.. ලංකාවේ තරම් බලාගන්න හොඳම උදාහරණයක් තමයි ඒ....

    ReplyDelete
  7. @ රාජ්
    එල්ටන් ජෝන් විතරක්ය. ඇයි අපේ කස්ටිය... රොක් හඩ්සන්ට හැන්ගෙන්න වෙනවා අපෙ උන්ගෙන් බේරෙන්න..

    ReplyDelete
  8. @ වෙද මහත්තයා
    හෙහ් හෙහ්. ඒ පනිස්මොන්ට් එකම තමා ඔබින්නේ....

    ReplyDelete
  9. @ කශූ
    රොක් හඩ්සන් ගැන විතරක් නෙමෙයි. ලෙඩේ හැදෙන හැටිත් "මල පුඩුව" කියන වචනෙම දාලා නියමෙටම කිව්වා...

    ReplyDelete
  10. කවුද මේ හඩ්සන්...

    ReplyDelete
  11. රොක් හඩ්සන් ඉන්න හොලිවුඩ් මෙගා ටෙලියක් ගියා ලංකාවට සුපවාහිණි ආවම කාලෙ වගේ, කාටවත් ඒකෙ නම හෙම මතකද?

    ReplyDelete
  12. කතාව බැලුවා. කමෙන්ට් කරන්න මුකුත් හිතට එන්නෙ නෑ ...

    ReplyDelete
  13. අහල තිබ්බත්.. ආය්මත් කියනව විට..කතාව පට්ටය..

    ReplyDelete
  14. පට්ට කථාව . ලංකාවේ එකා ගිහින් කට ඇරියාම අපායෙ එවුන් මෙහේ එයි ඇනෙක්සියක් අරගෙන නතර වෙන්නම

    ReplyDelete
  15. මාතලන්, මේකට ලෝකල් හඩඩා ගාවා ගැනීම ගැන මම එක හෙලාම වීරුද්ද වන්නෙමුය. එය චරිත ගාතනයක් වන්නෝය.
    රොක් හඩ්සන් ඔය වැඩේ කලේ තියෙන කැත පුරුද්ද නිසා වන්නේය.
    නමුත් ලෝකල් හඩ්සන් ලොකු තැනට දෙන්නෙත්, ලොකු තැනගේ කීම පිට පොඩි උන්ට අරින්නෙත් ඒක ඔහුගේ ජොබ් ඒක නිසාය. නැතිව ස්වේච්චාවෙන් අර මොකක්දෝ ඒක ලොකු කර ගැනීමට ඔහු කැමති නැති බව මම හොදින් දන්නෝය. මූව ඔච්චර ගෙවල ඔතන තියාගෙන ඉන්නේ ඔය වැඩ ටික කර ගැනීමට පමණි.
    එබැවින්, එකම වැඩේ කරත් තමන්ගේ බඩ වියත රක ගැනීමට කක්කි වැඩ කරන අපේ අහිංසකයා රොක් හඩ්සන් හට සමාන කිරීම පාපයකි. අසදාරනයකි. අපායේ යාමට හේතුවකි.

    ReplyDelete
  16. කාලීන දේසපාලන මාතෘකාවක්ද මන්ද ???? අනේ මං දන්නෙ නෑ මේ ‍රැල්ල යනවිදියට පාරෙ වැටිල තියන සත පනහක් ඇහිඳින්න නැමෙන්නත් බයයි වගේ . . . . ඩිස්මිස් උනොත් "හාල් සේරුවයි . . එක බෙට්ටයි නෙ"

    @කතන්දර:
    ඇන්ට ඕය සිංදුව සංගීත වල කියද්දි කොල්ලො නටන්න ඇති නේද එකසිය ගානට ???

    ReplyDelete
  17. ඔබා අයියා...

    " ධනවත් බලවත් කැරින්ටන් පවුලේ කතාව "
    Dynasty... !

    ලංකාවෙ වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් රූපවාහිනියෙ පෙන්නපු එකම සීරියල් එක මහිතෙ...

    ReplyDelete
  18. හෙක් හෙක්.....යමපල්ලන්ට නැමෙන්නැතුව ගින්දර පත්තු කරන සිස්ටම් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න වෙයි මොකද අපෙත් කට්ටියක් ඉන්නවා අපායේ ප්ලේස් බුක් කරලා තියන.

    ෆ්‍රෙඩි මර්කරිත් හඩ්සන් ගේ කෙළිය කොරන්න ගිහින් කෙළවගත්ත තවත් පොරක්!

    ReplyDelete
  19. @ නරකයා
    උඹ ලාංකික පුරවැසියෙක්ද... නැත්නම් බටහිර කුමන්ත්‍රණ කාරයෙක්ද...?

    ReplyDelete
  20. @ ඔබා
    සපතේරූ උන්නැහේ කිව්ව වගේ ඩිනාස්ටි එකෙත් උන්නා. මට මතක හැටියට ඔබා කියන්නේ මැක්මිලන් ඇන්ඩ් වයිෆ් වෙන්න ඕන.

    ReplyDelete
  21. @ සපතේරු උන්නැහේ ,
    Thank you, very much.

    ReplyDelete
  22. @ ලොකු ජෝන්
    ඒ උනාට අකුරක කොමෙන්ට් එක උනත් වටිනවා..

    ReplyDelete
  23. @ වෙනි
    අපි අහල තිබුනට අලුත් උන් දන්නේ නෑ මචං

    ReplyDelete
  24. @ බුවා
    අනිවා.. අපායෙ උන් පැනලා දුවනවා...

    ReplyDelete
  25. @ ඇනෝ
    සමාවෙන්න ඕනාය. මට වැරදුනේය. දැන් ඉතින් අපායේම තමයිය.

    ReplyDelete
  26. @ ඕනයා
    කාලීන මතෘකාවක් විදියට ගත්තත් අවුලක් නෑ. ඕකට නටන එක අහන්න දෙයක්ද බන්. ප්‍රේමවති මන්ම්පේරී මරපු එකටත් නටන එකේ..

    ReplyDelete
  27. @ සපතේරූ උන්නැහේ
    අපොයි නෑ නයි ටී ඇන් එකේ මහ රෑට මරු ඒවා ගියා. ෆැලැම්න්ගෝ රෝඩ්. ඊඩන් ගාර්ඩන්, ඇනා කරනීනා. තොල් කනවා එකසිය ගානට. හොඳ ප්‍රංශ ෆිල්ම්ස් හිටන් පෙන්නුවා ඇඩම්ස් කෑලී තියෙන..

    ReplyDelete
  28. @ කැන්ඩියන්
    ජනාධිපති සමාව වගේ යම රජ සමාව ගනියි කොහොම හරි. කුවීන් බැබලුනේ ඒ වොයිස් එකෙන්..

    ReplyDelete
  29. හයියෝ... මගේ පණ ගියා හිනාවෙලාම. :D

    ReplyDelete
  30. @ මියුසික් ගර්ල්
    ඔහෙට නම් හිනා... අරෙහෙ ලිප මොලව ගන්න බැරුව ඉන්නවා...

    ReplyDelete
  31. කවදා හරි, සිංහල කොල්ලෝ අපායේ පිරුනුදාට, අපාය වැහෙනවා අනිවාර්යයෙන්ම. :D

    ReplyDelete
  32. @ පොකු
    අනිවා.. එකේ තියෙන ඒවත් පනිස්මොන්ට්ද කියලා, යමාට කින්ඩි දාන කොට පොර ඕක වහලා දායි....

    ReplyDelete
  33. මෙහෙත් ඉන්නවා හඩ්සන් කෙනෙක් අපායේ නම රෙජිස්ටර් වෙච්ච..

    උන්දැව නම් මෙහේ තියන් හිටියට අපායටවත් වද්ද ගනීදැයි ශුවර් නැත... උන්දැගේ කට තමා කට.... ඒක අපායෙ වැසිකිලියටත් එහා විය යුතුය.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න