.

.

Feb 7, 2012

මීයා - Mice


මීයා කුඩා සතෙකි. මීයාට කේන්ති ගියාම පුම්බනවාය, එක එක පාට මීයෝ සිටිති. මීයා කුඩා කාළයේදි ලොම් නැත. ලොකු වෙන කොට ලොම් ඇවිත් ලස්සන වෙනවාය. ලස්සන මීයෝ මෙන්ම කැත මීයෝද ඇත. එක එක පාට මීයෝත් ඉන්නවාය. ඔය කොයි මීයාටත් පූසෝ කැමතිය. මීයෝ ගිලින්න පූසා මනාපය. ගිලින්න කලින් මීයා එක්ක සෙල්ලම් කරන පූසොත් ඉන්නවාය. මීයා ජීවත් වන්නේ ගුල් වලය. ගුල් නැත්නම් මීයෝත් නැතිය. සමහර මීයෝ හැම ගුලටම රිංගනවාය. එහෙම රිංගන එක හොඳ නැතිය. එක එක ලෙඩ හැදෙනවාය. මීයන්ට කැමති කොල්ලෝත් ඉන්නවාය. ඒ උනාට වැඩියෙන් කැමති කෙල්ලෝය. කොච්චර කැමතිද කියනවානම් කටෙත් දාගන්නවාය. කිසිම අවුලක් නැතිය. මීයාත් කොල්ලන්ට වඩා කෙල්ලන්ට කැමතිය.


මීයෝ ගුල් වලට මෙන්ම පෙට්ටිවලටත් කැමතිය. මීයා අල්ලන්න ලේසි නැතිය. ලිස්සලා යනවාය. සමහර මීයෝ කකුල් අස්සෙන් යනවාය. එහෙම ගිහින් හෙමිහිට ගුල් වලට රිංගනවාය. මීයා ඉතා ප්‍රයෝජනවත් සතෙක්ය. ඒ නිසා මීයාට උපහාර පිණිස රජවරුන් ගම් බිම් පවා ප්‍රධානය කර ඇත. මීගමුව, මීතොටමුල්ල, මීමැඩුම. එයින් සමහරක්ය. මීයාට ලග්නයක් ඇත උන්ගේ ලග්නය මීනය. සමහර මීයන් බොහෝ හික්මුනු ගති පැවතුම් ඇත්තෝය. ඔවුන් හික්මීයන් ලෙස හඳුන්වනු ලැබේ. එළවළු වවන මීයන් බටු මීයන් ලෙසද. කොස්ගස් හන්දියේ මීයන් කොස් ඇට මීයන් ලෙසද..සත්ව පාලනයේ යෙදෙන මීයෝ ඌරූ මීයෝ ලෙසද හඳුන්වනු ලැබේ.

මීයන් මැහුම් ගෙතුම් වලටද දක්ෂය ඒ සඳහා යොදාගන්නා කතුරු මී කතුරු ලෙස හඳුන්වනු ලැබේ. මීයාට නෑයන් වෙන ඉගිලෙන මීයන් විශේෂයක්ද ඇත ඒ මී මැස්සෝය. මී ගුල් වල මුරට ඉන්න මීයන් බොහෝ දෙනෙක් මී මුරේය. මීයාගේ ලොකුම විශේෂය මී හරක්ය. මීයාගේ හොටු වලින් මී ඉටිද, පැණි හලන මීයන්ගේ පැණි වලින් මී පැණිද, කිරි වලින් මී කිරිද නිෂ්පාදනය කරණු ලැබේ. කඳුකරයේ වෙසෙන මීයන් ඉඳහිට දුමක් පිට කරයි එයට මීදුම යයි කියනු ලැබේ. මීයා අරක්කු නිෂ්පාදනයට සමත්ය. ඒවා මීවිත නමින් හැඳින්වේ. සමහර මීයෝ අනුන්ට කරදරකාරී ලෙස ජීවත්වේ. ඔවුන් මීවද ලෙස හැඳින්වේ.

බොහෝ මීයෝ උන කාරයෝය. උන්ට මී උන ඇතැයි සමහරු කියති. මීයාගේ ගෑණු සතා මී දෙනය. මීයාගේ සීයා මී මුත්තාය. ආච්චි මී ආච්චිය. මාළුවාගේ කෑල්ල මාළු කෑල්ල මෙන් මීයාගේ කෑල්ලා මීනාය. මාමා මීමාය. මාමේ මූ මීමා කියන්නේ මීයන්ය. මීයෝ පාටී දාන්න එක් රැස් වෙන්න කැමතිය. ඒවට කියන්නේ මීටින් කියාය. මීයන්ගේ බර මනින්නේ මීටර් වලින්ය. මීයාගේ ප්‍රධාන ආහාරය මී පාසානම්ය. ඇතුරු පස ලෙස මී අඹ කෑමට කැමතිය. මීයන් විසින් සොයාගත් වායුවක් ඇත. එහි ව්ද්‍යාත්මක නාමය මීතේන්ය. මීයාගෙන් රෝගද බෝවේ. මීමැස්මොරය ඉන් ප්‍රධානය. කොම්පියුටර් අසලත් මීයෝ සිටිති. සමහර උන්ගේ නැට්ට දිගය. සමහර උන්ගේ කොටය. සමහර උන්ට නැට්ට නැත. උන් ඉඳ හිට ක්ලික් ශබ්දයක් නිකුත් කරයි.

අති විශේෂ :- තව දන්නවනම් කියන්න මේකට එකතු කරන්න..

89 comments:

  1. මී බබාලා උන්ගේ අම්මලා ට ආදරේට කියන්නේ අම්මී කියලා ය.

    ReplyDelete
  2. ෂා මාර වැදගත් විස්තරයක්... මුල් ටික තමා වැඩිය වැදගත්...

    ReplyDelete
    Replies
    1. දැණුවත් උනානම් එච්චරයි

      Delete
  3. පොඩි කාලේ මී කතාව අලුත් කර ඇත...

    'මීයාගේ කැමතිම ගීතය - මී පිරුණු සුවද මල් වනේය.'

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා පරණ එකක් තියෙනව. 'මී වදයකි ජීවිතේ '

      Delete
    2. ඇයි මල් මී වසන්තේ. කඳු මාවතේ..

      Delete
  4. මීයන් යන ගස් වලට මී ගස් යයි කියති

    ReplyDelete
    Replies
    1. ඒවායේ මල් වලට මල් මී යයි කිවෝය

      Delete
  5. අම්මපා මේ යසට හිටිය මියාට..මිනි මයිනර් එකක් ඔන උනානේව..මියාගේ ප්‍රියතම වාහනය මිනි මයිනරයය...

    ReplyDelete
    Replies
    1. ඒවායේ පිටුපස ෆලෝ මී කියා ලියා ඇත..

      Delete
  6. මීයා බොන බදුන මීබදුනය , මීයා පඩයක් ඇරිය විට මීතේන් පිටවේ !

    ReplyDelete
  7. මීයා රෙදි කපන්නේ මීකතුරෙනි.මීයා වඩාත් කැමති පළතුර මී අඹයි නමුත් මීපාසානම් උෟට පේන්න බැරිය.ශිරෝමී,නයෝමී යන ප්‍රකට මීයෝ ජීවත් වන්නේ මීවතුර ගමේය.එය පේරාදෙණිය අසල ගමක් වන අතර මීයාටම අයිති දෙනිය මීදෙනියයි.

    පස්සෙන් යන මීයෝ ෆලෝමී ද,අවසර ගන්නා මීයෝ එක්ස්ක්‍යුස්මී ද වන අතර, කතා කරන මීයෝ ටෙල්මී වේ.මොනව උනත් අවසානයට ප්ලීස් ෆොගිව් මී ය.

    ReplyDelete
  8. මීයා බොන රා මීරා. මීයා පාවිච්චි කරන ගොනා මී ගොනා වේ. මීයා බඳු වස්සා මී වස්සාය. මීයාට ලඟ මීලඟ. මී මනස මීමන නම් වේ. මීයන්ගේ සාලය මීසාලේ නමි. මීයාගෙන් හැදෙන්නේ මී උණ වන අතර මීයගෙ තුවාල මීවන නම් වේ. මීයෝ බොහෝ ඇත්තේ මීගොඩය.

    ReplyDelete
    Replies
    1. රට මීයෝ චූ කොට.. අමුතු විදියට මී චූ (me too) කියනවාය

      Delete
  9. එතකොට මීගමුවට නම දැම්මෙත් මියන්ට උපහාර ලෙස?

    ReplyDelete
  10. මීයාගේ යාළු සතා මීමින්නා ය...
    මීයා ඇඟේ පතේ රුදාවට ගාන්නේ මී තෙල් ය.
    මීයා ගහන මල් මී මල් ය.


    තව මතක් උනොත් කියන්නම්.........

    -Kandyan-

    ReplyDelete
  11. මීයෝ අවුරුද්දට නාන්නේ බක්මීවැවේය.මීයාගේ ප්‍රියතම නූඩ්ල්ස් කොත්තු මී වන අතර මැර මීයෝ කිල් මී නමි.මීයාට ලඟ මීලඟ වෙනවිට මීයන්ගේ ලොක්කා දුමී වේ.

    ReplyDelete
    Replies
    1. මීයාට මත්ද්‍රව්‍ය සපයන්නේ දුමීය

      Delete
  12. අනේ මම දන්නේ නෑ මී ටත්නම් දොර පොල්ලකින් ගැහුවා වගේ..

    ReplyDelete
  13. මීයාගේ ජාතික පානය මී රා වේ!

    ReplyDelete
    Replies
    1. ඒව පෙරීමට වැල් මී ද ගනී. වැලේ යන මීයන්ටද වැල්මී කියා කියනු ලැබේ

      Delete
  14. මොකද හදිස්‍සියෙම මීයෙක් අල්ලගෙන ;)

    ReplyDelete
    Replies
    1. කොයිවෙලාවෙත් අල්ල අල්ල ඉන්නේ

      Delete
  15. මට මීයෙක් ඇත. ඌ කොස් ඇට මීයෙකි. මම මගේ මීයාට ඉතා කැමතිය. අපේ අයියාටද මීයෙක් ඇත. අයියාද අයියාගේ මීයාට ඉතා ආදරේබව නිතරම මීයා සුරතල් කරමින් සිටින අයියා දකින මට සිතේ. අපේ අක්කාටද මීයෙක් ඇත. ඌ ලෑලි මීයෙකි. ඒ ඇයිදැයි ඇසූවිට ඈ මද සිනා පෑවාය. අපේ තාත්තාටද මීයෙක් ඇත. අම්මා ඌට බොහෝ ආදරේය.
    අපේ සීයාටද මීයෙක් ඇත. ඌනං ඌරු මීයෙකි. සීයා මිදුලේ ඇනතියාගෙන බුලත් කොටනවිට ඒ මීයා පොලවේ පස් කයි.

    ReplyDelete
    Replies
    1. මා සිතුවේ ඔබට සිටින්නේ. පොල් මීයෙක් කියාය

      Delete
  16. මීමුරේ මීරා මීකිරි වැනිය.

    ReplyDelete
    Replies
    1. මී කිරි නරක් වූ විටද මීතේන් වායුව පිටවේ

      Delete
  17. බ්ලොග් ලියන මීයන් සියල්ල රැස්වී ඇත.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියවන මීයන්ද පැමිණ ඇත.
      -Kandyan-

      Delete
    2. පූසෙක්ද පැමින ඇති බව පෙනේ

      Delete
  18. මීයන්ට සෑදෙන වන මීවන වන අතර මීයන්ගේ සම මීසම වේ.

    ReplyDelete
    Replies
    1. සුගත් ගේ මීයාගේ නම දම්මීය

      Delete
  19. බුදු අම්මෝ.!!! මෙන්න මීයෝ රැළක්..

    ReplyDelete
    Replies
    1. කොහොමෙයි මීයනගේ වැඩ

      Delete
  20. තව මොනවා ලියන්නද අයියම ඔක්කොම ලියලනේ..

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ තව ඕන තරම්

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. මීයා නිදන්නෙ ඇකිලිලාය මීයා කුලප්පු ඌ විට පිම්බෙයි කුලප්පු ඌ මීයාට ගසා ඌව හීලෑ කල යුතුයි. නැතිනම් ඌ දරුණු සතෙක් වෙයි.. ඇතිවෙන්න ගැසුවාම මීයා කටින් සෙම දා හීලෑවී නිදයි

    මීයා ගුල්වලට කැමති උවත් නොදන්න ගුල්වල රිගන්න බය වෙති.. ඌ ගල් මැද ඇති ගුලට කලින් ගල් අස්සේ රිංගා බලයි.. කැලේ ඇති ගුල් වලට වඩා කැලේකැපූ ගලේ ගුල් වලට මීයා කැමතියි... වැස්සට ගුල උතුරන දාට ගුලේ තියා මීයාට ගලේ යාමටත් බැරිය...

    එදාට කුලප්පුවන මීයාට පරණ පුරුදු විදියට අතින්ම ගැසිය යුතුය.

    ReplyDelete
    Replies
    1. වල් මීයාගේ කොමෙන්ටුව

      Delete
  23. කියන්ට තියෙන දේවල් ඔක්කොම අනිත් කට්ටිය ලියලාය.

    ReplyDelete
    Replies
    1. මීයා ගැන ඉගෙන ගැනුමට බොහෝ දේ ඇති බව සොයාගත්තේය

      Delete
  24. ඔය කියල තියෙන්නේ මීයො ගැන...

    පොඩි මෑනුයි ඕනයයි ලෙසටම...

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නා ලිව්වොත් ලිව්වාමය

      Delete
  25. ඇයි මීයෝ ‍මිනිස්සු වගේ කොත්තු වලට කැමතිය. ඒවා කොත්තුමී ය.

    ReplyDelete
  26. මීයා නැත්නම් මිනිස්සුද නැත. (තාම කොළඹ ආවේ නැත. ආවාම තව ලියන්නම්.)

    ReplyDelete
    Replies
    1. මොකද බැලුව සද්දයක් නැත්තේ?

      Delete
    2. රටෙන් පිට ගොහින් වගේය

      Delete
  27. මීයන් පේ(pay) කල ස්ථානය මීපේ.

    ReplyDelete
    Replies
    1. මීයන් පේ වන ස්ථානය නොවේද...

      Delete
  28. ආතල්ම මී Carry Me ය.

    ReplyDelete
    Replies
    1. මා හිතුවේ වල් මීයන්ට එහෙම කියනවා කියාය

      Delete
  29. කිරි පුකාFebruary 7, 2012 at 10:34 PM

    මීයා කැමති හැම දෙයක්ම මී අකුරෙන් පටන් ගත්තට මීයා කැමතිම රට නම් මී අකුරෙන් නෙවෙයි පටන් ගන්නෙ.මීයා කැමතිම රට කියුබාව.ඔය කොයි මීයත් කියුබාවට කැමතීයි.මීයන්ට කියුබාවට යන්න බැරි වුනාම මීයෝ කරන්නෙ කියුබාව හිතෙන් මවා ගෙන ඉබාගාතේ අත් බෝම්ම ඒල්ල කරන එක.

    ReplyDelete
    Replies
    1. කියුබාවට අකමැති මීයෝත් සිටිති. උන් ඒ අසලම ඇති රටට රිංගති

      Delete
  30. මියා වැරදි ගුල් අස්සේ රිංගු විට උණුවතුරෙන් නාවා ගත යුතුය...:D
    http://www.ornaya.com/2012/02/blog-post.html?showComment=1328680999166#c667040065525511649

    ReplyDelete
    Replies
    1. කියෙව්වෙමි පස්ටය.... ඕනයා ලිව්වොත් ලිව්වාමය

      Delete
  31. මාතලන්
    මීයව පනිට්‍ටුවට දාන එක අමතක වුනාද?

    ReplyDelete
  32. සෝඩා ගුනේගේ ලින්ක් එක දැක්කහම මතක් උන දෙයකි මෙය. මී ගුල් වල තාවකාලිකව ලැගුම් දීම හොද අදායම් මාර්ගයකි. ගුල හොද නම් ගනද වැඩිය. හැබැයි වැඩේ නීති විරෝදිය. අවදානම්ය. මිරිහානේ පොලොසියෙන් අල්ලනවය. හැබැයි ගණන් වැඩි ලොකු ගුල් වලට රින්ගනවානම් එයාලගෙන් නො ප්‍රෂ් ය. I don't know why ය. සුනිල් පෙරේරා දන්නෙත් නැතිය. එබැවින් තමන්ගේම කියල ගුලක් තියාගෙන එකට විතරක් රින්ගනවානම් හොදය. නමුත් රිංගන්න පටන්ගෙන කාලයක් යනකොට ගුල හිතන හිතන විදිහට හම්බ වෙන්නෙත් නැතිය. ගට තියන මීයෝ වෙන ගුල් වලට ඔලුව් දමන්න මෙය හේතුවක් කර ගනිති. අනිත් මීයෝ වෙන ගුලක් මතක් කරගෙන හස්ත කර්මාන්තයම කරති. අහෝය.

    මීයන්ගේ නොන්ජල් කම හින්ද සමහර ගුල් වලට අදික බලයක් ඇත. එය හිලේ බලේ නමින් හැදින්වේ. මේ කාරණාව පදනම් කරගෙන දියවන්නාවේ සබවාටද ප්‍රසිද්ද පබිලික් ගුල් කීපයක් ඇවිත් ඇත. ලොක්ක මේ ගුල් ලිස්ට් එකට දැම්මේ මීයන්ගේ මේ දුර්වලතාවය දැනගෙනය. නමුත් එක ප්‍රසිද්ද (නමුත් පරණ) ගුලක් මීවරණයෙන් ඇන ගත්තය. පාත්තයන් හංසයන් ගැන කතාද ඇසුනාය. එකට මී මනාප හම්බ උනේ නැත්තේ ඇයි කියල අදටත් මම දන්නේ නැතිය.

    මීයන් ගැන පළමු ගීය ගැයුවේ C T ප්‍රනාන්දුය. "මී අඹ වනයේ මී හඩ පතුරා මීයෙක් ඇවිදින්නේ " යන ගීයයි. පසුව "මී වදයකි ජීවිතේ" වැනි තවත් ගීත ගයා එතුමෝ මීයන් අතර ඉතාම මීආදරයට පාත්‍ර වූවෝය. පසු කාලීනව "මී විත පුරලා" වැනි මී නිර්මාණ බොහොමයක් බිහි වුනි.

    ReplyDelete
    Replies
    1. රාජ් සෙනෙවිරතන මීයන්ට උපහාර පිනිස මල්මී වසන්තේ ගැයුවාය

      Delete
  33. මි අඹ වනයේ මීයෙකු මැරිලා කොහොමද වළලන්නෙ....ඒකයි හරි සින්දුව

    ReplyDelete
    Replies
    1. මී අඹ වනයේ
      මී ගඳ පතුරා
      මීයෙක් ඇවිදින්නේ
      ලා අලු පාටට
      දිලිසෙන හින්දද
      වලිගය නලවන්නේ

      Delete
    2. ඕකේ දරුණුම එකකුත් තියෙනවනේ

      Delete
  34. මීයෝ නිතරම ටින් ඇතුලට වී සිටිති. ඒවාට මීටින් කියා කියනු ලැබේ.

    ReplyDelete
  35. මට මේ කතාව දැක්කාම කාවදෝ මතක් උනාය.
    මීයන් මෙච්චර අපූරු සත්ව කොටසක් බව දැන ගත්තේ අදය.:D

    ReplyDelete
    Replies
    1. කාවද අනේ මතක් උනේ මාවද

      Delete
  36. අර පළවෙනි ජේදය මාතලන් අතින් දැම්ම නේද?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් කාටවත් කියන්න එපා

      Delete
  37. මී රටේ මී භාශාවෙන් කමිසයට කමීසයද මේසයට මීසයද කමි වෙනූවට කමී ද බොමි යන්නට බොමී ද සොමියට සොමී අදී වශයෙන් භාවිතා කෙරේ.
    ඒ රටේ ලෙච්චමී, ලක්ශ්මී, නෙත්මී ලා වසති.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම මීයට දෙමල බඩුද සිටිති

      Delete
  38. මීයන්ගේ ඇට [මී ඇට] තලා සිඳිනා තෙල් මී තෙල්ද, වැලේ වැල් නැතිව පාලං බෝක්කු ගානේ රස්තියාදුගහන මීයන් වැල්මී ලෙසද හඳුන්වයි.

    ReplyDelete
    Replies
    1. මා සිතුවේ වැලේ යන මීයන්ට කියනවා කියාය

      Delete
  39. මීයන් මී ගුල් වලට රිංගීම පාදක කොට ගත් කලා කෘති - චිත්‍ර, මූර්ති, නාට්‍ය, ච්ත්‍රපට, ගීත ආදී එකී මෙකී නොකී ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඉතා ජනප්‍රියය.

    ReplyDelete
    Replies
    1. ජාලේ තියෙන චිත්‍රපටිවලට මාත් හරිම මනාපය

      Delete
  40. මේ මී මාගල "බළළා" මට කලන්තෙ වගේ. හිටපියව් ඔක්කොටම ලොකු චීස් කැල්ලක් ගේනකං.

    ReplyDelete
    Replies
    1. දැන්ද අනේ ආවේ මීයා නාකිත් වෙලා...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න