.

.

Feb 3, 2012

නිදහස - Independence


ඉල්ලන්නෙත් නැතුව සුද්දා දුන්නා නිදහ                        ස
ඉන්දීයාව දාලා යද්දි ලැබුනා නිදහ                                  ස
හම කළු උන සුද්දෝ විඳිති උපරිම නිදහ                         ස
ඒත් අනේ අපට නැතේ තාමත් නිදහ                              ස

කළු සුද්දෝ, සුද්දෝ වගෙම අරන් ගියා ර                    ට
පනස් හයේ හිංගලයට බන්ඩා දුන්න ර                          ට
මොළේ තියෙන දෙමළු ඉතින් ගියා නේ පිට ර             ට
ඉතුරු එවුන් සෙට් උනානේ ගිනි තියන්න ර                  ට

හැත්තෑවේ මැතිනි දීපී සමාජවා                                  දේ
විජේවීර කොල්ලො මරපු තස්තරවා                           දේ
ඒත් අනේ සරණක් නැත අපට මළ ව                         දේ
පප්ප දුන්න බඩ පිරෙන්න ප්‍රජා.. තන්තර වා                දේ

වැඩකාරයෝ ගොඩ ගියානේ කොරලා බිස්න              ස්
කාළකන්නි ඒත් ඉතින් කියන්නේ වස් දො                 ස්
අසූ තුනේ දෙමළුන් ටික කරන්න ඩිස්මි                       ස්
ට්‍රයි කරලා කරානේ තුන් සිංහලයම කම්බ                    ස්

කාටත් බැහැ කිව්ව ගේම ලොක්ක දිණුම්                 නේ
මහ කොටියත් මොළෙත් නැතුව නිවන් දකින්          නේ
කොයි කවුරුත් කොඩි අරගෙන එය සමරන්            නේ
යුද්දේ දිනපු තරු පහ හිර ගෙදරයි ඉන්                     නේ

ආන්ඩුවෙම උන් හට වෙඩි තියන්න නිදහ                 ස
කප්පම් අරගෙන චන්ඩින් වන්නට නිදහ                   ස
ඔනේ එකෙක් මරලා දාලා ඉන්නට නිදහ                   ස
ඒත් අනේ අපට නැතේ තවමත් නිදහ                        ස

කොතනද අද සිහ කොඩියක් ලෙලදෙන්               නේ
යුද්දේ දින්න දා සැමගේ අතේ රැදෙන්                 නේ
රට ගැන ආදරයක් එදිනදි උපදින්                         නේ
නිදහස ලද දා සැම නොකියම ඔසවන්                  නේ

-0-

47 comments:

  1. කවියෙන් දීල තියෙන 'නිදහස් ' ටිකම මදිද මාතලන් ?

    ReplyDelete
  2. තරු හතරට නැති නිදහස අපට මක්කටෙයි?

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය බාන්ඩවලවත් මිළ අඩු කරනවනම්. මිනිස්සුන්ට පොලිටික්ස් වැඩක් නෑ..

      Delete
  3. මේ තරම් නිදහසක් අපට තියනවද අයියේ....

    මම මේවා තියනවා කියලා දැන ගත්තේත් දැනුයි ඔන්න

    ReplyDelete
  4. දුන්න කියල සුද්ද එදා ගියාලු නිදහස.....
    කඩ්ඩ නැතොත් සිංහලයට වෙනවලු අපහස....
    සමරන කොඩි බැද ගන ඔය කියනා නිදහස....
    කොහෙද කියල හොයනවා මම තවමත් නිදහස....

    ReplyDelete
    Replies
    1. යුද්දෙන් පස්සේ යම් නිදහසක් බුක්ති විඳිනවා. ඒත් ඒ මදි...

      Delete
  5. ඇත්ත දරුවෝ. 48දී අපිට ලැබුනේ හැබෑ නිදහස නෙමේ කියලා හුගක් අය කියනචා.මාත් එහෙම හිතනවා. 48දී අපිට නාමික නිදහසක් නොමිලේම හම්බවුනත්, නිදහස දිනා ගන්න ජිවිත පුජා කරපු විරුවන්ව සමරන එක අපේ යුතුකමක්.

    කොහොම නමුත් අපි තවමත් නිදහස් නැතිබව ඇත්තක්. 48 ඉදන් අද වෙනකන් ලංකාවට සිද්ද වෙච්චි දේ කවි පන්තියෙන් අපූරුවට ලියලා තියෙන නිසා මං මක්කටෙයි අටුවාටීකා ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. නිදහස දිනාගන්න දිවි දුන් විරුවෝ කවුද අනේ...

      Delete
    2. අහ් !!! "නිදහස දිනා ගන්න ජිවිත පුජා කරපු විරුවන්" ලෙස අදහස් කරේ ඉංග්‍රීසි,ලන්දේසි,පෘතුගීසි යන ජාතින්ගෙන් ලංකාව නිදහස් කරගැනීමට සටන්කොට දිවිදුන් සියලු ශ්‍රිලංකිකයන්.

      Delete
  6. මාතලන් මාමේ
    වැඩක් නෑ කියල මෙව්වා,
    මේව තියා කිසිදෙයක් ගැන කතා කරන්න දැන් රටේ නිදහස නෑනෙ,

    ReplyDelete
    Replies
    1. නැතුවමත් නෙමෙයි. ඒත් බත් බැලයෝ වැඩියි...

      Delete
  7. මාතලන්ගේ කවි කියවනකොට නන්දා මාලිනී අක්කගේ නිදහස ගැන කියන සිංදුවත් මතක් උනා........

    ReplyDelete
    Replies
    1. එයලා නොකියන එකේ අපිවත් කියන්න එපැයි නිදහස් බයිලා

      Delete
  8. අපූරු කවි..

    නිදහස ?

    සුදෝ සුදු වෑන් ?

    ReplyDelete
  9. පප්පා නොහිටියා නම් පැපුවා නිව් ගිනියාව වගේ තත්වෙක තියන රටක්ය කියල කියන්න තියෙන්නේ , පප්පා නොහිටිය නම් උඹත් මමත් බ්ලොග් ලියනවා තියා අන්තර් ජාලේ කියල එකක් අහල වත් නැතිවෙයි , පප්පා ගෙන් පස්සේ රටට දෙයක් කොලා නම් ඉතින් ලෝක්කා තමා . තරු 4 හිරේ ඉන්න එකත් , දැයට කිරුල වගේ විකාර ත් අනුමත කොරන්න බැ හැබැයි . දැනට එච්චරක් ඇති . කතන්දර ශුරින් කියනව ගුගල් කාරයා රටවල් අනුව බ්ලොග් වලට තහංචි දාන්න යනවලු !

    ReplyDelete
    Replies
    1. ගූගල්ටත් අපේ උන් උගන්නලද දන්නේ නෑ.. විකටර් අයිවනුත් කොම්පියුටර් වලට බයයි..පැපුවා නිව්ගීනීයාව අපිට වඩා ගොඩාක් දියුණු රටක්..

      Delete
  10. පාරේ ඉන්න අහින්සක මිනිස්සුන්ව හප්පලා මරලා දාලා වෙන හෙංචයියෙක්ව ඉදිරිපත් කරලා ශේප් එකේ ඉන්න නිදහස

    කප්පම් අරගෙන, ජරාව කාලා ඒවා සාක්කි ඇතුව අහුවුනත් මොකුත් උනේ නෑ වගේ ඉන්න නිදහස

    තාත්තා ජනාධිපති වෙන කාලේ වැලේ වැල් නැතුව හිටියත් අද වෙනකොට ලංකාවේ ශෙයා මාකට් එකේ වැඩිම ශෙයාස් තියෙන පුතාලා වීමේ නිදහස

    රජයේ ටී වී නාලිකා වල සමපත් අරගෙන පුද්ගලික නාලිකා දාන්න නිදහස

    හෝටල් වලට ආපු සුද්දියන්ව දූෂනය කරලා ආපහු උන්ගේ පෙට්ටිය හදලා දීමේ නිදහස

    ඒ සුද්දිගේ මිනිහා මැරුවත් තව ටික දවසක් ගිහින් ජනාධිපති සමාව ලැබෙන්න ඉඩ තියෙන නිදහස . .

    ඔය තියෙන්නේ බන් නිදහස .. මොකෝ මේ නෑ කිය කිය මැරෙන්න හදන්නේ . .

    ReplyDelete
    Replies
    1. උඹගේ තුන සහ හතර යන කරුණු මොකා ආවත් සිඳුවෙනවා.. අපේ රටෙත් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටවලත්. නමුත් අනිත් කරුණු ගැන නම් නෝ කතා. සෝමාලියාව වගේ..

      Delete
  11. එලිවැටද මොකද්දෝ එක ඇදේ ගිහිල්ලා මොකෝ.... නිදහස ගැන කියද්දි ඔයිට වඩා කෙලින් තියෙන්ඩෙපැයි :P

    ReplyDelete
  12. http://www.youtube.com/watch?v=MPxhfGqYPEg&feature=player_embedded

    ReplyDelete
    Replies
    1. ඔය සිංදුව කියන කෙනයි ලියපු කෙනයි මැරිලා ගොඩක් කල්

      Delete
  13. අපි නිදහස්ද ?????

    උත්තරය "ඔවු" නං . . . ඒ වචනෙ තේරුම වෙන එකක්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව් 50%... මිනිස්සු ආර්ථික වශයෙන් සෑහෙන පීඩා විඳිනවා ඒක නැති කරන්න පුළුවන් නම් එච්චරයි

      Delete
  14. ජාතීන් අතර සමගිය සාමය සමානාත්මතාවය
    නැමති සවිමත් අඩිතාලම
    මත ගොඩ නොනැගෙන
    නිදහස නම් ගොඩනැගිල්ල
    කැඩී බිඳී නොයාද

    ජාතියේ හදවත
    ජාතීන් අතර සමගිය
    බව නොදැන
    හාට් ඇටෑක් හදාගත්තා
    මදිද

    ලෙඩා ගොඩ ආවත්
    පැත්තක් පණ නැත
    අංසබාගේ

    ReplyDelete
  15. මේක මං ඊයේ මගේ කවි බ්ලොග් එකේ දැම්ම එකක්!

    වැරදි කරන ලොකු ලොක්කෝ
    නීතියේ පිහිටෙන් බේරෙන
    වැරදි නැතත් පුංචි සොක්කෝ
    වසර ගණන් හිරේ ලගින

    ජනතාවගේ සල්ලි වලිං
    ඇමති පුත්තු බල්ටි ගහන
    අයුක්තියට අසාධාරනේට
    කාටත් බෑ කට අරින්න

    එහෙව් රටක ඉන්න අපිට
    කෝ නිදහස සමරන්නට?

    ReplyDelete
    Replies
    1. දැන් දැන් මිනිස්සු සද්දේ වහල ඉන්නෙමත් නෑ..

      Delete
  16. ඔහොම්ම යං ඔහොම යං... නිදහස ලැබෙයි නහයටත් උඩින් වතුර ගියාට පස්සේ!

    ReplyDelete
  17. හිතන්න නිදහස ලියන්න කියන්න නිදහස
    බනින්න නිදහස ඇති රට මේ උත්තම රට
    බයිල කියා පුද දෙමු අපි ස්වෛරි සිරි ලක
    නිවන් දකිත්වා අපගේ ජන නායක කැල

    ReplyDelete
    Replies
    1. ඉස්සර කිව්වේ කිංඩියට. දැන් කියන්නේ නෑ.. කඩේ යනවා. උස පබාලා හදනවා ස්වේත රාත්‍රි කරනවා

      Delete
  18. හැබැයි අපිට එකක් ගෙන සතුටු වෙන්න පුලුවන්.අපට මේ අටේ නැති නිදහස.අපේ බ්ලොග්පුරේ තියෙනවනෙ කවියක් වත් ලියන්න

    ReplyDelete
  19. උබල ඉල්ලන නිදහස මේ ලෝකේ තියන නිදහසක් නෙවි. හදේ තියන එකක් වෙන්න ඕනේ. නැත්නම් 100% වැරදි නොකරන හොද මිනිසුන් ඉන්න පොලිසි නැති උසාවි නැති ( ඒවා ඕනේ නැහැනේ හොද මිනිස්සු ඉන්නකොට) නිදහස් රටක්. දුකා නම් ඇගිලි රිදිනකල් ලියන්නේ උගේ ජනරාල්ව ජනාදිපති කරවන්න.. එත් මේ අනිත් උන් ?

    තව එකක්, මොකෝ බන් අර ලාහෙට ගෙම්බෝ එකතු කරනවා වගේ අත්සන් ගහල ඔබාමට යවපු පෙත්සමට උනේ ? අපිට ඉරානෙන් තෙල් ගන්න එපා කිව්වේ ඔය පෙත්සමේ ප්‍රතිපලයක්වත්ද ?

    ReplyDelete
    Replies
    1. ඉරානෙටත් ළඟදීම ලැබෙයි තෙල් බේරෙන්නම. නිදහස ගැන උඹේ මතේ ඇත්තක් නැත්තෙමත් නෑ..

      Delete
    2. ජෙනරාල්ම ජානාදිපති වෙන්ට ඕන නෑ ආයිබෝන් .. .

      මම කාලයක් හීන මැව්වේ දිනේෂ් ගුණවර්ධන ජනාධිපති වෙයි කියලයි . .

      එයා චන්ද්‍රිකාගේ සාරි පොටේ එල්ලිලා කශේරුකාව බිඳගෙන දැන් කටින් කතාකරන එක පැත්තක තියලා අධෝමුඛයෙන් කතා කොරන නිසා එයා ගැන් තියෙන විස්වාසේ 10%යි.

      ඒ ඇරුනාම මොන මළයකෙක් හරි කමක් නෑ රටේ හරි හමන් සිස්ටම් එකක් හදන්න පුලුවන් එකෙක් එනවා නම් ඌට සහෝර්ට් . .

      ඔය ඇනෝ මහත්තයා හරි කමක් නෑ (නෝනෙක්ද, නෝනා මහත්තයා දෙක මැද ඉන්න කෙනෙක්ද දන්නෙත් නෑ) මොකා හරි කමක් නෑ . . . !!!

      Delete
  20. අපට ලැබී ඇත්තේ "නි" පමණි.ලබාගත යුතු "දහස" ක් ඇත.

    (උපුටා ගත්තේ ඩී.බී.රාජගුරු මහතාගේ ගෙටිකතාවකිනි)

    ReplyDelete
  21. නිදහස.... හ්ම්... තව හිතන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. හදිස්සියක් නෑ. ලබන නිදහසට ඉස්සෙල්ලා කියපන්කෝ

      Delete
  22. නිදහස ගැන කිසි අදහසක් නැත!

    ReplyDelete
  23. nidahasa hoya gantath nathikota...eth man hewwa...ko kiyala...sinhayath nanowa ussapu kodiye...!!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න